Tuesday 6 August 2013

පොඩි එකෙකු ගේ පොඩි සිතුවිල්ක් ගැන ලොකු කතන්දරයක් - My innocent little flower, I love you!


අපේ නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඇති කඩමණ්ඩියේ පිහිටා තිබූ එක් සාප්පුවක් පසුගිය දිනයක ගින්නෙන් පිලිස්සී විනාශ වී ගියේය.

ඒ සාප්පුව විදුලි උපකරණ යනාදිය විකුණන තරමක විශාල ප්‍රමාණයයේ එකකි. ංප ද විටින් විට එතැනින් පාරිභාගික භාණ්ඩ මිළ දී ගෙන තිබේ.

ඒ ගින්නෙන් සතියකට පමණ පසු මගේ පුතා සමග මම ඒ අසල මාර්ගයේ යමින් සිටියෙමි.

කඩයේ පිටුවපස කොටසට සහ එක් පැත්තකට සිදුවී තිබුණු මහත් වූ විනාශය අපට හොඳින් පෙනුණි. සේවකයන් කිහිප දෙනෙකු ඒ සුන්බුන් අස්කරමින් සිටියහ.

"අපරාදේ, කඩෙන් බාගයක් ම විනාසයි!" යනුවෙන් වදන් කිහිපයක් මගේ මුවින් පිටවුනේ දුක්මුසු ස්වරයකිනි.

"තාත්තේ!" පුතා මා ඇමතීය.

"ඇයි?"

"අපි මේ සාප්පුවට ආධාරයක් කරන්න ඕනෑ නේද?"

මගේ මුවට මුලින්ම නැගුනේ සිනාවකි.

ව්‍යාපාරික ස්ථානයක් ගිණිගත් විට පාරිබෝගිකයින් ඒ සඳහා මුදලින් ආධාර කිරීමේ සිරිතක් නැත. සාමාන්‍යයෙන් මේ ව්‍යාපර රක්‍ෂණය කරනු ලබන හෙයින් සිදුවන අලාබය රක්‍ෂණ වන්දියෙන් පියවා ගැනීමට හැකිය.

ව්‍යාපර හිමියා විසින් රක්‍ෂණ වාරික ගෙවන්නේ පාරිබෝගික අප මිළට ගන්නා භාණ්ඩ සඳහා ගෙවන මුදලින් එක් කොටසකින් නිසා, ඇත්තටම, ඒ වන්දිය ගෙවන්නේ ද අප ම ය.

අවුරුදු දොළහක් වයැසැති මගේ පුතා ඒ කරුණු නොදනී. ගිණිගත් සාප්පුවට මුදලින් ආධාරයක් කරමුය කියා ඔහු යෝජනා කලේ එබැවිණි.

මගේ මුවට සිනාවක් ගෙන ආවේ ඒ කරුණයි.

නමුත් මම වහාම ඒ සිනහව නවතා ගත්තෙමි.

ඒ පුතා ගේ කතාවට පසුබිම් වූ සිදුවීම සිහිවීම නිසාය.

මීට වසරකට පමණ පෙර එක් දිනක අපට දැනගන්නට ලැබුණේ මගේ පුතා ඉගෙනුම ලබන අපේ ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන ගුරුවරියක ගේ නිවස ගිණිගෙන ඇය සතුව තිබූ සියළු දේ විනාස වී ඇති බවයි. කොටින්ම ඇයට ඉතිරී වී තිබුණේ ඒ මොහොතේ ඇඳගෙන සිටි ඇඳුම් පමණි.

පාසලේ ගුරු-දෙගුරු සංගමයේ මෙහෙයවීමෙන් යම් අරමුදලක් එකතුකර ඇයට උපකාර කරණ ලදී. අපට ද ඒ සද්ක්‍රියාවට සම්මාදම් වීමට හැකිවිය.

මගේ පුතා ගිණිගත් සාප්පුවට ආධාර කරමුය කීවේ ඒ අත්දැකීම මත පදනම්වය.

වසර දොළහක කුඩා දරුවෙකුවන ඔහු ගේ සිත තවමත් බාහිර සමාජයේ බලපෑමෙන් දූෂණය වී නැති බව මට වැටහිණි.

කුඩා දරුවන් මල් මෙන් යැයි කියන්නේ ඒ නිසාය.

මම මා අසල සිටි මගේ මල් කැකුලේ පිටට තට්ටුවක් දැමීමි.

"හොඳ අදහස පුතා! අපි මේ කඩේ හදලා ආපහු වෙළදාම පටන් ගත්තාම ගිහින් එතැණින් බඩු ගනිමු. ඒක තමයි අපට කරන්න පුළුවන් හොඳම ආධාරය!"

-කතන්දරකාරයා

ප/ලි:
නිරායුධ මිනිසුන්ට ගිණි බිඳින සිත් පිත් නැති රොබෝ මුරබල්ලන්ට නම් මේ පාසල් යන වයසේ පසුවන මල් කැකුළු වනාහී ඉතා පහසු ඉලක්ක බව පසුගිය සතියේ දී අපට වැටහිණි.

ඒ අපරාධය හා සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් අපි සියළු දෙනාම මහත් සේ කම්පාවට පත් වීමු.

අර කලින් වතාවල අප දුටු ඡායාරූප සහ වීඩියෝ මෙන් නොව මේවා නම් ඇත්තම ඇත්ත ඒවාය.


(image: http://kinooze.com/2013/01/27/trees-and-you/)

82 comments:

  1. KALAYATA UCHITHAI, GOOD POST.

    ReplyDelete
    Replies
    1. කාලයට උචිත කාලෝචිත

      කාල + උචිත
      කාල + ඕ + උචිත

      කාල + ඕ + චිත

      මෙය ස්වරාදේශ සන්ධිය වේ.! ඔබේ සන්ධි පිළිබඳ දැනුම පාවිච්චි කරන්න !

      Delete
    2. @AnonymousAugust 6, 2013 at 4:42 PM

      කාල + උචිත
      කාල් + අ + උ+චිත
      කාල් + ඕ + චිත (අ + උ = ඕ)
      කාලෝචිත

      ස්වරාදේශ සන්ධිය සිදු වන්නේ පෙර පදයේ අග ස්වරයත් පර පදයේ මුල් ස්වරත් දෙකම වෙනුවට වෙනත් ස්වරයක් ආදේශ වීමෙන්. (ඔබ ලියා ඇති පරිදි ‘උ‘ වෙනුවට ‘ඕ‘ පැමිණීමෙන් නොවේ.) ඔබේ සන්ධි පිළිබඳ දැනුම තව දියුණු කර ගන්න.

      Delete
  2. ලස්සන පින්තූරයක් කකා. ඒ වගේම පෝස්ට් එකත් ලස්සනයි. දිගටම මෙහෙම ලියන්න කකා.අ පි අනිවා කියවන්න එනවා.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. උඹ පින්තූරය විතරනේ බැලුවේ පෝස්ට් එක කියෙව්වේ නෑනේ

      Delete
  3. ලංකාවෙ පාසලකට ගියා නම් පුත්‍රයගෙන් ඔය වචන සෙට් එක එන එකක් නැහැ සමහර විට.

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකාවෙ ඉගෙන ගෙන රට ගිය අයගෙන් පිට වෙන්නෙ කුණු හබ්බ, අපහාස සහ ලිං මැඩි මානසිකත්වය පෙන්නන වචන තමයි....

      Delete
    2. මෑතකදි TIME සඟරාවෙ ලිපියක තිබුණා යම් කිසි පුද්ගලයකුගේ සංස්කෘතිය තීරණය වන්නේ විශාල වශයෙන් මව් කුසේ සිටිනා අවස්ථාවේ සිට වයස අවුරුදු 10-12 වනතුරු කියලා. වෙනත් විදියකින් කියනවා නම් මුල් වයස අවුරුදු දොළහ ලංකාවෙ හැදුණු කෙනෙක් ජීවිත කාලයටම ලාංකිකයෙක් වෙලා ඉවරයි. එහෙම කෙනෙක් හිතන්නෙ පතන්නේ ලාංකිකයෙක් විදියට. ඔය වැඩි වයසෙන් රට ගිහිල්ලා උපන්දා ඉඳලා ජපානේ, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ ඉන්න විදියට ගොන් පාට් දාලා වැඩක් නෑ. ඔය හැමෝගෙම කඳ කොහේ තිබුණත් ඔළුව ලංකන්. ඔය කරන්නේ රඟපෑමක් විතරයි, ඔය හැම දෙනාම.

      Delete
    3. දියුණු රටක හුළං පොදක් වැදුනු ගමන් සමහර ගම් බයියෝ ඉදිමෙන්න ගන්නවා. තමන් අනිත් උන්ට වඩා මාර පොරවල් කියලා හිතන්න ගන්නවා. ලංකාවේ ඉන්න අනිත් හැමෝම පුස් මෝඩයෝ කියලා පෙන්නන්න හදනවා.

      ගොඩක් වෙලාවට එහෙම ගෙම්බෝ වගේ පිම්බෙන්නේ මෙළෝ උගත් කමක් නැති ඔය දියුණු රටවල සුපර්මාකට්වල වැඩකරන, වැසිකිළි සෝදන, ගරාජ්වල වැඩකරන, අනවසරෙන් ඉදලා [language යනවා කියලා ඒ රටවලට ඇවිත්] දැන් ඒ රටවල ගැණීයක් කසාද බැදලා සිටිසන් ගත්ත අය.

      ඒ අයම තමයි ඔය පොදු වෙබ් අවකාශ වල කමෙන්ට් කරද්දි ganja@Japan, sarath@Melbourne, saman@Milan වගේ නම් දාගෙන ඉන්නේ. මොකද ඒ අය දන්නව ඒ අයට ඔය ජපන්, මෙල්බෝර්න්, ෆ්‍රාන්ස් වගේ කෑලි නැතිනම් මෙළෝ පිළිගැනීමක් නෑ කියල.

      අපේ සමහර ගම් බට්ටෝත් බලන් ඉන්නවනේ මුන්ගේ නැට්ටේ එල්ලිලා සුරපුරේ යන්න. :D

      from malan

      Delete
    4. එහෙමම කියන්න එපා කෙන්ජි.යුරෝපේ ඉන්නවා අපේ තරම් පරාර්ථකාමීව හිතන්නේ නැති අය ඕන තරම්.යුරෝපේ ක්‍රමය මිනිස්සුන්ව පුලුවන් තරම් ආත්මාර්ථකාමී කරවලා තියෙන්නේ.මෙහේ ඉන්න අපේ ගොඩක් අයත් එහෙමම තමයි.සාමුහික හැඟීම් බොහොම අඩුයි.

      Delete
    5. කෙන්ජි කියන තරුවට ඇයි මෙතරම් බාදා ??

      Delete
    6. කෙන්ජි....මමනම් බාධාකරන්න ට්‍රයි කරේ නැහැ.පුංචි අදහසක් එකතු කලා පමනයි.

      Delete
    7. මේ රටේ ඉන්න ඔක්කොම ගොන්නු වැස්සියෝ හිතාගෙන ඉන්නෙ රටින් එළියට ගිය ගමන් "තරු" වෙනවාය කියලා. මුන් දාන පුස් පාට් දැක්කාම පව් කියලා හිතෙනවා.

      ඔය උඹලා ඉන්න රටවල් උඹලා හදපුවා කියලා වරදවා තේරුම් ගන්න එපා. ඒවා ඒ රටවල මිනිස්සු මහන්සියෙන් හදපුවා. උඹලා මේ ඊයෙ පෙරේදා ගිහින් ඒ මිනිස්සුන්ගෙ ශ්‍රමයේ ඵල භුක්ති විඳින එවුන් විතරයි. අනුන් කරපු දේවල් වල ගෞරවය ගන්න දඟලන්න එපා.

      Delete
    8. @aru ;
      මම ඔබ කවුද කියා දන්නව.ඔබ යමක් කියන්නෙ වැදගත් විදියට.
      දැන් දින කීපයකට පෙර පිටුපස කඩුල්ලකින් පැනල සනීපෙට ඉල්ලල නාගත්ත.
      නාවපු එවුන් මගෙ පස්සෙන් එලව එලව තවත් නාවන්න එනව.
      වචනයක් වැරදුන පලියට මෙහෙම නාවන්න හොදද මචාං?
      මේකත් ඇවිල්ල රට ඉන්න එවුන් ගැන ඉරිසියාවෙන් පැලෙන පුද්ගලයන්ට හැදෙන මොකක් හරි "ෆෝබියා" වක්ද මචාං?
      නැත්නම් ලංකාවෙ ඉපදිල, දැනට ජිවත් වීමට සදුසු තැන පිට රට තෝරා ගත් මට සිංහල බ්ලොග් අවකාශය අකැපද මචාං?
      එහෙමනං කියන්න ඔබ සැම මට මෙතැනින් සමු ගන්න කියා :(:(:(.



      Delete
    9. ඕව ගනන් ගන්ඩ එපා කෙන්ජි. උඹටත් හොද පාඩම් ,අගු පිල්වල රින්ගනවට.

      Delete
    10. කෙන්ජි උඹ එතන මෝඩ කතාවක් කියුවෙ... ඒ මදිවට උඹ තරුවක් කියලත් කියුවා...

      මචන් ගෑනුත් එක්ක කරපු සෙල්ලම් තැන තැන කියවන එකෙන් උඹ පොරක් වෙන්නෙ නෑ මචන්.... වේසකමේ යන එක ශිෂ්ට සමාජය පිලිකුල් කරන දෙයක්..... ඒ සමාජෙ නියෝජනය කරන පිරිසකුත් මෙතන ඉන්නවා...

      වැදගත් දෙයක් ලියලා වැදගත් විදිහට සංවාද වලට මුහුණ දීලා ඉන්න බලපන්.... ඔහොම ගියොත් අපිට උඹව පේන්නෙ වලිගයක් තියන තරුවක් ඒ කියන්නෙ වල්ගා තරුවක් වගේ......

      Delete
    11. කෙන්ජි අන්කල්, උඹ ඉන්න රට ඔච්චර හොඳ නම් ඔච්චර ෆන් නම් ඇයි බං මේ උඹ මේ වේලෙන බ්ලොග් ගානේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක ටැග් ගැහෙන්නෙ? ඔය නාස්ති කරන වෙලාවෙ ගිහින් ෆන් එකක් ගනින්කෝ.

      Delete
    12. පිරිමි ඇගවල් , ගැණු හිතවල් පව් බන් උන්, මෙන්න මෙහෙට වෙලා කකාට දර දිය ඇදගෙන ඉමු.

      Delete
    13. කෙන්ජි මචං සහ සියලුම ඇනෝ මචංස් ලා..........
      කෙන්ජිට එතන වැරදුනාලුනේ.ඇත්තටම මමත් හිතන්නේ කෙන්ජි වැරදියි.අපිත් ඕන තරම් වැරදි කරලා ඇතිනේ මචංස්ලා.රන්ඩු වෙවී යාලු වෙවී පොලිසියෙන් එන්න ඉස්සෙල්ලා මාරුවෙමු.කකා ආවොත් මටත් පෝරියල් අනුන්ගේ බජාර් වල පොර ටෝක් දෙනවා කියලා.

      Delete
    14. කෙන්ජි තරුවක් වෙන්නේ චිත්තරපටිවල ඇක්ටින් කරලා තියෙන හින්දා නේද?

      Delete
    15. අපොයි නෑ. රාත්තිරි අහසේ සද්දේ දාන එකම තරුව හින්දා..

      Delete
  4. වැලිවේරිය රතුපස්වල සිද්ධිය ගැන ඕස්ට්‍රෙලියානු ජාතිකයෙක් විදිහට ඔබේ අදහ්ස කුමක්ද කකා ?
    මේ සිද්ධි පිටුපස දේශපාලන අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ හිතනවද ?

    ReplyDelete
    Replies
    1. කකා ඇවිත් උත්තරදියන්කෝ මේ ප්‍රශ්නෙට

      Delete
  5. මයි ඩියර් කතන්දර,

    අර ඇනෝනිමස් ආතල් කාරයා ඔබේ බ්ලොග් රෝලෙන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන මගේ ප්‍රණාමය. ඒක කරන්නට ඇත්තේ ඇනෝනිමස් කාරයා ශිශිර තාරකා නින්දෙන් නැඟිට මාරයාගේ අම්මා ගැන කිවූ කුප්ප කතාව නිසාය සිතමි. ඕකා ඔහොමමය. හළපු එක හොඳයි.

    හැබැයි බොදු බල සේනාවේ විධායක නිලධාරි දිලන්ත විතානගේගේ දියණිය ගැනද සඳහන් බ්ලොග් පෝස්ට් එකක් සහිත 'Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ' බ්ලොග් එක ඔබේ බ්ලොග් රෝලේ තවම ඇපියර් වෙයි. ඒ මන්ද? ඉහත තර්කයට අනුව ඒකත් ඉවත් විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන ඇනෝනිමස් ආතල් බ්ලොග් ලිපිය ගැන මගේ විරෝධය මම මෙසේ සඳහන් කළෙමි.

      "දරුවන් ගේ වරදට දෙමව්පියන්ට අපහාස කිරීම කැත වැඩක්. එය දෙවෙනි වෙන්නේ දෙමව්පියන්ගේ වරදට දරුවන්ගෙන් පලිගැනීමට පමණයි.

      මෙය අර කූප්‍රකට කෙසෙල් මොට තියරියේ විලෝමයයි.

      මගේ අප්‍රසාදය මෙයින් පළකරමි."

      එහි තහනම් වචන බ්ලොග් කරුවා ද මෙසේ ලියා තිබුණි.

      "මේ කතාවම මීටවඩා නිර්මාණශීලීව සහ සංවරව කියන්නට ඔබට හැකියාවක් තිබිලත්, එසේ නොකර, මතවාදී විවේචන වලට පුද්ගලිකත්වය ඈඳා ගැනීම පිළිබඳව මගේ අප්‍රසාදය.. "

      ඇනෝවෙක් මෙලෙස ලියුවේය.

      "මේ වැඩේ කැතයි.මාරයා මේකට ඇදගත්තේ ඇයි?ඊටත් වඩා ඔහුගේ මවට අපහාස කිරීම ඉතාම වැරදිය.ඇනොනිමසා ගෙන් මීට වඩා හරයක් ඇති දේවල් ලැබිය යුතුය. "

      පසුව ඇනෝනිමසයා බ්ලොගය තාවකාලිකව විසන්ධි කර ඇත.

      මගේ බ්ලොග් රෝලෙන් එය අයින් කර නොමැත.

      'Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ' බ්ලොග් එක සම්බන්ධව මට කිසිත් කිව නොහැක. මා එවැනි ලිපියක් කියවූ බවක් හෝ කමෙන්ට් කල බවක් මගේ මතකයේ නැත.

      Thanks.

      Delete
    2. කතන්දරගේ 'අප්‍රසාදයට' ඇනෝනිමසයා හිස නමලා වගේ බ්ලොග් එක නැත්තේ. නැත්නම් සුදු වෑන් එකකින් උස්සලාද?

      Delete
    3. මට තියෙන ප්‍රශ්ණය අර අනෝනිමස් ආතල් ලියපු ලිපිය මම බලන්න යනකොට එක පෙන්වන්නේ නෑ....එහෙම තියෙද්දි කත්න්දර ඒකෙ තමන් දාපු කමෙන්ට් එකට අමතරව අනිත් අය දාපු කමෙන්‍ටුත් මෙතැන දාන්නෙ කොහොමද කියලා..ඇනෝනිමසා කියන්නේ කතනදර වෙන්න බෑනේ...එහෙම නේද?

      Delete
    4. @ Anonymous August 6, 2013 at 2:38 PM

      ඕවා ඇනෝලාට බැරි වැඩ!

      Delete
  6. මෙහෙත් ඔය යහමිං වන්දි ගෙවන්නේ.. ඒවා යන්නේ අපෙන් කියල වැටහෙන්නේ නෑනේ.. ඒ අතින් අපි හැමෝම පොඩි ළමයි වගේ තමා. හැබැයි මල් කැකුළු නෙමේ.

    ReplyDelete
  7. කකා ඔහොම කිව්වට, මානව හිමිකම් සුරැකීම බ්ලොග් ලියන සමහරු තමන්ගෙ මල්ලි ඇෆ්ගනිස්තානෙ මිනිස්සු මරන්න යනකොට උඩ පැණ පැණ චියර් කරනවා. ඊට පස්සෙ ඒ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් කමෙන්ට් කපනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය සාටකේකුත් එල්ලන් ඉන්නෙ.... පාට මොකක් උනත් සාටකේ හැටි අපි දන්නවා...

      Delete
    2. ඔය "සාටකේ" ගැන කිව්වම මේ කතාව මතක් වුණා.

      ඔන්න ගමක බේබද්දෙක්, සූදු කාරයෙක් හා ගෑනු සොඬෙක් වන මිනිහෙක් මැරුණලු. දැන් හාමුදුරුවන්ට හරිම ගැටළුවක්ලු පාංශුකූලෙදි ගුණ කථනය කරන්න. හාමුදුරුවො මෙහෙම ප්‍රශ්නෙ විසඳ ගත්තලු.

      "...පින්වතුනි, මේ මියගිය සේතං උපාසක මහත්මයා ඔය වැරදි වැඩ ටිකක් කළා තමයි. හැබැයි, මේ මනුස්සයගෙ මල්ලි දිහා බලන කොට නම් සේතං උපාසක මහත්මයා බෝධිසත්වයෙක්..."

      "සාටක" උපාසක තැන ගැනත් කියන්නේ තියෙන්නේ ඒ ටික තමයි.

      Delete
  8. ඇත්තටම ළමයින්ගේ හිත් දූෂණය වෙලා නැහැ අපි තමා ඒක කරන්නේ.. බොහොම අගේට කතාව පෙළගස්වල තියෙනවා.. (කකාට ඕවත් වැඩද අප්පා)

    ReplyDelete
    Replies
    1. මාත් කැමතිම කතන්දරයක් මේක.

      Delete
  9. //වසර දොළහක කුඩා දරුවෙකුවන ඔහු ගේ සිත තවමත් බාහිර සමාජයේ බලපෑමෙන් දූෂණය වී නැති බව මට වැටහිණි.///

    මේ වාක්‍ය ලොකු කථන්දරයක් කියනවා.....

    ReplyDelete
    Replies
    1. අවුරුදු 12ක් වෙද්දී අපි නම් මලක් වගේ වෙලා හිටියෙ නෑ කකා.... කකා පොඩි එකාව සමාජ ගත කරන ප්‍රමාණය මදිද කියලා හිතෙනවා....

      Delete
    2. ඔය ලොකු වෙලා බ්ලොග් කියවන්න පටන් ගත්තාම තමයි කොල්ලෝ නරක් වෙන්නේ.

      Delete
    3. /* මේ වාක්‍ය ලොකු කථන්දරයක් කියනවා... */

      ඔව්!
      අඵි නරක් වුනේ ගෙදර නිසා නොවෙයි නේ!

      Delete
  10. පිස්සුද සෑර්, දේශප්‍රේමී ආණ්ඩුව අපකීර්තියට පත් කරපු, බටහිර, විජාතික බලවේග විසින් නටවන තුන්වන පාර්ශවය කරපු කුමන්ත්‍රනයක් නේ ඕක. ඔය විඩියෝ ඔක්කොම ඩොක්ටර්ඩ්! ඔය ආමි එක වගේ ඇඳන් ඉන්නෙ තුන්වන පාර්ශවය. අර පුස් වෙඩි කාල බොරුවට වැටෙන්නේත් උන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. කෝ අපේ ඒ එක්ස්පර්ට් ඇනලිස්ට් ලා?

      Delete
  11. //අර කලින් වතාවල අප දුටු ඡායාරූප සහ වීඩියෝ මෙන් නොව මේවා නම් ඇත්තම ඇත්ත ඒවාය.//

    ඒවා බොරු කියා කවුරුත් (බොහෝ දෙනා) තර්ක කලේ නැත. කිව්වේ ඌ ලොකු වුනා නම් අප්පා මෙන් කරදරයක් වන්නට තුබූ බව පමණි. ඒ කියන්නේ ඒවා ඇත්ත බව කවුරුත් වක්‍ර ව පිලිගත් හ.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ සහ ෆොටෝ එකක් නොවෙයි ගොඩක් තිබුණනේ, ඇයි චැනල් ෆෝ?

      ඒ හැම එකක්ම බොරු කියලා කියපු අය හිටියා.

      Delete
  12. ගිනිගන්න ගොඩක් දේවල් වෙනුවෙන් අපි ගෙවන බව පුතා දැනගනී පහුවෙලා.

    ReplyDelete
  13. මේවා මේ චැනල් ෆෝ කාරයා හදපුවා. කකා ඒවට අහු වෙලා.. පව්..

    ReplyDelete
    Replies
    1. VALIVERIYA, RATHUPASWALA, BALUMMAHARA KILLING FIELDS.

      Delete
    2. සේරම නපුරු සිහිනයක් විතරක් නම්!

      Delete
  14. හා හා කකා එහෙම කියන්න එපා ආඩම්බරකාර තාත්තාගේ රටේ ළමයින්ට සලකන්නේ මල් කැකුළු වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. හික්, හික්!

      මේ සින්දුව වෙන්න ඕනෑ ඒ මල් කියන්නේ!
      http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html

      Delete
  15. කකා අන්න ඉන්දික උපශාන්තත් කකාගේ පුතා යෝජනා කළා වගේ හොඳ 'පර' වැඩක් කරලා. මාරයා බ්ලොග් එකේ ලියලා තිබුණේ. ඉන්දිකටත් 'පර' වැඩ කරන්න හිතුණේ ණය හම්බ වෙලා ඇති. පාටියක් දාන්න වෙනවට අපට කිව්වෙ නැහැ. හොර ගෙඩියා.

    ReplyDelete
    Replies
    1. ණය හම්බවෙලා නෑ.... පොලීසියෙනුත් වරෙන්තුලු.... සහන් රංවලටත් හොද පොල්ලක් වැටිලලු....

      Delete
    2. http://ornaya.blogspot.com/2013/08/blog-post.html?showComment=1375541504788#c1844526081593891575

      Delete
    3. චැහ්. මං හිතුව සල්ලි හම්බවෙලා කියලා පාටියක් දාන්න. හොරකම් කියල මෙහෙම හොරකම් කරන්න පුළුවන්ද? මේ රටේ පොලීසියක් කියල එකක් නැද්ද? මට පේන්නේ මේ ඔක්කොම ඉන්දිකයගෙ අතේ රෝල්.

      Delete
    4. මෙහෙම ගියාම මමම මට ණය දීල අභීතව බොරුවට අල්ලල කියල කියයි අන්තිමට නේද?

      මිනිහට තාම තියෙන්නෙ වරෙන්තු දෙකයි.

      මෙන්න 15ක් තිබ්බ කෙනෙක්

      මෙන්න 22ක් තිබිල

      මේ දෙන්නට 98ක් තිබ්බලු

      ඉතින් දෙක තුනක් තීන අපේ මිත්‍රය බේරිල ඉන්න එක අහන්නත් දෙයක්ද?

      Delete
    5. අනේ පලයන් ඉන්දික එහෙම බේරිලා ඉන්න පුළුවන්ද වරෙන්තු තියාගෙන. උඹේ කෙප්පයක් මේක.

      Delete
  16. කකෝ කකෝ
    කමෙන්ට් කෝ?

    මං වැඩ යකෝ
    ඉඳපන්කෝ

    ReplyDelete
    Replies
    1. ඌ ඒවා දවල්ට කාල

      Delete
  17. හොඳ තාත්තේක්ගේ හොඳ පුතෙක් ....

    ReplyDelete
    Replies
    1. මට වැඩිය හොඳ එකෙක් කරන්න ඕනෑ!

      Delete
  18. දෙමළ මිනිස්සු මරාගෙන මැරෙන මට්ටමට ආවෙ හමුදාවෙ වැරදි නිසා කියල මට දැන් හිතෙනවා.කකා බාලචන්ද්‍රන්ගෙ මරණය ගැන ලිපියක් පළ කළාම මට යකා නැග්ගා.ඒකට විවිධ ප්‍රතිචාර දැක්වූවා.මට දැන් හිතෙනවා කකා නිවැරදියි කියල.ඇත්තටම මම කකාට පිටුපසින්.ජය ශ්‍රීමහා බොධියට කොටි ගහපුවම අපි ඒක ම්ලේච්ඡ ප්‍රහාරයක් ලෙස හැදින්වූවා ඒක හරි.ඒත් එහෙම වුනා කියන්නෙ හමුදාව දෙමළ ගමක් සමූලඝාතනය කරපු එකට පලිය කියල ඒ කාලෙ කියවුනා.උතුරෙ ප්‍රශ්නෙ ඔය තරම් දුර දිග යන්න විශාල කාර්යභාරයක් හමුදාව කළ බව පැහැදිලියි.අපි වුනත් දෙමළ මිනිසුන්ගෙ දුක ගැන සංවේදී වුනා මදි කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. දැන් ඔහොමවත් කියන්න පුළුවන්. ඒ කාලෙ කිව්ව නම් මුන් අපිව හිටෝලා පස් ගහනවා.

      මාත් හිතාගෙන හිටියෙ බාලචන්ද්‍රන්ව "සුද්දා රට යන විට බල්ලා මැරීමේ" තියරියට අනුව ප්‍රභාකරන්ම ඝාතනය කළ බවයි, ඔහු හමුදාවට හසු වෙනවාට. ඒ තියරිය පොඩ්ඩක් හිතට සහනයක් දුන්නා. දැන් නම් හිතෙනවා අපේ ආමි එකේ තිරිසන්නුම වැඩේ දුන්නා කියලා.

      Delete
    2. පසුව හෝ තේරුම් ගත් එක ළොකු දෙයක්. මම හිතුවේ අපිවත් මරලා දායි කියලා. අද ඒ කතා කරපු ගොඩක් අයගේ කටවල්වල පිට්ටු, අත් බ්ලොක් වෙලා. බ්ලොග් ගල් වෙලා.

      Delete
    3. මාතලමෝ, ඒ ගල් වෙච්චි බ්ලොග් වෙලාටව ආපහු ඇරෙයි. බොරුවට කෑ ගහල වැඩක් නැහැ. වෙනසක් කරන්නයි කෑ ගහන්න ඕනැ.

      Delete
    4. අපට කෙල වුණාම තමයි අපේ ඇස් ඇරෙන්නේ!

      Delete
  19. කකා........මෙවැනි පුරුදු ඇතිවන්නේ මූලික වශයෙන් දෙමාපියන්ගෙනි.CHARITY BEGINS AT HOME කියලා කිව්වේ ඒකනේ නේද?

    ReplyDelete
    Replies
    1. ගෙදර විතරක් නොවෙයි මුලු සමාජයම බලපානවා!

      Delete
  20. පුංචි ළමයි මල් වගේ නේන්නම්...:)

    ReplyDelete
    Replies
    1. වෙඩින්, හනිමූන්, ඊලඟට බබාලා!

      Delete
  21. ඔක තමයි කකා සමාන්යෙන් සිද්ද වෙන්නෙ කවුරුහරි අවන්ක වෙන්න ගියොත් සමජයට හිනා යනව.

    ReplyDelete
  22. අනෙක් මිනිසුන් ගැන මානුසිකත්වයෙන් සිතන්න පුලුවන් දරුවෙක් ලෝකෙට දායාද කරන්න පුලුවන් නම් එවන් වූ දෙමාපියන් වාසනාවන්තයෝ ම වේ . . .

    ගහපන්, මරපන්, අරූගේ කඩෙන් බඩු ගන්න එපා, මුගේ කඩෙන් කෑම කන්න එපා, අරූගේ තාත්තා මිනී මරුවා නිසා උගේ පුතාත් කවදා හරි මිනී මරුවෙක් තමයි, අරකිගේ අම්මා බඩුව නිසා දුවත් කවදා හරි බඩුව තමයි වගේ මති මතාන්තර දරන වැඩිහිටියන් බහුතරයක් ඉන්න ලෝකේ හැම මනුස්සයෙක් දිහාම මනුස්සයෙක් විදිහට දකින්න පුලුවන් ජාතියේ දරුවෙක් හදපු කකාටයි කතීටයි සුභ පැතුම් . . !

    ReplyDelete
    Replies
    1. දුකා මේ දවස්වල තමයි දෙවෙනියා හදන්න කාලේ!
      නිවුන්නු ආවොත් මේ පාරින්ම සිහිනය සැබෑ කර ගන්න පුළුවනි.

      Delete
  23. කකා,
    ළමා සිත් දූෂණය වෙන එක තීරනය වෙන්නේ එයා ජීවත් වන පරිසරය මත.හොඳ පරිසරයක හොඳ දෙමාපියන් යටතේ හැදෙන ළමයින් කොහොමත් හොඳයි!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. වැඩ කරන ලින්ක් එකක් දාන හැටි කකාගෙන් ඉගෙන ගන්නකෝ..

      Delete
    2. ඔය දාලා තියෙන්නේ. කකාට ලින්ක් දාන්න තියෙනවා නම් වෙන මොනාද ඉතින්

      Delete
    3. ලින්ක් කප්පිත්තෙක්..

      Delete
  24. අනේ මන්දා කියන්න මක්කාවත් නෑ . තව කාලයක් යනකොට පොඩි එකා පව් කියලා හිතෙනවා නෙහ් ?
    මොකද වටපිටාව හරිම අවුල් නිසා .

    ReplyDelete
  25. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 81
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 7
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 31
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 18
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 25

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.