Friday 19 July 2013

බොදු බාල සෙනාව සෙක්සිස්ට් ද - Is Bodu Bala Senna, Sexist?


විජය කුමාරතුංග කියන නළුවා මං පොඩි කාලේ මට පෙන්නන්න බැරි එකෙක්.

මට මතකයි පොර ඒ කාලේ සිරි ලංකා එකේ දේශපාලන රැස්වීමක කතාකරන්න ආවා. කොල්ලෝ කෙල්ලෝ හෙම පොර පස්සේ දිව්වා.

මං නෙමෙයි නිකමටවත් සැලුනේ.

මගේ යාළුවෙක් වෙච්ච සරත්චන්ද්‍ර ආපහු ඇවල්ලා කිව්වා ඌ විජය ගේ ෂර්ට් එක ඇල්ලුවා ය කියලා. මට හිතුනේ අනේ පව් කියලා විතරයි!

ටික කාළෙකට පස්සේ මටත් යම් දේශපාලනමය සිතුවිල් පහල වෙන්න පටන් ගත්තා. පස්සෙන් පහු විජය කුමාරතුංගත් මට හිතුණ විදියට නිවරදි දේශපාලනයක් පටන් ගත්තා.

අන්න එතකොට තමයි මට තේරුනේ "යකෝ, මූ කොච්චර සුපිරි නළුවෙක් ද?" කියලා.

ඒ විතරක් නොවෙයි!

මුල් කාලේ මට ඇහුණු විජය ගේ ගොරහැඩි කටහඬින් ගැයෙන "රැල්ලෙන් රැල්ලට" වගේ සින්දුවලින් මාර රස වින්දනයක් ලැබෙන්න පටන් ගත්තා.

අන්තිමට විජය කුමාරතුංගව ජාතිවාදීන් විසින් මරල දාලා ය කියලා ආරංචි වුණු වෙලේ මහා සංවේගයක් දැණුනේ!

ඔය සංසිද්ධියේම අනිත් පැත්ත තමයි මේක.

ඒ දවස්වල යූඇම්පී වේදිකාවල බයිල කියපු ගායක ගායිකාවෝ, ඩෙඟා නටපු නළු නිළියෝ ගැන මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. කොටින්ම උන්ගේ ඒ දේශපාලනට තිබුණු අකමැත්ත නිසාම, මට උන් ගේ සින්දු, රඟපෑම්වලත් මෙලෝ රහක් දැණුනේ නෑ.

ඒ සමහරු (ජෝතිපාල ලා වගේ අය) මිය ගියාමත් කිසිම දුකක් වගේ එකක් හිතට ආවේ නෑ, සාමාන්‍යයෙන් හිතෙන "අනිච්චාවත සංඛාරා - සියලු සයන්ස්කාරයෝ මැරෙන සුළුය!" වගේ දෙයක් හිතුණා මිසක.

ඔය පරණ කතා මතක් වුනේ අද ආපු ඊ-මේල් එකක තිබුණු ලින්ක් එකක් ඔස්සේ ගිහින් බොදු බාල සෙනා නඩයේ තේමා ගීතය අහන්න ලැබුණු වෙලේයි.

මේක කියන්නේ සුනිල් එදිරිසිංහ.

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



දැන් ඉතිං සුනිල් එදිරිසිංහ ගේ සින්දු අහලත් හමාරයි. වැරදිලාවත් ඇහෙන ඇහෙන හැමෙ වෙලේම මේ කේස් එක මතක් වෙලා ඔක්කාරෙට ඒවි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ පදමාලාවේ තියෙනවා මෙහෙම.

බිඳී එරන් කොත, නිවී පහන් වැට, අන්දකාරයි සාසනේ
කාහල නාදය නගනට කාලය
ඇවිත්, අවදිවෙමු සොයුරනේ
ඉතිං අවදිවෙමු සොයුරනේ

මෙතන සොයුරන් ගැන මිස සොහොයුරියන් ගැන කිසිම කතාවක් නෑ.

ඒ කියන්නේ නිදාගෙන ඉන්නේ පිරිමි විතරද? ගෑණු අවදියෙන් ද ඉන්නේ?

නැත්තං මේ සින්දුව සහ බොදු බාල සේනාව සෙක්සිස්ට් ද?


(image: https://www.facebook.com/SGaminiFonseka)

96 comments:

  1. කලාකාරයන්ට දොස් කියන්න බැහැ.ඒ අයව නලාකාරයෝ කරන එව්වන්ට තමයි නෙලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි බබ්බු නේ ඒ ගොල්ලෝ නේද?

      Delete
  2. සොයුරියො(සම හරක්)නානසාර ල ලග 24 පැය අවදියෙන්නේ.
    එකයි ඒ අයව අමතක කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, අපි දන්නේ නෑ ඕවා!

      Delete
  3. ගෑනු ඉතින් පිරිමි වගේ නෙමේ කොහොමත්. අවදියෙන්, සිහිය පිහිටුවාගෙන ඉන්න කොටසක්නේ. ඒකයි පිරිමින්ට විතරක් අවදිවෙන්ට කියලා තියෙන්නේ. මම හිතන්නේ ගීත රචකයත්, ගායකයත්, ඒ වගේම හාමුදුරුවරුත් ඒ බව දන්නවා ඇති. :D:D:D

    ReplyDelete
    Replies
    1. සම්මා සති, සම්මා සමාධි!

      Delete
  4. සුනිල් එදිරිසිංහ මගේ ප්‍රියතම ගායකයා. මමත් සෑහෙන කම්පා වුණා මේ ගැන අහලා. ඒත් මම ප්‍රියකරන ඔහුගේ සිංදු සිය ගණනක් මැද මේක එක සිංදුවක් විතරනේ කියලා මම හිතුවා. අනික ඉතිං මම දරන මත වලට වඩා විරුද්ධ මතයක් දරන්න ඔහුටත් අයිතියක් තියනවනේ.

    රත්න ශ්‍රී, රෝහණ, අමරසිරි පීරිස්, අමරදේව වැනි කලාකරුවොත් වරින් වර පවතින රජයන් වෙනුවෙන්, යම් යම් ආයතන වෙනුවෙන් නිර්මාණ කරලා තියනවා. ඒක ඔවුන්ගේ අයිතියක් කියලා හිතහදාගන්න එක තමයි මම කරන්නේ. ඔවුන්ගේ නිර්මාණ කුසලතාවය, ඒ වගේ සුළු සුළු දේවල් වලින් ඔබ්බට ගිය දෙයක් කියලා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ ජාන වල වත් සංස්කෘතියේවත් නැත. "මගේ මතයට විරුද්ධ එකා මගේ බ්ලොග් රෝලෙවත් ඉන්න එපා" කියන මජර, අශිෂ්ඨ, ම්ලේච්ඡ ලිංමැඬි චින්තනය තමා කොහෙ ගියත් අපට තියෙන්නෙ.

      Delete
    2. @ තිසර
      මේ ලිපිය පොඩ්ඩක් tongue in cheek තියාගෙන ලියපු එකක්!

      Delete
    3. අර කුතුල්ගහට ගිහිල්ල තණකොල හොයපු එකා මතක්වුනා කකාගේ මේ රිප්ලයි එක දැකල. බැක්ෆයර් වෙලා නාන්න වුනාම ඔහොම බයිලා කියවෙනවා ලිංමැඬියෝ.

      Delete
  5. අදනම් කනවා අම්බානෙක

    ReplyDelete
  6. hmm wijeys voice gorahedi well thats the first time i heard such a comment, it may b rough bt its beautiful, like pouring honey in to my ears, and seriously u hated jothipala come on no matter what his politics are wouldnt u just fall in love wit his music, politics and their careers were mixed up by themselves but as fans we shouldnt be mixing them up , i mean let them keep their views we dont hve to follow them, bt dont b a hater on their music,

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය පොඩ්ඩක් tongue in cheek තියාගෙන ලියපු එකක්!

      Delete
  7. කතාව හරි. ජැක්සන් ඇන්තනී වගේ උදවියගෙ හැකියාව පරදා අපුල ඉස්මතු වෙලා තියෙන්නෙත් ඔය කේස් එක නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකා නං ඉන්නේ සෘණ අනන්තයේ!

      Delete
  8. ඒත් අපිට සුනිල් එදිරිසිංහගේ මේ හැදියාවත් නිතර දකින්න ලැබෙන එකක්. අනිත් අයට යම් දෙයකින් සිද්ධ වෙන පව් හෝ හානිය ගැන අවදානම් කියන්න මහා කරුණාවන්ත සංවේදී මිනිස්සු හැටියට වෙහෙසනවා යැයි කියන අය අනුන්ට ගවමස් කන්න එපා කියමින් තමන් කුකුල් මස් කනවා. නිව් යෝර්ක් නගරාධිපති වගේ සෝඩා පානයේ ආදීනව ගැන කියමින් ඊට තහනම් ගෙනෙමින් හොට් ඩෝග් කොච්චරක් ගිලින්න පුළුවන් දැයි උත්සව පවත්වනවා. නැත්නම් කොකා කෝලා වල මෙච්චර මෙච්චර නරක දේවල් තියනවා යැයි කියන අයට යාළු මිත්‍රාන්දීන් එකතු වුනාම විස්කි වීදුරුවක් දාගත්තෙ නැත්නම් නිකන් මොකක්ද නැහැ වගේ!!!!

    ReplyDelete
    Replies
    1. එතකොට විස්කිවලට, බර්බන්වලට කෝක් දාලා බීම?

      Delete
    2. අර කුතුල්ගහට ගිහිල්ල තණකොල හොයපු එකා මතක්වුනා කකාගේ මේ රිප්ලයි එක දැකල. බැක්ෆයර් වෙලා නාන්න වුනාම ඔහොම බයිලා කියවෙනවා ලිංමැඬියෝ.

      Delete
  9. කකා.... ඔය විජය කුමාරතුංග ගජ නළුවා වෙලා ඉන්න කාලෙ ඒ කියන්නෙ 80ගනන් වල ලංකාවෙ සිරි නරඹන්න ආපු සුද්දො ලංකාවෙන් යනකොට උන්ගෙ ඇගවල් මාර ෆිට් වෙලා ආම්ස් එහෙම හොදට හැදිලා.... කොටින්ම කියනවනම් ආපු කැහැටුම සුද්දා පවා ඇග පුම්බගෙන තමයි යන්නෙ... ආපු එකාද කියලා අදුරගන්න බෑ...

    ඉතින් අවුලට පත් වෙච්ච ඉමිග්‍රේෂන් එකේ කස්ටිය රහස් පොලීසියට කියුවා පරීක්ෂණයක් කරන්න කියලා.... ඇයි මොකද මෙහෙ තහනම් බෙහෙතක් වත් විකුණනවද දන්නෙ නෑනෙ....

    නමුත් පස්සෙ සොයලා බැලුවාම මුන් ආපු දවසෙ ඉදන් කරලා තියෙන්නෙ ගාල්ලෙ තාප්පවල එල්ලිලා "කන්ට්‍රි සෝන්ග්ස්" අහපු එක... අර එල්ලිලාම ඉදලා තමයි ආම්ස් හැදිලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ තරලසාර බීලා ය කියලා!

      Delete
    2. තරලසාර ??? o.O

      Delete
  10. අද නම් කකා හොඳම එකෙන් කෙලෝ ගන්නයි යනේ. පවු. වයසක හාදයා රෙද්දේ රෙවා ගනී.
    අද මම 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. නානේ ගැනද මේ කියන්නේ?

      Delete
  11. කකා අදත් වැඩියමක් කොටන්න වෙන්නෙ නෑ.... සයිට් යන්න හදන්නෙ... හැබැයි වැස්සොත් කකා ගොඩ.... කොහොම උනත් අර කිහිප දෙනෙක්ව බ්ලොග් රෝලට දාගන්න කියල කරපු ඉල්ලීම අදවත් සලකා බලන්න....

    අං දික් වෙච්ච ගෝණා වගේ ආඩම්බරෙන් ඉන්න එපා... අං හැලුනාම ගෝණා ඉන්නෙත් බල්ලා වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. මං කියවන බ්ලොග් මගේ බ්ලොග් රෝල්වල තවමත් තිබේ!

      Delete
  12. කකා කරලා තියෙන්නෙ මම එදා කියුව එක තමයි... මම කියුවනෙ ඔය මොකක් හරි වීඩියෝ එකක් අරන් ඒකට විචාරයක් ලියන්න කියලා... බලන්න කකා ඔය පොත් වලට විචාර ලියුවා වගේද කියලා අද මේක හිට් වෙන්නෙ....

    හැබැයි පොඩි අඩුවක් තියෙනවා.... මේක ලියනකොට අමුතු විදිහට බර වචන දාලා, ඉන්ගිරීස් කෑලි දෙක තුනක් වරහන් ඇතුලෙ දාලා, මානව ඉතිහාසය ශිෂ්ඨාචාරය වගේ දේවල් ඈදලා, වාමාන්ශිකයින්ට පහර ගහලා ලියන්න ඕනි.... ඕනෙමනම් කතාව අස්සෙ පොතකුත් මාකට් කර ගත්ත හැකි.....

    ReplyDelete
    Replies
    1. Get a life mate

      Delete
    2. හැබැයි "ආනන්දේ තමයි ඉස්කොලේ" පොත නම් මාර්කට් කරන්න යන්නෙපා. චාටර් වෙන්නයි වෙන්නේ.

      Delete
  13. කකාගේ බ්ලොග් ලිවිල්ල නිකම් "සෝඩා පාන වල අගුණ දෙසන අය මත්පැන් බොනවා වගේ" නේ.

    ReplyDelete
  14. පස්සේ කාලෙක සුනිල් එදිරිසිංහ ගැන පැහැදීමක් ඇති වෙන්නත් පුළුවන් නේද කකා ...?

    මට නම් බන්දුයි , බැද්දගේයි එපාම උනා පහුගිය ජනාධිපතිවරණයේදී .. උන් කියපු සින්දුව අහලා තියෙනවද ...? අන්තිම හිරිකිතයි... ඒක අහපු ඇනෝ කෙනෙක් හරි විස්තරයක් දාන්න බලන්න.. ( කකා මේක ස්පෑම් වෙන්න පුළුවන් . අවධානෙන් ඉන්න )

    ReplyDelete
    Replies
    1. //( කකා මේක ස්පෑම් වෙන්න පුළුවන් . අවධානෙන් ඉන්න )//

      :-)

      Delete
    2. ඒකනේ සහන් ස්පටිස් ලා ගැන ඔච්චර දන්නේ, නේද?

      Delete
    3. //( කකා මේක ස්පෑම් වෙන්න පුළුවන් . අවධානෙන් ඉන්න )//
      මේක නිකං මට රෙන්න යන්න පුළුවන් කෝකටත් මගෙ පිටිපස්සෙ ඉන්නවා නං සොපින් බෑග් එකක් තියාගන්න කියනව වගේ කතාවක් නේ..

      Delete
    4. මම ඒත් බැලුවා මොකක්ද මේ ස්පටීස් කියන්නේ කියලා..

      Delete

    5. @ අමිල

      කකා , සයුරි , සෙන්නා , නවදැලි හේන , හිරු , මාතලන් , සමනලී , දේශකයා , ගයිජින් වගේ බ්ලොග් කරුවන්ගෙන් අහන්න දැන් සතියක විතර ඉඳන් මාව එක දිගට ස්පෑම් වෙනවා...

      මට එපා වෙලා දැන් ස්පෑම් එකේ බලන්න කියලම..

      ( අමිල මාව සැක කරා නේද යම්කිසි දේකට ? )

      Delete
    6. @ අමිල

      වෙන මුකුත් ඕනේ නැහැ ඔයාගෙම ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න..

      Delete
    7. /* SilentSahan( පොඩ්ඩක් ස්පෑම් එකේ බලන්න පුලුවන්ද )July 19, 2013 at 8:47 PM */

      ඉහත කමෙන්ටුව ස්පෑම් වී තිබුණි! මූ නම් ස්පයියෙක් ම තමයි.

      Delete
  15. It's quite depressing to see militancy creeping (more like galloping these days!) in to Buddhism which used to be the most tolerant of all major religions. I sometimes think best thing sane people can do is to ignore these Senas. Fanatics thrive on publicity. Fairer sex should feel flattered to be left out of extremism. Does it mean that the fanatics think men are easier to fool? LOL!!!

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෑන්ක්ලි, අයි ඩොන්ට් තින්ක් දැට් හූ එවර් රෝට් ද ලිරික්ස් පර්පස්ලි ලෙෆ්ට් ද ෆෙයාරර් සෙක්ස් අවුට්. අයි තින්ක් දේ වර් රාදර් ට්‍රයින් ටු ගෙට් ද ව්රඩ්ස් ටු රයිම් ඉන් දැට් වර්ස්.

      Delete
    2. KK, I just realized that it's much easier to read English written in Sinhala characters (like you've done here) than read Sinhala written in English characters. Any idea why?

      Delete
    3. We read words as pictures/graphics. Obviously, we are more used to read Sinhala than English.

      Delete
    4. I generally read Sinhala and English almost at the same speed (Maybe Sinhala bit faster but not by much) . But I find it so difficult to read Sinhala written in English characters. Now here you did it the other way around (Engish in Sinhala) and I was surprised that I had no difficulty at all. I thought it might because Sinhala diacritics (pilla) have to be written in vowels in English. So, when u write Sinhala words in English they don't the "pictures/grafics" instantly recognizable. Maybe you could research and write about this in a later blog.

      Delete
  16. සුනිල් එදිරිසිංඤොත් නළාකාරයන්ගෙ සෙට් එකේ එකෙක් තමයි. හැබයි ඉතින් අර කතාම කියනවා වගේ එයාලට එයාලගෙ මතය වෙනුවෙන් පෙනි ඉන්න අයිතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා!
      මං මේ කතන්දරේ ලිව්වේ උවමනාවෙන්ම එක අන්තයක ඉඳලයි.

      Delete
  17. "අන්දකාරයි සාසනේ" ? Will drunk driving by monks enlighten it?

    ReplyDelete
    Replies
    1. ජීවන මේ ගමන සංසාරේ
      යැවෙයි නම් අන්ධකාරේ
      නොලැබ ආලෝකේ
      යා හැකි දෝ සොයා මාර්ගේ

      ඔබ යයි නම් තනිව අන්ධකාරේ
      ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ
      දිවි ඇති තෙක් මෙ සංසාරේ
      දිවි ඇති තෙක් මෙ සංසාරේ

      පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල්වුණ මේ
      දීප්ති විහිදේ විහිදේ
      දීප්ති විහිදේ විහිදේ
      මා ය ඒ විහිදෙන ආලෝකේ
      ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ
      ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ

      හද සෝකෙන් බර වූ නෙක වාරේ
      එයයි අනුප‍්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
      නැත ඉන් මා මුළා වෙන්නේ

      ඔබ යයි නම් තනිව අන්ධකාරේ
      ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ
      දිවි ඇති තෙක් මෙ සංසාරේ
      දිවි ඇති තෙක් මෙ සංසාරේ

      පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
      ජීවන අඳුර නසන්ටා
      ජීවන අඳුර නසන්ටා

      ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
      සුන්දර හදකින් පානා
      සුන්දර හදකින් පානා

      ඒ වාගෙයි පහන ආලෝකේ
      වූයේ සංයෝගේ සදා සංසාරේ
      එය නොම වෙයි එකාකාරේ
      එය නොම වෙයි එකාකාරේ

      ජීවන මේ ගමන සංසාරේ
      යැවෙයි නම් අන්ධකාරේ
      නොලැබ ආලෝකේ
      යා හැකි දෝ සොයා මාර්ගේ

      Delete
  18. නිර්මාණ කරුවාට නොව රසවත් නිර්මාණයන්ට විතරක් ආස කරන්න පුරුදු වෙන්න ...... එතකොට කරදරයක් නැතිව රසය වින්දනය කල හැකිය..... මැලේ රාළ කියයි

    ReplyDelete
    Replies
    1. පිළිකුල් රසයත් රසයකි!
      - කතන්දරකාරයා කියයි.

      Delete
    2. OONNA MAMA KIYANNETH OOKAMA THAMA. MAGE COMMENTS SPAM KARANNE MOKADA?

      Delete
  19. අදත් හිට්ස් තකා ලිපියක් ලියලා.
    කකා දිගටම මේ වගේ ලිපි ලියන්න. හැබැයි ඉතින් ලංකාවට එනවා නම් විග් එකකුත් දාගෙන තමයි එන්න වෙන්නේ. නැත්නම් කුණු බිත්තර කන්න බලාගෙනම එන්න.
    ඊට වඩා හොඳයි කටුනායකින් බහින්නේ නැතුව මත්තලට බාන ප්ලේන් එකකින් ආවා නම්.

    ReplyDelete
    Replies
    1. හුහ්! මත්තලට බාන්න? මෙහේ දේශප්‍රේමියො වැහිවැහැල! බිත්තර නෙවේ කඩු පොලු ටී පනස් හය... අතේ තියෙන්නෙ.

      Delete
    2. හිට්ස් එනවා නං ආවාවේ, මොකටද එපා කියන්නේ.

      මීට පස්සේ ඔහේ හිට්ස් නොදී හොරෙන් ඇවිල්ලා කියෝලා යන්නකෝ හොඳේ!

      Delete
    3. හා මචං !

      Delete
  20. සුනිල් එදිරිසිංහ ගැන කොහොමත් කළකිරිලා ඉන්නේ.හැබැයි වෙනස් මතයක් දරන හින්දා නං නෙමෙයි.කරපු කුප්ප වැඩක් හින්දා.හැබැයි මමනං ඔය උංගේ වෙන කෙරුවාවල් උංගේ හැකියාවල් එක්ක පටලගන්නේ නෑ.ඒක හින්දා මම සුනිල්ගේ සින්දු බේධයක් නැතුව අහනවා.

    ඒ දවස්වල ගම්පහ පන්ති යද්දි අපේ සමහර උන් එක ෆිසික්ස් සර් කෙනෙක්ගේ පන්තියට ආවේ නෑ ඌ පොර ටෝක් දෙනවා කියලා.මට උගේ පොර ටෝක්වලින් වැඩක් නෑ, ඌ හොඳට උගන්නන හින්දා පන්ති ගියා.

    ReplyDelete
    Replies
    1. අමිත් පුස්සැල්ල නේද

      Delete
    2. යකා ගේ ආච්ටී වුනත් මොකද කියලා කතාවක් තියෙනවා නේ!

      Delete
  21. කකා IPL ගහන්න ගියාද කුනු බිත්තර පාර කන්න?

    ReplyDelete
    Replies
    1. මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ ?

      Delete
    2. ඇත්තටම අයිපීඇල් කෂ්ටියට මොකද වුනේ?

      Delete
  22. thamangema Ano comment 20-30 da gena.thamuntama hariyana mathalan weni ponna katha liyana blog padangu karayo hathara pas denek ekka set wela ganna me sigithi athal eka gena kanagatui......

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචං

      Delete
    2. ඔය සංඛ්‍යා ලේඛන ගැන මං දන්නේ නෑ. අපේ අර සංගණන ඇනෝගෙන් අහලා බලන්න.

      කෝ අද අර KAPITAL ANKAL?

      Delete
    3. ඌ එනකොට බැරි යෑ. ඌ එන්නේ පෝස්ට් එක දාලා දවස් 2කට පස්සේ එලඹෙන හිමිදිරි උදෑසනේ නේ :)

      Delete
  23. Replies
    1. අපොයි නෑ, මේක එලිසමය රැකීමක් විතරයි!

      Delete
  24. අම්මා...පල්ල.. අද නම් හැබෑම වෙනසක් !
    අද කකා හැමෝටම රිප්ලයි දාල ! එල එල ඔහොම යමු මචං !!

    ReplyDelete
    Replies
    1. අද මීටින් නැත! කලින් ගෙදර ආවෙමි.

      Delete
    2. ජොකා හේදුව ද ?

      Delete
  25. කකා,
    එදා ඉල්ලීම තාමත් නතර වෙච්ච තැනමයි. අපිට පාස්වර්ඩ් ලබා දෙන්න කකා. අපි වෙලාවට කලාවට කමෙන්ට් ටික පබ්ලිෂ් කරලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. කකා කරුණාකරල මේ ඉල්ලීමට සවන් දෙන්න. බ්ලොග් අඩවිය කකාගෙ උනාට වැඩි බර අදින්නෙ ඇනෝල.

      Delete
    2. ඔය අද මං වෙලාවට කලාවට කමෙන්ට්ස් දැම්මේ!

      Delete
  26. කකා මොනාද අප්පා තාම සිංහල සින්දු අහන්නේ දැන් පිටරට අවුරුදු කීයක්ද ?ඒකට බලන්නකෝ අපේ උදිත .දැන් අහන්නේ country music විතරය් සුද්දොත් උදිත තරම් ඒවා දන්නේ නැතුලු

    ReplyDelete
    Replies
    1. කන්ට්‍රි මියුසික් කියන්නේ පැල් කවි වගේ ජන ගීවලට නේද?

      Delete
    2. ඒ උනාට් ඒවා අහන්නේ මාර පොශ් ඩයල් කකා.... ඇමරිකාවෙ ඉන්න අය... ලංකාවෙ හිටියත් සුද්දො එක්ක ඉන්න අය.... පිස්සු හැදෙනවා කකා... ඔය පත්තර කන්තෝරුවල ඉන්න අයත් පොශ් වෙන්න හිතන් දැන් ඔව්වා අහන්න පටන් අරන්....

      ඒක නෙවෙයි... කකාට කකාගෙම කියලා මියුසික් ස්ටුඩියෝ එකක් නැද්ද?

      Delete
    3. කන්ට්‍රි මියුසික් වලට අපි බොහෝ දෙනෙක් කැමති ඒවායේ සංගීය සරල නිසා සහ වචන සෙට් එක තේරෙන නිසා, එතකොට අපිටත් කියන් ලේසියි, එහෙමයි කැමැත්ත එන්නේ.

      Delete
  27. ෆොටෝ කෑල්ලට නම් ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. සිනමාවේ එක දෙක තුන සහ ගායන ලෝකයේ දෙක!

      Delete
  28. ඕ සිංදුවම කෝමද පදමාලාව එක්ක ජොලි සීයට හරි සාජන් ගේ නැන්දම්මා එකේ රගාපාන එක්කෙනාට හරි දුන්න නම්.. සරම ඇන්දත් ජොලි සියයි පොඩි ලමයයි සිංහල බෞද්ධ ගති ලක්ෂණ දරන්නෙ නැහැ. ඒ නිසා ජොලි සීයයි පොඩි ලමයයි කීයටවත් ඔය වගේ සිංදුවක් කියන්න ගන්නෙ නැහැ.
    තට්ටෙ තියෙන, හිමින් කතාකරන, ස්ලෝ සිංදු කියන., නොතේරෙන කුනුහරුප තියෙන සිංදු කියන, රාගධාරී සංගීතය පමණක් භාවිත කරන, සුනිලුන් තෝරාගැන්ම ඇතුලෙම සිංහල බොදු ලෑන්ඩ් මාක් එකක් තියෙනවා..

    හැබැයි ඉතිං ඒ අතින් බැලුවොත් ආතල් සැරටම කඩපු කෙනෙක් තමයි බෙග් මාස්ටර් කියන්නෙ. එමවිට පවසනු මුවින් ඔබේ කියලා කියන්නෙ නිකං කට අස්සෙ ජිල්බෝලයක් දාගනිපු පොඩි එකෙක්ට අම්ම බනිනවා වගේ.. දාපිය ජිල තොගෙ කටින් පුතේ.. කියල තමයි අම්ම කියන්නෙ. අම්ම ආදරයට දාපිය තෝ ජිල එලියට කිව්වට ඒකෙ අර පොත් වල තියන කරුණාබර, අම්මාගේ ආදරය වැක්කෙරෙන් නැහැ.

    ReplyDelete
  29. කකා මංකොල්ලයට හුරු කළාම නිෂ්පාදනය යනු කුමක් දැයි දැනගන්නේ කෙසේ ද?

    ReplyDelete
  30. කකා,
    මේ දවස්වල දැනට අලෙවි වන විවිධ පොත් ඊ බුක් කොපි නොමිලේ ලබා දිය යුතු ය කියලා මූනුපොතේ කතා වෙනවා. ඔබේ අදහස කුමක් ද ?
    (අළුත්ම පොත් වල ඊ බුක් කොපි මුද්‍රිත පොත් වලට වඩාඅ අඩුවෙන් විකිණීමට දැනටමත් තිබේ.)

    ReplyDelete
  31. නිර්මාණ කරුවාගේ චර්යාවනුත් කෘතියක් රසවින්දනයේ දී රසවිඳින්නාගේ සිත තුළ බලපෑමකට ලක් කරනවායන්නට කදිම නිදසුනක්.

    ReplyDelete
    Replies
    1. එක් අන්තයකින් හිතලායි මේක ලිව්වේ. එහෙම බලපෑමක් එනවා තමයි, නමුත් අපි තාමත් දිවුල්ගනේට කැමතියි!

      Delete
  32. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 82
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 16
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 30
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24

    ReplyDelete
  33. බොදු බල සේනාවට බනිනවා එහෙම නොවෙයි. කස්ටිය එයි සිවුර කරේ තියන්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ කවුරු ගැනද?

      මේ කතන්දරය "බොදු බාල සෙනා" ගැනයි!

      Delete
  34. බොදු බල සේනාවට හෙම බයිනවා නොවෙටි. කට්ටිය එයි සුවුර කරේ තියන්.සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි වෙන්න ඕනෑ. මාත් මගේ පුතා ගේ ඉන්ටර්නෙට් භාවිතය සීමා කරලායි තියෙන්නේ.

      Delete
  35. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    ගෝත්‍රවාදයට කත් අදින එක සින්දුවක් කී පමණින් මේ ගායකයා භ්‍රෂ්ඨයෙක් කියා නම් කර ඔහු ගේ සින්දු නොඅසා සිටිය යුතු යැයි මා හිතන්නේ නෑ.

    නමුත් නලින් දිර්රුක්‍ෂ ගේ වචනවලින්කියනවා නම් "නිර්මාණ කරුවාගේ චර්යාවනුත් කෘතියක් රසවින්දනයේ දී රසවිඳින්නාගේ සිත තුළ බලපෑමකට ලක් කරන" බව සත්‍යයක්.

    මා ඔහුට පිළිතුරු දුන්නා සේ "අපි තාමත් දිවුල්ගනේ ට කැමතියි".

    ඉරිදා කතන්දරය ප්‍රමාද වීමට ඉඩ ඇත.

    ReplyDelete
  36. සංවිධානයේ නමවත් ලියාගන්න බැරි උඔලායි නපුංසකයෝ.රට ජාතිය ගැන හිතලා වැඩ කරපල්ලා අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව

    ReplyDelete
  37. කකා සුනිල්ගෙ සඳකඩ පහනක සින්දුවේ තේරුම ලියන්නකෝ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.