Tuesday 23 July 2013

ජූලි-ගණේමුල්ල-දොලේකනත්ත-1983-1989 : Some wounds never heal


ජූලි

යකඩ යකු නැවතුමේ
අරලියා ගස් අතර
දෙකකුලෙන් එල්ලාපු
නිරුවතින් කළු ගැහුණු මල සිරුර
තවම මා සිත දවයි!
පුරා තිස් වසරක්ම පසු වුවද
තවම මා සිත දවයි!

මං තුනක් මුණ ගැහෙන හන්දියේ
සොහොන් බිම එක් කොනක
පිටු පසින් හිස තුලට ගිණි බිඳුණු
නිසල වූ මල සිරුර
තවම මා සිත දවයි!
වසර විසි හතරක්ම පසු වුවද
තවම මා සිත දවයි!



මතක පොතේ පරණ පිටු ගැන මේ කවිය ලිව්වේ ඊයේ. මේකට තුන්වෙනි කොටසක් එකතු කර ගන්න නම් කිසිම අදහසක් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
සාමාන්‍යයෙන් මං කවි විතරක් පල කරන්නේ නෑ බ්ලොග් එකේ, කයි-කතන්දර මිස.

අද කවිය විතරක් දාන්නේ, මේකේ කතන්දර දෙකම ඔහේලා අහලා, අහලා ම හොඳින් දන්න නිසායි.


38 comments:

  1. මේ දවස නම් මතක් වෙද්දී තාමත් හිත රිදුම් දෙනව.

    ReplyDelete
  2. 83 කළු ජූලිය ගැන මතකයක් නැතත්, 89 මෙවැනි අදුරු මතක හිතේ තැන්පත් වෙලාම තියෙනවා...
    ඒත් ලංකාවේ බොහෝ දෙනෙකුට මේව මතක නැති එකයි ප්‍රශ්නෙ...

    ReplyDelete
  3. අපි අත් විදපු නැති ඒ අමිහිරි මතකය.....

    ReplyDelete
  4. මටත් කළු ජූලිය ගැන ඒ හැටි මතකයක් නෑ. හැබැ‍යි තාත්තා කොටි ගැනයි, කලබල ගැනයි කියලා දෙනවා මතකයි.

    89 කලබල වලදි නම්, හැමදාම වෙලේ මිනී පිච්චුනා. රෑට වෙඩි සද්ද ඇහුණා. ගම්පහට දෙපැත්තෙන් තිබ්බ ස්ටේෂන් ගණනාවකම උදේට මිනී පිච්චෙනවා. ගම්පහ ජාඇල පාරේ අයිනේ තිබ්බ මිනියක් කබරයෝ මහ පාරට ඇදලා, ඊට පස්සේ කබයොයි, මිනියයි ඔක්කොම බස් වලට ලොරි වලට යට වෙලා තිබ්බ දර්ශනයක් මටත් අමතක කරන්න බැරි විදිහට මතකයේ තියනවා.

    මතවාදයක්, ජාතියක්, ආගමක්, දේශපාලන පක්ෂයක්, මනුස්ස ජීවිතයකට වඩා වටිනවා කියලා හිතන මිනිස්සු ඉන්නකම් ඉතිහාසර නැවත නැවත සිද්ධවෙයි.

    ReplyDelete
  5. අපිනම් ඉතින් දැකලා නෑ . අහපුවා තමයි ! දැක්කනම ගිය ආත්මේ තමයි :)

    ReplyDelete
  6. ප්‍රගතියේ නාමයෙන් නොකළ යුත්ත නම් තමනට උවමනා හැටියට 1983 කලු ජූලිය නිර්වචනය කරගෙන පවතින සංකල්පයක් විවේචනයයි. විද්වත් යැයි පෙනී සිටින්නා සමාජයට ලැජ්ජා උපදවන ආකාරයකින් හැසිරෙන්නේ අවංක නොවීමෙනි, දන්නා දේවල් සැඟවීමෙනි, දැන සිටිය යුතු දේවල් නොදැන සිටීමෙනි, සහ සත්‍යයෙන් පවතින තත්වය තමනට පෙන්වන්නට උවමනා පරිදි වරදවා විස්තර කිරීමෙනි. එසේම කිසිවෙක් කිසිවක් නොදන්නේ යැයි කියමින් විමර්ශනය අර්ථ ශුන්‍ය යැයි කියා ඵලක් නැතැයි කියන්නට ඔය තරම් වෙහෙසිය යුතු ද නැත.

    ReplyDelete
  7. ඇයි මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන අගයක් නැත්තේ ....... හැමෝම එහෙම වටිනාකම් හැදිනගෙන සිටියානම් අද මේ කවි මෙතැන නැත .....

    ReplyDelete
  8. දන්නේ නැති අය දැන ගන්න. (දැන් ඉතින් කීර්ති ට එරෙහිව අවි අතට ගන්න ඕනේ නැ. )
    සෙබළුන් 13 ක්‌ ඝාතනය වීමෙන් ඇරඹුණු
    ජූලි කලබලය

    ReplyDelete
  9. කකා හොදටම වහිනවා.... මෙව්වා ලියලා කාටද හරිගියේ කකා.... අතීතය ඉවරයි..... දැන් දකුණ සශ්‍රික වෙලා.... උතුරට වසන්තය ඇවිත්.... උතුර දකුණ යාවෙලා....නිදුක් නිදහසේ ස්වර්ග රාජ්‍යය පහල වෙලා.....

    පිට රට ඉදන් බැණ බැණ හිටපු පී. ඇච්. ඩී. කාරයොත් මෙහෙ ආවාම කොර වෙලා දෑත් ශක්තිමත් කොරන්න හදනවා...

    කකා.. ලංකාවට එන්න... ඇවිල්ල පොඩි වෝක් එකක් දාන්න එලියට යන්න... වෙනස තේරෙයි.....

    ලියන්න දෙයක් නැත්නම් " නිව්යොර්ක් ටයිම්ස්" එකේ මොනවා හරි ලිපියක් ට්‍රාන්ස්ලේට් කරලා දාන්න.....

    ReplyDelete
    Replies
    1. කකා ලංකාවට ආවොත් ඉතින් ගුටි කාලා මැරෙයි. මොකද කකා ලියන්නෙම බෞද්ධ විරෝධී පෝස්ට්මයිනේ.
      ඔන්න කකා එනවනන් මත්තලින් බැහැපං !

      Delete
  10. There is a DoleKanatta in Ganemulla?

    ReplyDelete
  11. බලාපොරොත්තු වන්න

    1]ජේ ආර් ට වරද පැටවීම
    2]ප්‍රභාකරන්ට වරද පැටවීම
    3] සිරිල් මැතිව්ට වරද පැටවීම
    4] දෙමල අසල්වැසියන් බේරා ගත් සිංහළුන්ගේ මානව හිතවාදී ක්‍රියා

    Suddenly there is no one involved in the riots

    ReplyDelete
    Replies
    1. එතකොට අර වතුකරයේ මරලා දාපු තිස් ගණනක් වෙච්ච සිංහලයින්? ඒ අය ගැන කාටවත් මතක නැතිද? කලු ජූලිය දෙමළ විතරද?

      Delete
  12. අසූතුන ගැන අමිහිරි මතකයකුත්,අසූනවය පිලිබද අමිහිරි අත්දැකීමකුත් එලෙසම දෙදහස් නවය සම්බන්ද කටුක සවන්දීමක්(අසූතුනේදී අකමැත්තෙන් වුව කිලිනොච්චියට පිටවු දැන් වියපත් මාතාවකගේ)ඇත.
    මෙවන් දෑ-තවත් නොමවන්

    ReplyDelete
  13. ආයිමත් කතන්දරවලින් මතක් කරන්න දෙයක් මෙතැන නෑ කකා. ගනේමුල්ල එඬෛ්රමුල්ල මේ නැවතුම් දෙකේම මාත් මේ දසුන් දැකලා තියනවා ඒ කාලේ.. මගෙත් පැතුම එවන් දසුන් යළි නොපෙනේවා අප දැසට.

    ReplyDelete
  14. අද උදේ වරුවම කරන්ට් ආවේ නෑ කකා. ඒ නිසා මගෙන් ලැබෙන කමෙන්ට් ටික දාන්න උනේ නෑ.
    දැන් තමා යාන්තන් කරන්ට් එක ආවේ.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
  15. @ All සියළු දෙනාටම

    මේ තරම් සංවේදී කාරණා දෙකක් ගැන කතා වෙද්දී මෙතන වල්පල් ලියන්නේ අමනුස්සයෝ බව මට වැටහුණා. එවුනුත් අර කලින් පොඩි ළමයෙකු ගේ මරණයක් ගැන කතා වෙද්දී අමනුස්ස කමෙන්ට්ස් දැමූ අයත් අතර වෙනසක් නැහැ.

    අසරණ මිනිසුන් මරා දැමීම ගැන කියවෙන තැනක වල්පල් දොඩවන්නෝ මට අවශ්‍ය නැහැ!

    මිනිස් කමේ නාමයෙන් 1983 සහ 1988-89 මිය ගිය අයගේ නාමයෙන් මං ඒ සියලු අමනුස්ක කමෙන්ටු මකා දැමීමට තීරණය කළා!

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. එතකොට බුද්ධාගමේ නාමයෙන් මුග්ධ පෝස්ට් දාන එවුන් අමනුස්සයෝ නෙමේද කකා ?

      Delete
    2. බ්ලොග් එකක කවියක් දැම්ම එක ඇරෙන්න මැරිච්ච අයට යුක්තිය සාධාරණය ඉටුකරන්න ඔබ අල්ප මාත්‍රික දෙයක් කර තිබෙනවාද?

      ඔස්ට්‍රේලියාවට වෙලා ලංකාව ගැන බණ දෙසාබාන කල් එක අනාථ වෙච්ච පවුලකට උදව්වක් කර තියෙනවද?

      මකපු බයිලයි ඔය කවි බයිලයි අතර වෙනසක් නෑ කකා...

      Delete
  16. මගේ පරම පැතුමත් එයයි.. හොඳටෝම ඇති..

    ReplyDelete
  17. මගේ පරම පැතුමත් එයයි.. හොඳටෝම ඇති..

    ReplyDelete
  18. @ All
    සංවේදී මිනිස් සිතින් ප්‍රතිචාර දැකවූ ඔබ සැමට මගේ ප්‍රනාමය!

    ReplyDelete
  19. සංගණන ඇනෝ ගේ දැණ ගැනීම පිණිස

    අද සවස 6:30 වන විට ස්පෑම් ගොඩට එක් කරන ලද අසංවේදී සහ නොමිනිස් ප්‍රතිචාර සංඛ්‍යාව = 11

    ReplyDelete
  20. DOLE KANATTA GANA MAMATH DANNAWA. THAWA EKA THANAK THIBBA GANEMULLA - GAMPAHA PARE KIRINDIWITA HARIYE.

    ReplyDelete
  21. ඉහළ තැන් වල උවමනාවනම් තව පරිච්ඡේදයක් පෙරලලා අලුත් නාට්ටියක් නටන්න ..අවස්ථාවක් එනකම් ඉන්නේ ඔවුන්.. bbs වැනි පිරිස්ද කරන්නේ එතනට රට තල්ලු කිරීම.. රටේ පොඩි මිනිහා මේවා තේරුම් ගන්නකම් ගොඩ යන්න බැහැ කකා..වයඹත් 70% විතර දිනයි .ඔන්න බලන්න..

    ReplyDelete
  22. http://epaper.dailynews.lk/art.asp?id=2013/07/23/pg01_10&pt=p&h=

    දැක්කද කකා 83නේ වගේම 2013ත් දෙමළාට සලකලා තියෙන අපූරුව..... නමත් එක්ක ෆොටෝ එකත් දාලා....බලන්න කකා කොච්චර ෂෝක් ද.....

    ඒ විතරක් ද දෙමල මිනිහෙක් දෙමල ගෑනියෙක් රේප් කරත් අපූරුවට නම ජාතිය ඔක්කොම දානවා.... අපේ එකෙක් වැඩේ දුන්නොත් ශ්‍රි ලාංකික...... සර්පයා පේනවද කකා.....

    ReplyDelete
  23. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 25
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 3
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 3
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 14

    විශේෂ - ස්පෑම් කළ අසංවේදී සහ නොමිනිස් ප්‍රතිචාරකමෙන්ට් ගණන 11

    ReplyDelete
    Replies
    1. නොමිනිස් ප්‍රතිචාර යනු මොනවාද? ඒවා අමනුශ්‍යයින් දැමූ කොමෙන්ට් ද?

      අසංවේදී ප්‍රතිචාර මැකූ පරිද්දෙන්ම අධිසංවේදී ප්‍රතිචාරත් මකා ඇතිද?

      නොමිනිස් අසංවේදී ප්‍රතිචාර මැකීමෙන් පාඨකයාගේ අදහස් දැක්වීමේ නිදහස කප්පාදු නොවේද? තමන්ගේ අදහස උපුටා දක්වන්නට අන් අදහස් පාගා දමන්න කකා පෙලඹෙන්නේ ඇයි?

      නොමිනිසුන්ගේ හඩ යටපත් කරන්නට වෙර දැරීමෙන් තවත් නොමිනිස් කම් වැඩිවනු මිස අඩු නොවේ..... එයට විරුද්ධව තර්ක කරන්න..... භාෂණයේ නිදහස නම් එයයි....

      Delete
    2. ස්පෑම් කරන කමෙන්ටු ගණනට 60 ක් එකතු කරන්න. කවුදෝ අසහන කාරයෙක් එකම කමෙන්ටුව 56 වතාවක් එවා තිබේ.

      ඇත්තෙන්ම කළ යුත්තේ ඒවා ස්පෑම් ගොඩට දැමීම නොව මුලින් පළකර ඉන් පසු අන්තර්ගතය ඉවත් කර දැමීමයි!

      Delete
  24. කකා....
    මිනිස්සුන්ට කවි ලියන්න, පොත් ලියන්න වගේම පරිවර්ථන ලියන්නත් දැනුම විතරක් තිබිලා මදියි.....

    කවියකින් ඔබ කියන්න හදන දේ බලන්නාගෙ හිතට වදින්නෙ නෑ... විශේෂයෙන්ම ඔය කියන සිද්ධි දාමයට මැදි නොවූවෙක්.... ඔබට මෙය මෙයට වඩා හොදින් කතාවකින් ලියන්න තිබුනා......

    අයෙක් ඉංග්‍රීසි දැනගත් පමනින්ම තමන්ට ඉහල පරිවර්ථන හැකියාවක් ඇතැයි සිතා වැඩ කිරීම ත් පද වැල් කිහිපයක් ගැට ගසා පාඨකයාගේ සංවේදී තාවය කලතන්න උත්සාහ කිරීමත් සමාන්තර රේල් පීලි දෙකක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ඔබ නිවරදි විය යුතුයි.

      මා එවැනි කඳුළු කතා එකක් හෝ ලියා තියෙනවා.
      http://kathandara.blogspot.com/2010/08/blog-post.html

      නමුත් ඉතිං මගේ නිර්මාණ ශක්තියේ අඩුකම මගේ බ්ලොගයෙන් පිළිබිඹු වුනාට ඇති වරදක් නෑ නේ. මගේ කුසලතාවය අඩුකම මට ලජ්ජාවක් නොවේ. මං එය වැඩි දියුණු කරගන්න බලන්නම්.

      Delete
  25. @ All
    ස්පෑම් කරන කමෙන්ටු ගණන තවත් 60 කින් වැඩිවිය.

    කවුදෝ අසහන කාරයෙක් එකම කමෙන්ටුව 56 වතාවක් එවා තිබේ.

    ඇත්තෙන්ම කළ යුත්තේ ඒවා ස්පෑම් ගොඩට දැමීම නොව මුලින් පළකර ඉන් පසු අන්තර්ගතය ඉවත් කර දැමීමයි!

    ReplyDelete
    Replies
    1. 11 + 56 = 60

      මැවිසුරු කකාගේ ගණිත දැනුම!

      Delete
    2. මම නුඹ කඩා බිඳ දමා
      අලුතින් නිර්මාණය කරමි " යි
      කවියා සමාජයට කීය.
      එබසට සමාජයට හිනා ගියේය.
      "මම නුඹ කඩා බිඳ දමා
      අලුතින් නිර්මාණය කරමි"යි,
      සමාජය කවියාට කීය.

      (මහගමසේකර - මක්නිසාදයත්)

      අළුත් වර්ශන් එක:

      මම තොප කඩා බිඳ දමා
      අලුතින් නිර්මාණය කරමි " යි
      කකා ඇනෝවරුන්ට කීය.
      එබසට ඇනෝවරුන්ට හිනා ගියේය.
      "අපි තොප කඩා බිඳ දමා
      අලුතින් නිර්මාණය කරමු"යි,
      ඇනෝවරු කකාට කීය.

      Delete
    3. ඔබේ ප්‍රතිචාරය මා පළ කෙරුවේ ඔබේ ගණිතය පිළිබඳ දැනුම අඩු සේම කියවා අවබෝධ කර ගැනීමේ ශක්තිය ද අඩුබව පෙනුණු නිසා ඒ ගැන උදව්වක් ලෙසයි.

      මා කියා ඇත්තේ 11 + (56+4) = 71 කියාය.

      එය මේ වන විට 11 + (56+4) + (90+2) = 163 ලෙසින් යාවත්කාලීන විය යුතුය!

      Delete
  26. කකා,

    කරුණාකර මුග්ධ ප්‍රතිචාර හා නොමිනිස් ප්‍රතිචාර අතර වෙනස පහදන්න. මුග්ධ ප්‍රතිචාර හා නොමිනිස් ප්‍රතිචාර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද?

    ReplyDelete
  27. @ All
    අපේ ගේ ලඟ පාරේ අවමගුල් පෙරහැරක් යනවා නම් අපි ටෙලිවිෂන් එක වහනවා, ඉන්දියාව එක්ක ෆයිනල් එක ගහනවා වුනත්. ඒක තමයි මනුස්සකම. ලඟ ගෙදරක මරණයක් නං ගෙදර රේඩියෝව වත් දානනේ නෑ, අවමගුලට එන අයට කෑම, තේ හදනවා මිස.

    මෙතන ලංකාවේ දස දහස් ගණනක් මිය ගිය 1983 සහ 88-89 සිදුවීම් වලින් මා දැක ඇති මරණ දෙකක් ගැන කතා කරන වෙලාවේ ඒ ගැන වෙන අනං මනං හිතා මතාම ලියන්නේ අමනුස්ස කම නිසා නොවේද?

    එදා කුඩා ළමයෙකු ගේ මරණය ගැන දුක් වෙන වෙලාවේ මේ වගේ සිත් පිත් නැති කතා කියපු ප්‍රොෆයිල්කාරයින් ගේ බ්ලොග් මං කියවන බ්ලොග් ලයිස්තුවලින් අයින් කළා.

    අද නොමිනිස් කතා කියන්නේ ඇනෝ ලා. මං ඇනෝ බ්ලොක් කරන්න අදහස් ණැති නිසා මට කළ හැක්කේ ඒ අනිසි ප්‍රතිචාර පළ නොකර සිටීමයි!

    ReplyDelete
  28. මේ ඇනෝල පෙන්වන්නේ වර්තමාන ලාංකීය සමාජයේ හරස්කඩක්ද?
    (මගේ දරුවන්ට තවදුරටත් මා සමග ලංකාවෙම ඉන්න අරිනවද?)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.