Wednesday 8 May 2013

ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?


මේ කතන්දර බ්ලොග් එක 2011 දී කියවපු අයට මතක ඇති මං ලියපු රතු කොරොල්ලා කාර් එකේ කතන්දරේ.

ඒ අයටත්, ඒ දවස්වල බ්ලොග් නොකියවපු අයටත් මෙන්න ඒ කතන්දරේ මුල් කොටසට පාර.

http://kathandara.blogspot.com/2011/06/kathandara-karaya-buys-car.html
(ඒ කතන්දරේ දිගටම කියවල අහවර වෙලා ආපහු එන්න හොඳේ?)

ඉතින් ඒ රතු කාරෙක විකුණලා සති තුනකින් විතර මං සෑහෙන්න කට්ටක් කාලා හොයා ගත්තා නිසාන් මාච් කියන පොඩි සයිස් එකේ කාර් කට්ටක්.

ආණ්ඩුවේ රස්සා කරන අපි වගේ අය පොඩි කාර් ගැන හිතන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි, පෙට්‍රල් කේස් එක නිසයි.

කොරොල්ලා එකේ ලීටරේකට කිලෝමීටර් දහයක් යන්න බැරි වුණාට, නිසාන් මාච් එකේ පාළහක් විතර ගියෑකි. ඒ කියන්නේ සියයට පණහක වාසියක් නේ.

නිසාන් මාර්ච් එක විකුණලා මං ගත්තේත් ඒ වගේම පොඩි මොඩල් එකක් වෙන ඩයිහට්සු ෂැරේඩ් එකක්.

මේ කියන කාලේ මරුටි සුසුකි වැඩිය මාකට් එකේ තිබුණේ නෑ.

දැන් නම් ඉතිං හැම තැනම මරුටි සුසුකි. ඒ එක්කම පොඩි පොඩි චීන කාර්.

ඒ වුණත් තාමත් පොඩි සයිස් කාර්වලට වැඩිය ලොකු සෙඩාන් තමයි ලංකාවේ වැඩි මට හිතෙන විදියට.

ඒකටත් එක්ක බලන්න ඕනෑ ඉතාලියේ අගනුවර වෙන රෝමයේ පාරකට බැහැලා. බලන බලන පැත්තේ පුංචි පුංචි ෆියට්, රෙනෝ වගේ කෑලි තමයි තියෙන්නේ!

මේකට එක හේතුවක් නං පෙට්‍රල් මිල වෙන්න ඕනෑ. මං දැකපු විදියට ඉතාලියේ පෙට්‍රල් මිල ලිටරයක් යූරෝ එකයි හැටක් විතර වෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් දෙකකටත් වැඩියි.

අනිත් හේතුව නං රෝමයේ පාරවල් පොඩි වීම වෙන්න ඕනෑ. සමහර තැන්වල පාරවල් වලින් කාර් දෙකක් නං මාරුවෙන්න බෑ. විශේෂයෙන්ම පැරණි රෝම නගරයේ තියෙන අතුරු පාරවල්වල.

මෙන්න මං දැකපු පුංචි පුංචි ඉතාලි කාර්වල ෆොටෝ දෙක තුනක්.




මෙන්න පොඩි කාර්වල තවත් වාසියක්. හරහට පාක් කරන්නත් පුළුවනි, ඉඩ තියෙන විදියට.


මේ පුංචි කාර් එක නම් මං දැක්කේ සුරීච්වල දී යි. මේක මං හිතන්නේ ඉලෙක්ට්‍රික් කාර් එකක්.


මොන ජාතියේ කාර් දැක්කත් මං මරුටියක් නං බේතකටවත් දැක්කේ නෑ.

-කතන්දරකාරයා

(image: http://bigmaninalittlecar.blogspot.com.au/2011_06_01_archive.html)

120 comments:

  1. ithin apata paan da?

    ReplyDelete
  2. කොහොමත් ඔය පුංචි කාර් ලග ගමන් කරන්න ගත්තට,එයාල දුර ගමන් වලට ලොකු වාහන තමයි පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොට මොඩල් ලඟ පිකප් !

      Delete
    2. කෙනජිට පුංචි ඒවා හරියන්නේ නැද්ද?

      Delete
    3. කාර් ටික පාක් කරලා තියන ලස්සන... දිගම දිග නයෙක් වගේ.... නේද කෙන්ජි අන්කල්....

      Delete
    4. කෙන්ජි කැමති පොඩි ඒවටද ලොකු ඒවටද?

      Delete
    5. ඇනෝ@9:26AM;
      ඔය කියන්නෙ හෝර්ලික්ස් බීපු කෙනා ගැනද?

      Delete
    6. ඇනෝ @ 10:55 AM;
      කෙටි ගමන් වලට ආසම පුංචි ඒවාට.
      දිග ගමනක් නම් ටිකක් ලොකු වුන තරමට සනීපයි.

      Delete
    7. ඇනෝ@11:02;
      මට නම් පේන්නෙ එකෙක් නයාට පොල්ලෙන් ගහල හරහට නවත්වල වගේ.

      Delete
    8. තෙල් ගහන හිලට පොඩ්ඩෙක් චූ කරන (සිංදු කියන) ස්ටීකරයේ ඉන්නේ කෙනජි ද? කෙනෙජිගේ පොඩි කාළේ කරපු ඇම්ඩ වැඩක්ද?

      Delete
    9. Kenji @ JapanMay 8, 2013 at 12:47 PM
      නෑ නෑ ඔයා පොඩි පතෝල වලට කැමති නැද්ද කියලා.
      පතෝල - http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html?showComment=1367828958992#c6846375327488251345

      Delete
    10. ඔය කොට මොඩල් ලඟ පිකප් වෙන්නෙ මොළය සහ අරක අතර දුර අඩු නිසා ටක් ගාල සඥා යන හින්දයි කියලයි ග්‍රීක් කාරයො නම් කියන්නෙ.

      Delete
    11. මමත් ඔය ගැන හිතපු දෙයක්.
      පැහැදිලි කිරීමට ස්තුතියි ඉන්දික :).

      Delete
  3. කතන්දර මහතා වගේ මම නං විදේශ සංචාරවලට ගිහිං නෑ. ඒ හින්දා විදේශ රටවල භාවිතා කරන වාහන ගැන දැන ගන්නේ විත්‍රපටි, නාට්‍ය වගේ එව්වයින් තමයි. ඊළගට ඉතින් කතන්දර මහතා වගේ අය ලියන ලිපි බලලා, ඒ අයගේ අත්දැකීම් කියවලා විවිද රටවල්. ඒ රටවල ඉන්නා උදවිය ගැන අදහසක් ගන්නවා. කතන්දර මහතාගේ නිර්ව්‍යාජ අත්දැකීම් බෙදාගැනීම ගැන ස්තුතියි.

    මෙතන කුඩා වාහන ගැන නේ කියල තියෙන්නේ. මමත් පාවිච්චි කරන්නේ ටොයෝටා විට්ස් එකක්. ඒකත් ඉතින් ඔය වගේ පොඩි වාහනයක්. පෙට්‍රල් නං ගොඩක් ම වැඩ කරනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් එතරම් නරක වහනයකුත් නොවේ එය.

    ලංකාවේ පිරිස් නං දැන් දැන් මිලට ගන්නේ විවා එලයිට්, මරුති වගේ වාහන. ටිකක් මුදල් ඇති උදවිය පැසෝ වැනි වාහනයක් ගන්නවා. මේකට හේතුව කකා ලංකාවේ වාහන වල මිල දරා ගන්නට බැහැ මිනිසුන්ට. වාහනයක් අවශ්‍ය නිසා හා නඩත්තුව ගැන සිතා තමයි කුඩා වාහන ත් ඒවාට නොවටිනා තරම් විශාල මුදලක් ගෙවලා ගන්නේ.

    දැන් බලන්න මරුතියක්‌ උපරිම ලංකාවේ මුදලින් ලක්ෂ 6 වටියි. නමුත් මිලට ගන්න වෙලා ඇත්තේ ලක්ෂ 15 විතර. ඔය මුදලට ගන්න තියෙන විට්ස් වගේ කාර් එකක් අපි ගන්නේ ලක්ෂ 35 විතර. ලක්ෂ 35 ගන්න තියෙන ප්‍රිමියෝ එක ගන්නේ ලක්ෂ 60 නුත් එහාට.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි...
      නැවත එන්න !

      Delete
    2. ඒ ඔක්කොමත් හරි. ලෝකෙ වෙන රටවල වාහන පරන වෙනකොට ගාන අඩුවෙනව. ලංකාවෙ appreciate වෙනව. දෙදාස් එකේ ලක්ෂ තුනට ගත්තුව දැන් දහයට යනව!

      Delete
    3. ඉන්ධන සහනාධාර , බින්දුවේ ඉඳන් විශ්ව විද්‍යාලය ඉවර වෙනකම් නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞක්‍යය සේවය , සමුර්දිය , කෘෂි සහනාදාර .. මේ කි නොකී සියල්ලටම වියදම් කරන්නේ ඔය ලැබෙන බදු මුදලෙන් තමා.

      මොකද කියන්නේ ? මේ ඔක්කොම සහනාදාර තියා ගන්නවද ? එහෙම නැත්නම් ඒ ඔක්කොම ගෙවල අරගෙන ලක්ෂ පහලවකට විට්ස් එකක් අරන් රුං ගාල කුරුල්ලා වගේ යනවද ? :P

      Delete
    4. ඔයාද ඊලග බජට් එක හදන්නේ?

      ඔයා ආර්ථික පොරද?

      Delete
    5. මහසොහොන් පිල්ලිය
      යුරොපයෙත් ඔය කියන නිදහස් අධ්‍යාපනය නිදහස් සෞක්‍යය සේවය කියන ඒව තියෙනව
      එහෙම තියෙද්දිත් තමයි වහනත් අඩුවට තියෙන්නෙ
      මෙතන වෙලා තියෙන්නෙ හ‍රි කලමනාකරනයක් නැති එක මිසක් සහනාධාර දෙන එක නෙවි

      Delete
    6. AnonymousMay 9, 2013 at 10:40 AM
      බබා ජෝක් .. එන්න බබා ඔයාගේ හොටු පිහදාන ලේන්සුව සාකුවට තියල කට්ටක් ගහන්න. ආ හරි .. දැන් යන්න ... :P

      AnonymousMay 9, 2013 at 12:45 PM
      ඇත්ත වශයෙන්ම ඒ රටවල තියෙනවා. අතේ සල්ලි තියෙන මිනිහ හොඳ හොටලෙකට ගිහිල්ල බඩ පැලෙන්න කාල යාලුවන්ටත් අරන් දෙනවා. (සර්ප්ලස් තියෙන රටවල් අද්යාපනයට , සෞක්‍යයට එම ධනය වියදම් කරලා දුප්පත් රටවලට සහනාධාරත් දෙනවා ). හැමදාම ඉල්ලන් කන හිඟන්නේකුටත් පුළුවන් ද එහෙම වැඩක් කරන්න ?

      Delete
    7. @ මහසොහොන් පිල්ලිය,

      එතකොට ඒ රටවලට සර්ප්ලස් තීන්නෙ අපිව සූරන් කාල. ඒ නිසා අපි සමාජවාදෙට යන්න ඕන. එහෙමද?

      එහෙම නැත්තං හිරි පොදට බදාම අනන්න කම්මැලි බාස්ල පිරුනු රටේ උන්ට ඔක්කොම නිකන් දෙන්න ඕන වැඩ කරන මහන්සිවෙන ටික දෙනාගෙන් ගසා කාල ( හෝ හොරා කාල ) ?

      Delete
    8. ඉන්දික උපශාන්තMay 9, 2013 at 6:57 PM
      පලවෙනි චේදයේ අදහස පැහැදිලි මදි. එම රටවල් වල සර්ප්ලස් තියෙන්නේ අනිත් රටවල් සුරන් කන හින්දට වැඩිය එම රටවල මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන නිසා. හිතල බලල අලුත් දේවල් සහ මුදල් උපයන මාර්ග නිපදවන නිසා.

      සමාජ වාදය යන යල්පැන ගිය අසාර්ථක සමාජ පරීක්ෂණය හොඳයි කියන්නේ මානසික රෝගියෙක් පමණයි.

      දෙවනුව කියනවානම්, ලෝකයේ තියෙන ටැක්ස් ක්‍රම සියල්ල ක්‍රියාත්මක වෙන්නේ ඔබ කියන ඔය රොබින් හූඩ් න්‍යායට තමයි. මහන්සි වෙලා වැඩ කරන මිනිහ උපයන දෙයින් කොටසක් අරන් එහෙම නොකරන කෙනාට වියදම් කිරීම. අනිත් අතින් එහෙම කරන්නේ නැතුව සමාජ සුබහ්සාධන ක්‍රම වලට වියදම් කරන්න ආණ්ඩුවක් මුදල් ගේන්නේ හඳේන්ද ? ඔක්කොම පහසුකම් නිකන් ඕන. නමුත් ඒවාට වියදම් කරන්න ටැක්ස් ගහනවටත් කැමති නැහැ. පුදුම මානසික තත්ත්ව නේද ? කිසිම දෙයක් නිකන් නොලැබෙන බවත් කොහේ හෝ කවුරුන් ගේ හෝ පොකට්ටුවකින් ඒ සඳහා මුදල් පැමිණිය යුතු බවත් මතක තියා ගත යුතුයි.

      Delete
  4. ලංකාවේ බොහොමයක් කාර් ගන්නේ පාවිච්චියට වඩා 2nd hand market එක ගැන හිතලා.

    ReplyDelete
    Replies
    1. කාර් ගැන පස්සේ කතා කරමුකෝ. කෝ අර ඩොස් වලින් හදපු ගේම් එක ?
      අපේ පුතාලත් හරි ආසාවෙන් ඉන්නවා සුදීක මාමා හදපු ගේම් එක ප්ලේ කරන්න.

      Delete
    2. කෝ අර ඩොස් ගේම් එක..... අපි ඒක බලාගෙන ඉන්නෙ.... අඩු තරමෙ රූල්බේස් එකවත් කියන්ඩ....

      Delete
    3. බඩු ආවා ආවා...... ඩෝස් ගේම නැතත් නිර්මාතෘ නයා ආවා......

      Delete
    4. අර DOS ගේමේ 2nd market එක කොහොමද?

      Delete
    5. 2nd හෑන්ඩ් හරි කමක් නැහැ dos ගේම් එක දෙනවද අපිට.....?

      Delete
    6. කෝ මචන් අර ඩොස් ප්‍රෝග්‍රෑම් එක..... රැන්ඩම් ෆන්ශන් එක ලැබුනද?

      Delete
    7. @ AnonymousMay 8, 2013 at 10:57 AM

      වැඩක් නැහැ පුතා .... ගන්නම දෙයක් නැහැ.... බැරිම තැන මම මකලා දැම්මා....

      Delete
    8. ද"ඩොස්"..... බ"ඩෝස්".....

      මොකක්ද ඒ සද්දෙ?

      ආ මේ ඩොස් නයා දුවන සද්දෙ.....

      Delete
    9. මහජන බැන්කුවෙ අයි. ටී. කියන්නෙ ඉතින් ATM මැෂින් එකේ සල්ලි ඉවර වුනාම ගිහින් සල්ලි දාන එකට තමයි.....

      Delete
    10. හලෝ රෙඩ්බුල් ඩෝස් මාමා කොහොමද ඉතින් රැන්ඩම් ෆන්ශන් එක එහෙම සනීපෙන්ද?

      Delete
    11. ඩොස් ගේම හදලා තියෙන්නෙ....2500යි ගාන... කැමති කෙනෙක් ඉන්නවනම් බෙන්තර පාලමට කලින් තියන පෙට්ටි කඩේට සල්ලි දීලා සී. ඩී. එක ගන්න.....

      Delete
    12. @ AnonymousMay 8, 2013 at 1:29 PM
      එතකොට සුදීකගේ රැන්ඩම් ෆන්ශන් එක.......?

      Delete
    13. ඩොස් වලින් ප්‍රොග්‍රෑම් කරපු කාර් ආපහු විෂුවල් වලින් රී ප්‍රෝග්‍රෑම් කරන්න මට පුලුවන්..

      Delete
    14. AnonymousMay 8, 2013 at 4:41 PM
      සුදීකද උබේ ගුරා.

      Delete
    15. ඩොස් ගේම අදත් නෑ..... හපෝයි..... කාලෙකින් දැක්ක දිගම නයා තමයි සුදීකගෙ ඩොස් නයා......

      Delete
  5. ඉතාලියේ උන් ත්‍රී වීලර් දැකලා නැතුව ඇති තාම... ඔය ස්කූටරුත් ජනප්‍රියයි නේද එහේ... ගිනි වගේ ලැම්බෝගිනි දැක්කෙ නැතෙයි කතෝ....

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Piaggio_Ape

      Delete
    2. අනේ කකා ඊළඟ පාර මෙන්න මේකවත් එක්කන් යන්න පුලුවන්ද ....? පව් මැරෙන්න කලින් කරන දෙයක් කරන්න කකා.....

      Delete
    3. එහෙ ඉන්න අපේ සම හරක් හාමුදුරු ගොල්ලොනම් සිව්ර අස්සෙන් එයාලගෙ ත්‍රිවිල් එක පෙන්නල,ලොක්ක කන ලෙසටම රටේ නම කනව කියලයි ආරංචිය.

      Delete
    4. කෙන්ජිය කොහොම හරි පොඩ්ඩි ලගට එන්න බලන්නේ...

      Delete
    5. සිරාවට.... මාතයා රනිල් ගොයියා ජනපති වෙනකන් ඉන්නෙ තානාපති කමක් ඉල්ල ගන්න.... ඒවා ඉතින් හීන විතරයිනෙ.... අනේ කකා... මූවත් කොහේ හරි එක්ක යන්ඩ....

      Delete
    6. කෙනජි දන්න දේවල්. කෙනජිට වැරැදුනද. එක වල්ලේ පොල්නෙ. අරලිය මන්දිරයට යන සිවුරුනම් ත්‍රීවිල් වැඩ කාරයෝ තමයි. මට තියෙන ප්‍රශ්නේ කෙනජි ත්‍රීව්ල් එක පෙන්නුවාද, කෙනජිට පෙන්නුවා?

      Delete
    7. මාතලන්
      ඉතාලි කාරයො තමයි ත්‍රී වීල් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ මම දන්න තරමට.Vespa scooter හදන Piaggio කියන ඉතාලි කොම්පැනිය ත්‍රී වීලර් හැදුවා. ඔය ඉන්දියන් බජාජ් එන්න ඉස්සර ලංකාවෙත් තිබුනා. බජාජ් කාරයො හදන්නෙත් එවයෙ කොපි. Piaggio කියන්නෙ දෙවෙනි ලෝක යුද්දෙට කලින් ගුවන් යානා හදපු අය. ඉතාලිය යුද්දෙන් පැරදුනහම ගුවන් යානා හදන්න තහනම් කලා.සමාගම පවත්වාගෙනෙ යන්න් ඕන නිසා වෙන මොනව හරි හදන්න වුනහම හද්පු එක තමයි Vespa scooter එක. එකෙන් ගොඩ ගියා.

      Delete
    8. @ඇනෝ 1:16 P:M:
      ඒ කාලේ ලෝකයෙ සෑම රටකම වාගෙ Vespa Scooter එක ජනප්‍රිය වාහනයක් වුනා.

      Delete
    9. ත්‍රී විලර්ස් තාම මෙහෙ තියෙනවා, (ආපේ) පියජ්ජියෝ ඒත් මිනිස්සු ට්‍රාන්ස්පෝට් කරන්න බෑ. කෘශිකාර්මික භාවිතයට විතරයි බහුලව භාවිතා වෙන්නේ.

      Delete
  6. මට නම් පොඩි කාර්වල යනකොට හුස්ම ගන්ට බෑ වගේ. නයෙක් එහෙම නෙමේ. :D

    ReplyDelete
    Replies
    1. පොඩි ගැරඬි පැටියෙක්... !
      නයෙක් නෙමේ. පෙනේත් නෑ ! ප යන්නත් නෑ !

      Delete
    2. නයෙක් නොවුනත් මොකෙක් හරි සරුපයෙක් තමයි.... ඇදිල යන විදිහෙන් කිව්ව හැකි....

      Delete
    3. බස් , ලොරි , ට්‍රැක්ටර් වල වගේ යද්දී මොන වගේද පොඩ්ඩි දැනෙන්නේ ....?

      Delete
    4. පිඹුරෙක් නැත්නම් ඇනකොන්ඩා......... වගේද?

      Delete
  7. බලාගෙන ගියහම අපේ කකා නොගිය ඉසව්වක් නෑ නෙව.වෙලාවකට හිතෙනවා කකා අපට නයි අරිනවදවත් කියලා.
    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. එක නෙවෙයි හත් දෙයියනේ....

      ඔයා බැදල නැත්තම් තනිකඩ බ්ලොග් කාරයෙක් අල්ලගන්න ඔය "මම එක" සෙල්ලම කරන්න.....

      Delete
    2. තනිකඩ බ්ලොග් කාරයෝ හොයන්නේ මොකටද අපේ කෙනජි අංකල් ඉන්නකම්. සියලුම අවශ්‍යතාවන් එකම වහලක් යටදී.

      Delete
  8. බේත්වලට මරුටි ගන්නවද කාකා.
    - දේශකයා

    ReplyDelete
    Replies
    1. මම කාකා නෙමේ. කකා ! කතන්දර කාරයා !

      Delete
    2. උබ නයි අරින දේශකයාද? ඇනෝ දේශකයාද?

      Delete
  9. Replies
    1. අහපු ප්‍රශ්නේ මොකද්ද

      Delete
    2. හපොයි... එකෙක් සුභ වේවා.... රාජ සම්පත් ලැබේවා කිය කිය යනවා.... මෙයා හැම තැනම ජයවේවා ගගා යනවා...

      Delete

    3. මැතිවරණ පෙලපාලියක යද්දී ඔලුවට පොලු පාරක් වැදිල තියෙනවා වගේ... එදා ඉදන් එකම දේ රිපීට් වෙනවා....

      Delete
    4. ප්‍රශ්නය පැහැදිලි නෑ...

      Delete
    5. ජයවේවා?

      ඔයා හිතුවෙ කකා චන්දෙ ඉල්ලනවා කියලද?

      නැත්තන් මේක මැතිවරණ වේදිකාවක් කියලා හිතුවද?

      Delete
    6. ඔයාගෙ නම සන්ජීව මෙන්ඩිස් ජයවේවා කියල වෙනස් කරගමුද අපි.... එතකොට හැම තැනම ඔය ජයවේවා කෑල්ල දාන්න ඕනි නෑ....
      ජයවේවා....

      Delete
    7. "Sanjeewa Mendis Jayawewa" hodida? Sanipada?.
      Jayawewa

      Delete
  10. පුංචි කාර් ලස්සන උනාට යන්න බයයි කාකා. පොඩී කීවා වාගෙ මටත් එහෙම දැනෙනවා. මේ ළඟකදී නැනෝ ටැක්සියක ගිහින් මටත් හිතුනෙ එහෙම තමා. ඊට වඩා හොඳා ත්‍රී විලරයක හුලං වැදි වැදී යන එක.

    ReplyDelete
    Replies
    1. පුන්චි කාර් නෙමේ ලංකාවෙ, ඉන්දියාවෙ එහෙම නම් ලේලන්ඩ් බස් තඩියෙක්ගෙ ඇර වෙන මොන වාහනේ ගියත් මරණ භය තමා!

      Delete
  11. \\\\මේකට එක හේතුවක් නං පෙට්‍රල් මිල වෙන්න ඕනෑ. මං දැකපු විදියට ඉතාලියේ පෙට්‍රල් මිල ලිටරයක් යූරෝ එකයි හැටක් විතර වෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් දෙකකටත් වැඩියි.\\\


    ඒ අතින් බලද්දී අපිට ඉන්නේ රත්තරන් ආණ්ඩුවක්නේ කකා...බලන්න යුරෝ බයියන්ට වඩා අඩුවට අපි කාර් පදිනවා....සතුටුයි හසන්ත...

    ReplyDelete
  12. කකා බලන්නකො දෙවනි පින්තූරෙ පාරෙ/පාකින් එකේ ග්‍රවුන්ඩ් සෙට්ල්මන්ට්.... චීකේ... නෝ ඉන්ජිනියරින් ඇට් ඕල්නෙ.....

    ReplyDelete
  13. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ???

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ යකෝ !

      Delete
  14. කකා ඇනෝ කමෙන්ටුස් දාගන්නවද ?

    ReplyDelete
  15. අද නැද්ද අර යක්කු භූතයො ගැන කතා ලියන මල පෙරේතයා....

    ReplyDelete
    Replies
    1. අද බදාදානේ (කෙම්මුර දවසක්නේ) යකෝ. ඌ කොහොද අද.

      Delete
    2. ඊයේ පච වෙලා ගියාට පස්සේ බ්ලොග් ලියන එකත් නවත්තලා දාලා.
      යන යකා කොරහත් බිඳගෙන ගිහින් නොවැ.

      Delete
    3. ආවා , ආවා :)

      Delete
    4. බලහන් බන් ඊයෙ වගේද අද නයි.... කොහොමද සයිස් එක..........

      Delete
    5. බලපල්ලා මම කියුවේ. මේ පිල්ලිය බදාදා කෙම්මුර දවසේ එන්නේ නෑ කියලා. පිල්ලිය ඊයේ ආවනම් මේතන තියෙන චූ කතා, කක්ක කතා කියවලා කිල්ලට අහු වෙනවා.

      Delete
  16. සිරා පෝස්ට් එක කාකා!

    "මම එක පාරක් ඔය පුංචි කාර් රේස් ගේම් එකක් හැදුවා DOS වලින්!!!!!!!!"


    ප.ලි:- එක *රියෙක් (නරියෙක්) හරි download ලින්ක් එක ඉල්ලලා අහු වෙන්න එපා!

    (ඒ game එක මුගටියෙක් කාලා දැන් හුඟක් කල්!)

    ReplyDelete
    Replies
    1. ANE LINK EKA DAPANKO MALAYO

      Delete
    2. ඒකේ රැන්ඩම් ෆන්ක්ශන් එක දෙන්න පුලුවන්ද ?

      න දී ක

      Delete
    3. සූදීකගේ DOS ගේම කෑවේත් ඒ මුගටියාමද? එහෙම නැත්නම් රැන්ඩම් ෆන්ශන් එක කෑවේ මුගටියාද?

      Delete
    4. මම කාපු ඩෝස් ගේමක්වත් රැන්ඩම් ෆන්ශන් එකක්වත් නෑ...

      -මුගටියා

      Delete
    5. මෙහෙම නයි දැක්කාම මුගටි දුවනවා.....

      Delete
    6. ඔවු මචං නරි මුගටි ඔක්කොම දුවනවා. නරි විතරයි ඉතිරි වෙන්නේ.

      Delete
  17. පොඩි කාර් එකක් තිබ්බොත් මටත් වෙන්නේ උඩ ඉන්නෙ රූපේ ඉන්න එකාට වෙච්ච දේමයි... කකුල එළියට ගත්තොත් ඔළුව ඇතුලේ හිරවෙනවා, ඔළුව දැම්මොත් කඳ ඇතුලේ හිරවෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්න අද කොමෙන්ට් සෙක්ශන් එකේ ඉන්න ලොකුම නයා.... කොහොමද සයිස් එක

      Delete
    2. කමෙන්ට් කරුවන් අතර පැවති ලොකුම නයා තේරීමේ තරඟයෙන් ඔබ ඕස්ට්‍රේලියන් චූ බෑගයක් ජයග්‍රහණය කර තිබෙනවා.
      ඉදිරියට පැමිණ ඔබට හිමි ත්‍යාගය පිළිගන්න !!

      Delete
  18. කකා ඔයා සුරික් වලදී දැකල තියෙන්නේ ස්මාර්ට් කාර් එකක්. පොඩි උනාට සැහෙන්න පවර්ෆුල් එන්ජිමක් තියෙනවා ඕකට.http://uk.smart.com/



    ReplyDelete
    Replies
    1. පොඩි එව්වගෙ එන්ජිම පවර්ෆුල් හැබැයි අර කෙන්ජිය උඩ කිව්වා වගේ දුර යන්න අමාරුයි....
      ඒක නිසා වාහනයක් ගන්නව නම් පොඩිම එව්වා ගන්න එපා....

      හැබැයි ඉදල හිටලා හරි පොඩි මොඩල් එකකින් රේස් එකක් යන්ඩ..... නැත්තම් ඩ්‍රයිවින් අමතක වෙනවා.....

      Delete
  19. කකා හොරෙන්ම ඉතාලි ඇවිත් ගියා නේ.අපිට කිව්වෙත් නෑ.

    ReplyDelete
  20. අද පෝස්ට් එක නම් නියමයි කකා... එක හුස්මටම කියවගෙන ගියා. එලටම ලියලා තියෙනවා.

    ReplyDelete
  21. //කකා ඇනෝ කමෙන්ටුස් දාගන්නවද ?//

    හික්... මේවත් අහන්න දේවල් ද? නැත්තම් කොහොමද මෙච්චර කොමෙන්ට් ගානක් එන්නෙ...
    -කකා

    ReplyDelete
  22. කකා, ගෙදර ඉන්න නිදහස් වෙලාවක මෙන්න මේ පොඩි ඕඩියෝ ක්ලිප්ස් ටික අහන්න.
    අයිපොඩ් එකට දාගෙන හරි අහන්න පුලුවන්. පොඩි පොඩි කොමිට් කෑලි ටිකක් !

    පොඩි මල්ලියි චූටි මල්ලියි රඟන පොඩ්ඩේ සහ චුට්ටේ !

    -දෙරණ ගුවන් විදුලි නාළිකාවේ වැඩ කරන එකෙක්.


    ප.ලි. - ලින්ක් දැම්මට සමා වෙන්න. ඔබේ බ්ලොග් අඩවිය ගොඩක් ජනප්‍රිය නිසයි මෙහෙම ඇඩ් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. ලින්ක් දාන්න එපා බන්.... මේකෙ මීඩියා කාරයෙකුත් කාලයක් ඔහොම නැට්ට හල හල ගියා....

      Delete
  23. අපේ අය කාර් ගන්නේ ඉතින් සොබ්බේ ට නේ! කරන වැඩේ ගැන හිතලා නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. මචන් උඹට කාර් එකක් නැති නිසා නේද ඔහොම කියන්නේ.... සල්ලි තියනවනම් මිනිස්සු කාර් දෙක තුන ගන්නවා... මම දන්න එකෙක් ඉන්නවා අලුත්ම ඇල්ෆා රෝමියෝ එකයි... කොලඹ ඇතුලෙ දුවන්න ඇල්ටො එකයි තියන් ඉන්නවා....

      Delete
  24. ඉතාලියේ පුංචි කාර් වගේම පුංචි ස්කූටර් එහෙමත් ගොඩක් තියෙනවා නේද ...

    ReplyDelete
  25. ඇමතිතුමනි,
    මේ දවස්වල අපේ පැත්තට සෑහෙන්ඩ වහිනවා. සමහර පාරවලුත් යට වෙලා.
    දැනටම වැලිකඩමුල්ල පාලම හරියත් සම්පූර්ණයෙන්ම යට වෙලා.
    මේ වැස්ස දව දවසක් වැස්සොත් මනුස්සයන්ට බඩ රස්සාව කරගන්න එලියට යන්න වෙන්නේ නෑ.
    ගමට එන බස් එකත් දැන්මහිටන් නවත්තලා.
    යන්තන් වී ටික ගෙට ගත්ත නිසා සම්බෝලයකුයි බතකුයි හරි කාලා ඉන්න ඇහැකි. ඒත් පොඩි උන් ඉස්කෝලයකටවත් යන්නේ කොහොමද ?
    සමහර පැති වලට ගංවතුර ආධාර දුන්නට අපේ පැත්තට තාම ලැබෙන පාටක් නෑ.
    ඔබ තුමා ඒ ගැන හොයා බලා කටයුතු කරයි කියලා අපි බලාගෙන ඉන්නවා.

    පීඩාවට පත් පාඨකයෙක්.

    ReplyDelete
  26. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 82
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 20
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 47
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 15

    ReplyDelete
    Replies
    1. maths fail...

      Delete
    2. මම මේ කමෙන්ට් එක දානකොට සම්පූර්ණ කමෙන්ට් ගණන 82ට තිබ්බේ.
      මට ගණන් බැරි කමක් නෑ. මම හැමනිතරම එක පාරක් ගණන් කරලා දෙපාරක්ම චෙක් කරලයි කමෙන්ට් එක පබ්ලිශ් කරන්නේ
      -සංගණන ඇනෝ-

      Delete
  27. ඉතාලියේ රෝම් වගේ නගර වල පොඩි කාර් පාවිච්චි කරන්නේ ට්‍රැෆික් වලට හා පාකින් ඉසූස් තියෙන නිසා. මෙහේ ලොකු කාර් එකක් පාක් කරන්න පැයක් දෙකක් කැරකෙන්න ඕනේ. අනික ලිමිටඩ් ඒරියා වැඩි නිසා මැනේජ් කරගන්න අමාරුයි. කාර් යන්න බැරි පාරවල් නෑ. මෙහේ ජනප්‍රියම ස්මාර්ට් අර කකා ඉලෙක්ට්‍රික් කියලා දාලා තියෙන ඕපන් මොඩල් එක හා වහපු එක (මර්සිඩීස් බෙන්ස් කොම්පැනී මිනී කූපර් රෙනෝ ක්ලියෝ, යාරිස් (ලංකාවේ විට්ස් වෙන්න ඕනේ) නිසාන් මාච්, හා ස්කූටර් තමයි නගර වල බොහෝ දුරට භාවිතා වෙන්නේ. ඒත් මේ කියන හැම කෙනෙකුටම වගේ සෙකන්ඩ් වෙහිකල් එකක් තියෙනවා ඒක සුව් හෝ බෙර්ලිනා වෙන්න පුළුවන්. නෝමල් සිටිසන් කෙනෙකුට ස්කූටියක්, මේ වගේ පොඩි කාර් එකක් හා තව ලොකු කැපසිටි වෙහිකල් එකක් තියෙනවාමයි.

    ස්මාර්ට් මේජර්ලි ඉලෙක්ට්‍රික් නෙමෙයි.

    මම හිතන්නේ ඉතාලියේ තමයි පෙට්‍රල් ගණන් වැඩිම රටවලින් එකක්.

    ReplyDelete
  28. කකා ඔය දැකලා තියෙන්නේ බෙන්ස් එන්ජින් එක තියන ස්මාර්ට් කාර් එකක්,,,ඕක සුපිරි භාන්ඩයක්,,, කකා සිසිලිය පැත්තට බැස්සේ නෑ නේ,,,රෝමෙට ආපු එකේ ඇවිල්ලම යන්න තිබුනා නේ

    ReplyDelete
  29. කකා..... ගොඩාක් රටවල් වල ( ඒ කියන්නෙ කාන්තාවන් පිරිමින් තරමටම ) වාහන පදවන රටවල් වල හැච් බැක් කාර් මාර්කට් එක වැඩීයී. ඒ සෙඩාන් කාර් වලට වැඩිය රිවස් කරන්න වගේම හසුරවන්න පහසු නිසා.... අද ටොයෝටා විට්ස් එක ලංකාවෙ කාන්තාවෝ අතර ජනප්‍රිය ඇයි... ඒක හසුරවන්න ලේසීයී.... උත්පත්තියෙන්ම වාහන යක් අතට ගත්තහම අනා ගන්න අපේ නෝනලා ට ලේසියටයි හැච් බැක් වාහන එන්නෙ... ඉතාලිය කියන්නෙ පිරිමින්ට වැඩිය වාහන එලවන්නෙ ගැහැනු උදවිය... ඉතින් එයාල කැමති ඔය වගේ පස්ස නැති හැච් බැක් එකට....
    අන්තිම පින්තූරෙ ගැන කියනවනම් ඔය කාර් එක ස්මාර්ට් කියන බ්‍රෑන්ඩ් එකේ කාර් එකක්.. ගහන්නෙ බෙන්ට්ස් කොම්පැනි එකේ...සාමාන්‍ය කාර් එකක්... තනියම ජීවත් වෙන නැත්නම් දෙන්නෙක් විතරක් ඉන්න, ඔෆ්ෆිස් වල වැඩට යන නෝනලා අතර මාර ජනප්‍රිය කාර් එකක්. වැඩියෙන්ම ජනප්‍රිය ජර්මනිය අවට රටවල් වල

    ReplyDelete
  30. හොඳ විස්තර කිරීමක් කරලා තියෙන්නේ.ඒකට ගොඩක් ස්තුතියි ෆියට් 500 පරණ මොඩල් කාර් ඉතාලියේදී දැක්කේ නැද්ද? මම හිතන්නේ ඒවා තවමත් ඇති.අනෙක වොල්ක්වැගන් බිටල් කාර් ගැනත් මතක් වෙලා නැහැ.ජර්මනියේදී හරි ඒවා දැක්කේ නැද්ද කියල දැනගන්න කැමතියි.

    ReplyDelete
  31. හොඳ විස්තර කිරීමක් කරලා තියෙන්නේ.ඒකට ගොඩක් ස්තුතියි ෆියට් 500 පරණ මොඩල් කාර් ඉතාලියේදී දැක්කේ නැද්ද? මම හිතන්නේ ඒවා තවමත් ඇති.අනෙක වොල්ක්වැගන් බිටල් කාර් ගැනත් මතක් වෙලා නැහැ.ජර්මනියේදී හරි ඒවා දැක්කේ නැද්ද කියල දැනගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. Here you got the old model - new version

      http://www.fiat.com/com/500

      Delete
  32. නම - ආනන්දේ තමයි ඉස්කෝලේ
    කතෲ - රසික සූරියාරච්චි
    ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම
    මිල - රු 200

    ඔබත් අදම කියවන්න ! ආනන්දේ තමයි ඉස්කෝලේ !

    http://www.vijithayapa.com/pdesc.php?id=28082

    ReplyDelete
    Replies
    1. කෙනජිගේ ඉස්කොලේ මොකක්ද දන්නේ නෑ නේද?

      Delete
    2. ඇයි Add දාන්නේ පොත විකිනෙන්නේ නැද්ද ?

      Delete
    3. පිටු 88ක පොතක් රුපියල් 200කට ???
      මේක පොතකින් ගසා කෑමක් ! මුලද් උපයා ගැනීමේ කූට උපක්‍රමයක් !

      Delete
  33. car dekala nathi ewunta hondai me wage pal heeli.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්......

      Delete
  34. Comments balala replies nodana bogekuge post walata comments danna pissuda?

    ReplyDelete
  35. මරුතියක් පින්තූරකින් වත් දැක්කෙ නැතෙයි...?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.