Friday 2 November 2012

බලහත්කාරයෙන් හිරු පුබුදාලිය හැකිද ? : Determination!


හැමදාම කවි පලකරන කොට කයි-කතන්දර කියලා නම් කරලා කවියට උඩින් කතන්දර දාන එකේ අද හිතුණා කයිය විතරක් දාන්න.

ඒ මේ කවියට උඩින් කතන්දරයක් ලියන්න බැරිකමක් හින්දා නොවෙයි.

සමහර විට නිදාගෙන ඉන්න දේශපාලන සත්වයෝ කලබොල වුණොත් හෙම පස්සෙන් පහු මේකේ කතන්දරේ ලියන්නත් වේවි.

එතකං මෙන්න කවිය.

අවබෝධය

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායනතුරු සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ
හි
රු
පු
බු
දා
හෙට මුළු ලෝකය
එළිය කළ යුතුය


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල. පසුව වූ දිගු කවියකින් කොටසකි. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට වෙනම කෙටි කවියක් ලෙස අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
පස්සෙම ලියන්නම්!

(image: http://newsjunkiepost.com/2011/02/13/global-revolution-will-the-many-finally-triumph-over-the-few/)

26 comments:

  1. බලහත්කාරයෙන් හිරු පුබුදාලිය හැකිද ? හෙට මුළු ලෝකය අඳුරු වෙලා ඉවරයි වගේ ..

    ReplyDelete
    Replies
    1. දෙකටම උත්තරේ - "අනේ මන්දා?"

      Delete
  2. අනේ කකා.. මම මේ කියන්න කියලා ආවේ.. මේ කයියත් එක්ක පෝස්ට් එකම one zero zero බිලොග් එකට දාතෑකි.....

    ‌ගොඩ දවසකින් අර ඉස්සර ලියලා තියෙනවා වගේ ලස්සන පෝස්ට් එකක් දැක්‌ෙක් නෑ...

    ඇයි මේ.. ලියන්න මොකක් හරි අපහසුතාවයක්ද, බිසී ද, නැත්තම් අදහස් හිඟතාවයක්ද.. ? නැත්තම් බ්ලොග් කෙරුවාව එපා වෙලාද....

    ReplyDelete
  3. දෙසරයක්ම එහෙම කොරන්න ගිහින් කෙළ උනා නේද.. ඒත් ඉතින් දැන් නම්..

    ReplyDelete
    Replies
    1. මේකටත් උත්තරේ - "අනේ මන්දා?"

      Delete
  4. තරුණ කාලෙ අදහස්!

    ReplyDelete
    Replies
    1. තාත්තෙක් වුණා විතරයි, රාජ් වයසට ගිහින් වගේ?

      Delete
  5. mewata kai kiyanawanam kai walata monada kiyanne

    ReplyDelete
    Replies
    1. මේවා "කුකවියෙකුගෙ" කවි!

      Delete
  6. "බලහත්කාරෙන් හෝ
    හි
    රු
    පි
    බි
    දූ

    ත්
    හෙට ලොව එළිය කළ
    නොහැක..."
    මොකද වැඩිකල් යන්න කළින් අහස වාහන කළු දුමෙන් වැහෙන නිසා

    ReplyDelete
  7. හෑ.. බලහත් කාරකම් කරලා හෙටි එලිය කරගත්තා වගේ නෙවෙයි අනිද්දට මොකද කරන්නේ..?

    ReplyDelete
  8. හිරැ පුබුදාලිය නොහැකි වුවත් පහනක් හෝ දල්වාගතයුතු නොවේද?

    ReplyDelete
  9. හිරු පුබුදුවන්න අපිට බැහැ.ඇහැරෙනකන් බලන් ඉන්න වෙනවා අවුරුදු කීයක් ගියත්.

    ReplyDelete
  10. ලෝකෙටම එළිය දෙන්ඩ හිරු පුබුදුවනඩ ට්‍රයි කරලා වැඩක් නැත.අනිත් උන් අන්ධකාරයට කැමතිය.එනිසා මම මට පමණක් පුංචි ලයිට් එකක් දමා ගැනීමට වෙහෙසෙමි.

    ReplyDelete
  11. හිරු බලහත්කාරයෙන් පුබුදුවන්න බැරිමත් නැති වෙයි. ඒත් ඒක කරන්න ඕනැ එළි වෙන ජාමෙ මිසක් මහ රෑ මැද්දෙ නෙවෙයි. මහ රෑ මැද්දෙ හිරු පුබුදුවන්න ගියොත් ආයෙත් 71, 89 තසයි.

    ReplyDelete
  12. හ්ම්ම්ම් හ්ම්ම්ම්.........

    ReplyDelete
  13. ප.ලි. කොටසට මෙහෙම ලියන්න පුලුවන්.

    අපි බලෙන් පිබිදෙව්වහම
    ද්‍රෝහීන්ට එළිය ලැබීම තහනම්

    ReplyDelete
  14. අධිෂ්ඨානයක් සහිත අරමුණක්.විශිෂ්ඨයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  15. වෙන විදියකට එව්ව වෙන්න ඇරලා අපි අපේ පාඩුවෙ අපෙ වැඩක් බලාගත්තොත් හොඳා කියල තමා මම ඉන්නේ

    ReplyDelete
  16. MOBILEMAN කියන කතාව හරියට හරි.
    හිරු බලෙන්හරි පුබුදුවන්න ඕන මනුසත්වයාට නැඟිට වැඩ කරන්න. කවුරුහරි බලෙන් පිබිදුවත් අපේ ගොයියල වැඩකරයිද?

    ReplyDelete
  17. ආවොත් කරු....
    පායයි හිරු.....

    (පරන චන්ද පෝස්ටරයකින් උපුටා ගත්තකි )

    ReplyDelete
  18. ...(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල. පසුව වූ දිගු කවියකින් කොටසකි. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට වෙනම කෙටි කවියක් ලෙස අඩංගු කරන ලදී)....

    ඔයාගෙ තව "අතේගහපු" (හස්තද්වාරයෙන්) කවි තියෙනවද?

    ReplyDelete
  19. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    දෙතුන් දෙනෙකුට මුලින්ම පිළිතුරු දුන්නද දිගටම එසේ කරන්නට නොහැකිවීම ගැන කණගාටුයි!

    පසුව හමුවෙමු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.