ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 19 November 2012
උඹලට නම් ප්‍රශ්නයක් නෑනේ, මචං? - Beats all logic!
ඒ ලෙවල් ලියන්න කලින් ඉඳලාම මගේ හිතේ වැඩ කරපු ලොකුම ප්‍රශ්නයක් තමයි පේරාදෙනියේ ද, කටුබැද්දේ ද යන්නේ කියන එක.
මං එදා ඒ තීරණය ගත්තු හැටිත්, අද කාලේ ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කොල්ලෙකුට ඒ තීරණය ගන්න උදව්වෙන ඉඟි කීපයකුත් එක්ක කතන්දරයක් මං කලින් දවසක ලිව්ව නිසා නැවත අද කියන්න යන්නේ නෑ.
තමන් ගේ දුවට විශ්ව විද්‍යාලේ යන්න ගෙදරින් පිට නතරවෙන්න වෙනවාය කියලා අඬ-අඬ හිටපු ඇන්ටි කෙනෙකුට මං දුන්නු අවවාදයත් මේ කතාවට අදාලයි.
කොහොම හරි ඉතිං මං පේරාදෙනි ගියා!
පේරාදෙනිය සැලකෙන්නේ නේවාසික විශ්ව විද්‍යාලයක් කියලනේ. ඔතනට ඉගෙන ගන්න එන කොල්ලන්ට කෙල්ලන්ට නතරවෙන්න නේවාසිකාගාර රාශියක් විශ්ව විද්‍යාල භූමිය පුරා හදලා තියෙනවා.
අනාදිමත් කාලයකට කලින් නම් පේරාදෙනියට ඇතුල්වෙන හැමෝටම මේ විශ්ව විද්‍යාලවල ඉඩ තියෙන්න ඇති.
ජනගහනයේ වර්ධනයත් එක්කම පේරාදෙනියට ඇතුලත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකරලා තිබුණත්, ඒ වේගයෙන් ශිෂ්‍ය නේවාසිකාගාර හදලා නොතිබුණු නිසා අපි යන කාලේ සෙකන්ඩ් ඉයර් එකේ කොල්ලන්ට නේවාසිකාගාර නවාතැන් ලැබුණේ නෑ.
අපිට සිද්දවුනේ විශ්ව විද්‍යාලයට පිටින් නවාතැනක් හොයා ගන්නයි.
අපි නතරවුනේ ඊරියගම කියන ගමේ. ඒ ගතකළ කාලයත් හරිම විනෝදබර කාලයක්.
සෙකන්ඩ් ඉයර් එකේ විභාගේ ඉවර කරළා අපි ගෙදර ගියේ බෝඩිම අයිති අංකල්ටයි ඇන්ටිටයි ගුඩ් බායි කියලයි. ඊලඟ අවුරුද්දේ ෆැකල්ටි එක ළඟම තියෙන අක්බාර් හෝල් එකේ නතරවෙන්න මං ඇප්ලයි කරළයි තිබුණේ.
දුර පලාත්වලින් පේරාදෙනියට ඇවිල්ලා හිටපු අපිට තිබුණු ඔය නවාතැන්, කෑම-බීම ප්‍රශ්නේ තිබුණේ නෑ නුවර පැත්තේ ගම්වල හිටපු අපේ බැචාලාට. ෆර්ස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේ උන් අපූරුවට ගෙදර ඉඳලා ආවා, ගියා.
දවාලට අපි අක්බාර් එකේ ගෙඩි ගෝවා මැල්ලුම, මුං ඇට සහ හං-මස් හොඳි එක්ක ඇට ලොකු හාලේ බත් ගිලිද්දී ඒ සමහර පොරවල් ගෙදරින් ගෙනාපු රසමසවුලු කෑවා.
හැබැයි විවිධ හේතු නිසා මේ අයගෙන් හුඟ දෙනෙක් ප්ලෑන් කළා තුන්වෙනි වසරේ ඉඳලා ඉතුරු අවුරුදු දෙක විශ්ව විද්‍යාලය ඇතුලේ නතර වෙන්න.
සෙකන්ඩ් ඉයර් එකේ විභාගේ ඉවරවෙලා මං කෙලින්ම ගියේ ඒ දවස්වල ටේරනිං හිටපු ඉඳිකිරීමේ ව්‍යාපෘති වැඩ බිමටයි.
තර්ඩ් ඉයර් එක පටන්ගන්න තව මාසයකටත් වඩා කල් තිබුණා.
ඔහොම ඉන්න අතරේ තමයි අපිට හෙණ ගහන්නා වගේ ආරංචි වුනේ තර්ඩ් ඉයර් එකේදීත් අපිට නේවාසිකාගාර නොදෙන බව.
ආපසු විශ්ව විද්‍යාලය පටන් ගන්න කලින් සති අන්තයේ මං වැඩ බිමෙන් සමු අරඝෙන ගෙදතර යන ගමන් නුවරින් බැස්සා.
සඳුදා ඉඳන් නතර වෙන්න තැනක් හොයාගන්නත් එපායැ?
නුවරදී මට හම්බ වුණා මගේ බැචෙක්. පොරගේ ගම නුවර පලාතේමයි. ගෙදර ඉඳලා තමයි යුනිවසිටි ආවේ. පොර මාව දැකලා කතා බහ කෙරුවේ හරිම දුකෙන් වගේ.
"මාර අප්සෙට් එක මචං!" පොර කිව්වා.
"ඇයි මක්වුණාද?"
"ඇයි උඹට ආවේ නැද්ද මචං ලියුම? මේ පාර තර්ඩ් ඉයර් එකේ කොල්ලන්ටත් හෝල්ස් දෙන්නේ නැතිලු!"
"ඔව්, ඔව්, මට ආරංචියි, ඒකමයි මං අද මේ නුවර ආවේ ගෙදර යන ගමන්."
"හරි අප්සෙට් මචං මට නං!"
"මොනව කරන්නද බං, ඉඩ නැත්තං, මවන්නයැ?"
"ඔව් බං, ඒත් ඉතිං මට තමයි කෙලවෙන්නේ, උඹලට නං ප්‍රශ්නයක් නෑනේ?"
"මොකක්....?"
"නෑ, මං කිව්වේ, උඹලට නං මචං ප්‍රශ්නයක් නෑනේ, අර ඊරියගම බෝඩිම තියෙනවානේ!"
එතකොට පොරටයි සැබෑ ප්‍රශ්නය තියෙන්නේ! කාට කියන්නද? මං මුවින් නොබැණ හිටියා.
-කතන්දරකාරයා
(image: http://www.panoramio.com/photo/43483276)
Subscribe to:
Post Comments (Atom)
ඇත්තට ගමේ එකෙකුට ගමේම බෝඩ් වෙන්න වුනොත් මොකද වෙන්නේ ?
ReplyDeleteනමත් දාගෙන ලැජ්ජා නැතුව මෝඩ කතා කියනවා නේ
Deleteඔයාගෙ ගමත් නුවරද?
Deleteනෑ මම වැඩ කරන්නෙ මහජන බැන්කුවෙනෙ... දන්නෙ නැද්ද ඔක්කොටම නට් ලූස්
Deleteඅර ලේක් හවුස් මී වස්සාවත් එකතු කරගත්තා නම් තකට තක
Delete:(
ReplyDeleteඅන්න සැබෑ ප්‍රශ්නෙ. කාට කියන්නද මේව!
ReplyDeleteකැම්පස් එකක යනව නං හොස්ටල් ඉන්නම ඕන. කැම්පස් ඇවිල්ල කවදාවත් හොස්ටල් නොහිටිය එකා අන්තිම දවසෙ අවුට්වෙලා යන්නෙත් (සමහර අංශ වලින්) ආපු දවසෙ හිටිය විදියටමයි.
අයියෝ සල්ලි.
ReplyDeleteදැං ඔය කතන්දර වහෙන් ඔරෝ ලියල තියෙන්නෙ මං බ්ලොග් ලියන්න ගිහින් මගේ රස්සාවෙයි ගෙදරයි වැඩ පාළු වුණාම මට තමයි කරදරේ, උඹලට නම් මොකද ඉතින් කියලද?
ReplyDeleteමේ කතාව විහිළුවක් වගේ එකක් වුනාට මටනං බොහොම බරපතල කාරණාවක් තේරුම් යනවා, හැමදාම ප්‍රශ්න වල ගිලිල ඉන්න එවුන් ගැන ප්‍රශ්න නැති මිනිස්සු හිතන්නෙ ඔන්න ඔහොමයි කියල. හුඟක් දේශපාලුවොත් මං හිතන්නෙ එහෙමයි.
ReplyDeleteසුන්දර මතකයක් අවදිකරලා තියෙන්නේ....
ReplyDeletekathandare amalbiso.
ReplyDeleteAthi yantham ada toilet 4to ekak nemei.
ගෙඩි ගෝවා මැල්ලුම, මුං ඇට....
ReplyDeleteමේ ජාති දෙක නම් අපි හිටපු කාලෙත් දුන්නා. සහෙන ඉතිහාසයක් තියෙනවා නෙව.
Me pal haeli walin apita athi wede mokkak da? Ithin apata paan da.
ReplyDeleteකකා ඇයි මේ ගූ කතා...
ReplyDeleteලියපන්කො වැදගත් ලිපියක්
Traveling from katugasthota and some parts of kandy is not easy. Once my batch mate was telling
ReplyDeletekatugasthota now ok 'coz of new bridge.
DeleteThe vast case due to the Kandy lake (from Ampitiya, Thennekumbura roads).
ඔය දෙවෙනි වසරේ කොල්ලන්ට හොස්ටල් දෙන්නැත්තේ රැග් කේස් එක හින්දා නෙමෙයිද?
ReplyDeleteකවුද දන්නේ මිනිහට ලොකු ප්‍රශ්නයක් තිබුණද දන්නේ නැහැ :)
ReplyDeleteapoy
ReplyDeleteගෙදර ඉන්නකොට සමහර විට පාඩම් කරන්න සුදුසු පරිසරයක් නැතුව ඇති. විවිධාකාර වයස්වල සහෝදර සහෝදරියෝ ඉන්න කොට එක එක්කෙනාගේ අවශ්‍යතා වෙනස් . මමත් එකතරා විභාගයක් කරද්දී මාස තුනක් බෝඩිමක හිටියා ගෙදර ඉඳන් යන්න පුළුවන්කම තියෙද්දී .
ReplyDeleteඉතිං ඒ යාළුවවත් එක්කගෙන ගියා නම් ඉවරයිනේ...
ReplyDelete