
හැමදාම කවි පලකරන කොට කයි-කතන්දර කියලා නම් කරලා කවියට උඩින් කතන්දර දාන එකේ අද හිතුණා කයිය විතරක් දාන්න.
ඒ මේ කවියට උඩින් කතන්දරයක් ලියන්න බැරිකමක් හින්දා නොවෙයි.
සමහර විට නිදාගෙන ඉන්න දේශපාලන සත්වයෝ කලබොල වුණොත් හෙම පස්සෙන් පහු මේකේ කතන්දරේ ලියන්නත් වේවි.
එතකං මෙන්න කවිය.
අවබෝධය
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායනතුරු සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ
හි
රු
පු
බු
දා
හෙට මුළු ලෝකය
එළිය කළ යුතුය
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල. පසුව වූ දිගු කවියකින් කොටසකි. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට වෙනම කෙටි කවියක් ලෙස අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
ප/ලි:
පස්සෙම ලියන්නම්!
(image: http://newsjunkiepost.com/2011/02/13/global-revolution-will-the-many-finally-triumph-over-the-few/)
බලහත්කාරයෙන් හිරු පුබුදාලිය හැකිද ? හෙට මුළු ලෝකය අඳුරු වෙලා ඉවරයි වගේ ..
ReplyDeleteදෙකටම උත්තරේ - "අනේ මන්දා?"
Deleteඅනේ කකා.. මම මේ කියන්න කියලා ආවේ.. මේ කයියත් එක්ක පෝස්ට් එකම one zero zero බිලොග් එකට දාතෑකි.....
ReplyDeleteගොඩ දවසකින් අර ඉස්සර ලියලා තියෙනවා වගේ ලස්සන පෝස්ට් එකක් දැක්‌ෙක් නෑ...
ඇයි මේ.. ලියන්න මොකක් හරි අපහසුතාවයක්ද, බිසී ද, නැත්තම් අදහස් හිඟතාවයක්ද.. ? නැත්තම් බ්ලොග් කෙරුවාව එපා වෙලාද....
BiCi
Deleteදෙසරයක්ම එහෙම කොරන්න ගිහින් කෙළ උනා නේද.. ඒත් ඉතින් දැන් නම්..
ReplyDeleteමේකටත් උත්තරේ - "අනේ මන්දා?"
Deleteතරුණ කාලෙ අදහස්!
ReplyDeleteතාත්තෙක් වුණා විතරයි, රාජ් වයසට ගිහින් වගේ?
Deletemewata kai kiyanawanam kai walata monada kiyanne
ReplyDeleteමේවා "කුකවියෙකුගෙ" කවි!
Delete"බලහත්කාරෙන් හෝ
ReplyDeleteහි
රු
පි
බි
දූ
ව
ත්
හෙට ලොව එළිය කළ
නොහැක..."
මොකද වැඩිකල් යන්න කළින් අහස වාහන කළු දුමෙන් වැහෙන නිසා
හෑ.. බලහත් කාරකම් කරලා හෙටි එලිය කරගත්තා වගේ නෙවෙයි අනිද්දට මොකද කරන්නේ..?
ReplyDeleteහිරැ පුබුදාලිය නොහැකි වුවත් පහනක් හෝ දල්වාගතයුතු නොවේද?
ReplyDeleteහිරු පුබුදුවන්න අපිට බැහැ.ඇහැරෙනකන් බලන් ඉන්න වෙනවා අවුරුදු කීයක් ගියත්.
ReplyDeleteඅනේ මන්දා
ReplyDeleteලෝකෙටම එළිය දෙන්ඩ හිරු පුබුදුවනඩ ට්‍රයි කරලා වැඩක් නැත.අනිත් උන් අන්ධකාරයට කැමතිය.එනිසා මම මට පමණක් පුංචි ලයිට් එකක් දමා ගැනීමට වෙහෙසෙමි.
ReplyDeleteඅනේ මන්ද ?
ReplyDeleteහිරු බලහත්කාරයෙන් පුබුදුවන්න බැරිමත් නැති වෙයි. ඒත් ඒක කරන්න ඕනැ එළි වෙන ජාමෙ මිසක් මහ රෑ මැද්දෙ නෙවෙයි. මහ රෑ මැද්දෙ හිරු පුබුදුවන්න ගියොත් ආයෙත් 71, 89 තසයි.
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්.........
ReplyDeleteප.ලි. කොටසට මෙහෙම ලියන්න පුලුවන්.
ReplyDeleteඅපි බලෙන් පිබිදෙව්වහම
ද්‍රෝහීන්ට එළිය ලැබීම තහනම්
අධිෂ්ඨානයක් සහිත අරමුණක්.විශිෂ්ඨයි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
වෙන විදියකට එව්ව වෙන්න ඇරලා අපි අපේ පාඩුවෙ අපෙ වැඩක් බලාගත්තොත් හොඳා කියල තමා මම ඉන්නේ
ReplyDeleteMOBILEMAN කියන කතාව හරියට හරි.
ReplyDeleteහිරු බලෙන්හරි පුබුදුවන්න ඕන මනුසත්වයාට නැඟිට වැඩ කරන්න. කවුරුහරි බලෙන් පිබිදුවත් අපේ ගොයියල වැඩකරයිද?
ආවොත් කරු....
ReplyDeleteපායයි හිරු.....
(පරන චන්ද පෝස්ටරයකින් උපුටා ගත්තකි )
...(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල. පසුව වූ දිගු කවියකින් කොටසකි. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට වෙනම කෙටි කවියක් ලෙස අඩංගු කරන ලදී)....
ReplyDeleteඔයාගෙ තව "අතේගහපු" (හස්තද්වාරයෙන්) කවි තියෙනවද?
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
දෙතුන් දෙනෙකුට මුලින්ම පිළිතුරු දුන්නද දිගටම එසේ කරන්නට නොහැකිවීම ගැන කණගාටුයි!
පසුව හමුවෙමු.