Monday 24 September 2012

කාලයේ ආපස්සට යන්න පුළුවන් නම්? - The joy a letter can bring


නෙට් එකෙන් ඈත් වෙලා, බ්ලොග්කොහොලික් තත්වය මැඩගෙන මං කාලයේ රේඛාව දිගේ ආපස්සට ගියා.

ඉතිං එතකොට තමයි ඊ-මේල් වෙනුවට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ.

තවත් ආපස්සට ගියොත් ලියුම් යුගේට යැවෙනවා. මං කලින් කයි-කතන්දරයකින් කිව්වා වගේ ලියුමක් යවලා උත්තර එනකං බලාගෙන ඉන්න කොට තියෙනව සනීපේ අද දන්නේ කීයෙන් කී දෙනාද?

මේ කවියත් ලියුමක් නිමිත්ත කරගත් එකක්.

ජීවිතයේ සැබෑ කතාව

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ

පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරළා
සිනා නැගිය හැක

ලොව සොඳුරුම දේ ආදරයයි!


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය ඉවර වෙන්නත් ලඟයි, නේද? තව සතියයි!


(image: http://lovewallpapershotpicures.blogspot.com/2012/01/beautiful-love-wallpapers.html)

13 comments:

  1. HUTA, JOKA, PA A,

    ReplyDelete
  2. Onna maha kai kakkathuma adath maha kai sagarayen bindak palakarala. Sahurdayini mewa deneth piyagena balaw. Mekath ethuma hastho pakrama magin eli dakwana lada ekak lu. Unnehe ta jayawewa.

    ReplyDelete
  3. අනේ මන්දා කිවුවලු.. මම නන වැඩිය දන්නෙ නෑ ඔය ගැන :D

    ReplyDelete
  4. ඔන්න අපිත් හස්තද්වාරයෙන් කයි පද බැදලා, සාහිත්‍ය මාසය වෙනුවෙන් විරිඳු සැට් එකක්ම පබිලිස් කොලා.. කතන්දර මහත්තයා විරිඳු ගැනත් ළිපියක් ලිව්වද....?

    ReplyDelete
  5. ලස්සනයි..පෙම් හසුනකින් ලැබෙන සතුට වචන වලට නගන්න අමාරු බව ඇත්ත..

    මේ සැරේ සාහිත්‍ය මාසේ කයි කතන්දර ගොඩක් තිබුනනේ නෑනේ
    මායාවෝ හි පළකෙරුනු කයි කතන්දර ඊළඟ අවුරුද්දටත් ඉතුරු කරගන්න හිතුවද?

    ReplyDelete
  6. ලව් ලෙටර් ලියන කාලේ පෙම්වතුන් තරහ වෙනවා අඩුයි. දැන් එස්.එම්.එස්. නිසා කේන්ති පිට මැසේජ් කරලා වැඩේ කෑ ගන්නවා.

    ReplyDelete
  7. බොහෝ කළකට පෙර සිත්තර නම් චිත්‍ර කතා පත්‍රයේ ඇල්ෆා නමින් කතාවක් පල වුනා. මහත්මයා මෙහි සඳහන් කර තිබෙන ආකාරයේ...

    ReplyDelete
  8. Lassani, Lassani, harima lassani. Kakkawo thumo siya Mayawo nam Hasthopak karamayen eli dakwana lada maha kavyayen uputa pala karana ladde kai ithama swalpayaki. mema kalpaya pawathina thuru palakireemata sehena kai thawa ehei etha.

    ReplyDelete
  9. මං නං ලියුම් ලිව්වෙම නෑ.ලිඛිත සාක්ෂි කොහෙවත් ඉතුරු කරන්ඩ හොඳ නෑනෙ

    ReplyDelete
  10. අම්මප මේ හස්තද්වාරයෙන් ලියවුන කයි කීයක් නම් ආවද ? කොල්ලො ගැටවු හස්තද්වාරයෙන් ඇඳ රෙදි වල ලෝක සිතියම් වත් අඳින් නැතුව ඇති මේ තරම්!

    ReplyDelete
  11. අර සොඳුරු සිත කියන, අඳුරු වත ඇති, වඳුරු කත එයාගේ බ්ලොක් කෑල්ලේ උඹහැගේ පලහිලව්වක් ගැන මොනාදෝ ලියලා තිබ්බා... ඒ හින්දා මාත් මෙහෑට රූටෑවා.. බොලාගේ බ්ලොක් කෑල්ල ලෝඩ් වෙන්නෙම නැහැනේ හරියට.... මොකදෑ හැබෑට ඒ? උඹහැගේ බ්ලොක් එකේ අනම් මනම් කතන්දර වැඩියි මයෙහිතේ.... පුලුවන් නම් ඔයි එක එක කයි කතන්දර හලලා දාලා, පාඩුවේ කතන්දරයක් කියගෙන හිටහං...

    වඳුරු කත කීවැයි කියලා සොඳුරු සිත අඳුරු කරගන්නව හෙම නෙවෙයි ඕං....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.