Wednesday 29 August 2012

කූනිස්සෙකු ගේ මතකය - Memory and Fuzzy Logic


අපේ මොලේ කියන්නේ කොම්පීටර් එකක් නම්, ඒක ඩිසයින් කරපු එකා මාර සිරා ෆසී ලොජික්කාරයෙක් වෙන්න ඕනෑ.

මොකද මේකේ හාඩ් එකේ අපි සේව් කරගන්නේ මොන මොනවාද, දවස පුරා රෑම් එකේ තිබුණාට රෑට නිදාගන්න ස්විච් ඕෆ් කළාම මකලා දාන්නේ මොනවාද කියන කාරණා පිටුපස්සේ තියෙන්නේ විස්තර කරන්න බැරි තරමට ෆසීම ෆසී ලොජික් (Fuzzy Logic) එකක්.

ඉතාම වැදගත් දේවල් අමතක වෙලා සුපියල් දාස් ගණං පාඩු වෙනවා. මතකය හරිගස්සා ගන්න කරණ උත්සාහවලට හරස් වෙන්නේ ද අමතක වීමමයි (මතකද මං ලියු මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ කියන කතන්දරේ?) ඒක එහෙම වුණාට ඒ අතරේ කිසිම වැදගත්කමක් නැති ට්‍රිවියල් දේවල් දශක ගණනාවක් හිතේ රැඳී තියෙනවා. ඒ විතරක් නොවෙයි විටින් විට මතක් වෙනවා.

මං හතේ පන්තියේ ඉගෙන ගනිද්දී වෙච්ච මෙන්න මේ සිද්ධිය මට තාමත් මතක ඇයි කියන එක මටම හිතා ගන්න බෑ!

ඔන්න හතේ පන්තියේ ළමයින්ව අධ්‍යාපන ගමණක් එක්කරගෙන යන්න සංවිධානය කළා ඉස්කෝළෙන්. මගේ පන්තියේ හිටිය ජයශාන්ත වගේම ජයතිස්සත්, අල්ලපු පන්තියේ හිටපු නාලන්ද පියතිලකත් මේ ගමණ යන්න ඇති. අර ලව් ලෙටර් සිද්ධියට සම්බන්ධ පබසරා නම් වෙන ඉස්කෝළෙක මේ කාලේ වෙනකොට.

උදේ හයටයි බස් එක ඉස්කෝලේ ලඟින් පිටත්වෙන්න නියමිත වුනේ. අම්මා හඳලා දුන්නු බත්මුලත් එක්ක තාත්තා මාව අපේ ගේ ළඟින් මහ පාන්දර යන බස් එකේ මාව එක්කරගෙන ගියා ඉස්කෝලෙට.

ඒ දවස්වල බත් මුල් කිව්වාම දන්නවානේ? ගින්නෙන් තවපු කෙසෙල් කොලේක පරිප්පු තෙම්පරාදුවයි, සීනි සම්බොලෙයි, කරෝල බැදුමයි, මැල්ලුමයි වගේ ඒවා එක්ක අදටත් හද කිති කැවෙන රස සාගරයක්!

අපේ අධ්‍යාපන ගමන ගියේ පුත්තලමේ සිමෙන්ති ෆැක්ටේරිය බලන්නයි. අපේ සමාජ අධ්‍යයන ගුරුවරයා මේ ගමනේ මාර්ග විස්තරය සහ නරඹන තැන්වල විස්තර තියෙන කොල දෙකක් රෝනියෝ කරළා අපට බෙදලා දුන්නා මතකයි උදේම. පොර ඇරුණාම මේ ගමන ගිය අනිත් පිරිමි ගුරුවරු තමයි අපේ අංශය භාර ප්‍රධානියා වුණු ටර්පන්ටයින් සහ සරඹ සහ සෞඛ්‍ය ගුරුවරයා වුණු චන්ද්‍රසිරි.

මේ සම්පූර්ණ ගමණෙන් මට හොඳට මතක මෙන්න මෙච්චරයි.

ඔන්න අපි බත්මුල් දිග ඇරගෙන බත් කනවා පුත්තලමේ දී.

ගමනේ මුළ ඉඳලාම කයිය ගහමින් බස් එකේ ඉස්සරහා සීට් එකේ ගිය ටර්පන්ටයින් චන්ද්‍රසිරි දෙන්නා බත් කෑවෙත් මං හිටපු හරියේමයි.

බත් පාර්සලය දිග ඇරගෙන කන ගමන් ටර්පන්ටයින් මෙහෙම කිව්වා චන්ද්‍රසිරි ට.

"මේකේ හාල්මැස්සෝ තෙල්දාලා තියෙනවා, ඕකේත් තියෙනවාද?"

"නෑ, මේකේ තියෙන්නේ ඉස්සෝ" චන්ද්‍රසිරි කිව්වා.

දෙබස එතනම නතර වුණා. දෙන්නා මුනිවතින් කෑම කෑවා.

එච්චරයි!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් මේ සිද්ධිය මෙච්චර කල් ගිහිල්ලාත් මගේ හිතේ රුඳිලා තියෙන්නේ ඇයි? අඩු වශයෙන් කතන්දරයක් ලියන්න පුළුවන් එකක් නං ඒත් කමක් නෑ!


(image: http://www.cartoonstock.com/directory/f/fuzzy_logic.asp)

52 comments:

  1. 1. About his computers trouble shooting. 2. About his class mates. 3. About a lunch packet. What are these nonsense, written in the early morning. Is there anything to comment on this.

    ReplyDelete
  2. වෙන මොකක්ද තියෙන පෙරේතකමට තමයි.

    ReplyDelete
  3. "හික් හික් හික් කුරුක් කුරුක්!"

    ReplyDelete
  4. මතකය ගැන කිව්ව ඔය කාරනෙ ගැන නම් මමත් 100%ක්ම එකඟයි. වැදගත්ම වැදගත් සිද්ධියක උනත් දැනට මතකෙ තියෙන්නෙ කිසිම වැඩක් නැති කෑල්ලක් විතරයි..මොනා කරලවත් අනිත් සිදුවීම් මතක තියා ගන්න බෑ. ඒ කාලෙ කැමරා තිබ්බයැ. දැන්නම් මන් කරන්නෙ ඔය වගේ ට්‍රිප් එකක් යනවනම් ෆොටො අල්ලන්නෙ යන තැන් වල බෝඩ්, විස්තර කරලා තියෙන නෝටිස් සහ විස්තර කරන කෙනෙක් ඉන්නවනම් එයාගෙ පොඩි වීඩියො ක්ලිප් එකක් වගේ ඒවා..නැත්නම් ගිහින් ඇවිත් කවුරු හරි ඇහුවොත් ගියේ කොහෙද මොනාද එතන වැදගත්කම කියලා..සොරිම තමයි..

    ReplyDelete
  5. කතන්දර ගේ ඉස්සා පු**ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සා kalapuwe....

      Delete
  6. too much oily things, not digesting.

    ReplyDelete
  7. මේ කතාව ඇත්ත. කිසිම හේතුවක් නැතුව නොවැදගත් දේ අපිට මතක තියෙනවා. මේක මට හිතෙන්නේ යටිහිත අකරණ වැඩක්. උඩුහිත අපට පාලනය කරන්න ලැබුනත්, යටිහිත කරන්නේ එයාට ඕන දේවල්.

    ReplyDelete
  8. හැ ........... තිත් දෙකයි ඕ ........ අනේ මන්ද !!!

    ReplyDelete
  9. අද නම් කතන්දරගේ පෝස්ට් එක බ්ලොග් පෝස්ට් එකක් නොලිවිය යුත්තේ කෙසේද කියන එකට උදාහරණයක්. කමක් නෑ. කමක් නෑ. ආධුනිකයින් ඒකත් ඉගෙන ගන්න එපායැ.

    ReplyDelete
  10. ANO - Kaka is not an apprentice, He is an Osthar.I can't write more I am bogging. Exc.me.

    ReplyDelete
  11. කාකා අහලා තියෙනවද බ්‍රහ්ම දණ්ඩනය ගැන..?

    ReplyDelete
  12. කෑදරකම ගැන ඉගෙනගන්න ලැබිච්ච හින්දා වෙන්ඩැති.චිත්තර පටියක ඔය මතක අමතක ගැන දෙබසක් මතක් උනා.

    'මට මගේ අයියගේ මූන මතක නෑ.හැබැයි අයියව මරපු එකාගේ මූන නං මට කවදාවත් අමතක වෙන්නේ නෑ'.

    ReplyDelete
  13. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. Fuzzy Logic තමයි කැම්පස් එකේ මගෙ ආසාම සබ්ජෙක්ට් එක..

    ReplyDelete
  14. අද කමෙන්ට් තීරුව නම් Fuzzy Logic වලට හොඳ උදාහරණයක්. :-)

    ReplyDelete
    Replies
    1. ඒ සේරම කමෙන්ටු අයින් කළා!

      Delete
    2. හෆොයි, එතකොට මේ නොදන්නා උන් Fuzzy Logic කියන්නෙ මොකද්ද කියලා අවබෝධ කර ගන්නෙ කොහොමෙයි?

      Delete
  15. Fuzzy Logic kiyanne monawage ewatada iye.

    ReplyDelete
  16. කතන්දරකාරයා කුනිස්සන්ට සහ හාල්මැස්සන්ට කැමති ඇති.

    ReplyDelete
  17. දවල්ට කාපු ගමන් මේ බ්ලොග් එකට ආවේ... දැන්නම් බඩ දගලනවා වගේ...
    මොනවද බන් මේවත් බ්ලොග් ද?
    මේ මගුල් බලන්න එන්නෙ කවුද? හපොයි මගෙ සල්ලි....
    මේක ලියන එකාමොන ජාතියෙ ඌරෙක් ද?
    කොමෙන්ට් දාගන්නෙත් ඌමද? අනේ කවුරුහරි උත්තර දීපන්කෝ.....

    ReplyDelete
    Replies
    1. උඹල තමයි මචන් මේ බ්ලොග් වලට එන්නේ. ඇවිල්ල නිකම් ඉන්නේ නැහැ කොමෙන්ටුත් දානවා. නෑවිත් ඉන්දහන්කෝ. උඹට කවුරුහරි බලකරනවා නම් මේක කියවන්න, පොලෝසි ගියොත් නරකද මචන්!

      Delete
    2. උඩ ඇනෝ ගෙ ප්‍රශ්න 4න් එකටයි මූ උත්තර දීලා තියෙන්නෙ... හැබැයි ඒ උත්තරයෙ අත්තිම ප්‍රශ්නයට පිලිතුරු හැන්ගිලා තියනවා... ඒ කියන්නෙ මේකෙ කොමෙන්ට් බොහොමයක් සහ ඇනෝ රිප්ලයි කකාගෙන්..

      Delete
    3. 1.38 ප ව කොමෙන්ටුව මගේ නිසා, මා දන්නවා මේ කකා නොවේ කියල. කකාත් අනුන්ගේ බ්ලොග් වල අර 12.51 පෙව වගේ කොමෙන්ටු (භාෂාව වෙනස් උනත් අර්ථය සමාන) දානවා උනත්, මා ලියුවේ මගේ හර්ද ශාක්ෂිය විස්වාස කරන දේ. කකා ඇනෝ ලෙස ප්‍රතිචාර දානවාද නොදානවාද කියලා මා නොදන්නා නමුත්, මා 1.38 පව කියන කරුණ නම් කාටත් අදාලයි!

      Delete
    4. මට ඇනෝ කමෙන්ටු දාන්නට තියා ලියන්න තියෙන දේ ලියාගන්නවත් වෙලාව නැත. නිකං බොරු දේවල් ගැන කමෙන්ටු ලියන්න ඔබේ කාලය නාස්ති කර ගන්න එපා.

      Delete
  18. Habai, yahaluwane, KAKA, apata, Brahama Dandanaya panawala,Anolage comment block karai da danne nehe. Ehema unoth nam Sorry ma thama, apata thawa goo yayi.

    ReplyDelete
  19. Ane malliye, tharaha ganna nam epa, mama mekata awe 6.30ta, kunu kela pitinma, tea ekawath beela thibbe nehe. pilunu bath ekakak thibila kewa, Eeta passe thama me bade rujawa allala, boga yanna gaththe. Meke katha liyanne, ape KAKA thuma,ude indala me comment damme, mama thuma, KAKA thumage pilunu bath parcel ekak, mama kala thama mehema une. Mata dawalta kannath behe.Sorry ma thama.

    ReplyDelete
  20. "හික් හික් හික් කුරුක් කුරුක්!"
    "හික් හික් හික් කුරුක් කුරුක්!"

    ReplyDelete
  21. මේ මොන විකාරයක්ද?

    කවුරුන් හෝ මෝඩ ආතල් එකක් ගන්නා බව පෙනේ.

    පව්!

    අනෙක් අයගේ යහපත උදෙසා මේ මොහොතේ සිට කමෙන්ට් මොඩරේට් කරන්නට සිදුවේ!

    ReplyDelete
  22. There are only 3 replies so far, thouh these appears to be from Anos. they could be from KAKA I am sure.

    ReplyDelete
  23. So far there are 3 replies appears to be from Kaka, although named as Anos.

    ReplyDelete
  24. Dan onna Brahma dandanaya panawala. Apathath Oone kale oka thami.

    ReplyDelete
  25. //දැන් මේ සිද්ධිය මෙච්චර කල් ගිහිල්ලාත් මගේ හිතේ රුඳිලා තියෙන්නේ ඇයි? //

    කකාගෙ මොලේ තියෙන්නෙ මැටි.... ඒකයි ඒ...

    ReplyDelete
  26. අපේ හාඩ් ඩිස්ක් එකේ වැඩ වෙන්නේ අපේ රුචි අරුචිකම් මත. ඔය කියන බත් මුලත් ඒවගේ එකක්.

    ReplyDelete
  27. දැක්කද චාටර් කොමෙන්ට් ඩ්ලීට් කරාම 50% වලින් කොමෙන්ට් අඩු වුනා... මිලියනයයි කියලා උඩ පැන්නට ලක්ෂ 5ක් නෑ බන්....

    ඇදුරු ගෙ බ්ලොග් එකේ ගොන් පාට් එකට එක්ස්පලනේෂන් දැම්ම කියුවට කෝ... ඒක ගැනත් ලියමුද තව පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයේ හිට්ස් ගැන යතාර්ථය පිළිබඳව මා දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි.

      ඔය කියන බ්ලොගයේ මා දැමූ ප්‍රතිචාර කපා දමා ඇත.

      Delete
  28. කතන්දර ගේ ඉස්සා පු**ද?
    hik hik...

    ReplyDelete
    Replies
    1. කෙලින්ම අහන්න...
      පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ !!!

      Delete
  29. Ano - 4.02 p.m. - You are correct. Our operation succeeded. most of the above comments are from Kaka. My indigestion cured. Now you see that he has not yet reached not even 1/2 of the hits he is boasting. Comments should be meaningful, constructive, and debatable. Unlike kruk, kruk.

    ReplyDelete
  30. Kako - why dont you delete the comments at 7.19 ; 8.27; 9.23; 11.39; 12.53; 1.o6; 2.14; 2.18; 2.19.those too are from the ANO* who bogged this from morning - till noon. You left them without deleting, cause they in your favour. Be impartial. ( * me. )

    ReplyDelete
  31. නිලමැස්සන් පැමිණෙනේ අසූචි වලට බව පසක්වු ලිපියක්

    ReplyDelete
  32. Neural Networks & Fuzzy Logic !!!
    මම ආසම නැති විෂයක් !!

    ඩික්ශනරියේ කියලා Fuzzy ටයිප් කලහම තේරුම එන්නේ 'සිනිදු මවිල් වලින් ගැවසුනු' කියන අර්ථය !!!
    ඒ කියන්නේ අපි Fuzzy කියන වචනේ වැරදියට උච්ඡාරණය කරනවද මන්දා..

    ReplyDelete
  33. මම හිතන විදියට අපේ ජීවිතේ හැම තත්පරයක් ම අපිට මතක හිටිනව.ඒක ආපහු ගන්න ක්‍රමේ තමයි අපි දන්නෙ නැත්තෙ.

    ReplyDelete
  34. Mr. KAKA, Please delete also the above comments referred by me in - Aug. 29th 4.46 p.m comment. why delete some and retain few.

    ReplyDelete
  35. Wow,Wow, computerya reta off kalama, udeta balana kota mavil avilla. - Me ahapalla lamayo lassana baila, Alla ganilla nathnam ill ganilla... Danne danne danne pane, Linde tharama pamani Madiya danne pane. ....Kathawakata giyoth pane hari pandithaya.......Loola nathi thanak athi, Kanaya ethi. Hari pandithaya, Kanaya ethi, Kana ridethee.......

    ReplyDelete
  36. Actual no. of comments received to this post is 31 or less. because 11 of the comments are from me, which i have requested him to delete. Kaka does not like my comments, and he has deleted some comments at his discretion.

    ReplyDelete
    Replies
    1. මෝඩ සොමි ගන්න ගිය ඇනෝ ඇතුළු සියළු දෙනාටම ස්තුතියි.

      1. අපේ මතකය නං වැඩ කරන්නේ කොහොමද කියා හිතාගන්න ෆසී ලොජික් පරතෙරටම ඉගෙන ගත්තත් බැරි වේවි. කස්සා කියා ඇති දේ මෙහිදී වැදගත්.

      2. බත් මුල් ප්‍රශ්නයේදී ටර්පන්ටයින් කාරයා සමහර විට හිතන්න ඇති හොඳි මාළු පිණි බෙදා හදා ගෙන කන්න මිතුරු චන්ද්‍රසිරි සමග. නමුත් චන්ද්‍රසිරි ඉහල (ඉස්සෝ) පැලැන්තියේ නිසා එහෙම අවශ්‍යතාවයක් නෑ. මට මේ ගැණ හිතුනේ එහෙමයි.

      සියළු දෙනාටම ස්තුතියි.

      Delete
  37. " අඩු වශයෙන් කතන්දරයක් ලියන්න පුළුවන් එකක් නං ඒත් කමක් නෑ! "
    මට නම් මෙක කියෙව්ව ගමන් හිනා ගියා.. ඒකෙන් තමයි ඕක කතාවක් වෙන්නෙ.. ඒක තිබුනෙ නැත්නම් මේක විකාරයක් වෙනව!

    ReplyDelete
  38. ඉතිං මේකත් ලස්සන කතාවක්නේ

    ReplyDelete
  39. \\\\\\\\\
    "මේකේ හාල්මැස්සෝ තෙල්දාලා තියෙනවා, ඕකේත් තියෙනවාද?"

    "නෑ, මේකේ තියෙන්නේ ඉස්සෝ" චන්ද්‍රසිරි කිව්වා.

    දෙබස එතනම නතර වුණා. දෙන්නා මුනිවතින් කෑම කෑවා.\\\\\\\\


    මට මේ කොටස් පැහැදිළි නැහැනේ කකා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.