Tuesday 26 June 2012

අපි නොදන්න ටැබූ (නමැති හිටපු බ්ලොග්කරුවා) හෙවත් රාවණා ගේ 2012 අවතාරය - Big Foot, Yetee and Taboo Subjects Blogger


ටැබූ, ටැබුවා, ටැබූ සර්, ටැබූකාරයා වැනි විවිධ නම් වලින් හැඳින්වුණු ටැබූ සබ්ජෙක්ට්ස් නමැති සිංහල බ්ලොග් අවකාශය දැපනේ දාගෙන හිටපු මහා බ්ලොග්කරුවා හිටි හැටියේම කැපිලා ගිහිල්ලා දැන් අවුරුද්දකට වැඩියි.

අවුරුද්දේ සංවත්සරය වෙනුවෙන් මං ලියපු ලිපියට ප්‍රතිචාර දක්වපු අයගෙන් සමහරු තමන් ලඟ පරිස්සමින් සේව් කරලා තියාගෙන හිටපු පරණ ලිපි කමෙන්ටු විදියට එතන දැම්මා, ටැබූ ගේ රචනා විලාශය දැකලා නැති අයගේ ප්‍රයෝජනය පිණිස.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හදිස්සියේම වැහිල ගියාම මුලින්ම කියවුනේ ඒක හැක් වුණා කියලයි.

ඊට පස්සේ තියරියක් ආවා මේක සෙල්ෆ් ඉන්ෆ්ලික්ටඩ් හැකිං එකක් ය කියලා. හේතුව- ඩප්පි සිරා වැනි වෙනත් ආරුඪ නාමයකින් පෙනී සිටින්නෙත් ටැබූම බව හෙලිවීමලු.

ඒ කොහොම වෙතත් ටැබූ සර් ඉතිං නොකියාම යන්න ගියා ගියාමයි.

දැන් මාස තුන හතරකට කලින් මට ඊ-මේල් දෙක තුනක්ම ආවා ටැබූ කියන්නේ අන්න අහවලාය කියලා සඳහන් වුණු. ඒ කතාව ඔප්පු කරන්න සුළු සුළු සාධකත් සපයලා තිබුණා, ඒ ඊ-මේල්වල.

නමුත් මට පෙණුනේ නම් ටැබූ කියන්නේ අහවලා නොවෙන්න ඊට වඩා ප්‍රභල සාධක තියෙන බවයි.

ඉතිං මං කෝකටත් කළේ අහවලාගෙන් ම මේකේ ඇත්ත නැත්ත අහන එකයි.

අහවලා නැහැය කිව්වා, නිකං නෙමේ ටැබූ ගේ දේශපාලන දරශනයත් පාච්චල් කෙරෙන උත්තරයක් එක්ක.

ඊට පස්සේ මං ඒ කතන්දරේ අමතක කරළා දැම්මා.

හැබැයි දැන් තත්වය වෙනස්. අද කේස් එක ටැබූ කවුද කියන එක නෙමෙයි. තරමක වෙනස් එකක්.

දැන් සතියක දෙකක වගේ ඉඳලා තැනින් තැන, විටින් විට ටැබූ දර්ශනය වෙන්න පටන් අරං. හරියට අර බිග් ෆූට් එහෙම නැත්තං යෙටී හිම මිනිහා වගේ.

අඩු වශයෙන් ලොකු අඩි සටහන් දෙකක් දකින්න තියෙනවා. මේවා එක්කෝ ටැබූ විසින් උවමනාවෙන්ම තැබූ අඩි සලකුණු. එහෙම නැත්තං නියම නිර්මාණශීලි කොපි කැට් කෙනෙකු ගේ සුපිරි වැඩක්.

මෙන්න පළමුවැනි බිග් ෆූට් අඩි සලකුණ. මගේ ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය කතන්දරේට දාපු කමෙන්ටුවක්.

[http://kathandara.blogspot.com/2012/06/misfired.html?showComment=1340438067147#c315476184848376694]

මේ භාෂා ශෛලිය ටැබූ ගේ ම තමයි. රාජ් ගේ නවාතැන ලියන රාජ්ට පවා මේ බව තේරිලා කමෙන්ටුවකුත් දැම්මා. (හැබැයි පස්සේ පොරම ඒක කපා දාලා).

අද බ්ලොග් ගඩොල් බ්ලොග් එකේ 150 සංවත්සරය වෙනුවෙන් පලවුණු පෝස්ටුවෙත් ටැබූ ගේ ම කියලා හිතෙන බිග් ෆූට් සලකුණු කමෙන්ටුවක් වැටිලා.

[http://bloggadol.blogspot.com/2012/06/150.html?showComment=1340688036958#c8506218492705020153]

පූස් ලා ගේ කතන්දර ලියවෙන බ්ලොග් ගඩොල් එක ටැබූ ගේ ප්‍රියතම බ්ලොගයක්. පූස් ලාත්, ටැබූත් එම පාසලේ සිසුවෝ කියලයි සඳහන් වුනේ. බ්ලොග් ගඩොල් ලියන පුරු-පුරු ගියෙත් ටැබූත් ගියාය කියන (මේ අයගේ ඉස්කෝලෙන් අල්ලපු වැටේ) කැම්පස් එකටමලු. ඉතිං මේ කමෙන්ටුව දැමීමේ නම් ලොකු පුදුමයක් නෑ.

හැබැයි අද මේ පා සටහනේ පොඩි වෙනසක් තියෙනවා.

ඒකේ කියවෙන විදියට ටැබූ, මාව පෞද්ගලිකව අඳුණනවා ලු, හම්බවෙලා කතා කරළා තියෙනවා ලු.

පිස්සු හැදෙන සඳ!

කවුද බොලේ මේ ටැබූ?

මට ඇතිවුණු අනිත් ප්‍රශ්ණය තමයි, ටැබූකාරයා කාළෙකට පස්සේ මෙහෙම මතුවෙලා මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයිද කියලා.

ටැබූ කියන්නේ අර 2012 එනවාය කියපු රාවණා ගේ අවතාරයද?

-කතන්දරකාරයා

(image: http://idleeflthoughts.wordpress.com/)

42 comments:

  1. අද රෑ නිවුස් වල විමර්ෂන කොටසට දාමු ද මේක...

    ReplyDelete
  2. //ටැබූ කියන්නේ අර 2012 එනවාය කියපු රාවණා ගේ අවතාරයද?//
    “එනවාය කියපු“ නෙවෙයි දැනටත් ඇවිල්ල බ්ලොග් අවකාශයට!

    ReplyDelete
  3. ඔය යෝධයව ඇත්තටම හැක් කරලම කියමුකො. මම ආයෙ ජීවිතේට බ්ලොග් ලියන්නේම නැතැයි කියා පැත්තකට වී හිඳීම ටැබූට තරම් නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
  4. මට පෙනෙන විදියට ටැබූ යනු බ්ලොග් අවකාශයේ බරපතල හිදැසක් තැබූ බ්ලොග් කරුවකු විය යුතුයි. මා බ්ලොග් අවකාශයට අලුත් නිසා ටැබූ කව්දැයි නොදනිමි. ඔහුගේ එකම එක පෝස්ටුවක් පමණක් කියවා ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න.., Link ඇති තරම් කියවන්න. ටැබූ ලිපි නොකියවූ බ්ලොග් කියවන්නෙක් අසම්පූර්ණයි.. :-) ටැබූ ආයෙ ලියන්න ගන්නව නං කියල හිතුනු වාර ගනන අනන්තයි...

      Delete
    2. සුධීර, බොහොම ස්තූතියි......!!!

      Delete
  5. මටත් හිතෙන්නෙම මේ නං ටැබූම තමා... :-)

    ReplyDelete
  6. අදාල කොමෙන්ටුව දැක්ක ගමන් මටත් හිතුනේ කකාට හිතුන දේම තමයි. ඒ වගේම ඔහුව මුණගැහුනු මොහොත තවම මට මතකයි. ඔහුගෙ රූප ලක්ෂණ කියන්නෙ නැත්තෙ ඔහු ටැබූනම් ඒ මගින් ඔහුව හෙළිදරව් වෙන්න පුලුවන් හින්දා. මම ප්‍රාර්ථනා කරනවා ඒ ටැබූ වෙන්න කියලා. මොකද එහෙනං මම මගේ බ්ලොග් ලෝකෙ වීරයො දෙන්නගෙන් එක්කෙනෙක්ව මුණගැහිලා කතා කරලා අතට අත දීලා තියෙනවා. අනිත් කෙනා මුණගැහෙන්න වෙන්නෙ කකා ලංකාවට හරි මම දකුණු කුරු දූවට හරි ගිය වෙලාවක තමයි :)

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදිහට නම්.බ්ලොග් හමුවට ඔහු ඇවිත්.

      Delete
    2. අනේ මන්ද, ඔය වගේ සීන් එකක් ගැන ඔහු පලකරපු ලිපියක මුලින් තිබුණු සටහනක් මම මෙතන පේස්ට් කරන්නම්.

      කාලිංග අයියා බ්ලොග්කරුවන්ට දුන් සාඩම්බර එළවළු බත් දන්සැල (පාඨක නිර්මාණයකි.) | A reader’s account on Kalinga ayyaa’s “Bath Dansela”

      Posted by Taboo on December 20, 2010

      ටැබූ අවශ්‍යයෙන් හා ප්‍රමාණවත්ව බ්ලොග්කරුවෙකි. (necessarily and sufficiently a blogger) ඔහු කරන එකම දෙය බ්ලොග් ලිවීමය. ඔහු වත් පොතට නොයයි. (Taboo Subjects වත් පොත් නඩය පාඨක නිර්මාණයකි.) ට්වීට් නොකරයි. බස් නොකරයි. බ්ලොග් හමුවලට සහභාගි නොවේ. පුද්ගලික හමුවීම් සඳහා කරන ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කරයි. පොත් නොලියයි. පොත් නොවිකුණයි. සම්මාන නොඉල්ලයි. බලාපොරොත්තු නොවේ. ඉර හඳ යට ටැබූ හමුවිය හැකි එකම තැන මේ බ්ලොග් අඩවියයි.

      බ්ලොග් හමුවන්හි කරන කියන දේ ගැන ටැබූගේ තැකීමක් නැති අතර, නිර්නාමික පාඨක ඉල්ලීමකට ඉඩ දීමක් සේ මේ පෝස්ටය සංස්කරණයකින් තොරව පළ කරන්නේ එහි ඇති යම් හාස්‍ය රසයක් නිසාත් මේ සංවාදයකට තුඩු දිය හැකි මාතෘකාවක් නිසාත්ය.

      Delete
  7. හ්ම්............ලියන්නෙක්ට නොලියා බැරිය. කියවන්නෙක්ට තමා කැමැති දෑ නොකියවා බැරිය. එහු යළි එනවා නම් හොඳය. නමුත් නැවතත් නොපැමිණෙන්නේ නම් වඩාත් හොඳය.

    ReplyDelete
  8. ටැබූ බ්ලොග් එක නැති වී බොහෝ කල් උවද ටැබූ නමින් හිට්ස් ලබා ගැනීම තවම ඉවර වී නැත. පජාතයි නේද සෑර්?

    ReplyDelete
  9. කතන්දර ෂර්ලොක් හෝම්ස් :D

    ReplyDelete
  10. කඩේ යෑමක් ද ??????????????????????

    ReplyDelete
  11. රාවණට අපහාස නොකරනු.. රාවනා සිද්ධම් .

    ReplyDelete
  12. ටැබූ බ්ලොග් අවකාශය තුල තවමත් හිට් එකකි.අද බිහිවී තිබෙන පජාත බ්ලොග් හැලි දුටු විට ටැබුගේ ඇනෝ කොමෙන්ටුවක් ඊට වඩා කොච්චර සරුද ?ටැබූ අද බ්ලොග් අවකාශයේ ෆැන්ටසියකි.අපි එහි ගිලෙමු.

    ReplyDelete
    Replies
    1. මම ටැබූගේ පෝස්ට්ස් ඔක්කොම වගේ කියවපු කෙනෙක්. මම බ්ලොග් කියවන්න ඇබ්බැහි උනේ ටබෝඕ නිසා. Taboo ඔබ නැති බ්ලොග් අවකාශය පරිප්පු නැති හෝටලය වගෙය.
      බ්ලොග් පාටකයෙක්
      සධිෂ .

      Delete
  13. මෙය ටැබූ සාදකය මාකට් කිරීමට කතන්දර කාරයා විසින්ම ගැහු සෙප්පඩ විජ්ජාවක් බවට මෙන්න කැට

    ReplyDelete
  14. ටැබූ එනවනම් ඒක කොච්චර වටින දෙයක්ද...

    ReplyDelete
  15. Jesus Will Help you Son.....

    ReplyDelete
  16. මීවනපලානේ රාජපක්ෂ27 June 2012 at 07:53

    කතන්ද්‍ර දරුව, අංජනමක් යවා ටැබූකාරයා සොයා නොගන්නේ මන්ද?

    නැතිවුණු ප්‍රාණකාරයකුට වූයේ කිමෙක්ද කියා කිරි ගහට ඇන්නාසේ සොයා දෙනු ලැබේ. රාවණා සමයේ සිට පැවත එන ආදි හෙළ අංජනම් කරම මඟින් ඕනෑම නැතිවුණු ප්‍රාණකාරයෙක් සොයා දෙනු ලැබේ. නැතිවුණු ප්‍රාණකාරයාගේ කෙස් ගහක් සැපයිය හැකිනම් ඔහු හෝ ඇය දෙපතුළටම ගෙන්නා දෙනු ලැබේ.

    * ස්කයිප් මඟින් නැතිවුණු ප්‍රාණකාරයා හා කතා කරන්න
    * වෙබ් කෑම් මඟින් අංජනම් බැලීමේ පහසුකම
    * අංජනම් බැලීම, ජන්මපත්‍ර පරීක්ෂාව, පොරොන්දම් බැලීම, ස්කයිප් මඟින් ග්‍රහාචාරය විමසීම ආදී සියළු ජ්‍යෝතිෂ කටයුතු සිංහල වෙබ් අවකාශයේ අඩුම මිළගණන් වලට සපයනු ලැබේ.
    * සෑම අංජනම් බැලීමක් වෙනුවෙන්ම ජන්මපත්‍ර පරීක්ෂාවක් හෝ නොමිළයේ හෙළ ආයුර්වේද වෛද්‍ය පරීක්ෂණයක් නොමිළේ
    * ගාස්තු සඳහා පහසු ගෙවීම් ක්‍රම
    * වැරදුනොත් මුදල් ආපසු (මෙය බ්ලොග් අවකාශයේ වෙනත් කිසිම ජ්‍යෝතිශාස්ත්‍රඥයකු විසින් නොසැපෙයෙන සේවාවකි.)

    - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

    ස්වස්ති රාවණ සිද්ධම්!

    දේශීය දේ අගයමු. පරසුද්දාගේ ටෙලිවිසොං වෙනුවට අපේ දේශීය අංජනම් බලා හෙළ යකෙකුට අනුග්‍රහය දක්වන්න.

    ReplyDelete
  17. මීවනපලානේ රාජපක්ෂ27 June 2012 at 08:28

    කතන්ද්‍ර දරුව, අනෙකුත් සියළු දෙනා ඔබ "කතන්දර" නමින් අමතද්දී මා ඔබට "කතන්ද්‍ර" කියන්නේ ඇයිදැයි ඔබ සිතේ ගැටළුවක් පැණ නැඟී ඇතුවා නොඅනුමානයි. මෙන්න අහන්නට කලියෙන් ඒ පැණයට පිළිතුරු.

    දිනපතා උදෑසන චිත්ත සමාපත්තියට සමවැදී ලෝකය විමසා බැලීම මගේ දින චර්යාවේ අංගයකි. පසුගිය දිනෙක එසේ චිත්ත සමාපත්තියට සමවැදුණු මට ඔබගේ පෙර අත්භවයක් පිළිබඳව අපූරු කාරණාවක් දැන ගත හැකි විය.

    එනම්, ඔබ කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස එතුමන්ගේ රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවයි. මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර"ය. එනිසා කතන්දර කීම ඔබේ සංසාර පුරුද්දක් බවත්, ඔබ මේ ඉදිරියට ගෙන යන්නේ එකී සංසාර පුරුද්ද බවත් දතයුතුයි.

    එසේම අද කතන්දර හාමිනේ නමින් වන ඔබේ සොඳුරිය ඒ භවයේදීද "කතන්ද්‍රී" නමින් ඔබේම ඇඹෙණිය වූ බවත් මගේ චිත්ත සමාපත්තියට මීටර් වී ගිය බව දත යුතුයි.

    (මේ අත්භවය පිළිබඳ වැඩි විස්තර තිබූ පුස්කොළ පොත් ඉන්දියානු බමුණන් විසින් සොරකම් කරගෙන ගොස් ඇති නිසා මීට වඩා වැඩි විස්තර සැපයිය නොහැකි වීම ගැන සමාවන්න.)

    - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

    ස්වස්ති රාවණ සිද්ධම්!

    ReplyDelete
  18. Kaka, what is and where is "දකුණු කුරු දූව"?

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාව.

      Delete
    2. Thank u Raj. Why it is called so?

      Delete
  19. මීවනපලානේ රාජපක්ෂ නම් දක්ෂ ලේඛකයෙක් ද සිරා ම පොරක් බව ද පෙනේ. :-)

    ටැබූ නමැති යෙටී ගේ අඩි සටහන් කීපයක් මම ද දැක්කෙමි.ඒ බව සටහන් ද කලෙමි.මතක හැටියට එක් අවස්ථාවක් තමයි චාර්මි ගේ පැති දොරටුව(Rear Gate).සමහර විට ඔහුට බ්ලොග් ලියන්න විවේකය අඩු ඇති.

    ReplyDelete
    Replies
    1. ජය ශ්‍රී දරුව, ඔබේ කමෙන්ටුවට බොහොම පින්. සෙතක්ම වේවා.

      බටහිර කසිකබල් දැනුමින් මොළේ කොලොප්පන් වූ පඬියන් අපේ දේශීය ශාස්ත්‍රයන්ට ගරහමින් සිටින මොහොතක ඒ දේශීය දැනුම අපට ආරක්ෂා කරදීම සඳහා අනුපමේය මෙහයක් කරන ලංකා ජ්‍යොතිෂ අරණ, වෙද ගෙදර, වර්ගපූර්ණිකාව ආදී බ්ලොග් ගොන්නට "හෙළ ආයුර්වේද හා ජ්‍යෝතිෂ අසපුව" නමින් නවතම බ්ලොගයක් එකතු කරන්නට මීවනපලානේ රාජපක්ෂ වන අප නිකිණි මස සිට සැදී පැහැදී සිටින බව මෙයින් දැනුම් දෙන්නෙමු.

      හෙළ ආයුර්වේදය රැකගනිමු. තේ වෙනුවට බෙලිමල් පානය කරමු.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
    2. muta pissuda hatida

      Delete
  20. ටැබුව නොදනිමි. එහෙත් ඔහු ලියු සටහන් කියෙව්වෙමි.

    ReplyDelete
  21. ටැබූ මම කැමතිම බ්ලොග්කාරයා උනත් මම බ්ලොග් කියවන්න එන කාලෙ වෙද්දි ටැබූ ගිහිල්ල. එහෙම නැත්නම් මුල් කාලයේ(2010 අවසන් කාලයේ) එහෙන් මෙහෙන් කියවපු බ්ලොග් අතරින් ටැබූ මිස්වෙලා. ඊට පස්සෙ ටැබූ ගැන හොයල බැලුවත් ඒ ලියමන් හම්භවුනේ නෑ. ඊට පස්සෙ දවසක මගේ ඉල්ලීමකට බ්ලොග් ගඩොල්ගෙ සයිට් එකේම Chanaka Aruna Munasinghe ටැබූගෙ ලිපි කියවන්න අවස්තාව සලසල දුන්න ආකයිව් ලිපිනය දාල.

    මම ටැබූගෙ කොමෙන්ටු හොයන්නම කතන්දර බ්ලොගේ පෙරලපු වාර ගනන සිය ගානක් වෙනව. ඉතිං ටැබූගේ(හෝ එ වගේ ලියන කෙනෙක්ගේ) කොමෙන්ටුවක් දැක්කොත් පටස් ගාල ටියුබ් ලයිට් එක පත්තු වෙනව. ඇනෝනිමස් ආතල් එකේ අන්තිම පෝස්ටුව වෙච්ච ඔබාගෙ මරණය ගැන ලිව්වෙ ටැබූ කියන්න හේතු තිබුන. ඒ වගේම තමයි කකාගෙ ක්ෂණික මෝචනය ගැන පෝස්ටුවෙත්. මම දැම්ම කොමෙන්ටුව මැකුවෙ ජාතකේ හොයල පලක් නැති නිසා.:)

    ටැබූගෙ සයිට්එක වැසී යාමෙන් සිදුවූ පාඩුව මකන්න බැරි හිඩසක්. ටැබූ ඇනෝ කොමෙන්ටු හරි දානවනම් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  22. කතන්දර ටැබූ ගැන ලියනව වැඩිද මන්ද? හැබැයි මම නම් ඒකට කැමතියි. :)

    මමත් ආසමකරන රයිටින් ස්ටයිල් එකක් ටැබූට තිබුණෙ. ඇත්තෙන්ම මම බ්ලොග්වලට ඇබ්බැහිවුනෙත් ටැබූ නිසා. කොටින්ම සිංහල බ්ලොග් කියල දෙයක් තියනව කියල දැනගත්තෙත් ටැබූගෙ බ්ලොග් එක හරහා. ඒ දවස්වල රාවය පත්තරේ කොලම් එකක් තිබුණ බ්ලොග් එකක ලිපියක් උපුටල දක්වපු. ඒකෙ නිතරම Beyond Frame ගෙයි, ඉඳහිට ටැබූගෙයි ලිපි පළවුනා.ඒ කොලම් එක පත්තරේ මම ආසකරන කොලම් එකක්. පස්සෙ මම ටැබූගෙ බ්ලොග් එකට ගිහින් ටිකක් කියවල බැලුවා. ඒ හරහා තමා මම අනෙක් බ්ලොග්වලට ගියේ. ඔහු විටින් විට පෙනී සිටිනවට වඩා වෙනත් නමකින් හරි යළි දිගටම ලියනව නම් මමත් කැමතියි.

    එයා නිකම් සිංහල බ්ලොග් අවකාශයෙ පුරාවෘතයක් වගේ නේද? :)

    ReplyDelete
  23. ටැබූ හෙවත්, ටාඹු කියල පොරක් වතුපිටිවල රෝහල පැත්තෙත් ඉන්නා බවට දූෂමාන ආරංචියක් ලැබුණා බොලල්ලා.

    ReplyDelete
  24. හැබෑටම මේක හොයන්නම වටිනා කේස් එකක්ද?

    ReplyDelete
  25. ස්වස්ථි සිද්ධම්.....!

    ReplyDelete
  26. mama blog kiyavanna patan gaththeth taboo ge wimal veeravansha gena liyapu lipiya Elakiri eke dekala. taboo ge writing style eka gena nam katha karala wedak naha

    taboo ayth blog liyavana nam loku deyak

    ReplyDelete
  27. මචං උඹ ටැබුව විකුනං කාපං!
    ඒකට කමක් නෑ. ඒත් කියහං උඹ ටැබූට කෙලවෙච්චි වෙලාවේ අඩු ගානේ ඌ වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකක්වත් දැම්මද?

    ටැබුට කෙලපු වෙලාවේ ටැබු වෙනුවෙන් ලිව්වෙ උගේ පෝස්ට් එකක වත් කමෙන්ට් කල එවුන් නෙවෙයි.. හෙහ් මේව දැක්කම පුකෙනුත් හිනා මිස්ට සූරිය ආරච්චි.

    ReplyDelete
  28. මොකක් කියන්නද හිතාගන්න බෑ. ඒත් ටැබූ ගේ ලිපි ටිකක් නම් කියෙව්වා. ස්තුතියි ඒ ගැන.

    ReplyDelete
  29. පිළිතුර මේල් කරන ලදී. පල කිරීම තහනම්. :)

    ReplyDelete
    Replies
    1. මාර ගොන් පාට් එකක්නෙ, අනිත් උන්ට කියවන්නත් නැත්නම්, මේල් එකකුත් යැවුවනම්, මොන #### ඒක ආයෙ බ්ලොග් කොමෙන්ටුවකත් දාන්නේ.
      එක අතකට ඉතින් ඔන්න අපිත් දන්නව හැබයි උඹලට කියන්නෙ නෑ කියල පොඩි ආතල් එකකුත් ඇතිනේ. මුන්නෙ මේ බ්ලොග් ලෝකෙ කෙරුම් කාරයෝ.

      එක අතකට කකා හොඳයි මුන් මේ කරන වැඩ දැක්කම.

      Ano111

      Delete
    2. ඊට එහා අරමුණක් තියෙනවා. ඒක තමා මේ වේලි වේලි කාගේ හරි ඇදයක් හොයන්න දඟලන ඇනොවෙක්ට කොමෙන්ට් එකක් දාන්න අවකාශ ලබා දීම. :)

      Delete
  30. මාර ගොන් පාට් එකක්නෙ, අනිත් උන්ට කියවන්නත් නැත්නම්, මේල් එකකුත් යැවුවනම්, මොන #### ඒක ආයෙ බ්ලොග් කොමෙන්ටුවකත් දාන්නේ.
    එක අතකට ඉතින් ඔන්න අපිත් දන්නව හැබයි උඹලට කියන්නෙ නෑ කියල පොඩි ආතල් එකකුත් ඇතිනේ. මුන්නෙ මේ බ්ලොග් ලෝකෙ කෙරුම් කාරයෝ.

    එක අතකට කකා හොඳයි මුන් මේ කරන වැඩ දැක්කම.

    Ano111

    ReplyDelete
  31. මම අවුරුදු 3 ක් 4ක් තිස්සේ බ්ලොග්ස් කියවන කෙනෙක්. මුලින්ම බැලුවේ ටබෝඕ සුබ්ජෙච්ට්ස් බ්ලොග් එක . මට හිතෙන විදියට බ්ලොග් අවකාශයේ එක එක යුග තිබුන. (ටබෝඕ සුබ්ජෙච්ට්ස් , Beyond Frame ඊට පස්සේ කතන්දර, දුක , දුමි , බ්ලොග් ගඩොල් යුගය , දැන් අන්සතු දිනපොත , හිස් අහස වගේ) වර්ගපුර්නිකව බ්ලොග් එක බලන කොටත් මට මතක් වෙන්නේ ටබෝඕ සුබ්ජෙච්ට්ස්ගේ යුගයේ තිබුන නිර්මාණශිලිත්වය සහ ලිපියක් ලියනකොට තිබුන කැපවීම. මට එහෙම හිතෙන්නේ ඇයිද කියල මට තේරෙන්නේ නෑ.
    ~සධිෂ ~

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.