Sunday 12 February 2012

කකුල්, ආදරය, භාෂා ප්‍රයෝග සහ උපමා - Love and Legs (Sunday special extra story)


අම්මපා මොකක්ද මේ ඉංගිරිසියෙන් ගත්තාම ආදරයයි කකුලයි අතර තියෙන අමුතුම අමුතු සම්බන්ධය?

කෙල්ලෙක් කොල්ලෙක් හමුවුණු මොහොතේ මහා ආදරයක් ඇති වීමට කියන්නේ ෆෙල් ඉන් ලව් හෙඩ් ඕවර් හීල්ස් කියලයි.

කෙල්ල කොල්ලාව හරි, කොල්ලා කෙල්ලව හරි අතහැරලා සම්බන්ධය නතර කළාම ඒකට කියන්නේ බූට් එක දුන්නා කියලයි.

ඒවගේ ඒවා භාෂා ප්‍රයෝග. මේ පල්ලෙහා තියෙන කවියෙත් වෙනත් ආකාරයක පොඩි ප්‍රයෝගයක් තියෙනවා. කියවලා බැළුවොත් පෙනෙයි මොකක්ද කියලා.

වෙනස

අදත්
එදා වගේම
සේරම දේවල් තියෙනවා
අහස පොළොව
සඳ ඉර
ඔබ මම

ඒත්
එදා තිබුණු මොකක්දෝ
අද අඩුයි වගෙයි

ඒකද මේ පාළුව?


(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න වෙනත් ආකාරයක කවියක්.

ටවුන් එක රන් කරන් හිටපු නොන්ඩි සෝමේ හෙවත් ටයිගර් හදිසියේ අප අතරින් වියෝ වුණා. ඒ දුකට ලියවුණු ශෝක ප්‍රකාශයක තිබුණු කවියක් මේක.

මට මතක විදියට මේ කවිය ලිව්වේ සමාජ සමයං කාටුන් එක, පොඩි එකාගේ ලියුම වගේ ආතල් වැඩ ගොඩක් කළ ඇස්. තෙන්නකෝන්.

මුළු රට ගිල්වලා රෑ මෙන් අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ මරහුගේ මුකේ
ටයිගර් සුමිතුරාණෙනි අප හෙලූ දුකේ
හොඳ කකුලක්ය ඔබ අපගේ බජාරෙකේ


(iamge: http://en.wikipedia.org/wiki/File:Head_over_heels_ver1.jpg)

23 comments:

  1. අඩු උනේ ඔබගෙන් පිරුනු අඩුවද මන්දා ?

    ReplyDelete
  2. බජාර්වල ඉන්නේ කොහොමත් අතින් පයින් වගේ කටිනුත් වැඩකරුවොනේ..

    ReplyDelete
  3. 'හස්තද්වාරයෙන්' කියන්නෙ මොකක්ද? අතින් ලිව්වා කියන එකද? කකාම පබ්ලිශ් කරා කියන එකද?

    ReplyDelete
    Replies
    1. අතේම පබ්ලිෂ් කළා කියලනෙ.

      Delete
    2. කකා කාලයක් අතේම තමා පබ්ලිශ් කලේ

      Delete
  4. හස්තද්වාරයෙන් පළ කරපු කවියේ ප්‍රයෝගය තේරු‍නේ නෑ. පාදය ගැන හස්තද්වාරයෙන් කටයුතු කිරීමත් හරි මදි මගෙ හිතේ.

    හිසේ සිට පාදාන්තය දක්වා ආදරයක් ඇති වුනාම කකුලට විශේෂත්වයක් නෑ. ඒත් “ආදරේ” පටන් ගන්නෙ කකුලෙන් කියලයි මට හිතෙන්නෙ.

    බූට් එක වදිනව කියද්දි එතන කියන්නෙ කකුලට දාන බූට් එකම ද කියල විකිපීඩියා එකේවත් බලන්න වෙනව.

    ReplyDelete
  5. එදා වගෙ ඔබ මගේ නෙමෙයි, මම ඔබේ නෙමෙයි. එහෙමද? මටනම් දැනුනෙ එහෙමයි.

    ReplyDelete
  6. දෙවනි එක මතලන් ලියපු "සුභ අනාගතයක්" වගේ
    http://maathalan.blogspot.com/2012/01/suba-anaagathayak.html
    ඩබල්ගේම්., ප්‍රයෝග තමයි නේ. ඕව ඉතිං හැමෝටම බෑ නේ. මරු

    ReplyDelete
  7. කකුලෙන් පටන් ගෙන හිස මුදුනේ දුවන
    ආදරයක් ගැන ද මේ ලියලා තියෙන

    'Topsy-turvy'

    ReplyDelete
  8. මමත් ඔයා පාද පාද නිසා හස්තද්වාරයෙන් ගොඩක් ඒව එලියට දාල තියෙනවා...

    ReplyDelete
  9. කෙල්ලෙක් දැක්කාම මොලේ කකුලට බහිනවද මන්දා හි හි

    ReplyDelete
  10. බූට් දුන්නාම කියන්න වෙන්නේ "හීල්ස් ඔවර් හෙඩ්" කියලා...

    ReplyDelete
  11. හපොයි ටයිගර්ර්ර්ර්ර් !

    ReplyDelete
  12. කකුල් දකිද්දි හිතෙන එවුව මේ දවස්වල හස්තද්වාරයෙංම තමා එලිදක්වන්න වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇයි පවුල රට ගිහින්ද නැත්නම් උඹ රට පනලද

      Delete
    2. රට බල්ලට ගිහින්, බල්ල රට ගිහින්

      Delete
    3. ඉන්දිකයෝ ඌ ආයෙ ආවා පාකිස්තාන් ගිහින්

      Delete
  13. මේක ආදර කතාවක් ද ? බූට් සීන් එකක්ද ?

    ReplyDelete
  14. මටත් තේරෙන්නෙ නැහැ අප්පා....ආදර කතාවක්ද බූට් කතාවක්ද? ආදරයයි කකුලයි අතර සම්බන්ධය..ම්ම් ...පොඩ්ඩක් ඉන්න තව ටිකක් හිතල බලන්න ඕනෙ......

    ReplyDelete
  15. හ්ම්....පොඩ්ඩක් විතර ටියුබ් ලයිට් වගේ..... o.O

    ReplyDelete
  16. පළවෙනි කවියනම් පපුවටම වැදුනා මහත්තයෝ

    ReplyDelete
  17. අය්යෝ මටත් කවියෙ තිබුණ ප්‍රයෝගය නම් තේරුණේ නැහැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.