Wednesday 20 July 2011

රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ - More adventures of Mr Ratnayake


රත්නායක කියන්නේ මගේ හොඳම යාළුවෙක් බව කතන්දර බ්ලොග් එක දිගටම කියවල තියෙන හැම දෙනෙක්ම දන්න කාරණයක්.

අළුතින් ආපු ඉන්නවනං අඩු වශයෙන් රත්නායක ජෝක්ස් ගැනවත් කියවල ආපහු මේ කතාවට එන්න.

රත්නායක මහත්තයයි, රමණී නෝනයි සම්බන්ධ සියළුම කතන්දර මං මේ පෝස්ට් එකේ යටින් උපලේඛනයක ලයිස්තුගත කරල තියෙනවා, කලින් කියවලා නැති අයට බලා කියා ගන්න.

අද මෙන්න රත්නායක මහත්තයා ගැන කතන්දර දෙකක්. මුල් කතාව නං පොඩ්ඩක් ප්‍රබන්ධයක් මගේ හිතේ. දෙවෙනි එක නං අමූලික ඇත්ත.


ඔන්න රත්නායක මහත්තයා රමණී මැඩම්ව බඳින්න කලින් කාලේ එක දවසක් හවස් වෙලේ රමණී ලා ගේ ගෙදර ගිහින් තියෙනව. මේ කාලේ රත්නායක මහත්තයා හිටියේ මහරගම. රමණී ලා ගේ මහගෙදර පානදුරේ.

එදා හවස් වෙලේ එහේ ගිහින් දෙමව්පිය අධීක්‍ෂණය යටතේ ඔන්න ජෝඩුව ඉස්තෝප්පුවේ කතාබහ කර කර ඉඳලා තියෙනවා. දන්නෙම නැතුව කළුවර වැටුණා. ඉතිං රත්නායක මහත්තයා යන්න නැගිට්ටාම ඔන්න ආරාධනාවක් ආපි, රෑට බත් ටිකක් කාලාම යන්න කියලා.

බත් කකා ඉන්න අතරේ, මහ හයියෙන් ගොරවලා මොර සූරන වැස්සක් වහින්න පටන්ගත්තා. දන්නවනේ වහින්න ගියාම පානදුරේ පැත්තට වහින වැහිල්ල!

දැන් මොකද කරන්නේ. මේ වැස්සේ ගෙදරින් යන්න තියා හිතන්නවත් බෑ.

රත්නායකට අද රාත්‍රියේ මෙහේ නතර වෙන්න වෙයි වගේ!

රමණී මැඩම් ගේ තාත්තා නං ඒ අදහසට කොහොත්ම කැමති වුනේ නෑ. ඒත් ඉතිං ලොකු කෙල්ලව බඳින්න ඉන්න මිනිහව තරහ කරගෙනත් බෑනේ.

මේ උභතෝකෝටිකයට හොඳ විසඳුමක් ආවා තාත්තට.

රමණී ගේ තාත්තා කිව්වා රත්නායකට මෙන්න මෙහෙම.

"පුතා ට මේ වැස්සේ යන්න දෙන්නත් බෑ. නමුත් ඉතිං මෙහේ ඉන්න කියන්න විදියකුත් නෑ. මොකද, ඇඳගන්න දෙන්න සරමක්වත් නෑනේ, සේරම හෝදලා තාම වේලිලා නෑ."

මේ වෙනකොට රාත්‍රියේ රමණී ලා ගේ ගෙදර ඉන්න සිහින බල බල හිටපු අපේ රත්නායක මහත්තයා ඕවයින් සැලෙන කෙනෙක් නෙමේ.

"කමක් නෑ, අංකල්, මං ටක් ගාල ගෙදර ගිහින් සරමක් අරං එන්නම්."


මෙන්න දෙවෙනි කතන්දරේ. මේකත් රත්නායක ගේ තැනට සුදුසු නුවණ ගැන කියවෙන එකක්.

රත්නායක ලා ගේ කැම්පස් එකේ ම (දන්නවනේ අර කුකුල්ලු දෙන්නා ගේ කතන්දරේ කියවුණු ස්ථානය?), පොරට අවුරුද්දක් ජූනියර් එකෙක් ඉන්නවා ශ්‍රියන්ත කියලා. ශ්‍රියන්තයත් පදිංචිය රත්නායක ඉන්න පැත්තේමයි.

ඔය ශ්‍රියන්ත ගේ වයිෆ් මයුරි ගැන තමයි මං අර තිස්ස ගේ ආගම් මාරුව කතන්දරේ ලිව්වේ.

දවසක් රත්නායක ණයට ගත්තු උදැල්ලක් රිටර්න් කරන්නද කොහෙද ශ්‍රියන්ත ගේ ගෙදර ගිය වෙලේ ශ්‍රියන්තගේ වෙන යාළුවෙක් එහේ ඇවිත් ඉඳලා.

"රත්නායක, මේ විපුල්, අපේ ඔෆිස් එකේ වැඩ කරන පොරක්." ශ්‍රියන්ත ඔන්න තමන් ගේ මිතුරෝ දෙන්නාව එකිනෙකාට අඳුන්වලා දෙන්න පටන් ගත්තා.

"මචං, විපුල් මේ තමා රත්නායක. අපේ කැම්පස් එකේ මට වැඩිය අවුරුදු දහයක් විතර සීනියර් පොරක්." ශ්‍රියන්ත එහෙම කිව්වෙ රත්නායකව චා කරලා දාන්නයි.

ඔය වගේ වෙලාව තමයි රත්නායකට නියම කතා හිතට එන්නේ.

"ඔව් විපුල් මං කැම්පස් එකේ දී නං ශ්‍රියන්ත ට වඩා අවුරුදු දහයක් සීනියර් තමයි. ඒත් අපි පහේ පන්තියේ දී ක්ලාස් මේට්ලා. මූ ඉතිං, පහේ පන්තියේ ෆේල් වුණා, හතේ දී ෆේල් වුණා, ඕ-ලෙවල් පස් පාරක් කළා, අන්තිමේදී ඒ-ලෙවල් තර්ඩ් ෂයි එකේ තමයි කැම්පස් ආවේ!"

"ඒක හින්ද මූ මට වඩා කැම්පස් එකේ දී අවුරුදු දහයක් ජූනියර්...!!!"

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ඉහතී කී උප ලේඛනය
රත්නායක ජෝක්ස්
රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
රමණී මෙතඩ්
පුරාතන මධ්‍යතන නූතන
එසේම වේවා
මී කිරිවල ගුණ
කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
අරක්කු ඕනා, කෝක් වානා
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං

(image: http://www.dvdbeaver.com/film2/DVDReviews35/i_am_legend.htm)

29 comments:

  1. අපරාදේ කාකා....රත්නායක මහත්තයට තිබ්බෙ මොකටත් කියලා රමණි නෝනව බලන්න යද්දි බෑග් එක ඇතුලෙ සරමක් දාගෙන යන එක.......

    ReplyDelete
  2. මරු මරු! රත්නායක මහත්තයා නියම පොරක් බලන් ගියාම

    ReplyDelete
  3. හරියටම දහය ගණන් හදල...
    පහේදි ෆේල් - 1
    හතේදි ෆේල් - 1
    ඕලෙවල් - 5
    ඒ ලෙවල් - 3

    ඔක්කම දහයයි......... රත්නායක තමයි නියම යාලුවා.

    ReplyDelete
  4. නිර්මාණාත්මක අතින් උසස් ලේඛකයෝ තම අත්දැකීම් ඉදිරිපත් කරන ආකාරය සමහර අවස්ථාවලදී අති විශ්ෂ්ඨයි....

    ReplyDelete
  5. මේ මනුස්සයනම් රියල් පොරක්...

    ReplyDelete
  6. Gimhani

    ඉතින් ගෙදර ගිහින් සරමක් අරන් එන්නම් කිව්වම .. තාත්තා මොනාද කිව්වේ??????

    ReplyDelete
  7. තනිකරම ඉල්ලං ​කෑමක්නේ අයියේ....

    ReplyDelete
  8. රත්නායක මහත්තය එල කොල්ලෙක්නේ....

    ReplyDelete
  9. ඕක අයියට වෙච්චි වැඩක් නෙමේ නේද?

    ReplyDelete
  10. දෙවෙනි කතාවනම් සුපිරි... පස් කන්න හිතෙන්න ඇති අනිත් එකාට...

    ReplyDelete
  11. මෙන්න කතන්දර!

    මේ වගේ කතන්දර දාන්නකො හැමදාම. වැඩේ ඉවරයිනේ

    ReplyDelete
  12. අර කිව්වත් වගේ සුපිරිම කතාවක තමා.. සුපිරිම කැරැක්ටර් එකක් තමා රත්නායක උන්නැහේ....

    ReplyDelete
  13. ගෙදර ගිහිං සරම අරං එන්නං කිව්වම අන්කල් දීපු උත්තරෙත් දාන්නකො..

    ReplyDelete
  14. මගේ යාලුවෙකුත් හිටියා ඔයවගේ. තර්ඩ් ෂයි කරලා කැම්පස් ගිය එවුන්ට නෝන්ඩිය දාන. මූ 2nd ෂයි එකෙන් කැම්පස් ආපු එකෙක්. පොඩි අවුලක් තිබුනා මුගේ වයස තර්ඩ් ෂයි කරලා කැම්පස් ගිය එවුන්ගෙ වයසමයි. පස්සෙ හොයලා බලනකොට මූ 1 වසරෙදි ෆේල් වෙලා. වැඩේ දැනගත්තට පස්සෙ පොර ෆුල් සයිලන්ස්.

    ReplyDelete
  15. ගිම්හානිටය්, ආගන්තුකයටයිත් ඕන නැති කෙහෙල් ගෙඩියක් නැහැ, හිකිස්....

    චුටි සීන් කෝන් එකක් මතක් වුනා. ස්ථානය-වෙන්ට ඔබී ලගේ ගෙදර. ඔබී කාමරේ ඇතුලේ තියෙන මැෂිමෙ මොකද්ද මහනව. ඔබා ජනෙල් පත්තෙ ඉඳගෙන ඔබී එක්ක හෙන කය්යක්. (කය්යක් කිව්වට ඔබී කියනව, ඔබා අහගෙන ඉන්නව) දුෂ්ටයා-ඔබී ගේ තාත්ත ඇවිල්ල බැලුව, මුකුත් නොකිය දොරේ කර්ටන් එක දොර උඩට දාල යන්න ගියා.

    ReplyDelete
  16. රත්නායක මහත්තයක් මාර පොරක් තමයි. එක වෙලාවකට මොලේ නෑ. තවත් වෙලාවට අයින්ස්ටයින් වගේ....!

    එළ කතා දෙක කසු...!

    ReplyDelete
  17. පානදුරේ පැත්තට විතරක් විශේෂ වැහිල්ලක් තියෙනවද? :)

    ReplyDelete
  18. අපරාදේ රමණි නෝනව බලන්න යද්දි සරමක් දාගෙනම යන්න තිබ්බා. ලස්සන නම ර..ම..ණි !!!!

    ReplyDelete
  19. Mr. Ratnayake is a very clever man. ඌ කොහොමටත් ඉතිං තුන් කල් (පුරාතන, මධ්‍යතන, නූතන) දක්නා නුවණ තියෙන පොරක්නෙ.

    ReplyDelete
  20. මම කතනදර බ්ලොග් එකේ මුලින්ම කියෙව්වෙත් රත්නායක මහත්තෙයගෙ කතාවක්... ඒ කතන්දරේ ඕං 2010 ජූලි ඉඳන් වැඩියම කියවපු ලිස්ට් එකේ දෙකට ඇවිල්ල... ( මගෙ හිට් එකත් එක්ක )

    අද කතා දෙකත් පට්ට.. මම වැඩියෙන්ම කැමති කතා දෙක තෝරගෙන තියෙන විදිහට.. නියම contrast එකක් තියෙන්නෙ...

    එකක් උඩුරාවණ මොඩල් එකේ .. හීන් මඩ පාරක්... අනෙක නස්රුදීන් මොඩල් එකේ...

    ReplyDelete
  21. පුදුමයි රත්නායක මෙහෙම නොකිව්ව එක....
    සරමක් ඕන නෑ..අංකල්...මට මෙහෙම බුදියගෙන පුරුදුයි කියලා.

    ReplyDelete
  22. සරම මොකටද අප්ප වෙන්ට නෝනගෙ ගෙදර නිදා ගන්න? අනික යන්න තැන් නැතුවමද මේ ගෙදරට රිංගුවෙ කතා කර කර ඉන්න!
    පානදුරේට වහින වැහි ගැනනං කතා කරල වැඩක් නෑ කකා. මාත් මේ අම්බානකට නෑවෙ එහෙම එකකින් තමා...

    ReplyDelete
  23. රත්නායක මගත්තයාට මගේ උපහාරය .. නියම මනුස්සයෙක් නේ .. සරමක් ගේන්නම් කීවට පස්සේ කසාදේ කැඩුනේ එහෙම නැද්ද ? ..

    සරම් කතාවට තමයි මම ඉහලින්ම කැමති ..

    ReplyDelete
  24. සිරා කතා දෙකක්නේ ..............

    ReplyDelete
  25. මාර මීටරයක්නේ මිස්ටර් රත්නායක.....

    ReplyDelete
  26. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    රත්නාක මහත්තයා සියළු දෙනාටම තම ස්තුතිය පිරිනමන බව කීවා!

    මාර බිසි සතියක් ගෙවී යන්නේ. හොඳ වෙලාවට කතන්දර කලින්ම ලියලා
    ඔටෝ පොස්ට් වෙන්න දාලා තියෙන හින්දා හොදා!

    නැත්තං මේ සුමානේ බ්ලොග් එකට නිවාඩු දෙන්නයි වෙන්න තිබුනේ.

    හෙට වෙබ් කා වතුර බීම කතන්දරේ.

    ReplyDelete
  27. මෙන්න ආයෙමත් සුපුරුදු කතන්දර.. රත්නායක කතන්දරනම් මෙගා සීරිස් වුනත් නියමයි..
    කතන්දර දෙකත් පංකාදුයි.. මාතලන් ගොයියගේ කමෙන්ටුව ඊටත් වඩා පංකාදුද මන්දා.. :)

    ReplyDelete
  28. රත්නායක මාමා තමා දවසකටවත් මිනිහා..... එහෙම වෙන්න ඕනනේ කතන්දරලවනේ ආශ්‍රය කරන්නේ

    සිරාවටම මරුම තමා

    ReplyDelete
  29. හෑ.....!!!!!!!!
    එතකොට අවුරුදු 10ක් ජූනියර් ශ්‍රියන්ත කැම්පස් එනකොටත්, රත්නායක මහත්තය කැම්පස් අවුට් වෙලා නැද්ද?

    එහෙනම් රත්නායක මහත්තයත් බැච් මිස් වෙලා......!!!!!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.