Friday 6 May 2011

අහෝ ඇගේ බෙල්ල! එය තක්ෂිලාවෙන් ගෙනා සේලයක් වැනිය - Oh shit! Her neck looks like a long cloth brought from Takshila


අපි සමහරු ඉපදිලා ඉන්නේ සින්දු කියන්න විතරක් ද මන්දා? බාත් රූම් එකේ ඉන්න කොට සින්දු කියනවා. වැඩට යන එන කොට සින්දු විසිල් කරනවා. ට්‍රිප් එකක් ගියත් එහෙමයි.

කොටින් ම නින්දෙදිත් එහෙමයි. අද උදේ ඇහැරෙන කොට හීනෙන් කිය කිය හිටිය සින්දුව අතර මගදි නතර කරල නං ඇහැරුනේ, අද රෑට නිදාගන්න ගියාම හීනේ පටන් ගන්නේ අර උදේ සින්දුවේ හරියටම නතර කරපු තැන ඉඳලයි. හරියට ඉස්සර තිබුණු සින්දු කැසට් අහනකොට වගේ!

සින්දු කියන්න කැමති අය කොටස් දෙකයි. සින්දුවල පද දන්න අය සහ නොදන්න අය. මේ දෙවෙනි කොටසගෙ පිහිටට එන්නේ සින්දු පොත්. දැන් නං ඉතිං නොයෙකුත් වෙබ් සයිට් තියෙනව සින්දුවල වචන හොයා ගන්න පුළුවන්.

සින්දු සිය ගනං එකතු කරල PDF හදල නිරතුරු ඊ-මේල් මගින් හුවමාරු වෙන බවත් ඕගොල්ලෝ දන්නවනේ.

අපේ රත්නායක මහත්තයාත් හරි කැමතියි සින්දු කියන්න. පොර ගාවත් තියෙනවා අර කියපු ආකාරයේ PDF සින්දු පොත් කීපයක් ම ප්‍රින්ට් කරලා, එකකින් කොපි පහ හය ගානේ. ඒ හැම එකක්ම A, B, C, D විදියට නම් කරලා පිටු අංක දාලා තියෙන්නේ.

ඉතිං අපි රත්නායක ලා ගේ ගෙදරදී හරි, එකට ට්‍රිප් එකක් ගියාම හරි සින්දු කියන්න සෙට් වුනාම කරන්නේ මෙහෙමයි. ඔන්න එක් කෙනෙක් පොත් පෙරලලා බලලා B24 වගේ අංකයක් කියවනවා. හැමෝම තමන් ලඟ තියෙන B පොතේ විසි හතරවෙනි පිටුව පෙරලලා ඒ සින්දුව කියන්න ගන්නවා.

ඊලඟට එන්නේ 'D5' වෙන්නත් පුළුවනි, 'A18' වෙන්නත් පුළුවනි.

මේ සින්දු පොත් හරි ප්‍රයෝජනයි සින්දු කියන්න කැමති ඒත් වචන දන්නේ නැති අයට. හැබැයි, පොඩි පහේ ප්‍රශ්ණයක් නම් තියෙනවා. ඒක තමයි මේ සින්දු පොත් බොහොමයක සමහර සින්දුවල වචන නිවරදි නැති වීම.

මගේ තව යාළුවෙක් වෙන කුසල් කුරුකුලසූරිය මේකට විසඳුමක් ගෙනල්ලා!

මිනිහාම ටයිප් කරලා, PDF සින්දු පොතක් හදලා!!

පිටු හැත්තෑ පහක් විතර. එක පිටුවක සින්දු දෙක ගානේ. අපි හැමෝටම මේ ගැන දන්වලා, ඊ-මේල් එකකින් පොත එව්වා!!!

ඔන්න එදා මං මේ කුසල් කුරුකුලසූරිය PDF එක කියවාගෙන යනවා. බලන බලන සින්දුවේ වැරදි. අකුරු වැරදියි, වචන වැරදියි, අකුරුයි වචනයි දෙකම වැරදියි.

අන්තිමට මෙන්න මේ සින්දුවට ආවම මං තව දුරටත් කියවීම නතර කළා.

දැක්කොත් පද්මාවතී, ආලේ නොකර බැරි //
ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ, හෝ ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ
දැක්කොත් පද්මාවතී, ආලේ නොකර බැරි //
මේඝ සෙ කේශාවේ ඇගේ ග්රීව තක්සේලේ //
අහො ඈගේ ග්රීව තක්සේලේ, අහො ඈගේ ග්රීව තක්සේලේ
ලමැද හංසයින් සේ පෙනේ ආලේ නොකරා බැරි.


මොකක්ද බොලේ මේ 'තක්සේලේ' කියන්නේ? තක්ෂිලා නුවරින් ගෙනා සේලයක්ද? මට හිනාව ගන්න බැරිවුණා.

මේ යෝදයා 'ඇගේ ග්‍රීව සක් සේ වේ' කියන එක තමයි මේ 'ඇගේ ග්රීව තක්සේලේ' කියලා ලියලා තියෙන්නේ.

අර 'සිසිවන උවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන' ආදී වශයෙන් පුරාණ කාලේ ගෑනුන් ගේ රූපය වර්ණනා කරද්දී, බෙල්ල (ග්‍රීවය) උපමා කරලා තියෙන්නේ සක් ගෙඩියකටයි.

අනේ කුසලු යි, මා යි දන්න 'ග්‍රීව සක් සේ වේ'!

ඉතිං මං කලේ මේකයි. සල්ලි, සල්ලි කියල බලන්නේ නැතුව මේ පොතේ සින්දු තියෙන මුල් පිටු දහය ප්‍රින්ට් කළා. පෑනක් අරගෙන මං දන්න විදියට අකුරු වැරදි හැදුවා. ඒ සින්දු විස්සෙන් මගේ CD කලෙක්ෂන් එකේ තිබුණ ඒවා අහලා වචන හරිද බැලුවා. ඔය 'තක්සේලේ' සින්දුව වගේ ඒව වෙබ් එකෙන් අහලා ඒවත් හරියටම හැදුවා.

කෝල් එකක් දාලා කුසල් කුරුකුලසූරියව මුණ ගැහිලා මිනිහට කිව්වා මේ ප්‍රශ්ණය ගැන. මං ප්‍රින්ට් කරගෙන ගිය පිටු දහයත් දුන්නා.

"ඉතිං කුසල් කොහොමද මේ වගේ වැරදි වුනේ?"

"දන්නෙ නැද්ද කතන්දර, මට ඉතිං සිංහල ටයිපින් පුරුදු නෑනේ. ඒකයි මං හිතන්නේ."

"නෑ, නෑ, මං කියන්නේ ස්පෙලිං මිස්ටේක්ස් ගැන නෙමේ. මේ වචන වැරදි තැන් ගැනයි. මොකක්ද මේ 'ඇගේ ග්රීව තක්සේලේ' කියන්නේ? තක්ෂිලාවෙන් ගෙනා සේලයක්වත්ද?"

"ඇත්තමයි, ඕක ලියන්න කලින් මාත් කල්පනා කළා මොකක් ද මේ 'තක්සේලේ' කියන්නේ කියලා, ඒත් හිතාගන්න බැරිවුණා."

"මොනවා, ඒ කියන්නේ මේ සින්දු ටයිප් කලේ අහලා බලලා නෙමේද?"

"අපොයි නෑ! මේ සේරම කලේ මගේ මතකයෙන්මයි!!"

කාට කියන්නද මේ අවනඩුව? මට මොනව කියන්නද හිතාගන්න බැරිවුණා.

කුසල් කාරයා ගේ පී.ඩී.එෆ්. එක ප්‍රින්ට් කරගත්තු අය අනේ පව් නේද? "ඇගේ ග්රීව තක්සේලේ" සින්දුව කිය කිය ඇති.

මට නං හිතන්නේ සිංහල සින්දුවලට කරන්න පුළුවන් නරකම දේ තමයි, සින්දු ලියපු උන් පැත්තක ඉඳිද්දී මේ කොහෙවත් ඉන්න පොරවල්, වැරදි විදියට වචන ලියලා ඒවා බෙදා හරින එක.

-කතන්දරකාරයා

ප/ලි:
ඔළුව කපාගෙන රෑ ඝණ අඳුරේ සින්දුව කියන මගේ මිත්‍රයා නං, තමන්ගේ පාඩුවේ ඒ සින්දු කියනව මිසක්, මේ ආකාරයේ සමාජ සේවයට යන්නේ නෑ.

ප/ප/ලි:
මට දුක හිතෙන දෙවෙනි කාරණය තමයි, මං මගේ කාලය වියදම් කරලා මුල් සින්දු විස්සේ වැරදි පෙන්නලා දීලා අවුරුද්දක් විතර ගියාට, කුසල් කුරුකුලසූරිය නෙමේ තාමත් ඒවා නිවරදි කලේ.

උද්දච්ඡ කමද, මෝඩ කමද, අනේ මන්දා?

134 comments:

  1. මෙහෙමයි ඉතින්, කතාව ඇත්ත තමයි. මම වුනත් මේ සින්දුවේ සමහර පද හරියට දැන ගත්තෙ අද තමයි.

    අපි ඔය වගේ සින්දු කියන්නෙ ඇහෙන විදිහට. ඉතින් නොදැන්න වචන වල තේරුම් හොයන්නේ කී දෙනාව ද? ඇහෙන විදිහට වචන කියනව. අර්ථ රසයක් ගන්නේ නැහැ.

    ඒක දන්න අය වෙන්න ඇති , දැන් කාලේ බොහොම සරල වචන දාලා ගීත (වගේ ඒවා ) හදන්නේ.

    පුදුමය කියන්නේ ඒ ගීත වල ,සමහර වෙලාවට තියෙන්නේ වචන දෙක තුනයි , ඒත් ඒ ගීත මතක හිටින පුමාණය හරිම අඩුයි. ඒත් පැරුණි ගීත වචන වරද්දාගෙන හරි අදටත් මතකයි.

    යාළුවෙක් ගැන මෙහෙම තරහින් ලියන්න, යාලුවෙක්ට කෙලින්ම කියන්න බැරි දේ වලත් මෙහෙම බ්ලොග් එකේ දැමීම හොඳද මන්ද කතන්දර...........

    ReplyDelete
  2. තනිකර ඇත්ත කතන්දරේ.......... මේවනං පැරණි ගීත කියන්න පුලුවන්.. ඒත් තරු වැඩ සටහන් වලට එන පිබිදෙන ගායක පරපුර අළුත් ගීතන් සංස්කරණයකට භාජනය කොට තමයි කියන්නෙ..(බොහෝ අයට ගායනා කළ නොහැක.) ගොඩක්ම් නාගන්න එකක් තමයි "ලියතඹරා"... හැබයි ඉතිං මේව වැරදියට හරි දාන එකනම් ලොකු දෙයක්.. ඒව නිවැරදි කරන එකත් බස රෑස දන්නා අයගේ යුතු කමක්... නිවැරදි කිරීම ගැනනම් තියෙන්නේ කතන්දරගේ මතයම තමයි.......

    ReplyDelete
  3. උද්දච්ඡ කමද, මෝඩ කමද, අනේ මන්දා

    ඒකම තමයි කොල්ලට හිතුණෙත්........

    ReplyDelete
  4. මට එක සින්දුවකවත් සම්පූර්න සින්දුව මතක නෑ.හැබැයි පොත් බල බල සින්දු කියන එකෙකුත් නෙමේ.නොදන්න ඒවට කටින් මියුසික් දීලා රීමික්ස් කරලා ගත්තහම වැඩේ ශේප්..

    ReplyDelete
  5. ඉතාම වැදගත්. මගේ අතිනුත් ඔය වගේ වැරදි වෙනවා සමහර අවස්ථාවල. මට ඔය සමහර වචන කොච්චර ඇහුවත් ඇහෙන්නේ වැරදියටමයි. අර"ඔළුව කපාගෙන රෑ ඝණ අඳුරේ" වගේ තමා. ඉදිරියේදී එහෙම නොවෙන්න වග බලාගන්න ඕන. ස්තූතියි කතන්දර.

    ReplyDelete
  6. "කොටියෙකි මාමේ රෑ ඝන අඳුරේ"

    ReplyDelete
  7. අනේ කතන්දර මට නම් ඔය සින්දුවල වචන වැරදියටමයි ඇහෙන්නේ. මම හිතුවි 'ඇගේ ජීවේ සක්සේ වේ' කියලා. තේරුම නම් දන්නේ නෑ. ඇගේ ජීවිතය හරි පිරිසිදුයි කියන එක වෙන්ටැති. අර 'රත්නපුරේදී කූඩු තනන්ටා' 'යාචකයාසේ රැවටීලා' ඒවත් ඒ විදියට තමයි කොච්චර ඇහුවත් ඇහෙන්නේ. හැමෝටම එහෙම නම් ඉතින් කමකුත් නෑ. මම බයේ හිටියේ මගේ කනේ දෝසයක් කියලා.

    ReplyDelete
  8. අපොයි මම දැනුයි මේ ටික දැක්කේ.

    'ඇගේ ස්වර්ණ වර්ණාවේ' මේවා නම් හොඳම ගීත රචයකුට ඇර වෙනත් කෙනෙකුට කරන්ට පුලුවන් වැඩ නෙමේ.

    ReplyDelete
  9. සින්දු සමහරුන්ට ඇහෙන විදිහටමනේ කියන්නේ, අපි පුංචිකාලේ ගෙදර වැඩට හිටියලු කොල්ලෙක් ඒ කොල්ලා කියන සින්දුවක් ගැන අම්ම ඉස්සර කියනවා මට මතකයි . මම මුලු සින්දුවනම් දන්නේ නැහැ " අපි පාගල යාමුකො හැටේ " කියලලු ඒ සින්දුවේ තියෙන්නේ ඒ උනා කොල්ලා කියන්නේම " අපි පාගලා යාමුකො ඇටේ" කියලලු.ඒ සින්දුව ඔක්කොම දන්න එනෙක් ඉන්නව දන්නේ නැහැ නේද?

    ReplyDelete
  10. සිරස සුපර් ස්ටාර් තර‍ඟෙට ආපු එක තරඟ කරුවෙක් ලියතඹරා ගීතය ගායනා කලා . . .
    "බවුසන්ගේ" . . . දැහැනේ සම බිඳිනා . . . . කියල

    ReplyDelete
  11. කෙසේ කියන්නද ඔබ මා අතහැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා

    සින්දුවෙ මම කාලයක් යනකල් හිතන් හිටියෙ "ඔබ ගුණවත් කියලා" කෑල්ල වෙනුවට "ඔබ බොනවත් කියලා" විදිහට.

    ReplyDelete
  12. @ neetha ...
    දෙවෙනි පදය කෙල්ලෙ... "මට පෑගුන මාමගේ ඇටේ....." ඉතුරු ටික කතන්දරේ දන්නව ඇති ෂුවර් එකට.......

    ReplyDelete
  13. මේ මාතලන් කියන්නෙ අර අපේ ඉස්සර 'මාතලන්' හා 'සංගීතා' බ්ලොග් ලියපු දැන් ආගිය අතක් හොයාගන්ට නැති මාතලන් ගොයිය නේද..?? මෙච්චර කල් කොහෙද බොලේ හැංගිලා හිටියෙ..??

    @නීතා,
    ඕක පට්ට පරණ සිංදුවක් අප්පා.. 'සුන්දර බිරිඳ' ෆිල්ම් එකට ඔය සිංදුව කිවුවෙ එල්. එම්. පෙරේරා.. නෙට් එකේ හොයාගන්ට තියේද දන්නෙ නෑ..

    අපි පාගලා යාමුකො හැටේ..//
    මගෙ හොද වයිර ගොනෝ යමුකෝ යමුකෝ..

    ReplyDelete
  14. උද්දච්ඡ කමද, මෝඩ කමද, අනේ මන්දා? මම හිතන්නෙ දෙකම වෙන්න ඕන .........

    ReplyDelete
  15. @ සොඳුරු සිත

    /* යාළුවෙක් ගැන මෙහෙම තරහින් ලියන්න, යාලුවෙක්ට කෙලින්ම කියන්න බැරි දේ වලත් මෙහෙම බ්ලොග් එකේ දැමීම හොඳද මන්ද කතන්දර........... */

    කෙලින්ම කියු දෙබස් පවා මං ඔය දාලා තියෙන්නේ.

    අනික කුසල් කියන්නේ නම වගේම පිනට බර, කුසලතා පිරි නිලං සීතල සුලඟක් වගේ කෙනෙක්. පොර මා එක්ක තරහා වෙන්න හේතුවක් නෑ. මං බොරුවක් යැ කියලා තියෙන්නේ.

    ReplyDelete
  16. නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා ගීතයේ පදයක් මෙහෙම විය යුතුයි කියා මට හිතෙනවා.

    "බාල ලියන් මල් නටුවෙන් හබල් ගසාලා"

    ඒත් මේක කියන මරියසෙල් ම මේ පදය වරද්දනවා නේද?

    "බාලොලියා මල් නටුවෙන් ..." කියලා.

    මගේ නොදැනුවත් කමද [කන ඇහෙන් නැති කමද] දන්නේ නැහැ ඒත් මොනවාද මේ බාලොලියා මල් නටු? හරි වචනය බාල ලියන් කියලයි මට හිතෙන්නේ.

    වරදින්නේ අසන්නාටම විතරක් නොවේ.

    ReplyDelete
  17. මේ සිංදුවෙ ග්‍රීවෙ සක් සේ වේ කියන්නෙ බෙල්ල හකක් වගේ සුදු හිංදද නැත්තං ඇද හින්ද්ද?

    ඔය සිංහල සින්දුවල පද තීන අපූරු සයිට් එකක් තිබ්බ මතකයි!

    ReplyDelete
  18. කැලඹී ගියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය
    මෙගේ කුටියේ කවුලු දොරින්

    මම පස්සේ කාලක තමයි දන්නේ

    කැමීලියා මල් සුවඳට යනුවෙන් වෙනස් වෙන්න ඕන කියලා ... මම ඔය සින්දුව වැරදි විදිහට මිතුරන් ඉදිරියේදීත් ගායනා කලා ඒත් උන්ට කිසිම වෙනසක් නොතේරුන එක තමයි පුදුමේ .

    ReplyDelete
  19. @සුජීව,
    ඒක 'බාලොලියා මල් නටුවෙන්' තමා.. බලන්න ඒ පද හතරම එකට දාලා, එතකොට ඔයාට තේරෙයි 'බාල ලියන්' කියන වචනේ එතනට ගැලපෙන්නේ නෑ කියලා..

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා -වළාකුලෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා -පෙම් ගගුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩවෙලා යමු නැලවීලා -සුරංගනා ලෝකෙ සොයාලා
    දේදුන්නෙන් එගොඩවෙලා යමු නැලවීලා -සුරංගනා ලෝකෙ සොයාලා

    'බාලොලියා' හෙවත් 'ගඳපාන' යනු පොකුරු වශයෙන් සෑදෙන කුඩා ගෙඩි ඇති පඳුරු වර්ගයකි..

    @ඉන්දික උපශාන්ත,
    "ග්‍රීවෙ සක් සේ වේ" කියලා උපමා කරන්නෙ බෙල්ල හකක් වගේ සුදු පාට සහ ඒ වගේ මටසිලිටු නිසා..

    ReplyDelete
  20. @ Buratheno
    @ සුජීව
    සුජීව නොදැනැවත්වම දී ඇත්තේ ඔළුව කපාගෙන රෑ ඝන අඳුරේ, රත්නපුරේහී කූඩු තනන්ටා ආකාරයේ උදාහරණයකි.

    ReplyDelete
  21. @ මාතලන්
    වෙල්කම් බැක් කිව්වා.
    මෙතන ලොකුම වරද තමයි වැරදි අච්චු ගසා බෙදා හැරීම. කොල්ලෙක් කෙල්ලෙක් තරුවක් වෙන්ණ ගිහින් ගම කෑම නං එතනින්ම ඉවර වෙනවානේ.

    ReplyDelete
  22. @ කොල්ලා
    ඔව්, වෙලාවක් නැති කම කියලා කියන්න බෑනේ!

    ReplyDelete
  23. @ රජිත්
    නාන කාමරේ ඉඳන් මොන රීමික්ස් කළත් මොකද? නමුත් මෙතන ලොකුම වරද තමයි වැරදි අච්චු ගසා බෙදා හැරීම.

    ReplyDelete
  24. @ ප්‍රියන්ත
    ඔයාත් මොකක් එකක් දාලා තිබුණා නේද බස් එකක වෙන තැනකින් කොපි කරගෙන. ඕවා ප්‍රින්ට් කරගෙන කියලා, කිඋලා කට පාඩම් කරගන්න අයත් ඉන්නවා.

    ReplyDelete
  25. @ ඔබ්සර්වර

    සීතල වතුරේ නෙමේද? ඔයා පද දෙක කවලං කරගෙනනේ!

    ReplyDelete
  26. @ පොඩි කූ
    ඔයා ගේ ඉතිං හැමදාම පේන්නේ නලලත් තලයයි, ඇස් දෙකයි විතරයිනේ.
    ග්‍රීව කොහොමද අපි නොදනිමු. දාන්නකෝ මුළු මූණම තියෙන පොටෝ කෑල්ලක්.

    ReplyDelete
  27. @ Podi K

    මේ කියන්නේ පද්මාවතී ගේ හොඳට තිබුණු රත්තරන් බඩු ටික කළු පාට (coloured) වෙලා කියලයි.

    අපදාරේ!

    ReplyDelete
  28. @ නීතා

    සින්දුව නං දන්නේ නෑ නීතා. නමුත් ගෙදරක වැඩට හිටිය කොල්ලෙක් ගැන වෙන කතාවක් නං දන්නවා. මෙන්න ඒක.

    http://kathandara.blogspot.com/2010/06/blog-post_13.html

    ReplyDelete
  29. @ ඕනයා
    @ පිණිබිඳු

    උදාහරණවලට ස්තුතියි!

    ReplyDelete
  30. @ කල්හාර
    වරද පිළිගැනීමට ඇති ලැජ්ජාව වැඩි ඇති වරදකර අහුවීමේ ලජ්ජාවට වඩා?

    ReplyDelete
  31. බාලොලියා කියලා ගඳ පාන වලට කියන බව මා දැනගෙන හිටියේ නැහැනේ.

    මරියසෙල් හරි බලාගෙන යනකොට.

    ReplyDelete
  32. @ Sujeewa Kakawala

    මෙන්න මං සින්දුව හරි ගැස්සුවා.

    ෆයිබර් ග්ලාස් කෙඳි යොදලා ඔරුව සදාලා -කැන්වස් රෙදි රුවල් දමාලා
    බාල ලියන් මල් නටුවෙන් හබල් ගසාලා -පොඩි කොල්ලෝ රැවුල කපාලා
    පෑලියගොඩින් එගොඩවෙලා යමු නැලවීලා -Colombo සුරලෝකෙ සොයාලා
    පෑලියගොඩින් එගොඩවෙලා යමු නැලවීලා -Colomboසුරලෝකෙ සොයාලා

    ReplyDelete
  33. අපොයි ඇස් දෙක විතරක් තියන පින්තුරයක් දාලා මෙහෙම නම්, ග්‍රීවෙත් එක්ක තියන පින්තූරයක් දැම්මොත් කොහොම තියෙයිද? අර පද්මාවතීට වගේ 'ඔබේ ග්‍රීවේ සක්සේවේ' කියලා සින්දු ලියැවෙයි කියලා බයේ බෑ.

    ReplyDelete
  34. @බූරා,

    හක් ගෙඩි කියන ඒවා ඔච්චර සුදු පාටත් නෑ. මටසිලුටුත් නෑ.
    අර සිංහයා කියලා තියනවා වගේ ඇද නං තමයි.

    ReplyDelete
  35. @පොකු,

    අනේ ඔයයි මායි දන්න කවි සමය.. එහෙනං නීලවරල කියන්නෙ නිල් පාට කොණ්ඩෙට වෙන්ටැති.. :p

    ReplyDelete
  36. ඒ මනුස්සයගෙ උත්සාහය අගේ කරපං. දැන් හරියටම වචන දන්න කෙනෙක් ඉන්නව නං ඒ pdf ටික එඩිට් කරල දාන්න පුලුවං. ඕකනෙ ලංකාවෙ බැරි. වැඩක් කරන්නෙත් නෑ, වැරදියට හරි කරපු එකාව අගේ කරන්නෙත් නෑ. කතංදර නිකන් කතා කරන්නෙ එයාට කවදාවත් වැරදිලා නෑ වගේ.

    ReplyDelete
  37. අපොයි ඔය කවි කාරයන්ට ඇස් පේන්නෙම නුහුරට නොවැ! අලුහම් වලට පෙති ගෝමර කියයි, යස අගේට ගැට නැතුව තීන සිංහල කොණ්ඩ වලට කිතුල් රෑන් කියයි ( අර අප්‍රිකාවෙ උන්ටනං ඔන්න කමක් නෑ) , වැල ගෙඩි වලට රණ හංසයො කියයි (කිරි බාල්දිත් නැති කාලෙ කොහොම එල්ලිල්ලක්නං එල්ලෙන්න ඇත්ද ) වට්ටක්ක වලට රිය සක කියයි, පහෙන් උඩ කඳන් වලට මිටින් ගත හැකියි කියයි, පොල් කෑලි වලට මුතු දත් කියයි, අමු බොරුනෙ!

    අනික ඒතකොට මොකද බෙල්ල විතරක් සුදු? අනික් හරියට F&L ගාන්න අමතක වෙලාද ?

    ReplyDelete
  38. @ මාලින්ද

    ඔබ කියන සමහර දේ හරි.
    1. මට වැරදිලා තියෙනවා අනන්තවත්
    2. ලංකාවෙ වැඩක් කරන්නෙත් නෑ, වැරදියට හරි කරපු එකාව අගේ කරන්නෙත් නෑ.

    නමුත් ඔබ මේ කතාව හරියට කියවලා නෑ.

    මෙතන වරද අනුන්ගේ සින්දු වැරදියට ලියලා, නිවරදතාවය ගැන හෙවීමක් බැලීමක් නැතුව කරලා බෙදා හැරීමයි. මේක ඉතිහාසය වැරදියට ලියලා ඒක ඉස්කෝල පාඩම් පොතක් කරනවා වගේ සීරියස් වැඩක්.

    මං කතන්දරේ ලියලා තියෙනවා වගේ, මං සින්දු විස්සක විතර තිබුණු වැරදි නිවරද කරලා කුසල් ගේ අතටම ගිහින් දුන්නා දැන් අවුරුද්දකට කලින්.

    ආපහු කියවන්න කතාව.

    ReplyDelete
  39. මළේ හැන්දෑවේ වහින වෙලාවේ
    හෙණ ගහලද?

    [ක්ලැරන්ස්]

    ReplyDelete
  40. @නවම්,

    නෑ මචං, වැස්සට අහුවෙලා සන්නියක් හැදිලා.. :)

    ReplyDelete
  41. කතන්දර,
    ෆිල්ම් හෝල් එකේ කැන්ටිමේ විකුණන්න තියෙන චිත්‍රපට ගීත පොත් අරන් තියෙනවද? ඒවයෙක් මේ වචන වැරදි තිබුණා. පහුකාලේ මල් පියලි පොත් එහෙමත් ආවා.

    මේ ලියන අය ගැන අනුකම්පා කරන්න. ඒ ගොල්ලන්ට ඕනෙ සිංදු කියන්න මිස හරියට කියන්න නොවෙයි නේ. වචන හරිද හොයනව වගේ තාල රාග හරියට කියනවද හොයන්නත් ගියොත් මොකෙන් මොක වෙයිද?

    සමහරවිට හුඟ දෙනෙක් දන්නවා ඈති, වෙළුම් තුනක පැරණි චිත්‍රපට ගීත එකතුවක් තියෙන බව සුනිල් ආරියරත්න සංස්කරණය කල.

    ReplyDelete
  42. අපේ ස්කූල් බස් එකේදී අලුත ආපු මල්ලි කෙනෙක් දවසක් සිංදු කිය කිය ඉද්දී ෆ්ලැෂ්බැක් කණ්ඩායම කියන "ඒ යාළුවේ අපි ආවා" සිංදුව "වේ යාළුවේ අපි ආවා" කීයලා වරද්දලා කියලා අන්තිමට වුනේ පොරට "වේ මල්ලී" කියලා කාඩ් එකකුත් වැටුණු එක

    ReplyDelete
  43. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  44. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  45. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  46. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  47. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  48. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  49. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  50. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  51. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  52. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  53. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  54. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  55. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  56. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  57. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  58. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  59. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  60. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  61. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  62. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  63. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  64. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  65. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  66. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  67. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  68. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  69. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  70. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  71. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  72. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  73. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  74. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  75. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  76. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  77. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  78. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  79. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  80. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  81. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  82. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  83. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  84. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  85. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  86. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  87. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  88. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  89. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  90. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  91. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  92. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  93. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  94. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  95. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  96. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  97. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  98. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  99. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  100. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  101. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  102. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  103. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  104. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  105. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  106. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  107. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  108. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  109. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  110. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  111. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  112. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  113. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  114. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  115. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  116. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  117. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  118. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  119. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  120. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  121. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  122. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  123. Nonetheless, the interest prices imposed usually are still more if you would evaluate the summation of the rates given to your several debts
    www.mytopquickloans4u.com In fact, here's a short list of things you ought to look for in a first time home purchaser's program
    Here is my homepage - quick loans

    ReplyDelete
  124. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  125. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  126. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  127. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  128. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  129. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  130. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  131. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  132. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  133. @ All
    මේ ලිපිය හැකර් ප්‍රහාරයකට නිතරම ලක්වෙන නිසා තවදුරටත් ප්‍රතිචාර දැක්වීමට ඇති ඉඩ අහුරා ඇත.

    වැඩි විස්තර සඳහා:
    http://kathandara.blogspot.com/2013/02/bot-hit-ouch-ouch.html


    ReplyDelete