Friday 27 May 2011

මේක චිකන් ද, ෆිෂ් ද? - Is this chicken or fish


මං කියපු වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය බණ දේශනාවයි, එලෝළු ජීවිතේ ගැන කතන්දරයයි මතකයි නේද?

ඒ එලෝළු ජීවිතේ කතාවේ සේරම වස් දොස් අද කතන්දර කෑල්ලෙන් මග හැරිලා යයි කියලා හිතෙනවා.

මං කලින් දවසක කියලා තියෙනවානේ නාඩි වාක්‍යය බලන්න ගිය කතන්දරේ?

ඉතිං මං ඔය කියන ස්ථානෙට ගිහිල්ලා රස්තියාදු වුණු දෙවෙනි දවසෙද කොහෙද මට තිබුණා පොඩි පහේ බඩගින්නක්.

වාසනාවට වගේ එතනම තිබුණා, මට මතක හැටියට ඔය සාස්තරකාරයෝ හිටපු ගොඩනැගිල්ලේ ම යට තට්ටුවේ තරමක හෝටලයක්.

ඔන්න ඉතිං මං ඇතුලට ගිහිල්ලා, වාඩිවෙලා, කෑමට දෙයක් ගැන අහලා බැලින්නම් මේක දකුණු ඉන්දියානු වර්ගයේ සයිවර් කඩයක්. තිබුනේ උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.

වඩේ ටිකක් ගේන්න කියලා, කෑල්ලක් කඩාගෙන, පිඟානට දා ගත්තු සාම්බාරු ටිකක ඩිප් කරලා කටේ ඔබා ගත්තා. තිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.

දන්නවනේ, සාමාන්‍ය හෝටල්වල චිකන් රොටී, එළවළු රොටී, මස් රොටී, ෆිෂ් රොටී අඳුනාගන්න පහසු විදියට හතරැස්, තුන්හුලස්, රවුම් වගේ එක එක ෂේප් එකටනේ හදන්නේ.

තවත් කටකට දෙකකට අතට ගත්තු වඩේ එකට වග කියලා ඉවර වෙලා තවත් එකක් ගන්න යනවත් එක්කම මට මොකක්ද දන්නවද හිතුනේ?

මේවා චිකන් ද, ෆිෂ් ද?

හැබැයි තත්පරයෙන් මතක් වුනා මං මේ ඉන්නේ වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකක බවත්, කෑවේ මසාල වඩයක් බවත් කියන කාරණා දෙකම.

එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද?

-කතන්දරකාරයා

ප/ලි:
බෝන් එගේන් එළවළු ජීවිත ඉන්නවා නම්, මං හිතන්නේ හොඳ ඔප්ෂන් එකක් තමයි සෝයා මීට්. ඒත් අපේ දුව නං ඒවයෙත් සමහර වර්ග කන්නේ නෑ මාංශ කොටස් දාලාද කොහෙද කියලා.

මේ එළවලු කතා අදින් නිමාවෙන බව සතුටින් දැනුම් දෙමි. පරණ පුරුදු වර්ගයේ නෝටි කතා කීපයක් ලබන සඳුදා සිට.

ඊට කලින් ඉරිදාට දාන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා බලන්නත් අමතක කරන්න එපා. ජූනි මැද වෙනකන් කතා සේරම සෙට් කරලයි තියෙන්නේ.
(image: http://americandad.wikia.com/wiki/Chicken_or_Fish_Banquet_Hall)

36 comments:

  1. ඒ උනාට හැම සෝයා මීට් එකේම එන්නෙ එකම රස.... අපේ හාමිනේට පෙන්නන්න බෑ... ඒ වගේද නැට්ට කොටා....

    මේ ඔහෙගේ කතා සාප්පුවේ ලියල තියෙන කතා.. "ළඟදීම" හරි මොකක් හරි යටතේ සයිඩ් එකකින් දැම්මනම් හොඳයි.. නිකං අපිට ආතල් දෙන්නෙ නැතුව. අඩුගානෙ පින්තූරේවත්.

    ReplyDelete
  2. //එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද?//
    ඒක ඉතින් කාලම බලන්ට ඕනි නේද???ඔහොම නෙමේ අඩු ගානේ සතියක්වත් එක දිගට.:D

    @මාතලන්,

    එතකොට ඒකත් හරියට ඉස්සරහට අපට වෙන්නේ මොනවද කියලා කවුරු හරි කියනවා වගේ. දන්නේ නැතුව ඉන්න එක වැඩිය හොඳ බවයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  3. උලුඳු ‍‍ව‍ඩ්ඩක තෝසෙක තියෙන රස කොහෙද මස් මාළු වල...

    මාතලන් අයිය කිව්ව ‍වගේම නැට්ට කොටා මරු නේද?

    ReplyDelete
  4. සෝයා මීටි වුණත් උයන්න ඕනේ සිස්ටම් එකක් තියෙනවා. නැත්නම් නිකම් මෙලෝ රහක් නැති දෙයක් හපනවා වගේ තමා. අපේ සූපවේදී මාරතුමා සෝයා මීටි උයන හොඳ ක්‍රමයක් දාලා තිබුණා වගේ මතකයි :)

    ReplyDelete
  5. @ මාතලන් /සාතන්- නැට්ට කොටා කීවේ ඌරෙක් ද?

    මාතලන් හා එකඟ වෙමි... Soon on හරි මොකක් හරි කියල සයිඩ් බාර් එකක දාමු ද? කුතුහලය ඇවිලෙන්න...

    අද කතාවේ කෑම රහ විතරයි.කතාව රහ නැහැ.....

    ReplyDelete
  6. අද කතාව රහ නැත්තේ වඩේ වැඩියෙන් බැදිලා නිසයි.

    මීට පස්සේ වඩේ බදින කොට අඩුවෙන් බදින්න ඕනෑ!

    ReplyDelete
  7. කතන්දරට අතීතය අමතක කරන්නම බෑ වගේ...:D
    ඕකට තමා තෙල් කෑම අඩුකරල ව්‍යායාම කරන්න කියන්නේ..:D

    ReplyDelete
  8. මසල වඩේ වල රහ වගේම තෙලුත් එහෙම්මම තමා. කන්න ආසයි බයයි.

    ReplyDelete
  9. සෝයා මීට්.....
    එක එක රහට එක එක විදිහට... :)

    ReplyDelete
  10. නොදන්නා රටකට ගියහම තමයි එළවලු විතරයි කඩේක අගේ වැඩි. අනික් ඒවායේ ඔක්කොම මස් කපන්නේ එකම පිහියෙන්ද කවුද දන්නේ. කොහොමද චිකන් සුප් එකේ පුංචි ගෙඹි කකුලක් හෙම තිබුනොත්. තව උදාහරණ දුන්නහැකි. කට්ටියට වමනේ යයිද දන්නේ නැහැ. තෝර මාළු ස්ටෝල් එකේ අල්ලපු එකේ හම ගහපු තඩි කිඹුලෙක් හිටිය සුපර් මාකට් එකක. සුමානයක් හෝ ඕන නම් ජීවිතේම වෙජිටරියන් වෙන්න පුළුවන් එක දැක්කම.

    ReplyDelete
  11. සෝයා මීට් ගැන නම් කථා කරන්න එපා. ලංකාවේ සෝයා මීට් නැහැ. තියන්නේ සෝයා සාරය ගත්ත පොල් කුඩු වගේ දෙයක්. ලමයින්ට දෙන්න එපා.

    ReplyDelete
  12. සෝයා මීට් වලට කුක්කුල්ලුන්ගෙ හොටවල් කුඩු කරල එකතු කරනවනෙ

    ReplyDelete
  13. මෙතන සයිවර් කඩයකට ගියා කියලා කියුවට , පින්තුරේ තියෙන්නේ chicken or Fish Banquet Hall කියලනේ .
    මොනා වුනත් ඇති යන්තන් එළවලු කතා ඉවරයි. නැවත සුපුරුදු කතා සෙට් ඒක එනතුරු බලා සිටිමු

    ReplyDelete
  14. උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.

    තිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.
    ................
    01. කතන්දර බඩගින්න තිබුනත් නැතත් මටනං ඔය කෑම කොහොමත් දිව්‍යලෝක රහයි.

    02. ඒක නෙමේ කතන්දර ඈයි දිව්‍යලෝක රහයි කියන්නෙ? අපේ ආච්චිලත් කියනවා ඔය වචනේ ඒ කාලේ....

    ReplyDelete
  15. මාත් මාස හයක් විතර එලවලු ජීවිතේ ගෙවලා තියෙනවා. අල බෝල තමා මගේ ෆේවරිට් සයිවර් අයිටම් එක.

    ReplyDelete
  16. @ බුද්ධි

    කතන්දර එක සැරයක් දිව්‍ය ලෝකයේ ගිය නිසා.එහේ රස දන්නව ඇති..........

    ReplyDelete
  17. අපේ ටවුමේ දාපු අලුත් සයිවර් කඩේ චිකන් තෝසෙ (රු 200/-)උම්බලකඩ තෝසේ (150/-) වෙජිටබල් තෝසෙ (100/-) කිය කිය වයිවාරන්න තෝස වර්ග දාලා. දැං සයිවර් කඩත් වෙජිටේරියන් නෙමේ බලාගෙන යද්දි......!

    ReplyDelete
  18. @ All

    කීප දෙනෙකු ගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී පල කිරීමට schedule කර තිබෙන කතන්දර කීපයක නම් දැන් පළ කළා. දකුණු පස කොලම බලන්න.

    ReplyDelete
  19. "වඩේ බදින කොට අඩුවෙන් බදින්න ඕනෑ!"

    ඒක ඇත්තටම කාටවත් තේරුනේ නැති හැටි!

    ReplyDelete
  20. තේරුනාට අපිට තාම කතන්දර ආතට වගේ බඩ ඇවිලල නෑ නෙව. මම හිතාන උන්න වඩේ බදින එකෙත් ජොලියක් ඇතෙයි කියල. :D

    ReplyDelete
  21. අප්ප් එළවළු කතා ඉවර වෙන එකනම් හොඳයි මේවා මෙලෝ රහක් නෑ :D ;)

    ReplyDelete
  22. හප්පොච්චියේ.... අපිට ගැස්ට්‍රයිටිස් හදවන්නද හදන්නෙ ඈ...

    ReplyDelete
  23. වඩේ බදිනකොට නෙමෙයි . . . . වඩේ බද්දනකොටයි ආතල් එක තියෙන්නෙ

    ReplyDelete
  24. කසු , සොයාමීට් කියන්නෙ සොයා පුන්නක්කු වලට . අපිත් ආසාවට කනවා හැබැයි ඕවා ගැන මෙලො පරීක්සනයක් න0 නෑ ,

    ReplyDelete
  25. වඩේ බැදෙන්නෙ අඩුවෙන් බදිනකොද අර අය්ය පිටිපස්සෙන් එනකොටද?

    ReplyDelete
  26. සොඳුරු අක්කා,
    ඒකත් ඇත්ත. මිනිහා දිවියලෝකෙ රස දැන ගෙන නැවතිච්ච එකත් මදැ....!

    ReplyDelete
  27. "අද කතාව රහ නැත්තේ වඩේ වැඩියෙන් බැදිලා නිසයි.
    මීට පස්සේ වඩේ බදින කොට අඩුවෙන් බදින්න ඕනෑ!"

    වඩේ බදින කොට අඩුවෙන බැදලා ගුටි කෑවොත් අපි නෑ ඔන්න . . හික්ස්

    ReplyDelete
  28. ප්‍රශ්ණ වලට පිළිතුරු
    ============
    @ බුද්ධි සහ සොඳුරු

    මං දිව්‍යලෝක රහ කියන එක අහලා තියෙන්නේ අපේ වැඩිහිටියන් කියනවා තමයි. කුණු හරුප ඇරුණාම අපි අන් හැම වචනයක් ම ඉගෙන ගත්තේ වැඩිහිටියන් ගෙන් නේ? මං හිතන්නේ ඔය දිව්‍යලෝක රහයි කියන එකම තමයි අමෘතය වගේ කියන එකෙනුත් අදහස් වෙන්නේ.

    කෙහොම වුනත් බුද්ධි නිසා මට තව කතන්දරයකටත් අමුද්‍රව්‍ය ලැබුණා.

    ලඟදීම බලාපොරොත්තු වෙන්න ආච්චී ගේ කතා!

    ReplyDelete
  29. @ සැමටම

    වෙජිටේරියන් ලා නොවෙන අය ඉස්සෝ කනවා ඇලර්ජික් නැත්තම්. නමුත් ගෝනුස්සෝ කනවාද? නෑ නේද? ඇයි ඒ? බින්ඩි ලියා තියනවා වගේ ඇයි අපි තෝරමාලු කන්නේ කිඹුල් මාලු නොකන්නේ?

    මේකට හේතුව අපිට අවට සමාජයෙන් පැටවී ඇති මති මතාන්තරයි.
    අපිත් වියට්නාමයේ ඉපදුනා නම් ඔය කොයිකත් කනව සිකුරුයි!

    ReplyDelete
  30. මාත් අසම කාම ජාතියක් තමයි ඔය තෝස , උළුදු වඩ, මසාල තොස පාරවල්. ආයේ කන්න පුළුවන් පැලෙනකන්..

    ReplyDelete
  31. අදට යෙදෙන ඔයාලගේ විවාහ සංවත්සරයට මගේ සුබ පැතුම්.
    දෙන්නා මාල ගිරා ජෝඩුවක් වගේ ආදරෙන් හැමදාම සිටීවා...

    දැන් බඳලා කොච්චර කල්ද හැබෑටම?

    ReplyDelete
  32. වඩේ දෙනව සාම්බාරු හොදි වල පොඟවල. හැන්දෙන් කන්න ඕනේ. මරු ඒකත්....
    අල බෝලයි, කොලපාට සම්බෝලෙයි තමයි ලෝකෙ තියෙන රහම කෑම ඕO...හිහ් හිහ් හිහ්...
    කතන්දරට සුබෙන්ම් සුබ අනාගතයක් කිව්ව.....

    ReplyDelete
  33. එලවලු ජීවිතේ කිසිම නරකක් නෑ ! හැබැයි ඉතින් මස් මාලු කන අය එක්ක මගේ ඇරියස් එකකුත් නෑ අපේ ගෙදර ඔය දෙවර්ගයම හැදෙනවා . මම කන්නේ එක වර්ගයක් විතරයි .

    අපේ ගමේ කිඹුල් කරවල විකුනන්න තියනවා ..

    ReplyDelete
  34. @ හිස් අහස
    මරු කතාව. මේක බින්ඩි දකීද?

    කිඹුල් කරවල බොම්බිලි වගේ ඇති නේද? කාපු අය මොනවද කියන්නේ.

    මාත් අද දවසම වෙජිටේරියන්. උදේට පාන්, දවල්ට වෙජි බුරියානි (ගෙදර හදපු), රෑට පාන් සහ පරිප්පු.

    ReplyDelete
  35. කතන්දර. අද දින පැවැත්වූ සංවත්සරය ගැන දැන්නේ මතක් උනේ. කෙසේ වෙතත් ඔබ දෙදෙනාට ජය සතුට...
    මගෙන් උනුසුම් සුභ පැතුම්. අර ගිරා ජෝඩුව වගේම සතුටින් සැමදා ඉන්න ලැබේවා..!!!

    ReplyDelete
  36. :D :D :D එළවළු ජීවිතත් නරකම නෑ වගේ, නේද? නෑ වගේ නෙවේ.. නෑ තමා... :D :D :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.