Saturday 19 February 2011

කේක් ගෙඩි අප්පු ට ටෙටනස් ඉන්ජෙක්ෂන් එකක්!


මේ මං කියන්න යන කතාව නං අමූලික ඇත්ත එකක්. මේ කතාවේ කතානායකයා ගේ නම හේරත් කියලා කියමු කෝ.

ඒ වගේ හොඳ ගාම්භීර නමක් දැම්මේ මේකයි. මං අපේ රත්නායක මහත්තයා ගැන කතන්දර කියනවා වගේ, ඉස්සරහට හේරත් ගැනත් තව කතා කියන්න හිතාගෙනයි ඉන්නේ.

හේරත් හොඳ මීටර් කාරයා.

දවසක් හේරත් සයිකලයකින් ද කොහෙද වැටිලා හොඳටම තුවාල වෙලා. මේ කාලේ හේරත් කැම්පස් එකේ කොල්ලෙක්.

ඉතිං පොර කරලා තියෙන්නේ යුනිවසිටි එකේ හෙල්ත් සෙන්ටර් එකට යන එකයි. එතන ඉන්න දොස්තර හොඳ හිත කෙලින්ම ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහලා. ආයේ සතියකින් හයකින් ද කොහෙද එන්න කිව්වලු දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහ ගන්න.

හේරත් ඉතිං කාර්ය බහුල පුද්ගලයා නේ කවදත්. පොර ට ඔය දෙවෙනි ඉන්ජැක්සොමේ වග අමතක වෙලා.

ඔය අතරේ හේරත් ගේ ක්ලාස් මේට් කෙනෙක් අළුතින් කැම්පස් එකට ඇවිත් තියෙනවා ස්ථාන මාරුවක් අරගෙන. මේ යාළුවා එන කොටම ඌට අසනීප වෙලයි ඇවිත් තියෙන්නේ.

වෙන මොකවත් නෙමේ අමාරුව -කේක් ගෙඩි අප්පු!

ඉතිං බල බල ඉන්න බෑනේ, බේත් ගන්නත් ඕනෑ, හැබැයි, හෙල්ත් සෙන්ටර් එකට යන්න විදියක් නෑ, තාම රෙජිස්ට්රේෂන් වැඩ ඉවර නැති නිසා.

හේරත් හොඳ මීටර් කාරයා.

පොර කරලා තියෙන්නේ යාළුවා ව හෙල්ත් සෙන්ටර් එකට එක්කගෙන ගිහින් තමන් ගේ අයි.ඩී. නම්බර් එක දීලා, දොස්තර ලඟට ඇරලා.

දොස්තර හොඳ හිත ෆයිල් එක බලන කොට පොරට පෙනිලා මේ -හේරත්- අර දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහගෙන නෑ කියලා.
කේක් ගෙඩි අප්පු කපලා බේත් දාන අතරේ, දොස්තර හොඳ-හිත කරලා තියෙන්නේ දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එකත් ගහන එකයි.

මොකද, කේක් ගෙඩි අප්පු වගේ නෙමේ නේ ටෙටනස් වලින් වලක්වන්න හදන ආසාදන!

හේරත් ගේ යාළුවා කර කියා ගන්න දෙයක් නැතුව ඉඳලා. ඇයි ඉතිං, ඇත්ත කියන්නයැ? පොර අර මියුචුවල් ට්‍රාන්ස්ෆර් එකත් අල්ලලා දාලා ගියාය කියලයි ආරංචිය.

ඔය සිද්ධියෙන් සති දෙකකින් විතර වගේ හේරත් ට පොඩි කැස්ස හෙම්බිරිස්සාවක් හැදිලා. එදා කොහොමටත් ඩිසයින් ලැබ් එක තියෙන දවසක් ලු. මූ ඒකට කට් එක දාලා, කෝකටත් මෙඩිකල් එකක් ගන්නයි කියල හෙල්ත් සෙන්ටර් එකට ගිහින්.

දොස්තර හොඳ හිත ලඟට ගියාම පොර කියලා තියෙනවා ගිහින් ඇඳට නගින්න කියලා. හේරත් කාරයා ඒත් ඉතිං හිතලා ඇයි මේ කැස්ස හෙම්බිරිස්සාවට බේත් දෙන්න චෙක්-අප් එකක් කරන්න යන්නේ ඇයි කියලා.

බැලින්නම් දොස්තර හොඳ හිත ට ඕනැ වෙලා තියෙන්නේ කේක් ගෙඩි අප්පු ඔපරේට් කරපු තුවාලේ සනීප වෙලා ද කියලා බලන්නයි.
එදා තමයි දොස්තර හොඳ හිත මිරැකල් එකක් අත්දැක්කේ.

සති දෙකක් ඇතුලත කේක් ගෙඩි අප්පු ගේ තුවාලේ කැලලක්වත් නැතුව සනීප වෙලා!

-කතන්දරකාරයා

ප/ලි
මටත් එක පාරක් කේක් ගෙඩි අප්පු ලැබුනානේ. ඒ කතන්දරේ දන්නවාද?

(image: http://cake-injection.deviantart.com/#/dmhbqc)

21 comments:

  1. ටෙටනස් ඉන්ජෙක්ෂන් එක නිසා හොඳට ගියා!

    ReplyDelete
  2. @පූසා
    ඒක තමයි - පිස්සු බලු රෝග එන්නත නං මොනවා වෙන්න නොතිබුණා ද?

    ReplyDelete
  3. මරු කතාව ක. ශු. කොම්පුටෙරේ දිහා බලාගෙන හිනාවෙනකොට Mrs Observer බලනව මොකද වෙලා තියෙන්නෙ කියල.
    ඒක කියවනකොට මතක් වුනා මේක.
    මේ කියන යාලුවට කක්ක යන්නෙ නැති ලෙඩක් හැදිල දොස්තර ගාවට ගිහින් තියෙන්නෙ. දොස්තරත් බඩ මිරිකල බලල එහෙම දන්න සෙල්ලන් දාල පරීක්ෂා කරල බැරිම තැන ලෙඩාව ඇඳට දාල අනිත් පැත්ත හරවල අධෝ මුඛය පරීක්ෂා කලාලු. ඊට පස්සේ ඩොකා ඔලුවේ අත ගහගෙන කිව්වලු ළඟ හිටිය නර්ස් නෝනට "මෙච්චර කල් මන් පු*කවල් බැලුව, අද තමා පු*ක් මගෙ දිහා බැලුවෙ" කියල.
    අර බොරු දත් දාන කෂ්ටිය රෑට නිදාගන්නකොට බොරු දත් සැට් එක ඇඳ ගාව වතුර වීදුරුවක දාල තියනව වගේ අපේ යාළුවා එයාගෙ බොරු ඇහැ වතුර වීදුරුවක දාල තිබිල,හවස අනුමත වෙච්ච ඒවයේ සැර වැඩි කමට රෑ ආපු තිබහට බොරු ඇහැත් එක්කම වතුර වීදුරුව බීල.

    ReplyDelete
  4. දොස්තර හොඳ හිත කියන්නේ මිනිස් සතාට හැර අනිත් සත්තුන්ට බෙහෙත් දෙන පශුවෛද්‍යවරයෙකි

    ReplyDelete
  5. @Chanaka Aruna Munasinghe

    ඕක අපේ 'පූස් මකර' ට නැතුව වෙන කාට තේරෙන්නද?

    ReplyDelete
  6. ඇත්ටටම හොඳ වෙලාවට ටෙටනස් ඉන්ජෙක්ෂන් එක ගැහුවේ. නැත්නම් මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැ.. :D

    ReplyDelete
  7. @Observer

    කමක් නෑ, මොලේ ලඟටමනේ ඇහැ තියෙන්න ඕනේ.

    ReplyDelete
  8. @කොට ජීවිතේ

    ටෙටනස් වෙනුවට වෙන එකක් ගැහැව්ව නං පිටගැස්ම හැදෙනවානේ!

    ReplyDelete
  9. හිඃ හිඃ... මරු...

    ReplyDelete
  10. උන්න හැටියට මලා මදැයි කිව්වලු....

    ReplyDelete
  11. දොස්තර ට පිස්සු ඩබල් වෙන්න ඇත්තේ තුවාලේ තිබ්බ තැනක්වත් හොයා ගන්න නැති වුණාම... ඒක මිරැකල් එකක් නොවෙන්නම්.

    ReplyDelete
  12. ඔබ්සර්වර්ගෙ කොමෙන්ට් එක දැක්කම මතක් උනේ . . . . අහල තියනවද "අධෝ-අක්ෂි ස්නායුව" (anal-optic nerve) ගැන. ඒ ස්නායුව පර්යන්ත හෝ මධ්්‍ය ස්නායු පද්දති වලට සම්බන්ද නොවී අක්ෂි ගෝලය හා කඳුළු ග්‍රන්ථි කෙලින්ම අධෝමුඛය සමග සම්බන්ද කරනව.
    මම කියන්නෙ බොරු නං පු* මයිල් ගහක් ඇදල බලන්න . . . මොනවද ඔට්‍ටු . . . ඇස් දෙකට කඳුලු උනනව . . . . සිරාවටම

    ReplyDelete
  13. මේ කතන්දර දන්නවද යක්කු ?

    යක්කුන්ටත් තියෙනවා නෙව ලාක්ෂණික ලක්ෂණ...
    එකක් තමයි යක්කුන්ට බුරියක් නැහැ.
    අනික තමයි යක්කුන්ට ඔය කියන කේක් ගෙඩියක් නැහැ(පු*)

    අනේ මන්ද ඉතින් ඕව. පොත් වල තමයි එහෙම තිබ්බෙ...

    අපේ විශ්ව විද්‍යාලයේ හිටිය “මනමාල නාකි දෝස්තරව“ හමුවෙන්න නම් ගැහැණු ළමයි යන්නේ එක සැරයයි. ඒකත් නොගිහින්ම බැරි නම් විතරයි. දැන් නම් එයා නෑ මයෙ හිතේ.

    දොස්තරල දෙන්නෙක් හිටිය ඒ කැම්පස් එකේ නම්...

    දැන් කවුරු කවුරුත් දන්නව ඇතිනේ තමන් යකෙක් ද නැද්ද කියල...

    ReplyDelete
  14. @ඕනයා
    මං මේ කල්පනා කරන්නේ ඔය ස්නායු තන්තුවේ දිග සහ ගමන් මග!

    ReplyDelete
  15. @
    යක්කුන් ට බුරියක් නැත්තේ අම්මාගේ බඩේ නොසිටිය නිසයි.

    පු** නැති බව ඔයා කියන විදියට පොතක තිබුනා නං පිළිගන්නං කෝ.

    එහෙනං ඇයි යක්කුන් ට කටක්තියෙන්නේ? අර මාතර පැත්තේ විහාර වල තියෙන විදියට සල්ලි ගිලින්නද?

    ReplyDelete
  16. අනේ අනේ .... කටක් නැත්තම් වූ යකෙක් ද?
    මේක යකාගේ කතාවක් නේ. මාතර පැත්තෙ විතරද යක්කු කට ඇරන් ඉන්නේ සල්ලි ගිලින්න. මම දන්න හැම යකාම ඉන්නේ එහෙම තමයි. කොයි වෙලේ කටට සල්ලි වැටෙයි ද කියල....

    ReplyDelete
  17. මේ රටේ නම් උණ වැඩි වුණහමත් පු* ට ගහනවා දඩ ඉන්ජෙක්ෂන් එකක්.... මට උණ හැදුණොත් පැනඩෝල් පිහිට විතරයි...

    ReplyDelete
  18. හප්පේ කකාගෙ ඔරිජිනල් කතාව වගේම පට්ට ඔබාගෙ කතාවත්

    ReplyDelete
  19. @All
    ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.
    ඉතිං, හෙට කතන්දරෙන් හමුවෙමු.
    -කකා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.