Friday 14 January 2011

අම්මාගෙන් දුවට -මෙන්න නියම උපදෙස්


එදා කහ සාරිය සහ මල් සාරිය කතන්දරේ පටන් ගන්න දාපු අම්මා කෙනෙකුගෙන් දුවෙකුට දෙන උපදෙස් තියෙන විරිදු පෙලේ ෆුල් වර්ෂන් එක අපේ අම්ම ලඟ තිබුණු කැසට් එකකින් අහල පෙරේද පල කළා කියෙව්ව නේද?

ඒ විරිදු පෙල කියෝල බුරාතිනෝ ලිව්ව බ්ලොග්කාරයින් ට බ්ලොග්කාරියන් ට උපදෙස් දෙන විරිදු කිහිපයක්. ඕකට වත්(සලා)ත් එකතු කළා හොඳ උපදෙස් ටිකක්. අන්තිමේදී එතන රස සාගරයක් මැවුනා ය කිව්වොත් යසපාලිත ගේ අයිය වුනත් තරහ වෙන එකක් නැහැ.

කෙල්ලන් ට උදෙස් විරිදු ටික මං කැසට් එකෙන් අහනව දැකපු අපේ අම්ම මට කියල දුන්න, ඒ ගොල්ලො ඉස්කෝලෙ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ අග, අහල තිබුණු තවත් විරිදු පෙලක්.

මේ සෙට් එක මුලින් එකට වඩා ජොලි එකක්. මේක යන්නේ අම්මයි දුවයි අතර සංවාදයක් විදියටයි.

මෙන්න බලන්න.

මගේ එකම දුවේ උඹට මම දෙන මේ අවවාදේ
අගේ සිතින් පිළිපැද්දොත් ඉන් මතු දියුණුව පෑදේ

ලිඳකට පැනපං කිව්වත් පනිනා එය එක පිම්මේ
ඔබ දුන් ඔවදනක් නොපිළිගත්තේ කවදද මම්මේ

කණට නොගෙන හණමිටි කාරයින් කියන බමුණු කතා
හිතට ගනිං මම්මා දෙන මේ ඔවදන් හොදින් ඉතා

පප්ප ගෙ අදහස කවදත් පරණ විදියට ම ඉන්නට
පුප්පයි මොනවා හරි කීවොතින් මාව විසිවෙන්නට

පප්ප නුඹේ තරුණ කාලෙ කොණ්ඩෙ බැඳල හිටියෙ මුලින්
කැප්පෙවුවේ මමයි එදා බඳින්න මාසෙකට කලින්

තාම පේනවා ඒ ගති ඒකයි විටකදි වහින්නෙ
සෝමපාල කෙනෙක් නිසා තමයි පරණ තැටි ගහන්නෙ

ගමණක් ගොස් එනවිට හිමි ගෙට ගන්නලු පය සෝදා
පොතක තිබෙනු දුටුවෙමි මම්මේ එය දෙනවද පහදා

වැඩකට නැති කතා ඕව මගෙ මේ කියමන අහපං
මඩ ගානෙන ගෙට ආවොත් පයිප්පෙ ගාවට ඇරපං

උණ්ඩෙ වගේ බඳිනු එපා කොණ්ඩෙ වවා දිග් ගස්සන
ඩොන්කි තියා කොට කල තරමටයි දුවේ හැඩ ලස්සන

ගෙදර දොරේ වැඩ සමගින් නිතර වවන ඉඟුරු දුරූ
කවරදාකවත් අම්මේ මේවා මට නොමැත හුරූ

පත පොත ලියලා තිබුණට අද රට තොට ගැන හිතපං
ඊට වැඩිය හොඳයි දුවේ නියපොතු උල් කර වවපං

නාඹිය පෙන්වා ඇඳීම දත් පෙනෙන්න සිනාසීම
මේවා මට නොකරම බෑ, මල කෝලං අනේ මෙහෙම

බමුණු කතා ඔය සේරම ඩෝටර් අහකට දාන්න(*)
හිනා වෙයං ඇඟට හොඳයි අල්ලපු වත්තට ඇහෙන්න

(*) මේ පදේ අපේ අම්මට අමතක වෙලා හින්ද මායි ලිව්වේ.

-කතන්දරකාරයා

ප/ලි:
අපේ මහදැනමුත්ත ගේ ගෝලිච්චියෝ මේ අවවාද සෙට් දෙකෙන් මොකක් පිළිපදින අයද මන්දා?

18 comments:

  1. අපේ මහදැනමුත්තගේ ගොලිච්චියෝ මේවා පිළිපදී මං හිතන්නේ. හැබැයි යසපාලිතගේ අයියා මොනව කියයිද දන්නේ නෑ..
    සුභ දවසක් කතන්දර.

    ReplyDelete
  2. අද කාලෙ සමහර කෙල්ලොන්ට නම් අම්මලා දෙනවා ඇත්තෙ මේවගේ උපදෙස් තමා.

    ReplyDelete
  3. ඕවා නම් අද ඉන්න බහුතර ගැහැණු උදවියට අමුතුවෙන් කියා දෙන්ට ඕනේ නෑ :D

    ReplyDelete
  4. මෙච්චර කල් කතන්දර ඇහුව, දැන විරිදු.මේකත් නරක නැහැ,
    දැන් මේ කමෙන්ට්ස් වැටෙනකල් බලා ඉන්නෙ බුරාතෙනෝ,
    වත්(සලා)ගෙ එහෙම නිර්මාන රස විඳින්න.තව ඇති කශ්ඨිය විරිදු දෙන්න.
    කමෝන්, එන්න ඉදිරියට තව නව නිර්මාන ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  5. kalin ekata wadaa tikak manussa paatayi

    ReplyDelete
  6. මේ අම්මා කොහේ එක්කෙනෙක් ද?

    ReplyDelete
  7. මේක පනස් ගනන් වල එකක් කියල හිතන්නත් අමාරුයි

    ReplyDelete
  8. ඒ උනාට එපා දුවේ කොටට ඇඳන් පාරෙ යන්න
    පොලොසියෙන් ඇල්ලුවොතින් මට වෙනවා දඩ ගෙවන්න.

    ReplyDelete
  9. ආහ්... ඒ පාර කතන්දර විරිදු කියන්න අරං වත්ද? හොඳා හොඳා...

    ReplyDelete
  10. දැන් අන්ත දෙකම දාපු නිසා කතන්දර ඊ ළඟට මැද පිළිවෙත විරිදුවකින් දානවා ද?

    ReplyDelete
  11. හොඳ වෙලාවවට යසපාලිත ගොය්යට අය්යල නැත්තෙ!
    අර කඩේ යන්න අරං ඉන්න මලය වාසුදේව නං මේකට එක පයිං විරුද්ධ වෙනවට මෙන්න කැට!

    ReplyDelete
  12. @ඉන්දික උපශාන්ත
    අයිය කියන්නේ ඉස්සෙල්ලා උපදින කෙනාටයි. ඉස්සෙල්ලා මැරෙන කෙනාට නෙමේ!

    ReplyDelete
  13. @සියළු දෙනාටම
    ස්තුතියි ප්‍රතිචාරවලට.

    ReplyDelete
  14. @Aruni

    මං හිතන් ඉන්නේ තාත්තා ගෙන් පුතාට අවවාද විරිදු පන්තියක් ලියන්නයි!

    ReplyDelete
  15. අපි මේ බලන් ඉන්නේ ඒක අහන්නයි.(තාත්තා ගෙන් පුතාට අවවාද විරිදු ) ඔයා විරිදු පටන් අරන් අන්න වලව්ව පුරා දැන් විරිදු පැතිරිලා. හොඳ වෙලාවට මට විරිදු ලියන්නත් බෑ. කියන්නත් බෑ.

    ReplyDelete
  16. අපරාදෙ කියන්න බැහැ අපූරු අම්මන්ඩි......

    ReplyDelete
  17. අනර්කලී නගාවයි, එයැයිගෙ අම්මාවයි මතක් උනා!!

    ReplyDelete
  18. අනර්කලී නගාවයි, එයැයිගෙ අම්මාවයි මතක් උනා!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.