Friday 26 November 2010

උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?


ජැක්සන් ඇන්තනි හදපු අබා චිත්‍රපටිය මතකයි නේද? තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නං මායි ඔය චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මේ ගැන මං ලියපු කතන්දරේ කියවල නැති අයට මෙන්න මෙතනින් ඒක බලාගන්න ඇහැකි.

අබා ෆිල්ම් එකේ සබීතා පෙරේරා රඟපෑවේ උන්මාද චිත්‍රා ගේ චරිතයයි. පඬුවස්දෙව් රජ්ජුරුවන් ගේ බිසව භද්දකච්ඡායනා ට ලැබුණු දූ කුමාරි චිත්‍රා ට උන්මාද චිත්‍රා කියල කාඩ් එකක් වැදිල තිබුණෙ එයාව දැකපු දැකපු පොරවල් පිස්සු වට්ටන තරම් ලස්සන හින්දලු.

මං හිතන්නෙ අබා ෆිල්ම් එකට කාස්ටින් කරපු අය ඔය කතාව දැනගෙන ඉඳල නෑ!

එදා උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරල තිබුණෙ නං, රටේ තරුණයො චිත්‍රාව දැකල පිස්සු වැටෙන එකෙන් වලක්වන්න නං නෙමේ.

රටේ තරුණයො ගැන හිතන්න කලින් ඕනැ රජෙක් හිතන්න ඕනැ තමන් ගේ පුත්තු ගැන නේ. චිත්‍රා ගේ කුසෙන් උපදින පුතෙකුගෙන්, රජකම හිමි මාමලා දුසිමටම මැරුම් කන්න වෙනව කියල අනාවැකියක් තිබුණු හින්දයි කෙල්ලව එක් ටැම් ගේ හිර කලේ.

දකින දකින අය පිස්සු වට්ටන උන්මාද චිත්‍රා ලා එදා විතරක් නෙමේ අපේ කාලෙත් හිටියා. අදත් ඉන්නවා වෙන්න පුළුවන් මං දන්නේ නැති වුණාට. මේ කතන්දරේ කියවන පිරිමි කෂ්ටිය සාක්‍ෂි දෙයි ඒ බවට.

මගේ ප්‍රශ්ණේ, ඒක නෙමේ, මෙන්න මේකයි.

උන්මාද චිත්‍රා ලා විතරද ලංකාවේ හිටියේ?

ඇයි උන්මාද චිත්‍රසේන ලා නැද්ද අපේ රටේ?

අපොයි හිටියා!

මෙන්න උන්මාද චිත්‍රසේන කෙනෙක් දැක්කොත් අඳුණා ගන්න ක්‍රමය. මේවා අදාල වෙන්නේ කාන්තා පක්‍ෂයට විතරයි, හොඳේ?

1. උන්මාද චිත්‍රසේන ව දැක්කහම කාන්තාවන් ගේ කකුල් ගැහෙනවා.

2. නිකං වතුර තිබහ වගේ ගතියක් දැනෙනවා. තොල් වේලිලා යනවා. දිවෙන් දෙතොල් තෙත් කරගන්න හිතෙනවා.

3. වලාකුලක් මැද්දේ වාඩි වෙලා පාවෙලා යනවා කියලයි හිතෙන්නේ.

4. හිතට නිකං කවි සිතුවිලි පවා පහල වෙනවා.

5. අනේ මට මෙයා එක්ක ලස්සන දිය ඇල්ලක් පාමුල තියෙන පුංචි පිදුරු පැලකට වෙලා ඉන්න ඇත්නං කියල වගේ සුන්දර සිතුවිලි හිතට ගලාගෙන එනවා.

6. අනේ මේ ආත්මේ බැරිනම්, ලබන ආත්මේ දී වත් ඒ වාසනාව උදාවේවා කියල හිතෙනවා.

කොහොමද මං මේව දන්නේ?

ඔය උඩින් තියෙන ෆොටෝ එක ගත්ත කාලෙ තමයි මට ඔය කතා සේරම ආරංචි වුනේ.

-කතන්දරකාරයා

ප/ලි
මේ මුළු කතන්දරේම තමයි අද ප/ලි එකකි!

56 comments:

  1. උන්මාද චිත්‍රසේන දුටුවෙමි.......

    ReplyDelete
  2. අප්පද බොල..උන්මාද චිත්‍රසේන...
    නයි කයිද රෝස් පාං කිව්වළු..හැබෑව හැබෑව...

    ReplyDelete
  3. වැඩේ කියන්නේ මට ඔය පොටො එක දැකල හිතුනේ ඔය එකක්වත් නෙවෙයිනේ අයියේ...... :(
    මට දැක්ක ගමන්ම හිතුනේ " මොකාද බොලේ මේ හූනා..?" කියලනේ....

    ReplyDelete
  4. ඒ පින්තූරේ දැක්කම, මගෙත් කකුල් ටිකක් ගැහෙන්න පටන් ගත්තා.

    ඒක කොයි කාලේ ගත්ත එකක්ද?

    ReplyDelete
  5. When I look into your eyes
    I feel nothing but cravings
    You make me feel so ecstatic
    Chills rush down my spine
    My heart beats fast

    I just don't know what to do
    I just hope one day, I get to see you

    Unmaada Chitraa

    ReplyDelete
  6. ඇත්තට කවුද ඉතිං පිතූරෙ ඉන්න උන්මාද චිත්‍රසේනට ඔය කරුණු ටික කිව්වෙ??ඉතින් කතන්දර අයියා හිතාගෙන හිටියෙම තමුන් චිත්‍රසේන කෙනෙක් කියලද?? පව් අනේ ඔයා!!!!

    ReplyDelete
  7. උන්මාද චිත්‍රසේන සිවුර පොරවගෙන ඉන්නකොට මීට වඩා හැන්ඩියා මගෙ හිතේ.

    කොහොම උනත් තට්ටේ තියෙන පින්තූරයක් දැම්ම නම් ගෑණු ළමයි තවත් උන්මාද වෙයි. තට්ටේ සෙක්සි කියනවානේ.

    ReplyDelete
  8. මෙහෙව් හිටපු මනුස්සයටනෙ අම්මපා දැන් මෙහෙම වෙලා තියෙන්නෙ......

    ReplyDelete
  9. අපොයි දෙයියනේ පිරිමින්ට ගිය කලක් . . .

    ෂුවර් එකටම කතන්දර හාමිනේගේ රැවටුම් බහක්.... පේනවද මේ පිරිමි උදවිය කොච්චර ඉක්මනට රැවටෙනව ද කියලා. . ..

    මලට මිසක් බඹරට මොන ලස්සන ද මෙයාලා...

    ReplyDelete
  10. ඒක නෙමෙයි .... කතන්දරගෙ මේ අලුත් වෙනසට නම් ඔන්න මගෙන් ලකුණු ගොඩක් ...

    ReplyDelete
  11. "උන්මාද සිතුවම් මැවේ බිදේ මීදුම් වලා මැද අතීතයේ" කිවුවලු.. කොහොම හිටපු කොල්ලෙක්ද හැබෑටම.. :)

    ReplyDelete
  12. උන්මාද චිත්‍රසේන හරි හැන්ඩ්සම්නෙ.

    ReplyDelete
  13. හේහේහේ තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් විජය කුමාරතුංග මහතාට මාරුවෙනවා නෙවැ මේ උන්මාද චිත්‍රසේන...

    හැබැයි උන්මාද චිත්‍රව හිර කලේ එක්ටැම් ගේක...හුදී ලාංකීය කාන්තා පාර්ශවයේ හිතසුව පිණිස, එතකොට මේ උන්මාද චිත්‍රසේනව හිරකලේ කටුගේකද? (වටේ පිටාව අනුව ඕන් හොදේ...)

    ReplyDelete
  14. උන්මාද චිත්‍රා ලා අදත් ඉන්නවා හැබැයි පිස්සු හදෙන්නෙ එයාලව දැක්කම නෙමෙයි එයාල ඇඳගෙන යන ඇඳුම් දැක්කාම

    මාව දැක්කාමත් ඔය වගේ හිතෙනවාද කියලා කෙල්ලෙක්ගෙන් අහන්න ඕනේ :DDDD (කුනුහරුප අහගන්න වෙයිද දන්නේ නෑ)

    ReplyDelete
  15. මේ හැබෑටම කතන්දර කටුස්සෙක් වෙලාද?
    නෑ ඉතිං දවසින් දවස මෙහෙම පාට මාරු කරන්න....

    ReplyDelete
  16. පෙනේද මේකා වයසට ගියත් මනමාල කම අඩුවෙලා නැති හිටි... naughty 40 නේ.

    ReplyDelete
  17. ගැහැණුන් පිරිමින් දිහා බැලීමත්, පිරිමින් ගැහැණුන් දිහා බැලීමත් අතර ලොකු වෙනසක් තියෙනවා, මානව පරිණාමයේදී ඇති වූ.

    ගැහැණියකට ගැබ් දැරිය හැකි නිශ්චිත කාල සීමාවක් තියෙනවා. මේ අනුව පිරිමියකු වයස 45-50ට වඩා වැඩි ගැහැණියක වෙත ආකර්ෂණය කිරීමේ පරිණාමීය අර්ථයක් නැහැ. මේ නිසා පිරිමි මනස පරිණාමීයව සකස් වී ඇත්තේ සරු වියෙහි වෙසෙන ගැහැණුන් අනෙකුන් ගෙන් මැනැවින් තෝරා බේරාගෙන ඔවුන් වෙත ආකර්ෂණය වීමට. වෙනත් විදියකින් කිව්වොත් 'ලුක් එක', වයස පිරිමින්ට සහකාරියක සොයා ගැන්මේදී ඉතා වැදගත් සාධක.

    අනෙක් පැත්තෙන් පිරිමියකු මිය යන තුරුම ලිංගිකව සරුයි. වයස අනූවේදී වුණත් දරුවකු හදන්න පුළුවන්. මේ නිසා ගැහැණු මනස සකස් වී ඇත්තේ 'ලුක් එකට' අමතරව තවත් බොහෝ සාධක ගැන බලා ඒ සියල්ලම 'පැකේජ් එකක්' සේ සලකා ලකුණු දී සහකරුවා තෝරා ගන්ට.

    අපේ නංගිලත් ඔය ඇහැට කණට පේන තරුණ කොල්ලො පැත්තක ඉන්දැද්දි ගිහිල්ලා BMW එකක් තියෙන ඕල් මෑන්ස් කෙනෙක් එක්ක සෙට් වෙන්නේ ඒකයි. නැතුව ටේස්ට් එකක් නැති නිසාම නෙවෙයි.

    - Taboo

    ReplyDelete
    Replies
    1. LIKE (ෆේස් බුක් වගේ ලයික් බට්න් එකක් බ්ලොග් කමෙන්ට් වලට තියේනම් ලේසියි)
      +++++++ ගහ ගහ ඉන්න ඕනෑ නෑ.

      Delete
  18. කවුරු පිළිගත්තත් නැතත් සත්ව ලෝකයෙ වැඩියෙන්ම ලස්සන පිරිමි සත්තු..... :)

    ReplyDelete
  19. ඇත්තටම මිස්ටර් කතන්දර.... ඔය දශක කීයකට කලින් හිට් වෙච්ච චිත්‍රසේන කෙනෙක්ද???

    ReplyDelete
  20. අනිවා ඩෙෆා මේක නම් සික් ගහපු වෙලාවක ගත්ත එකක්. ඔය වාගෙ වෙලාවක ගන්න ෆොටෝ දැක්කහම අර කිව්වා වගේ සිතුවිලි පහළ වෙනවා. හැබැයි ඉතිං බුද්ධාගම එක්ක හිතුවොත් මට නම් හිතෙන්නෙ “මේකත් ඉතිං ජීවිතයක්නෙ“ කියලා.
    කථාවෙ දේවල් නම් ඇත්ත.

    ReplyDelete
  21. උන්මාද චිත්‍රසේන! කතන්දර හාමිනේද ඔය කතාව කිව්වේ?

    ReplyDelete
  22. Not so bad looking. How old wre u back then?

    looks very innocent.

    ReplyDelete
  23. අර බැදපු දාට පහුවෙනිදා ගත්ත ෆොටෝ එකෙයි මේකෙයි වෙනස බලපුවම මොකද ළමයි හිතෙන්නෙ..

    මට නං හිනා යනවා මේකයි ඒකයි මතක් වෙන කොට.

    (මේ බදින්ඩ කලිං මගේ හිතේ)

    ReplyDelete
  24. මගේ ශෝක් මටම ශෝක්නේ.

    ReplyDelete
  25. කතන්දර අය්යා අවුරුදු විස්සකට, තිහකට කලින් හැන්ඩියෙක් වගේ පෙනෙන්නේ නේ?

    ReplyDelete
  26. අනේ මෙයා, එදා උන්මාද චිත්‍රසේන මෙදා කව්ද ? පව්!

    ReplyDelete
  27. කාන්තා පක්ෂයටනේ මේක අදාළ. ඒක නිසා පුරුෂ පක්ෂයට අදාළවත් යමක් ලිව්වා නම් කොහොමද ?

    ReplyDelete
  28. @All
    බුදු අම්මෝ තියෙන කමෙන්ට්ස් කන්දරාව!

    චිත්‍රසේනටත් ඒ දවස්වල ඔහොම තමයි.

    හා,හා!

    ReplyDelete
  29. ටැබූ නං තාමත් ඩෙස්මන් මොරිස් ගේ පොත බිම තියලා නෑ වගේ!

    ReplyDelete
  30. @All
    හැමෝම විත්‍රසේන ගේ එක ගැන කමෙන්ට්ස් දෙනවා මිසක් මෙන්න මේ පේලි දෙක දැකලා නෑ වගේ.

    1. මං හිතන්නෙ අබා ෆිල්ම් එකට කාස්ටින් කරපු අය ඔය කතාව දැනගෙන ඉඳල නෑ!

    2. එදා උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරල තිබුණෙ නං, රටේ තරුණයො චිත්‍රාව දැකල පිස්සු වැටෙන එකෙන් වලක්වන්න නං නෙමේ.

    -KK

    ReplyDelete
  31. මාර පොරක්කෙ මු?????

    ReplyDelete
  32. කතන්දර පස්සෙ පෙන්නලා දීලා තියෙන කරුණු දෙකම අමතක වෙනවා අර පොටෝ එකේ කොල්ලව දැක්කම. ඒකයි ඔය කරුණු දෙක මඟ ඈරිලා තියෙන්නෙ මගෙ හිතේ.

    මේ කොල්ලාගෙ ලස්සන තියෙන්නෙ බෙල්ලෙ. බොරුනං හොඳට බලන්න.

    උන්මාද ච්ත්‍රා කෙසේ වෙතත්, අර ලොකු පොතේ අත්සන් කලාට පස්සෙ මේ චිත්‍රසේනව නං සුවර් එකට එක්ටැම්ගේක දාලා වගේ තියාගත්ත ඈති මෙයාගෙ චිත්‍රා.

    පෙන්නැද්ද මුණෙ තියෙන ෆෙම්පාට.

    ReplyDelete
  33. එක්ටැම් ගේ රැදෙව්වට මාමල ඉතුරු උනේ නෑනේ.

    උන්මාද චිත්‍රසේනත් මේපාර එයිද දන්නෑ නේද?
    ගිය පාර නං මතකයි "I LOVE Kathandara" කියල ටී එකෙත් ගහගෙන හිටියා. හැබයි ඔය කොණ්ඩෙ නං පේන්නවත් තිබ්බෙ නෑ

    ReplyDelete
  34. උන්මාද චිත්‍රා කිවුවෙ චිත්‍රා දැක්කම පිස්සු හැදෙන නිසා වුනාට උන්මාද චිත්‍රසේන කිවුවෙ චිත්‍රසේනට පිස්සු නිසයි...

    ReplyDelete
  35. 1 ඒක නම් සහතික ඇත්ත.
    2 අදත් එහෙම තමා. අදත් චිත්තරාලව හිර කරන්නෙ 'පරම්පරාව' නැති කරන්ඩ ඉඩ තියෙන මොකෙක් හරි නසරාණියෙක් ඇවිත් උස්සන් යයි කියලා.

    @ Taboo,
    ඔන්න ඕවා අමතක කරන්ඩ. කවද හරි තේරෙයි මරුටියත් රෝද හතර තමා කියලා.

    ReplyDelete
  36. මිල්ක් ෆාදර් ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.. කවුද බොලේ මේ.. නිකන් හාරත හේරා වගේ

    ReplyDelete
  37. lol.මගේ කකුල් ගැහෙන්නේ නම් නෑ (මගේ) "උන්මාද චිත්‍රසේනව" දකිද්දී,කියන්න හදපු දේ අමතක වෙනවා විතරයි.එතකොට ඉතින් අහල පහල ඉන්න යාලුවෙක් මට ඇඟිල්ලෙන් ඇනල යථා තත්වෙට ගේනවා.hehe.උන්මාද චිත්‍රාට ඉන්නේ සබීත කියල දැනගත්තම නම් හිනා ගියා අපිටත්.මම නම් අබා බැලුවේ නෑ !කතන්දර අයියගේ photo1 නම් මරේ මරු.නළුවා වගේ ...

    ReplyDelete
  38. lol.මගේ කකුල් ගැහෙන්නේ නම් නෑ (මගේ) "උන්මාද චිත්‍රසේනව" දකිද්දී,කියන්න හදපු දේ අමතක වෙනවා විතරයි.එතකොට ඉතින් අහල පහල ඉන්න යාලුවෙක් මට ඇඟිල්ලෙන් ඇනල යථා තත්වෙට ගේනවා.hehe.උන්මාද චිත්‍රාට ඉන්නේ සබීත කියල දැනගත්තම නම් හිනා ගියා අපිටත්.මම නම් අබා බැලුවේ නෑ !කතන්දර අයියගේ photo1 නම් මරේ මරු.නළුවා වගේ ...

    ReplyDelete
  39. lolz ... mama meka nithipatha kiyewwata ada thama comment eakak dannea ... kaka .. mara handiyek nea ... hikzz .. aththatama kaka oka awrudu keeyakata kalin gaththa eakaktha ... :P

    ReplyDelete
  40. ආ.....
    ඔය ඉන්නෙ හැන්ඩිය වගෙ..

    හැබැයි බැල්මනම්.... හොර බැල්මක්..

    ReplyDelete
  41. දැන් ඔයා කියන්නෙ අර ෆොටෝ එක දැක්කම කාන්තා පක්ෂයට ඔයා ඔය කියන සිතුවිලි ටික පහල වෙන්න ඕනෙ කියලද?
    අනේ......... මන්දා .............

    ReplyDelete
  42. @ චර්මි
    නසරාණියා කිවුවට තාම චිත්‍රා කෙනෙක්ව උස්සන්න බැරි වුනා නොවැ...

    ReplyDelete
  43. ඕකට තමයි කියන්නේ ආදරේ අන්ධයි කියල.... විද්‍යාත්මකවත් ඒක ඇත්ත කියල ඔප්පු කරල තියෙනවයි කියන්නේ... හිතට කාගැන හරි ආදරයක් දැනුම ස්‍රාවය වෙන හෝමොන නිසා අපේ පෙනීම සම්බන්ධ සමහර දෘෂ්්‍යි ස්නායු හරියට වැඩකරන්නෙ නැතිව යනව ලු... ඉතින් එහෙම බැලුවම "කතන්දර හාමිනේ" ආලයෙන් වෙලුන කාලෙක දි වෙන්නැති මේ කතන්දරව දැකල මේ වගේ කියන්න ඇත්තේ.

    අර කීව ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතක් සිංහලට පරිවර්තනය කරපු එකක තිබ්බ මම දැක්ක... පිරිමින්ට ලෝකේ ලස්සනට පෙන්න ගන්නේ ආදරය කරල ඉවර වුන ගමන් ලු.. කුරුල්ලන් සින්දු කියන හඬ, මල් වල සුවඳ , ජීවිතේ මෘදු බව එයාලට දැනේනේ ආදරය කරල ඉවර වුන ගමන් කියල ඒ පොතේ නම් තිබ්බ...

    ගැහැණුන්ට නම් ඒ වගේ ලස්සන ලස්සන දේවල් පෙන්න ගන්නේ ආදරයක් හිතට ඇතිවුන මුල් දවස් වල කියලයි කියන්නේ.....

    ReplyDelete
  44. ඔන්න ටැබූ සර් දීලා තියනවා පොඩි කුමාරිහාමිගෙ http://podikumarihami.blogspot.com/2010/11/blog-post_27.html පෝස්ට් එකට උත්තරයක්. ඒක කියවලා සුදුසුකම් ලැයිස්තුව සංශෝධනය කරයිද දන්නේ නෑ.....

    ReplyDelete
  45. @ඉන්දික උපශාන්ත

    Who said Sabetha is ugly. She is a beautiful 45 years old woman today.

    My comment was about casting her as Unmada Chrithra in moveie made in 2008.

    Sabeetha was perhaps good for this role in 1985.

    ReplyDelete
  46. ඇත්තටම මේ කතන්දරද??..මට මෙයාව හොදට දැකලා හුරුයි..මම කොහොන්ද දැක්කේ කියලයි කල්පනා කරන්නේ..බොරුවක් නම් නෙමෙයි...

    ReplyDelete
  47. මන්දාකිණී
    මං හිතන්නේ ඉහත ආත්මෙක වෙන්න ඇති, නේද?
    මාව දැකපු ගර්ල්ස් ලා ට පස්සේ අමතක වෙලා යනවා. ඇයි උන්මාදය හැදෙනවනේ!
    -චිත්‍රසේන

    ReplyDelete
  48. හික් හික් මරු චිත්‍රසේන
    අයියා ඒ වගේ කියලා කව්රු හරි කිව්ව්ද වැරදිලාවත්....

    ReplyDelete
  49. කෙලියනෙ තාප්පෙට. උන්මාද චිත්‍රෙ ගැන අහලා නෑනෙ මම. හරි හරි මේ ඒ චිත්‍රෙ ඇඳපු කොළුවද... හරි සීදේවී නේද..???

    ReplyDelete
  50. @ පාදඩයා

    සීදේවී කියන්නේ, කෙල්ලෝ වශී වෙනවා නොවැ ඒ කාලේ!
    බැරිම තැන කොණ්ඩේ බූ ගාලා රුවුලක් වවලා වෙස් වලා ගත්තා.

    ReplyDelete
  51. @ හිමි අහිමි
    හාමිනේ නං තාමත් කියනවා, වෙස් වලා ගෙන හිටියත්!

    ReplyDelete
  52. මරු කතා පොජ්ජ

    ReplyDelete
  53. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කාලය මැවූ වෙනසක අරුමේ ...

    ReplyDelete
  54. The products are formulated using good quality natural
    ingredients, they're packed with essential macro and
    micro nutrients to fulfill the core nutritional and
    weight loss requirements coming from all individuals.
    Recovery out of this condition demands how the blood urea nitrogen (BUN) level and serum creatinine level are normalized.

    Sit down with a pen and a few paper and also think of everything you want.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.