
කලින් නොදන්න කෙනෙක් ඉස් ඉස්සෙල්ලාම අඳුණාගත්තහම අපි හුඟ දෙනෙක් අහණ ප්‍රශ්ණ ගැන මං ගනේමුල්ලේ කුරුවිට කතන්දරේ ලිව්වා.
නම, ගම, මියුචුවල් යාළුවො, කෙමිස්ට්‍රිවලට කොහෙද ටියුෂන් යන්නේ? වගේම තවත් හුවමාරු වෙන පොදු තොරතුරු ටිකක් තියෙනවා.
අද කතන්දරේ කියවෙන්නේ මෙන්න මේ දෙබසින්.
මම: කොහෙද ඔයාගෙ ගෙවල්?
ඔහු: ගනේමුල්ලේ.
මම: ගනේමුල්ලේ කොයි හරියෙද?
ඔහු: ජා-ඇල පාරේ
මම: ඒ කියන්නේ 276 ද, 266 ද, 278 ද?
ඔහු: 278
මම: කොයි හරියේද?
ඔහු: අර බස් එක හරෝලා ටික දුරක් යනකොට වෙලක් තියෙනව දන්නවද?
මම: ඔව්!
ඔහු: ඒක පහුකරපු ගමන් තුංමං හන්දියක් තියෙන්නේ.
මම: ඔව් මං දන්නවා, එතනින් කොයි පාරේද?
ඔහු: එතනින් වමට හැරෙන පාරේ, අර කළුපාට ගේට්ටුවක් තියෙන ගෙයක් තියෙන්නේ. ඒ පාරේ.
මම: ඔය කියන්නේ අර මිදුලේ අඹ ගහක් තියෙන...?
ඔහු: නෑ, නෑ, අනිත් පැත්තේ. අර තට්ටු දෙකේ ලස්සන ලොකු ලා නිල් පාට ගෙදර. ලොකු තාප්පයක් බැඳලා, කළු ගේට්ටුවක් දාලා, ගේ ඉස්සරහ ලස්සනට මල් වවලා තියෙන ගෙදර.
මම: ඉතිං ඔය ගෙදර තියෙන පාරට හැරිලා හුඟක් දුර යන්න ඕනැද?
ඔහු: නෑ, ඒක තමයි අපේ ගෙදර.
මම: ආ!
එදායින් පස්සේ මං ගියේ නෑ, ඔය වගේ විස්තර අහන්න.
මං වගේ උගත්, කඩවසම්, අවංක, එඩිතර තරුණයෙක් මොකටද හාර හාරා අනුන් ගේ විස්තර අහන්නේ?
-කතන්දරකාරයා
ඕක ගොඩක් අය කරන දෙයක්. අර ගෙදරට නයෙක් ආපු කතාව වගේනේ. අළුත් ටීවී එක යටින් ගිහින්, අළුත්ම ෆ්‍රිජ් එක උඩින්......
ReplyDeleteකතාව වගේ තමා.
හිකිස්...
ReplyDeleteහිකිස්... ලස්සන ගෙදර නේද
ReplyDeleteඔව් ඔව් හාර හාර මීට වඩා නම් විස්තර මුකුත් අහන්න එපා,,,මේ ඉතින් හුඟක් ඉස්සර කතාවක් නේද? තරුණ කාලෙ කියලා කියල තියෙන නිසා අහන්නෙ
ReplyDeleteමං වගේ උගත්, කඩවසම්, අවංක, එඩිතර තරුණයෙක් මොකට මේ බ්ලොග් එක කිඅයවනවද මන්දා..............:D
ReplyDelete"අර තට්ටු දෙකේ ලස්සන ලොකු ලා නිල් පාට ගෙදර. ලොකු තාප්පයක් බැඳලා, කළු ගේට්ටුවක් දාලා, ගේ ඉස්සරහ ලස්සනට මල් වවලා තියෙන ගෙදර." මම ඒත් කල්පනා කලා, කතන්දර කොහොමද අපේ ගෙදර විස්තර හරියටම දැනගත්තේ කියලා.
ReplyDelete" මං වගේ උගත්, කඩවසම්, අවංක, එඩිතර තරුණයෙක් ?" මෙතන 'මං' වගේ කියන්නේ කවුද?
පලි :-
ReplyDeleteඅන්න ඒ නිල් පාට ගාපු බිත්ති තියන ලස්සන ලොකු ගෙදරට හරියට ඉස්රහින්ම තියෙන තනි තට්ටුවෙ සුදු බිත්ති තියන පුංචි ගෙදර ඉන්න ලස්සන කෙල්ල තමයි.
෴ මම ෴
෴:D෴
ReplyDeleteනයෙක් නයෙක් නයෙක්...!!!
ReplyDeleteනෑ නෑ ඔය ගෑණු උදවිය නයි අරින්නෙත් ඔහෙමනේ....
කතන්දරගේ බ්ලොග් අඩවිය දැන් හරි ලස්සනයිනේ. අලුතෙන් එන අවුරුද්දට බිත්තිවල පාට ගාලා වගේ. නැත්නම් හරියට අලුත් ඇඳුමක් අන්ඳලා වගේ. නිල් පාටයි, සුදු පාටයි. කතන්දරටම ගැලපෙන පාට දෙක.
ReplyDelete'උගත්', හරි ඒ උගත් කියමුකො...! 'කඩවසම්' හරි ඒ කඩවසම් කියමුකො...! 'අවංක' ඒකත් හරි කියමුකෝ... 'එඩිතර'ත් සේප් අර වලියට බර පොරවල් පෝස්ට් එකෙන්... ඒත් තරුණයෙක් කිව්වෙ මොකෝ!
ReplyDelete.................
ඒක නෙමේ මොකෝ මේ ගෙවල් දොරවල් වෙනස් කරලා.
කතන්දර කියූ සැනින් මට නං මතක් වෙන්නේ අර තඩි අකුරින් "කතන්දර" කියල ලියලා තියෙන නිල් පාට නිදහස් සයිබර් පිටුව......
වාව්......
ReplyDeleteමම බැලුවේ මට URL එක වැරදිලාද කියලනේ.
අර අළුත්, නිල්පාට, ලොකු ලස්සන ගෙදර කතාව මේකද ?????
කතන්දර අයියා ඇන ගෙන වගේ... හි හි
ReplyDeleteඔය ලොකුතාප්පයක් බැඳල තියන ගෙවල් ලස්සනද කැතද කියල ලගින්යන අයට පේන්නේනෑ. ඇතුලේ මොක්කු ඉන්නවද දන්නෙත් නෑ. අර "වත් "කිව්වවගේ පොඩිගෙයක් ඇතුලේ උනත් ලස්සන කෙල්ලෙක් ඉන්නවනම් ඒගෙදර කොච්චර සුන්දරද?
ReplyDelete@ serendipity
ReplyDeleteපොඩි ගෙයක වුනත් ලොකු ගෙයක වුනත් ඉන්න අයගේ හදවත් පිරිසිදුනම් ගේ ඇතුළු මුළු වට පිටාවම ලස්සනයි,සුන්දරයි,පියකරුයි....එහෙමයි මමනම් හිතන්නේ....
serendipity
ReplyDeleteකව්දෝ කෙනෙකුත් මිදි ඇඹුල් කීවලු......
කතන්දර අය්යා,
මොකද මේ ඔයාගේ වෙස් පෙරලෙන්නේ? උදේට නිල්. හවසට කොල.
>Samanalee said...
ReplyDelete>මොකද මේ ඔයාගේ වෙස් පෙරලෙන්නේ? උදේට නිල්. හවසට කොල.
කකා පිල් මාරු කරන්න ගියාම අපේ විපස්සෙ අයියලත් පරාදයිනෙ..!!!!! :D
මම එදා කියපු කතාව තමා අදත් කියන්න තියෙන්නේ..............
ReplyDelete" මම නම් කවුරු හරි ඉන්න දිහා කියපුවාම ඒ පැත්තේ තියෙන ප්‍රසිද්ධ මොකක් හරි කීයලා ඒ හරියෙද කියලා අහනවා.
ඒක ගැන ටිකක් විස්තර කියද්දී පොර හිතන්නේ මම හොඳට් ඒ පැත්ත ගැන දන්න කෙනෙක් කියලා.
උදාහරනෙට ගනේමුල්ලම ගත්තොත් කවුරුහරි ගනේමුල්ලේ කීයලා කියපුවාම මම අහන්නේ කමාන්ඩෝ කෑම්ප් එක හරියෙද ඒ නැත්නම් ස්ටේෂන් එක හරියෙද කියලා.
මම තාමත් ඔය පැත්තේවත් ගිහින් නැහැ. ඒත් ගානට කතාව කරගෙන යන්න දන්නවා :)
July 16, 2010 11:45 PM "
කතන්දරට කියන්න තිබුනේ "ආ... එතන තමයි එක දවසක් අපේ හමර් එකේ ටයර් එක ගියේ කියලා..."
ReplyDelete@All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
මං ගැන නං ලියපු වාක්‍යයේ අනෙක් හැම දෙයක්ම හරියි කියල හිතල - තරුණ කම ගැන විතරක් ප්‍රශ්ණ කරන්නේ ඇයි?
ලෝකේ ඉපදෙන හැම කෙනෙකුටම තියෙන දෙයක් තමයි තරුණ කම!
හැබැයි ඔය ක්‍රිල තියෙන කොලිටීස් සේරම නං පිහිටන්නේ ඉතා කලාතුරකින් එක පුද්ගලයෙකුට. කතන්දරකාරයෝ හැමතැනම නෑනේ!
ලෝකේ ඉපදෙන හැම කෙනෙකුටම තියෙන දෙයක් තමයි තරුණ කම!
ReplyDeleteඒක ඈත්ත,
හැමදාම හිතින් තරුණයෙකු වගේ හිතල මතලා ජීවත්වෙන්න හොඳ මානසික සෞඛයක් තියෙන්න ඕනැ.
ශාරීරීකවත් තරුණ කම බොහෝකල් රැක ගන්න හොඳ ශරීර සෞඛයක් තියෙන්න ඕනැ.
කතන්දරකාරයො හැමතැනම නැති එකේ මනසින් වගේම සිරුරිනුත් තරුණ කම රැක ගන්න දිනපතා ව්‍යායාම කරනවද ඔයා?
එහෙම කරන්නැත්තම් දැන්ම ශාරීරීක ව්‍යායාම කරනන ගන්න.
එහෙම කරවනම් මනසින් වගේම සිරුරිනුත් තරුණයෙක් වගේ හිටියැකි බොහෝ කාලයක්.
නැද්ද මං කියන්නේ!
අලුත් තීම් එක සෝයි කලින් එකට වඩා. ඒක නිකන් පොඩි එකාගෙ ලියුම වගේ. තරහ වෙන්න එපෝ...
ReplyDeleteඅපොයි අපොයි ඒ කාලේ හිටිය ගෑනු ලමයින්ට ඇස් පෙනීමක් තිබිලම නැහැ වගේ.
ReplyDelete