Wednesday 17 November 2010

අයි නෝ ද ලෝ පුතා!


ඔය ටයිටල් එක ඉස්සර රූපවාහිනියේ ගිය ජනප්‍රිය ටෙලියක (අසල්වැසියෝ?) තිබුණු කැච් ෆ්‍රේස් එකක්.

ඒකේ ඔය කතාව කිව්වෙ හේමසිරි ලියනගේ රඟපාපු චරිතයයි. ඔය කෑල්ලයි, ඒ චරිතයයි, ඒ ටෙලියයි කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං ඒකේ පාට් ටූ එකත් හැදුවා.

ඒත් සෞම්‍යල ගේ තාත්තා ආවෙ නෑ නොවැ පාට් ටූ එකේ චරිතේ කරන්න. පොර කිව්වේ, දිගටම කොමඩි කලොත් කමීඩියන් කෙනෙක් වෙනවා, පොරට ඕනෑ සිරියස් නළුවෙක් වෙන්න කියලයි.

මට ඔය කතාව මතක් වුනේ ලෝයර්ස් ලා ගැන කතා කිහිපයක් සිහියට ආපු හින්දයි.

අඳුණන ලෝයර්ස් ලා හෙම ඉන්නවද? බුදු අම්මෝ නේද?

මේ ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්.

ඔන්න මං හොඳට දන්න අඳුණන කියන, කොටින්ම එක කුසේ උපන් සහෝදරයෙක් කියල කියන්න පුළුවන්, පොර ළමයෙක් හිටිය. පොර කාලෙක ඉඳල මට නිව් ඉයර් කාඩ් එකක් එවනවා.

ඔහොම කාලයක් ගියාට පස්සේ මෑන් ඕපන් යුනිවසිටි එකේ ඇල්, ඇල්, බී ද, නීති විද්‍යාලෙද, අරහෙද, මෙහෙද, ඉඳල අන්තිමේදී නීතිඥයෙක් විදියට දිවුරුම් දුන්න.

මෙන්න බොලේ ඒ අවුරුද්දේ අග මට එවපු කාඩ් එකේ පොර අත්සන් කරල තියෙන්නේ නීතිඥ කියලයි. ඒ මදිවට නමට පස්සෙ, ඇල්. ඇල්. බී., ඇටෝර්නි ඇට් ලෝ වගේ කෑලි ගොඩයි.

අනේ මේ යසට හිටපු කොලුවට වුනු දේ!

මෙන්න දෙවෙනි කතා කෑල්ල. මට මතකයි මං පොඩි කාලේ ගියා නෑ කෙනෙකු ගේ ගෙදරක ඇට් හෝම් මගුල් සාදයකට. ඒ කාලේ ඔය වගේ තැන්වලට එන අයට සල්ලි දාල දෙන්න ලියුං කවර මිටියක් තියන එකයි චාලිස්තරේ.

කාල, බීල, පච කෙළ කෙළ ඉඳල, ඔන්න ආපහු යන වෙලාව කිට්ටු වුණාම, අපේ මාම වෙන පොරක් ඒ ලියුම් කවරයක් අරගෙන සල්ලි කොලයක් ඇතුලට දාල, කෙල සීල් එක ගහල, ඉස්සරහ පැත්තේ නම ලියනව මං බලාන හිටිය. පොරගෙ නම සුමනසේන විතානගේ. නම ලිව්වෙ මෙහෙමයි.

නීතිඥ සුමනසේන විතානගේ

ඔතන ඔය නීතිඥ කෑල්ල ඉස්සරහින් ලිව්වේ ඇයි කියල දන්නවද?

එහෙම ලිව්වේ නැත්තං, ඒ මගුල් ගෙදරටම ආපු නීතිඥ සුමනසේන විතානගේ ගේ නිඹුල් සොහොයුරු "නිකංම නිකං සුමනසේන විතානගේ" දෙන ලියුං කවරේ එක්ක පැටලෙයි කියල වෙන්න ඇති මගෙ හිතේ.

-කතන්දරකාරයා

ප/ලි
අර හේමසිිරි කිව්ව වගේ දිගටම කොමිකල් පාට් කර කර හිටියොත් ජෝකර් කෙනෙක් වෙන්න තමයි වෙන්නේ.

ඉතිං, දිගටම ලෝයර් පාට් කර කර හිටියොත්?

ඒක නිසා වෙන්න ඇති ලෝයර් පාට් එක ටිකක් කල් කරල සමහරු දේශපාලනේට යන්නේ!

20 comments:

  1. "අර හේමසිිරි කිව්ව වගේ දිගටම කොමිකල් පාට් කර කර හිටියොත් ජෝකර් කෙනෙක් වෙන්න තමයි වෙන්නේ."

    මේ කතාව නම් සම්පුර්න ඇත්ත. ඒක වෙන්න ඇති මේ පාර මාතෘකාව වෙනස් කරලා තියෙන්නේ.

    ReplyDelete
  2. මෙහෙමනේ, නීතිඥයෙක්ට වඩා වැඩි ප්‍රමාණයකින් මිනිස්සුන්ට ගේම දෙන්න දේශපාලුවොන්ට පුළුවං. ඉතිං තමංගේ විනෝදාංසේ මහා පරිමාණෙං කොරන්න තමාලු නිතීඥයෝ දේසපාලු ජොබ් එකට බහින්නේ.

    ReplyDelete
  3. මම දන්න ඒක කථිකාචාර්යවර්යක් හිටිය ගමනක් යනවනම් තමන්ගෙ එම්.ඒ සහතිකය අර ගෙන යන.
    පොලිස් මුරපොළක නතර කළත් එයා ඉස්සර වෙලාම එලියට ගන් නෙ හැඳුනුම්පත නෙවෙයි,එම්.ඒ සහතිකය
    මට මේ කතාව කියවන කොට මතක් වුණේ ඒ මනුස්සයව

    ReplyDelete
  4. අයි නෝ ද කතන්දර පුතා....

    ReplyDelete
  5. හි හි හී ඕවා මොනවද අනේ ඔය සමහර ආචාර්ය උදවිය ඉන්නේ ටීවී එකේ එයාලගේ නම කියනකොට ආචාර්ය කෑල්ල කිව්වේ නැත්තම් තරහායන ;)

    ReplyDelete
  6. ඔයවගේ දේවල් වලට සරල සිංහලෙන් කියන්නේ ලොකු සීන් කියලා :DDD

    ReplyDelete
  7. අපෝ ඔය වගේ මිස්ටර්ලා නම් වැහි වැහැලා. ඉස්සරහ කෑලි ටික නැතුව නම කිව්වත් , නම උගේ නෙවේ වගේ යනවනේ.

    ReplyDelete
  8. අනේ කසූ අයියේ....... මමත් ඉගෙන ගන්නේ ඔය ඇල්. ඇල්. බී එක තමා......
    එහෙනම් ඉතින් ඕක දොස්තරලත් කොරන්නේ නැද්ද මම අහන්නේ...? ඇයි එතකොට ටියුෂන් සර්ලා..............??????

    ReplyDelete
  9. ඒ ටෙලි නාට්‍ය ජනප්‍රිය වුන මුල් කාලේ ඒ ආශ්‍රිතව ගියපු වෙළඳ දැන්වීමක් තිබ්බ මේ නලුවම රඟපෑව...

    " අයි නෝද ප්ලේස් ඕල්සෝ පුතා , මම හැමදාස යන්නේ එතෙන්ට" කියල කියනවා... ටයර් හරි වාහන අමතර කොටස් වගේ තමයි මතක..

    ReplyDelete
  10. ලෝයර් පාට් දිගටම කර කර හිටියොත් වෙන්නේ ලෝකල් ද?

    ReplyDelete
  11. ඔය පට්ටම් ගන්නේ නිකන් ඉඳලා වත් සමහර ආචාර්යලා වගේ සල්ලි දීලත් නෙවෙයි නේ. කට්ට කාලා කාලා, තමන්ට වැඩිය උස පොත් කඳු රෑ නිදි මරාගෙන පාඩම් කරල කරලනෙ ඔය අකුරු ටික ගන්නෙ. මුකුත් කියන්න එපා ඒකට. කාගෙ කාගෙත් ආසාවල් තියනවානෙ.

    මම අඳුරන සමහර අයියලා (අපේ තාත්තටත් වැඩිය වැඩිමල්)open university ඉඳලා එනවා අපේ final exam කරන්න.එයාලා කියන්නෙ දිවුරුම් දුන්නට පස්සෙ මැරුනත් කමක් නැහැ කියල.

    @හිරු ප්‍රභා නංගි... ඔය ඇල්.ඇල්.බී කරන්නේ ලන්ඩන් ද?
    හොඳා හොඳා.ලංකාවට ඇවිල්ල නීති විද්‍යාලෙට ආපු කාලෙක අපිත් හිටියොත් හම්බවෙමුකෝ.........

    ReplyDelete
  12. රටක පුරවැසියො වශයෙන් අපේ යුතුකමක් තියෙනවා නීතිඥයොන්ට වැඩ හදල දෙන්න.. එකම හේතුව වැඩ නැති නීතිඥයො ගොඩක් වෙලාවට නතර වෙන්නේ දේශපාලනයේ වීම. ඒක දෙගොල්ලොන්ටම හොද නෑ.

    ReplyDelete
  13. හැබැයි මමයි මාත් එක්ක එකට හමුදාවට ගිය මගේ යාලුවෙකුයි ඔය වැඩේම කලා. හැබැයි ඒක නීතීඥ කියලා නමට මුලින් ලියනවට වඩා ටිකක් වෙනස්.
    අපි හාහා පුරා කියලා එහේ ගියාම හම්බවුනු කිට්ඉෂු එකේ ලොකු තුවායකුත් තිබුනා. ඒකේ එක පැත්තක ලොකු අකුරින් "Sri Lanka Air Force" කියලා ගහලා තිබුනා.අපි ඕක ගෙදර ගෙනල්ලා පාරට පේන්න වැලවල් බැදලා දාලා තිබුනා. කාටත් පේන්න. ඒක අපි පාවිච්චියට ගත්තෙ ඊලග කිට්ඉෂු එකට තවත් තුවායකක් ලැබුනට පස්සෙයි.

    ReplyDelete
  14. මෙහෙ පිලි, අරාබි ඉන්ජිනේරුවොත් නම ලියන්නෙ Eng. Bradharis/ Eng. Ahmed කියල.
    ලංකාවෙ මං දන්න එකම එක කෙනෙක් හිටිය එහෙම ලියන. ඒ තමයි සෞක්ය අමාත්යාන්සෙ හිටපු ප්‍රධාන ඉන්ජිනේරු, අපේ අගමැතිතුමාගෙ මස්සිනා වෙන Eng. යාප මහත්තය.

    ReplyDelete
  15. දේසපාලනේ දිගටම කරන කොට ඔය මොකවත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක තමා මට තියන ප්‍රශ්නේ (තර වෙනවා හැර)
    මොනව උනත් අපේ කතන්දර නම මුලට කෑලි එකතු කරන් නෑනේ. ඒ මදෑ....

    ReplyDelete
  16. mata hithenne meka thamagema paule deyak wenna ethi.

    ReplyDelete
  17. It is much easier for a lawyer to became a politician because there is no big difference between the lawyer and the politician . both of them earn money by talking only . they get their daily allowance / fees irrespective of the duration in which they appear in their respective work places . they deceive people and made them to believe lies as truth and vise versa .

    ReplyDelete
  18. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    බුදු අම්මෝ වෙන්ඩ ලෝයර්ලා දෙන්නෙක්ම (Hiru Prabha, Harashana1985) ප්‍රති උත්තර බැඳලා.

    ඒ දෙන්නට විශේෂයෙන්ම සහ අනෙත් අයටත් පොදුවේ කියන්න දෙයක් තියෙනවා.

    තමන්ගේ උපාධි පට්ටම් තමන් ගේ වෘතීමය කටයුතු වලදී පාවිච්චි කරන එක ගැන නෙමේ මං මේ කියන්නේ.

    ඒකේ කිසි වරදක් නෑ. පට්ටං තියෙන්නේ දාගන්නනේ.

    නමුත් තමං ගේ යාළුවන් එක්ක, පවුලේ අය එක්ක වැඩ කරන කොට පට්ටං මොකටද?

    ලෝයර්ස්ලා විතරක් නෙමේ කාටත් මේක අදාලයි. උදාහරණයක් විදියට මේ බ්ලොග් එක බලලා කමෙන්ට් එකක් දාන කෙනෙක් Dr. අහවලා කියලා ලියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    මේ බලන්න w3lanka එකට දොස්තර පොරක් කමෙන්ට් කරලා තියෙන හැටි.

    http://w3lanka.blogspot.com/2010/11/w3lanka.html

    අනේ පව් රුවන්!

    ReplyDelete
  19. he hee , BTW the problem for me is people suspect whether i am a lawyer or not . cos i would hardly use the title and currently i am in a filed which has no nexus to law :) so most around me is confused when i try to explain my job :)

    ReplyDelete
  20. හුඟාක් හාමුදුරුවරුන්ටත් ඔය ගැටළුව තියෙනවා. නමේ මුලට ගොඩාක් කෑලි තියෙනවානේ..................

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.