Thursday 16 September 2010

පොඩි වැඩකට සෙට් වෙමුද, මචං?


මං දැං වේලෙයි සෙයිකිරේන් කරන්නේ ටවුමෙ හොඳ හරියක තියෙන ලොකු බිල්ඩිමක දාසය වෙනි තට්ටුවේ. ඔය බිල්ඩිමේ තට්ටු කීපෙකම තියෙන්නෙ අපේ කොම්පැණිය තමයි. තව, තව කොම්පැණි කීපයකුත් තියෙනව. අන්න ඒවායින් එකක වැඩ කරන පොරක් තමයි සුභාෂ්.

සුභාෂ් කාරය මගේ ක්ලාස් මේට් කෙනෙක්. මරියකඩේ සැන්ට්‍රල් ඒකේ ඒ ලෙවල් කරන්න ගිය කාලෙයි මුලින්ම හම්බ වෙලා යාළු මිත්තර කම් ඇතිවුනේ. පස්සෙන් පහු මං කන්දෙ තිප්පෙලෙයි, පොර ලන්දෙ තිප්පොලකයි කල් මරණ කාලෙත් දෙතුන් විඩයක් හමුවුණා. දැන් නං ඉතිං දෙන්නා වැඩ කොම්පැණි දෙකක. ඒ වුනත්, එක බිල්ඩිමේ නිසා නිතරම මුලිච්චි වෙනවා.

ඔන්න ඉතිං, කෑම වෙලාවට මං පොඩ්ඩක් පහලට බහින කොට, හවස වැඩ ඇරිල ගෙදර යන වෙලාවට හෙම සමහර දාට පල්ලෙහා ලොබියෙදි මට සුභාෂ් ව හම්බ වෙනව.

මම: හලෝ මචං කොහොමද?

සුභාෂ් :හොඳයි මචං. ඉතිං මොනවද විස්තර හෙම.

මම: වැඩි වෙනසක් නෑ. ඔහේ ඉන්නවා.

සුභාෂ් :මං මේ උඹ හම්බ වෙනකං හිටියෙ මචං පොඩි වැඩක් ගැන කතා කරගන්න.

මම: ඒ මොකක්ද මචං.

සුභාෂ්: උඹ දන්නවනේ අපේ සංගමය. ඒකේ නිව්ස් ලෙටර් එක කරන වැඩේ උඹට බාර ගන්න පුළුවන්ද?

මම: ආ! පුළුවන්, ඒක සුළු දෙයක්නේ මාසෙකට එක පාරනේ. මං කරන්නම්.

සුභාෂ්: තෑන්ක් යූ මචං. මං දන්නව මේක උඹට හොඳට කරන්න පුළුවන්.

මම: ඔව් මචං, මං හෙල්ප් කරන්නං.

සුභාෂ්: හොඳයි අපි එහෙනං හම්බ වෙලා විස්තර කතාකර ගම්මුකෝ.

මම: ඕල් රයිට් දෙන්, සී යූ.

සුභාෂ්: සී, යූ!

ඔන්න මට පොරව තව සති දෙක තුනකින් හම්බ වෙනවා ඔෆිස් එක හරියෙදි.

මම: හලෝ මචං කොහොමද?

සුභාෂ්: හොඳයි මචං. ඉතිං මොනවද විස්තර හෙම.

මම: වැඩි වෙනසක් නෑ. ඔහේ ඉන්නවා.

සුභාෂ්: මචං උඹ හම්බ වුනු එක හොඳයි. දවසක අපේ අරං වැඩේ ගැන කතා කරගන්නත් ඕනැ.

මම :ආ අර උඹගෙ සංගමයෙන් කරන නිව්ස් ලෙටර් එකේ වැඩේ නේද?

සුභාෂ්: ඔව් මචං. උඹට මේක බාර ගන්න පුළුවන්නේ නේද?

මම: ආ! පුළුවන්, ඒක සුළු දෙයක්නේ මාසෙකට එක පාරනේ. මං කරන්නම්.

සුභාෂ්: තෑන්ක් යූ මචං. මං දන්නව මේක උඹට හොඳට කරන්න පුළුවන්.

මම: ඔව් මචං, මං හෙල්ප් කරන්නං.

සුභාෂ්: හොඳයි අපි එහෙනං හම්බ වෙලා විස්තර කතාකර ගම්මුකෝ.

මම: ඕල් රයිට් දෙන්, සී, යූ.

සුභාෂ්: සී, යූ!

ඉතිං ඕකට සමාන දෙබස් හුවමාරු වෙනවා අපි දෙන්න අතර සති දෙක තුනකට පාරක් විතර.

ඔන්න මට සුභාෂ්ව හම්බ වුනා ගිය සතියෙ හවසක.

මම: හලෝ මචං කොහොමද?

සුභාෂ්: හොඳයි මචං. ඉතිං මොනවද විස්තර හෙම.

මම: වැඩි වෙනසක් නෑ. ඔහේ ඉන්නවා.

සුභාෂ්: මං මේ උඹ හම්බ වෙනකං හිටියෙ මචං පොඩි වැඩක් ගැන කතාකරගන්න.

මම: ඒ මොකක්ද මචං.

සුභාෂ්: උඹ දන්නවනේ අපේ සංගමය. ඒකේ වෙබ්සයිට් එක උඹට බාර අරං කරගෙන යන්න පුළුවන්ද?

මම: ආ! පුළුවන් මචං, ඒක සුළු දෙයක්නේ, මාසෙකට දෙතුන් පාරයිනේ අප්ඩේට් කරන්න ඕනැ. මං කරන්නම්.

සුභාෂ්: තෑන්ක් යූ මචං. මං දන්නව මේක උඹට හොඳට කරන්න පුළුවන්.

මම: ඔව් මචං, මං හෙල්ප් කරන්නං.

සුභාෂ්: හොඳයි අපි එහෙනං හම්බ වෙලා විස්තර කතාකර ගම්මුකෝ.

මම: ඕල් රයිට් දෙන්, සී යූ.

සුභාෂ්: සී. යූ!

මම: මචං එතකොට අර නිව්ස් ලෙටර් එකේ වැඩේ.

සුභාෂ්: ආ! ඔව් මචං ඒකත් කරන්න ඕනැ තමයි. ඒත් උඹ වෙබ් එක බාරගන්නව නං මං නිව්ස් ලෙටර් එකේ වැඩේ වෙන කාට හරි කියන්නං.

මම: ඕල් රයිට් දෙන්, සී යූ.

සුභාෂ්: සී. යූ!

ආයෙ ලබන සුමානෙ හම්බ වුනත් ඔය දෙබසම තමයි! බොරු නං බලන්නකෝ.

-කතන්දරකාරයා

14 comments:

  1. මේක නං මරු.
    මට අල්ලලම ගිය කෑල්ල තමා
    'මචං උඹ හම්බ වුනු එක හොඳයි. දවසක අපේ අරං වැඩේ ගැන කතා කරගන්නත් ඕනැ.'

    ReplyDelete
  2. කතන්දරකාරයාගෙ රස්සාව භෞමික වශයෙන් බොහොම ඉහළ මට්ටමකනෙ තියෙන්නෙ.

    ඒක නෙවෙයි . ඔහොම ගිහින් අන්තිමට දවසක "ආ! පුළුවන්, ඒක සුළු දෙයක්නේ දවසකට දෙතුන් පාරනේ. මං කරන්නම්" කියන දවසක් එයි. සුභාෂ් බලං ඇත්තේ ඒ දවස එනකම්

    ReplyDelete
  3. මේ කතන්දරේ තව දිගට ලියන්න තිබුනනේ. ඇයි මෙච්චර ඉක්මනට නැවැත්තුවේ.ඕනනම් මේ දෙබස මාස ගානක් උනත් ලියන්න පුළුවන්නේ.
    එත් අපේ හුඝක් අයගේ වැඩ ඔහොම තමයි. මේක කරමුද මචං, උඹට මේක කරල දෙන්න පුළුවන්ද? අහනවා විතරයි. කරන දෙයක්නම් නෑ.
    සුභ දවසක්!!!!

    ReplyDelete
  4. එය එසේ වීම පුදුමයක් නොවෙයි. එසේ නොවුනේ නම් පුදුමයක්.

    හේතුව දැන ගන්නම ඕනැ නම් ගෙදර යන ගමන් පොත් කඩේකට ගොඩ වැදිලා Stephen R. Coveyගෙ 'The Seven Habits of Highly Effective People' පොත අරගෙන ඒකෙ third habit එක කියවන්න. (Put First Things First)

    ඒකට වෙලාවක් නැත්නම් මේ ලින්ක් එක බලන්න. http://en.wikipedia.org/wiki/File:MerrillCoveyMatrix.png

    නිව්ස් ලෙටර් එක බ්ලොග් ලිවීම වගේ දෙවල් වැටෙන්නෙ මෙතැන fourth quadrant එකට.(not important, not urgent) Stephen R. Covey කියන විදියට ඒ සඳහා වෙලාවල් වැය කළ යුත්තේ අනෙක් සියළු කටයුතු අවසාන කොට තවත් වේලාව ඉතිරි වේ නම් පමණයි.

    මෙතැන අවධානය යොමු විය යුතුම වන්නේ fourth quadrant එකට. අප අතින් හුඟාක් වෙලාවට නොකෙරෙන්නේ ඒ කටයුතු.

    කෙසේ වෙතත්, මෙන්න අවසාන නිගමනය:

    Kathadara is a highly effective individual.

    මා නෙවෙයි කියන්නෙ. :-)

    ReplyDelete
  5. ඉරිද පත්තරේ යන විහිලු කතාවක් වගේ..

    ReplyDelete
  6. දෙන්නටම තිබ්බේ 16වෙනි තට්ටුවේ ඉඳන් දවසක කතා කර කර පහලට බහින්න.. එක දවසක් දෙන්නම එකට බැස්සනම්, එළියට එන කොට වැඩෙත් කන්ෆර්ම් කරගෙන යාලු කමත් වැඩි කරගෙන ඉඳීවි...

    බොරුනම් කරලා බලන්නකෝ...

    අර නිව්ස් ලෙටර් එක කරන කාලෙම කරා නම්, මාසෙට එක පාරයි මහන්සි වෙන්න ඕන..

    ReplyDelete
  7. මට මතක් වුනේ X-Files එකේ ගියපු කතාවක්. ඒකේ සිහිනයක් ඇතුලේ සිහියකුත් ඒ සිහිනයේ නිදාගෙන ඉන්නකොට පෙනෙන සිහිනයක් විදහටත් තව සිහනයකුත් විදිහට සිහින බරතොගයක් දකිනවා.. හැබැයි එකම සිහිනය.. අවදි වුනාම සිහිනයේ දැකපු දේ හැබෑට වෙනවා.. හැබැයි අවදි වෙලා බලනකොට ඒකත් සිහිනයක්. බැලුවම අවදි වෙලා නෑ ඒකත් සිහිනයක්නේ..
    ඒක ප්‍රබන්ධයක්.. මේක හැබෑවක්.. :D

    ReplyDelete
  8. හික් හික්. ඌට වෙන කතා කොරන්න දෙයක් නැතුව ඇති අයියේ

    ReplyDelete
  9. හික් හික් එල එල යාලුවා බාලගිරිගෙ යාලුවෙක්ද දන්නේ නැහැ

    ReplyDelete
  10. කවදා හරි පටන් ගනීනේ...

    ReplyDelete
  11. I have this
    great poem on
    procrastination-

    I'll send it to you
    real soon.

    As soon as
    I write it
    down.

    උපුටා ගත්තකි. කවුරු ලිව්ව ද නම් දන්නෑ.

    ReplyDelete
  12. හික්ස්..

    ඕල් රයිට් දෙන්, සී යූ.

    ReplyDelete
  13. ඔහොම පොරවල් ඉන්නවා කොහෙත් :P

    ReplyDelete
  14. මම නම් හිතන්නේ ...හුමුවුනාම කතා කරන්න වටින දෙයක් ඕනි නිසා වෙන්න ඇති මෙහෙම කියන්නේ.......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.