Wednesday 4 August 2010

අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක්.. .!!!


ඉස්සර හිටිය ඇල්.ඇම්. පෙරේරා කියන සිංහල චිත්‍රපට අධ්‍යක්‍ෂක හතරේ ඉලක්කම ගැන පිස්සු වැටුණු පොරක්. මෑන්ස් හදපු සේරම චිත්‍රපට හතර සම්බන්ධ ඒවා. හතර පෙරලිය, හතර මහ නිධානය, හතර අරක, හතර මේක යනාදී වශයෙන්.

හැබැයි මේ ළඟදී රී-මේක් එකක් කරපු හතර දෙනාම සූරයෝ පොර ගේ නෙමේ. හතර දෙනෙක් සෙන්පතියෝ කියන්නේත් ජයන්ත චන්ද්‍රසිරි ගේ ටෙලියක් නේ.

මොනවා උනත් හතර කියන එක විදියක අංකයක්. චතුරාර්්‍ය සත්‍යයෙන් පටන් ගත්තහම, පාප මිත්‍රයෝ හතර දෙනා, කල්‍යාණ මිත්‍රයෝ හතර දෙනා, හතර මහා අපාය වගේ හතර සම්බන්ධ නොයෙකුත් දේවල් බුද්ධාගමටත් සම්බන්ධයි.

එක බණ කතාවක තියෙන විදියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා පුද්ගලයින් හතර වර්ගයක් ගැන මෙන්න මෙහෙම.

1. තමන් දන්න බව දන්න උදවිය
2. තමන් දන්න බව නොදන්න උදවිය
3. තමන් නොදන්න බව දන්න උදවිය
4. තමන් නොදන්න බව නොදන්න උදවිය

මං මේ හදන්නේ බණ කියන්න නෙමේ. හැබැයි තමන් නොදන්න බව දැනගෙන ඉන්න එක හොඳයි දන්න බව නොදැන ඉන්න එකට වැඩිය.

අපේ සමහර අයියලා නං හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ සේරම දන්නවා කියලනේ. මේ අය තමයි නොදන්න බව නොදන්නා කොටස.

අද ප්‍රස්තූත කතන්දරේ මෙන්න මෙහෙමයි. මං හිතන්නේ මේක නස්රුදින් සම්බන්ධ කතන්දරයක්.

ඔන්න දවසක් නස්රුදින් ට ආරාධනයක් ලැබුණා දේශණයක් කරන්න. පොර කොහොමටත් එක විදියක පොරක් නේ. මට බෑ කියල වැඩේ ප්‍රතික්‍ෂේප කලා. නමුත් අන්තිමේදී කොහොම හරි වැඩේ බාරගන්න වුනා.

පොර කතාව පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.

"මං කතා කරන්න යන්නේ මොනවද කියල ඔහේලා දන්නවාද?"

කවුද දන්නේ මේ යෝධයා මොනවා කියන්න යනවද කියලා. ඉතිං හැමෝම "නෑ" කිව්වා.

"තමුසෙලා වගේ කිසිම දෙයක් නොදන්න මැට්ටෝ ටිකක් එක්ක මට කතාවක් නෑ!" කියලා නස්රුදින් මාරුවුණා.

නමුත් ආයෙමත් පොරට සිද්ධ වුණා රී-ෂෙඩියුල් කරපු දේශණය පවත්වන්න එකඟ වෙන්න.

එදාත් පොර කලේ මයික් එක අතට ගත්තු ගමන් අර ප්‍රශ්ණෙම අහපු එකයි.

"මං කතා කරන්න යන්නේ මොනවද කියල ඔහේලා දන්නවාද?"

කවුරුවත් දන්නෙ කොහොමද මූ මොනව කියන්න යනවද කියලා. හැබැයි ඒ බව කිව්වොත් එදා වෙච්ච දේම වෙන බව දන්න හින්දා මුළු ඕඩියන්ස් එකම එක හඬින් කිව්වා "ඔව්, අපි දන්නවා!" කියලා.

"හා, තමුසෙලා මං කතාකරන්න යන දේවල් දැනටම දන්නවා නං ආයේ මං ඒවා කියන්න ඕනැ නෑනේ?" කියල කියපු නස්රුදින් එදාත් වැඩෙන් කර ඇරියා.

ඔන්න ඉතිං තුන්වෙනි දවසත් ආවා.

අම්මපා මේ නස්රුදින්ටම දේශණවලට කතාකරන්නේ ඇයි, වෙන මිනිස්සු නැද්ද මන්දා නේද? මං හිතන්නේ නස්රුදින් හොඳ කතන්දරකාරයෙක් හින්දා වෙන්න ඇති.

කොහොම හරි එදාත් නස්රුදින් අර ප්‍රශ්ණය ඇහැව්වා.

"මං කතා කරන්න යන්නේ මොනවද කියල ඔහේලා දන්නවාද?"

කලින් කතාවෙලා හිටිය විදියට ඕඩියන්ස් එකේ සමහරු "ඔව්, දන්නවා!" කිව්වා, අනිත් අය "නෑ, දන්නේ නෑ!" කිව්වා.

නස්රුදින් මොකක්ද දන්නවද කලේ?

"එහෙනං ඔය දන්න ඈයෝ, නොදන්න කෂ්ටියට කියල දෙන්නකෝ, මේං මං ගියා!" කියල ෂේප් වුණා.

-කතන්දරකාරයා
ප/ලි:

මට මේ කතාව මතක් වුනේ අර කලින් දාපු මෙලෝ රහක් නෑ කියන පොස්ට් එකේ මං කැළණි පාලම වේදිකා නාට්‍යය ගැන සඳහනක් කරන වෙලෙයි. ඒ කතාව දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවා ඇතිනේ. දන්න අය නොදන්න අයට කියල දුන්නහම කතන්දරකාරයා ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා.

මේ ලඟදී සම්පත් බණ්ඩාර එවල මං පල කරපු කතන්දරේ පටන් අරගෙන තිබුණෙ ඔය විදියටයි.

රියල් කතන්දරයකින් පසුව හමුවෙමු.

17 comments:

  1. අපිත් හැමදේම අන්නේ නෑ තමා. එත් නොදන්නදේ නොදන්න බව දන්නවා. මොනව උනත් ඕක ලොකු දෙයක් කියල දැන් හිතෙනවා. අපිටත් ඔය නොදන්න දේ කියල දෙන්න දන්න අය ඉදිරිපත් වෙන්නකෝ. ඕක නස්රුදීන්ගේ කතාවක් කියල දන්නේ නම් අද.

    ReplyDelete
  2. නස්රෘදින් මාර කතන්දර කාරයෙක් නේ... හික් හික්

    ReplyDelete
  3. මිනිහෙක් අබඇටයක තරම් දෙයක් වත් දන්නවානම් ඔහු දන්නව ඇත්තටම තමන් දන්න කෙංගෙඩියක් නෑ කියලා නෑ කියලා.....මං නං දන්නෙ නෑ ඕං ඒ ටිකවත්..:D

    ReplyDelete
  4. Sampath Bandara4 August 2010 at 10:34

    අර කට කහන දුමීගේ කනේ කතාවත් ටිකක් මේවගේ කියල හිතුන මටනම්,
    හැබැයි එක පියවරක් අඩුයි ඒකේ, මම හිතන්නෙ මිනිහෙකුට කන් 3ක් නැතිනිසා වෙන්ඩ ඇති.
    http://dhumee.blogspot.com/2010/07/blog-post_13.html

    ReplyDelete
  5. නසෘදීනුත් කතන්දරකාරයෙක්..
    :P

    ReplyDelete
  6. දන්න බව නොදනිමි
    නොදන්නා බව දන්නෙමි
    දන්නා බව නොදන්නා බව දනිමි
    බලන් ගියහම මාත් යමක් දන්නව කියල දැන් නෙව දන්නේ.

    ReplyDelete
  7. the one who knows what he doesnt know is the most intelegent man කියල සොක්‍රටීස් ද කොහෙද කිව්වලු.

    මම මේ කතාව අහල තියෙන්නෙ ඇම්ඩන් ගේ කතන්දරයක් කියල නෙව :P

    ReplyDelete
  8. මේ දන්න, නොදන්න අයගෙ විස්තරේ මුලින්ම ඇහුවෙ ගණිතයට පන්ති කරපු සර් ගෙන්, එතුමා පන්ති කෙරුවාව පටන් ගත්තෙම ඔය කතාව කියලා, මට අද වගේ මතකයි,
    ඔය නස් රුදීන් ගෙ කතාව කොහෙද මන්දා මීට කලින් දැක්කා,,

    ReplyDelete
  9. මමත් ගුරුවරයෙක් වෙලා ඉදල තියනව.....
    මම මුලින්ම කියන්නෙ දන්නව උනත් එව අමතක කරල නොදන්නව වගෙ පඩම අහගන්න කියල
    දන්න ඒව පඩමෙන් පස්සෙ ප්‍රශ්න අහන වෙලවට පවිචි කරන්න.....
    නැත්නම් පොඩ්ඩක් දන්න එවුන් නිසා දන්නෙ නැති එවුන්ට අල්ල ගන්න බැරි වෙනව...

    දන්නෙ නති බව දන්න 1ක නම් හොදා..

    ReplyDelete
  10. හැබෑට මම මොනාද දන්නේ..... :O

    ReplyDelete
  11. ඒ නස් රුදීන් කතාව හරි සෝයි.. මරු !

    ReplyDelete
  12. සතර සංග්‍රහ වස්තු දන්නවද?
    කේක්
    බිස්කට්
    කෝලිකුට්ටු කෙසෙල්ගෙඩි සහ
    කිරි තේ

    -W3Lanka

    ReplyDelete
  13. සියළු දෙනාටම ස්තුතියි.

    සිකුරාදා (6 අගෝස්තු) බලන්න ලකී පොරවල් සහ අන්ලකී පොරවල් ගැන කතන්දරයක්.

    ReplyDelete
  14. නස්රුදීන් කියන්නේ සිරාම ඩයල් එකක්.

    දවසක් යාළුවෙක් නස්රුදීන්ගෙන් ඇහුවාලු " ඇයි නස්රුදීන් කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්නයක් අහපුවාම ඒකට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නේ ?" කියලා.

    එතකොට නස්රුදීන් කිව්වාලු "මම එහෙමද?" කියලා

    ReplyDelete
  15. Yamek Danneda - Danna bawa nodanneda - Ohu nidanneki - Awadi Karanna

    ReplyDelete
  16. යමෙක් දන්නේද - දන්නා බව නොදන්නේද
    නිදන්නෙකි - අවදි කරන්න
    යමෙක් දන්නේද - දන්නා බව දන්නේද
    බුද්ධිමතෙකි - ඇසුරු කරන්න
    යමෙක් නොදන්නේද - නොදන්නා බව දන්නේද
    ඉගෙනගන්නෙකි - උගන්වන්න
    යමෙක් නොදන්නේද - නොදන්නා බව නොදන්නේද
    මෝඩයෙකි - ඈත් කරන්න

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.