Monday 26 July 2010

ක්‍ෂණික බොගා- ඉකේයියා මෙන්න මෙයා කක්ක කතා ලියනෝ.. .. ..!!!


මං සෙනසුරාදා ලියපු එලාම් කතන්දරේ මතකයිනේ.

කොච්චර ලොකු මහැදුරු ලා කිව්වත් උදේට නැගිටින්න එලාම් එක සෙට් කරනවා වෙනුවට වතුර බීලා නිදාගන්න කියලා ඒ වැඩේ මට නං හරියන්නේ නෑ.

හේතුව මේකයි. නිදාගන්න කලින් වතුර බිව්වාම වෙන්නේ ඇඳට ගිය වෙලේ ඉඳන් විටින් විට නැගිටින්න වෙන එකයි. අන්තිමේදී නින්ද ගියත්, අඩු නින්ද සහ නින්දට වුනු බාධා නිසා පහුවදාට තවත් අමාරුයි.

වතුර පොඩ්ඩක් බීලා නිදාගෙන කෙලින්ම උදේ පාන්දරම ඇහැරුණොත් මට නම් වෙන්නේ නම් මෙන්න මේකයි. ඔන්න නැගිට්ටා, නින්දෙන් ඇවිදිනවා වගේ ටොයිලට් ගියා, අත සේදුවා, කට සේදුවා, ඉන් පස්සේ ආයෙ කෙලින්ම ඇඳට ගච්ඡාමි. වෙනදත් වැඩිය පරක්කු වෙනවා ෆයිනල් ඇහැරීමේ අවස්ථාවට.

මගේ අත්දැකීමේ හැටියන නං උදේට නැගිටින්න හොඳම විසඳුම චූ බරක් හදාගැනීම නෙමේ කක්ක බරක් හදා ගැනීමයි!

එතකොට වෙන්නේ මේකයි. ඔන්න ටොයිලට් යනවා. මේ නම්බර් ටූ වැඩේට ටිකක් වෙලාත් යනවනේ චූ සීන් එකට වඩා. ඉතිං ටිකක් නිදිමත ඇරෙනවා.

ඊලඟට මම නං කරන්නේ කෙලින්ම ෂවර් එකට යන එකයි. එතෙන්දි වතුර ටික ටික ඇඟට වැටෙනකොට සේරම හරි. පොඩි සින්දුවකුත් කියලා, විනාඩි දහයක් විතර ගත කරලා තමයි ආපහු එන්නේ නැවුම් එළකිරි ගතක් සිතක් ඇතිව.

නිදිමත කැලේ. අර ෂවර් එකේ ඉන්න වෙලාවේ හිතට ආපු කතන්දර ටික අමතක වෙන්න කලින් නෝට් කරගන්න එක තමයි හිතේ වැඩ කරන්නේ.

දැං මෙතන ප්‍රශ්ණය මේකයි. චූ බර වගේම අපිට ඕනැ වෙලාවට කක්ක බර හැදෙන්නේ නෑනේ. චූ බරට උත්තේජකයක් සපයන්න වතුර බීලා නිදාගත්තත් වැඩිපුර කන සිරිතක් නෑනේ. වැඩිපුර කෙසේ වෙතත් කාපු ටික යවා ගත්තොත් මදෑ.

ඒ හින්දා මේක උදේ නැගිටින්න ප්‍රායොගික ක්‍රමයක් නං නෙමේ.

ඒ මොනවා උනත් ඔන්න ඔය කක්ක කරන එකෙයි අද කතන්දරේ මූලික වස්තු බීජය තියෙන්නේ.

අවුරුදු බර ගාණකට කලින් මං අර මහනුවර පැත්තේ තිප්පොලට සෙට් වුණු කාලේ අපි එක්ක වැටිලා හිටියා සොමි කකුලක්. අපි හුඟක් දෙනෙකුට උදේට ටොයිලට් යන්න නං ඉතිං තේ එක බොන්න ඕනෑම නේ. තේ නැත්තං නෝ කතා නෝ සිනා.

ඒකට මෙන්න අපේ පොර. නැගිට්ට ගමන් ගියා ටොයිලට් එකට. විනාඩියෙන් වැඩේ කරලත් එලියට එනවා.

මිනිහ කොච්චර කාර්්‍යක්‍ෂමතාවයකින් මේ ශරීර කෘත්‍යය කරනවද කියනවනං, ඒ දවස්වල පොරට අපි කාඩ් එකක් ගහලා තිබුණේ ක්‍ෂණික බොගා කියලා.

පස්සේ මං අහල දැනගත්ත විදියට මේ ක්‍ෂණිකත්වයේ රහස මෙන්න මෙහෙමයි.

පොර උදේ නැගිට්ට ගමන් සිට්-අප්ස් අභ්‍යාසය දහ දොලොස් එක දිගට පාරක් කරනවා හිටු කියලා. පොර කියන විදියට, ඒ අභ්‍යාසයෙන් පස්සේ බඩ නිකං බබා වගේ වෙනවා.

ඉතිං දැන් තියෙන්නේඃ
ගියා
දැම්මා
ආවා.

ප්ලෑන් එක හරිම සිම්පල්. විනාඩියෙන් කර්තව්‍යය හමාරයි.

-කතන්දරකාරයා

ප/ලි
අපේ කට්ටිය දැන් පටන් ගනීද කක්ක කතා ලියන්න?

අනේ මන්දා බයේ බෑ, සුවරිතවාදයෝ මගේ ඇඟට ගොඩ වෙයි!

කරන්න හොඳ නං ලියන්න නරක ඇයි නේද මෙයාලා?

25 comments:

  1. හහහා.. නියම කතාව... කකා නෙව ඉතින් ට්‍රෙන්ඩ් සෙටර්.. :)
    සමීර අයියත් කක්කි කතාවක් දාල පවුල් ප්‍රස්න නිස නැවැත්තුව මයෙ හිතේ..

    ReplyDelete
  2. හ්ම්ම්... දැන් බැලන්ස් වෙලා එයි වගේ... මොකද වර්ග දෙකෙන්ම කතා තියෙනවනේ...

    ReplyDelete
  3. ගියා
    දැම්මා
    ආවා.

    හරිම සිම්පල් ප්ලෑන් එකක්....අපිත් සිට් අප් වලට මාරුවෙමුද?....:))....

    ReplyDelete
  4. ඒකත් හරියටම හරි දෙයක් මමත් දන්න විදිහට.විරේක බෙහෙත් නම් ගන්නම හොඳ දෙයක් නෙමෙයි... මොකද පුරුද් වුනොත් ඒක ශරීර සෞඛ්‍යට හොද නැහැ...

    අවදිවෙන්න බරක් හදා ගන්නවට වඩා වැදගත් නැගිට්ට ගමන් ඒ වැඩේ කිසිකරදරයක් නොකර යනව නම්. සමහරුන්ට නම් උදේම නැගිටින්නේ මේ වැඩේ කරන්න ගොඩක් පරක්කු වෙන නිසාලු...

    ReplyDelete
  5. "කරන්න හොඳ නං ලියන්න නරක ඇයි නේද"
    ඇත්ත.
    මට නම් ඔය වගේ අවුල් නෑ. තේ එකක් නම් ඔනමයි. ඕවා ගැන වැඩිය හිතුවොත් තමා අවුල් වෙන්නේ

    ReplyDelete
  6. ගියා..දැම්මා..ආවා.
    කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද? Airtel වගේ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. චීකේ,, මේ පුතාගෙ ක්‍රමේ,, බැන්ඳට පස්සෙ නම් වෙන විදිහක් හොයා ගන්න වෙයි ගොයියො. නැත්නම් බාත් රූම් දෙකක් හදන්න වෙයි, බලන්නකො ,මම කිව්වැයි කියල මතක තියා ගන්නකො

    ReplyDelete
  9. සෑර් , කිව්වහම මතක් වුනෙ මහාම ගඳ බොග කතන්තරයක් ඔලුවට ආවා. සප් එකට වගේ දාන්නං සෑර් වෙලාව තිබ්බොත්.

    ReplyDelete
  10. හිකිස්.. මේක දැක්කම මට අපේ ඉස්කෝලෙ කාලෙ බුවෙක්ව මතක්වුනා. පොරත් එක්ක ට්‍රිප් යන එක මහ වාත සීන් එකක් මොකද ගගක් ඇළක් දොළක් පේන්න බෑ බුවාට බොග චාර්ජ්වෙනවා. ඉතිං ඒක දානකං ගමන continue කරනවා බොරු..

    ReplyDelete
  11. බලගෙන ගිහාම මෙකත් මර ප්‍රශ්නයක් තමා...
    මමත් කලයක් සිගරට් 1කට පුරුදුවෙලා තිබුන.. දැන්නම් එ පුරුද්දනැ...
    සමහරු සංකිර්න ප්ලැන් ගහන්නෙ ඔය වැඩෙ කරනගමන්ලු..

    ජයවෙවා...!!!

    ReplyDelete
  12. Ha Ha. If you tell me "POOOSA" now I will tell U "KAKKA BABA" :D

    -Dragon Lord-

    ReplyDelete
  13. මකරන්ට පූස කියල කියන්නේ මොකද ?

    ReplyDelete
  14. @ Wath

    මකරන්ට පූස කියල කියන්නේ කියන්නෙ කක්ක බබාලා නේද?

    ReplyDelete
  15. හේතුවක් ඇති. නිකම්ම එහෙම කියන එකක් නැහැ.

    ReplyDelete
  16. "කක්කි බබා" කියන්නේ ආදරය ..සෙනෙහස.. පෙන්නන් කියන වචනයක් නේද මකරෝ...

    ReplyDelete
  17. කක්ක බබා කියන්නෙ කියන දේ අහන්නෙ නැති නෝටි වැඩ කරන නෝටි බබාලටනෙ

    ReplyDelete
  18. අයියෝ මකරෝ
    නෝටි වුනත්
    මන්චි නයිස්
    නෝටි වුනත්
    එයා බබා නේ අනේ

    ReplyDelete
  19. අප්පා මෙන්න මෙයා ඒ ගමන තව වැඩක් පටන් අරන්..

    මටනං ඉතින් උදේට තේ ඔන නෑ ඔය වැඩෙට.. මම දැන් අවුරුදු ගාණක ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ නැගිට්ට ගමන් ඔය වැඩෙ කරන්න..ඊට පස්සේ රැවුල කපනවානං රැවුල කැපුවා..නැත්තං(දැන් දවස් ගාණකින් කැපුවෙ නැහැ..මෙ දවස්වල හරියට බමුණා වගේ..)කෙළිංම දත් ටික මැද ගත්තා.. නෑවා.

    ඔය ටික කරගන්න මට විනාඩි විසි පහක් යනවා හරියටම.

    ඔය තේ සිගරට් ඔන වෙන්නේ අපේ සිරුරට නෙවෙයි මනසට සංඥාවක් විදියට විතරයි. හැබැයි ඉතින් ඔය වැඩෙ කරන ගමන් කල්පනා පාරක් දාගෙන ඉන්න නම් මම බොහෝම කැමතියි.
    දවසේ හොඳම දාර්ශනික සිතුවිලි මට පහළ වෙන්නේ ඔය අවස්ථාවෙ තමා.

    ReplyDelete
  20. කක්කි කතන්දර දාන්න අරන් මෙන්න... හික් හික්... කක්කි කකා කියයි ද දන්නෙ නැහ කට්ටිය...

    මට නම් තේ එක නැතුව අමාරුයි හික් හික්..


    පුතා : හපොයි බන් ඒක නිකන් ඊය ඊයා වගේ නෙ....

    ReplyDelete
  21. හරි...
    අනේ මන්දා බැඳලම බලන්ට ඕන එහෙනම්... ඒ එක එච්චරම චාටර්ද :P
    පිස්සා...
    එහෙනම් ආය මුල ඉඳන් ඕං.. මට 3ඉන්1 ප්ලෑන් එකක් නෑලූ...

    ReplyDelete
  22. අපොයි... ඒ පාර කක්ක කතා ! බලං ගියහම චූ කතා හොඳයිනේ...
    සංසාරෙ!

    ReplyDelete
  23. ලොකු වතුර වීදුරුවක් බිව්ව නම් උදේම කිසි අවුලක් නැ....

    ReplyDelete
  24. කකාගේ කක්කා කතාවක්
    කක්කා කකා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.