Monday 5 July 2010

නිව් ඉයර් රෙසොලූෂන් එක


හැමෝම මං වගේ නෙමේ නේ. සමහරු ඉන්නවා නරක පුරුදු තියෙන. ඒ කියන්නේ මේ සිගරැට් බොන එක, රේස් ඔට්ටු දාන එක, වගේ දේවල්. අර වෙන්ඩ මනමාලයෙකුටත් වැරදුනේ ඕවා ගැන කතා කරන්න ගිහිල්ලා.

ඒ පුරුදු නරක පුරුදු බව දන්න අය සමහරු තමන්ගේම උවමනාවට හරි, වයිෆරේ ගේ බර බරේ හින්ද හරි ප්ලෑන් කරනවා ඒවායෙන් අත් මිදෙන්න.

ඔය අතරේ තවත් අය ඉන්නවා, නරක පුරුදු නැතිවුනත් අළුතින් හොඳ පුරුදු ඇති කරගන්න ප්ලෑන් කරන අය.

මේ හැමෝගේම ටාගට් දවසක් තමයි ජනවාරි පලමුවෙනිදා.

සිගරැට් බොන උන් හිතනවා ඔන්න එදා ඉඳලා සිගරැට් බීම අතහරිනවා කියලා. බර අඩු කරගන්න දිනපතා ඇවිදින්න හිතන කට්ටියත් රනින් ෂූස් හෙම අරගෙන සෙට් වෙනවා ජනවාරි පලමුවෙනිදා ඉඳන් ඉස්කෝලේ පිට්ටනියේවත් ඇවිදින්න.

අද කතන්දරේ මේකයි.

ඔන්න දවසක් අපි කෂ්ටියක් එකතු වෙලා ඕගනයිස් කළා තර්ටි ෆස්ට් නයිට් පාටි එකක් යාළුවෙකුගෙ ගෙදරක.

ඔතන ගිහින් කාලා, බීලා, සින්දු කවි කරලා, දොලහ පහු වුණාම හැමෝටම විෂ් කරගෙන හෙම ජොලියේ ඉන්න වෙලේ පැත්තකින් ඇහුණා ලාමක ඉකි බිඳුමක්.

බැලින්නම් අපේ සුන්දර කාන්තාවක් මේ අළුත් අවුරුද්ද ලැබුවා විතර ටිකක් බෙරි වෙලා.

මේකයි වෙලා තියෙන්නේ.

අපේ යාළුවෙක් හිටියා අර "ධූම පමා දෂ්ඨානා වේරමණී" කියන්නේ නැති වර්ගයේ. බැඳපු දවසේ ඉඳන්ම හාමිනේ ගෙන් බර බරේ හින්දා, පොර ප්‍රොමිස් කරලා අළුත් අවුරුද්දේ ඉඳලා smoking වැඩේ නවත්තනවා කියලා.

එදා තර්ටි ෆස්ට් නයිට් පාටියේ දී දොලහ වදිනවා බලන් ඉඳලා අපි විෂින්, කිසින් පාරක් දාලා විනාඩි කීපයක් යන්නත් කලින් මේ හාමිනේ දැකලා තියෙන්නේ අපේ පොර ගෙදර මිදුලේ තවත් යාළුවෙක් එක්ක සිගරැට් එකක් ගහන සීන් එකයි.

පොඩ්ඩක් බලාගෙන ගියාම මෙතන තියෙන්නේ පොඩි කොමියුනිකේෂන් ඉෂු එකක්.

අපි මේ තාමත් තර්ටි ෆස්ට් නයිට් පාටියෙනේ ඉන්නේ. ඉතිං අපේ පොර හිතන්නේ තාමත් දෙසැම්බර් 31 කියලයි. පොරගේ දුම් බීම අතහැරීම පටන් ගන්නේ හෙට උදේ ඉඳලයි.

පොර ගේ හාමිනේ හිතන්නේ දැන් රෑ දොලහත් පන්නලා, විෂ් කරලා, කිස් කරලාත් ඉවරයි, මේ අළුත් අවුරුද්ද නේ කියලායි.

ඉතිං, පුදන කොටම කාපි යකා වගේ අපේ පොර නිව් ඉයර් රෙසොලූෂන් එක මුල් විනාඩි පහේ දීම කැඩුවා නේද කියල බර බරයක් දාලා ඊට පස්සෙයි හාමිනේ මේ ඉකිබිඳුම පටන් අරං තියෙන්නේ!

මං දෙන්නටම කිව්වා ඊලඟ අවුරුද්දේ ඉඳලාවත් මේ වගේ පොඩි පොඩි දේවල් ගැන වලි දාගන්නේ නෑ කියලා අධිෂ්ඨානයක් කරගන්න කියලා.

කතන්දරකාරයා

10 comments:

  1. කසූත් දෙසැම්බර් 31 වෙනිදා මොනවා හරි නරක පුරුදු අත් හැරලා හරි හොඳ පුරුදු පුරුදු ඇති කරගෙන තියෙනවාද ?

    ReplyDelete
  2. ඒ කියන්නේ අවුරුද්දක්ම වලි දාගන්න තියනවා කියලනේ. එකනොට නරක පුරුදු ඔය සිගරැට් බොන එක රේස් දාන එක වගේ ඒවා යිතරද? ඔය මද පමණ දෂ්ඨ කරනවා කියන එක හොඳ පුරුද්දක්ද?
    මොනව වුනත් ගන්න දේවල් ගොඩක් තියන කතාවක්.

    ReplyDelete
  3. මම හිතන්නෙ කසූ දුන්න උපදෙස ඒ වෙලාවෙ දෙන්නාටම තේරිලා නැහැ, තේරුනා නම් දෙන්නම් එකතුවෙලා කසූට දෙනව වැඩක් !!

    ReplyDelete
  4. හරවත් කතාන්දරයක්.....

    ReplyDelete
  5. මේ මිනිස්සු මොකට මල් පැනි බොනවද මන්දා....

    ReplyDelete
  6. මම නම් කියන්නේ කවුරුවත් කැමැත්තෙන් කරන නරක වැඩ වුනත් හොඳ වැඩ වුනත් බල කරල නවත්තන්න හොඳ නැහැ. ආදීනව කියල දෙන්න බබ්බු නෙමෙයි නේ.... කරන්න තියෙන්නේ තමන් ඒ කරන දේවල් වලට කැමති නැත්තම් ඒවට හවුල් නොවී ඉන්න එක.

    හිතන්න කෝ මද පමණට දෂ්ට කරන අයට , දුම් අදින අයට යම් දැරියක් කැමති නැත්තම් එහෙම අය ජීවිතේට සම්බන්ධ නොකර ගෙන ඉන්න හිතන්න ඕන....

    පස්සේ හදා ගන්නම් ද අරව ද මේවද කියල හිතින් හිතල කර ගත්තොත් අමාරැවේ. එහමෙ නැත්තම් එයා බීවට මොකද එයාගේ ඊට වඩා මම කැමති හොඳ ගති ගුණ තියෙනව කියල හිතන්න ඕනි.

    නියම ආදරය කියන්නේ පුද්ගලයා මොන වගේ වුනත් ඔහුට හෝ ඇයට ආදරය කරන එකලු...

    ReplyDelete
  7. @ All
    අළුත් අවුරුද්දේ කරන පොරොන්දු තමන් ම තමන්ටම කරන ඒවයි.

    මාත් එක දවසක හිතාගත්තා දිනපොතක් ලියනවා කියලා. ටික දවසකින් අමතක වෙලා ගියා.

    තව අවුරුද්දක හිතුවා හොඳ වෙන්න. ඒක නං තාමත් කර ගෙන යනවා ටික ටික.

    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට උදේ හතට: "කොල්ලන්ට අගනා උපදෙසක් - කෙල්ලන් බැලීම තහනම්!"

    ReplyDelete
  8. මාත් කාලයක් හිතුවා එක එක එව්ව කරනව කියලා. පස්සෙ තේරුනා ඒක නම් හරියන්නෙ නැහ කියල.

    වත් අක්ක කිව්ව දේට මම ත් එක්ඟයි.

    ReplyDelete
  9. මරු පොරොන්දු :P

    ReplyDelete
  10. හික්ස් ... කාලෙකට පස්සෙ හොඳ කතන්දරයක් දාල තියෙන්නෙ :D ... ඔහොම යන්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.