Monday 30 November 2009

දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!


මේ කතන්දරේ සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ එකක්. ඔන්න අද තමයි ලියවුනේ!

දුටුගැමුණු "රජ්ජුරුවෝ" තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං "එතුමා" [පොර] ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ.

ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් "එතුමා" [පොර] ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් "එතුමා" [පොර] ගැනම විතරක් නෙමේ. කැළණිතිස්ස ල, ගෝටයිම්බර ල ත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවටම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු "රජ්ජුරුවන්" ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලිය කාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇතිවුනු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුනනේ.

තමන් ගෙ තාත්ත එලාර ට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊලඟ ට, ඌව වෙල්ලස්ස යි මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුනෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කලා. අපේ ලව් සික් කාරයෝ සාලිය වීරයෙක් විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල. කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුනෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුනනෙ, අද වගෙයැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ - අයි ඩෝන්ට් නෝ වයි!

දුටුගැමුණු "රජ්ජුරුවො" සහ "එතුමා" ගෙ [පොර ගෙ] පවුලෙ කෂ්ටිය ගැන තව කතන්දර කීපයක් ම තියෙනව. ඒව ලඟදීම ලියන්නං.

දෙවෙනි කොටස මෙන්න.
http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

-කතන්දරකාරයා

22 comments:

  1. මරු කතාව. :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. වැදගත් චරිත වලට අපහාස වෙන විදිහේ කතා ලියන්න එපා. ඒක හොද නැ. දුටුගැමුනු කියන්නේ කවුද කියලා හොදට දන්නවානේ නේ.අපි ඔයාගේ බ්ලොග් එකෙන් වින්ද සතුට නැති කරන්න එපා ඕවා‍යින්.

    ReplyDelete
  4. දුටු ගැමුනු බැන්දේ රජ පවුලෙන්ද? නෑ. දුටු ගැමුනුගේ අම්මා රජ පවුලේ උනාට මිනී බිල්ලක්, හරියට තොවිල් තට්ටුවක් වගේ. එතකොට අශෝකමාලාට විතරක් කොක්ක මොකද.

    මම හිතන්නේ, ගැමුනු බයවෙන්න ඇති, කොල්ලා, තමන් තමන්ගේ අප්පාට කරන්න හදාපුදේ තමාටත් කොරන්න හදයී කියලා. මම කියන්නේ ඔය ගෑනු ඇදුන් යැව්වායැයී කියන සුරන්ගනා කතාව නොවෙයී. මොකෝ අපියී කියලාත් දෙමයිපියන්ට ඉදලා හිටලා නොක්කලේ දාන්නෙ නැතුවද, එහෙමයී කියලා ගෙදරින් පැනලා ගිහිල්ලා මුලු ජීවිතේම බයෙන් හැන්ගිලා ඉන්නේ නැහැනේ.

    ReplyDelete
  5. දැන් අපේ SBU සාදයට අපි සෙට් වෙන්නේ කොහොමද? T-Shirt වැඩේ කරනවද? අලුත්ම විස්තර මොනවත්ම දන්නෙ නැහැ. ඒකයි ඇහුවේ. විස්තර දන්වනවානම් ගොඩම තමා.

    ජය වේවා...

    ReplyDelete
  6. අසෙනිය කුසුමේ හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය හිමි වුන එකට ම‍ගේ සුභපැතුම්!

    අහ්... මටනම් කතන්දරේ පරණ version එකේ අව්ලක් පේන්නේ නෑ...

    ReplyDelete
  7. දුටුගැමුණු රජගෙන් පස්සේ එයාගේ මල්ලිටද කොහෙද රජකම උරුම වෙලා තිබ්බේ.. ඒක වෙන්න ඇති සාලිය යන්න ඇත්තේ.. හැබැයි ඉතිං ඇත්තටම මොකද උනේ ඇයි ගියේ.. ගියාට පස්සේ මොකෝ උනේ.. ඇයි අශෝකමාලා ව අන්තං පුරේට ගන්න හිතුවේ නැත්තේ කියලා දන්නේ සාලිය ම තමා..

    අසේනිය කුසුමේදි ලබපු සම්මානෙට සුභ පැතුම් හොදේ..

    ReplyDelete
  8. සම්මානෙට සුබ පැතුම් ! 'පොර' කියන යෙදුම 'රජ' කියනව ට වඩා හොඳයි මේ යුගේ හැටියට මං හිතන්නේ.

    ReplyDelete
  9. අසෙනිය කුසුමේ හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය වශයෙන් ලබපු සම්මානෙට සුබ පැතුම්....!

    ReplyDelete
  10. @ Nilantha:

    ඉතිහාසය කියා ඔබ මා දන්නේද අපට කියා ඇති කතන්දර මිස අන් කිසිවක් නොවේ. ඔබ ඒ කතන්දර මත අනවශ්‍ය බැඳීමක් ගොඩ නගා ගෙන ඇති බව පෙනේ. මෙය කුඩා කල අප කාටත් පොදු දෙයකි.

    කෙසේ වෙතත් ඔබ හා ඔබ වැනි ළමයින් තරහ කර ගැනීම මගේ කතන්දර කීමේ අරමුණ නොවේ.

    කතන්දරය සංස්කරණය කළෙමී. යලිත් බලන්න.

    ReplyDelete
  11. All:
    Thanks for your comments and also for congratulating me on the "Sahithya" sammaanaya.
    KK

    ReplyDelete
  12. yakoooo mekage muunattahaduwa ape namal karayage aiyage wage....
    moka wunat maru katandara tika....
    keep it up boss!!!!!

    ReplyDelete
  13. සුබක් දාලම ඉමු නේ.. මරු කතන්දරේ තමා මෙයාලනම් ලමයිම තමා මහානාම හාමුදුරුවො මහාවිහාරෙට කඩේ ගිය යාමට දුටුගැමුණුව ඉතිහාසයේ වීරයෙක් කලා. ඒක හරියට දිණමින පත්තරේ අපේ රජතුමාව පොරක් කරනවා වගේ වැඩක්නෙ..

    ReplyDelete
  14. ඔයා ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  15. සිරා කතාව. මටත් ඒකාලෙ ඉදලම මේ සාලිය අශෝකමාලා කේස් එක මාර ප්‍රශ්ණයක් වෙලා තිබුනේ... ඒකාලෙ හැටියට මුලු ලංකාවෙ රජ කම කියන්නෙ ඉතින් විධයක ජනාධිපතිකම වගේ සියලු පවර්ස් තිබ්බ එකක් වෙන්න ඇති නේ.. එහෙම රජ කමක් අරගෙන නීතියෙනඅසෙ නම් අශොකමාලාව බඳින්න නීතිත් වෙනස් කරලා ඒක කර ගන්න තිබුන එකේ, සලිය රජ කම බල්ලට දාල (බල්ලට දැම්මයි කියුවෙ අත ඇරල දාපු එකට මිසක් මාමා රජ වෙන්න දීපු එකට නෙවෙයි) අශෝකමාලාව බැඳගත්ත එක පිටිපස්සෙ ලොකු කේස් එකක් තියෙන්න ඕනෙ... අපි සාමාන්‍යෙන් හිතනවට වඩා ලොකු අවුලක්!! ...

    ReplyDelete
  16. හ්ම්..හ්ම්...අමුතු කියනදේත් ඇත්තක් තියනවා.

    ReplyDelete
  17. සුදුසු අය බාරගනිත්වා !!!!!!!!!!!!!

    යමෙක් සීහල උත්තම රජ වරුන්ට අපහසෙ කරයි නම් එය මහා නිවට මොඩ ක්‍රියවකි. එබැවින් යමක් ලියන්නට පෙර හොද හැටි සොයා බලන්න........

    ReplyDelete
  18. @Sam
    තමන් ගරු කල යුතු අයට ගරු කරන්න පුරුදු වන්න. කට තිබ්බ පලියට ඩොඩවන්න එපා. අභිමානවත් සීහල ඉතිහසය ගැන නොදැන කතා නොකරන්න. am

    ReplyDelete
  19. මෙතෙක් වේලා මම මහත් කැමැත්තකින් කතන්දර කියැවීමි (පැ. 2ක් පමණ). නමුත් මෙම කතාවෙන් පසු මට හැඟුනේ තමන් මෙතෙක් වේලා රමණය කල සහකරු HඓV අසාදිතයෙකු බව දැනගත් පුද්ගලයෙකුට ඇතිවන හැඟීමකි.

    ReplyDelete
  20. කමල් ඔබ ඒ ගැඟීම දන්නේ කොහොමද?

    ReplyDelete
  21. පොර නියම පොරක්. පොර නාග කන්‍යාවකට බලහත්කාරමක් කරන්න ගිහින්. ඇගේ "අයියා" නයා තමා පොරට ගේම දීල තියෙන්නෙ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.