Sunday 24 November 2013

ඉස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs


පසුගිය දවසක මට එක්තරා ඉස්කෝලෙකට සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගමයක පොඩි සැඳෑ සාදයකට සහභාගීවීමට සිදුවිය.

පොඩිය කීවාට පොඩිමත් නැත.

සූ ගාලා සීයක් පමණ පිරිසක් එහි පැමිණ සිටියහ. මුලින්ම රටකජු බිකක් හැපීමටත්, දෙවනුව සින්දු වතුර කෝප්පයක් බීමටත්, ඉන්පසු සින්දු දෙකාමාරකට අත්වැල් ඇල්ලීමටත් අපට ඉඩ ලැබුනි.

බුෆේ ක්‍රමය බෙදාගත් බත් පිඟානක් අල්ලේ තියාගෙන වළඳා රෑ බෝවී ගෙදර ආවෙමු. සාදයේ හොඳම හරිය, එනම් බයිලා නැටීම අපට මිස් වීම නම් දුකකි.

මෙහිදී මා සිත් ගත් හොඳම අංගය වූයේ පාටියේ ඇම්.සී. කෙරුවාව කළ සංජීව ගේ කතා කෑලි කීපයයි.

එයිනුත් වඩාත්ම ජොලියක් ලැබුනේ මෙන්න මේ කෑලි දෙකෙනි.

"අපේ ඉස්කොලේ ආදි ශිෂ්‍යයෝ ලෝකේ නැති තැනක් නැති තරම්. ඔන්න දැන් අවුරුදු කීපෙකට කලින් අපි එකට වැඩකරන කට්ටියක්ම රට ඉඳලා ලංකාවට එන්න එයා ලංකා ප්ලේන් එකකට නැග්ගා. ටික වෙලාවකින් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කොල්ලෙක් ඇවිත් මගෙන් අහනවා - අයියා අහවල් ඉස්කොලේ නේද? මට මතකයි අයියා ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා වගේ අපි හයේ පන්තියේ ඉන්න කාලේ - කියලා. ඉතිං ඒ වෙලාවේ ඉඳලා අපි කටුනායකින් බහිනකල්ම විස්කි වලින් නෑවා!"

"තව දවසක් මං ඔය වගේ ඇවිත් ආපහු යන්න ගිහින් බැලින්නම් මගේ බෑග් කිලෝ පාළහක්ම බර වැඩියි. හොඳ වෙලාවට එතකොටම මං දැක්කා අපේ ඉස්කෝලේ වගේ කොල්ලෙක් චෙකින් කවුන්ට‍රේක ඉන්නවා. මං ගිහින් ඌට කිව්වා, මල්ලී අහවල් ඉස්කෝලේ නේද? මගේ බෑග් පොඩ්ඩක් විතර බර වැඩියි, බැරිද මොනවා හරි කරන්න? කියලා. ඒ එක වචනෙන් වැඩේ ෂේප්!

අන්න එහෙමයි අපේ සහෝදරත්ව‍ය!"

"සහෝදරත්වය වුනාට වැඩේ අසාධාරණයි නේද?" මම පොඩ්ඩක් හයියෙන් කිව්වෙමි.

අනේ ඒත් මේ පාටියේ හිටිය කෂ්ටිය ඒ වෙනකොට ඉස්කෝලේ නම නිසා තමන්ට ලැබෙන්නට ඉඩ තියෙන අනියම් වාසි ගැන හිතමින් හිනා වෙමින් හිටිය නිසාදෝ මං කියපු කතාව වැඩිය කාටවත් ඇහුනේ නැත.

මා ළඟම වාඩිවෙලා හිටිය හාමිනේට නම් මගේ ප්‍රකාශය ඇහුනා වගේ බවක් පෙණුනි. ඇය මා දෙස රවා බැලුවේ ඒ නිසා විය යුතුය!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය ලියන ලද්දේ සති දෙකක නිවාඩුවක අවසානයේ නිවෙස බලා එමින් සිටින අතරතුර ගුවනේ දී ය.

මේ මා මුළුමනින්ම ජංගම දුරකතනයකින් ටෙක්ස්ට් එඩිටරයක් සහ හෙළකුරු යතුරු පුවරුවේ ආධාරයෙන් ටයිප් කරන ලද පළමු කතන්දරයයි.

(image: http://en.wikipedia.org/wiki/Nepotism)

62 comments:

  1. නැත්තන් ඉතින් "ආනන්දේ තමයි ඉස්කෝලේ..." කියලා පොතක් ලියන්න ඇහැක් වෙයිය.. කොහොමද මෙහෙම පොතක් ලිව්වොත්..

    "වේයන්ගොඩ කනිෂ්ඨේ තමයි ඉස්කෝලේ..."

    අඩු ගානේ.. ඒ ඉස්කෝලේ එකෙක්වත් කියවන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. "ආනන්දේ තමයි ඉස්කෝලේ" කියා පොතක් මා නම් දැක නෑ!

      ඉගෙනුව නැත පිටවෙව කියා එකක් ගැන නම් අසා තියෙනවා. ඒත් කියවා නෑ.

      Delete
    2. ඒක සහතික ඇත්ත මාතලන්....
      කකා උත්තර නොදී ශේප් වෙලා....

      Delete
    3. මාතලන් කොලුවෝ..,
      හොයා බලා කතා කරනු! නැත්නම් පිටවෙනු!

      Delete
    4. "සූර පප්පා, කෑකෝ පප්පා, වෙද පප්පා, අරූ, පැස්බරා, මොරබා, හැලපයියා තමයි සහචර යාලුවෝ" කියලා ලීවෝත්,
      නැතිනම්,
      මාතලන්, වෙද පප්පා, කෙනජි තමා තුන්බෑ ජටිලයෝ කීයලා ලීවෝත්,
      එත් නැතිනම්,
      කාව, පත්තr මල්ලී, පිල්ලි ජී තමා තුන් සරණේ කීයලා ලීවෝත් !

      Delete
    5. මාතලන්ට එකපාරටම වේයන්ගොඩ කනිෂ්ටෙ මතක් වුණේ මොකද,කකා කනිෂ්ටෙට ගියෙ ගනේමුල්ලේ මාතලන් ගියෙ කැලණියේ කොහෙවත් නැති වේයන්ගොඩක් මතක් වුණේ කොහොමද.

      Delete
    6. පොතේ නම මහින්දෙ තමයි ඉස්කෝලෙ

      Delete
    7. ආයෙ මොනවද කාවා
      මං කුකුල සාක්කුවෙ දාං මේකෙ උන්නෙ ..
      කකා එනව නොවැ අද කියල රට අරක්කු ඩිංගක් බොන්න !

      Delete
    8. ගණේමුල්ලයි, වේයන්ගොඩයි ටැපලුනා නේ...

      Delete
    9. අඩ්ඩඩා..මාත් එකපාරට කොරවෙලා බැලුවා කකා අපේ ඉස්කෝලෙටවත්ද ගියෙ කියලා

      Delete
  2. මමත් වාසි ගැන හිත හිත ඉඳලද කොහෙද, කකා කියපුව මට ඇහුනෙත් නැහැ.. ඒත් මේ කතාව දැකපු මගේ හාමිනේ නම් කිව්ව, එයාට ඇහුනා කවුරුහරි හයියෙන් මොනව හරි කියනවා, එහෙනම් ඒ කකා වෙන්නැති කියලා...
    මං එදා නම් හිතුව මේ යකා මේ කතාව කිව්වෙ ඉස්කෝලෙ සෙට් එකක් මැද්දෙ නිසා හොඳයි, නැත්තන් සවුත්තුවනෙ කියලා... මෙන්න කකා දීල වැඩේ... :D

    ReplyDelete
    Replies
    1. එතකොට අහවාල ගේ හාමිනේ ද අර අපි ලඟින් වාඩිවෙලා හිටියේ දුවත් එක්ක? මළා!

      Delete
  3. කතන්දරකාරයා, twitter posts දාන්නේ නැද්ද? blog එකේ ප්‍රසිද්දීයටත් එක්ක ඒක වැදගත්. ලියන එව්වා ලෝකෙටම දෙන්න. අපේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ට්විටර් එකවුන්ට් එකක් තියෙනවා. වැඩිය පාවිච්චියක් නැහැ. අදහසට ස්තුතියි!

      Delete
  4. පෞද්ගලික දැන හැඳුනුම් කම මත , ඇයි හොඳයි කම මත , අපේ රටේ , අපේ ජාතියේ , අපේ ආගමේ , අපේ කුලේ , අපේ ඉස්කෝලේ , අපේ ගමේ ආදී වශයෙන් මමායනයෙන් යුක්තව අසාධාරණ ලෙස යම් කිසිවෙකුට වාසි වන ආකාරයෙන් කටයුතු කිරීම (favoritism) අති දරුණු , පහත ගනයේ ම්ලේච්ච ගෝත්‍රික ලක්ෂණයකි.

    මෙය ලාංකිකයන් අතර හොඳින්ම දැක ගත හැකිය. එය වරදක් බව තේරුම් ගත නොහැකි පරිදිම ඔවුන්ගේ සන්තාන හා අනුබද්ධව මේ ගෝත්‍රික මානසිකත්වය මුල් බැස ගොස් ඇත.

    කකා ත් මේ සම්බන්ධයෙන් මාගේ අදහසම දරන බව දැකීම සතුටට කාරණයකි.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල කණ්ඩායම් ඇතුලෙත් තව උප-ගෝත්‍ර තියෙනවා, පළමුවසරට ආපු, හයේ පන්තියට ආපු, දහයේ පන්තියට ආපු යනාදී වශයෙන්!

      Delete
    2. පැරෂුට් ඩයල් කොහොමත් එකට සෙට් වෙනවා....

      Delete
    3. ඒක හරි කකා. ඔය සිංහල සාහිත්‍ය සංගම්, නාට්‍ය සංගම් එහෙම කරගෙන හිටපු අපට අපිම කිව්වේ "අපි මධ්‍ය මහා විද්‍යාලෙකට යන්න ගිහින් වැරදිලා රෝයල් ආපු උන්" කියලා.(මේක මගේ පාසල් සගයෙක් වෙච්චි සමන් අතාවුදහෙට්ටි නිතර කිව්ව එකක්)

      Delete
  5. අයියෝ පව් ...
    උත්තර නොදීපු එක නම් හරිම අසාධාරණයි...

    ReplyDelete
    Replies
    1. බයිලා නැටීම මිස් වීම ඊටත් වඩා දුකට කාරණයක්!

      Delete
  6. අසාධාරනයි කියලා හැමෝටම හිතෙන්නේ නෑනේ කතන්දර

    ReplyDelete
    Replies
    1. තමන් ගේ වාසිය මිස වෙන මොනවා හිතන්නද?

      Delete
  7. ඔය ජංගම දුරකථනයෙන් හෙළකුරු යතුරු පුවරුව යොදාගෙන ටයිප් කරන්න පුළුවන් ක්‍රමය මටත් කියල දෙනවද? (මංනං හැබැයි ගියෙ කතන්දර ගිය ඉස්කෝලෙට නෙවෙයි. මං ඉල්ලන්නෙ අනියම් උදව්වක් නෙවෙයි නේද?)

    ReplyDelete
    Replies
    1. මා භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්. එයට Helakuru නම් App එක දාගත්තා. ටෙක්ස්ට් එඩිටරය.Jota.

      එතන ටයිප් කර පසුව කොපි පේස්ට් කළා.

      කෙලින්ම බ්ලොගර් එකට ටයිප් කරන්නත් පුළුවනි!

      Delete
    2. Helakuru නම් App එක දාගත්තාම සිංහල බ්ලොග් කියවන්නත් පුලුවන්ද?

      Delete
  8. ජයවේවා
    කකා බැක් ටු බේස් !!!

    අයිස් චොක්ස් . රටකජු . මුද්දරස්පලම් . කඩල . ටොපි . ප්‍රීති . මිතුරි හෝව් සොරි සොරි
    වඩේ පෙපමින්ට් ඉන්ටවල් ඉවරායි !!

    පිල්ලි කෙන්ජි මාමා . කා වා එන්ඩෝ !!




    ReplyDelete
    Replies
    1. බැක් ටු බේස් තමයි. නමුත් සතියකට නින්ද ඇරියස් තියෙනවා!

      Delete
    2. ආව ආවා,
      උදෙත් ආවා. එක කොමන්ටුවක්වත් දවල් වෙනකන් ම පබ්ලිෂ් නැති නිසා අහපහු ගියා හිස් අතින්ම.

      කෙනජිනම් දැන් තනියම බොගක් අටවගෙන එක හදා බලා ගෙන, එන අයට කන්න බොන්න දීලා, හවසට කනමදයා වාගේ බෝතලයක් උඟුරට හලාගෙන උදේ 8-9 වෙනකන් නිදියනවා.

      Delete
  9. KAK IYE NAYA HARI DIGAI NEDA

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරු නයාගේ වලිගෙන් ටික ටික ඇදලා දැන් උගේ පුරුක් ඇදිලා. වැඩිය හයියෙන් යන්න බෑ.

      මමනම් අතාහරින්නේ නෑ, දුටු තැන භූමිතෙල් තමා. මගේ පංතියේ මං විතරයි අළුගෝසුවාටත් කාලෙකින් භූමිතෙල් පාරක් ගහන්න බැරිඋනා.

      Delete
  10. පාසල් තුල පවත්වන ආදී ශිෂ්‍ය ගැදරින් (මේ කතාවේ ඇත්තේ එහෙම එකක් කියා නොකියමි) වලදී සින්දු වතුර භාවිතයට මාගේ බලවත් විරෝධය..පාසල් වලින් බිහිවන්නේ මෝඩ හරක් බව පෙන්නුම් කිරීමට වෙනත් ක්‍රම යොදාගත යුතුය..

    ReplyDelete
    Replies
    1. සින්දු වතුර නැති නම් සින්දු නැත.

      එහෙනම් පිරිත් තමයි කියන්න වෙන්නේ!

      Delete
    2. "පිරිත් වතුර නැති නම් පිරිත් නැත" වෙන් නෑ නේද?

      Delete
    3. ක කා .
      අන්න ඒක නං හරියට හරි !!

      Delete
    4. සිංදු වතු‍ර බීල බන කියනව දැකල නැද්ද ??
      අන්න බන..

      Delete
    5. පාසැල් ආදී ශිෂ්‍ය සංගම් වල ඉන්නේ ශිෂ්‍යයන් නොවේ . එම සංගම් සාද පවත්වන්නේ පාසලේද නොවේ

      ....................................

      Delete
    6. "පාසල් තුල ඇති" කියලම කිව්වේ ඒක තමයි..එසේ කිරීමට බලවත් විරෝධය..වෙන ඕන තැනක..

      Delete
  11. කතන්දර ඉන්න රටෙ කොහොමද මන්ද ලන්කාවෙ නම් සධාරන අසාධාරන යුතු අයුතු ඔන මගුලක් කරදරයක් නැතුව කරගන්න නම් දන්න කවුරුහරි ඉන්න ඔන.එ අතින් ඔකෙ ලොකු වටිනාකමක් තියෙනව

    ReplyDelete
    Replies
    1. පොඩි සර්ච් එකක් කරලා බලන්න. පොලිටිකල් තත්වය ගැන නම් විකිපීඩියාවේ දැක්කා. ඔය උඩින් තියෙන මැප් එක ගත්තේ එතනින්!

      Delete
  12. තමන්ට වාසියක් වෙන දේ කොහොමත් හොඳයි නේ.
    අපි දැන් අසාධාරණයි කියල කිව්වට ඒ වගේ සිද්ධියක් අපිට වුනානම් අපි කරන්නෙත් ඒ ටිකමයි.

    ReplyDelete
    Replies
    1. කාටත් මිළක් තියෙනවා. ඒ ගානට ලන්සුව ආවාම විකිණෙනවා. ප්‍රතිපත්ති කැලේ!

      Delete
    2. කතාව ඇත්ත..

      Delete
  13. දැන් කකා ඔහොම කිව්වාට බ්ලොග් ලෝකෙම කීදෙනෙක් ඉන්නවාද බ්ලොග් ලියලා වාසි ගන්න? මුදල් වාසි, සුරුට්ටු වාසි, ලිංගික වාසි, පැණි වාසි...

    ReplyDelete
    Replies
    1. කාටත් මිළක් තියෙනවා. ඒ ගානට ලන්සුව ආවාම විකිණෙනවා. ප්‍රතිපත්ති කැලේ!

      මගේ මිළ ඩොලර් මිලියන 2.25 යි.

      Delete
  14. බණ්ඩාරවෙල central එක තරම් ඔය මොකක්වත් ගනන් ගන්නෙ නම් නෑ. colombo royal එකෙන් කැඩුන එකක් තමයි අපේ ඉස්කොලෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සු දෙයියා බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකේද?
      මාත් එහෙනේ.
      මම ඒ කාලේ නතරවෙලා හිටියේ තන්තිරිය හන්දිය ගාව.
      දෙයියා කොයි කලේද එහෙ හිටියේ?

      Delete
    2. @ පිස්සු දෙයියා

      යුද්ධ කාලේ කොළඹ ඉස්කෝල පිට පළාත්වලට ගෙනිච්චා නේ!

      Delete
  15. අද ඉන්ටවිව් එකකට ගියත් ගියපු ඉස්කොලේ මොකක්ද කියල බලනව නේ.
    ඉතින් මිනිස්සු කොහොම හරි බලන්නේ තමන්ගේ පොඩි එකාව ලංකාවේ නමක් තියෙන පාසලකට දා ගන්නනේ.
    ඒ වගේම තමයි පාසැල් ගැට්ට කියන එකත් තමන්ගේ ආයතනට තමන්ගේ පාසලේ කෙනෙක් ආවම සලකන සැලකිල්ල මේක ලංකාවේ හැමතැනම තියෙන එකක්.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාලයට නොගිය අයෙක් සීවී එකේ පවා උගත් පාසල ගැන ලියනවා නේද?

      ඒ මද පදනම්ව අන් අයට අසාධාරණයක් කිරීමයි වරද!

      Delete
  16. @කකා ඔය ඉස්කෝලෙ නාලන්දෙ හරි මලියදේවෙ හරි නෙවෙයි නේද? මොකද ඔය ඉස්කෝල දෙකේම එවුන් ඔය විදිහට ඉස්කෝලෙ ගැන කියලා උදව් ඉල්ලන්න ප්‍රසිද්ධයිලු. නාලන්දෙ එවුන් තමන්ගේ ඉස්කෝලෙ ගැන කිය කියා සුරුට්ටු, කැමරා ඉල්ල ඉල්ලා යනවලු. මලියදේවෙ එවුන් ණය ඉල්ල ඉල්ලා යනවලු. ඒව කවදාවත් ගෙවන්නෙ නෑලු.

    ReplyDelete
  17. මම මේකට කමෙන්ට් එකක් දැම්මා ඒක දැන් නෑනේ.....

    ReplyDelete
  18. අර ගැටඹේ පන්සලට පඬුරක් දැම්මහම, වැරදි කලත් පොලීසියෙන් අල්ලන්නෙ නැහැල්ලුනේ... අන්න ඒ වගේ තමයි ඉතිං ආනන්දෙට ගියාමත්...

    ReplyDelete
    Replies
    1. එකකොට නුවර ඉඳලා කොළඹ යන අය බේරෙනවා. පේරාදෙනියෙන් පහලට අය අහුවෙනවා.

      Delete
  19. මගේ කොමෙන්ටුව කකා තුමා දසපින් දාලා

    ReplyDelete
    Replies
    1. දසපින් ? නොතේරේ!

      මේ උඩින් ඇත්තේ ඔබ එවා මට ලැබුණු මේ කතන්දරයා සඳහා වූ එකම කමෙන්ටුවයි.

      Delete
    2. ඩස්පින් කියලා ටයිප් වෙන්නේ නැහැ අනේ :) හි හි කමක් නැහැ

      Delete
    3. ඒ කියන්නේ ඩස්ට්බින් (dust bin) කියන එකද?

      නෑ කිසිම කමෙන්ටුවක් පළ නොකර සිටියේ නෑ.

      ඔමායාගෙන් වෙන කමෙන්ටුවක් ස්පෑම් එකේත් නෑ. ඊ-මේල්වලත් නෑ.

      Delete
  20. වැඩක් කර ගන්න ඉස්කෝලේ එකෙක් හරි තමන් දන්නා කෙනෙක් හරි හොයන්නේ පුරුද්දට බව හැබෑව.පොඩි පොඩි එව්වට ඉස්කෝලේ විකුණන එකත් චාටර්.හැබැයි හිතවත් කම් වලින් වැඩක් කර ගන්න එක නම් අවුලක් නැහැ.වැරදි බව ඇත්තයි නමුත් එහෙම නොකර ගන්න තරම් මම පරිනත් නැහැ . . . .

    ReplyDelete
    Replies
    1. පෝලිමක ඉන්න හැමෝටම වගේ අඳුණන අය හිටියොත්, නොමැති එකාට අබ සරණයි!

      Delete
  21. ඔය ලෙඩේ කකා ඉස්සර හැදිලා තිබුනේ කොළඹ, නුවර වගේ ලොකුෂෝ ඉස්කෝල වලට විතරයි..දැන් දරුණු විදිහට අනිත් ඉස්කෝලවලටත් බෝවෙලා. කම්පැනි අයිතිකාරයෝ බොහෝ විට ඔය ලෙඩේට ගොදුරුවෙලා. එකෙක් මට කියනවා ඌ OBA
    එකේ ඉන්නේ ලොකු පොරවල් හඳුනගන්නලු. මම ඇහුවා වල්ල ලොකු පොරවල්ද කියලා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.