Friday 22 November 2013

අහසෙන් යන මන්තරේ හෙවත් ඉංගිරිසි වචන තුනක් - Munaweera's adventure


මේක ඉතාම කෙටි කතන්දරයක්.

මාත් එක්ක අහවල් ඉස්කෝලේ දහයේ පන්තියට අළුතින් ඇතුල් වුණු සිසුන් සියයක් පමණ පිරිස අතර හිටි අයෙක් තමයි මුණවීර.

මුණවීරයි මායි දෙන්නාම එකිනෙකට ආසන්න ගම් දෙකක සිට දුම්රියෙන් පාසල් ආ නිසාත්, ඊටත් වඩා අපි දෙන්නාම එකම පන්ති කාමරයේ දහයේ, එකොලහේ සහ දොළහේ ශ්‍රේණිවල ඉගෙනුම ලබා උසස් පෙළ ලියූ නිසාත්, මුල් කාලයේ එකම ටියුෂන් පන්තිවලට ගිය නිසාත් හොඳ හිතවතුන් වුණා.

කොටින්ම පසු කාලයේ මුණවීර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු ගෙන් පුද්ගලික ටියුෂන් ගන්නට පටන් ගත් කාලේ එය කුඩා කණ්ඩායම් පන්තියක් කරන්නට ඔහුගෙන් ආරාධනාව ලැබූ එක් අයෙක් වුණේ මායි.

මා ඒ පන්තියෙන් මාසෙකින් දෙකකින් හැලුනත් ඔහු මා හා අමනාප වුණේ නෑ.

මුණවීර ගේ මාමා කෙනෙක් ඒ දිනවල පදිංචිව සිටියේ (අපේ බ්ලොග්කරුවන් කීප දෙනෙක්ම ඉන්නා) මැලේසියාවේ යි.

ඉතිං අපි දහයේ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ මුණවීරටත් මැලේසියා යන්න මාමාගෙන් ආරාධනාවක් ලැබුණා.

ගමන එයාලංකා එකේ.

"ඉතිං ප්ලෙන් එකේ තනියම පිටරට යන්න හොඳට ඉංගිරිසි දැන ගන්න ඕනෑ නේද?" මං ඇහැව්වා.

"වැඩිය ඕනෑ නෑ. වචන දෙක තුනයි දැන ගන්න ඕනෑ!" මුණවීර කිව්වා.

"ප්ලේන් එකේ දී මුලින්ම පලතුරු බීම දෙනවා. එතකොට ඔරෙන්ජ් ජූස් කියන්න ඕනෑ."

"ඊළඟට දවල්ට කන්න දෙන කොට ෆිෂ් ඕ චිකන් කියා අහනවා. එතකොට චිකන් කීවාම ෂේප්."

ඉතිං ඒ වචන දෙක තුනේ බලයෙන් මුණවීර මැලේෂියා ගිහින් සති දෙකක් විතර එහේ ඉඳලා ආපහු ආවා.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ සති දෙකක සංචාරයත් දැන් අවසානයට ම වාගේ පැමිණ තිබේ. ඉරිදා ආපසු නිවසට!

(image: http://www.ceylonlanka.info/2012/02/gampaha-city-guide.html)

35 comments:

  1. ගම්පහ වොලිබෝල් ටීම් එක නේද කකා මේ ?

    ReplyDelete
  2. මම එක.... මගේ පුරස්නය.... අභීතට බැනලා ෆේස් බුක් ස්ටේටස් දැම්මෙ කවුද?

    ReplyDelete
  3. අක්කයි මල්ලියි හම්බ උනේම නැද්ද?

    ReplyDelete
  4. තාම ගුවන් ගමන් අත්දැකීමක් නැති නිසා ඇත්තද බොරුද කියල දන්නෙ නෑ.

    ReplyDelete
  5. මුලහරිය කාල් මාක්ස් අගහරිය එංගල්ස් වගේ සීන් එකක් වෙලා නැද්ද?

    ReplyDelete
  6. ඉතින් ?????????? **&&&&

    ReplyDelete
  7. ගම්පහ ස්ටේෂන් එක ඉදිරිපිට තියෙන මේ වොලිබෝල් ස්මාරකය දැන් ගලවල වෙන තැනකට අරං ගිහිං කියල ආරංචියක් තියෙනව ඇත්තද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පාර මැද්දෙන් අයිනට අරන්

      Delete
    2. ඒක ගලවල ,දැන් එතනතිබ්බ වටරවුම නෑ. පිළිමෙ ස්ටේෂන් එක ලගට අරන්,

      Delete
  8. ඇයි විස්කි හරි වයින්...

    ReplyDelete
    Replies
    1. එවුවා තමයි මෙයාලට මුලින්ම මතක් වෙන්නේ අෆෝ

      Delete
  9. හෙ හෙ ආනන්දේ මුල ඉදන් හිටියා නම් මුලු ඉංග්‍රිසී භාශාවෙන්ම මුණචීර උන්නැහේට මැලේශියා යන්න තිබ්බා

    ReplyDelete
  10. ඔහොම වචන දෙක තුනක් විතරක් දැනගෙන, අහන ප්‍රශ්න කල් වේලා ඇතුව දැනගෙන උත්තර පාඩම් කරගෙන අන්තිමට ප්‍රශ්න අහන එකා ඒවා මාරු කරල ඇසීමෙන් අමාරුවට වැටුනු අය ගැන මං අහල තියෙනවා.

    දැන් ඔය වගේ රටවල් ගණනාවක සංචාරයක ගියාම බාසාවල් කීයකින් කතා කරනවද කතන්දර?

    ලංකාවෙ සමහර අය හිතාගෙන ඉන්නෙ ඉන්දියාව දෙමළ රටක් කියලනෙ. මාත් එක්ක දවසක් එහෙම එක්කෙනෙක් බොම්බායට ගියා. එයාපෝට් එකෙන් එළියට එනකොටම හිඟන්නො. හිඟන්නො කීවට උන් එයාපෝට් එකේ පොඩි පොඩි වැඩ කරන අය වෙන්නත් ඇති. ඉතින් උන් කෑ ගහනව "සපා‍ේර්ට්" කියල.

    මගෙත් එක්ක ගිය එකා කියනව, "උඹ දන්නවද, මෙහෙ මිනිස්සුන්ට කන්න නෑ. ඒකනෙ අර "සාප්පාඩු" කියල කෑ ගහන්නෙ. මං ඇහුව, "සාප්පාඩු" කියන්නෙ කන්න නැති වුනාම ද?" කියල. මිත්‍රය කියනව "නෑ, දෙමළෙන් සාප්පාඩු කියන්නෙ කෑම වලට".

    ReplyDelete
  11. මට මතක් උණේ අනෙස්ලි,බර්ටි,සැමුවෙල් ලා ගේ සිරිසේන,ටුවෙන්ටි එයිට්,බෝත් විහිලුව.

    ReplyDelete
  12. හිහ් හිහ්................

    ReplyDelete
  13. ඇත්තටම මිනිහ මැලේසිය ගිහින් ආපහු අවාද ????

    ReplyDelete
  14. ඌ හොඳයි.. මෙළෝ දෙයක් බැරි උන්.. රජවරු.. රැජිණියෝ වෙලා එන්නේ.. එරොප්පේ ගිහිල්ලා.. කොච්චර ටැලන්ටඩ් බඩුද.. ඒත් ඉති ඕනම නම් සුද්දන්ටත් ඉන්ගිරිසි උගන්වයි...

    ReplyDelete
  15. දැනුත් ඔය දෙක තුන දන ගත්තහම ඇතිද දන්නේ නෑ!

    ReplyDelete
  16. කකා ලෝකෙ වටේ ගියාට වැඩක් නෑ. මී මුරේ ගියේ නැහැනෙ. මී මුරේ ගියා නම් අළුත්ම අත්දැකීමක්. කලිසම තියලා තමයි එන්න වෙන්නේ.

    ReplyDelete
  17. @කකා, මේ කකා ගැනද කියන්නේ?

    ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්... එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...

    ReplyDelete
    Replies
    1. කාකාගේ පෝස්ට් එකට වඩා දිගයි ඔයාගේ කොමෙන්ට් එක ,,යතාර්ථවාදී කොමෙන්ට් එකක්

      Delete
    2. ඒක බ්ලොග් පෝස්ට් එකක් ඔමා :)

      Delete
  18. @කකා,

    බ්ලොග් අවකාශයේ මහෞෂධ පණ්ඩිතයන්ට සම චරිතය ඔබ නිසා මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    සොරකු හා මෝඩයකු සටන් වදිද්දී අප ගත යුත්තේ සොරාගේ පැත්තද, මෝඩයාගේ පැත්තද? කරුණාකර හේතු දක්වන්න.

    (සොරා මෝඩයකු නොවන වග හා මෝඩයා සොරකු නොවන වග උපකල්පනය කරන්න.)

    ReplyDelete
    Replies
    1. කක්කගෙ පැත්ත ගන්න. මොකද එතකොට හොරාගෙ පැත්තයි මෝඩයගෙ පැත්තයි දෙකම ගත්ත වෙනව

      Delete
  19. සුද්දෙක්ට නම් වචන දෙකයි ලංකාවට එනකොට දැනගන්න ඕනි..ක්‍රියාපදයක් නම් ඒකත් එක්ක කරනවා කියන කෑල්ල ඇඩ් වෙන්න ඕනි..නාම පදයක් නම් එක කියන එක ඇඩ් වෙන්න ඕනි..

    ෆ්ලවර් එක, ටිව් එක, කැසට් එක, කොම්පියුටර් එක, ගැජට් එක, බුක් එක, පෙන් එක,

    මොබ් කරනවා, ප්ලේ කරනවා, චූ කරනවා, ජම්ප් කරනවා, ට්‍රයි කරනවා, චේන්ජ් කරනවා,

    කෝ බබා?
    එයා ටොයිලට් එකෙ පිස් කරනවා..

    ReplyDelete
    Replies
    1. @ අමිල........සහතික ඇත්ත. තව වචණ කීපයක් ඉගෙනගත්තා නම් එෆ් එම් චැනල් එකක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නත් පුළුවන් නිවේදකයෙක් විදිහට.

      Delete
    2. @ අමිල.....සහතික ඇත්ත....තව වචන කීපයක් ඉගෙනගෙන ආවොත් එෆ් එම් චැනල් එකක නිවේදකයෙක් වෙන්නත් පුළුවන්.

      Delete
  20. මේ ගම්පහ ස්ටේසන් එක එහා පැත්තේ තියෙන එක නේද මේ ,, අනේ හොද පෝස්ට් එකක් දාන්නකෝ කාකා

    ReplyDelete
    Replies
    1. ඒකටනම් මෝල්ගහේ දලු ලනතුරු කළු කපුටා සුදුවනතුරු බලා ඉන්න වෙයි අක්කියෝ

      Delete
  21. ගම්පහ වොලිබෝල් ස්මාරකය දැක්කහම ක්ලාස් ගියපු කාලේ මතක් වුනා..

    මුණවීර හොඳයි.. අතින් පයින් සුදු මහත්තුරුන්ට කතාකරන අය අපේ රටේ කොච්චර ඉන්නවද ඉංගිරීසි වචනයක් වත් දන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉංග‍්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරනයක්ද? එහෙම හිතනවනම් ඒක තමයි ලැජ්ජාවට කාරනේ. මේ රටේ කොච්චර හිස් මිනිස්සු ඉන්නවද තමුන්ට සිංහල බෑ කියල පෙන්නන්න හදන. මේ රටේ තමුන්ගෙ මව් භාෂාව වන සිංහල වරද්දන එක ආඩම්බරයට කාරනයක් ඒත් විදේශික භාෂාවක් වන ඉංග‍්‍රීසි චුට්ටක් වැරදුනත් ඒක විශාල වැරද්දක් හිනා වෙන්න කාරණයක්, ලැජ්ජාවට කාරණයක්. ඉතිං කොහොමද අපේ මිනිස්සු එංගලන්තෙන් නිදහස ලැබුව කියල කියන්නෙ

      Delete
  22. මොනවද මේ ලියන්නෙ සති දෙක බැරිනම් අවුරුදු දෙකක් ගියත් අපිට පාන් ද

    ReplyDelete
  23. මම නම් ඇපල් ඇන්ඩ් චිකන්..

    ReplyDelete
  24. මට ගෝල්ඩ්ලීෆ් එකයි ප්ලේන්ටියයි .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.