Tuesday 22 October 2013

වෙඩින් ගොයින් බයි අනුන් ගේ කාර් - What I would do, if I were you?


ඔන්න අපි යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු පහ හයකින් විතර අපේ බැචෙක්ගේ වෙඩිමකට මට ආරාධනාවක් ආවා.

මේ වෙනකොට අපේ බැචාලා තවත් දහ දොළොස් දෙනෙක් ම කසාද බැඳලා, සමහරු තාත්තලා බවට පරිවර්තනය වෙලාත් ඉවරයි.

මං අර පස්තාච්චි කුපාඩි වැඩවලට එහේ මෙහේ ගිහින් හිටිය හින්දා ඔය වෙඩිං ගොඩකට යන්න ලැබුණේ නෑ.

ඒ හින්දා, මේ වෙඩිම තිබුණේ දුර බැහැර පලාතක (මාතර කියමු) වුනත්, මේකට නොවරදවා යන්න ඕනෑ ය කියලා මං හිතා ගත්තා.

දුර බැහැරය කිව්වාට කොහේ වුනත් ලංකාව ඇතුලේ නේ. අනික අපි කොළඹ අවට හිටිය අයට තමයි ඔය දුර. ඒ පලාතේ හිටිය නං වෙඩිම අත ලඟ!

ඉතිං මං ප්ලෑන් කළා උදේම කොළඹ ගිහින් බස් එකක නැගලා මාතර අහ යන්න. පෝරුවේ නැකත තිබුණේ දහයකුත් ගාණටද කොහෙද?

කවදා හරි ඔය පෝරුව කියන අට්ටලමේ නගින්න වෙන හින්දා ඒ පෝරුවේ කරුමාන්තේ වෙන හැටිත් බලා කියා ගන්න මට ඕනෑකම තිබුණා.

ඔන්න වෙඩිමට සතියක් විතර තියලා මගේ වැඩපොළට ආවා කෝල් එකක් මගේ හොඳ මිතුරෙක් වෙන සෙත්සිරි ගෙන්.

"මචං, කතන්දරකාරයා, උඹ ෂෙල්ටා ගේ වෙඩිමට මාතර යනවාද?"

"ඔව් මචං යන්නයි හිතන් ඉන්නේ, උඹ යනවාද?"

"ඔව්, ඔව්, මාත් යනවා. මචං මං මගේ කාරෙකේ යන්නයි ඉන්නේ. උඹටත් එන්න පුළුවන්. අපි පෙට්‍රල්වලට යන ගාණ බෙදා ගම්මු."

මේ කාලේ වෙනකොට සෙත්සිරියා පොඩි පහේ ෆැක්ටරි මැනේජර් කෙනෙක්.

මංතුමා 6% තියා හුලංවත් නැති නිකම්ම නිකං ආණ්ඩුවේ ආධාර සහිත වැඩපොළක කඹුරණ අසරණයෙක්.

ඔය දවස්වල ලිටරේ තිස් පහයිද කොහෙද, ඒත් ඉතිං අපේ පඩිත් ඒ වගේම අඩුයිනේ!

සෙත්සිරියාට පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තං, මා ලඟ කොහෙන්ද ඒකට සල්ලි?

"මචං මං බස් එකේ ගිහින් එන්නයි හිතන් ඉන්නේ!" මං ෂේප් එකේ ෂේප් වුණා එහෙම කියලා.

ඒ කොහොම වුණත්, පහුවදාම තවත් මේ වගේ ෆැක්ටරියක මැනිජර්කමක් කරපු අපේ බැචෙක් වුණු බණ්ඩාර පොරට කොම්පැනියෙන් දීලා තිබුණු කාර් එක මේ මාතර ගමන යන්න ඉල්ලාගෙන මටත් ජොයින් වෙන්න කතා කළා.

හැබැයි බණ්ඩාර ප්ලෑන් කරගෙන හිටියේ මගුල් ගෙදර ගිහින් එතනින්ම බණ්ඩාරවෙල පොරගේ මහ ගෙදරත් යන්නයි. ඉතිං මට ගමණේ මුල් බාගෙට නොමිලේ ප්‍රවාහන සේවාවක් ලැබුණා!

බණ්ඩාර ගේ කාර් එකේ ෆුට් බෝඩ් එකේ නැගිලා ඔන්න මං වෙඩිමට ගියා. අපි ගිහින් ටික වෙලාවකින් සෙත්සිරිත් තම කුඩා පවුල සමග එතනට සම්ප්‍රාප්ත වුණා.

ඉතිං, පෝරුවේ සෙරමනියත් දැක බලාගෙන, පොඩ්ඩක් විතර සප්පායම් වෙලා, බත්, වටලප්පං හෙමත් කාලා ඔන්න අපිට ගෙදර යන්න වෙලාවත් ආවාය කියමුකෝ.

සමහර විට මගේ හිතේ කොණක තියෙන්න ඇති සෙත්සිරියා පොරගේ කාරෙකේ කොළඹ යන්න මට කතා කරාවිය කියලා සිතුවිල්ලක්. කෙළඹ ඉඳන් ආපු කාරෙක කොහොමටත් ආපහු යන්න එපායැ. අනික සෙතා යි වයිෆරෙයි විතරයි කාරෙක් ආවේ.

නමුත් ඒ සිතුවිල්ල තිබුණේ ඉතිං මගේ හිතේ නේ.

සෙත්සිරි ගේ හිතේ එහෙම සිතුවිල්ලක් තිබුණු බවක් පෙණුනේ නෑ.

පොරයි වයිෆරෙයි කාර් එකේ නැගිලා යන්න ගියා.

මං හෝටලේ ඉඳලා පයින්ම බස් නැවතුමට ගිහින් කොලඹ බස් එකක නැගලා ගෙදර ආවා.

මේ කතන්දරේ මතක් වෙච්ච වෙලාවේ ඉඳලාම මං කල්පනා කරන්නේ මං සෙත්සිරි නම්, මං මාතර ඉඳලා ආපහු ගමනට එන්න කියලා කතන්දරකාරයාට කතා කරනවා ද, නැති ද කියලායි!

-කතන්දරකාරයා

(image: insert URL here)

94 comments:

  1. මං සෙත්සිරි නම් අනිවාර්යෙන් කතන්දරට කොළඹ යන්ට කතා කරනවා.
    මම කතන්දර නම් මම එයාට බෑ කියලා, බණ්ඩාර එක්ක බන්ඩාරවෙල යනවා... :D

    ReplyDelete
    Replies
    1. මම බණ්ඩාර නම් සෙත්සිරිට කියනවා කකාව කොළඹ එක්කන් යන්න කියලා

      Delete
    2. මම කකා නම් සෙත්සිරිට බණ්ඩාර එක්ක බන්ඩාරවෙල යන්න කියලා සෙත්සිරිගේ වාහනේ අරන් කොළඹ එනවා.

      Delete
    3. සෙත්සිරි එක්ක යන්න තිබුණේ සෙත්සිරිපායට!

      Delete
  2. සෙත්සිරිය මාර බුවෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. මොන මලපෙරේතයෙක්ද නේ ,, හරිනම් එයයි ලජ්ජා වෙන්න ඕනේ තමන් වයිෆ් එක්ක කොහොමත් යන එකේ යාළුවව එක්ක යන්න පෙට්‍රල් වලට බාගයක් දෙන්න කියන්න ,,

      Delete
    2. ඒකනෙ මෙයා......
      යාලුවො කියල හිටියට 99.9% ක්ම ඉන්නෙ කුහකයො අනේ....
      මටත් දැන් ජිවිතේ එපා වෙලා අෆ්පා................

      Delete
    3. හි හි ඕවා ෆීමෙල් වර්ඩ්ස් ඈ මෙයා ,, කෙන්ජයියගේ හාමිනේද මේ කොමෙන්ට් එක දැම්මේ :)

      Delete
    4. ලෝබකමට නොවෙයි, කාර් ගත්තට පෙට්‍රල් ගහන එකත් ලේසි වැඩක්යැ?

      Delete
  3. ඊයේ මා හිතවත් බ්ලොග් කරුවන්/කාරිනියන් කීප දෙනකුගේ අඩවි වල සහන් මල්ලිට දැමු පණිවිඩය නිසා,එතුමන්/එතුමියන් ලාට ඇතිවූ අපහසුතාවයට සමාව අයැද සිටිමි.
    එක් තැනකදී සහන් මල්ලිට පුෂ්පය විකසිත වී ඇති බව දුටු මා ඉමහත් අමන්දානන්දයට පත් වුනෙමි.
    ඔහුගේ නියම සයිලන්ට් කම මා දුටිමි.
    එහෙනම් සහන් මල්ලි සයොනාරා...!!
    (පුෂ්පය විකසිත වචනය අපේ කෝරලේ මහත්තැන් විසින් හදුන්වා දුන් වචනයකි.)

    ReplyDelete
    Replies
    1. නිකං ගූ කෑලි පුම්බන්නේ නැතිව ඉදපන් කෙන්ජියෝ. ඔය වගේ අයව නොසලකා හැරීම තමයි කරන්න පුළුවන් හොදම දේ. කකා අරුණිට කල දේ වගේ, මාරයට කල දේ වගේ.

      Delete
    2. KK, your blog is a dual- purpose vehicle:

      1. conveys information and provides amusement
      2. serves as an arena for visitors with grudges against each other

      There are occasions when 2 is better than 1.

      Delete
    3. //ඔහුගේ නියම සයිලන්ට් කම මා දුටිමි.//සහන් දෙනකොට රිදෙන්නම දෙනව. සයිලන්ට් කියල හිතල අනින්න ගිහින් බැනුම් ඇහුවද ? හොදවැඩේ කෙන්ජිට

      Delete
    4. @AnonymousOctober 22, 2013 at 10:54 AM



      එකෙන්ම!!! දාපන් ඇනෝ 5ක්!!!!!!

      Delete
    5. මෙන්න ප.......හායි !!!!!!

      Delete
    6. මම අනින බුවෙක් මිසක්,
      ඇනගන්න බුවෙක් නෙමේ මචනස් ල..

      Delete
    7. සහන්ට ඉක්මන් සුවය පතමි.

      Delete
  4. ඒකත් එහෙමද
    කෙන්ජි නො ඔකාසන්@Japan

    ReplyDelete
  5. katada me pal haeli kiyawanna oone. ape kale kanawa.

    ReplyDelete
  6. සමහරවිට කකා ඒ සෙත්සිරි කියන කෙනා හිතුවද දන්නෑ කකා කොළඹ ඉදන් ගිය වාහනෙම ආපහු යයි කියලා.

    ReplyDelete
    Replies
    1. හිතන්න ඇති, ඇහැව්වේ නම් නෑ!

      Delete
  7. මම සෙත්සිරි නම්, ආවෙත් මගෙ වයිෆරේ එක්ක විතරක් නම්, ඔච්චර දුරක් ආපු එකේ, එකපාරටම කොළඹ යන්නේ නැහැ...

    ReplyDelete
  8. කකා ගැන දන්න එකෙක් නං කතා කරන්න තියා මූන බලන එකක් නැතෙයි කියල ඇනෝ මිත්තරායෝ නං කියාවි. ඒ උනාට අවුරුදු ගානක් එකම බැචේ හිටිය එකෙක් විදියට තරහකාරයෙක් උනත් අපි නං දාගෙන යනවා.

    ඔහේ ඒ උනාට මාතර පැත්තේ ගියාම ඩිංගක් සප්පයාම් වෙලා මක්කටෙයි අනිත් පැත්තට අවේ ආ...

    ReplyDelete
    Replies
    1. සෙත්සිරි අදත් මගේ හොඳ යාළුවෙක්!

      Delete
    2. සෙත්සිරි දෙන මහ ගුණ..........
      ලෝවැඩ සඟරාව මතක් වුනා.

      Delete
  9. ඔයත් හරි සෙත්සිරියත් හරි හැම දෙකටම මිලක් තියෙනවනේ. නිකන්ම ලැබුනොත් අගයක් නැති වෙලා යනවා.... එදා ඔය සෙත්සිරි එක්ක අවනම් අද මෙතන මේ කතාව නැනේ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත!

      එහෙම වුණා නම් අද මේ කතන්දරේ නම් නෑ, වෙනිං කතන්දර ගෝණියක් තියෙන්න ඉඩ තියෙනවා!

      Delete
  10. දැන් දැන් එක පිළිවෙතක් වත් නැති මෙහේදී, හිමිකම් තියාගෙන හීන මානයෙන් දුක් විදින මෙහේදී, ඉංගිරිසිය පිටට නොව ඇතුළේ ලොකු කතාවක් බව පෙන්නන්නට තුත්තිරි කරගන්නා මෙහේදී, සාමූහිකව නොවූවත් පුද්ගලබද්ධව වුව හිත ඇත්නම් පත කුඩාද කියා බලන්නට හිතෙන්නක්. ඒ මිනිසුන්ගේ ගුණාගුණ බිදක් වත් නොදන්නා මුත් එක හිත ගොඩනැගීමකට මුල් වෙන බව මෙයින් නොපෙනේද? ප්‍රතිපදාවේ සාර අසාර බව අනුව ඔවුන් විපාක විදින්නට සූදානම් නම් එතැන බොරුකාරයින් හෝ කපටින් සිටීවිද? සපුරා නිදොස් බවක් නොව පිළිවෙලක්, පිළිවෙතක් එහි නැතිද?

    ReplyDelete
    Replies
    1. mokak da me kunuharupe ????????

      Delete
    2. ඔය ඉන්නේ [October 22, 2013 at 8:22 AM] ආනන්දයෙන් ප්‍රඥාවට ගිය ඇනෝවෙක්.

      Delete
    3. මේ ඉන්නෙ ආනන්දෙන් මුග්ධ බවට ගිය ප්‍රොෆයිල් කාරයෙකුත්....

      Delete
  11. කතාකරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ සප්පායම් වෙච්ච මාත්‍රාව අනුව .

    ReplyDelete
    Replies
    1. කතා නොකරන මාත්‍රාවෙන් සප්පායම් වෙලා ඩ්‍රයිව් කළොත් මළා තමයි!

      Delete
  12. ඔය වගේ සෙත්සිරියෝ අනත්තවත් ඉන්නවා... මුලින්ම සෙත්සිරිය කතා කල වෙලාවේම කතන්දර ප්‍රතිෂේප කල ගමන ආපහු සෙත්සිරිය යමු කිවත් නොයන එකයි කරන්න ඕන ...මොකද යාලුවෙක් එක්ක වෙදිමකට යනකොට පෙට්රෝල් වියදම දෙන එක යන ඇය තීරණය කොරන්න ඕන මිසක් ඉල්ලන සිරිතක් නැති නිසා...
    කකා සෙත්සිරිය උනා නම් කතා කරන එකක් නැහැ කියලයි හිතෙන්නේ ..මොකද මුලින්ම කකා එක්ක සෙත්සිරිය යන්න කතා කලේ මිත්‍ර කමකට නොවන නිසා ..

    ReplyDelete
    Replies
    1. සමහරු සල්ලි නැති වුනත් මගුල් ගෙවල්වලට කාර්වලින් යන්නයි කැමැත්ත. කාන්තාවන්ට විශේෂ ඇඳුම් ඇඳගෙන යන්නත් තියෙනවා නේ!

      Delete
    2. That's the point Kaka.

      Delete
  13. who cares this shits !!!

    ReplyDelete
  14. බාගද මිනිහට ආපහු යන ගමං වෙන වෙන රාජකාරිත් තිබුණද දන්නෑනෙ. කතන්දර දාගෙන ගිහිල්ල මිනිහ ඒ වැඩ කරගන්නෙ කොහොමෙයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ බවක් කීවේ නෑ මට කතා කරපු වෙලේ. අළුතින් ඬැඩක් සැට් වුණාද කවුද දන්නේ නේද?

      Delete
  15. ඔරිජිනල් කතන්දරයක්! තැන්ක්‍යු කකා.
    මම කල්පනා කලේ සෙත්සිරිගෙ ඔලුවෙ වැඩකලේ මොකද්ද කියල. කකා බස් එකේ යන්න නියම හේතුව මෑන්ට අනුමාන කරල තිබුනද? නැත්තං කකා බස්එකේ යාම වඩා හොඳයි කියල හිතල කාර් එක ප්‍රතික්ෂේප කලා කියල එයා හිතුවද? නැත්තං ඇත්තම කේස් එක දැනගෙන, මූ මොකටද පිනට එක්ක යන්නෙ කියල හිතුවද? නැත්තං නෝන එක්ක වෙනත් ගමනකුත් යෙදිල තිබුනද? ඕන එකක් වෙන්න පුළුවන්.
    කොහොම උනත් වාක්‍යක් නාස්ති කරන්න බලාගෙන හරි කකා ගැන ඇහුවෙ නෑ කියන්නෙ මෑන් ලෝභ කුහකයෙක් වීමේ වැඩි ඉඩක් තියනව.

    ReplyDelete
    Replies
    1. එළ රිප්ලයි එක! :-)

      Delete
    2. Kaputa: a#w~wtm amwk @vl` @vn~nw~ id wQ@ynv`.

      Unicode: ඇත්තටම අමතක වෙලා වෙන්නත් ඉඩ තියෙනවා.

      Delete
  16. "අප්පමාදෝ අමත පදං "

    ඉස්කෝලේ ආනන්දේ උනාට වෙලාවට කමෙන්ට් පබ්ලිශ් කරන්නේ නෑ. අපි එන්නේ පෝස්ට් එක කටපාඩම් කරන්න නෙමේ. කමෙන්ට් බලන්න. ඒ නිසා කමෙන්ට් ටික වෙලාවට පබ්ලිශ් කරන්න.

    ඒ බැරි නම් යූසර් නේම් පාස්වර්ඩ් අපිට දෙන්න. අපි වෙලාවට කමෙන්ට් පබ්ලිශ් කරන්න. කකාට තියෙන්නේ ඉඩක් ලැබුනම ඇවිත් අපි වැරදි කමෙන්ට් එකක් පබ්ලිශ් කරලා තියෙනවා නම් ඒක කපලා දාන එක..

    ReplyDelete
  17. කකා තව අවුරුදු 4කින් කූරියා ගැහුවම මේ බ්ලොග් එක පාලුවට යයි.. ඒක වලක්ක ගන්න අපට පාස්වර්ඩ් දෙන්න.

    ReplyDelete
    Replies
    1. දෙන්න දෙන්න. ඇනෝලාගේ කකා සුරැකීමේ ජාතික ව්‍යාපාරෙන් කක්ක බ්ලොග් එක maintain කරගමු. ඒසදහා ඔබේ password එක අපිට‍ ලබාදෙන්න

      Delete
  18. ඔයා කතා කරනවා යන්න එන්න කියලා ඒ ආදරේකට නෙමේ ,,, සෙත් සිරියට රිද්දන්න ,, හි හි

    ReplyDelete
    Replies
    1. Kakka Iya ada shoak kathawak liyala. Harima rasawath.

      Delete
    2. ඇත්තටම මේ කෙස් එක මගේ හිතේ මෙච්චර කල් තිබුණේ ඇයිද මන්දා?

      Delete
    3. bloody fool.

      Delete
  19. මම හිතන්නෙත් සෙත්සිරි හිතන්න ඇති ආව විදියටම කතනදරකාරයා යාවිය කියලා අනික එක පාරක් කතා කරලා නාපු එකේ තව පාරක් මොකට කතා කරනවද

    ReplyDelete
    Replies
    1. අප කවදාකවත් එය දැන නොම ගනු ඇත! සිරාට මේක අමතකත් ඇති.

      Delete
  20. කොට්ටෝරුවා හැම ගහකටම කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නා වගේ අපේ කැපිටල් ඇනෝ තුමා හැම බ්ලොගේම මෝඩ කමෙන්ට් කොට කොටා ගිහින් ගොසිප් සයිට් එකක කමෙන්ට් කොටලා ලුනු ඇබුල් ඇතුව හොදටම අහගෙන... !!!

    මෙන්න උන්දෑගේ කමෙන්ට් එක....

    ANE MANDA OYA KATTIYA MONA PASALATADA GIYE KIYALA.....GANA HADANNE MEHEMAI.....COLOMBOWALA IDALA GALLATA YANNA NORMAL ROAD EKE PEYA 4 K YANAWYAKA,,,KATUNAYAKATA PEYA 3 K TRAFIC EKATA AHU UNAWA BALANNA PEYAKATA RS 100 K UNAMA GANA HARIYANNE NEDDA KIYALA

    ReplyDelete
  21. //දුර බැහැරය කිව්වාට කොහේ වුනත් ලංකාව ඇතුලේ නේ. අනික අපි කොළඹ අවට හිටිය අයට තමයි ඔය දුර. ඒ පලාතේ හිටිය නං වෙඩිම අත ලඟ!//

    ඕනෙ දිහාවකට තියෙන්නෙ පයින් යන දුරක් කියලා කවුද මන්දා කිව්වා වෙලාව තියෙනවානං.ඒකත් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඇතුලේ!

      මොකද මුදේ උඩ පයින් ඇවිදින්න බෑ නේ.

      Delete
  22. THIS IS NOT ME. DO NOT MISUNDERSTAND.

    ReplyDelete
    Replies
    1. sorry buddy !
      i do not want to insult you.

      Delete
  23. මෙහෙම් පැත්තක් තියෙනව නෙ.කතා කලාම බස් එකෙ යනව කිවුවෙ මොනවහරි උවමනාවකටද දන්නෙ නැති නිසා සෙත්සිරය කතා නොකල වෙන්න පුලුවන් නෙ.හැබැයි තෙල් ගහගෙන යන්න කතා කල එක නම් හිගන වැඩක්.එක නොකිය එක්ක ගියානම් ගොඩාක් වෙලාවට තෙල් ගහන්න සල්ලි දෙනව නෙ.(මම නම්)

    ReplyDelete
    Replies
    1. මට නං තෙල්වලට දෙන්න සල්ලි තිබුනේම නෑ.

      Delete
    2. වෙඩිමට ගිහින් ලියුම් කවරේ දාලා කීයත් විතර දුන්නද.....................

      Delete
  24. අර කිව්වා වගේ, කවුද දන්නෙ සෙත්සිරි උන්ගේ මහ ගෙදර ගියාද කියලා. එහෙම නැත්නම් ජෝඩුව එක්ක ගෙස්ට් එකකට ගියාද කියලා පොඩි චේන්ජ් එකකටත් එක්ක. හොඳම වැඩේ තමයි අනුන්ගේ ඒවල එල්ලෙන්නේ නැතුව ඉන්න එක.

    දැන් එතකොට ඌ කතා කලා නම්, කතා යනවද....?

    ReplyDelete
    Replies
    1. අනිවා යනවා. ඇයි බං බස් ගාස්තුවත් ඉතුරුයි, ඒකෙන් මෝනිස් විස්කෝතු කන්න තිබුණා!

      Delete
    2. ස්කුබි ඩූබි ඩූ විස්කෝතු.........?

      Delete
  25. සෙත්සිරියා රිදෙන්නන රිටන් එක දුන්නා නේද? කකා.
    එහෙම නොවුනා නම් අද මේ වගේ පෝස්ට් එකක් වැටෙයි යෑ.
    :-D

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුණා නම් මීට හාත් පසින්ම වෙනස් කතන්දර කියන්න අත්දැකීම් ලැබෙන්න ඉඩ තිබුණා!

      Delete
  26. Ano @ 12.48 p.m. is kaka himself. no other ano.

    ReplyDelete
  27. Replies
    1. ballekda buranne, nathnam kaka da?

      Delete
    2. කකා බුහ් ගාන්නෙ නෑ.... උම්බෑ කියලා තමයි කියන්නෙ...

      Delete
  28. අනුන්ගෙ පානින් එළිය බලන්න බලන් ඉන්න කකා වගේ අපතයෙක්ට ඔහොම වෙලා මදී.... මගදි බස් එකත් කැඩිලා මග තැපලා එන්න සෙට් වෙන්න තිබුනෙ.....

    තමන්ගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකකට රිප්ලයි දාන්න අකමැති එකා අනුන්ගෙ කාර් වල එල්ලෙන්න බලන් ඉදල තියෙන උජාරුව දැක්කාම පුකෙනුත් හිනා......

    ReplyDelete
  29. මට අනුව නම් සෙත්සිරිට මෙතන දොස් කියන්න බෑ නේ. ඒ මනුස්සයාත් කැමති ඇතිනේ තනියම තම්න්ගේ බිරිඳත් එක්ක ගමනක් බිමනක් යන්න. ( අර මුලින් සල්ලි බෙදාගන්න අහපු කතාව නම් මා අනුමත කරන්නේ නෑ. එක්කෝ සද්ද නැතිව ඉන්න ඕනේ) ඒත් මේක පොඩ්ඩක් විතර අවුල් නේ.

    ReplyDelete
    Replies
    1. රංගි මේක සෑහෙන්න පරණ කතාවක්. අපි දෙන්නාටම සල්ලි නෑ! මට මගේ ස්කේල් එකෙන්, සෙත්සිරිට පොර ගේ ස්කේල් එකෙන්.

      Delete
  30. ɐppɐu ǝƃɐɐʞɐʞ ɐɯıpǝʌ ɐuɐƃ ɐpoɥ ɐɹɐpuɐɥʇɐʞ ɥʇnʞnɯ ?? uooɯʎǝuoɥ ɐʇɐsɐʍɐp ǝssɐd ɐsɐʌɐp ɐuɐƃ ǝuɐɹɐɥʇıʌ ǝʌʌıʞ.

    ReplyDelete
    Replies
    1. how did you do this ??

      Delete
    2. ıɐɹɐɥʇıʍ ɐʍnpɐɥ ɐuuɐƃɐʇıɥ uǝʍnןo

      Delete
    3. ංපඳඉ ාලිල්ලඑ ්මනායිග රදෙග ්ලුඟම ෙගාලුවව

      (වවුලාගෙ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා ඉඳපං)

      ඒ ක්‍රමේ සිංහල කොටන්න හරියන්නේ නෑ බොලන් කකා.

      Delete
    4. වෙන ්ලවේද මුදුප ේන්නග ායොහ ්තලෝනඇ ේපඅ

      Delete
    5. කකා මේ ක්‍රමේට දිගටම පෝස්ට් දායිද මන්දා.. කක්කා පෝස්ට් වලට අමතරව චූ ඉහපු කක්කා පෝස්ට් එකක් වෙයි එතකොට !!!

      Delete
    6. උඩ ඇනෝ
      අපේ ඇනෝලත් හොයා ගන්නේ පුදුම දේවල් නෙව

      Delete
  31. කකා තෙල්වලට දෙන්න සල්ලි තුබුණේ නැතත්, මඟුල් ගෙදර ගොහින් බඩ-කට පුරවාගෙන එනකොට ජෝඩුවට දෙන්න කීයක්වත් තිබුනේත් නැද්ද...........?

    ReplyDelete
  32. කැම්පස් එකේ හිටිය අයට සෙත්සිරිගේ ඉල්ලීම සාමාන්‍ය දෙයක් (යාලු කම වැඩි නිසා හෝ 100% විවෘත්ත නිසා )
    කකාට තිබුනා කොලේ වහන්නේ නෙතිව අත්ත කියන්න (යාලු කම වැඩි නිසා හෝ 100% විවෘත්ත වෙන්න තිනුනා )

    කකා කොලේ වහලා නිසා සෙත්සිරිට පොඩි උප්සට් එකක යන්නෙති ඒ උනාට උට තුබුණා අපහු යන්න කතාකරන්න (යාලු කම නිසා
    "කකා වරෙනං මචන් යන්න මම තෙල් ගහගත" ?????

    ReplyDelete
  33. සෙත්සිරි වැඩ කල හැටි වැරදියි කියලා කියන්නම බැහැ. කාර් එකක් ගත්තා උනත් මෑන්ට උනත් ඕකට තෙල් ගහං මාතර ගිහින් එනවා කියන එක තරමක වියදමක් යන වැඩක්. අනික තෙල් විතරක් නෙවෙයිනේ, ගෑණිට ඇදුං ආයිත්තං, නව යුවළට තෑගි, ඕවා මේවා ආවම මෑන් කලේ හොදම විසදුම උන තෙල් වියදම බෙදා ගැනීමේ පදනමට කාකාට කතා කල එක.

    කකා මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් බස් එකේ යන්න ගත්ත තීරනෙත් හරි, අහම්බයකින් චාන්ස් එකක් වැදිලා කාර් එහෙක යන්න පුළුවන් උනත් ආපහු එද්දි සෙත්සිරි තමන්ව දාගෙන යයි කියලා හිතපු එකයි මං හිතන්නේ වැරදි. තෙල් වියදම බෙදා ගන්න අකමැතිනං කාර් එකේ ඉඩ තිබුනත් තව කෙනෙක්ව දාගෙන යා යුතුමයි කියලා නීතියක් නැහැනේ. අනික කලින් තෙල් වියදම බෙදාගෙන එන්න හිතපු වෙලාවේ මෑන් කෙලින්ම මාතර ගිහින් එන්න හිතුවට පස්සේ අතින් තෙල් ගහං යන්න වෙද්දි තව ඒ ගමනට මොන මොනවා එකතු උනාද කවුද දන්නේ. මංනං කියන්නේ කාකා අනියම් වාසියක් බලාපොරොත්තු විමයි මෙතනදී වරද. ඒත් ඉතිං එක අතකින් කාකාට උනත් දොසක් කියන්න බැහැ. මොකද කාකාත් නැති බැරිකමට කරපු දෙයක් නිසා.හැබැයි ඉතිං නැති බැරිකම කියන්නෙත් කාගෙන්වත් පිනා චාන්ස් වැදීමට හේතුවකුත් නෙවෙයි.

    ReplyDelete
  34. මං සෙත්සිරි නම් අනිවාර්යෙන් කතන්දරට කොළඹ යන්ට කතා කරනවා.

    ReplyDelete
  35. මං සෙත්සිරි නම් අනිවාර්යෙන් කතන්දරට කොළඹ යන්ට කතා කරනවා.....

    ReplyDelete
  36. මේ විදියට ලොකු දුරකට පෙට්‍රල් බෙදාගන්න කතා කරපු එක මොකක්ද... මං දන්න ගොබිලියක් පේරාදෙණියෙ ඉඳල කෑගල්ලෙ වෙඩිමකට යන්නත් ඔය ආරාධනේම කළාලු යාළුවන්ට..!!! එයත් වාහනේ ගන්නෙ සල්ලි තියෙන හින්දනෙ... අනිත් අයට වාහන නැත්තෙ සල්ලි නැති හින්දනෙ... ඒ කතාව වෙනකොට නං පැට්ටෝල් රුපියල් සීය පැනල!

    ReplyDelete
  37. කාර් එකකට තනියම තෙල් ගහන්න බැරිනම් කාර් එකක් ගත්තෙ මොකෑ.
    අපිනම් සිකුරාදා ගෙදර එනකොට කාගෙහරි වාහනයක් හම්බුනොතින් ඒසී බස්එකේ ටිකට් එකේ ගාන එකතු කරලා දෙනවා. මොකද අපි බස් එකේ ආවත් ඒ ගාන වියදම් වෙනවා. ඒ මුදල අපේ කෙනෙකුට දෙන එක ගැන අපිට දුක නෑ. එ්ත් බැංකුවේ වාහනයක් හම්බුනොත් සල්ලි දෙන් නෑ. මොකද ඒ වාහනේ ට කොහොමත් යන ගමන යන්න ඕන තරම් තෙල් ගහගන්න බැංකුව වියදම් කරන නිසා කාටවත් වැඩි වියදමක් දරන්න වෙන් නෑ.

    ReplyDelete
  38. උන්ට කාර් ගන්න සල්ලි තියෙනවා පෙට්රල් ගහන්න සල්ලි නෑ . අපිට කාර් ගන්න සල්ලි නැ පෙට්රල් ගන්න සල්ලි තියෙනවා !! ඒකයි වෙනස.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.