Friday 11 October 2013

චේ ගුවේරා සමග ජීවිතේ මල් - Close to heart


අපේ සීයලා ගේ කාලේ, ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ විතර, අණුවන වැඩිහිටියෝ ඕනෑම රැඩිකල් හෝ නාහෙට අහන්නේ නැති හෝ තරුණ අයෙකුට බැණ වැදිලා තියෙන්නේ මුං සමසමාජකාරයෝ කියලයි.

ඒකට හේතුව ලංකාවේ තිස් ගණංවල යුධ විරෝධී, අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරය හරහා ඇරඹුණු සමසමාජ සමාජවාදී දේශපාලනයයි.

පස්සෙන් පහු හැත්තෑ ගණං වෙනකොට ඔය කතාව මුං චේගුවේරාකාරයෝ කියලා වෙනස් වුණා.

ඒකට හේතුව පසුකාලෙක යුධවාදී වෙලා මානෙල් මල් විකුණපු ජේවීපීයේ මුල් කාලේ තිබුණු ජාතිකවාදී ව්‍යාපාරයයි.

ජවිපෙ 1971 දී පොලිසිවලට කරපු පහරදීම් චේ ගුවේරා ඉස්ටැයිල් එකේ ඒවා කියලයි නම් පටබැඳුනේ.

චේ ගුවේරා කියන්නේ ජවිපෙට විතරක් අයිති වෙළද නාමයක් නොවෙයි.

චේ ගුවේරා ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවාටත් අයිතියි. ඒ වගේම මටත් අයිතියි.

ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ගේ ලොගෝ එකේ චේ ගුවේරා ඉන්නවා.

මගේ ටී ෂර්ට් එකතුවේ ටී ෂර්ට් තුනකම චේ ගුවේරා ඉන්නවා.

සියල්ලන් ගේ දැන ගැනීම සඳහා මෙන්න ඒ ටී කමිස තුන.




ඔය කමිස පොඩි වෙලා වගේ පේන්නේ නං අර කලින් දවසක කියපු මැදපු කමිස මොකුත් නැති කේස් එක නිසයි!

මොටෝ බයික්කක් තිබුනානම් මටත් තිබුනා ඔය ටී ෂර්ට් එකක් ඇඳන් රවුමක් යන්න. හැබැයි වෙන පාරක.

හැබැයි කවද හරි දවසක මං කොළඹ තියෙනවාය කියන චේ ගුවේරා බත් කඩේට යනව නං ඔයින් ටී ෂර්ට් එකක් ඇඳන් යන්නයි ඉන්නේ.

මට මේ වචන ටික ලියන්නට හිතතුනේ ලූප්-හෝල් බ්ලොග්කරුවා විසින් ලියන ලද මෙන්න මේ කයි-කතන්දර දෙක කියවීමෙන් පසුවයි.

1. චේ - මාර ආතල් ඕයි
2. CHE Mimics

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය බලා කේන්තියෙන් පුපුරණ අය වෙතොත් ඒ අයට මෙන්න මගේ සරොං කලෙක්ෂන් එක ගැන කතන්දරයක්.
"වාර්ෂික තොග ගණං බැලීම නොහොත් ගෙජ්ජි සරම් (ඡායාරූප සහිතයි)"
http://kathandara.blogspot.com/2012/05/sunday-special-extra-photos-included.html

ඒ සරොං කතන්දරේ බැලුවායින් පස්සේත් තවමත් කේන්ති නං මෙන්න මේ කතන්දරේත් බලන්න.
http://kathandara.blogspot.com/2012/06/practical-solution-to-burning-issue.html

(image: )

64 comments:

  1. ඒකත් එහෙමද
    ගොං කෙන්ජි@japan

    ReplyDelete
    Replies
    1. හැක්....හැක්....

      Delete
    2. මගේ උපාය මාර්ගයන් උගෙන පෙරට පැමිණීම ගැන මට හරි සතුටක් දැනෙනව,
      ගොං කෙන්ජි@japan උඹ ගැන.

      Delete
    3. කවුරු හරි පාන්දරම නැගිටලා වගේ!

      Delete
  2. ජෙප්පො දැන් චේව විකුණන් කන්න හදනව.

    ReplyDelete
    Replies
    1. චේ ගුවේරා කාරයෝ!
      මතක්කරන්නෙපා.

      Delete
    2. MATHAK KARANNA EPA KIYANNE, APIDA MATHAK KERUWE

      Delete
    3. කකා කිව්වෙ ලංකාවෙ චේ ගෙ නමින් වැඩ කරන එවුන් ගැන බං.
      පෝස්ට් එකෙන් කියන්නෙ වෙන කතන්දරයක්.

      Delete
    4. ෙජප්ෙපා් ෙච් විකුණන් කෑවට ෙමාකද ෙබාල අපිට විෙස්. අනිත් උන් අපිව විකුණෙගනෙන් කන්ෙන්. අංක ඒෙකන්ම ඉන්නවා ෙනාවැ සාටක....... කට කට වහගනින් මෙග් කට.

      Delete
  3. කකාගෙ මැදපු කමිස තුන නැද්ද

    ReplyDelete
    Replies
    1. මැදපු කමිස කිසිත් නැති එකේ රහස මෙන්න.
      http://kathandara.blogspot.com/2010/10/blog-post_31.html

      !!!

      Delete
  4. අනේ මමනම් චේ ගුවේරාගේ කතාවල පරිවර්තනයක්වත් කියවලා නැහැ. චේ ගුවේරාගේ දර්ශනය කියන්නේ මොනවගේ එකක්ද කියලා දන්නෙවත් නැහැ. ඒ වුනාට මගේ අවජාතක කම පෙන්වීම සඳහා මම කරන්නේ නොදන්නා පුකවල් ගැන කොමෙන්ට් දැමීම.

    ReplyDelete
    Replies
    1. ඔබ ඇණයක් වෙන්නයි යන්නේ මට පේන විදියට.

      Delete
    2. කකාට කොහෙන් හරි දෙයියනේ කියල සීසන් එකකට මේවගේ යාලුවෙක්ව සෙට් වෙනවමයි නේද

      Delete
  5. Certainly one of the most influential (especially after his death!) and remarkable persons of the 20th century. However, I personally am wary of hero worship (especially of politicians about whom I have no first hand experience/knowledge). I might be in the minority but I think there was quite a lot of inflating propaganda after he was executed by the Bolivians + CIA. The world was in love with socialist revolution/rebellion at the time.

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
      -මගේ ආච්චී නිතර කියූ කීයමනක්

      Delete
    2. ලියන්නා කෙසේ ලිවත් කියවන්නා සිහි බුද්ධියෙන් කීයවිය යුතුයි. =)
      Entire line copy & paste! U happy ක.සු.ජා.ස.?

      Delete
  6. ඔයාගේ පෝස්ට් එක අප්ඩේට් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. කොහොමහරි කමන් නෑ ආවනේ.. ඇවිත් හිට් එකක් දාලා කමෙන්ට් එකෞත් දුන්නනේ.
      කකාට ඒ ඇති.....

      Delete
    2. ඔබට ඉතාමත්ම ස්තුතියි පොඩි කුමාරිහාමී.

      Delete
  7. අදත් ඉතින් පෝස්ට් එකක් කියලා එකක් ලියලා !
    හෙට පෝස්ට් එකට කකාගේ කලිසං වල ෆොටෝ දාන්ඩ... ඊට පස්සේ ලියන එකට බිකිනි ජොක්කු කලෙක්ශන් එකේ ෆොටෝ දාන්ඩ... !!!!

    අපොයි අපේ සුපියල් පහ !

    ReplyDelete
    Replies
    1. කලිසමක් ගැන කතාවක් ලඟම එනවා. එතෙක් මේ කතන්දරය කියවන්න.

      ඔබේ කලිසමේ නම මොකක්ද?
      http://kathandara.blogspot.com/2010/11/blog-post_06.html

      Delete
    2. ජොක්කු ෆොටෝ සහ වර්ගීකරණය ගැන මාතලන් ගේ ලිපිය බලන්න.
      http://maathalan.blogspot.com/2012/02/mens-underwear.html

      Delete
  8. කකා පොටෝ ගහලා තියෙන්න ටිශර්ට් හැ(න්)ගර් එකේ කොක්ක ජනෙලේ නූලේ එල්ලලද?

    ReplyDelete
    Replies
    1. ෂාහ්, මයියා ඔයා නං මාරයි, නිකං ෂර්ලොක් හෝම්ස් ගේ මුණුබුරා වගේ.

      Delete
  9. කකා දැං අඳින ඒවද නැත්තං ඒ කාලේ ගත්ත ඒවද? දැං නං අඳින්ඩ එපා කකා.නාකි මිනිස්සු ඔය පොඩි ගැටව් අඳින ඒව්වා ඇඳං පාරෙ යනකොට හරි අජූවයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම හිතන්න ඇති කොල්ල කාලේ, නමුත් ඔබත් මගේ වයසට ආවාම තේරේවි ඒ සිතුවලිල්ල මොන තරම් විහිළුවක් ද කියලා!

      Delete
  10. KAKA GE HADU SHIRT MOKATADA APATA PENWANNE.

    ReplyDelete
  11. \\\\ හැබැයි වෙන පාරක.\\\\\\\\

    ++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. අපි යන්නේ කොයි පාරේ?
      Autoroute du Nord Paris Porte de la Chapelle - Lille

      Delete
    2. je l'ai vu avant.. mais merci kakaa..

      Delete
  12. චේගුවේරා නිසා කකාගෙන් මට ප්‍රචාරයක් ලැබුණි. ඒ නිසා චේගුවේරාටත් කකාටත් දෙන්නටම ස්තුතිය .

    ඇත්තටම මම චේ ට කැමතිවුනේ උසස්පෙළ කාලයේදීය .අපි උසස්පෙළ කරද්දී අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව නාට්‍ය හා රංගකලාව සර් ආට් කාරයෝ කොච්චර හිටියත් වැඩි බජනය තිබ්බේ අපේ මැත්ස් පන්තියත් එක්කය. සර් මුලින්ම හැදුව වේදිකා නාට්‍යය පිටගම්කාරයෝ ය. ඒක තනිකරම චේ චරිතය අනුසාරයෙන් හදපු නාට්‍යයකි. එහි රඟපෑමට දායක්වුනේ කොතරම් ආටෝ හිටියත් මැත්ස් ක්ලාස් එකේ අපි අපිය.
    ඒ කාලේ නාට්‍ය රිහසල් ඉවර වී රාත්‍රී හත පමණ වනතුරු සර් අපිට චේ ගැන කියාදුන්නේය. අපිට නොදනුවත්වම් අපි චේ ට ආදරය කලෝය.
    ආජන්ටිනාවේ ඉපිද කියුබානුවන් වෙනුවෙන් ජීවිතය කැපකර බොලීවියාවේ මියගිය චේ කෙරෙහි අපේ හිත තුල ගෞරවයක් ඇති කරන්නට සර් සමත්විය.
    සියල්ලටම වඩා චේ යනු එදා මෙදාතුර ලොව පහලවූ ආකර්ශනීයම පින්තූරයට හිමිකම් කියන මිනිසාය කියා මට හිතෙන්නේ චේ යනු කවුදැයි නොදත් අයත් ,සියල්ල දත් අයත් චේ ගේ පින්තූරයට අසා කරන නිසාය.
    හැබැයි චින්තක ගීතදේව මේ කියන කතාවත්ඇත්තය
    මේ පොස්ටුවෙදී මාවත් මතක් කර ලිකුවක් දැමීම ගැන ඉතාම ස්තුතියි කකා

    ReplyDelete
    Replies
    1. සීයට අනූවක් විතර ත්‍රීවීලර් වල චේ ගෙ පින්තූරෙ ගහල තියනව. ඇයි කියල දන්නෙ නෑ.

      Delete
    2. මට මේ වචන ටික ලියන්නට හිතතුනේ ලූප්-හෝල් බ්ලොග්කරුවා විසින් ලියන ලද මෙන්න මේ කයි-කතන්දර දෙක කියවීමෙන් පසුවයි.

      1. චේ - මාර ආතල් ඕයි

      2. CHE Mimics

      ඒ සමගම ඉවාන් පවුලූෂාටත් ස්තුතියි.

      Delete
    3. චින්තක ගීතදේව.
      A great singer

      Delete
  13. අද නම් පෝස්ට් එක මාර රහයි නං !
    මේ පෝස්ට් එක දැනුම සාගරයක් ! දිගටම මේවම ලියන්න.. අපි කියවන්න එනවා !

    ReplyDelete
  14. ඉංජිනේරු පීඨයේ කකාගේ ඊ නම්බර් එකේ (රෙජිස්ට්‍රේශන් නම්බර් එක) ඉදං පවුලේ විස්තර දක්වා අපි හොයාගෙන ඉවරයි. අර වීඩියෝ එකත් එක්කම හැම විස්තරයක්ම අපි එකතු කරනවා. කකා වගේ බෞද්ධ ආගමට විරුද්ධව කතා කරන අයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පවා යන්න අපි සූදානම් !

    ඒ වගේම තව දෙයක් තමා කකා බහු ජාතික සමාගමක අත කොලුවක් වෙලා ඉවරයි කියලත් අපි හොයාගෙන ඉවරයි. ඒ බහු ජාතික සමාගම ගහන පදයට නැටවෙන රූකඩයක් වෙලාත් ඉවරයි කියලා අපි දන්නවා. ඒ නිසා අපිට බොරු කරලා පැනලා යන්න හදන්න එපා.

    කකාගේ නිව් සවුත්වේල්සයේ ඇඩ්‍රස් එකත් අපි ලග තියෙන බව අන්තිමටම අවධාරණය කරන්න කැමතියි !!!

    ReplyDelete
    Replies
    1. මගේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අංකය, ලිපිනය, පවුලේ විස්තර, දුරඛතන අංකය් හෙම ඇයි ණැතිවෙලා තිබුණාද ඇනෝ හොයා ගත්තේ ඔච්චර අමාරුවෙන්?

      ඔය විස්තර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ.

      මට ඕනෑ අය සැක්ස් වීඩියෝ එක බලන්නයි. අනේ ඒක ප්‍රසිද්ධ කරන්න කෝ මෙයා, ප්ලීස්!

      Delete
    2. මං බටහිර සමාගමක අතකොළුවක් වෙලා තමයි බ්ලෙග් ලියන්නේ. ඒකේ නම ගූගල්.

      ඇනෝ රූකඩේ වෙන්නේ මයික්‍රෝසොෆ්ට් එකේද?

      Delete
    3. මෙවැනි හදිසියේ එල්ල විය හැකි ඇනෝ ප්‍රහාර පිලිබඳව කසුජාස නායකත්වය ප්‍රමුඛ සාමාජිකයින් නිරන්තර අවධියෙන් සිටින බව අප විසින් පැවසිය යුතු ය. මේ දිනවල මෙම ඇනෝගේ අන්තර්ජාල ලිපිනය (IP) සෙවීමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර දැනටම ඔහු සිංහල භාෂාව දන්නා ලාංකිකයෙකු බව සොයාගෙන ඇත. එසේම ඔහු කොළඹ සරසවියේ යුනිකේත පරිවර්තකයේ සහයෙන් හෝ qsfox නම් ෆයර් ෆොක්ස් ඇඩෝනයෙන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ඇප් එකක ආධාරයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ සිංහලෙන් කමෙන්ට් කරන බවද සොයාගෙන ඇත.

      ඔහුගේ අන්තර්ජාල ලිපිනය (IP) සොයාගත් වහාම ඔහුව නීතිය හමුවට ගෙන එනබවට අපි ප්‍රතිඥා දෙන්නෙමු.

      එතෙක් අපි කකාගේ නිවස පිහිටි ස්ථානයේ වැලි කොට්ට අතුරා ආරක්ෂක වැටක් ඉදි කරමින් පවති. මීට අමතරව කකාගේ නිවසට හැරෙන නිව් සවුත් වේල්ස හන්දියේ මාර්ග බාධක අටවා සෑම වාහනයක්ම පරික්ෂා කිරීමටද කටයුතු කරමින් සිටී.

      ඉදිරියේදි විෂ කැවූ ලියුමකින් කකාට විය හැකි අනතුරක් සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා ඔහුට ලැබෙන සියලුම ලියුම් කඩා පරික්ෂා කිරීමටද අප විෂ විද්‍යාඥයින් සූදානම්ව සිටී. මීට අමතරව දුර සිට එල්ල විය හැකි ස්නයිපර් වර්ගයේ අවි ප්‍රහාර පිලිබඳවද ඉදිරියේදි අප පරික්ෂාකාරී වීමට බලාපොරොත්තු වෙමු !

      මම
      කකා සුරැකිමේ ජාතික සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක
      ඕස්ට්‍රිලියාවේ නිවු සවුත්වේල්සයේ සිට....

      Delete
    4. ඔබ සංවිධානය ගත් කඩිනම් පියවරට මාගේ ප්‍රණාමය.!

      Delete
    5. අපේ ක්‍රියාදාමය අගයකිරීමට ස්තූතියි

      කසුජාස කවදත් කකා සමගයි !

      කනිටු සාමාජික
      ක.සු.ජා.ස.

      ----------------------------------------------
      ඔබ සති අන්තය ගත කිරීමට මීමුරේ යනවා නම් නොදන්න ඇල දොළ වලින් නාන්න එපා. නොදන්න කැහැටු වඳුරන්ට ඔබේ දුව,බිරිඳ.අම්මා හෝ මිත්තනියව පෙන්වන්න එපා. ඔබේ මුදල් පසුම්බිය ගැන සැලකිලිමත් වන්න.
      එහෙම කලොත් ගෙදරින් යද්දි තිබ්බ සතුටම එනකොටත් තියේවි...

      මෙය සෙලින්කෝ රක්ෂණ සමාගමෙන් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි.

      Delete
    6. චේ වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට වඩා කකා වෙනුවෙන් පෙනී ඉන්න කසුජාස යමක් කරනවා.

      Delete
  15. මෙම තර්ජනය පිළිබඳව ක.සු.ජා.ස. විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය ගැන දැනගන්න කැමතියි කතන්දර බ්ලොගයේ පාඨකයෙක් විදිහටත් බ්ලොග් අඩවියක හිමිකරුවෙක් විදිහටත්. මොකද අපිටත් මේ වගේ තර්ජන එල්ල වෙන්න පුළුවන් නෙව..

    ReplyDelete
    Replies
    1. මෙවැනි හදිසියේ එල්ල විය හැකි ඇනෝ ප්‍රහාර පිලිබඳව කසුජාස නායකත්වය ප්‍රමුඛ සාමාජිකයින් නිරන්තර අවධියෙන් සිටින බව අප විසින් පැවසිය යුතු ය. මේ දිනවල මෙම ඇනෝගේ අන්තර්ජාල ලිපිනය (IP) සෙවීමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර දැනටම ඔහු සිංහල භාෂාව දන්නා ලාංකිකයෙකු බව සොයාගෙන ඇත. එසේම ඔහු කොළඹ සරසවියේ යුනිකේත පරිවර්තකයේ සහයෙන් හෝ qsfox නම් ෆයර් ෆොක්ස් ඇඩෝනයෙන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ඇප් එකක ආධාරයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ සිංහලෙන් කමෙන්ට් කරන බවද සොයාගෙන ඇත.

      ඔහුගේ අන්තර්ජාල ලිපිනය (IP) සොයාගත් වහාම ඔහුව නීතිය හමුවට ගෙන එනබවට අපි ප්‍රතිඥා දෙන්නෙමු.

      එතෙක් අපි කකාගේ නිවස පිහිටි ස්ථානයේ වැලි කොට්ට අතුරා ආරක්ෂක වැටක් ඉදි කරමින් පවති. මීට අමතරව කකාගේ නිවසට හැරෙන නිව් සවුත් වේල්ස හන්දියේ මාර්ග බාධක අටවා සෑම වාහනයක්ම පරික්ෂා කිරීමටද කටයුතු කරමින් සිටී.

      ඉදිරියේදි විෂ කැවූ ලියුමකින් කකාට විය හැකි අනතුරක් සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා ඔහුට ලැබෙන සියලුම ලියුම් කඩා පරික්ෂා කිරීමටද අප විෂ විද්‍යාඥයින් සූදානම්ව සිටී. මීට අමතරව දුර සිට එල්ල විය හැකි ස්නයිපර් වර්ගයේ අවි ප්‍රහාර පිලිබඳවද ඉදිරියේදි අප පරික්ෂාකාරී වීමට බලාපොරොත්තු වෙමු !

      මම
      කකා සුරැකිමේ ජාතික සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක
      ඕස්ට්‍රිලියාවේ නිවු සවුත්වේල්සයේ සිට....

      Delete
    2. කා.පු.දෙ.ස එකෙන් දැනටමත් අදාල පාර්ශව දැනුවත් කරලා තියෙන්නේ........!

      Delete
    3. කතන්දර පිල්ලිය :

      ඔබ පිලිබඳව අප සංගමයට ලැබී ඇති පොතතුරු සියල්ල ඔබට සුබදායි ඒවා නිවන බැවින් ඔබටද කරන අනතුරු ඇඟයිමයි මේ. කකාට නිරන්තර එල්ල කරන නිර්දය පරිභව වල අන්තිම ප්‍රථිපලය ඔබේ වෘෂණ කෝෂ දෙක අහිමි වීම විය හැකි බැවින් ඔබද ප්‍රවේසම් වී සිටිනු !

      ඔබේ වෘෂණ කෝස දෙක ඩැහැගැනීමට අප සංගමයේ පුහුණු කල උකුස්සන් ඉතාම සුපරික්ෂාකාරිව පසුවන බව සිහි තබා ගනු !

      ආරක්ෂක ලේකම්
      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    4. ක.සු.ජා.ස. මාර ආතල් ඕයි .......!

      Delete
    5. කසුජාස වගේ එකක් අපේ රටට අදාලව හදන්න බැරිද? කසුජාස පටස් ගාලා රි ඇක්ෂන්.ඒකයි වටින්නේ.

      Delete
    6. මචං සයිලන්ට්. මම ක.සු.ජා.ස. කලින් අදාල අයෙග් පුකත්වය ෙහලි කරනවා. සාක්ෂිද අැතිව.

      Delete
    7. මචං සයිලන්ට්. මම ක.සු.ජා.ස. කලින් මමත් ඔය වෙග් තව ඒෙකකුෙග් පුකත්වය ෙහලි කරනවා. සාක්ෂිද අැතිව.

      Delete
  16. Replies
    1. චේ ට ගෙයක් තිබුනද කියලද අහන්නේ. ඔව් තිබුනා. චේ ගේ ගේ චේගේ

      Delete
  17. හුග්, මේවා බලන අපිට ඉතින් කියන්න තියෙන්නෙ.....

    චේ පපුවේ මොළේ පුකේ කියලා තමයි.....

    නැත්නම් අවුරුදු පනහ පැන්න නාකි හුටන් ලා මෙව්වගේ ටී ශර්ට් අදියි යැයි..... නිසි කලට නිසි දේවල් නොකිරීමේ පල විපාක තමයි මේ...... ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ තවත් අදුරු පැති කඩක්.... පව්....

    පනහ කිට්ටු වෙනකොට උස් මහත් වෙච්ච ඉලන්දාරියෙක් හිටියනම් ඔව්වා වෙන්නෙ නෑ

    ReplyDelete
  18. ලංකාවෙ දැන් චේ සේල් වෙන්න ත්‍රී වීල් වල පිටිපස්සෙ සීට් කවරෙට....

    ReplyDelete
  19. කකා......මම හිතුවේ චේව විකුනන්නේ චේව දන්නේ නැති අයයි කියලා.....බලන් යනකොට දන්න අයත් චේව විකුණනවනේ. දැන්නම් හොඳටම පිස්සු.

    ReplyDelete
  20. ලෝකේ වැඩියෙන්ම මාකට් කරන මනුස්සයා!

    ReplyDelete
  21. අදනම් පිස්සු හැදෙනවා හිනාවෙලා පසු කතා කියවලා. චේ ගැන කතා කරන්න වත් මතක නැති වෙනවා

    ReplyDelete
  22. නොදන්නා දේවල් ටිකක් ඉගෙන ගත්තා ,, මතක හිටීවි ගොඩක් කරුණු ,ලියලා තියෙන විදිය නිසා ස්තුති

    වෙනද වගේම කොමෙන්ට් බලල හොද මෙවුවා එකක් ගත්තා හි හි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.