Monday 15 July 2013

හරියටම අවුරුද්දකට පසු "සුඋදිවේකහා" කේස් එක නැවතත් ඇවිල්ලා! - HBDKH returns in verse!


දින තුනක ට්‍රිප් එකකින් පස්සේ වැඩ ගොඩවුණු හින්දාත් තවත් කේස් එකක් හින්දාත් මේ කවි ටික ලියලා පල කරන්නත් වෙනදාට වඩා පැය එකොළහක්ම පරක්කු වුණා.

ඒ කේස් එක (සුඋදිවේකහා) මොකක්ද කියලා දන්නෝ දනිති.

අද පෝස්ටුවේ අග හරියේ ලින්ක් එකක් ද ඇත!

සුඋදිවේකහා

නෙත ගැටුණ දා විසි එක් වසරකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙම බව දැන ගත්තෙමි එවර

යා දෙක රතය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුරම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දිනම

හෝරා අටක් මහජන සේවය සලසා
දිව විත් නිවස වෙත නොමගෙන කිසි වෙහෙසා
පිස දෙයි අමරසැති අහර ද මා සනසා
ඔබ දෙව්දුවකි මට නැත කිසි ලෙස කුකුසා

දින පෙර ලෙසින හෙට දිනයෙද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යලි යලි සසරේ බැඳෙමු


-කතන්දරකාරයා

මෙන්න ගිය අවුරුද්දේ කතන්දරේට පාර:
http://kathandara.blogspot.com/2012/07/hbd2ukh.html


(image: http://ashfaqueshah-photography.blogspot.com.au/2011/07/i-will-love-you-forever.html)

68 comments:

  1. Replies
    1. මෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?

      http://avajathaka.blogspot.com

      Delete
  2. //යන දිනයක එකට අපි දෙව්ලොවට යමු//
    ගව මස් බුදින්නේ
    දෙව් ලොව නොයන්නේ....

    ReplyDelete
    Replies
    1. කකා ගව මස් කනවද ? හෑ...
      ඒ කියන්නේ කකා කැනිබල් කෙනෙක් !!!

      Delete
    2. ඔව් තමුන්ගෙ ජාතියේම මස් කන්නේ කැනිබල්.

      Delete
    3. ගෙරි මස් කෑවද බලු මස් නොකමි!

      Delete
  3. එලොව කෙසේ වෙතත්, මෙලොව තවත් දීර්ග කාලයක් සතුටින් පිරි ජිවිතයකට ආසිරි කකා!

    ReplyDelete
    Replies
    1. කොහේ හිටියත් ජොලියෙන්!

      Delete
  4. අප්පමාදෝ අමතපදං.....

    කොමෙන්ට් වෙලාවට පබ්ලිශ් කරන්නෙ නෑ... පව්....

    අපි කිව්වා අපිට පාස්වර්ඩ් දෙන්න කියලා... කෝ ඇහුවද? මොකද අපි කලුද?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.
      කකා පිඳුරු කන්නෙත් නෑ. කන ඇනෝලට දෙන්නෙත් නෑ.. හුක්කි හුක්කි හූ.....

      කලාවේ නරියා

      Delete
  5. කකා...වැල හොඳට සරුවට වැවෙන්න නම් ඕනෑ නිවැරදි අතට මැස්ස ගැසීම කළ යුතුයි නේද?

    ReplyDelete
  6. ඇනිවසරියද කකා??

    ReplyDelete
    Replies
    1. යකෝ... ගෑනිගේ බර්ත්ඩේ එක !

      Delete
  7. කකා...අපි බෙහෙවින් අකමැති වූ පමණින් නීති ගෙනැල්ලා මිනිස් ස්වභාවය වෙනස් කරගන්න බැරි වුන බව මිනිසාගේ මුළු ඉතිහාසය පුරා ඔප්පු කරලා තිබ්බට කෝ පාඩමක් ඉගෙන ගන්නවා ද?

    ReplyDelete
  8. එහෙනම්, කතන්දරහාමිනේට සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
  9. Wow very Romantic All the best mate

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා?
      තෑන්කියු!

      Delete
  10. වෙලාව මාරු උනාද?

    ReplyDelete
  11. දෙන්න එකට ගියාම දරු දෙන්නට කාගේ පිහිට?

    ReplyDelete
    Replies
    1. දැම්ම නොවෙයි, තව අවුරුදු පනහකින් විතර!

      Delete
  12. යාන්තං පහුගිය අවුරුද්දේ ලින්ක් එකෙන් උපන්දිනේ විත්තිය හොයා ගත්තා..
    කතාන්දර හාමිනේට සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයිජින් සාන්!

      Delete
  13. කතන්දර හාමිනේට සුබම සුබ උපන් දිනයක් වේවා...!

    ( නෝනේ ඔයාවත් කියන්නකෝ අපිව රෝලේ එල්ලගන්න කියලා )

    ReplyDelete
    Replies
    1. යකෝ කකා!
      දැන්වත් ගෑණිගේ උපන් දිනේ කියලාවත් සයිලන්ට් සහන්, මාරයා, කැනහිලා..(ආහ් සොරි එහෙම එකෙක් නැහැනේ)ඇල්කෙමියා රෝලේ එල්ලාගනින්.

      Delete
  14. සුබ උපන්දිනයක් වේවා කතන්දර හාමිනේ !!!

    ReplyDelete
  15. කකා, වෙලාවක් තිබ්බොත් අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න.
    http://sinhalapothak.blogspot.com/2013/07/bambarawile-holmana.html

    ReplyDelete
  16. අද උදෙම්ම කොල්ලෙක් එක වෙන්න කියලා ඔෆිස් ආවා.
    තව පොඩ්ඩෙන් ඌ වාහනේට යට වෙලා මැරෙනවා.
    කකාට දුක නැද්ද ඒ කොල්ලා ගන. ඌත් ආසයි කකාගේ බ්ලොග් එකේ එක වෙලා බලන්න.

    ReplyDelete
    Replies
    1. අදත් උදේම ආවා බන්... ඒත් එක වෙන්න නෙවෙයි... රිපෝට් එකක් තියනවා දෙන්න... 9.30ට සයිට් යන්න තියනවා... අද දවසටම මෙච්චරයි කොටන්න වෙන්නෙ...
      ඈම් රියලි සොරි කකා....

      Delete
    2. කරුමෙ කියන්නෙ සයිට් වැඩේ කොට උඩ.... ඔන්න කකා මම ආවා.... කකා අධිමානය පැත්තක තියලා අර මිනිස්සු කරපු ඉල්ලීම සලකලා උන්ව බ්ලොග් රෝලට දාගන්න...

      අං දික් වෙච්ච ගෝණා වගේ ඔලුව කෙලින් තියන් හිටියට විතරක් සමාජයෙ ජීවත් වෙන්න බෑ....

      Delete
    3. ඇයි බං මාත් උදේ ඉදන් දාකහ් වැඩ තිබ්බත් ඒ ඔක්කොම පැත්තකට දාලා කකාගේ බොගේට කමෙන්ට් කොට කොටා ඉන්නවා. එහෙම කැපවීමකින් කමෙන්ට් කරලත් කකා ඒවා වෙලාවට පබ්ලිශ් කරන්නෙත් නෑ. මුට මක්ක වෙලාද මන්දා

      සංගණන ඇනෝ

      Delete
    4. අපි රස්සාව උකසට තියලා කමෙන්ට් කෙටුවට අම්මාපල්ල...කකාට වගේ වගක් නැතුව ඉන්න හැටි විතරක් !
      හොට කපපු පැස්බරා !!

      Delete
    5. මාත් ජොබ් එකක් කරන බව අමතකද?

      Delete
  17. කකා,
    මගේ යතුරු හිලේ ප්‍රශ්නයට උත්තරයක් තාම ලැබුන් නෑ. ප්‍රශ්නය අමතක නම් මම ප්‍රශ්නය මෙතන අලවන්න ද ?

    ReplyDelete
    Replies
    1. කකා, මට මාර ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
      මම ඊයේ ටිකක් රෑ වෙලා බෝඩිමට ආවා. එනකොට ඒ පැත්තටම කරන්ට් ගිහින් තිබ්බේ. එක අතකින් බඩු මල්ලක් තිබ්බා. අනෙක් අතේ යතුර. මම යතුර අතට අරන් කළුවරේම යතුරු හිල හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. සෑහෙන ගේමක් දීලා තමා හිල හොයා ගත්තේ.
      කකාටත් එහෙම වෙලා තියෙනවද ?

      Delete
    2. ඕවා ගිහින් කියන්න අර ආන්ටි ඇගොනි වගේ අයට!

      Delete
  18. මට ප්‍රශ්නයක් තියෙනවා කකා.
    කකා අපි බුද්ධියෙන් මුහුකුරා ගියහම කොණ්ඩේ යනවා කියන කතාව ඇත්තක් ද ?

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම කොණ්ඩේ බූ ගා දැමීම තමයි හොඳම ප්‍රතිකර්මය.

      මං නං සතියකට වරක් බූ ගා දානවා.

      Delete
  19. තේරෙන මගුලක් වහෙන් ඔරෝ නැතිව කියන්ට එපෑ මැන්ටල් අපිට.
    කතන්දර තුමියනි;>>ඔ තන්ජෝබි ඔමිදොතෝ ගොසයිමසු<<
    තවත් වසර 50ක් දෙදෙනාට එකට විසීමට අවංක පැතුම්....!!!!

    ReplyDelete
  20. සුබ උපන්දිනක් වේවා කතන්දර අක්කා. මහත්තයාගේ පැතුමත් හොදයි තෑග්ගත් රසවෙයි.. ඒ ගැන පස්සේ කියන්නකෝ කකා.

    ReplyDelete
    Replies
    1. කවි ටික කියවූ ටික දෙනාගෙන් එක් අයෙක් වගේ නලීන්!

      Delete
  21. හරියටම අවුරුද්දකට සැරයක් ඔය කේස් එක ආයෙ ආයෙ එන ‍එකනෙ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි චක්කරේ කියන්නේ!

      Delete
  22. සුභ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  23. කකා... ඉස්සර ගාල්ලෙ තිබුනා මියුසික් ගෘප් හතරක් විතර ගහන්නෙම ඉන්ග්ලිශ් සින්දු විතරයි... වැඩි හරියක් කන්ට්‍රි සෝන්ග්ස්... සුද්දො පුදුම වෙනවා... තාප්පවල එල්ලිලා බලන් ඉන්නෙ.... පිස්සු හැදෙනවා...
    ඒ කාලෙ ආපු සුද්දන්ගෙන් ලන්කාවට එන්න හේතුව ඇහුවාම කියන්නෙ "මන්චී හවායින් කුකීස්" කියලා නෙවෙයි... කන්ට්‍රි සෝන්ග්ස් කියලා....

    ReplyDelete
  24. කකා.. අතීතයේ පටන් සිද්ධාන්තයන් නිශ්ප්‍රභා කළ ෆෙඩරික් බැස්ටියාට්, ලුඩ්විග් වොන් මීසස්, ෆෙඩරික් හයෙක් ගැන සිංහල පරිවර්තන නැහැ. කරුණාකර සුදුසු පියවරක් ගන්න....

    ReplyDelete
  25. කතන්දර හාමිනේට සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්!

      අළුත් ජිවීතය ගැන කතන්දර කෝ?

      Delete
  26. ආනන්දෙ තමයි ඉස්කෝලෙ...

    හැබැයි පාඨක ප්‍රතිචාර පබ්ලිශ් කරන එක වෙලාවට කරන්නෙ නෑ.... පව්....

    ReplyDelete
  27. අපේ කොමෙන්ට් වෙලාවට පබ්ලිශ් නොකර තියන් ඉන්නවට හොදක් වෙන්නෙ නෑ.... හොට කපපු පැස්බරා.....

    ReplyDelete
    Replies
    1. මේකා මටනම් පේන්නෙ හොට කපපු පැස්බරෙක් වගේ නෙමෙයි, හොම්බ කැඩිච්ච ගං කබරයෙක් වගේ.

      Delete
    2. හොට කපපු පැස්බරා !! හොට කපපු පැස්බරා !! හොට කපපු පැස්බරා !!

      Delete
    3. ඔබේ මේ හෝඩියේ පන්තියේ විනෝදයට ඉඩ දෙන්නේ ඉතා සතුටිනි.

      Delete
  28. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 27
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 5
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 13

    ReplyDelete
  29. කතන්ද්‍රිට සුභ උපන්දිනයක්......!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මොකද ගම හාමිනේ ගැන හෝ වෙනත් කිසි දෙයක් ගැන කලකින් කතාවක් නැත්තේ?

      Delete
  30. මට ඩිංගෙක් පැටලෙනවා කකාට කා වෙනුවට හා වැදලයි කියලා. යන්තං ගොඩ ගියා. එහෙනං කකා හාමිනේ අක්කට සුභ උපන් දිනයක්ම වේවා. කකාරයගේ තෑග්ග.. ආ ඒකත් ගන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      වයසට යන කොට ටිකක් ටැපලෙනවා නේද?

      Delete
  31. කකා අපිත් විස් කෙරුවයි කියන්ට

    ReplyDelete
  32. කතන්දර හාමිනේට සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම දෙන්නගේම ආදරේ තව වැඩි වේවා.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.