Friday 10 May 2013

ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe


කියලා වැඩක් නෑ! අන්න බඩු, ඒරොප්පේ කෝච්චි තමයි හලෝ කෝච්චි!

බොරු නං අර හැලපකාරයාගෙන් අහලා බලන්න.

මං පහුගිය අප්‍රියෙල් මාසේ අන්තිම සති දෙකේ විතර ඒරොප්පේ යට හරියේ ඉඳලා මැදක් විතර වෙනකං ගියා කෝච්චියෙන්.

ඒ කියන්නේ රෝමා වල ඉඳලා ෆිරැන්සිවලට, ආපහු රෝමෙට, පස්සේ වැනීසියාවලට, එතනින් මිලානෝ හරහා සූරිච්වලට, එතනින් ෆ්‍රෑන්ක්ෆර්ට්වලට. ෆ්‍රෑන්ක්ෆර්ට් ඉන්න අතරේ හයිඩල්බර්ග් වලට පොඩි ට්‍රිප් එකකුත් ගියා.

ඔය සේරම එකතු වුණාම සුළු පටු දුරක් නොවෙයි කිලෝමීටර් දෙදාහක් විතර. අපි මේ ගමන්වලට දවස් පහක් රටවල් තුනක් ඇතුලේ යන්න පුළුවන් ටිකට් අරගෙනයි ගියේ.

ඇත්තටම කියනවා නම් පොඩි කාලේ ඉඳලාම "කෝච්චිවල" ගිහින් තිබුණට, "කෝච්චිවල" ගියේ මේ ගමන්වලදී කියලා කියන්න පුළුවනි.

වෙලාවට ගමන, ගමන් ආසන, දුම්රිය වැසිකිලි, ආපනශාලා, ගමන් පහසුව විතරක් නොවෙයි ගමන් වේගය වගේ හැම අංගයක්ම සුපිරිම සුපිරියි.

පල්ලෙහා තියෙන ෆොටෝ කෑලිවලින් තරමක් පැහැදිලිවෙයි මේ මං කියපු දේවල්.

අපි ඉස්සෙල්ලාම ගියේ ඉතාලියේ රෝමා ඉඳලා ෆිරැන්සිවලට ගිහින් එන්නයි. මෙන්න අපි ගිය ට්‍රේන්ඉතාලියා කෝච්චිය. කොහොමද නිකං ඇන්ජින් කෑල්ලේ උජාරුව?


මෙන්න කෝච්චියේ සීට්. නිකං ගෙදර වගේ!


ඒ සේරටමත් වැඩිය සිරා කේස් එක තමයි මේක. කෝච්චිය ඇතුලේ හයි කරලා තියෙන ඩිස්ප්ලේවල වැටෙන කෝච්චියේ ස්පීඩ් එක!


මේ ටේ‍ර්න්ඉතාලියා කෝච්චිවලට පැයට කිලෝමීටර් දෙසිය පනහක උපරිම වේගයෙන් යන්න පුළුවනි. අපේ ෆිරැන්සි ගමනේ දී යි, වැනීසියා ගමනේ දී කිප සැරයක්ම පාර හොඳ තැන්වල ඩ්‍රැයිවර්කාරයා ලෑල්ලටම පාගලා 250 ගැහැව්වා.

හැබැයි මං ෆොටෝ අල්ලන් සෙට්වෙන කොටම ආපහු අඩුකරනවා, නිකං පොර මං දිහා බලං ඉන්නවා වගේ!

රෝමා සහ ෆිරැන්සි අතර කිලෝ මීටර් 250 ක දුර විනාඩි අනුවකින් විතර කවර් කරන්න පුළුවනි මේ ට්‍රේන්ඉතාලියා කෝච්චියකට.

ට්‍රේන්ඉතාලියා කෝච්චිවලට අමතරව අපි ස්විට්සර්ලන්ඩ් කෝච්චියකයි, ජර්මානු කෝච්චිවලයි ගියා.

ස්විට්සර්ලන්ඩ් කෝච්චිය නම් හිම කඳු අතරේ ගියේ එච්චර වේගෙකින් නොවෙයි.

ජර්මනියේ අයිස් (ICE: Inter-City Express) කෝච්චි නං පැයට කිලෝමීටර් 300 ක වේගෙකින් යනවාය කියලා අහලා තිබුණත් මේ කෝච්චි ඇතුලේ වේගය පෙන්වන ස්ක්‍රීන් නොතිබුණු නිසා ඒ ගැන නිච්චියටම කියන්න බෑ.

මෙන්න තව ෆොටෝ කෑලි දෙක තුනක්.

මෙන්න ඉතාලියේ දී දැක්ක තවත් අධිවේගී දුම්රියක්.


මේ තව එකක්. මේකේ තමයි අපි වැනීසියා ගියේ.


මෙන්න වැනීසියා කෝච්චියේ සීට්. කොහොමද නිකං ප්ලේන් එකක වගේ නේද?


මෙන්න ස්විට්සර්ලන්තයේ කෝච්චිය.


මෙන්න ජර්මනියේ අයිස් කෝච්චිය. මේක තමයි අර පැයට කිලෝමීටර් 300 ට යනවාය කියන්නේ.


හැබැයි එකක් මතක තියාගන්න.

මේ කොයිම කෝච්චියකවත් ෆුට්බෝඩ් එකේ යන්න නං බෑ. මේ ෆොටෝ එක ගත්තේ කෝච්චිය නවත්තලා තියෙන වෙලාවකයි!


-කතන්දරකාරයා

ප/ලි:
කෝච්චි කෙසේ වෙතත් ඒරොප්පේ රේල්වේ ස්ටේෂන්වල නං ලංකාවේ ඒවාට සමානකම් තියෙනවා.

මං දැකපු රෝමා, ෆැරැන්සි, වැනීසියා, සූරිච්, ෆ්‍රෑන්ක්ෆර්ට්, හයිඩල්බර්ග් ප්‍රධාන දුම්රිය ස්ථානවල මූලික ගොඩනැගිලි නම් හරියටම කොළඹ කොටුවේ නැත්තං මරදානේ ස්ටේෂන්වල සැකිල්ලට සමානයි.

පිටපලාත්වල ස්ටේෂන්වලත් නිකං කොම්පඤ්ඤවීදිය, ගල්කිස්ස වගේ ලුක් එකක් තමයි තියෙන්නේ බැලු බැල්මට!

130 comments:

  1. ඒරොප්පෙ විතරක් නෙමේ ආසියාවෙත් නැතුව නෙමේ හරිය.

    ReplyDelete
    Replies
    1. වැටකුළු වගේද පතෝල....... දෙවරක් වච්චිල්

      Delete
    2. කකාගේ ආරක්ෂාව පිණිස මෙතනින් බාධකයක් දමන්නෙමි.
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^6

      Delete
    3. ඔව් චීනේ ත් තියෙනවා ලු අති සීග්‍රගාමී දුම්රිය. ඇයි ජපානේ!
      මැලේසියාවේත් තියෙනවාද?

      Delete
    4. ඒ රටවල කෝච්චි වතුරෙන්ද දුවන්නේ?නැත්නම් මෙහේ වගේ පාඩුවටමද දුවන්නේ?අපේ රටේ දේශප්‍රේමී නායකයොම ඉන්න නිසාද කොහෙද මොනදේ කලත් පාඩුයි

      Delete
  2. මෙන්න නිර්නාමික පාඨකයෙක් දමා ඇති කමෙන්ටුවක මුල් කොටස.

    මෙහි පල නොකරන කමෙන්ටුවේ අවසන් වැකිය ගැන නම් කියන්න තියෙන්නේ ඔබ දැක ඇත්තේ වැරදි ඡායාරූපයක් බවයි.

    කෙසේ වෙතත් මා කතාබහ කරන විදිය ඔබ දන්නේ කෙසේද කියා දැනගන්න කැමතියි!

    =========================
    Anonymous has left a new comment on your post "ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in E...":

    කතන්දර මහත්තෙයා බොහොම හැන්ඩි මනුස්සයා නොවැ. මම පෙරේදා හවස 9:30 විතර TNL එකේ යන සාකච්චාවක් බලං හිටියා. එතකොට මට මතක් උනේ කකා මහත්තෙයාව. මොකද එකේ හිටපු හාමුදුරුවෝ,මම හිතන්නේ උන්නාන්සෙ වැඩවාසය කරන්නේ බටහිර. අපේ කතන්දර මහත්තෙයා වගේමයි. පෙනුම සහා කතාබහා.

    මම හිතන්නේ කකා මහත්තෙයා මේවගේ ප්‍රසන්න විදියට ඉන්නේ කේන්තිගන්නේ නැතිව බොහොම සාමකාමිව ඉන්නේ නැති හින්දා වෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. පිළිතුරක් ද ලැබුණි!

      ==============================
      Anonymous has left a new comment on your post "ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in E...":

      මම උඩින් දාපු කොමෙන්ට් ඒකෙන කකා මහත්තෙයට හිතරිදුනා නං සමාවෙන්න. මම හිතුන දේ කිව්වේ. මම කියන්න උත්සහා ගත්තේ කකා මහත්තෙයා ප්‍රසන්න විදියට ඉන්නේ කේන්ති ගැනේ නැතිව සුහදව ඉන්න හින්දා වෙන්න ඇති කියලා.එකේදී කියවුන වෙනින් කාරණාවක් හින්දා හිත රිදුනා නං සමාවෙන්න.

      කතන්දර මහත්තෙයාගේ කතාබහ මෙහෙමයි කියලා මම තෙරුම් ගත්තේ මෙයිකේ පොස්ට් බලලාම තමයි. කකා මහත්තෙයා කතා කරපු විදිය ගැන දෙබස් එහෙම දාලා තියෙන්නේ. ඒකෙන.

      මම මේ දැන් වැඩටයන්න සුදානම. පස්සේ එන්නම්.

      Delete
    2. වැඩට ගිහින් එන්න කතන්දර මහත්තයෝ

      Delete
  3. නිර්ණාමිකයා කතන්දර මහත්තයා හාමුදුරු කෙනෙක් කියලා හිතුවාවත්ද? :D

    ReplyDelete
    Replies
    1. කතුවරී, ලේඛිකාවක් කියලා හිතනවද......................?

      Delete
    2. writer: noun

      1. a person who writes or has written something
      2. one who writes in a specified way
      3. a person who writes books etc.
      4. an author

      oh yeah! i think i am a writer. and a good one too!!! :D

      Delete
    3. //oh yeah! i think i am a writer. and a good one too!!! :ඪ්

      අධිමානය !

      Delete
    4. ඕහ්... යෑහ්..බේබි..

      Delete
    5. අනේ කතුවරී, මෙන්න බස මරන්නෝ!
      නැවත අපි ඔයාගේ අලුත්ම පෝස්ට් කටුව "ඈ කවුද" නව කතාව කියවමු.
      http://magenavakatha.blogspot.com/2013/05/blog-post_9.html

      එකේ මේ වචන ටික මේ විදිහට නිවැරදි කරන්න. (මම චුට්ටයි කියවුවේ Ok)
      පුලුවන් - පුළුවන්
      සිනාසුනාය - සිනාසුණාය
      යහලුවන්ගේ - යහළුවන්ගේ
      ගෙතුලට - ගෙතුළට
      ලමයි - ළමයි
      ප‍්‍රශ්නේ - ප‍්‍රස්නේ
      ප්‍රෙසර් - ප්‍රෙෂර්
      වැඩපොළ - වැඩපොල
      පැකිලෙනු - පැකිළෙනු
      නැගුණද - නැගුනද
      ප‍්‍රශ්ණය - ප‍්‍රශ්නය
      (මම විචාරක සර් නොවේ)

      Delete
    6. කතුවරි පච උනා නේද .....? හයියෝ සල්ලි.... නොදන්න රෙද්දවල් කියවන්න එන්න එපා ආයෙමත් හොඳද ...? දැන් ලොකු ළමයිනේ අපි ... හොඳද ....?

      Delete
    7. මේ දරුවගේ වෙලාව එවන්න බලන්න .

      Delete
    8. මිනිහෙක් දවසක්දා ගෑනිත් එක්ක රණ්ඩුවකදී.............

      බිරිඳ - මට තමුසෙත් එක්ක ඉන්න බෑ. මම වහ ටිකක් බීලා මැරෙනවා.
      සැමියා - උඹ මැරුණට කමක් නෑ. බස මරන්න එපා. හරියට කියල මැරියන්.
      මම වහ ටිකක් බීල මැරෙමි. අන්න එහෙම.... !

      Delete
    9. @Anonymous May 10, 2013 at 11:10 AM

      මම කීවේ මම ලියන්නියෙක් කියලා විතරයි. 'සිංහල භාෂා විශාරදියෙක්' කියලා නෙමේ. බලාගෙන යනකොට මගේ ඉංග්‍රීසි කොච්චර වැරදිද දන්නේ නෑ.:D

      අර 'ප්‍රෙසර් ' කියලා තියෙන්නේ ගෙදර වැඩට ඉන්න කෙනා. කතුවරී නෙමේ. කොහොම උනත් ඒ පැත්තේ ගිය එකට ගොඩක් ස්තූතියි.:)

      Delete
    10. කොල්ලනේ,
      මෙන්න මේ කෙල්ලට මොකවත් නොකියා නිකා ඉදින්. නොදන්න කමට කියන දේවල් නේ.

      අබරන් ආතා

      Delete
    11. ඔයා කොර ටෝක් එකක්නේ අර ඇනෝ කෙනෙකුට ඉංග්‍රීසි දාල දුන්නේ. ඉතින් රිප්ලේ ඊට නොදෙවෙනි විදිහට එක පිට එක ලැබිලා. බලන්න ඇනොලගෙන් ලැබෙන සුන්දර හාස්‍ය රසය කකාගෙන් ගන්න පුළුවන්ද? මේ කකාගේ බොගට අපි එන්නේත් ඇනෝලා නිසාමයි.

      Delete
    12. මම සිංහල ශබ්ද කෝෂයක් බැලුවා. ඒකේ තියන විදියට 'ප්‍රශ්නේ, වැඩපොළ, නැගුණද ' කියන ටික හරි.:)

      අනෙක නවකතාවේ නම 'අඳුන් සිහින'. අළුත් කොටස තමා 'ඈ කවුද' ඒකත් නිවැරදි කරමු කියලා හිතුවා.
      ඇනෝලා ඉතින් ප්‍රීති වෙනවා නම් කොච්චර එකක්ද? ඒත් ඉතින් කතන්දරගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න එන අය එලවලා දාන්න නම් එපා.

      Delete
    13. කතුවරිය අනොල සමග හැප්පීම ඔලුව කළුගලේ ගසගනිමක් වගේ. අපේ නයි තානාපතිතුමියට වුන දේ මතකද? කකා මෙන් අනොල සමග shape  එකේ සිටීම තම හොදම දේ.අනොල නොමැති බ්ලොග් ලෝකය පරිප්පු නැති හෝටලයක් මෙනි.

      Delete
    14. කතුවරී :
      අළුත් නිසා පොඩි උපදෙසක් දෙන්න කැමතියි.

      කතුවරී ලියන පෝස්ට් වලට වැටෙන කමෙන්ට් ටික

      නියමයි.
      පට්ට පෝස්ට් එක
      +++++++
      මාර රසයි බං
      ජය වේවා !
      සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
      අද මම 1 ද

      වගේ කමෙන්ට් සෙට් එකක් නම් ඇනෝ කමෙන්ට් බ්ලොක් කරලා දාන්න.

      ඒත් පෝස්ට් එකේ තියෙන අඩුපාඩු පෙන්නලා දීලා පෝස්ට් එකට හාස්‍යය රසය එකතු කරන්න ඕන නම් ඇනෝ කමෙන්ට් බ්ලොක් නොකර තියන්න.කුණුහරුප කියන කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් ඇනෝලා පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාලා පොඩි විනෝදයක් ලබන්න කැමති ඇනෝලා.

      මල් වගේම ගලුත් එක ලෙස පිලිගන්න පුලුවන් බ්ලොග් ලියන්නියක් බවට පත් වෙන්න ඕන නම් ඇනෝලටත් අවස්ථාවක් ලබා දෙන්න.

      තව දෙයක් තමයි බ්ලොගයයි පුද්ගලික ජීවිතයයි කියන්නේ දෙකක් බව නිරතුරුවම සිහි තබා ගන්න !
      ඒ දෙක පටලවාගෙන බ්ලොග් ලිවීමෙන් වලකින්න.

      ඇනෝවරු තමන්ට හොදක් කී විට කට පුරා ස්තුති කිරීම හොඳ දෙයකි. එහෙත් තමන් තුල පවතින අඩුපාඩුවක් පෙන්වා දුන් විට "කොන්දක් තියෙනවනම් ප්‍රොෆයිල් එකකින් පැමිණ කමෙන්ට් කරන්න" යන අදහස ඇතුලත් ද්වේශ සහගත බැනීම් වලින් ඈත්වී ඇනෝ මතයක් උවත් මධ්‍යස්ථ සිතින් විමසා බලන්න.

      බ්ලොග් ලිවීමෙන් හුදෙක් ආත්ම තෘප්තිය විනා පටු ලාබ අපේක්ෂා නොකරන්න. එසේ අපේක්ෂා කරන්නේ නම් ඇනෝවරුන්ගේ දෝශ දර්ශනයට ලක් විය හැකි බව සිතන්න.

      තමා විසින් විවිධ මතවාදයන් ඉදිරිපත් කල කල්හි ඇනෝවරුන්ටද තම මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.

      ඔබත් කකා මෙන් ඇනෝ අයිතීන් සුරක්ෂිත කල බ්ලොග්කාරිනියක් වේවායි අපි එක සිතින්ම පතන්නෙමු !
      ඔබට ජය !

      ඇනෝ අයිතින් සුරකිමු !
      ස්තුතියි !

      මෙයට,

      සභාපති,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය
      වෙනුවට


      ලේඛකාධිකාරි,
      ඇනෝ අයිතීන් සුරැකිමේ සංවිධානය

      Delete
    15. @ඇනෝ at 4:20PM ;
      ඔබගේ කියමනට මම ඔබට තුති පුදමි...!
      අරිගතෝ ගොසයිමසු...!

      Delete
    16. කතුවරී අප ඔබව එලවා ගන්න නොවේ මේ අදහස් පළ කරනු ලැබුවේ. අප සිංහල බ්ලොග්කරුවන් සියලු දෙනාටම ආදරෙයි. නමුත්, ඔවුන් අතරේ රසාස්වාදයක් නැතිවුවහොත් ඔවුන්ටම බ්ලොග් කළාව එපා වේවි.

      Delete
    17. කතුවරී - ඔබ මේ සියළු ප්‍රතිචාර උපේක්‍ෂා සිතින් යුතුව පිළිගනු ඇතැයි මම අපේක්‍ෂා කරමි.

      නැවත එන්න.

      මගේ අදහස නම් ඔය "නණලළ" නොසලකනවා නම් හැම තැනම "න" සහ "ල" පමණක් යෙදිය යුතු බවයි.

      මා සමහර දිනවල සුබස නම් වූ මෙන්න මේ සේවාව භාවිතා කරනවා. එහි සමහර බගස් තිබුණත්, එය නරකම නෑ.

      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
    18. @ AnonymousMay 10, 2013 at 4:20 PM - මේ වටිනා පැහැදිලි කිරීම බ්ලොග් ලියන හැමෝටම හරිම වැදගත්...ඇනෝලා කුණු හරුප නැතිව එනවා නං මසුරං තමා.

      Delete
    19. kiyanakan thami hitiye -------- Editor---------

      Delete
    20. "මගේ අදහස නම් ඔය "නණලළ" නොසලකනවා නම් හැම තැනම "න" සහ "ල" පමණක් යෙදිය යුතු බවයි"

      තන සහ තණ හන්දුනාත් ගන්න න සහ ණ තිබිය යුතුමයි. ඒ නිසා නණ ලළ අමතක කර බස වනසන්නන්ට උඩ ගෙඩි දෙන්න එපා කකා.

      Delete
    21. කතන්දරට අනුව පහත පරිදි භාෂාව සංශෝධනය කරනු ලැබේ.
      ණය (ණය වීම) - නය (?)
      *කළ (කරන) - කල (කාලය)
      ළමා (ළමයින්) - ලමා (?)
      උණ (උණ තත්ත්වය) - උන (ගස් වර්ගය)
      ඍණ (ගණිතමය) - ඍන (?)
      මළ (මැරුණු) - මල (ගස්වල මල් සහ අසූචි)
      හෙළයා (සිංහලයා) - හෙලයා
      අණුව (පාරමාණුක) - අනුව (ඒ පරිදි)

      කතුවරී, ඔයා පෝස්ට් එකක් පල කිරීමට පෙර සුබස (කකා path එකදී ඇත) වෙත ගිහින් පොස්ට් එක check කර ගන්න. අනෙක් අයට ගැටලුවක් නැහැ. නමුත් ඔබ ලියන්නේ නව කථාය. එනිසා අකුරු සහ ව්‍යාකරණ නිවැරදිව අනුගමනයකළ යුතු ය.
      (මම විචාරක සර් නොවේ)

      Delete
    22. මා කියා ඇත්තේ මෙයයි.

      "මගේ අදහස නම් ඔය "නණලළ" නොසලකනවා නම් හැම තැනම "න" සහ "ල" පමණක් යෙදිය යුතු බවයි"

      එයින් මා නණලළ නොසලකා සිටින බව අදහස් වෙනවාද? මා නණලළ රීති රකිනවාද නැද්ද යන්න මේ බ්ලොගය බලන ඔබට ඉතා පැහැදිලි විය යුතුයි.

      මගේ අදහස තවත් විස්තරාත්මකව කියනවා නම් - නණලළ නොතක කෙනෙක් ඒවා මාරුවෙන් මාරුවට භාවිතා නොකර එක න-යන්ණක් සහ එක ල-යන්නක් භාවිතා කළ යුතු බවයි මගේ මතය.

      Delete
    23. මා උවමනාවෙන්ම නණ මාරු කර ලියූ ලිපියක හෙඩිම මෙන්න.

      http://kathandara.blogspot.com/2012/05/remembering-sanath-observer.html

      Delete
    24. "තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද?"
      තන (ගැහැනන්ගේ)
      තණ (තෘණ හැදින්වීමක්)
      මා කියනුයේ සමාන්‍ය පෝස්ට් සඳහා අක්ෂර විඥාසය ගැන නොවේ. නවකථා වැනි සාහිත්‍ය රචනයේදී අක්ෂර විඥාසය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. නමුත් මා හදවතින්ම කතුවරීට සුබ පතනවා.
      වැරදි වැටහීමක් ගන්න එපා. මට මෙන්ම බොහෝ දෙනෙකුට සිංහල ඉතා හොඳින් ලිවීමට හෝ උච්චාරණයට හෝ බැහැ.
      (මම විචාරක නොවේ)

      Delete
    25. ඇනෝලා හැමෝටම ගොඩාක් ස්තූතියි. සුබස ලින්කුව දුන්නු කතන්දර මහත්තයටත් ඒ වගේම ස්තූතියි. මා ලියන 'අඳුන් සිහින' කථාවේ අළුත් කොටස අන්න පළවෙලා තියනවා. කරුණාකරලා හැමෝම ගිහින් බලලා ව්‍යාකරණ දෝෂ තවත් තියනවා නම් පෙන්නලා දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා. :D

      Delete
  4. අර කෝච්චි නිකන් නයි වගේ නේ. නයා බඩගාන දර්ශනයක් තමා මට කෝච්චි වලින් පේන්නේ.
    මම අද 1 ද ?

    ReplyDelete
  5. ඉතාලි කෝච්චියේ යන ගමන් ඉතාලිය ගැන පොතක් බලන කකා

    ReplyDelete
    Replies
    1. පොත ඉතාලිය ගැන නොවේ , රුසියාව ගැන,හරියටම කිව්වොත් සෝවියට් දේශය ගැන

      Delete
    2. අප්පා අර ලංකාවෙන් ඇමරිකාවට ගිහින් සුදුමහත්තයෙක් බැඳගත්ත ඇන්ජිඕ පඩියට ඇමරිකන් බොග දාන නෝනට පොත අහුවුනොත් පොත පට්ට ගහයි. "සෝවියට් පොත්වල බොරුව" පොත කීතු කීතු කරයි.

      Delete
  6. මරු.... කවද හරි යන්නෝනි.....

    ReplyDelete
  7. Replies
    1. මොකද්ද බං හැමදාම වාක්‍යයක් ලියලා අන්තිමට ප්‍රශ්නාර්ථයක් දාන්නේ? උබට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නෙම නැද්ද බං ?

      Delete
    2. මූට අනුකම්පා කරපන් මූට ඉලෙක්ෂන් මීටිමකදී ඔලුවට පොලු පාරක් වැදිලා තියෙන්නේ.... ඒකයි ජයවේවා ගගා යන්නේ...............

      Delete
  8. මුගේ කමෙන්ට් එක කියවන්න ලින්ක් 60කට විතර යන්න ඕන. කකාගේ පෝස්ට් එකට දෙවෙනි නෑ මේ කමෙන්ට් එක

    ReplyDelete
  9. වැඩක් නෑ කකා.
    කෝච්චි කොච්චර වේගෙන් ගියත් ඒවායේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන්න දෙන්නේ නැත්නම් වැඩක් නෑ.
    ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගිහින් ඉස්ටේශන් වල ඉන්න ගෑල්ලමයින්ට කෝචෝක් එකක් දාගෙන යන ෆන් එක මේ කෝච්චි වල නෑ. මෙලෝ රහක් නැති කෝච්චි ගමනක්.
    අඩුම තරමේ මේවා දෙපැත්තට පැද්දෙන්නෙත් නැතුව ඇති. ඉතින් වැඩක් තියේ යෑ.කෝච්චිය පැද්දි පැද්දි ඇත් ගමනින් යනකොටනේ අගේ තියෙන්නේ.
    ඇයි දඩං බඩං සද්දේ ! ඒක අහන්නේ නැතුව කෝච්චි ගමනකින් වැඩක් තියේ යෑ.
    මහා කම්මැලි කෝච්චි ගමනක් !!!

    ඒක නෙමේ කකා. ඔය කෝච්චි වල වඩේ කාරයෝ බඩ ඉරිඟු කාරයෝ එහෙම එන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එහේ බඩ ඉරිඟු කාරයෝ නෑ. තම්බපු තිරිඟු කරල් විකුණන උන් ඉන්නේ.
      උන් කෝච්චි වලට නැගලා එහේ බාසාවෙන් "තිරිඟු තිරිඟු.... තිරි..ගූඌඌඌඋ.. කිරි... තිරිඟු...." කියලා කෑ ගගහා විකුණන්නේ.

      එතනින් ගියහම මේ කෝච්චි වල පරිප්පු වඩේ ඉස්සෝ වඩේ විකුණන උන් නෑ. ඒ වෙනුවට ඉන්නේ ඩෝනට් විකුණන එවුන්.


      -යුරෝපයේ දුම්රිය මගියෙක්-

      Delete
    2. පිශ්සු කතා කියන්න එපා,බඩ ඉරුගු ඇට උනු උනු වෙ 'පෙට්ටියේ'ඇතුලේ ඒවා හැන්දෙන් කන්නෙ.

      Delete
  10. අපේ රට කවදා නම් මේ තත්වෙට එයිද මන්ද ?

    ReplyDelete
  11. ඒ කොච්චි ඇතුලේ ජැක ගහන්න පුළුවන්ද කකා.

    ReplyDelete
    Replies
    1. ජැක ගහන්න විතරක් නෙමේ එහේ කෝච්චි වල ටික්කෝ පැන්නහම ටොයිලැට් වල හැංගෙන්නත් බෑ. උන් ටොයිලැට් එකේ දොර ගාව රැකගෙන ඉන්නවා. ටිකට් නැතුව අහුවෙනවට වඩා හොඳයි කෝච්චියෙන් පැනලා මැරෙනවා.


      -යුරෝපයේ දුම්රිය මඟියෙක්-

      Delete
    2. ජැක් ගහන්න හිට ගෙන යන්න එපෑය.
      ඔය කොහෙත් අර සිංහලෙන් කියන ඔෆීස් අවර් වල ඔය හැම එකේම කට කපල සෙනග.
      ඒ වෙලාවට යන නාකියෝ/කොල්ලො කලිසම් වල සිප් දා ගන්නෙ නම් කෝච්චියෙන් බැහැල.

      Delete
    3. TIKKO PENNAMA JOKA IRILA HONDA HONDA WEDA WENAWA ATHI

      Delete
  12. මට මේක දකිද්දී උපාලි විජේවර්ධන හදන්න ගියපු වාහන පැක්ටේරිය ගැන මතක් උනා.ඒ කාලේ ඒවා නැති වෙලා නොගිය නම් ඔච්චරම දියුණු නැතත් ලංකාව මීට වඩා තැනක තියේවි කකා.මට මතක විදිහට මයික්‍රෝ එකෙන් හදන්න ගියපු කෝච්චි මැදිරි ටිකත් ඇප්රූව් උනේ නැහැ.එස්ටිමෙට් එක තිබ්බේ ලක්ෂ 60 ගාණක් එක මැදිරියකට.නිකන් නෙවේ වායුසමීකරණ පවා තිබුණා ඒ මුදලට හදපු එස්ටිමෙට් එකට.මම මේ කියන්නේ 2007 වගේ සිද්දියක්.

    ReplyDelete
  13. කෝ මේ පොඩ්ඩි .....? පොඩ්ඩි පොඩ්ඩි ඉක්මනට එන්න .... පොඩ්ඩි ............................... අන්න ඔයාට බැනලා පෝස්ට් එකක් වැටිලා......

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි............. පොඩ්ඩි කෙනජිට බය වෙලා.

      Delete
    2. අනී .... කෝ කොහෙද ....

      Delete
  14. මෙම කෝච්චි ඇතුලෙ පඩයක් එහෙම ගියොත් නියමෙට ඇති, අපේ රටේ නම් කෝච්චි හදලා තියෙන්නෙ පඩවලට ඔරොත්තු දෙන විදියට,

    කකෝ සුද්දො කෝච්චි ඇතුලෙ පඩ අරින්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තෙ,ටිෂියු එක ගුලි කරල පුකට තදට තිබ්බම සුවද උරෝල ගන්නව.
      පස්සෙ ඩස් බින් එහෙකට විසි කරන්න තියෙන්නෙ.

      Delete
    2. මෙන්න ඒ කමන සොන්යාට උඩිනුත් කෙනජි. කකා වහාම මේ භාදකය අටවන්න
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    3. මෙය පරතරය වැඩි කිරීම පිණිස යෙදූ කමෙන්ටුවකි

      Delete
    4. ethakaota joka thiyedimada?

      Delete

  15. //මෙන්න කෝච්චියේ සීට්. නිකං ගෙදර වගේ!//


    අනේ අපේ ගෙදර ඉඳගන්න තියෙන ඒවා නම් කෝච්චියෙ සීට් වගේ නෙවෙයි :)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පුටු නම් ලංකාවේ කෝච්චිවල සීට් වගේ.

      Delete
    2. පෙනේද සොන්යාට පහළින් කෙනජි ඇවිත්. කකා වහාම මේ භාදකය අටවන්න
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    3. මෙය පරතරය වැඩි කිරීම පිණිස යෙදූ කමෙන්ටුවකි

      Delete
    4. සෝන්යා
      ඉතිං කෝච්චියේ වගේ සීට් තියෙන ගෙදරකට යන්නකෝ!

      Delete
  16. හොම්බ දිග උනාට බුලට් ට්‍රේන් ඇතුලෙ තිබෙන පහසුව/සනීපය/ඇයි කන්න ඕන දෙයක් මිලදී ගැනීමෙ පහසුව සහ කිලෝ මීටර 1'000ක් පැය 3කින් යනව කියන්නෙ කොහොමෙයි?
    කකාගේ ලංකාවෙ අතුරු දුම්රිය පොලවල් ගැන ලිව්ව එකනම් පට්ට පල් බොරු.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමේ මාස  කිහිපයකට පෙර new york  ගිය විට දුටු stations  දැක්කහම මට මතක් උනේ ලංකාවේ station .ඒවා අබලන් අපිරිසිදු සහ පහසුකම් අතින් අඩු මට්මක පැවතියේ.කතා කියන්නේ ඇත්ත විය හැකි කිරා පෙරා ගත් විට.

      Delete
    2. ඒ කියන්නෙ එරෝප්පෙට වඩා ආසියාව ඉදිරියෙන් කියලද?.

      Delete
    3. @ Kenji
      මා ලිව්වේ යුරෝපයේ මා දුටු ප්‍රධාන දුම්රිය ස්ථානවල (උමං දුම්රිය පොළ නොවේ) සැකිල්ල සහ ලංකාවේ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සැකිල්ල සමාන බවයි.

      ඒ සමගම යුරෝපයේ පිටිසර දුම්රිය ස්ථාන සහ ගල්කිස්ස, කොම්පඤ්ඤවීදිය මගේ තැන එක වගේ බවයි.

      මෙයට හේතුව ඒවා එකම යුරෝපීය අච්චුවට සාදා තිබීමයි.

      මේ පෝස්ට් එකේ ඇති ෆොටෝවලිනුත් ඒ බව හොඳටම පේනවා.

      අපි ඉස්කෝලේ ගිය කාලේ තිබුණු කැනේඩියානු එන්ජින්, රුමේනියානු කෝච්චි වගේ ඒවා ඒ දිනවල ඒ රටවලත් තියෙන්න ඇති.

      Delete
    4. ඔහෑ.... ඔප්ටිමස් උඩිනුයි යටිනුයි දෙපැත්තෙන්ම කෙනජි වටකරගෙන........ ඔහෑ

      Delete
  17. කකා,
    මේ කෝච්චිවල කකුල් දෙකෙන් පත කළුගල් කුට්ටි උස්සන මිනිස්සු, බොන්ගෝ එකෙන් කැලිප්සෝ සංගීතය දෙන බුවාලා, කඩු ගිලලා ආයෙම වමාරන එවුන් එහෙම නැද්ද කකා ?
    ඒ වගේ ෆන් දේවල් ටිකක්වත් නැත්නම් වැඩක් තියේද කකා.
    ගොළුවා හීනයක් දැක්කා වගේ ගමන් ගිහින් වැඩක්ම නෑ.

    සොරි ඩොට් කොම් !

    ReplyDelete
  18. කොළබ අවට සහ හයිලෙවල් පාර ගාලු  පාර යන අවයින්  බගයකටවත් subway system එකක් හදුන්වල දෙන්න පුලුවන්නම් වාහන තදබදය කොච්චාර අඩුකරන්න පුලුවන්ද.නමුත් අපේ වගේ දුප්පත් රටවල් වලට ඒවා සිහින විතරයි .

    ReplyDelete
  19. පොඩි පුරස්නයක්.
    මෙච්චර දියුණු රටවල පැ.කි. 250 වේගෙන් යන කෝච්චි ඔටෝ ඩ්‍රවින්ග් නෙවේද? රියදුරුගේ පෙනීම මතද කෝච්චියේ ගමන,වේගය රඳා පවතින්නේ?

    මමත් දිනපතා කෝච්චිවලින් තමයි ගමන. ඔලුව නිකමට හරි එලියට දැම්මොත් ටකරන් වහලයකට බෙල්ල කැපිලා ඔළු ගෙඩිය විසිවෙනවා. හැබැයි ඔළුව බිමට වැටෙන්නේ නැහැ, කොහේ හරි වහලක් උඩ රැඳිලා තියෙයි.ඒ තරමට ගෙවල්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ කොයි රටේ කෝච්චි ගැන ද

      Delete
    2. ඔය වගේ අධිවේගී [බුලට් ට්‍රේන්]රියදුරන් අනිවා.
      සමහර රටවල තදාසන්න නගරබද කොන්ක්‍රීට් කණුවල ඉදි වුන මාර්ගවල ධාවනය වන පෙට්ටි 2කේ 4රේ මොනොරේල් වගේ දේවල් බොහෝ විට රියදුරන් රහිතයි.

      Delete
    3. Kenji kiyanne kaka ge awatarayak da?

      Delete
    4. @ kapila
      මා දුටු විදියට කෝච්චිය 250ට ගියේ පාර කෙලින් තැන්වල විතරයි.

      Delete
  20. හුජ්ජා පර්ෆියුම් එක ගහලා නැති කෝච්චියක දිවිය ළොකේ ගියත් වැඩක් තියෙනවද, බහිනකොට ඩීසල් සුවඳ මුසු හුජ්ජා පර්ෆියුම් එකක් ගහලා දැලි වලං හෝදපු එකෙක් වගේ බැහැලා යන කොට කාඩද ආඩම්බර.

    ReplyDelete
    Replies
    1. ඇයි පෙට්ටි පූට්ටුවේ යන්න නැති කෝච්චි ගමන වැඩකට තියේ යෑ.
      පූට්ටුවේ පෙට්ටි දෙකට කකුල් දෙක තියාගෙන යන එක කොයි තරම් නම් ආතල් ද

      Delete
  21. කකාගේ මේ පෝස්ටුවෙන් වගේම කමෙන්ටු ඔස්සේද අපමණ සතුටක් වින්දෙමි.. දිනෙක යුරෝපයේ රවුමක් යාම මගේත් එක් ඉලක්කයක්.. ඔබට ජය කකා..

    ReplyDelete
    Replies
    1. ලැප්ටොප් එක ගත්ත වෙලාවේ එතුමගෙන් ලෝක සවාරියක් ඉල්ලන්න එපායෑ

      Delete
    2. ඔය කඩේ යන යෑමට ලගදිම යන්න පුලුවන් වෙයි.....

      Delete
    3. ඉතිං බං ඇනෝ දෙනකොට නොගෙන ඉන්නෙයි කියලද මට කියන්නේ.. ඔයාලට දුන්නොත් නොගන්නවද?.බොරු ෂෝ නැතුව දෙන දෙයක් ගනිල්ලා බං...

      Delete
    4. අපිටත් දුන්නොත් ගන්නවා හැබැයි අපි නම් උන්ට දෙන් යන්නේ නෑ. සමහරු පැනපැන දෙනවා......

      Delete
  22. Replies
    1. අනේ ඔයාට බනින්න කියලා නොවේ. කෙනජි පහළින් එයි කියලා පොඩි භාදකයක් කලින්ම දානවා.
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. මොකද බං මේ කෙන්ජියා එක්ක තියන ආරෝව.. අතැරල දාපන් බං ඕව.

      Delete
    3. ආරෝව කියන්නේ කෙනජි ඇනෝලගේ පුග්ගැටි කඩවන්න කතා කලානේ.දැන් හීනෙනුත් පේන්නේ කෙනජි ව

      Delete
  23. ඒෙහ්ත් slow train ඒක යවල ඒක පිටිපස්ෙසන් express train ඒක යවනවද?
    (අයිෙයා් මෙග් සිංහල අකුරු ෙකා්ච්චිෙය යද්දි ලියපුව වෙග් ෙවලා)

    ReplyDelete
  24. කෙනෙක් යම් සැප පහසුවක් විඳ ? ඒ පිලිබඳ තම බ්ලොග් අඩවියට එන අය දැනුවත් කිරීම නයෙක් ලෙස දකින්නේ ඉරිසියාව, කුහකකම සහ හීනමානය නිසා බව මගේ විශ්වාසයයි. ඇත්තටම කකා මේ ගැන තව ටිකක් විස්තර අවශ්‍යයි. මිල, ගමන් මග, තිබෙන පහසුකම් වගේ දේවල් ගැන. මමත් බලාපොරොත්තු වෙනවා මේ වගේ ගමනක් යන්න නලින් කිව්වා වගේ. මේ අහිකුණ්ටිකයින්ට ඒකත් නයා වගේ පෙනෙයිද දන්නේ නෑ ? මොකද නයින්ට වැඩියෙන්ම කැමති අහිකුණ්ටිකයින්ටිකයෝ නේ. අහල නැද්ද කථාවක් තියෙනවා "නයා මැරිච්චි අහිකුණ්ටිකයා වගේ" කියල. අපි අද ඉඳලා නයි ගැන කියන ඇනෝලාට අහිකුණ්ටිකයෝ කියන්න පටන් ගමු. ඒ අතින් කතන්දර වටකරගෙන අහිකුණ්ටිකයෝ වැහි වැහලා.

    ලංකාවෙත් දැන් පෙට්ටියක් දෙකක් සැප පහසුව අතින් මීට කිට්ටු තත්වයකට ගෙනැවිත් තිබෙනවා. ඔබතුමා මගේ මේ පොස්ට් එක බැලුවේ නැත්ද ?

    රජදහනියෙන් කොග්ගලට ......

    ReplyDelete
    Replies
    1. කෝ සුදීක ඔයාගේ ඩොස් ගේම් එක ??

      Delete
    2. දැන් සුදීක අන්තිමේට එන්නෙ. මෙයා DOS ගේම ඉල්ලයි කියල බයයි.

      Delete
    3. ඔයාගෙ ඩොස් නයා නම් හරි දරුණු එකෙක්...

      Delete
    4. ඩොස් නයි රාජ සුදීක.....

      Delete
  25. කකා කොයි ලෝකේ ගියත් ඇඳන් යන්නේ සිංහල එකේ ටී එකයි ශ්‍රී ලංකා ටී එකයි නේද?

    ReplyDelete
    Replies
    1. ai ara hamadama andina JOKA

      Delete
  26. වෙනේත්සියා වලට ඇවිත් කථන්දර බොස් හොරෙන්ම ගියා නේ.... කලින් කිව්ව නම් සෙට් වෙන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. නිකං බොරු ගහන්නෙ නැතුව හිටපං බං, කලින් කිව්වනම් කොරයි.
      [කකා කලින් කියල තියෙත්දි]
      ඇවිල්ල ගියාට පස්සෙ ඔය වගේ දේවල් කියන එක, නිකන් පච වීමක්

      Delete
    2. අවංකවම කකා...... කොමෙන්ටුවක් දැම්මට පස්සෙ කකා බොහෝ වෙලාවට රිප්ලයි කරන්නෙ නැති නිසා ඒක ආයෙ බලන්නෙ නැහැ... කොහොමත් කොමෙන්ටුව පබ්ලිශ් කරනවා කියල දන්නවනෙ .....ඒකට රිප්ලයි එකක් ලියල තියෙනවා දැක්කෙ දැනුයි.......අවංකවම සමාව අයදිමි.......
      ඇනෝ - මම නම් ගෙදරට ආරධනා කරලා හැංඟෙන්නෙනම් නෑ.. කකා වගේ පුද්ගලයෙක්ට ආගන්තුක සත්කාර කිරීමම මම ලබන භාග්‍යයක් කොට සලකනවා... හැබැයි එක එක පඟර නැට්ටන්ට නෙමේ... කකාල වගේ සමාජයේ වැදගත් පුද්ගලයින්ට

      Delete
  27. අපිත් මේ යුරෝපේ ඉන්නවා, ඕවල අපිත් යනවා එනවා, එත් ඔය තරම් මැජික් එකක් නෙවෙයි මේව. ඕස්ට්‍රේලියාවේ තිය අද ලංකාවේ පිටිසර බයියොත් මේවාගැන දන්නා එකේ පද කක්කා කාරයට මේවා මැජික් වුනේ කොහොමද අනේ මන්ද.?

    ReplyDelete
    Replies
    1. miniha gode biyek ne

      Delete
    2. ගොඩක් අය ගමෙන් නගරෙට ඇවිත් පස්සෙ රට රාජ්ජ වල ගිහිල්ල ඉන්නෙ බයියෝ තමයි.
      කකා මේවා ලියන්නෙ මැජික් නිසා නොව වෙනත් රටවලට නොගොස් ඇති අප වැනි අය සමග විස්තර බෙදාගන්න.
      ඔස්ට්‍රේලියාවෙ ජිවත්වන ඔහුට මේවා මොන මැජික්ද?.

      Delete
    3. මගේ වරද ගමේ එකෙක් වීම නං ඒක එහෙමම වේවා සිදාදියේ හූරා ඇත්තෝ!

      Delete
    4. @ Kenji
      මා මීට පෙර මෙවැනි පැකිමි 250ට යන දුම්රිය දැක නෑ. මැලේසියාවේ තියෙනවද?

      Delete
    5. Macho KK. There is a train running between Shaghai to Pudong international airport . its running at 450km/hour . This is my personal experience .

      Delete
    6. මැලේසියාවෙ ක්වාලම්පුර් නගරයේ සිට KLIA එයාර්පෝට් එකට විනාඩි 20කින් මම හිතන්නෙ කිලෝමීටර් 50ක් 60ක් විතර පැයට කිලෝමීටර් 120ක පමන වේගයෙන් ගියා.වෙන අධි වේගී දුම්රිය නැහැ.මැලේසියාවෙ සිට සිංගප්පුර් වෙත 2015හෝ 2016දී ධාවන කිරීමට සුදානමින් සිටිනවා.මැලේසියාවෙ සිට තායිලන්තයට යන දුම්රියත් පැය 12ක් විතර ගත වෙනව.
      දැනට ලෝකයෙ වැඩිම වේගයෙන් ධාවනය වන්නෙ පැයට කිලෝ මීටර් 424න් ධාවනය වන චීනයේ ෂැන්හයි සිට මෙග්ලෙව් එයාපෝර්ට් එක දක්වා විනාඩි 7ක කාලයකදී දිවෙන අධිවේගී දුම්රියයි.එම දුර හයිවේ වලින් ටැක්සියේ ගියාම පැයක් විතර යනව.

      Delete
    7. මෙන්න කෙන්ජි නාල. ඇනෝ කියල තීන්නෙ ෂැංහයි සිට පුඩොං දක්වා යන චීන දුම්‍රිය ගමන මිස ෂැංගි සිට පුඩොං දක්වා නෙමෙයි. ඒ කියන්නෙ ජපන් කෙන්ජි චීන පුඩොං නොදන්න බ්වද පිංවතුනි?

      Delete
    8. සමාවන්න එය මෙසේ නිවැරදි වියයුතුයි.>> ෂැන්හයි සිට මෙග්ලෙව් දුම්රිය පුඩොන් ජාත්‍යන්තර ගුවන්තොටුපල <<යනුවෙන්.
      මාගේ මෙම සුළු අතපසු වීමෙන් ඔබගෙ මොලයට යම්කිසි හානියක් වී ඇද්දැයි පරික්ෂා කර බලන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
      වරද පෙන්වා දුන්නාට ස්තුතියි!

      Delete
  28. මේකත් මරු වැඩේ නේද? කකාට තියෙන්නේ මාතෘකාව දාල පේලි කීපයක් ලියන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කවුරුහරි ඇවිත් කොමන්ට් කරන්න දෙයක් නැතිව තනි පේලියක් ලියලා ෂේප් වෙනවා.......

      Delete
  29. //.......පස්සේ වැනීසියාවලට, එතනින් මිලානෝ හරහා සූරිච්වලට, එතනින්.....//

    ඔය සූරිච් වලට ගිය "හාංරි ලැන්තන්" කියල පොරක් ගැන කියවලා තියනවද කකා?
    මට පොතේ නම මතක් කරගන්න ඕනෑ. (ප්‍රංශ කෙටි / නව කතාවක් මං හිතන්නෙ)

    ReplyDelete
  30. මිලානෝ ඉඳන් සූරිච් යන ට්‍රේන් එකේ දි පාස් කරන ස්ටේශන් ටික මතකද ?
    මිලානෝ
    කෝමෝ
    කියාස්සො
    බෙලින්සෝනා
    ලුගානෝ
    ආර්ත් ගෝල්ඩවු
    චුව(ර්)
    zසූරිච්.......ස්විට්සර්ලන්තයට දුම්‍රියෙන් ගියපු ගමනක් ගැන මම ලියපු සටහනක් මේ.... ලින්ක් එල්ලන්න තහනම් නම් කකා මේක පබ්ලිස් නොකළත් කමක් නෑ... http://sithaniwanathana.blogspot.it/2012/08/2_5668.html දුම්‍රියෙන් යද්දි දකින්න හම්බෙන මේ ලස්සන දර්ශණ ටික කකාටත් මතක් වෙයි

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය මං කියවා තියෙනවා. මං වෙනිසීයා සිට සූරිච් ගමන ගැන වෙනම ලියන්නයි හිටියේ.

      මෙන්න ඔබේ ලිපියට "සජීවි" සබැඳියක්.

      http://sithaniwanathana.blogspot.it/2012/08/2_5668.html

      Delete
    2. තැන්කු කකා

      Delete
  31. Me comments walin 50% withara kakama dagaththu ewa neda?

    ReplyDelete
  32. api oya links kiyawanne nehe. Katada welawa thiyenne.

    ReplyDelete
  33. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 88
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 20
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 28
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 7
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 33

    ReplyDelete
  34. ඩොස් ගේම් එකක් ඕනෙ නම් එන්න.

    <a href="http://bloggonpart.blogspot.com>මම ඩොස් ගේම් ලියන රංගොජා</a>

    ReplyDelete
    Replies
    1. සුදීකද මචං උබෙ ගුරා? නැත්නම් සුදීකගේ අවතාරෙද? එත් නැත්නම් සුදීකගෙ නොන්ඩියෙන් උඹ හිට්ස් ටිකක් බා ගන්න හදනවාද?
      කොහොම උනත් නයි ඇරිල්ලට උඹ හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. හැබැයි උබෙ පලෙවෙනි පෝස්ට් එකම ගූ ගොඩයි...........

      Delete
  35. Train speed meter photo ganna passengers lata denawada. Lanka we nam behe.

    ReplyDelete
    Replies
    1. මා ලියා ඇත්තේ මෙලෙසයි.

      /* කෝච්චිය ඇතුලේ හයි කරලා තියෙන ඩිස්ප්ලේවල වැටෙන කෝච්චියේ ස්පීඩ් එක!*/

      මා ගිය ඉතාලියානු දුම්රියවල එක මැදිරියක දෙක බැගින් එල්සීඩී ඩිස්ප්ලේ වහලේ හයි කර තියෙනවා. අර ගුවන් යානාවල වගේ ඒවායෙන් වේගය, ගමනේ ප්‍රගතිය සහ වෙනත් විස්තර පෙන්වනවා.

      එවැනි නගරාන්තර සීග්‍රගාමී ඒවයේ පමණක් නොව සාමාන්‍ය දුම්රියවල පවා කුඩා තිර සවිකෙට දුම්රියේ ගමන් විස්තර සහ වෙළඳ දැන්වීම් දානවා දැක්කා ජර්මනියේ දී.

      Delete
    2. @ AnonymousMay 11, 2013 at 1:09 PM,
      තෝ නං අපිට ලැජ්ජ කරන්න ආව එකෙක්ද කොහෙද.

      ලේඛකාධිකාරි,
      ඇනෝ අයිතීන් සුරැකිමේ සංවිධානය

      Delete
    3. ළංකාවේ බස් වලත් දැන් LCD Display AD තියනවා . මං දැක්කා 138 බස් එකක

      Delete
    4. කොල්ලෙක් ජැකක් ගගහා එක තැන වාත වෙනකොට කොන්දොස්තර මහත්තයා කියනවා..ඔය නිල්පාට කමිසෙ තියෙන මලල්ලි පොඩ්ඩක් ඉස්සරහට යන්න ඔය ඩිස්ප්ලේ එකට වඩා හොද ලොකු ඩිස්ප්ලේ එකක් ඉස්සරහා තියෙනව බල බල යන්න කියලා..

      Delete
  36. TGV එකේ ගියේ නැද්ද? එකත් මරුලු. තව ජර්මනියේ තියේලු නේද කාන්දම් කෝච්චිත්? ඒවා දැක්කද? අර ඉතාලියේ සෙට් එකත් මරු වගේ.. නියමයි..

    මේ පැත්තට ගොඩක් දවස් වල ආව. මේක ෆෝන් ඒකෙන් ෆලෝව්ත් කරා. ඒ උනාට මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නෑ! පුළුවන් වෙලාවක අඟහරු පැත්තෙත් එන්න!

    ReplyDelete
  37. ඉතිං කතන්දර කාරයම ඕවයි ගිය ක හොදයි...නැත්තං අපි කෝමද කෝච්චියක් වත් බලාකියා ගන්නෙ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.