Wednesday 10 April 2013

මෝහනය වෙන්නේ මෝඩයෝ ද? Hypnosis and fools


කතුවරී ලියනගේ කියන අළුත් බ්ලොග්කාරිය ගේ "මගේ නවකතා" බ්ලොග් එකේ යන "අඳුන් සිහින" කතාවේ කොටස් කිහිපයක් කියෙව්වාට පස්සෙයි මේ කතන්දරේ ලියන්න හිතුනේ.

"අඳුන් සිහින" නවකතාවේ ප්‍රධාන චරිතය වෙන රිදීමා කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට පොඩ්ඩක් මතක අමතක ලෙඩක් තියෙනවා වගේ පේනවා. ඒකට බේතක් ගන්න එක්කරගෙන යන්නේ නැතුව රිදීමා ගේ යාළුවෝ කරන්නේ එයාව මෝහනය කරන්න සෙට් වෙන එකයි.

මෝහනය වුණාට පස්සේ අමතක මතකය මතක් වෙනවා වෙන්න ඕනෑ!

මිනිස්සුන්ව ගෑණුන්ව මේ වගේ මෝහනය කරලා නොයෙකුත් විකාර රංගනවල යොදවන වීඩියෝ එමට තියෙනවා යූ ටියබ් එකේ දැකලා ඇතිනේ?

මං ඉස්කෝලේ යන කාලේත් ඔය මෝහනය කරන සීන් එක නැගලා ග්‍රි කාලයක් තිබුණා. ඒ කාලේ මෝහන සංදර්ශන පවත්වන "ගුරු" ලා ත් හිටියා.

මාත් ඒ සංදර්ශනයකට ගිහින් තියෙනවා එක දවසක්.

මට මතක හැටියට මං දහයේ පන්තියේ විතර ඉන්න කාලේයි මේ. මේ කියන ෂෝ එක නිකං නොවෙයි, ටිකට් ගන්නත් තිබුණා රුපියල් පහක් ද කොහෙද එකක්.

එදා ඒ හෝල් එකේ සියක් හමාරක් පිරිස හිටියා ෂෝ එක බලන් ඇවිත්. අපි පුටු වල වාඩි වෙලා ඉන්න අතරේ මෝහන මාස්ටර් ඇවිත් පැය බාගෙක විතර දේශනයක් කෙරුවා මේකේ විෂය කරුණු ගැන.

ඊට පස්සේ තමයි අපි කවුරුත් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවෙන් හිටිය මැස් හිප්නෝසිස් ෂෝ එක පටන් ගත්තේ.

දැන් ඔන්න පොර මයික් එකේ කතා කර කර පේ්‍රක්‍ෂකයෝ අතරට ආවා. අපේ ඇස් බර වෙනවාලු, නිදිමට වගේ දැනෙවාලු, ඉබේම ඇස් පියවෙනවාලු. නින්ද යනවාලු. හැබැයි පස්සේ එයා එක, දෙක, තුන කිව්වාම නැගිටිනවාලු.

පොර ඔහොම කියන කොට මෙන්න හතර වටේම ඉන්න පොරවල් ඇස් පියා ගත්තා. මාත් ඉතිං නිකමට වගේ ඇස් වහ ගත්තා. දැන් ඉතිං කෂ්ටිය නිදි.

ඊ ලඟට පොර කිව්වා අපේ දකුණු අත සැහැල්ලුයි, නිකම්ම උඩට ඉස්සෙනවාය කියලා.

මං පොඩ්ඩක් ඇස් ඇරලා බැලින්නම් මෙන්න බොලේ මගේ වටේ ගිටපු ලොකු මහත මිනිස්සු ගෑණු අත් උස්සනවා.

ඊට පස්සේ මෝහන මාස්ටර් කට්ටියව නැගිට්ටෙව්වා. එතකොට තමයි මං දැක්කේ හෝල් එකෙන් බාගයක් විතරම නැගිට්ට බව. ඒ කියන්නේ අනිත් අය නිදි නෑ.

ඉතිං මාත් ඒ අය එක්ක ෂෝ එක බලන්න පටන් ගත්තා.

එදා වෙච්ච සේරම කේස් මට දැන් මතක නෑ. නමුත් මෝහනය වුණු කීප දෙනෙක්ව වේදිකාවට අරං ගිහින් ඔවුන්ට කියලා එක එක දේවල් කරවපු හැටි මට මතකයි. එවත් අයට ටික ටික කාලයේ පසු පස්සට ඇරලා පොඩි බබා ලා බවට පත් කළා. එක් කෙනෙක්ව මව් කුසේට දැම්මා වගෙත් මතකයි.

ඉතිං ඔය ෂෝ එක මතක් වුණු වෙලාවේ ඉඳලා මං කල්පනා කරන්නේ එදා එක පිරිසක් මාස්ටර් ගේ කතව අහං ඉඳලා මෝහනය වුනාට මංතුමා ඇතුළු අනිත් පිරිස අපූරුවට හිටියේ කොහොමද කියලයි.

මෝහන මාස්ටර් ගේ සිතට වඩා දුබල සිත් ඇති අය විතරද එයාගෙන් මෝහනය වෙන්නේ?

-කතන්දරකාරයා

(image: http://hackjammer.com/hypnotherapy-and-hypnosis-what-are-they/)

84 comments:

  1. Kathandara Ponnayaaa

    ReplyDelete
    Replies
    1. නිදහස දුන්න පලියට ඒක අයුතු විදිහට පාවිච්චි කරන්න එපා ! ජාතකේ වැරැද්දක් තිබ්බට ඒක හැම තැනම කිය කිය යන්නත් එපා !

      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    2. මෙව්වා ඉතින් කබ්බොන්ගෙ වැඩ තමා

      Delete
    3. කකා අවුරුදු උත්සවේට එනවද? අපිනම් යන්න බයෙන් ඉන්නෙ..... නාකින්ට ගහනවා කියල තියෙනවනෙ....

      Delete
  2. මුලින්ම කතන්දරකාරයට ස්තූතිවන්ත වෙන්න ඕනේ, මම වගේ නවක බ්ලොග්කාරිනියෙක්ගේ, බ්ලොග් එකක් පිළිබඳව, ඔබතුමා වැනි විශිෂ්ට බ්ලොග්කරුවෙක්ගේ බ්ලොගයේ සටහන් කිරීම ගැන.

    දෙවනුව කීමට ඇත්තේ මෝහනය කිරීම සම්බන්ධව. මම රිදීමා මෝහනය කරන අන්දම ලීවේ මගේ හොඳම යෙහෙළිය, ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් මෝහනය කරනා බලා ඉඳීමෙන් ලබපු අත්දැකීම උඩ. මගේ යෙහෙළියට ලොකු ප්‍රශ්නයක් තිබුනා ඉන්දියන් කඩ සාප්පු, අවන්හල් වලට ගියාම මනස අතීතයට ඇදී යන ගැටලුවක්.

    එම වෛද්‍යවරයා පැවසූ අන්දමට මෝහනය කිරීමට පහසු වන්නේ සංවේදී පුද්ගලයන්ව. ඔහු උදාහරණයට ගත්තේ, ලේඛකයන්, යුද්ධයට ගිය පුද්ගලයන් වැනි අයව. මේ හැම දෙයක්ම නැහැ යනුවෙන් විශ්වාස කිරීමට හැකියාවක් අපිට නෑ. කපටිකාරයින්, වංචාකාරයින් මුදල් හෙවීමට නොයෙකුත් ක්‍රම උපයෝගී කරගන්නා මේ වගේ කාලයක ඔබ සහභාගී ඇත්තේ, මොනවගේ මෝහනය කිරීමේ වැඩ සටහනකටද කියලා කිවීම නම් අමාරුයි.

    තවත් ගොඩක් දේවල් කීව හැකි. ඒත් වෙනම පෝස්ටුවක් මෙතන දැමීමට අදහසක් නැති නිසා මින් නවතිනවා, නැවත වරක් ඔබට ස්තූති කරමින්.

    ReplyDelete
  3. එහෙම නම් සීන් එකක් දන්නේ නෑ! මොකෝ මමත් හරි ආසවෙන් ඉන්නේ ඔහොම මෝහනය වෙන එකෙක්ව බලා ගන්න..මොකෝ තව දැකලා නෑ...

    ReplyDelete
  4. මාස්ටර්ගේ ප්‍රෝඩාවක්ද කියන්න බැහැ

    ReplyDelete
  5. මෝහනය කිරීම ගැන ඉදිරියේදී කතුවරිගේ ලිපි වලින් දැනගන්න පුළුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. හායි කෙන්ජි අන්කල් !
      මෝහනය පිලිබඳ ඔයාගේ අදහස මොකක් ද ? මෝහනය කියලා දෙයක් තියෙනවද නැද්ද ?
      ඔබේ පිලිතුර නැත නම්, මහාචාර්ය හරිස්චන්ද්‍ර වැනි විද්වතුන් මෝහන ප්‍රතිකාර ගැන කියන දේවල් බොරු ද ?

      Delete
    2. හායි මගෙ සත්තලන් ඇනෝ පුතා!
      ඔය දේවල් හරි නම් මේ මුළු ලෝකයම මෙයට වෙනස්.
      මිය ගිය එතුමන්ට අපි සැම නිවන් සුව පතමු!!
      හැම දෙයක්ම කතාවට ගන්නෙ සති 2කෙන් පස්සෙනෙ පුතා.එහෙම කතිවතාවක් ආපු වෙලාවට එය කතා කරමු.

      Delete
    3. බලපන් කෙන්ජි උඹේ වැඩ නිසා ඇදුරු නයා බ්ලොග් එක වහලා..... අපිට ඉදල හිටල හරි ආතල් එකක් ගන්න තිබ්බ තැනක්......

      පෙනේ නැතුව අපි කෝමද ඉන්නේ....
      සමාවෙයන් නයි හාමී.... සමාවෙයන් නයි හාමී....

      Delete
    4. Ano April 11, 2013 at 9:57 AM,

      you have a good taste mate.

      Delete
  6. සමහරුන් මෝහනය වෙන්නත් අනෙක් අය නොවෙන්නත් හේතුව හොයාගෙන නැහැ නේද?

    ReplyDelete
  7. මෝඩයොද කියල නං දන්නෙ නෑ. ඒත් කකාගෙ වගේ අත්දැකීමක් මටත් තියනව. ඉස්කෝලෙ 7-8 විතර ඉන්න කාලෙ නෙවිල් සිල්ව මහත්තය ඇවිල්ල මෝහනය කලා හෙන සෙට් එකක්. හුඟ දෙනෙකුගෙ ගිය ආත්මෙට තමයි ගියේ. එක්කෙනෙක් හිමාල වනයේ ඇතෙක් වෙලා ඉඳලත් තිබුන. දළ කපාගන්න වෙඩිතිව්ව වෙලාවෙ කෑගහන විදියට කෑගහලත් පෙන්නුව.
    මගේ ෆිට් එකෙක් පොඩිකාලෙ අම්මට හොරාට කැවුම් කාල ගුටිකාපු හැටිත් ඇක්ට් කලා නියමෙට. ඔය කතාව අදත් ඌට කියනව සෙට් වුනාම

    ReplyDelete
  8. මෝහනය පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන තුළින් එළැඹිය හැකි සත්‍ය විද්‍යාවක් නොව. අනත්ත බොරු කිව හැකිය. අනන්ත කතාන්දර ගෙතිය හැකිය. එමෙන්ම තම මනස තුළ පෙර නිර්මාණයකරගත් චිත්ත රූප, සත්‍ය පසුබිමක් යටතේ සිදුවූවක් ලෙස ආත්ම කථනයන් කළ හැකිය.

    එමෙන්ම, මෝහනය කරන්නා ද තවත් එක කට්ටඩියෙකි. නමුත්, ඔහු දහඩිය පෙරාගෙන ආරූඩ වෙනවාට වඩා ටයි කෝට් පැලැද සන්සුන්ව සිහින් ස්වර භාවිත කරන්නෙකි.

    ReplyDelete
    Replies
    1. //අනන්ත කතාන්දර ගෙතිය හැකිය

      හුටා !
      අද ඉදන් කකාත් ලියන්න පටන් ගනියි මෝහන කතා සීරිස් එකක්.
      චූ කතා, ජී කතා, පඩ කතා, ජොක්කු කතා, කක්කා කතා ලිව්වා වගේ මෝහන කතාත් ලියයි !

      Delete
    2. @ Nirmala Madushani
      මේ කමෙන්ටුවත් තවත් අයෙකුගේ කමෙන්ටුවකුත් ස්පෑම් ගොඩට ගිහින් තිබුණා මං ඔබේ දෙවෙනි කමෙන්ටුව දැක හොයා බලන වෙලේ.

      Delete
  9. මෝහන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ කකා ඒ ගැන දන්නේ නෑ. නැත්නම් මෙහෙම කියන්නේ නෑ.
    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. ඔයාත් මෝහනය වෙලා.

      Delete
  10. කතා මෝඩයෙක් නොවෙයි කියලයි මේ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. කතා ද ? කකා ද ?

      Delete
  11. from 6:00 a.m. to 9:00 a.m. - No Comments !
    How poor is this blogger !!

    ReplyDelete
  12. මම හිතන්නේ ඔය වගේ ඉක්මනින් මෝහනයට පත්වෙන්නේ මනස දුර්වල අය වෙන්න ඕනේ. දුර්වල මනසක් තියෙන තියෙන අයට ඔය වගේ දේවල් දරාගන්න අමාරුයි. කකා දන්නවද ඔය යක්කු භූතයෝ ගොඩක් ආරූඩ වෙන්නේ ගැහැණු උදවියට ඒකට හේතුවත් මනසේ දුර්වල කම අතින් පිරිමින්ට වඩා ගැහැණු පහතින් ඉන්න එක. සමහර විට ඉක්මනින් මෝහනය වෙන්නෙත් ගැහැණු වෙන්න පුළුවන්,

    (ඒත් පිරිමින්ට වඩා හිත ශක්තිමත් ගැහැණුන් ඉන්නවා වගේම ගැහැනුන්ට වඩා හිත දුර්වල පිරිමින්ද ඉන්නවා )

    ReplyDelete
    Replies
    1. @ චමී4යූ~chami4u

      මේ කමෙන්ටුවත් තවත් අයෙකුගේ කමෙන්ටුවකුත් ස්පෑම් ගොඩට ගිහින් තිබුණා.

      Delete
  13. නියම පෝස්ට් එකක් !

    ReplyDelete
    Replies
    1. පට්ට කොමන්ට් එකක්.

      Delete
    2. ගොඩ වෙන්න අපේ ගෙදරටත්!

      Delete
  14. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
    Replies
    1. නොබල ඉදින් බං.

      Delete
    2. රැල්ල ගහද්දි හිට්ස් දෙක තුනක් අල්ලගන්න දගලන දැගලිල්ලක්

      Delete
  15. කකා,
    උක්ත ඇනෝවෙකු මතුකල කාරණය ගැන මම යමක් දැනගනු කැමැත්තෙන්මි. මෝහනය කියා දෙයක් නොමැති නම් මනෝ වෛද්‍යයවරු විසින් මෝහන ප්‍රතිකාර ක්‍රම ලෙස සඳහන් කරමින් සිදු කරන්නේ කුමක්ද ? එයත් ප්‍රෝඩාවක් ද ?

    ReplyDelete
  16. mohanaya man piligannawa.. eth durwala manasak tiyana aya nemei mohanaya wenne. samahara aya mohanaya karanna bahalu. echcharay... anika mohanaya karana e pudgalaya karanna akamati dewal balen karananth ba

    ReplyDelete
  17. උසස් අධ්‍යාපනය ලබන කාලේ ඔය වගේම සිද්ධියකට මාත් මුහුණ දුන්නා. අප්පච්චියේ කෙල්ලො කොල්ලො අඪන හැටි දැක්කම පුදුමත් හිතුනා.

    ඔබ නිදි ඔබ නිදි ඔබ නි දී... ඔබ නිනිනිනිදී....නිදි....නි...දී......ගර්ර්ර්ර්ර්ර්.....

    ReplyDelete
    Replies
    1. ආර්ට් එකෙන් කල ප්‍රෝගෑම් එකද?

      Delete
    2. ඔවු...ඔයා කොහොම ද දන්නේ.........

      Delete
    3. @෴සොඳුරු සිත෴,රාජ්
      අපරාදේ මම ඕක දැක්කෙ නෑනේ..

      Delete
    4. ෴සොඳුරු සිත෴
      අපිත් රුහුණෙ හිටිය වැස්සට ව‍ගේ..... :-)
      ඔය කේස්එක වෙලාවෙ මරු වැඩක් උනා. මමයි යාළුවො දෙන්නෙක් වෙච්ච "චන්දරෙයි" "වාසෙයි" එක්ක තමයි ඔය මෝහන සීන්එකට ගියේ. ඔන්න ඇස් වහගන්න කිව්වම අපි ඇස් වහගත්ත. චන්දරෙයි මමයි නං ආතල් එකේ කතාවක් දාගෙන හිටියෙ .ඊට පස්සෙ ඉස්සරහට එන්න කිව්වම(මෝහනය වෙච්ච එවුන්ට) අපි ඇස් ඇරල බලනකොට මෙන්න බොලේ වාසෙ ඉස්සරහට යන්න හදනව. ඒ ගමන චන්දරේ ඌට එකක් ගහල තමයි වාඩිකලේ.

      Delete
  18. තාර්කික උඩු සිත නිද්‍රාවට පත් කළ විට අතාර්කික යටි සිත අන්‍යයන් දෙන විධාන ක්‍රියාවට නංවයි.. එසේම පෞර්ෂයෙන් ඉහළ තැනැත්තෙකු මොහනයට පත් කිරිමත් අසිරුයි. මම ද කාලයක් මේ දේ හදාරා ඇත. අවශනම් මෝහනය කිරිමට ද හැකිය. ඒත් එහිදී වන්නේ මෝහනය කරන්නා දෙන විධාන මෝහනයට පත් තැනැත්තා ක්‍රියාවට නැංවිම පමණයි.
    උදාහරණයක් ලෙස ඔබ දැන් ඉන්නේ හදේ දැන් හදෙන් ගලක් අහුලන්න කී විට එතැන තිබෙන ගලක් අහුලන්නට මෝහනය වූ තැනැත්තා පෙළඹෙයි.

    ReplyDelete
  19. මොහනය, පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ නොකරන අසංපූර්ණ විද්‍යාවක්. එය සත්‍යයෙන් යුතු බව තවකෙක් සිතනමුත්, ඒ හා සමාන පිරිසක් අදි-හූනියම්-අන්ජනම් ගැනද විශ්වාසය තබයි. සියල්ල මැජික් ලෙස පෙන්වන අවස්ථාද එමටය.
    මොහනය මඟින් තවකෙක් තම සිත තුළ පෙර නිර්මාණය කර ගන්නාලද චිත්ත රූප පෙළගස්වමින් වමාරයි. එය තවකෙනෙකුට සත්‍යයකි. ඔවුන් නිර්මාණාත්මකව ආත්ම කථනයන් කරයි. නමුත්, මෙම කථනය තුළ ගැබ් වී ඇත්තේ ඔහුගේ දෘශ්ඨියයි. කෙනෙකු මොහනය වනු දුටු විට ඒ දැක මෝහනයෙන් බලා නොසිට යතාර්ථය අප තේරුම් ගත යුතුය. සිතුවිලි මඟින් වෛද්‍ය ප්‍රථිකාර කළ හැකිය. නමුත්, මෝහනය කරන අයට මෙය හොද තේමාවකි. වවාගෙන කෑ හැකි විශයකි. එබැවින්, එය තම මෝහන විද්‍යා විශය පථය තුළම හසුරුවමින් නොනවතින මෙහෙයුමක නිරත වේ.

    මොහනය මගින් පෙර භවයේ “මා සිටියේ ඉන්දියාවේ“ කියන අයෙකුට එකදු හින්දි, දෙමළ වචනයක් බැරිය. සමහරු පෙර භවයේ වෛද්‍යවරුය, ගුරුවරුය, පඬිවරුය. නමුත් පෙර භවයක දැණුම බිදකුදු මේ භවයේ නැත. ඒ පිළිබඳව මොහන ශිල්පීන් විමසුම් කරන්නේ ද නැත. මන්ද එය සත්‍යෙයන් තොර වීමයි.

    කතන්දරට මා උදේ ද අදහස් යොමු කළ මුත් මේ දක්වා පල කර නැත. ඔබට අවශ්‍ය ඇනෝ කොමන්ට් විතරද?

    ReplyDelete
    Replies
    1. තරහා ගන්න එපා සුදූ.
      ඔයා ඉතින් අපට ඉන්න බුද්ධිමත් බ්ලොග්කාරියක් නේ. ඔහොම තරහා අරගෙන බෑ.

      Delete
    2. ආනේ බබීට ඩෝයි ගිහින් !
      නැතුව නැතුව ඔයා ගූගල් සර්ච් කරල උස්සපු අයිඩියා ටික නොදා කොහොමද නේ.

      මොනවද කකා මේ කරන වැඩ දාන්නකො මේ ලමයගෙ කොමෙන්ට් එක.

      Delete
    3. මෙන්න ඔබේ කමෙන්ටුව.

      http://kathandara.blogspot.com/2013/04/hypnosis-and-fools.html?showComment=1365563012050#c2483602565568394549


      එයත් තවත් අයෙකුගේ කමෙන්ටුවකුත් ස්පෑම් ගොඩට ගිහින් තිබුණා මං මේ දෙවෙනි කමෙන්ටුව දැක හොයා බලන වෙලේ.

      Delete
    4. නිර්මලා ඔය ටිකම තමා මාත් ඉතාම සරල උදාහරණයක් සමග කියා තියෙන්නේ ඉහළින්

      Delete
    5. @ ඇනෝ
      පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ කරනවා යනු විද්‍යාත්මක ක්‍රමයක ලක්ෂනයි. එය ගූගල් වලින් සොයා ගත යුතු නොවේ. සා/පෙ අධ්‍යාපනයේ පවා අන්තර්ගත දෙයකි. ගූගල් වලින් සොයා ගත්තද ගැටලුවක් නැත. අප ඉගෙන ගත යුත්තේ පොත් වලින් පමණක්ය කියා දෙයක් මා අසා නැත.
      සමාවෙන්න Reply දෙන්න ප්‍රමාදවීම ගැන.

      Delete
    6. @ ඇනෝ
      පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අවස්ථා සම්පූර්ණ කරනවා යනු විද්‍යාත්මක ක්‍රමයක ලක්ෂනයි. එය ගූගල් වලින් සොයා ගත යුතු නොවේ. සා/පෙ අධ්‍යාපනයේ පවා අන්තර්ගත දෙයකි. ගූගල් වලින් සොයා ගත්තද ගැටලුවක් නැත. අප ඉගෙන ගත යුත්තේ පොත් වලින් පමණක්ය කියා දෙයක් මා අසා නැත.
      සමාවෙන්න Reply දෙන්න ප්‍රමාදවීම ගැන.

      Delete
  20. රැල්ල ගහද්දි හිට්ස් දෙක තුනක් අල්ලගන්න දගලන දැගලිල්ලක්

    ReplyDelete
  21. KIHIPA DENEKUWA MOHANAYA KARANAWA MAMATH DAKALA THIYANAWA, MOHANAYA WENAKOTA ISSELLAMA JOKA IRENAWA, PADA YANAWA, CHOO YANAWA, JEE YANAWA, EKA PALIYATA ENAWA, SU KRA YANAWA. ITHIN BADUMA THAMA.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔබ සැම පුල පුලා බලන් සිටි කැපිටල් ඇනෝ අන්කල්!!!!

      Delete
    2. ඔයා ඒ දැකල තියෙන්නෙ ‍මෝහනය කරනව නෙවෙයි බබෝ. මෝහනය කරනව කියන්නෙ ඒ දැකපු එකට නෙවෙයි.
      //SU KRA YANAWA//
      ගෑණුන්ටත්?

      Delete
    3. බලාගෙන ගියහම මෝහනය වෙන එකෙන් කාඩ් කුඩු වෙනවා නෙහ්.

      Delete
    4. ට්‍රැෆික් :
      මොට්ටයා... ! අනේ ගොනෝ !
      ගෑනුන්ට ශුක්‍ර පහ වෙනවා යෑ.ගෑනුන්ට මෙන්සස් හැදෙන්නේ !

      Delete
  22. මෝහනය කරනු ලැබීම සඳහාත් බලි තොවිල් දේව කන්නලව් වලදී ආවේශ වීම සඳහාත් යම් ආකාරයට මානසික ලක්ෂණයක් අවශ්‍ය බව මටත් හිතෙනවා. ඒ මානසික ලක්ෂණය දුර්වලකම ද කියන්න අමාරුයි. ඒත් මානසික දුර්වලකමක් ඇති අයට එකී ලක්ෂණය තිබෙන බවනම් පේනවා.

    එක්තරා වෙදමහත්මයෙක් (මහ වෙදනා නොවේ) ළඟට මං ගියා බෙහෙත් ගන්න. මැල්සිරිපුර පැත්තෙ. ගිහිල්ල බලපුවහම මෑන් ගුප්ත විද්‍යා සහිත ආයුර්වේද ප්‍රතිකාර කරන පොරක්. පොර වරද මුද්‍රාවෙන් අත තියාගන මට මෑන්ගෙ අත පෙන්නලා අත දිහා බලා ඉන්න කිව්වා. මාත් බලා හිටියා. විනාඩියකට විතර පස්සෙ ඇහුවා මොකක්ද පේන්නෙ කියල. මං කිව්වෙ අතේ තියන රේඛා එහෙම පෙනුන කියල. වෙන මොකවත්ම දැක්කෙ නැද්ද ඇහුව. මං නෑ කිවුව. එච්චරයි. ඊට පස්සෙ කතාව වෙන පැත්තකට ඇද්ද.

    බොරු කාරයො ඉන්නවා. මෝහනය කියන්නෙ බොරුවක් කියල කියන්න තරම් සාක්ෂියක් මටනම් හමු වෙලා නැහැ. මට මතකයි මොකක් හරි පොතක "විඥානවාදය විද්‍යාත්මක වේශයෙන් එන බව" කියල තිබුනා.

    ReplyDelete
    Replies
    1. //මෝහනය කියන්නෙ බොරුවක් කියල කියන්න තරම් සාක්ෂියක් මටනම් හමු වෙලා නැහැ//
      සාමාන්‍යයෙන් යමක ඇත්ත කියල ඔප්පු කරන්නයි සාක්ෂි ඕන කරන්නෙ. එතකල් බොරු.

      Delete
  23. මටත් හිතෙන්නේ අර චමි කියපු දේම තමා.දුර්වල මනස් තියෙන අය තමා ඔය වගේ දේවල් වලින් මෝහනයට පත් වෙන්නේ ඒ වගේ අයටම තමා හොල්මන් අවතාර පෙනිලා තියෙන්නේත්.කොහොම හරි කකාගේ මනස දුර්වල නැහැ එහෙනම්?

    ReplyDelete
  24. මාත් ආසයි මෝහනය වෙන්න..ඔය මෝහනය කරවන සංදර්ශන දැකලත් තියෙනවා ..ඒත් බයයි අප්පේ යටි හිතේ තියෙන එව්වා පිරිසක් ඉස්සරහ එහෙම කියවුනොත්...ආයි රෙදි ඇඳන් පාරේ බැහලා යනවා නම් බොරු තමයි !

    ReplyDelete
  25. I HAVE SEEN MALES HYPNOTISING, NOT FEMALES.

    ReplyDelete
  26. අද පෝස්ට් එකට කමෙන්ට් 46යි

    මම දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
    කකා දමපු කමෙන්ට් ගණන 4
    වෙනත් ඇනෝවරු දමපු කමෙන්ට් ගණන 6

    ReplyDelete
  27. එකපාරක් ටීවී එකේ දැක්ක වැඩ සටහනක, මෝහනය කරන කෙනා, බලන්ට ඇවිත් හිටපු අයගෙන්, තෝරා ගත්තේ එයාගෙම මිනිස්සු කොටසක් කියලා අහු උනා. බොරුකාරයොත් ඇති. ඒත් අද වෛද්‍යවරුත් මානසික ලෙඩ හොඳ කරන්ට 'මෝහනය' භාවිතා කරනවා නේද?

    ReplyDelete
  28. මනස දුර්වලද මෝඩද කියන එකට වඩා මම හිතන්නේ බලපාන්නේ තමන් මෝහනය වෙන්න කැමතිද නැද්ද කියන එක. අකමැති කෙනාව මෝහනය කරන්න බැහැ කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  29. අපේ ඉස්කෝලෙටත් නෙවිල් ද සිල්වා මහත්තය ඇවිත් මෝහන සංදර්ශනයක් තිබ්බා...
    හෝල් එකෙන් බාගයක්ම විතර මෝහනය වුණා,කට්ටියව ස්ටේජ් එකට අරන් නැටෙව්වත්,කෙල්ලො නැටුවෙ උඩ පැන පැන
    හැබැයි මාව මෝහනය උනේ නෑ

    ReplyDelete
  30. සමහර හැන්ඩ්සම් කොල්ලෝ දැක්කම මාත් නිකන් මෝහනය උනා වගේ. ඒ දිහාවට ඇදිලා යනවා.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. හුරතල් ඇනී@ බලාගෙන දසමාසෙකට පස්සේ මෝහන නින්දෙන් අවදි වෙන්න වේවි.

      Delete
  31. මෝහනය නොවෙන්නේ මෝඩයෝ..............

    ReplyDelete
    Replies
    1. මල්ලි වගකීමෙන්ද කියන්නේ ?
      මෝහනය පිලිබඳ වෛද්‍යයවරයෙකුගේ පැත්තෙනුත් අදහසක් දෙකක් දැක්වුවා නම් හොද නැද්ද ?

      Delete
    2. අපෝ නෑ.....අයියේ / අක්කේ, වගකීමෙන් අදහස් දක්වන්ඩ තරම් මම පුංචි වැඩියි තාම.

      Delete
  32. හොද ලිපියක්. මේ පැත්තෙත් එන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  33. අප සංගමයේ සියළු දෙනා නැවතත් රාජකාරියට වාර්තා කරන්නේ අවුරුදු නිවාඩුවෙන් පසුව නිසා අද දින අප සංගමයේ සුබ පැතුම් පණිවිඩය කකාට ලැබෙන්නට සලස්වමි.

    කකා ඇතුළු පවුලේ සැමට සාමය සතුට සපිරුනු සිංහල අළුත් අවුරුද්දක් වේවා !

    இனிய புத்தாண்டு வாழ்த்துகள் !

    Happy New year to Kaka and his loving family !


    සභාපති,
    කකා සුරැකීමේ ජාතික සංවිධානය

    ReplyDelete
  34. මේ ලිපිය නිසා මෝහනය ගැන කරුනු විතරක් නෙවෙයි වෙන වෙන කරුණුත් දැනගත්තා. ඒ වගේම කොතනකදි හරි මෝහනය කරන්න ඉදිරිපත් වෙන්න කිව්වොත් බැහැයි කියන්නත් හිතාගත්තා :)

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕක දෙපාර දෙපාර කියන්න ඕන නෑ නේ.
      මොකද ඔයා ඩයලොග් IDD ඩබල් බෝනස් එකවත් ගත්ත ද ??

      Delete
  35. මේ ලිපිය නිසා මෝහනය ගැන කරුනු විතරක් නෙවෙයි වෙන වෙන කරුණුත් දැනගත්තා. ඒ වගේම කොතනකදි හරි මෝහනය කරන්න ඉදිරිපත් වෙන්න කිව්වොත් බැහැයි කියන්නත් හිතාගත්තා :)

    ReplyDelete
  36. මේ වනවිට මුළු කමෙන්ට් ගණන 71

    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 18
    කකා දමපු කමෙන්ට් ගණන 6
    වෙනත් ඇනෝවරු දමපු කමෙන්ට් ගණන 12

    ReplyDelete
  37. අම්මට හුඩු !!!
    කතන්දර බොසා පත්තර තට්ටුවට බැස්ස ද !! එල එල අපිත් බොක්කෙන්ම සප් එක දෙන්නං !!
    ඕල් ද බෙස්ට් ආ !!!


    -ටයර් හන්දියේ මාළු සෝමේ

    ReplyDelete
  38. වයිෆ් ලඟ නැත්නම් මං මෝහනය වෙන්න කැමතියි

    ReplyDelete
  39. මචං කතන්දර කාරයා,,, මෝහනය කියන්නේ අංගසම්පුර්ණ විද්‍යාවක්.එක වර මෝහනය නොවන්න හේතු ගොඩක් තියෙනවා. එයිනුත් ප්‍රධාන වෙන්නේ එක එක්කෙනාගේ හිතේ පවතින දැඩි බවත්, සිත එහෙ මෙහෙ දුවන අස්ථාවර බවත්, තව අවස්ථා තියෙනවා මොහනය කරන අවස්ථා වලදී එම පරිසරයේ පවතින භෞථික තත්වය මෝහනය වන පුද්ගලයාට ගැලපෙන්නේ නැත්නම් සමහර අවස්ථා වල එම පුද්ගලයා මොහන නිද්‍රාවකට ලක් කරන්න අපහසුයි. ගොඩක් වෙලාවට මේ හේතු තුන තමයි ඔය කියන විදිහේ මෝහන අචාර්ය වරුන් සමුහ මොහන සංදර්ශන වලදී මෝහනය කරනකොට මෝහනය නොවෙන්න හේතු වෙන්නේ. ඔයා මෝහනය නොවුනා කියල තමන්ගේ හිත අර ආචාර්ය වරයාට වඩා ශක්තිමත්, නැත්තන් ආචාර්ය වරයාගේ හිතට වඩා ශක්තිමත් නැති හිත් තියෙන උන් තමයි මෝහනය වෙන්නේ කියල හිතන එක මෝඩ වැඩක්. මනෝවිද්‍යාත්මක අභ්‍යාස වල නිරත නොවී, ඒවා ගණ නොදැන අදහස් පල කිරීමත් මෝඩ වැඩක්. මොකද එම ආචාර්ය වරයා මොහාන ක්‍රියාවලියකට අත ගහන්නේ එම අභ්‍යාස වල නිපුනත්වයකට පැමිණියාට පසුවයි. මෝහනය කරන්න පුළුවන් තැනැත්තාගේ සිත තමයි එතන බලවත් වෙන්නේ . ඔයත් සාර්ථක සිත එකඟ කිරීමේ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් අනුගමනය කලානම් ඔයාගේ සිත ආචාර්ය වරයාට වඩා ශක්තිමත් වෙන්න ඉඩ තිබුනා. මටත් මතකයි මමත් වේයන්ගොඩ පැත්තේ මොහන සංදර්ශනයකට ගියා ඉස්කෝලේ 10දී විතර , මටත් තිබුනේ ඔය ප්‍රශ්නෙම තමයි මාව , මගේ යාලුවෝ කිහිපදෙනෙක් ව ඒ උපදේශක වරයාට බැරි උනා මෝහනය කරන්න. එතැනදී තමයි මට මේ ගැන හොයන්න හිතුනේ .

    එහෙමයි කියල ඒ ප්‍රසිද්ධියේ මෝහනය නොවන අය මෝහනය වෙන්නෙම නැහැ කියල හිතන්න බැහැ. ඒ අයත් සාර්ථක ප්‍රතිකාරයකින් පසු මෝහනයට පත් වෙනවා. ඒක නිසා මේ ගැන දන්නා කෙනෙක් හමු වෙලා දැනගන්න. මේ විෂය ටිකක් ගැඹුරුයි. ඔයා දැඩි ආගම්වාදියෙක්නම් , දැඩි මතවාදියෙක්නම් ඒවා එළියෙන් ගලවල තියල තමයි මේ විෂයට අත ගහන්න ඕනේ. සම්පුර්ණයෙන් විද්‍යාත්මක නිසා සමහර කරුණු ආගම් වල මතවාද වලට පටහැණි යි.

    හොඳ ලිපියක්,, හැකි උනොත් doctor කෙනෙක්ගෙන් අහල සාර්ථක මනෝ විද්‍යාත්මක ලිපියක් පල කරන්නම්..

    ReplyDelete
  40. සමහර වංචාකාරී පුද්ගලයින්ද ,,තමන්ගේම හෙන්චයියල යොදාගෙන මැජික් සංදර්ශන වගේ මේවා තියනවා ,, ඒවාට නිසි නියාමනයක් නැති එක අඩුපාඩුවක්

    ReplyDelete
  41. මෝහනය වෙන්නේ දුර්වල සිත ඇති අය නොව ඉතාම ප්‍රභල චිත්ත ඒකාග්‍රතාවය ඇති පුද්ගලයන් පමණි. දුර්වල සිත ඇති අයට මෝහනය වීම අසීරු කරුණකි.

    ReplyDelete
  42. මෝහනය වන්නේ සිතෙහි කිසිදු බියක් නැති, තමා පිලිබඳ චකිතයක් නැති, මානසික ගැටළු නැති මනසකට (Genius Mind) හිමිකම් කියන පුද්ගලයන් පමණි. ඉහත කරුණු වලින් ඉවත් වීමට හැකි ඕනෑම අයෙකුට මෝහනය අත්විඳිය හැක. එමෙන්ම මෝහනවෙදියගේ උපදෙස් වලට අවධානය යොමු නොකර වෙනත් දේ සිතෙන චංචල මනසක් ඇති අයටද මෝහනය අත්විඳිය නොහැක. ප්‍රභල මානසික එකග්රතාවයෙන් යුත් අය වඩා හොඳින් මෝහනය වේ, දුර්වල මානසික ඒකග්‍රතාවයක් සහිත අය මෝහනය කිරීම වඩාත් අපහසුය.

    මෝහනය පිලිබඳ සවිස්තර වීඩියෝවක් මාගේ වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය නම් නැරඹිය හැක.
    mohanaya.com

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.