Wednesday 13 March 2013

ජන්මෙ ද නැත්තං පරිසරය ද - මහැදුරුකාරයෙකු ගේ කතාවක් : Genetic or environmental factors?


පෙරේදා මං දාපු අතිජාත, සහජාත සහ අවජාත Genes or environment? කතන්දරේ ලියන වෙලාවේ පරණ කතන්දර දෙක තුනක්ම සිහිවුණා.

මෙන්න ඒවායින් කීපයක්.

මේ මුල් කතන්දරේ නං තුනේ පන්තියේ බුද්ධාගම පොතෙන් හැමෝම කියවලා ඇති.

ඔන්න එක කැලේක කුරුළු කූඩුවක ගිරා පැටව් දෙන්නෙක් හිටියා. දවසක් මහ සැඩ සුළඟකින් මේ කූඩුව කැඩිලා එක පැටියෙක් හුළගේ පාවෙලා ගිහින් තාපසයින් ඉන්න කුටියක් ලඟ වැටුණා. තාපසයෝ මේ ගිරා පැටියාව තමන් ගේ කුටියේ හදා වඩා ගත්තා.

අනිත් ගිරා පැටියා හුළගේ පාවෙලා ගිහින් වැටුණේ පල් හොරු රැලක් ඉන්න ගල් ගුහාවක් ලඟයි. මූ එතන හැදුණා.

කතාවේ අවසානයේ දී කියවෙන විදියට මේ එක ගිරා ජෝඩුවගේ පැටවුන් දෙන්නා තමන් හැදුණු පරිසරය අනුව එකෙක් තාපසයින් වගේ ඉතාමත් නිවුණු සංවර වචන කතාකරන්නයි, අනිකා පල් හොරුන් වගේ පරුෂවචන කතා කරන්නයි ඉගෙන ගත්තා.

ජන්මය කෙසේ වෙතත් පරිසරය අනුවයි ගතිගුණ තීරණය වෙන්නේ කියන එකයි මේ කතාවෙන් කියවෙන පාඩම.

දෙවෙනි කතාව අපේ ආච්චි කියපු කතාවක්.

ඔන්න අපේ ගමේ එක ලොක්කෙක් ඉඳලා තියෙනවා. මේ සුද්දගෙ කාලේ. මේ මහත්තයාට ඇල්ශේෂන් බල්ලෙක් ඉඳලා තියෙනවා. මූ මස් විතරයි ලු කන්නේ. බත්, එළවළු කෑමක් නෑ.

මහත්තයා රට අත හැරලා එංගලන්තේ ගිහින්. මෙහෙම ගිය සමහර මහත්තුරු බල්ලන්ව මරලා යි ගිහින් තියෙන්නේ. උන්ට සැප නැතුව දුක් විඳින්න වේවි කියලා. නමුත් මේ බල්ලාව ගමේ පවුලකට දිලා ගිහින්.

බල්ලා මුලින් මස් නැති හින්දා කිසිම දෙයක් කාලාම නෑ. අළුත් අයිතිකාරයා කරෝල හොඳි එක්ක දුන්නු බත් දිහා මූ ඇහැක් ඇරලාවත් බලලා නෑ.

ඔහොම දවස් දෙකතුනක් විතර ගිහින් තියෙනවා.

අන්තිමේ දී හැබැයි බල්ලා පොල් එක්ක අනලා දුන්නත් බත් කන්න පුරුදු වෙලා!

මේ කතාවෙනුත් කියවෙන්නේ ජන්මෙට වඩා පරිසරය වැදගත් සාධකයක් බවයි.

දැන් මෙන්න තුන්වෙනි කතන්දරේ.

මේක කිව්වේ මං තරමක් දන්න කියන මහැදුරෙක්. මෙයා නිකං මහැදුරු කෙනෙක් නොවෙයි වෛද්‍ය මහැදුරෙක්.

ඔන්න දවසක් මේ මහැදුරා රෝග නිධාන ගැන පොඩි ටෝක් එකක් දෙනවා.

"ඕනෑම රෝගයක් හැදෙන්න බලපාන හේතු වර්ග දෙකකට බෙදන්න පුළුවනි. ඒ එක වර්ගයක් තමයි ජානමය කරුණු. ජෙනටික් ෆැක්ටර්ස්. අනිත් වර්ගය පාරිසරික කරුණු, එන්වයර්මෙන්ටල් ෆැක්ටර්ස්."

"දැන් මේ වර්ගීකරණය තේරුම් ගන්න දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේක" මහැදුරා කිව්වා "හිතන්න තමන්ගේ බිරිඳට උපන් ළමයා තමන් වගේය කියලා. අන්න ඒක තමයි ජෙනටිකල් ෆැක්ටර් එක."

"හැබැයි ළමයා අල්ලපු ගෙදර මිනිහා වගේ නම්, අන්න එන්වයර්මෙන්ටල් ෆැක්ටර් එක."

-කතන්දරකාරයා


(image: http://www.squidoo.com/doctor-who-online)

59 comments:

  1. ඔය මහැඳුරුටත් හිටියද නයි අරින්න උපන් හපන් ආදරනීය බිරින්දෑ කෙනෙක් ?
    මම අද එකද ?

    ReplyDelete
    Replies
    1. දැන් ඔය නයා ගැන ලියන්න ගිහිලා කකාත් බැනුම් අහ ගන්නවා. අරුණි නෝනාත් ඔය ඇදුරුගේ නයාට කැමැතියි කියලා ලියල තිබුණෙ.

      Delete
    2. නයා දැන් පොළග වෙලා ඉන්නෙ... හරිම දරුණුයි....

      අනෙක ලමයිනේ අද කාලෙ සමාජයේ ඉන්න පෙනේ නැතුව බෑ.....

      අහන්න කපුගේ ගෙ නයි හාමි.....http://www.youtube.com/watch?v=hUAl1-2Y6XA

      Delete
    3. මේ කතාව කියපු මහැදුරුට ඉන්නේ "පාට්නර්" කෙනෙක්.

      Delete
  2. හි හි එන්වයර්මෙන්ටල් ෆැක්ටර් එක මාර විදිහටනේ බලපාන්නේ ...

    ReplyDelete
  3. ඔයා කාරණයම බාලචන්ද්‍රන් දරුවගේ කෙස් එකෙදීත් එලියට ආවා....

    එම ඝාතනය ( 100% තහවුරු කර් අනැත) ඒ දරුවගේ ජෙන්ටික් එක හිනදා කරපු දෙයක්ද? අනාගතයේ ඒ දරුවා හැදීමට නියමිතව තිබු එන්වයෛමන්ට් ෆැක්ට් එකක් හිනදා කරපු දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ජෙනටික් සහ එන්වෑර්මන්ටල් දෙකම හින්දා කොලේ....තාත්තගේ ලේ හින්දා පස්සේ කාලේක නරක් මිතුරු ආශ්‍රෙට වැටිලා නැවත රජ කම ඉල්ලන් එයි කියලා...

      Delete
    2. patta ++++++++++++++++++++++++++++++

      Delete
  4. හික්ස්! එතැනදී එන්වයර්මෙන්ටල් එක ප්‍රමුඛ වෙලා!

    ReplyDelete
  5. මේ කතාවනම් බොහෝ දෙනෙක්ට නියමෙටම ගැලපෙනවා. විශේෂයෙන් මහත්වරු ලෙස පෙනී සිටින අයට.

    ReplyDelete
  6. මේ පෝස්ට් එකෙන් නම් රජෝ ගහන එක ගහල තියෙනව කුනු වෙන්නම .. හික් හික් හික්

    ReplyDelete
  7. මහචාර්යවරයෙකු ගන කතාවක් කිව්ව නිසා මට මේ කතාව මතක් උනේ.
    අපේ මහඳුරු නලින් ද සිල්වා මැතිතුමා කියන පරිදි "බටහිර විද්‍යාව යනු පට්ට පල් බොරුවකි"

    උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ශනය යනු නිව්ටන් විසින් ගොතන ලද සුරංගනා කතාවකි. එම සුරංගනා කතාව බටහිරින් පෙරදිගට පැමිණ පෙරදිග මිනිස්සු එය සත්‍යක් ලෙස එක හෙලාම පිලිගනී.

    බටහිර අධිරාජ්‍යවාදය මගින් පෙරදිග යටත් කරගැනීමේ නූතන ක්‍රමවේදය වන්නේ මෙයයි. බටහිරයන් විසින් ගොතන ලද සුරංගනා කතා (ගුරුත්වාකර්ශනය වැනි කතා) පෙරදිගයන් ලවා පිලිගැනීමට සැලැස්වීම බටහිර අධිරාJයවාදයේ නූතන ස්වරූපයයි. බටහිරයන් වන අප විසින් හොයා ගන්නා දේ පමණක් සත්‍යයි. එය පෙරදිගයන් වන ඔබ විසින් පිලිගත යුතු බවට ඔවුන් ආධිපත්‍යය පතුරයි.

    මේ පිලිබඳව තව දුරටත් කතා කල යුතුව ඇතත් කාර්යාල වැඩ ගොඩක මා සිරවී සිටින බැවින් මෙතකින් නවතිමි.

    මේ පිලිබඳ කතන්දර බ්ලොග් පාඨකයන්ගේද අදහස් දැනගන්නට කැමැත්තෙන්මි. ඔබේ අදහස් පහලින් කොටන්න.

    ReplyDelete
    Replies
    1. ගාලු තනතිල්ල කලකට පසු පිතිකරුවන්ගේ පාරාදිසයක් බදු විය.
      එය එසේ වීම හොද නමුත් තරඟය අවසන් වූයේ ලංකාවට යහපත් ආකාරයෙන් නොවේ.
      කෙසේ නමුත් ඉදිරී තරගයට මහේලගේ සහභාගීත්වය අස්තීරය නමුත් නවක පිතීකරුවන් ලද අවස්තාවෙන් උපරිම ඵල නෙලාගත්තේය එය අනාගතයට සුභදායි ලකුනකි.
      SSC තනතිල්ල වේගපන්දු යවන්නට සහයෝගයක් දෙන තනතිල්ලක් බව මීට පෙර දැක ඇත්තෙමු.
      මෙම තරඟයට මෙන්ඩිස් වෙනුවට වේගපන්දු යවන්නෙකුට අවස්තාවක් දීම කාලෝචිතය.එමෙන්ම කිත්රුවන්ගේ ස්තානයද ගැටලුකාරීය.
      කෙසේ වුවත් එය තරඟය අනුව තීරනය කල යුතුය
      මීලඟට ඇත්තේ IPL තරගාවලියයි
      එවිට සමහර ක්‍රීඩකයන්ගේ ආබාධ හාස්කමකින් මෙන් සුවවෙන ආකාරය අපට බලාගත හැක.

      Delete
    2. ගුරුත්වය කියන්නෙ සුරංගනා කතාවක්ද නැද්ද කියලා නලින් ද සිල්වාටම දැන ගන්න පුළුවන්නෙ WTC එකේ උඩම තට්ටුවට ගිහින් පැනලා.

      Delete
    3. කකා අද පෝස්ටුව නම් මාආආආරයි.
      අර කතාව තුනේ පන්තියේ බුද්ධාගම පොතට ආවෙ කොහෙන්ද දන්නේ නෑ. ඇත්ත කියන්න කකා. ඔයා ඔය කතාවෙ ඇත්ත නම දන්නේ නෑ නේද?

      Delete
    4. හිතවත් කතන්දර,
      ඔබ හස්තෝපක්‍රම මගින් කවි ලියන්නේ ජානමය බලපෑමෙන්ද? නැත්නම් පාරිසරික බලපෑමෙන්ද?

      Delete
    5. ගුරුත්වාකර්ෂණය කියන නමෙන් හඳුන්වන බලය බොහොම ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්නේ. ඒකට ඉතිං ගුරුත්වාකර්ෂණය නොකියා ඉස්සර කාලේ රාවණා හොයාගත්ත කියලා "භූ-ආකර්ෂණම්" වගේ නමක් කියන්න පුළුවන්. ඒත් අර සංසිද්ධිය සිද්ධවෙන්න පාවිච්චි කරන නමෙන් බලපෑමක් නැහැනේ.

      Delete
    6. නලින්ද බ්‍රයිටෙක්. බාහු සහ කුමාර් සමග නසසප හැදුවේ මේ තුන්දෙනා. බ්‍රයිටා නිසාම මොලේ කචල් වුනා.

      ඔය හොයැගැනීම් ගැන නම් කියන්න තියෙන්නේ ඇයි ඒවා නැතිවෙලා තිබුණද කියලනේ. ගුරුත්වාකර්ෂණය නං හොයාගත්තේ ඉකාරස් වෙන්න ඇති.

      Delete
    7. නලින්ද කියනවා ගුරුත්වකර්ෂණය සිරුරේ යම් අවයවකට දැනෙනවාලු! ඒ අවයවය බලන්න ආසයිලු.

      නමුත් ඒ අවයවය තියෙන කෙනා ඒන නලින්දට පෙන්නන්නේ නෑහෑයිලු!

      http://www.youtube.com/watch?v=ATGvBLTQjck

      Delete
    8. @Mahasen monarawila :

      එක අතකට මෙය පාරසරික බලපෑම කියා පැවසිය හැකිය.
      එහෙත් මෙය සැබෑ ලෙසම සිදු වන්නේ හඳේ බලපෑම අනුව ය. හඳ ඇති කාලයන් හීදි හඳෙන් පිටවන ඔස්මික් වැනි කිරණ වර්ග නිසා ජීවීන් ගේ සාමාන්‍ය ගති ලක්ෂණ වල යම් වෙනසක් ඇති වීමට පුළුවන්.

      හඳේ බලපෑම නිසා නරින් බල්ලන් වැනි සතුන් උඩුබුරලීම ද උලමා වැනි සතුන්ගේ කෑ ගැසීම් ද වියෝවුල්ෆයින්ගේ (වෘක මිනිසුන්ගේ) ශරීර වෙනස් වීමද ප්‍රකට උදාහරණ වේ. මෙයට අමතරව කකුළුවන් වැනි ජලජ ජීවින්ගේ ශරීරයේ මාංශ කොටස් අඩුවීමද (මස් හැංගීම) සිදුවන බව පැරැන්නන්ගේ පිලිගැනීමයි.
      වඩදිය බාදිය ඇති වන්නෙත් හඳේ බලපෑම නිසා බව ඔබ දන්නෙහිය. (නොදන්නේ නම් කියවා දැන ගනිත්වා.)

      එලෙසම මනුශ්‍ය කොටස් වල හැසිරීමේ වෙනස් ද ඔවුන්ගේ මානසික ව්‍යාකූලතාවයන් වැඩි වීමද සිදුවේ.

      මෙවැනි හඳ පවතින කාලයන් තුලදී කකා විසින් ලියන ලද... සමාවන්න... අතේ ගසන ලද එසේත් නැත්නම් හස්ත උපක්‍රමයෙන් එලිදක්වන්නට නියමිත කවි ලියයි.

      එම කාලයදි ලියන කවි හඳුනා ගැනීමට ඇති ප්‍රදාන ලක්ෂණ වන්නේ මෙලෝ රහක් නැති වචන සමූහයක් කවි කිරීමය. ඊට අමතරව එළිසමය යවහන් දෝශය වැනි දෑ ගැනද මදකුත් නොසිතා කවි ලිවීමය. සිංහල හයිකු යන ආකාරයේ කවි ලිවීමද මෙහි එන ලක්ෂණයකි.

      Delete
    9. @ Mahasen monarawila
      හස්තෝපක්‍රම නොවෙයි හස්තද්වාරය

      මෙන්න ඒ ගැන කියවෙන කතන්දරය.
      http://kathandara.blogspot.com.au/2012/02/what-heck-is-hasthadwaraya.html

      !

      Delete
    10. ඔය මහසෙන් මොනරවිල කියන්නෙ රතු රජරට ලියන කුල වාදියම තමයි.... මානසික රෝගියෙක්...

      Delete
    11. රනේ - ඕව නම් මහ පවුකාර වැඩ මහසෙන් !

      මහසෙන් - දරුවෝ වෙනුවෙන් ඔයිට වඩා දේවලුත් කරන්න වෙනවා රනේ !

      දිගු දෑස දුටුවාම.... ඇඬෙනවා පෙර සේම...
      උන්නු හැටි මගේ ගාව.... ඔය හිතට අමතක ද ...

      Delete
    12. @AnonymousMarch 14, 2013 at 1:36 PM
      ඔව් ඉතින් උඹට අවුල්ද?
      නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.

      Delete
    13. Kaka what do you mean by "නසසප " ??
      I did not get those four letters. Can you clarify !

      No sinhala unicode in my office machine. if there are grammar mistakes, ignore them :)

      Delete
    14. @ Anonymous March 14, 2013 at 3:03 PM

      නසසප = NSSP = නව සමසමාජ පක්‍ෂය

      මෙන්න තවත් ඒවගේ කීපයක්.

      එජාප
      ලසසප
      ශ්‍රීලනිප
      මඑප
      ශ්‍රීලමප
      විකොස දැන් සසප
      ජවිපෙ

      Delete
  8. \\\\
    "හැබැයි ළමයා අල්ලපු ගෙදර මිනිහා වගේ නම්, අන්න එන්වයර්මෙන්ටල් ෆැක්ටර් එක."\\\\


    නියම උදාහරණෙ..
    හැබැයි රජෝ අන්තිමට කන්න අඳින්න
    දෙන්නේ අර ජීනටිකල් පියා..
    ( එන්වයර්මෙන්ටල් පියා පැත්තක..:D )

    ReplyDelete
  9. මෙන්න ඇනෝ කෙනෙක් පෝස්ට් එකක් දාලා කමෙන්ට් වලටත් ආරාධනා කරනවා!!!

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උඹ නිකමටවත් හොයල බැලුවෙ නැද්ද උඹලගෙ අම්ම සූරියවැව පැත්තෙ ගිහින් තියෙන්වද? නැත්නම් උන්ගෙ තාත්ත කොළඹ ඇවිත් තියෙන්වද කියල?

      Delete
    2. තාත්තගේ ඇඳුම් සූරියවැව පැත්තේ මිනිස්සුන්ට දුන්නද කියලා ඇහුවේ නැද්ද ?

      Delete
    3. @ AnonymousMarch 13, 2013 at 12:37 PM
      ඕක සුභ සහ යස නාට්‍යයේ තියෙන කෑල්ලක්.

      Delete
    4. @ Anonymous March 13, 2013 at 12:37 PM
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අපි හිතන්නෙ එක්කො අපි හරි නැත්තම් අනෙක හරි කියල....

      හිතන්න පොඩ්ඩක් ඔබේ බුද්ධියේ නිම් වලලු පුලුල් කරල....

      ඒ කාලෙ ඇඹිලිපිටිය - කොළඹ සී. ටී. බී බස් එකේ ඩ්‍රයිවර් සූරිය වැව එකෙක්... ඌ කොළඹ දවස ගානෙ එනවා... සූරිය වැවත් යනවා....

      හරිම සිම්පල් ප්ලෑන් එකක්....

      Delete
    7. කෝ කකා මගේ කොමෙන්ට් එක

      Delete
  11. කොමෙන්ටු බර ගානකින් කිව්ව. දැන් කතන්දරයකිනුත් කිව්ව, ඒත් තේරුම් ගන්න බැරිනං වැඩක් නෑ. නේද කකා.

    ReplyDelete
  12. මගේ හිත ගත්තෙ දෙවෙනි කතාව. බල්ලන්ට උනත් ඔනවට වඩා සැප දුන්නම උන් බල්ලො කියල අමතක වෙනව. ඒත් වාසනාව තියන කාලෙ ඉවර උනහම බල්ලො වගේ ඉන්නව.
    බල්ලො උනත් චන්ඩි වගේ හපන්න එන්නෙ අපි බය උනොත් විතරයි. ස්වාමිය නැති වෙලාවට බල්ලොම තමයි

    තුන් වෙනි කතාව වෙනස් විදිහකට අසා ඇත.

    ReplyDelete
  13. ඉස්කෝලයක බෝම්බයක් තියනවා කියලා ආරංචියක් ආවොත්, අම්මලා තාත්තලා ඉස්කෝල ගේට්ටුව ලඟ පොර කනවලු තමන්ගේ ළමයව හොයා ගන්න.. ඒක ජෙනටිකල් ෆැක්ටර් එක එන්වයරන්මන්ටල් ෆැක්ටර් එකට (බෝම්බ භීතිය) වඩා බලවත් වෙන අවස්තාවක්.

    දඹුල්ලේ පන්සල කිට්ටුව රතිඥ්ඥයක් පිපිරුවොත්, වඳුරෝ, වැඳිරියෝ තමන්ගේ ලඟම ඉන්න වඳුරු පැටියව අරගෙන හැංගෙනවලු. පස්සෙ හරි පැටියව මාරු කරගන්නවලු. ඒක එන්වයරන්මන්ටල් ෆැක්ටර් එක ජෙනටිකල් ෆැක්ටර් එකට වඩා බලවත් වෙන අවස්තාවක්.

    වඳුරෝ වගේද මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ වටිනම කමෙන්ට් එක ඔයාගෙන් ලැබුනේ තිසර..
      ආයේ ඉතින් ඒක අහන්නත් දෙයක් යෑ ඔයා බ්ලොග් අවකාශයේ සුසමාදර්ශය නේ.

      Delete
    2. සුසමාදර්ශය කියන එක විශේෂණයක්..... ඒක බ්ලොග් අවකාශෙ කියන එකට පාවිච්චි කරන්න බෑ.... තිසරට මේ නම දැම්මෙ මම... මම කියුවෙ තිසර සින්හල බ්ලොග්කරණයේ සුසමාදර්ශය කියල..... සුසමාදර්ශය කියනවනම් මොනව සම්බන්ධයෙන් ද කියල ස්පෙසිෆයි කරන්න ඕනි.... නිකන් ස්පෙෂලිස්ට් සහ කාඩියොලොජිස්ට් වගේ තමයි ඔය වචනෙ පාවිච්චිය වෙනස් වෙන්නෙ.....

      හැබැයි බ්ලොග් අවකාශෙ ඉන්නෙ එක සුසමාදර්ශයයි නම් තිසරට කෙලින්ම කියන්න පුලුවන් බ්ලොග් අවකාශයේ සුසමාදර්ශෙ කියල... නමුත් ලමයි සින්හල බ්ලොග් අවකාශෙ සුසමාදර්ශ ගොඩක් ඉන්නව....

      කුණුහරුප සුසමාදර්ශ....
      පොලු සුසමාදර්ශ....
      කොලු සුසමාදර්ශ....
      විදග්ධ සුසමාදර්ශ....
      මුග්ධ සුසමාදර්ශ....
      මෝඩ සුසමාදර්ශ....
      ගිනි පුක් සුසමාදර්ශ....
      මිත්‍යාවේ සුසමාදර්ශ....
      අවිද්‍යාවේ සුසමාදර්ශ....
      මම පොර සුසමාදර්ශ....
      සමාජවාදෙ සුසමාදර්ශ....
      ධනවාදෙ සුසමාදර්ශ....
      වෙද සුසමාදර්ශ....
      අලුත්ම එක රෝඩ් ප්ලෑනින් සුසමාදර්ශ....

      පලි:
      තිසර දවසක් රාජ්ගෙ බ්ලොග් එකේ මට මේ වචනෙ ඉගැන්නුව එකට ක්‍රෙඩිට් එක දීල තිබුන.... නමුත් සැබෑ ක්‍රෙඩිට් එක යන්න ඕනි සින්හල බ්ලොග් අවකාශෙ සමාජවාදයේ සුසමාදර්ශය වන අජිත් පැරකුම්ට... (අත් පොලසන් )... එතනින් තමයි මේ වචනෙ ඉගෙන ගත්තෙ..

      Delete
    3. සුසමාදර්ශය යන වචනය සාමාන්‍ය වහරට ගෙන ආවේ නලින් ද සිල්වා බව මගේ හැඟීමයි. නිව්ටෝනීය සුසමාදර්ශයෙන් පැහැදිලි කල නොහැකි දෑ ක්වොන්ටම් සුසමාදර්ශයෙන් පැහැදිලි කල හැකියැයි කියනු ලැබේ. සුසමාදර්ශය යනු විද්‍යාවේදී සහ ඥානවිභාගය තුලදී "තත්‍ය ලෝකය" සඳහා විද්‍යාඥයින් යොදා ගන්නා මොඩලයයි.

      Delete
  14. හද්දම පජාතයි....

    ReplyDelete
    Replies
    1. මචං.....නෑ ඔන්නොහෙ අහන්න ආපු එක අහන්න ඕනැ නෑ.

      Delete
  15. KAKKA BUWA KIYANA WIDIYATA OONEMA ROGA HADENA HETHU ; JOKKU NISA, CHOO NISA, JEE NISA, PADA NISA, PUKA NISA, PAKA NISA, SUKRA NISA,

    ReplyDelete
    Replies
    1. ඔයාට හති වැටෙන්නේ නැද්ද ඩාලින් මේ එක කමෙන්ට් එක දිගටම දාලා?

      Delete
  16. කකා කිබෝඩයෙන් මේ කරනා වචන හරඹය උපහාසය කදිමයි...හරියටම තේරුම් ගන්න නං පහුගිය දොහේ සිදු වුණු දේවල් ටිකත් තේරුම් ගන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් පැවසීම ගැන ස්තූතියි .දැන් හරිනේ, දැන් යන්න. ඊළඟ එකට ආවම ඇති ..මේකට ඇති ඔය දැම්ම ටික .

      Delete
  17. සරලයි ! පුදුමයි !

    ReplyDelete
    Replies
    1. මචන් උඹට පිස්සුද... නැත්තම් ඇනෝ දාන්න ගිහින් වැරදිල වැටුනද?

      Delete
  18. ඕනම දේකට පාරිසරික සාධකය බලපානවා. ගහකට උනත් මනුස්සයෙකුට උනත් වෙනසක් නෑ.
    නුවරඑළියේ වැවෙන සමහර මල් ජාති කොළඹ ගෙනත් පැල කරන්න බෑ. පැල වෙන් නෑ. ඒකට හේතුව පාරිසරික සාධකය. !

    පිට පලාතක කෙනෙක් මාතර වගේ පැත්තකට ගෙනාවොත් කතා විලාශය එහෙම වෙනස් වෙනවා. ඔහේ, කෑවෙයි, බීවෙයි, යනවෙයි වගේ වචන භාවිතයට හුරු වෙනවා. ඒක ස්වභාවිකයි.

    නිමුන්නු දෙන්නෙක් උනත් දෙතැනක හැදෙනකොට දෙවිදිහක් වෙනවා.

    -හුරතල් ඇනී-

    ReplyDelete
  19. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. උබට කියන සිංහල තේරෙන්නේ නැද්ද යකෝ...

      Delete
  20. එන්වයමන්ටල් කේස් දරුණුයි.

    ReplyDelete
  21. MATA HATHI WETENNE NEHE KAKKA BUWO. MEMA COMMENT KERILLA MATA HARIMA SATHUTAK, JOLIYAK, POST KIYWANNA OONETH NEHE.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.