Monday 11 March 2013

අතිජාත, සහජාත සහ අවජාත - Genes or environment?


මට මගේ හොඳ මිතුරෙකුගෙන් ළඟදී (2013 ජනවාරි තිස් වෙනි දා) හොඳ තෑග්ගක් ලැබුණා.

ඒකේ ඡායාරූපයක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ. (සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය, දෙවන මුද්‍රණය (2011 අගෝස්තු), සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, මිළ රුපියක් 1,450/-, පිටු 1536)

එවැනි හොඳ ත්‍යාග දෙන්නේ හොඳ මිතුරන්ම තමයි.

ඇත්තටම මේ මට ලැබුණු මිතුරෙකුගෙන් තෑගි ලෙස ලැබුණු තුන්වැනි ශබ්ද කෝෂයයි.

මුලින්ම මට ඔක්ස්ෆර්ඩ් ඉංගිලිසි ශබ්දකෝෂයක් ලැබුණා මගේ පාසල් මිතුරෙකුගෙන්. ඒ 1995 අගෝස්තු දහඅට වෙනි දා, මං ජීවිතේ පොඩි පහේ පිම්මක් පැන්න දවසක. (The Pocket Oxford Dictionary, Eight Edition, 1992, Clarendon Press, Oxford, 1074 pages)



ඊලඟට මට මලලසේකර ඉංගිලිසි-සිංහල ශබ්දකෝෂයක් ලැබුණා සාහිත්‍ය හිතකාමී මිතුරෙකුගෙන්. (මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය, සිව්වන සංස්කරණය, 2006, ඇම්.ඩී ගුණසේන සමාගම, කොළඹ, රුපියල් 890/-, පිටු 1250). ඒ 2007 පෙබරවාරි හයවෙනි දා.



කාලවකවානු තුනකදී ලැබුණු මේ ශබ්දකෝෂ තුන එකිනෙකට වෙනස් ඒවා නිසා මට එකසේම වටිනවා.

නමුත් සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය සුවිශේෂී එකක්. ඒ වචනයක තේරුම හොයන්න භාවිතා කරනවාට වඩා ඉඩ ලැබෙන විදියට පොතේ පිටුවක් පෙරළලා ඒකේ කලින් නොදන්නා සිංහල වචන හෙම තිබුණොත් ඉගෙන ගන්න ඉඩ ලැබෙන නිසා.

අපේ සිංහල භාෂාවේ අප නොදන්නා වචන බොහොමයක් තියෙනවා. අප අසා පුරුදු වුණත් නිවරද තේරුම නොදන්නා වචනත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.

අද කතන්දරයේ මාතෘකාවට මං දාලා තියෙන්නේ ඒ වගේ වචන තුනක්.

මේ වචන තුන එකිනෙක හා සම්බන්ධයි. මෙන්න ඒවායේ තේරුම.

අතිජාත: කියන්නේ දෙමව්පියන්ට වඩා උසස් ගතිගුණ ඇති, උසස් ජන්මයක් ඇති කියන එකයි. උදාහරණයක් විදියට මහෝෂධ පණ්ඩිතයා තමන්ගේ පියා වූ සිරිවර්ධන සිටාණන් ගේ අතිජාත පුත්‍රයා ය කියන්න පුළුවනි.

සහජාත: කියන්නේ දෙමව්පියන් හා සම තත්වයේ ගතිගුණ ඇති, ජන්මයක් ඇති කියන අදහසයි. මෙයට අනුජාත කියා ද කියනවා ලු.
http://www.silumina.lk/punkalasa/20100221/_art.asp?fn=ar1002211

අවජාත: කියන්නේ දෙමව්පියන්ට වඩා පහත් ගතිගුණ ඇති, ජන්මයක් ඇති කියන අරුතයි. නමුත් මෙහි විශේෂණ පදය වන අවජාතක කියන වචනයෙන් බොහෝවිට අදහස් කෙරෙන්නේ අනියම් ලිංගික සම්බන්ධයකියන්, ඒ කියන්නේ නීතිප්‍රකාර හෝ සම්මත විවාහයකින් බැහැරව උපත ලද යන්නයි. ඒ කියන්නේ බාස්ටර්ඩ් (bastard) යන්නයි.

මා ලියූ "පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව" කතන්දරයේ කතානායකයාට සියම් නිකායට අයත් ගමේ පන්සලේ මහණවීමට අවසර නොලැබුණේ ඒ නිසයි.

නමුත් මට හිතෙන විදියට නම් මේ අවජාත යන වචනය කසාදෙන් පිට අනියම් සම්බන්ධකමකින් දරුවෙකු ලැබීම යන්න හැඳින්වීමට යොදා ගැනීම වැරදියි.

පිරිමියෙක් සහ ගැහැණියෙක් ලිංගිකව එක්වීම සහ එමගින් දරුවෙකු පිළිසිඳ ගැනීම යන ස්වභාවික ක්‍රියාදාමය කසාද බැඳලා හිටියාද නොහිටියාද කියන කෘතිම රාමුවට අහුවෙන දෙයක් නොවෙයි.

ඒ ආකාරයට අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙකු අවජාත වචනයේ නියම අරුත වන මාපියන්ට වඩා පහත් ගතිගුණ ඇත්තෙකු වේය කීමත් අතාර්කිකකයි. ඇත්තටම එවැනි දරුවෙකුට වෙනත් ඕනෑම දරුවෙකුට වාගේම දෙමව්පියන්ට වඩා උසස් ගතිගුණ පිහිටීමටත් එක හා සමාන ඉඩක් තියෙනවා.

ඒ සමගම කිව යුතු අනිත් කරුණවන්නේ යම් අයෙකු ගේ වැරදිවලට ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට වරද පැටවීම සහ ඔහුගේ හෝ ඇයගේ නරක ගතිගුණ ඔවුන්ගේ දරුවන්ට ලැබේ යැයි උපකල්පනය කිරීම මා දන්නා තරමින් ජාන විද්‍යාව අනුවත්, බුදු දහම අනුවත් නිවරද නොවන බවයි.

අපේ වැරදිවලට අපේ දෙමව්පියන් පලි නෑ. ඒ වාගේම අපේ නරක වැඩ කටයුතු මතු දිනක අපේ දරුවනුත් කරාවිය කියා උපකල්පනය කිරීමත් වැරදියි.

ජන්මයෙන් නොව ක්‍රියාවෙන් වසලයෙක් වෙනවාය කියා ධම්පදයේ කියන්නේ මේ කරුණයි.

මෙන්න මගේ අළුත්ම ශබ්දකෝෂයෙන් මා උගත් වචන කිහිපයක්.

1. අවකරණය: අඩුකීරීම, හීන කිරීම, ඌණ කිරීම
2. අවකල්පනය: ඇදහීම, ගුණ සලකා නිශ්චය ලෙස පැහැදීම
3. අවකීර්ණ: විසිරුණු
4. අවක්‍රාන්තිය: බැසගැනීම, පිහිටීම, ප්‍රතිසන්ධිය, ගැබ් ගැනීම
5. අවක්සා: නිසා,අ රබයා, උදෙසා
6. අවගමය: දැනීම
7. අවඝාතය: පහරදීම, නැසීම

-කතන්දරකාරයා

102 comments:

  1. මම හිතන්නේ මේ දවස්වල ඔය අලුත් රැල්ලක් යන්නේ ඔය අවකරණය හා අවඝාතය නිසා වෙන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. වෙන්ටැ මයෙ හිතේ!

      Delete
    2. බුදු හාමුදුරුවො බණ දෙසුවේ නාගරී බසින් කියලයි අහල තියෙන්නෙ.
      දහම් පුස්තක තිබෙන්නෙ පාලියෙන්
      අපි මේ කතා කරමින් සිටින්නේ සිංහලෙන්, අල්ලගෙන තිබෙන වචනය ඕපපාතික; මෙහි ශබ්දකෝශ තේරුම ගෙන වාද කර ගැනීමේ සීමා තිබෙන බව මගේ නොමේරු මොලේට තේරුම් යයි. නමුත් යම් සාශ්ත්‍රීය පදනමක් සපයයි.
      සිංහලේ සෑහෙන දෙමල වචන තිබෙනව, ඒ වගේම සංස්කෘත, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි වචනත් තිබෙනව. ඒ ඒ භාශාවලින් අදහස් කල ඔරිජිනල් දෙයම නොවෙයි අප ඒ වචන වලින් අදහස් කරන්නේ. මේ වේලාවේ මාට උදාහරණ හිතට එන්නේ නෑ.

      කවුරු හරි 'කැවුම' වෙන භාශාවකට පරිවර්තනය කලා කියමුකෝ.
      තනි වචනෙකින් කියන්න පුලුවන්ද කැවුම ඇරෙන්න.
      ඉංග්‍රීසියෙන් ඉස්සර කිව්වෙ oil cake කියල.

      මේ oil cake වචනෙම කොපමන ඕපපාතිකද, වියුක්තද, අස්වාභාවිකද, මනස්ගාතයක්ද, විකෘතියක්ද ?

      කෙනක් අහන්න පුලුවන් සමාජවාදය වගේම ධනවාදයත් මේ ඕපපාතික ගොඩට දැමිය හැකි නොවෙද කියල;
      ඔව්, ජීවිතේට කැවුම් කාල නැති සුද්දෙක්, අපිට නොදන්න oil cake ....කිව්ව වගේ කියල තමයි කියන්න තිබෙන්නේ.
      හෙහ් අපි නොදන්න ඕපපාතික, ජලාබුජ, සංසේජ...

      Delete
  2. හඳගම "මාඝාත" කියලා නාට්‍යක් කලා නේද 87-89 භීෂණ සමයේ?

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුණා ඊයේ රාත්‍රියේ මේක ලියද්දී, නාට්‍යය නම් බලලා නෑ. ඒක එළාර සම්බන්ධ එකක් නේද?

      Delete
  3. අවජාතක - සුජාත කිරීමේ ප්‍රතිපාදන තියෙන්නෙ නීතියේ.
    විවාහ වුනත් නැතත් උපදින දරුවන් මවගේ නමින්ම ලියාපදිංචි කරනවා නම් සියලුම දරුවන් සුජාතයි නේද...?

    ReplyDelete
    Replies
    1. හා... එහෙම කරමු.

      Delete
    2. නැහැ සුමිත් ඒ විවාහය කියන අත්සන් කිරීම කෘතිම එකක්.

      අතිජාත, අවජාත, අනුජාත තීරණය වෙන්නේ ජාතක වූ දරුවාගේ මතු දින හැසිරීම සහ ගතිගුණ අනුවයි. ඊට අමතරව මෙය සාපේක්‍ෂ සංකල්පයක්.

      උදාහරණයක් ලෙස රාහුල ශාඛ්‍ය උපරිමයෙන් අනුජාතයි. එයාට තාත්තා (සිද්ධාර්ථ ශාඛ්‍ය) ට සාපේක්‍ෂව අතිජාත වෙන්න බෑනේ.

      Delete
    3. රාහුල ගෞතම හා සිද්ධාර්ථ ගෞතම වශයෙන් නිවැරදි විය යුතුයි නේද? ශාක්‍ය (ශාඛ්‍ය නොවේ.) කියන්නේ වංශය සර් නේම් එක නෙවෙයි.

      Delete
    4. වංශය තමයි පෙළපත් නම

      Delete
    5. මවගෙ නම ලැබුනා කියලා සුජාත වන්නෙ නෑ ඕනෑම දරුවෙක් ගෙ උප්පැන්නේ සහතිසහයෙ පියාගෙ නම්ව් තියෙනවා මවගෙ නම තිබ්බා කියලා,පියාගෙ නමට ඉරක් තියෙන එක වලක්වන්න බෑ,අනික පියා ග්ව් නම තිබ්බත් නීතිය අනුක ව්වාහය යෙන් බැහැර ද ටුවන් අව්වාහජයි
      අවජාතක යනු සමාජෙ කියන දෙයක් පැරනි දෙයක්,හැබැයි වැඩ් හිට් අය,තරුන තරුනියන් කාමම්ත්‍යාචාරය යෙ වැලකුනම එවන් සමාජයක් සමාජෙව්බ්ල් කියමෙ අවජාතක ලමයි නෑ නේ,ඒ වගෙම පිතෘ මූලික සමාජයක් පියෙක් නැත්නම් වට්නකමක් නෑ ,ඒකයි සමහර අම්මාලා උප්පැන්නේ ට හෝ දරුවෙක් ගෙ අප්පා ගෙ නම් ගන්නෙ
      වෙම් එකෙක්.හෝ බදින්න්‍ර්

      Delete
  4. එතකොට ස්වයංජාත කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ උගන්වනවා සත්වයා හටගන්නා ක්‍රම හතරක්.
      1.අණ්ඩජ
      2.ජලාබුජ
      3.සංසේචජ
      4.ඕපපාතික

      ස්වයංජාත කියන්නේ මේ සිව්වැදෑරුම් ක්‍රමයෙන් එකක්ද?නැත්නම් ඊට හාත්පසින්ම වෙනස් එකක්ද යන්න හරිහැටි පැහැදිලි නැහැ තමයි.

      Delete
    2. ස්වයං = ඉබේ
      ජාත = පහල වන

      ඉබේම පහල වෙන කියන තේරුම ලැබෙන නිසා මං හිතන්නේ මේ උත්පත්ති වර්ගය 4 වෙනි ආකාරය වෙනවා.

      එතකොට ස්වයංජාත කියන්නේ ඕපපාතික වගේ ඉපැදීමක්

      Delete
    3. ස්වයංජාත = ඉබේ ම හටගත් (Page 1483)


      Delete
    4. ස්වයංජාත= 4

      Delete
    5. @ රතු රජරට
      ඔපපාතිකව සත්වයා හටගන්නවා කියලා බුදු දහමේ තියෙනවා? මොන බොරුවක්ද ඒ? ඕපපාතිකව සතුන් හටගන්නේ නෑ. එහෙම කියනවානම් බුදු දහමත් බොරු වෙනවානේ.

      බීජ නියාමය කියලා එකක් නං තියෙනවා නේද?

      Delete
    6. මෙන්නෝ, මේ බෞද්ධයා බුද්ධාගම දන්නෙ නැතෝ! ඕපපාතික කියලා බුද්ධාගමේ අර්ථ දැක්වෙන සත්ව කොටසක් ඉන්නවා.

      Delete
    7. කකාත් නිකන් නමට බෞද්ධයෙක් නෙහ්.

      Delete
    8. ඕපපාතිකව සතුන් හටගන්නේ නෑ? ඒ ඔබ දන්නා තරම තමයි කකා.ඕපපාතිකව සතුන් බිහිවෙනවා. ඔබ දැක නැතිද අපි කුඩා කාලයේ 'වන්ඳා 'කියා සතෙක්. හරියටම දර වලින් හැදුනු සතුන් වගේ .

      බීජ නියාම කියලා විතරක් නෙමෙයි කකා. නියාම ධර්ම 5ක් තියෙනවානේ? අනිත් එක ඕපපාතිකව සතුන් හටගන්නවා යැයි කියන කොට බුදුදහම බොරුවෙන්නේ කොහොමදැයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද??තායිලන්තයට ගිහින් සිවුරක් පොරවගත්තට කකා බුදු දහම ඇතැඹුලක් කරගත්තයි කියන්නත් බෑ නේද?

      Delete
    9. @ රතු රජරට
      නම වගේම ඔහේ තාම ටිකිරියි වගේ. ඇත්තටම බ්ලොග් එකේ දාන අදහස් අනුව මං හිතුවේ මීට වඩා දැනම් තේරුම් ඇති කෙනෙක් කියලයි. ;-)

      කමක් නෑ හැම දේම ඉගෙන ගන්න මුල් දවසක් තියෙනවානේ.

      ඔය රජරට පැත්තේ කළු ගල්වලින් උපදින අළුපාට කටුස්සෝ සහ ගස්වලින් උපඳින කෙලපාට කයුස්සෝ ඉන්නවා ඇති නේද?

      ඇයි එතකොට මල් වලින් උපදින පාට පාට සමනලයෝ?

      මිතුර, ඔබේ ඔය කතාව ගම්බද මිත්‍යාවකි (as opposed to an Urban Myth). ඕපපාතික සතුන් ලොව නැත.

      මේක කියවන්න.
      http://en.wikipedia.org/wiki/Phasmatodea

      ඕපපාතිකව සතුන් හටගන්නවාය කියා බුදු දහමේ කියනවා යැයි මා විශ්වාස කරන්නේ නෑ.

      නමුත් එසේ කියනවා නම් බුදුදහමේ ඒ කොටස බොරු. මොකද ඒහි පස්සිකෝ කේස් එක බ්ලාස් වෙනවා.

      Delete
    10. In traditional Buddhist thought, there are four forms of birth...

      •birth from an egg (Sanskrit: Andaja; Pali: Aṇḍaja) like a bird, fish, or reptile

      •birth from a womb (Sanskrit: Jarayuja; Pali: Jalābuja) like most mammals and some worldly devas

      •birth from moisture (Sanskrit: Samsvedaja; Pali: Saṃsedaja) probably referring to the appearance of animals whose eggs are microscopic, like maggots appearing in rotting flesh

      •birth by transformation (Sanskrit: Upapaduka; Pali: Opapatika) miraculous materialization, as with most devas.

      Delete
    11. නෝනාවරුනි/මහත්වරුනි,
      අපේ බ්ලොග් ප්‍රවීනයෙකු වන කතන්දර තුමා බුදු දහමේ එන විවිධ දේවල් වලට නව අර්තකතන එකතු කිරීමක නියැලී සිටී. එය අපගේ බලවත් විරෝධයට හේතුවේ. මෙතුමා කරගෙන යන මෙවැනි වැඩ නිසා මෙතුමාට මතු ආත්ම භවයකදි මනුෂ්‍යය ආත්ම භවයක් ලබා ගත කැහිද යන්න ගැටළු සහිත ය.

      මෙවැනි පුද්ගලයන් හට කියැවීම පිනිස වසල සුතුර දේශනාව යෝග්‍ය වේ.

      වසල සූත්‍ර දේශනාවට මෙතනින් ඇතුළු වන්න

      Delete
    12. @කකා,
      ඕපපාතිකව සතුන් හට ගන්න බව බුදු දහමේ සඳහන් වෙනවා, නමුත් මෙහිදී බුදු හාමුදුරුවො සතුන් නමින් අදහස් කරන්නේ දෙව්, බඹුන් ඇතුලු සියලු සතුන්ව, දෙවිවරුන් ඕපපාතිකව උපදින බවත් සඳහන්.

      Delete
    13. @ Podi Kumarihami
      වට්, Miraculous materialization? ඩසන්ට් සවුන්ඩ් ලයික් බුඩිස්ට් ටීචින්ස් ටු මී.

      මේ කියන්නේ අර නාථ දෙයියා වගේ කේස් ගැනද? ඒවා නං පහල වෙනවා නේන්නං ස්ක්‍රිට්සෝප්‍රීනියා තියෙන අයට!

      Delete
    14. @ uwiniran
      ඕපපාතික කියන්නේ දන්නෙම නැතුව පාත් වෙනවාය කියන එකට මිසක් දෙමව්පියන් නැතුව උපදිනවාය කියන එකට නොවෙයි නේ?

      මේ කියන දෙයියලා, බඹාලා වෙන ඩිමෙන්ෂන් එකක ඉඳලා අපේ 3D එකට ඇතුලවෙන අය වෙන්න ඕනෑ.

      ඒ කාලේ ඔථවා කියලා මින්ස්සුන්ගේ මස්තිස්ක මස්තබාල්දු නොකර බුදු සාදු පොඩ්ඩක් කොලේ වහලා ගහන්න ඇති.

      කොහෙමාටත් තමන් ගේ ධර්මය මිස්සුන්ට සැර වැඩියි කියලා සියල්ල දත් බුදු සාදු දැනගෙන නේ හිටියේ බුදු වුණු දිනයේ ඉඳලා.

      Delete
    15. කකා වැරදියි. ඕපපාතික උප්පත්තියක් තියනව කියල "බුදුහාමුදුරුවො කිව්ව කියල" දහමෙ තියනව‍.(ඒක අැත්තද ෙබාරුද යන්න වෙන ප්‍රශ්නයක්)

      Delete
    16. Ever heard of Oparine-Haldane theory? It is the accepted theory of origin of life on earth by the modern scientists. These two scientists proposed about abiogenesis, suggesting how life began from inorganic material in primitive earth. Famous experiments of Miller & Urey, and Sidney Fox were solid evidence for abiogenesis. Similarly "opapathika" can be the Buddha's explanation for origin of life, without details about inorganic matters and other conditions, which of cause completely irrelevant for his audience. And finally do not misunderstand spontaneous generation as "opapathika"/ abiogenesis.

      Delete
    17. හෙ හේ ඕපාපතික කෙස් එක නැත්නම් හැමදාම ඉස්සෙල්ලා ඇතිවුනේ කිකිලිද බිත්තරේද කිය කිය වාද කර කර ඉන්න වෙයි :)

      ඔපාපතික කේස් එක එච්චර විස්වාස කරන්න අමාරු දෙයක් නෙවෙයි..ජීවයේ ආරම්භය ගැන 100% තහවුරු නොකල විද්‍යාත්මක මතයක් තියෙනවා, නියමිත් උෂ්ණත්වය යටතේ හා අකුණු නිසා ඇතිවන විද්‍යුතය යටතේ , ජීවයේ මූලික පදනම වන ඇමයිනෝ අම්ලය ඇත් උන බවත් ඉන් පසුව එය සෛලය දක්වා විකාශනය වු බවත්...

      එහෙම බැලුවම අමයිනෝ අම්ලයත් ඕපාපතික කෙස් එකක් තමයි.......අපට විශ්වාස කරන්න බැරි උන පලියට ලෝකේ ඇතැම් දේවල් නැහෑ යි දිවුරලා කියන එක මෝඩ කමක්..පිලිගන්න නොගන්න එක වෙනම් කෙස් එකක්...ඒත් කිසිවක් නිශ්චිත නෑ...යථාර්ථය කවුරුත් ඩිෆයින් කරලා නෑ.....බුද්ධාගමේ ඉදන් අනිත් හැම ආගමක්ම ෆ්ෆැන්ටසියක් ඉදිරිපත් කරනවා..බුද්ධගමේදී ප්‍රයෝගිව එය කරන කොට ප්‍රත්‍යක්ශයෙන් තේරෙනවා..බලහත්කාරකම්ක් නෑ...නිදහස වැඩියි...හිතන්න පුලුවන් ඕපන්, බ්‍රෝඩ් මයින්ඩඩ් පොරකට කියාපු දර්ශණය....

      Delete
    18. @කකා,
      ඕපපාතිකව කියන්නේ දන්නෙම නැතිව කඩන් පාත්වෙන එකට නෙමෙයි, දෙමව්පියන් නැතිව උපදින එකට තමයි.

      Delete
    19. @Mayya
      it's misleading to express percentage accuracy or acceptance of a scientific theory. Scientists make hypotheses and design experiments to find the accuracy of them and based on the results they build theories. After publishing them, scientific community decide whether to give a recognition to it or not. The theory you were talking about is the one widely accepted to explain the origin of life. Only theory against to it, is the theory of Panspermia, which prof.Chandra Wickramasinghe tried to prove by recently publishing an article, claiming that he found evidence on the extraterrestrial origin of life.

      Delete
    20. @ සියළු දෙනාටම
      අදහස්වලට ස්තුතියි.

      නමුත් අවුරුදු බිලියන් ගණනකට කලින් සිදුවූ ජීවයේ උපත ගැන තියෙන හයිපෝතීසිස් සහ ප්‍රිඩේටර්ලාගෙන් බේරෙන්නට තම පරිසරයට අනුව හැඩගැසී සිටින වන්දා වැනි සතුන් කෝටු කෑලිවලින් ඕපපාතිකව බිහිවුණාය කියන ගොන්තීසිස් සමාන කරන්න පුළුවනිද?

      Delete
    21. oh.. that's bullshit. By having all the knowledge on our finger tips world has passed that era and its all about how you deal with extreme outliers. I just tried to explain that "opapathika" can be a possibility and it's impolite to make a statement or wild guesses against any belief system, which has helped to shape the history of mankind, without reasoning them out.

      Delete
  5. වැරදි අවක්‍රාන්තියක් ඇති බ්ලොග් කරුවන්ගේ වැරදි අවකල්පනය අවක්සා බ්ලොග් ලෝකය දෙකයි පනහේ සැදෑ සාදයක් බවට පත්වතිබේ.....අවඝාතය අවකරණය කිරීම ඇනෝ කමෙන්ටු මොඩරේට් කිරීමෙන් බලාපොරොත්තු වන්නා සමාජය පිලිඹද නිවැරදි අවගමනයක් නැති නිවටයෙකි.....

    ReplyDelete
    Replies
    1. අවංකවම ලියු එකක්ද?
      අවඥාවෙන් ලියූ එකක්ද?

      Delete
    2. අවන්කව අවඥාවෙන් ලියූවකි... හරවත් රසවත් සන්යමයක් ඇතුව තිබූ බ්ලොග් ලෝකයට ගිය කල....

      Delete
    3. මේ
      අවලාද නගා
      අවහාස කිරීමට
      අවස්ථාව නොවේ!

      Delete
  6. සිංහල සිංහල ඩික්ෂනරිය නම් සෑහෙන වටිනවා... තාම වෙළඳපොලේ තියන එකක්ද දන්නෙ නෑ....

    මං කරපු වැරදි වැඩ මගේ පුතා එහෙම කලොත් මං ඌව තියන්නෙ නෑ... :D

    ReplyDelete
    Replies
    1. හැම පුතාම තාත්තාට වඩා හොඳ වුනොත්? අවුරුදු 100 කින් ලෝකේ කොහොම තැනක් වෙයිද?

      http://kathandara.blogspot.com/2011/12/think-about-others-and-be-bad-person.html

      Delete
    2. තිසර

      තාත්ත කලදේ පුතා නොකලොත් ඌ නොට් උගෙ පුතා කියනව නේද ??

      Delete
  7. එතකොට කතෝ පජාත කියන එකේ තේරුම නැතෙයි ඕකේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මෙම බ්ලොගයේ කතෘ පජාතයි කියන එක

      Delete
    2. පජාත කියා වචනයක් ශබ්දකෝෂයේ නැත.

      Delete
    3. පජාත = කතන්දර බ්ලොගය (පිටු අංක 1621)

      Delete
    4. පජාත = කුජීත

      Delete
    5. அது ஒரு தமிழ் சொல்.

      Delete
    6. මාත් අහන්න ආවේ පජාත වෙන උන් ගැන :)

      Delete
  8. කකා තුමනි, මේ ප්‍රශ්නය මේ කතාවට ඍජුවම සම්බන්ද නැත. නමුත් කරුණාකර අධ්‍යහාරය යනුවෙන් වචනයක් ඇතිදැයි බලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාහාරය = ගිලිහී ගිය පද සිතින් ගෙන යොදා ගැනීම (page 32)

      Delete
    2. ස්තුතියි!

      Delete
    3. ආඛ්‍යාත අධ්‍යහාරය කියලා ව්‍යාකරණ විධියක් මීට පෙර තිබුණු 10 ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයේ තිබුණා. උදාහරණක් : “අපි හොඳ ළමයි“
      මේ වාක්‍යයේ ආඛ්‍යාතයක් පේන්න නැහැ. නමුත් වාක්‍යයෙන් කියවෙන්නෙ “අපි හොඳ ළමයි වෙමු“ කියන අර්ථය.

      Delete
    4. උසස් පෙළ තර්ක ශාස්ත්‍රයට උගන්වන සංක්ෂේප මාලා කියන පාඩමේදී සංක්ෂේප මාලා වර්ග දෙකක් ගැන කතා කෙරෙනවා ඇරිස්ටෝටලියානු සංක්ෂේපමාලා සහ ගොක්ලියානු සංක්ෂේප මාලා කියලා. ඒවා වෙන් වෙන්නේ පදවල අධ්‍යහාර වීම මත

      Delete
  9. අවකරණය විතරයි දැනගෙන හිටියෙ. ඒකත් අපිට සම්බන්ධ නිසා.

    ReplyDelete
    Replies
    1. තවත් වැදගත් වචනයක් මෙන්න.

      "අවලමා"

      ;-)

      Delete
  10. කලකිරීම උපරිමෙන්ම තියන වෙලාවක කකාගේ මේ වටින පෝස්ටුව දකින්නේ..ඒ ඇයිද යන්න පළපුරුදු බ්ලොග් කරුවෙකු වූ ඔබට අමුතුවෙන් කිව යුතු නෑනේ.

    ReplyDelete
    Replies
    1. කල කිරීම හා කල පිරීම..... පිරුන කලේ දිය නොසැලේ....

      Delete
    2. අයියෝ නලීන් ඕවා ගනන් ගන්න එපා. මුන් හොඳ කොල්ලෝ. හිටපු ගමන් අවුට් යනවා.. අර ගොසිප් 9 වැහුව දා ඉඳලා පිස්සු තදවෙලා. ඒ වගේ එකක් ආයෙත් දැම්ම දවසට අපේ ඒවා පැත්ත පලාතේ එන්නෙ නෑ..

      Delete
    3. මාතලන්
      ඒකද මහත්තයෝ ඔයත් ඇනෝ බ්ලොග් කරපු සුචරිතවාදි බ්ලොග්කරුවෙක් වෙලා ඉන්නේ ?

      Delete
    4. කලකිරීමක් ඇති වුණාම ඒක තමන්ට වාසි සහගත දෙයක් කරගන්නත් පුළුවනි.

      හිතලා බලන්න කිරුල හිමි කුමාර සිදුහත් ගේ සසර කළකිරීම ගැන!

      Delete
  11. Is these dictionaries have the names of Srilankan Fishes and Trees in English & Sinhala? I need to know some Srilankan trees, flowers and Fishes names in English. Vesaak mala, Thippili Fish like these..I need to know the english names.

    ReplyDelete
    Replies
    1. use your own dictionary to search words. do not annoy kaka by giving this kind of jobs.

      Kaka Protection national organization

      Delete
    2. அன்புடையீர்,

      இந்த வலைப்பதிவு எழுத்தாளர் ஒரு வேலையாக நபர் உங்கள் கேள்விக்கு பதிலளிக்க நேரமில்லை. மன்னிக்கவும்.

      Delete
    3. @ Rishan Sherif,
      The Sinhala-Sinhala dictionary I have does exactly that, ie, it explains the Sinhala words in Sinhala.

      What you need is a Sinhala-English dictionary.

      Try this online version: http://www.maduraonline.com/

      Keep up you good work mate. I have read about your work in Boondi eMails.

      Delete
  12. ඔන්න කකා දැන් නම් ඔයාට පිළිගන්න වෙනවා "පුක "
    යන්න අසභ්‍ය වචනයක් බව...:D

    ( නැතිනම්
    පුක = ශරීරයේ පස්චාත් බාගය , ගුදය , අසූචි පිට වන ස්ථානය
    පිටු අංක XXXX

    යනුවෙන් උපුටා දක්වන්න:D )

    ReplyDelete
    Replies
    1. පුක යන වචනය මේ ශබ්දකෝෂවල නෑ. එනිසායි මට වෙනම ලිපියක් ලියන්න වුනේ.

      Delete
    2. @ silentsahan
      ශබ්දකෝෂ වල නැති හැම වචනයක්ම කුනුහරුප වෙන්නෙ නෑනෙ.
      (කුනුහරප තියන ශබ්දකෝෂයක් ගූගල් සර්ච් එකකදි මට දවසක් හම්බ වුනා. ලින්ක් එක නම් මතක නෑ. ඕනැම නම් ගූගල් එකේ සිංහලෙන් කුනුහරපයක් ලියල සර්ච් කරල බලන්න.)

      Delete
  13. කතන්දර මොනවා කිවුවත් ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපි දන්නවා. ඔය කොච්චර කලත් තාත්ත කරපු වැඩේ පුතා කරනව කරනව කරනවාමයි.

    ReplyDelete
  14. ම‍ට මේ පෝස්ට් එක හා කමෙන්ට්ස් සම්බන්ධ ප්‍රශ්න කීපයක් තියනවා.
    1. අපට ශබ්ද කෝෂ වල තියන දේ හරි කියලා විශ්වාස කරන්න පුළුවනිද?
    2. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා හතරක් ගැන බෞද්ධ පොත් පත් වල කියවෙනවා. පොඩි කුමාරිහාමි කියන එකට චුට්ටක් විතර වෙනස් විදිහට, බිත්තරවලින්, ජලයෙන්, සංසේචනයෙන් සහ පරිවර්තනය වීමෙන් කියලයි මං තේරුම් අරන් තියෙන්නෙ.
    ඔය වන්දා හටගන්නේ ඕපපාතිකව. ඒ කියන්නේ ජීවියෙක් ඒ විදිහට පරිවර්තනය වීමෙන්. උත්පත්තිය ඕපපාතික නැති වුනත් සත්වයා ලෝකයට පහළ වෙන්නෙ ඒ ඕපපාතික කියන ක්‍රියාදාමය හරහායි.
    ගොළුබෙල්ලා සංසේදජ සත්වයෙක් නෙවෙයි. ඌ ඒකලිංගිකයි. හැම සතෙකුටම අම්මා සහ තාත්තා කියා දෙන්නෙක් නැහැ.
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒවා අපි දැන් තේරුම් ගන්නේ කටවල් ගණනාවකින් කන් ගණනාවකට ගිහින් අන්තිමට ග්‍රන්ථාරූඪ වීමෙන් පස්සෙයි. ඒ නිසා, පොඩි පොඩි අස්පැට් තියෙන්න පුළුවනි. (දැන් සමහර අය හිතාගෙන ඉන්නෙ හන්දියක් ගානෙ බුදුපිළිම තිබුනහම බුද්ධාගම දියුණු වෙලා කියලත්).

    ReplyDelete
    Replies
    1. ගොළුබෙල්ලා ඒකලිංගික නෙවෙයි ද්විලිංගිකයි එ කියන්නෙ ගැහැණු සහ පිරිමි අංග දෙකම එක ගොළුබෙල්ලකු තුළ තිබෙනවා එනම් ප්‍රජනන ක්‍රියාවේදී ආකාර දෙකෙන්ම අදාල කාර්යය කරන්න උට පුලුවන්

      Delete
    2. http://en.wikipedia.org/wiki/Hermaphrodite

      Delete
    3. mekath balanna http://en.wikipedia.org/wiki/Hermaphrodite

      Delete
    4. @ ට්‍රෑෆික්
      වන්දා කියන්නේ තමන්ව ගොදුරු කරගන්න හදන ආහාර දාමයේ ඉහල ඉන්නා සතුන්ගෙන් බේරෙන්න තම පරිසරයට අනුව පරිනාමය වූ සතෙක්.
      http://en.wikipedia.org/wiki/Phasmatodea

      (මැත්ස් නේද කලේ ඉස්කෝලේදී. බයෝ කළා නං ෆේල්.)

      Delete
    5. මම දන්න විදිහට දෙහිකොළයා සහ වන්දා පරිනාමය වූ සතුන් නෙවෙයි අනුවර්තනය වූ සතුන්. උන් උප‍දින්නෙ වෙනස් ශරීරාකාර වලින් මිසක් වන්දෙක් දෙහිකොළයෙක් වශයෙන් නෙවෙයි. (මට බයෝ බැරි බව දැනගෙනයි මැත්ස් කරන්න ගියෙ).

      මේ උත්තරය ලියන්නෙ දිනන්න නෙවෙයි, පොඩි පහේ සංවාදයකටයි.

      ඔය බුදුහාමුදුරුවන්ගෙ දේශනාවන් බොහෝ වෙලාවට ඇහැට පෙනෙන සංසිද්ධි වලින් තමයි විශ්ලේෂණය කරල තියෙන්නෙ. පදාර්ථයේ සංඝටක හැටියට ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියල පංච මහා භූතයන් ගැන කියවෙන්නෙ ඉලෙක්ට්‍රෝන් ප්‍රෝ‍ටෝන් ගැන නොකියා, ඒ නිසයි.

      දැන් ඔය අණ්ඩජ කියන්නෙත් ඇත්තටම බලපුවහම සංසේචනය වූ බිත්තරයකින් උපදින සතුන් ගැනනෙ. ඇත්තටම සත්වයා උපදින්නෙ සංසේචනයෙන් වුනත් ලෝකය දකින්නෙ බිත්තරයකින් එළියට ආවට පස්සෙයි. ඕපපාතික සත්වයා උපදින්නෙත් ඕපපාතිකව නෙවෙයි, ඒත් ලෝකයට දකින්න ලැබෙන්නෙ ඕපපාතික ස්වරූපයකින්.

      (මං කළින් ඇනෝ කමෙන්ට් එකක් ලිව්වා, ඒක වාෂ්ප වුනා. ආවොත් කපල දාන්න.)

      Delete
  15. kakaa-කකා-මිත්‍රයා., මෙන්න ඔබ කිවූ ගම්බද මෝඩ මිත්‍යා කතාව.?

    ReplyDelete
    Replies
    1. ආ, ඒකද? ඒකත් සීතාම්බර සළුවෙන් වහලාද තියෙන්නේ?
      මට නං පේන්නේ නෑ ගොයියෝ.

      Delete
  16. mema sadda kosawala thiyanawada, joka, choo, pada, jee, sukra adiya ganath.

    ReplyDelete
    Replies
    1. Kathandara Karaya12 March 2013 at 09:13

      joka, choo, pada, jee, sukra යන වචන මේ ශබ්දකෝෂවල නෑ. එනිසායි මට වෙනම ලිපි ලියන්න වුනේ.

      Delete
  17. කතාව ශබ්දකෝෂයෙන් පටන් ගත්තට බුද්ධ ධර්මය වෙනකම්ම පිටු පෙරලිලානේ!

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් පොතම පෙරලෙයි!

      Delete
    2. කකා පොත පෙරලන්නේ අපිට !

      Delete
    3. සතෙන් සතේ, රුපියලෙන් රුපියල.

      Delete
  18. SADDA KOSAWALA PITA COVARA DALA THIYENNE SADDA KOSA DAKALA NATHI AYATA BALA GANTA.

    ReplyDelete
  19. PAKA KIYANA WACHANAYA SADDA KOSWALA THIYANAWADA. THIMBIRI PAKAK WAGE.

    ReplyDelete
    Replies
    1. පx කියන්නේ කුණුහරුපයක් කියලා කතන්දර තුමා පැහැදිලිව අර්ථ දක්වලා තියෙද්දිත් ඒවා කමෙන්ට් වල දාලා ඇනෝ කමෙන්ට් වාරණයක් ඇති කරන්නද ඔබ තුමා හදන්නේ ? ආයෙම කුණුහරුප ලියන්න ඕන ආසාවක් තියෙනවා නම් තමන්ගෙම බ්ලොග් එකක් පටන් අරගෙන ඇති වෙනකන් කුණුහරුප ලියාගන්න. ඒවා මෙතන ලියන්න එන්න එපා !!!

      කකා, මෙවැනි කමෙන්ට් වාරණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. !

      කතන්දරකරුත් ඇනෝ කමෙන්ට් බ්ලොක් කරන ලද සුචරිතවාදි බ්ලොග් කරුවෙකු බවට පත්වීමෙන් බේරා ගනිමු !

      ඇනෝ අයිතීන් සුරකිමු !

      කකා සුරැකීමේ ජාතික සංවිධානය.


      ප.ලි. -

      පුක කියන්නේ කුණුහරුපයක් නොවේ

      පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද - Is Penis a "matter" or an "atom"?

      Delete
    2. පකට කියන එක නම් ප්‍රකට, ප්‍රසිද්ධ කියන අර්ථය එනවා

      Delete
  20. //මුලින්ම මට ඔක්ස්ෆර්ඩ් ඉංගිලිසි ශබ්දකෝෂයක් ලැබුණා මගේ .......

    why are you use "ඉංගිලිසි " instead of "ඉංග්‍රීසි" ?? I saw this in several posts in your blog.
    can you clarify this difference in your own words.

    Have A Nice Day !

    ReplyDelete
    Replies
    1. // why are you use..//..???

      වරිගෙ නහගන්නෙ ඇයි..??

      Delete
    2. English යන වචනය මුලින්ම සිංහලනේ ලියපු එකා ඉංග්‍රීසි කියලා ලිව්වා කියලා අපි එහෙම කරන්න ඔථනෑ නෑනේ.

      Greece = ග්‍රීසිය වුනාට, English = ඉංග්‍රීසි වෙන්න R අකුරක් නෑ නේද?

      E-N-G-L-I-S-H
      ඉං-ගි-ලි-සි

      පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ගේ ඉංගිලිසි පොතෙන් තමයි මං ඔය ඉංගිලිසි කතාව ඉගෙන ගත්තේ.

      Thanks for the question.

      Delete
    3. // why are you use..//..???

      ඒක මොන වරදක්ද, මම කැම්පස් ගියාය කියලා ලියන බ්ලොග් ලෝකයේ.

      අනික ඉංගිලිසි වල වැරදි හොයන්නේ ඇයි මෙච්චර සිංහල වැරදි තියෙද්දී

      Delete
    4. වැඩ කරපු තැන කොම්පියුටරේ සිංහල තිබ්බේ නෑ. ඒකයි බැරි බැරි ගාතේ හරි කඩ්ඩෙන් කෙටුවේ.
      කකාගේ ප්‍රතිචාරයට ස්තුතියි.!

      මම,
      -ප්‍රශ්නය මතු කල ඇනෝවා-

      Delete
  21. බලන් යනකොට අපි සිංහල දන්නෙත් නැහැනෙ හරියටම :(

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගමු!
      ඕලෙවල්වලට පසාසේ හුඟ දෙනෙක් සිංහල ඉගෙගනීම අතහරිනවා නේ.

      Delete
    2. "අපි" යන වචනය "මම" ලෙස නිවැරදි විය යුතු ය.

      -සෝන්යා

      Delete
    3. සෝන්යා
      ගනං ගන්න එපා. තමන් ගැන බහුවචනයෙන් කතා කරන්නත් පුළුවනි.

      නිවරදිවම ලියනවා නම් "අප" හෝ "මා" කියානේ ලියන්න තිබුනේ!

      Delete
  22. why are you use ? correct ? not why do you - pl. clarify.

    ReplyDelete
    Replies
    1. I think it's a typo.
      They probably meant to say "Why are you using".

      Delete
    2. It should be
      "Why are you using?" - Present contentious or
      "Why do you use?" - Simple present

      why are you use ? grammatically wrong

      Delete
  23. කකා,

    සිංහල භාෂාව බිහිකලෙත් බෞද්ධයන් ද? ඔයාලගෙ බුද්ධත් කතා කලේ සිංහල ද? දැන් රටම පාතාලයක් වෙලා. ඉස්සර පාතාලෙ කිව්වේ සල්ලි හොයන්න මිනී මරනවාට. දැන් සල්ලි හොයන්න නොකරන දෙයක් නෑ. දැන් මරන්නෙ සිංහල උන්ගෙ උරුමෙ. අඩු තරමින් සිංහල කියන වචනයේ තේරුමවත් දන්නවා නම් කමක් නෑ. මුන් "අව" කියන කොටස යෙදෙන හැටිවත් නොදැනයි ලියල තියෙන්නේ. එතකොට අවතාරය කියන එකේ අව කියන කොටසෙ තේරුම මොකක්ද?

    ඊ ළඟට බයිබලේ කියන විදියට ඕවායේ තේරුම මොකක් ද? කුරාණෙත් දිග ඇරල බැලුව නම් හොඳයි වගේ. එතකොට ජාතකේ ගැන සිහි වුනා. ආගම කියන එක පහදලා නැද්ද? හාමදුරුවා ගැනත් කියල ඇති නේ ද? ලනු ගොඩක් ඕන වෙයි වගේ. වඩාම සුදුසු ඉංග්‍රීසියට හරවල තේරුම ඉංග්‍රීසියෙන් බලන එක නේ ද?

    ReplyDelete
    Replies
    1. the discussion is really interesting. One thing I would like to say. Swayanjatha is not synonymous to opapathika. In genetics there is a term call making pure line. That is the meaning of Swayanjatha. Can you remember the swayanjatha rathhel gena godakara......This means our ancestors were quite familiar with genetics. Thank you for taking these into discussion.

      Delete
  24. මේ පොත නම් සෑහෙන්න සෑහෙන්න වටින එකක් කියලා හිතෙනවා.

    හරි දැන් තම තමන් තම තමන්ව එවැලුවේට් කර කරන්නලා තමන් අයිති වෙන්නේ කොයි කාන්ඩෙටද කියලා

    ReplyDelete
  25. එත කොට ක.කා අංකල් "පජාත" කියන්නේ..?

    අම්මට උඩු.... බුද්ධාගම ගැන බුදුහාමුදුරුවන්ටත් උගන්නන සයිස් පොරවල් ඉන්නව ඈ.... මටනං පස්ට බුද්ධාලම්බන පිරීතියක් ඇතිඋනේ..... ක.කා අංකල්ට පිං..... ඒත් තියෙන පුස්නේ මෙච්චර ධර්මාවබෝධය තියෙන රටේ සිද්දවෙන ස්තිරී දූශන ලමා අපචාර මිනීමරුං ?????? නිකංමඤ් ඤං වගේ ඕයි....පජාතයි නේද ඕයි..!!!!

    X-Porter

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.