Wednesday 13 February 2013

හිත් පිත් නැති බොට් ඇනෝනිමස් කමෙන්ට්කාරයින්ගෙන් බ්ලොග් ලෝකය ගලවා ගත යුතුය! - Bot Hit, Ouch, Ouch!


වවුලන් එන්නේ, ගල් වදින්නේ රසබර පලතුරු පිරි ගසකට ම ය.

වැසි නැති හෙණ වදින්නේ පව්කාරයින්ට ය.

කතන්දර බ්ලොගය සහ එය කරවන කතන්දරකාරයා සම්බන්ධයෙන් ඉහත කියමන් දෙකෙන් කුමක් අදාල වේදැයි නොදනිමි.

ඒ කෙසේ වෙතත් මේ බ්ලොගයට මෑත අතීතයේ දී ඇනෝනිමස් ලා ගෙන් නිරතුරු කරදය තිබුණු බවට නම් විවාදයක් නැත.

මා මේ කියන්නේ කනේ කළාදුරු ගන කතන්දරයක් ලියා මා සංග්‍රහ කළ නෝටි ඇනෝ ලා ගැන නොවේ.

මා මේ කියන්නේ මා දුටු සුන්දරතම සිහිනය ගැන කියා උපහාරයට බඳුන් කළ ගුඩ් ඇනෝ ලා ගැන ද නොවේ.

මා මේ කියන්නේ හිත් පිත් නැති ඇනෝ ලා කොටසක් ගැනය.

සැබවින්ම හිත් පිත් නැති රොබෝ ඇනෝ ලා නොහොත් බොට් ලා ගැනය.

මින් වසරකට පමණ පෙර මේ ආකරයේ හිත් පිත් නැති බොට් ඇනෝ ලා ගෙන් කතන්දර බ්ලොගයට අති භයානක ප්‍රහාරයක් එල්ල විය. මෙන්න ඒ ගැන මා එදා ලියූ කතන්දරය. http://kathandara.blogspot.com/2012/01/cyber-attack-on-kathandara-blog.html

ඒ දිනවල සිටම කතන්දර බ්ලොගයට දිනකට ස්පෑම් කමෙන්ටු එකක් දෙකක් ලැබෙන්නට පටන් ගත්තේය. මෑත කාලයේ මේ තත්වය වැඩි වී තිබේ.

පසුගිය දිනයක පැය විසිහතරක් ඇතුලත මෙවැනි ඇනෝනිමස් කමෙන්ටු විසි හතරක්ම ලැබුණි.

මගේ හොඳ වෙලාවට බ්ලොගර් කරවන ගුගල් බාප්පා ඒවා ස්පෑම් ෆෝල්ඩරයට යවයි. මා කමෙන්ටු මොඩරේට් කරන්නට පටන් ගත් දා සිට එකක් දෙකක් ස්පෑම් ෆිල්ටරයට මග හැරී සාමාන්‍ය ස්ථානයට එයි.

මේ දිනවල මේ ස්පෑම් කමෙන්ටු ලැබෙන්නේ "අහෝ ඇගේ බෙල්ල" නමැති කතන්දරයටයි. ඒ කතන්දරයේ අනෙකුත් කතන්දරවලට වඩා වැඩි වෙනසක් නැත. මේ බොට් ලා ඒකටම කමෙන්ට් දමන්නේ ඇයි දැයි මට නොතේරේ.

මෙන්න මට ලැබෙන ස්පෑම් කමෙන්ටු සඳහා උදාහරණ කීපයක්.


මේ හැම එකකම විවිධ භාණ්ඩ සහ සේවා සඳහා සබැඳි අමුණා ඇති බව පෙනේ.

මෙය කියවන බ්ලොග් ලියන ඔබටත් මේ කරදරයට මුහුණ දෙන්නට වී තිබේද?

-කතන්දරකාරයා

(image: http://techtites.com/2009/07/01/defend-cyberspace-with-a-massive-multiplayer-online-game-bots/)

62 comments:

  1. ස්පැම් ෆෝල්ඩරයට යනවා නම් ඉතින් කරදරයක් නැනේ

    ReplyDelete
  2. අනේ මන්දා... මට නම් ඕවා ගැන වැඩි තේරුමක් නෑ... අවුරුදු දෙකක් විතර පරණ පෝස්ට් එකකට කොමෙන්ට් දාල ඇති වැඩකුත් නෑනේ. බොට් ඇනෝ ට වැරදීමක් වෙලා වෙන්න ඇති... නැත්නම් පද්මාවතී ගැන සිංදුව තියන නිසා, පද්මාවතීට මොනමොනවා හරි විකුණන්න හිතුනද දන්නෙ නෑ.

    අපේ රුක් වල ගෙඩි හටගන්නේ යලට මහට නිසා තාම නම් ඔය කරදරේ නෑ

    ReplyDelete
  3. අනිවාර්යන්ම බොට් ල හිතාගෙන ඇත්තේ මේක ටොයිලට් එකක් කියල වෙන්න ඇති

    ReplyDelete
  4. හිතන්න ඒපා.ඵල ඇති රුකටය ගල් වඳන්නේ.පිරිසිදු සිත් ඇති අය ලොවක දුර්ලබ බෙහෙත් පැළෑටි වන්ය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  5. ඔව් මටත් එක වරක් ඉංග්‍රීසියෙන් එවැනි කමෙන්ට් එකක් ස්පෑම් ගොඩට ආවා. එහි තිබෙන ලින්ක් වලින් ගිය විට ප්‍රින්ටර් කාට්‍රිජ් ප්‍රචලිත කිරීමේ අරමුණින් එක් කල බව පැහැදිලි වුනා. මම ඒ කමෙන්ට් ඩිලීට් කළා.

    ReplyDelete
  6. මෙවැනි සයිබර් බොට් ප්‍රහාර වලට අපි වහා වහා ප්‍රතිචාර දැක්විය යුතු ය. ඒ සඳහා අපි ක්‍රමවත් වැඩපිලිවෙලක් මේ සඳහා දියත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙවැනි මුග්ධ බොට් ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ ඒ සඳහාද ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඔස්සේ පෙළ ගැසෙමු.
    මෙවැනි බොට් ප්‍රහාර වලින් ඇනෝ අදහස් සඳහා වේදිකාව තනා දුන් කකාට ඇති වී තිබෙන තර්ජන වලින් කකාව බේරා ගනිමු. අපේ දිවි දෙවෙනි කොට කකාව සුරකිමු !

    මට පෙර කකා !


    එන්න අපි අත්වැල් බැඳ ගනිමු ! කකාව සුරකිමු ! ඇනෝ අයිතීන් සුරකිමු !

    අපි,
    කකාව සුරැකීමේ ජාතික සංවිධානය

    ReplyDelete
  7. //මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    අද කතන්දරයට අදාල වන මාතෘකා පහත දැක්වේ.

    බොට්ලා
    බොට් ඇනෝ කමෙන්ට්
    ඇනෝ කමෙන්ට්
    බොට් මගින් ලැබෙන හිට්ස්
    ඇගේ බෙල්ල
    ඇගේ වෛරය
    කකා
    කකා විසින් දමන ඇනෝ කමෙන්ට්
    බොට් ලින්ක්
    නෝටි ඇනෝ
    කනේ කලඳුරු
    මා දුටු සුන්දර හීනය

    මෙයට අමතරව

    කන හෑරීම
    හීනෙන් චූ ගියා
    කන හාරන හැටි එදා, අද සහ හෙට
    හිට්ස් මිලියනය
    බ්ලොග් හිට් මිලියනයක් ලැබේවා !
    ඊලඟ මිලියනය බොට්ලාගෙන්
    අනේ වාසනාවන් බොට්
    බොට් හිට්ස් තව තව ලැබේවා !

    යන මාතෘකාද අද කතන්දරයට යම් අදාලත්වයක් ඇතී අතර ඉහලින් දක්වා ඇති මාතෘකා ඔස්සේම කමෙන්ට් ලිවීමෙන් තම කමෙන්ට් වාරණය වීමෙන් වලක්වා ගන්නා මෙන් සහෘද කතන්දර බ්ලොග් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

    ධාවන තීරුව අනුගමනය කරන්න !

    මෙයට,
    කතන්දර බ්ලොග් පාඨක සංගමය

    ReplyDelete
  8. අපිටත් ඔය ප්‍රශ්නෙම ඇත... කකාට විතරක් නෙවෙයි. ඒ අපි ලෝකෙටම විවෘත නිසා.

    ReplyDelete

  9. බොට් කෙනෙක් හදන්නෙම නිදහසේ ඉන්නනෙ අපිට ඕනේ වැඩේ
    එයාට කරන්න බාර දීල ..ඉතින් එහෙම නිදහසේ ඉන්න අය අලුතෙන්
    වැටෙන URL ගැන උනන්දුවක් නැහැ .ඉතින් කලින් feed උන URL
    වලටම bot ඇතුල් වෙනවා..

    දිනපතා අලුත් feed හොයන bot කෙනෙක් එක්ක මේ bot combine
    කරොත් එක මෙගා බයිට් 5 කින් ලක්ෂ 20 විතර comment දාන්න
    පුළුවන් ...

    bot ල ගැන හැමෝම විමසිල්ලෙන් ඉන්න , මොකද කී loggers එනවා
    ගොඩක් bot විදිහට .ගිණුම් පාලන වැඩ කරනවා නම් තරමේ on screen
    කී බෝර්ඩ් එක වත් පාවිච්චි කරන්න...

    ReplyDelete
  10. පුද්ගලයන්ට අපහාස කිරීම දරුණුම ආකාරයෙන් සිඳුවනවා. මෙයින් පෙන්වන්නේ ජාතියක හැදියාව මිස අන් යමක් නොවේ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාතලන් මේ කතාවෙ තේරුම?

      Delete
  11. මොකා උනත් ඒකා ලින්ක් බොට්ටෙක් !

    ReplyDelete
  12. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ???

    ReplyDelete
  13. //වවුලන් එන්නේ,ගල් වදින්නේ රසබර පලතුරු පිරි ගසකට ම ය//කියන කොටසට තමයි ඔබගේ ලිපි අයත් වන්නේ කතන්දර.එකේ කතා දෙකක් නොමැත!!

    ReplyDelete
    Replies
    1. යකෝ අපි ඉතින් නෑ කිව්වයැ. කකාගෙ බ්ලොග් එක නිකං රස අඹ ගහක් වගේ. ඉතින් පොලු වදිනවා. දැන් ඔය වේලිච්චි බාගෙට මැරිච්ච අනෙක් බ්ලොග් වලට පොලු වදිනවායැ. හොඳට තියෙන්න.

      Delete
  14. Bot Hit, Ouch, Ouch!

    LOL ROFL

    ReplyDelete
  15. පාඨකයෙක් :කමෙන්ට්ස් ටික පබ්ලිශ් කරහන්කෝ කකා.

    කකා : උබට ඕන වෙලාවට නෙමෙයි මට ඕන වෙලාවට තමයි කමෙන්ට් පබ්ලිශ් කරන්නේ. කියවන්න බැරිනම් නිකා ඉදින්.

    ReplyDelete
  16. අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔය කරදර නෑඑනේ අප්ප....අපි ඉතින් දැහැමින් සෙමෙන් ජීවත් වෙන දුප්පත් දෙමාපියන්ගෙ අසරණ හිත හොඳ කොල්ලො නෙවැ....

    ReplyDelete
  17. ඉතින් ‘ස්පෑම් කමෙන්ටු’ බොරු වලින් පිරුණක් යැයි ඔප්පු වුව ද තවමත් එය කමෙන්ටු හැටියට පෙන්වන අය සිටිති.

    එසේම තමන් අමුණන කරුණු සහතික කරන්නට සත්‍ය කතාවක් කියමින් ප්‍රබන්ධයකින් හොරාගත් ලෝකයාටම ඔප්පු වූ බොරු යොදා ගනිති.

    තමන් එසේ නිවැරදි යැයි කියමින් ඇත්ත නැත්ත විමසා බලන්න යැයි පෙන්වන්නාට ලේබල් ද ගහති!!!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ අක්කියේ ඔබ සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. ඔබත් මාත් ලියන කියන දේවල් වලින් ලංකාවේ ඉන්නා ගොබ්බයින්ට කොයි තරම් දේවල් ඉගෙන ගත හැකිද? ඔබත් මාත් දෙදෙනාම ලංකාවේ ඉන්නා ගොබ්බයින්ගේ පිනට පහළ වූ වස්තූන් නොවේද?

      මීට ආදරණීය ඇනෝ මල්ලියා

      Delete
  18. මේ බොට් කමෙන්ට් වගේ තමයි අර සින්හ පීඩියා ලියන එකත්... කොච්චර කිව්වත් අහන්නෙ නෑ.... දැන්නම් ඇති වෙලා තියන්නෙ...

    ReplyDelete
  19. සුපිරි පෝස්ටුවක්... හරිම ඇනයක් තමයි ඔය බොට් කමෙන්ට්.... පුලුවන්නම් අපේ පැත්ටෙත් එන්න....

    අද මම එකද?

    ReplyDelete
  20. මේ වැඩේ නම් කරන්න බෑ කකා. එක්කෝ මොඩරේශන් අයින් කරන්න එහෙම නැත්නම් පැයකට සැරයක්වත් වාරණයට ලක් නොවූ හෝ ඔබ විසින් පල කල යුතු යැයි තෝරා ගන්නා ලද කමෙන්ට් ටික පල කරන්න, එහෙම බැරි නම් මේ කෙහෙල්මල අතරලා දාන්න.

    ඇයි යකුනේ, අපි ආසාවට කමෙන්ට් එකක් රස විඳින්න ආවහම පරණ කමෙන්ට් විතරමයි තියෙන්නේ. නෙද්දකින් !

    මෙයට,
    කකාව සුරැකීමේ ජාතික සංවිධානය

    ReplyDelete
  21. කකා ඔය කමෙන්ට් පබ්ලිශ් නොකර කරන සෙල්ලම නම් එච්චර හොද නෑ.... පෝස්ට් එක විතරක් නෙවෙයි කොමෙන්ට් බලන්නත් කට්ටිය එනව.... අපේ බලා පොරොත්තු බිදින්න එපා... මේ ටික පැයකට සැරයක් වත් පබ්ලිශ් කරන්න.....

    ReplyDelete
    Replies
    1. ඔවු අනේ.
      මේවෑ කමෙන්ට් දාන්න ඉන්නෙත් අපි විතරයි. ඒ කමෙන්ට් ටිකත් හරියට වෙලාවට පබ්ලිශ් කරන්නේ නෑ.
      මේ වැඩේ නම් හරිම කැතයි අනේ

      -හුරතල් ඇනී-

      Delete
  22. මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොගටත් මේ වර්ගයේ ස්පෑම් අඩු නැත. හිට්ස් අඩු, කමෙන්ටු අඩු, විශේෂයෙන් පෝස්ට් අඩුවීම පවා ඒවාට ගැටළුවක් නොවේ. කෙසේ වෙතත් ඒ ස්පැම් akismet ප්ලගින් එකෙන් සෑහෙන ආරක්ෂාවක් ලබා දෙන නිසා තවම බරපතල ගැටළුවක් වී නැත.

    ReplyDelete
  23. මටත් මේක එක දවසක් වෙලා තියෙනවා...අනේ මන්දා..බ්ලොග් ලියන එකත් එපා කරන්න වගේ යන්නේ!

    ReplyDelete
  24. වටිනා දැනුවත් කිරීමක්..අද මං ඒකද?

    ReplyDelete
    Replies
    1. නෑ...
      එක පල්ලෙට ගිහින් !!

      Delete
    2. කතන්දර කාරයාට තිබුනු සෙනසුරු බල පෑම ඉවත්ව ගොස් රවිගේ බල පෑමට යටත්ව ඇත... මේ දිනවල අධික මහන්තත්තයකින් යුක්තව කොමෙන්ටු මොඩරේට් කරන්නේ එබැවිනි... කකාගේ ඇති උපන්ගෙයි මහන්තත්තය සැලකීමේදී මොහුහේ රවි උපතින් මේෂ රාශියේ පිහිටා ඇති සෙයක් පෙනේ....

      කෙසේ වෙතත් රවි දසාවේ මෙවැනි උද්දච්ච කමින් වැඩකරන අයට ඉන්පසු එන ශනි මදි නොකියන්න බැටේ දෙන බැවින් කකා නුදුරු අනාගතයේදීම දරුණු ඇනෝ ප්‍රහාර වලට ගොදුරුවේ... මේ එන්නේ ඒවායේ පෙරනිමිතිය.... හිගන්නන්ට දන් දෙන්න...ස්වස්ති සිද්ධම්....
      දාන්න ජෝති මේ වගේ කොමෙන්ටුවක්...

      Delete
    3. වෘෂභයෙක් වගේ, බස්නාහිරෙන් රවි උදාවන නැකතක් එන තුරු බලාගෙන හිටපන් එක වෙන්න.

      Delete
    4. //දාන්න ජෝති මේ වගේ කොමෙන්ටුවක්...//
      අමුතුෙවන් දාන්න ෙදයක් නෑ...ඔෙහ් දාල තිෙයන්ෙන්...

      Delete
  25. ප්‍රොෆයිල බිඳ - දෙන මහ බල
    ඇනෝ රකින - සාමිනේ

    මගෙ කමෙන්ට් කැපුව කකා
    බ්ලොගේ තොගේ පාළු යකා
    තව එක පෝස්ට් එකක් තකා
    දාන්නට ඉඩ නොදී මකා

    බලා එල්ල - ස්පෑම් හෙල්ල
    ඇටෑක් කරනු - මරු තැනේ

    ReplyDelete
  26. කකාත් විටෙක බොට් ස්පෑම් කරන්නෙක් ලෙස බ්ලොග් අවකාශය තුල හැසිරේ. අප අත දිග හැර කකාට ලබා දෙන්නාවු කමෙන්ට් ද බොට්ටෙකු විසින් තරහාවට ලබා දුන් කමෙන්ට් යැයි සලකා ස්පෑම් කරයි.

    එහෙත් ඇනෝ වන අපි නම් එයින් සැලෙන්නේ නැත. කකා අපට කොපමණ දුෂ්ඨ කම් කලත් අපි කකාට ඇති ආදරය මදකුදු අඩු නොකරයි. ඇනෝලා වන අප විටෙක හැසිරෙන්නේ දෙමව්පියන් ලෙසය. දරුවෙකු දෙමව්පියන්ට කොපමණ කෙනෙහිලිකම් කලත් මහලු මඩම්වලට දැම්මත් කිසිම විටක දෙමව්පියන් ඒ දරුවා කෙරෙහි අහිතක් හිතන්නේ නැත.

    එලෙසම කකා අපටද කොපමණ කෙනෙහිලිකම් කරමින් අපේ වටිනා අදහස් ස්පෑම් නම් වූ කුණු කූඩයට හෙලුවත් අපි ඒවා මධ්‍යස්ථ සිතින් ඉවසයි. ඒ දෙස උපේක්ෂාවෙන්ද බලයි.

    තවද කෙදිනක හෝ එම දරුවන් විසින් දෙමව්පියන්ට කලා වූ වැරදි සිහි වී පසුතැවිලි වන්නට සිදුවේ. අප ද ඒ සියළු කෙනෙහිලිකම් මධ්‍යස්ථ සිතින් ඉවසන්නේ කෙදිනක හෝ කකාටද අපට කලාවූ කෙනෙහිලිකම් වලට පසුතැවිලි වන්නට සිදුවන නිසා ය.

    ReplyDelete
    Replies
    1. රස පෝස්ට් ලියලා
      කමෙන්ට් කරන්න දීලා
      ඇති කරන්න ගත්තු ඇනෝ අපිලා

      (කකාව) අත අරින්න කියලා
      ඇයි කියන්නෙ ඔහෙලා
      හිතුවද අපි දාල යයි කියාලා....?

      මීට
      කකා රකින ඇනෝ සංගමය

      Delete
  27. සි ඩබ් ඩබ් කන්නන්ගර යන නාමය සිහිපත් වෙද්දී
    එන්නේ මතකයට දෙවියෙකුයි දැල්වූ නැණ පහන
    නොමනා පහත්කම් අධ්‍යාපනයට එරෙහිව වැඩි වෙද්දී
    එන්නේ මතකයට තිරිසනෙකුයි මහා රජ ලොක පුවන

    වෙනයම් රටක කන්නන්ගර වැනි උතුමන්
    යම් හෙයකින් හෝ වැරදි ඉපදුනා නම්
    මල් පහන් තබා සැමදා නීති බැතියෙන්
    පුද ලබනු ඇත ජනයා සලකා සේ දෙවියන්

    පින් සිදු වන්නට සි ඩබ් ඩබ් කන්නන්ගර මහතා ට
    උගතුන් බිහිවිය පැල්පත් වල ලක් මෑණිට දාව
    යම් මතු දිනක ඉන්නට වෙන්නේ මුව අයාගෙන
    පොහොසතුන් පමණක් යනවා අකුරු කරන්නට

    බල්ලෙකු බුර බුරා කන්නට ලැහැස්ති වෙනවා
    බල්ලාගේ බලු බිරුම දැක මහා රජ සැනසෙනවා
    නිදහස් අධ්‍යාපනය අහෝ දින දින වැනසෙනවා
    දෑ අනුරාගයෙන් හිරිගඩු පොපියා ඉස්සෙනවා

    සුනක කුලේ මු කොහොමද උනේ අධ්‍යාපන ඇමති
    මු වැනි පර බල්ලන්ට චන්දය දෙන හරක් ද සිටිති
    මුගේ බිරුම් හඬින් හඟුරන්කෙත හරක් තප්පුලති
    උසස් අධ්‍යාපන ඇමති බල්ලෝ උබ එහෙමද කැමති

    ReplyDelete
    Replies
    1. අනේ මේක පොලිටිකල් බ්ලොග් එකක් නෙවෙයිනෙ... ඕව ගිහින් අත අරින්න මාතලන්ගෙ ගුබ්බෑයමේ...

      Delete
    2. අනේ බං කවියක් වත් හරියට ලියා ගන්න බැරි උඹ වගේ මැට්ටො බිහි කළ නිදහස් අධ්‍යාපනේ මොකටද?

      Delete
  28. මට අත දිගඇරලා හිට්ස් ලැබෙනවා නම් බොට්ලාගෙන් හරි කමක් නෑ අනේ
    -කකා

    ReplyDelete
  29. ඊ මේල් ලිපින සපයන වෙබ් අඩවි වලට (උදා: ජී මේල්, යාහූ, මැසෙන්ජර්) නිරන්තර බොට් ප්‍රහාර එල්ල වේ. මෙයින් වැලකීමට කැප්චා වැනි ක්‍රම භාවිතා කරයි.
    -සනාත

    ReplyDelete
  30. කකා ඔබ කියන ජාතියේ ඇනෝ කමෙන්ටු මගේ දිඹුලාගල කියන ලිපියට එනවා හැමදාම වගේ ඒකට විතරයි එන්නේ. ඒ සේරම ස්පෑම් වෙලා තමා එන්නේ.

    ReplyDelete
    Replies
    1. මම අහවල් එක වටේ යන අහවලා

      Delete
    2. ඔව් බං ඇනෝ වරෙංකො අපේ පැත්තෙත්

      Delete
  31. අපිට නම් එහෙමවත් කොමන්ට් එකක් නැහැ :)

    ReplyDelete
  32. කකෝ, ක.කෝ?
    ක. කැ. යකෝ?
    එ. ක. මොකෝ?

    ReplyDelete
    Replies
    1. කකෝ, කමෙන්ට් කෝ ?
      කතන්දර කැ. යකෝ ?
      එහෙම කරන්නේ මොකෝ ?

      Delete
    2. කකෝ, කමෙන්ට් කෝ?
      කමෙන්ට් කැපුවද යකෝ?
      එහෙම කළේ මොකෝ?

      Delete
  33. එකම බ්ලොග් එකට අපි දෙතුන් පාර එන්නෙ අපේ කොමෙන්ට් පබ්ලිශ් කරලද, ඒවට උත්තර දීලද බලන්න.... එහෙම නැතුව ඔහේ දාපු පෝස්ට් එක කට පාඩම් කරන්න නෙවෙයි.... කකා කරුණාකරල කොමෙන්ට් මොඩරේට් කරනවනම් ඒව වෙලාවට පබ්ලිශ් කරල උත්තර සපයන්න.....

    මෙතන සන්වාදයක් නෑනෙ...

    ReplyDelete
  34. කොහොමත් මේකේ කියවන්න දෙයක් නැති එකේ ඔය කොමෙන්ට් ටිකත් දාමු කකා

    ReplyDelete
  35. ඔබ සැමගේ ප්‍රතිචාරවලට ස්තුතියි.

    කමෙන්ට්ස් මොඩරේට් කරන්නේ සිත් පිත් නැති බොට් ලා ගේ ඒවා මෙන්ම සිත් පිත් ඇතුව කුණුහරුප ලියන ඇනෝ ලා ගේ කමෙන්ටු පලවීඟ වැලකීඟ පිණිසය.

    අද දිනය ඇතුලත "අහෝ ඇගේ බෙල්ල" නමැති කතන්දරයට ලැබුණේ බොට් කමෙන්ටු පහලොවක් පමණි. ඒවා සියල්ල ස්පෑම් විය.

    කමෙන්ට්ස් මොඩරේට් කරන්නට පටන් ගත් දින සිට කුණුහරුප සහිත කමෙන්ටු ලැබීම අඩුවිය. සියළුම කමෙන්ටු අනුමත කරන ලදී.

    ReplyDelete
    Replies
    1. //සියළුම කමෙන්ටු අනුමත කරන ලදී.

      උම්මා උම්මා උම්මාආආආආආආ
      සොරි. මට හැඟීම් පලනය කර ගන්න බැරි උනා.

      -හුරතල් ඇනී-

      Delete
  36. @ Anos
    ඔබේ ප්‍රතිචාරවලට උත්තර දෙන්නට මට කාලය ලැබෙන්නේද ඉඳහිට දවසකය.

    එැවනි විශේෂ දිනයක දී හැර සාමාන්‍ය රාජකාරී වේලාවල කමෙන්ටු කියවා ඟොඩරේට් කරන්නට මට කාලයක් නැත. එය කළ හැක්කේ දිනකට දෙවරක් හෝ තුන්වරක් පමණය.

    ඒ පිළිබඳව මගේ කණගාටුව පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ කණගාටුව මගේ පුකයි....

      Delete
    2. එහෙනම් දෙයියනේ පිංසිද්ධ වෙයි. මොඩරේට් මඟුල අයින් කරලා දාන්න,
      කුණුහරුප කමෙන්ට් තිබ්බොත් හවස වැඩ ඇරිලා ඇවිත් ඩිලීට් කරලා දාන්න.
      මොකද පෝස්ට් එක වගේම කමෙන්ටුත් අපි කියවනවා. රසවිඳිනවා.

      Delete
    3. මොටරේට් අයින් කරන්න කකා...මේ කමෙන්ටුත් පෝස්ටුව වගේම රසවත්...කුණු හබ්බ තිබ්බොත් මකලා දාන්න පස්සේ.

      Delete
  37. කතන්දර සූරීන්ට ජය වේවා!
    අර කිව්වත් වගේ 'වවුලො' එන්නෙ හිට්ස් ඇති රුකටනේ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.