Tuesday 19 February 2013

තවත් එක් චූ කතන්දරයක් (නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් පහදා දෙනු ලැබේ!) : Bladder control ~ for women only


අපේ වැඩිහිටි ඥාතිවරියක් දින කිහිපයක් ගත කිරීමට අප නිවසට පැමිණියාය. සති අන්තයේ සෙනසුරාදාවේ ඇයව ද රැගෙන පොඩි පහේ විනෝද චාරිකාවක් යෑමට හාමිනේත් මමත් සැලසුම් කළෙමු.

අපට නිවසින් පිටත්වෙන්නට තිබුණේ උදෑසන දහයට පමණය. හීලට කිරිබත් කා තේ බීවේ උදේ හතට පමණ නිසා එදා මට නමයට පමණ තේ එකක් බීමට සිතක් පහළ විය.

"ඩාල්, හදන්නකෝ හොඳ ළමයා වගේ තේ. යන්න කලින් තේ එකක් බිව්වොත් හොඳයි වගේ!" මම මා ප්‍රිය බිරිඳ අමතා කීවෙමි.

"නැන්දට ඕනෑ, කිරි තේ ද, නිකං තේ ද, කෝපි ද?" බිරිද නැන්දා විමසුවාය.

මා නම් මේ වේලාවට බොන්නට කැමති හොඳවායින් ඉඟුරු තේ එකක් බව හාමිනේ දන්නීය.

"අනේ දුවේ, දැන්නම් මට තේ එපා" නැන්දා කියා සිටියාය. "දැන් අර ගමන යන්නත් තියෙනවා නේ!"

"ඒක තමයි නැන්දේ අපි යන්න ඉන්නේ දහය පහුවුණාම නේ. තව පැයක්ම තියෙනවා. තේ එකක් බොන්න. නැත්නම් කාර් එකේ පැයක් විතර යන්න තියෙන නිසා බඩගිණි ඒවි."

"ඒක හින්දාම තමයි මං තේ එපාය කිව්වේ. මං සාමාන්‍යයෙන් ගමණක් යන්න පැයක දෙකකට විතර කලින් ඉඳලා කිසි දෙයක් බොන්නේ නෑ."

"ඇයි නැන්දේ ඒ?"

"ඇයි ළමයෝ, ගිහින් එන්න පැය තුන හතරක් විතර යන ගමණක් නම් යන්න කලින් තේ බීලා අතර මගදී ටොයිලට් යන්න ඕනෑ වුණොත් මොකද කරන්නේ? පිටත් වෙන්න පැය දෙකකට විතර කලින් මං වතුර ටිකක්වත් බොන්නේ නෑ. ඒ විතරක් නොවෙයි, ගෙදරින් පිටත් වෙන්න විනාඩි කිහිපයකට කලින් ටොයිලට් යනවා. එහෙම කළාම පැය පහ හයක් වුණත් කිසි ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුළුවනි" නැන්දා කියා සිටියාය.

නැන්දා ගේ ඒ කතාව අසා මා මුළින්ම විමතියටත්, පසුව දුකටත් පත් වුණෙමි.

මේ ලංකාවේ නගරබද වෙසෙන ගැහැණියකට මුහුණ දෙන්නට වී ඇති තත්වයයි.

ශරීර අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට හරි හමන් තැනක් නැත!

කොළඹ ගියොත් මේ සඳහා ලොකු ෂොපින් සෙන්ටරයකටම ගොස් වෙනම ම මුදල් ද ගෙවා වැසිකිළි යා යුතුව ඇත.

නුගේගොඩ දී චූ බරක් හැදුණෙමි යන කතන්දරයෙන් ද මා කියූවේ මේ තත්වය ගැනයි.

පිරිමි අපි නම් ඔය අවශ්‍යතාවය කොහොම හරි ඉටු කර ගනිමු.

ඒත් කාන්තාවන්?

-කතන්දරකාරයා

ප/ලි:
නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් තවදුරටත් පහදා දිය හැක!

ප/ප/ලි
කමෙන්ට්ස් සඳහා අළුත් ක්‍රමයක් අත්හදා බලමින් පවතී. මෙය ආනන්දවර්ධන ගේ වෙබ් ආලෝචනා, ඩීප්ස් ගේ ලෝකය වැනි බ්ලොග්වල කාලයක් තිස්සේ භාවිතා වූ disqus ක්‍රමයයි.

(image: http://www.hivehealthmedia.com/try-some-lifestyle-strategies-for-better-bladder-control/)

45 comments:

  1. පොඩ්ඩි19 February 2013 at 07:10

    ලංකාවේ දැන් හොඳ ටොයිලට්ස් තියනවලු. මම මේ අලුත් කමෙන්ට් දාන හැටි බලනවා.:)

    ReplyDelete
    Replies
    1. හොදම එක ඔයානෙ

      Delete
  2. අප්පො මටත් ඒ බර නම් මඟදි හොඳටම දැනි ඇතෝ................



    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)


     

    ReplyDelete
    Replies
    1. මනසින් කැසිකිලියට ගොඩවදින්න (කක්කි බර සහ තදබල චූ බර )

      Delete
  3. ඕන මඟුලක්! ඇනෝ බ්ලොක් නොකර.

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා කරෙන් දැනේ.නැද්ද රාජෝ..

      Delete
  4. හම්මෝ මේක කිව්වම මතක් වුනේ හෝටල් වල තියෙන ටොයිලට් ගැන. හැබැයි දැන් හැම හෝටලයටම ප්‍රමිති සහතිකයක් දෙන නිසා හැමෝම පිරිසිදුවට තියා ගන්න බලනවා. 

    ReplyDelete
  5. සිතක සංකල්පනා19 February 2013 at 09:16

    මොකද්ද කකා මේ මල ජරාව ! මේ කමෙන්ට් සිට්ටම් එක නම් මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  6. ගෑණු අයට පැම්පර් (ඩයපර්ස්) ඇඳන් යන්න කිව්වනම් අහකයි නේ.. පස්සත් ළොකුවට පේනවා..

    ReplyDelete
  7. ගෑණු අයට පැම්පර් (ඩයපර්ස්) ඇඳන් යන්න කිව්වනම් අහකයි නේ.. පස්සත් ළොකුවට පේනවා..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් 1යි නම් 1යි.
      ඇදගෙනම නෑවද මංදා...

      Delete
  8. මම මේ දාන අන්තිම කොමෙන්ට් එක19 February 2013 at 10:15

    මම මේ දාන අන්තිම කොමෙන්ට් එක.... එපා වෙනව මෙහෙම කොමෙන්ට් දාද්දී.... මොකක්ද බන් මේ මගුල.... මේක එපා වෙනව බන්... ආයෙත් මේ රෙද්ද පරණ විදිහට දානකන් මම මේ බ්ලොග් එකේ කොටන්නෙ නෑ......  

    ReplyDelete
  9. කමෙන්ට් සහතික පත්‍ර පාඨමාලාව ගැන උනන්දු සිසුන් විමසන්න. ඉඩකඩ සීමිතයි..


    ලේකම් ,
    කකා සුරැකීමේ ජාතික සංවිදානය .

    ReplyDelete
  10. සිතක සංකල්පනා19 February 2013 at 11:43

    අපොයි ඔවු. කමෙන්ට් එකක් කොටන්න නහුතෙට ලොකු ෆෝර්ම් එකක් පුරවන්න ඕන. සංසාරේ එපා වෙනවා.

    ReplyDelete
  11. ඔය හේතුව නිසා, චූ බර තිබ්බත් නැතත් ගමනක් යන්න කලින් චූ කරලා යන්න කාන්තාවෝ පුරුදු වෙලා තියනවා. පිටකොටුවේ නම් වැසිකිලි ලඟට ගියාම, ඇදලා අරං වැසිකිලියක දාල, ආපහු දොර ඇරපු ගමන් වතුර බාල්දියකුත් ගහලා.. එළියට එනකොට ටිකට් එකක් දීලා සල්ලිත් ගන්නවා... පස්සෙ තමයි තේරෙන්නෙ ආ... මම මේ ටොයිලට් ගිහින්නේ කියලා

    ReplyDelete
  12. ඔය අය අපට හිනා උනාට වයසට ගිහාම කාටත් ඒ කියන්නෙ දෙපාර්ශවයටම ඔය දේ උරුම වෙනවා. ජීවිතේ හැටි ඔහොම තමා. 

    ReplyDelete
  13. මොන මඟුලක්ද මේ? wtf kk?
    කෝ මේ කකා සුරැකීමේ සංවිධානය?

    ReplyDelete
  14. කකාව සුරැකීමේ ජාතික සංවිධානය19 February 2013 at 14:30

    tytyyt

    ReplyDelete
  15. කකාව සුරැකීමේ ජාතික සංවිධානය19 February 2013 at 14:31

    Type your comment here.ඩ්ෆ්ඩ්ඩ්

    ReplyDelete
  16. කකාව සුරැකීමේ ජාතික සංවිධානය19 February 2013 at 14:46

     මෙම කමෙන්ට් කිරීමේ ක්‍රමවේදය ඉතාම දුර්වල මට්ටමක පවතී.කමෙන්ට් කරන්නන්ට විවිධ තොරතුරු පිරිවීමට සිදුවේ. එලෙසම කමෙන්ට් රසවිඳින්නන් හට ලෝඩ් මෝර් බොත්තම කිහිප විටක් ක්ලික් කර කමෙන්ට් රසවිදීමට සිදුවේ මේ නිසා හුදී ජන පාඨක රසවින්දනයටත් බාධා සිදුවේ. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි පරණ කමෙන්ට් ක්‍රමවේදය කරා එලබෙන මෙන් අප සංවිධානය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. අපගේ මේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර ලබා දෙනු ඇතැයි අප සංවිධානය අපේක්ෂා කරමු.

    ස්තුතියි.

    මෙයට

    සභාපති
    කකාව සුරැකීමේ ජාතික සංවිධානය

    සබාපතී
    ඇනෝ අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ සංධානය

    සභාපති
    කතන්දර බ්ලොග් පාඨක සංගමය

    කැඳවුම්හරු
    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය

    ReplyDelete
  17.  What the F is this kaka !!
    this comment system is sucks ! need old comment system !
    why do you apply these shits on your blog ? no need any new methods for commenting. old system works fine for all blogs  !!!

    thanks  kaka
    Federation of University Teachers Association

    ReplyDelete
  18. ඇවරිබොඩී...

    හැම උලුදු වඩේම හිලක් තියෙනවා වාගෙම කකාගෙ අලුත් කොමෙන්ටු සිස්ටොම් එකෙද පත හිලක් ඇත.දහසකුත් එකක් පෝරම නොපුරවා සනිකව කොමෙන්ටු කෙටීමේ අති රහස්ය ගුප්ත කරම.පරසිද්දියේ නොකියනු ලැබෙ.
    විමසීම්- andakolla@gmail.com

    ReplyDelete
  19. බොක්ක ගලවලා19 February 2013 at 16:15

    මේ කමෙන්ට් මගුල නම් විකාරයි..... කරුණාකර පැරනි ක්‍රමය නැවත ස්ථාපනය කරන්න....


    සභාපතිනි
    කිලි නැති බොක්ක ගැලවූ අන්තර් ජාතික කාන්තා එකමුතුව

    ReplyDelete
  20. බොක්ක ගලවලා19 February 2013 at 16:16

    මේ කමෙන්ට් මගුල නම් විකාරයි..... කරුණාකර පැරනි ක්‍රමය නැවත ස්ථාපනය කරන්න....


    සභාපතිනි
    කිලි නැති බොක්ක ගැලවූ අන්තර් ජාතික කාන්තා එකමුතුව

    ReplyDelete
  21. ත්‍රාස්ය,භීතිය, කුතුහලය පිරි 'ඉල්ලන් කක්කි නෑමෙ මෞලි මංගල්‍ය්'. කතන්දර බොගයේ දැන් තිරගත වේ...

    ප්‍රචාරක අංශය,
    කකා සුරැකීමෙ සංගමය.

    ReplyDelete
  22. ඇනෝ බ්ලොක් කරන්න කකා .මේ තරන් නටන්ට දෙන්න හොද නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔයත් ඇනෝ කෙනෙක් නේද සුදූ.

      Delete
  23. Sudath Munasinghe19 February 2013 at 17:46

     කමෙන්ට් කිරීමේ ක්‍රමය ගැන මේ කමෙන්ට් එක දාල ඉවරවෙලා කමෙන්ට් කරන්නම්.
    කතාව ගැන කමෙන්ට් කරනවානම්,
    මට හිතෙන්නෙ කාන්තාවො ගවුම් හෝ සාරි අඳිනවානම් පිරිමින්ට වඩා පහසුවෙන් කාන්තාවන්ට චූ කරන්න පහසුයි සාමාන්‍යයෙන් පාරක් අයිනට වගේ ගිහින්. (වැඩි විස්තර අවශ්‍යනම් කියන්න පුළුවනි)

    ReplyDelete
  24. Sudath Munasinghe19 February 2013 at 17:48

    ඇනෝලාට ඇනෝලා වශයෙන් කමෙන්ට් කිරීමට නොහැකියි. ප්‍රොෆයිල් සහිතව කමෙන්ට් කිරීමේ කිසිම අපහසුවක් නොපෙනේ.

    ReplyDelete
  25. Sudath Munasinghe19 February 2013 at 18:02

    කමෙන්ට් අයින් කරන්න බැරිද?
    කෝ මගේ ප්‍රොෆයිල් එක එන්නෙ නෑනෙ.

    ReplyDelete

  26. දැන් මෙතන නියම ප්‍රොෆයිලයෙන් කමෙන්ට් කල හැක්කේ
    මට පමණද ? මා හැර වෙනත් අඹ ගස් සිටීද ? :D


    ReplyDelete
  27. Haritha Thilakarathne19 February 2013 at 18:20

    මොකද්ද මේ මඟුල!!!!!

    ReplyDelete
  28. කලාවේ නරියා19 February 2013 at 20:09

    හුටස්පරයයි.... ට්‍රැෆික් ඇනෝගේ රෙදි ගැලවේ.ඔහු සුදත් මුනසිංහ නැමති අයෙකි. හුක්කි හුක්කි හූඌඌඌඌ

    ReplyDelete
  29. පොදු වැසිකිලිය19 February 2013 at 20:13

    ඒක ඉතින් මේක ලියන මහ එකාගෙන් තමා අහන්න වෙන්නේ. වෙනදට ඇනෝලා රෙන එකේ මෙදාපාර කකා රීලා. රීලා විතරක් නෙමේ හැමතැනම ගාගෙන. ඔයිට වඩා හොඳයි බල්ලා පොල් අත්තක රිව්වා නම්....

    ReplyDelete
  30. ඒක තමයි කාන්තාවන්ටත් මොකක් හරි උපකරණයක් හොයාගන්න වෙනවා මේකට.

    ReplyDelete
  31. කකා මාමේ.. ඒ ඇන්ටිට චූව බර විතලමද හැදෙන්නෙ.? කක්කි බර හැදෙන්....නෙම නැද්ද අලේ...

    ReplyDelete
  32. මේ කමෙන්ට් ක්‍රමයේ මොකක් හරි මගඩියක් තියෙනවා...ඇනෝලව   අදුර ගන්න  කකාගේ උප්පරවැට්ටියක්ද?වහාම පෙර තිබූ පරිදි කමෙන්ට් කිරීමට ඉඩ සලසනු!

    ReplyDelete
  33.  අර අපේ රටේ ඉන්න කාන්තා විමුක්තිවාදියො ටිකට මේ ප්‍රශ්ණය කිවුවනම් සමහර විට මොකක් නමුත් විසඳුමක් ලැබෙන්න ඉඩ තියෙනව.

    ReplyDelete
  34. @ All
    මා දින තුනක් තිස්සේ අත්හදා බැලූ කඟෙන්ට් ක්‍රමය අත්හැර දැමූවෙමි.

    එහි යම් යම් ප්‍රයෝජන තිබුණේ වුවද, හිත් පිත් නැති ඇනෝනිමස් බොට් ලාට එතුලින් රිංගා ගොසින් මා ලියූ ඇගේ බෙල්ල කතන්දරයට ප්‍රහාර එල්ල කළ හැකි වව පෙණුනි.

    යම් අපහසුතාවයක් සිදුවුනේ නම් ඒ ගැන කණගාටුවෙමි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.