Friday 28 December 2012

කළේ පැන් නැවුම් රහ නැති කාලේ, ස්ටර් ෆ්‍රයි හදමු රාලේ : Beef stir-fry


"කළේ පැන් නැවුම් රහ නැති කාලේ" කියන්නේ සුනිල් එදිරිසිංහ ගේ පැරණි රසාංගයක් වෙන "කළේ පැන් ඇත නැවුම් රහ නැත" කියන බිරිඳ තනිවම නෑගම් ගිය දවසක දුකෙන් පසුවන ආදරණීය සැමියෙකුගේ සිතුවිලි කියවෙන සින්දුවට අනුව හදා ගත්තු යෙදුමක්.

කතන්දරහාමිනේ විවිධ අධ්‍යාපනික සම්මන්ත්‍රණ එව්වා මෙව්වා වලට සහභාගී වෙන්න යන දවස්වලට මංතුමාටත් සිද්ධ වෙනවා කළේ පැන් නැවුම් රහ නැති දුක විඳින්න.

අවුලක් නෑ, මොකද චාරිකාව අවසානයේ දී මට හාමිනේගෙන් තෑගි බෝග ලැබෙනවා. ඔය අතරේ මට ඉඳලා හිටලා රත්නායක මහත්තයලා ගේ ගෙදරින් විවිධ රස මසවුළුත් ලැබෙනවා.

මේ කාලෙට තමයි මං නොයෙකුත් කුකින් එක්ස්පරිමන්ට් කරන්නේ. මෙන්න ඒ විස්තර සහිත පරණ කතන්දර කීපයක්.

1. පරිප්පු වස්තුව

2. බීන්ස් විත් පීනට්ස්

3. බීෆ් - කතන්දර ස්ටයිල්

4. බොම්බිලි කරෝල නොඉවිය යුතු ක්‍රමය

මෙදා පාර හාමිනේ ගියේ මැලේසියාවටයි. එහේ තිබුණු සම්මන්ත්‍රණය දවස් තුන හතරක්ම අල්ලලා ගියා. යන්න දවසයි, එන්න දවසයි එක්ක මට එක සතියක බදාදා ඉපලා ඊලඟ සතියේ සඳුදා වෙනකම්ම තනිකඩ තාත්තෙක් ගේ කට්ට කන්න සිදුවුණා.

මෙන්න මේ කාලේ දවසක මං හදපු බීෆ් ස්ටර් ෆ්‍රයි එක ගැන විස්තරය.

උවමනා ද්‍රව්‍ය
මස්, කැරට්, බෝංචි, රතු කැප්සිකම් (අවශ්‍යම නැත), ලොකු ලූණු, සුදු ලූණු, ගම්බිරිස් කුඩු, සෝයි සෝස්, කරපිංච, තෙල්, වොක් වර්ගයේ තාච්චියක්






සාදන ක්‍රමය
මස් සිහින් තීරුවලට කපා ගන්න. දැන් මෙයට ලොකු ලූණූ, සුදු ලූණු, කරපිංචා, සෝයි සෝස් සහ ගම්බිරිස් කුඩු දමා අනා පසකින් තබන්න.





කැරට් යනාදී එළවළු ද, ලූණූ ද සිහින් තීරුවලට කපා සෝයි සෝස් සහ ගම්බිරිස් එකතු කරගන්න.






තාච්චිය ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් කරන්න. මස් මිශ්‍රනය එකතු කර තද ගින්නේ හොඳින් හැඳි ගාමින් (ස්ටර්) තෙම්පරාදු (ෆ්‍රයි) කරගන්න.


විනාඩි කිහිපයකට පසු බැදුණු මිශ්‍රණය තාච්චියෙන් අයින් කර වෙනත් භාජනයකට දමා ගන්න.


දැන් තාච්චියට තෙල් ස්වල්පයක් එකතු කර එළවළු පෙර පරිදි ස්ටර් ෆ්‍රයි කරගන්න.


විනාඩි දෙක තුනකට පසු මෙයට මස් මිශ්‍රණය එකතු කර තවත් විනාඩි කිහිපයක් හැඳි ගාමින් තෙම්පරාදු කරගන්න.


අවශ්‍ය පරිදි තවත් ගම්බිරිස් කුඩු සහ ලුනු ද එකතු කරගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
මැලෙසියානු තෑගි පිළිබඳ කතන්දරයක් ලබන සතියේ.

(image: http://travelluxembourg.org/site_files/UserFiles/michelin1.jpg)

63 comments:

  1. KK the cannibal!

    ReplyDelete
  2. ඉතින්, අයෙක් කියනවා නම් කෑම පිසීම යනු යනු ගැහැණුන් විසින් තව තවත් සැලසුම් කළ යුතු යැයි කියා, බලහත්කාරයෙන් තමන් කෑම පිසින්නේ නැත්නම් නිසි ආහාරයක් සියල්ලන්ටම ලබා දෙන්නට නොහැකි යැයි කියා, එවැන්නා අනුන්ගේ කුස්සියට හිරිකිතයක් නැතිව අත දමන්නට බල ලෝභී ස්වාමිපුරුෂයන්ට උදව් කරන්නෙකි.

    ReplyDelete
    Replies
    1. තනිවම ඉවීමේ ඔබේ මහාත්මා ගුණය මම මුලින්ම අගය කරනවා. එය ඔබ උසස් යුද හමුදා පුහුණුව තුලින් ලද ගුණයක් කියා හිතනවා.

      Delete
    2. ඉතින්, එක හෝ දෙක වූ පමණින්ම මුග්ධ ප්‍රොෆයිල් කරුවන් සේ මම එක, මම දෙක කියමින් බෑගිරි ගාන්නේ නැතිව මෙවන් අගනා ස්ව උත්සාහයෙන් අගතැන්පත් කොමෙන්ටුවක් දමයිනම්,ඇනෝ බ්ලොක් කර
      ඔහුගේ අයිතිය උදුරා ගන්නට මංකොල්ලා කන්නට ගියවුන් ද අයිතිය ඔහුගේය යන්න පිළිගෙන උදුරාගත් හෝ හොරාගත් අයයි.

      ම්ලේච්ඡයෙක් නොවන කකා අද කළ යුත්තේ කුමක් ද?

      බලහත්කාරයෙන් තවකෙකුගේ ශ්‍රමයට තවත් අයෙකුට අයිතියක් කියන්නට හැකි නීති ගෙන ඒම ද?

      නැත්නම් තමන්ගේ ශ්‍රමයෙන් නිපැදවෙන දේ තමන්ට අයිතියි කියා තහවුරු කර ආරක්ෂා කර දීම ද?

      Delete
    3. ඔය අර කැළණි විහාරය ඉස්සරහ කෑ ගගහා ඉන්න පිස්සියෙක්ගේ පලා මල්ලෙන් හැලිච්චි කෑලි ටිකක් මුන් ඇහිඳගෙන කකා.

      Delete
  3. කතන්දරට හාමිනේ නැති කාලේ හෙම්බිරිස්සාවක්වත් හැදුනද?


    “ගම්බිරිස්“-?

    ReplyDelete
    Replies
    1. ගම්+මිරිස් = ගම්බිරිස්

      Delete
    2. ඔය සංධිය මොකද්ද කියලා කියන්ඩ පුලුවන්ද කකා ?

      Delete
  4. පිස්සු නටන්න එපා කකා

    ReplyDelete
  5. රහාආආආආආආ පාටයි. ඔන්න ඔය වගේ හැම පිරිමියෙක්ම ඉඳලා හිටලා හරි මොනවා හරි උයන්ට ඉගෙන ගත්තානම්...:D

    ReplyDelete
    Replies
    1. පිරිමින් වහලුන් කරගැනීම රදල පැලැන්තියේ මාන්නාධික කාන්තාවන්ගේ විලාසිතාවක් වූ කාලයක් තිබූ බව අද අතීතාවර්ජනය කරන්නන්ට අමතකය...

      පිරිමියෙක්ගේ ශ්‍රමයට කිසි ලෙසකින් තවත් අයෙක් බලපෑමක් කිරීම ප්‍රතික්ෂේප වීමෙන් ඒකීය පුද්ගලයාගේ ශ්‍රමයට ඇති ඔහුගේ ස්වභාවික අයිතිය ආරක්ෂා වෙයි.

      Delete
    2. භාර්යාව ගෙදර නැති විට ස්ටර් ෆ්‍රයි හදන ස්වාමි පුරුෂයින් නම් නියම අණ්ඩපාලයින්ය!!!!!!!!!!!

      Delete
    3. අනේ අනේ, මෙතනට බදු ගහන එකයි, පුර්ණ ධනවාදය කියන එකයි විතරයි අඩු නේද? මොනවාද ළමයිනේ මෙහෙම අනුන්ට මඩ ගගහ ඉන්නේ. වෙන අතක් බලා ගත්ත නම් හොඳ නේද?

      Delete
    4. දැන් පියවර පහකින් ගෙදර යවපු මහින්ද රාජපක්ෂත් මේ වගේ තනියම උයනවා ඇති නේද?

      Delete
    5. @ Podi Kumarihami
      අනේ ඔබට අනුකම්පා කරමි. මේ වගේ තරුණ මදයෙන් පෙලෙන අය මා පුහුණුවේදී අනන්තවත් දැක තිබෙනවා. මා ඔවුන්ව හොඳ කෝකියන් බවට පත්කර තමයි ඒකක වෙත යැව්වේ.

      Delete
    6. අධ්‍යතන හිස උදුම්මාගත් කුලවාදීන්ට පිරිමින් කෙරෙහි වෛරය පැතිරවීමෙන් තොරව පැවැත්මක් නැත.එයට හේතුව කුලවාදීන්ගේ මූලික පදනමම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී එකක් වීමයි. තම නිවස සහ ඒ අනුබද්ධ පිරිමින් තුළ කාන්තා ආධිපත්‍යය තහවුරු කරගැනීමෙන් පසුව පවා කුලවාදීන්ට සැනසීමක් නැත. සෙසු පිරිමින් වඩාත් පරාධීන කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන මෙම උග්‍ර කුලවාදී කාන්තාවන් සිය කාලය හා ශ්‍රමය යොදන්නේ පිරිමින්ට එරෙහිව සිංහල බ්ලොග් සමාජය තුළ බිය හා වෛරය පැතිරවීමටයි.

      Delete
    7. ඔවු එතකොට පොඩ්ඩිලාට කකුල් උඩ තියාගෙන් ටීවි බලතෑකි නෙහ්.
      අපේ පැත්තේ නම් ඔය වගේ ගෑනුන්ට උන්ගේ මිනුස්සු හනස්සකින් තලන්නේ !

      Delete
    8. AnonymousDecember 28, 2012 7:50 AM
      AnonymousDecember 28, 2012 2:13 PM
      AnonymousDecember 28, 2012 10:03 AM

      හොඳ ශෛලියක් ඇනෝවරුනි!

      Delete
    9. පොකු ගේ පිරිවර ඇනෝ වෙස් ගෙන මෙහි පැමිණියාවත්ද?

      Delete
  6. ස්ටර් ෆ්‍රයි හදන විට ඔබේ වෘෂණ කෝෂ ගින්දරට සමීපව තිබීම නිසා ඒවායේ උෂ්ණත්වය ඉහළ ගොස් මඳ සරු භාවය ඇති විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මද සරු භාවය ඇති උනත් ඩිම්බ මනා මේරීමකට විභව ශක්තිය (Potential Energy) බලපායි

      ශරීරයේ ඉන්ද්‍රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, (Potential Energy) එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්‍රියයන් වලට ලැබේ.

      එබැවින් සන්සර්ගය ඉහල විභවයක (high potential) එනම් ගසක් වැනි උස් ස්ථානයක සිදුකර සන්සේචනය සිදුවන තෙක් දින දෙකක් වත් එහිම රැදී සිටිමෙන් මද සරු බව නිසා ඇතිවිය හැකි ව්‍යාකූල තා මගහරවා ගත හැක..

      Delete
    2. ගරු මහත්මයානෙනි... මාගේ ප්‍රශ්නය ඉහත ඔබ දක්වා ඇති ක්‍රියාවලිය ප්‍රතිලෝමව සිදුකිරීම මගින් එනම් භූගතව සන්සර්ගය සිදුකිරීම මගින් ස්වාභාවික ලෙස උපත් පාලනයක් සිදුකල හැකිද යන්නයි.... කරුනාකර පිලිතුරු ලබාදෙන්න

      Delete
    3. කවුද දැන් මේවට පිලිතුරු සපයන්නේ?

      Delete
  7. මගේ ඇදුරුතුමන්ටත් ස්ටර් ෆ්‍රයි හදන්න පුළුවන්. හැබැයි ඒවා කකා හදන ඒවාට වඩා රසයි.

    ReplyDelete
  8. HARAK MAS KANNA EPA GONO.

    ReplyDelete
    Replies
    1. ඔබේ හොඳ වෙලාවට මට බූරු මස් අගුණයි.

      Delete
    2. කකා ඔටුමස් කනවද?

      Delete
  9. ක්කාට හෙම්බිරිස්සාවද??

    ReplyDelete
  10. තම සතුට සඳහා තම හැකියාවන් පාවිච්චියට නොහැකි වූ කල කකා තෘප්තිමත් නොවෙන බව ඉතිහාසමය සාධක ඕනෑ තරම් දැකිය හැකිය.

    ගෑනි මැලේසියාවේ යවා සතුට ස්ථාපිතය කළ නොහැකිය. සතුට ඇතිවන්නේ මිනිසාට තමන් වඩාත් කැමති යැයි සිතනා දෙයක් උයන්නට නිදහසක් ලැබෙනා විට ය.

    එහෙම කළොත් ගැහැණුන් සියල්ලන් මැලේසියාවේ යෑම හෝ පිරිමින් සියල්ලන් බ්ලොග් ලිවීම වෙන්නේ නැත. ස්වභාවයෙන් ඇත්තේ හැම මිනිසෙක් තුලම එයාට පමණක් උත්කෘෂ්ට වූ පරමාර්ථයක් සපුරා ගන්නට වූ උවමනාවකි.

    ReplyDelete
  11. මේ කොමෙන්ට්ස් වලිනුත් හොඳ ස්ටර්-ෆ්‍රයි එකක් හදාගන්න පුලුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඉවීම යන්නට විවිධ නිර්වචන ඇතත්, පිරිමියෙක් ඉවීම යනු අප හැදෙන වැඩෙන පරිසරය තුල වූ යම්කිසි උඩු ගන් බලා පිහිනීමක් ලෙස ලෙස සරලව හැඳින්විය හැකිය.
      ඉතින් පිරිමියෙක් හැදුනු වැඩුනු සංස්කෘතියට ඉවීම ඇති සම්බන්ධතාවය අවිඥාණිකව ඔහු තුලම වෙයි. මේ සංස්කෘතිය වෙනස් වූ විට, එක වරම පිරිමියෙක්ට එය දරා ගත නොහැකිවන්නේ සංස්කෘතියට ඔහු තුල වූ එම බැඳීම නිසාය. පිටරටක ජීවත්වීමට යන කෙනෙකුට ඇතිවන 'හෝම් සික්' යනුවෙන් හඳුන්වන්නේ එම හුරු පුරුදු වටාපිටාවෙන් ඈත්වීමේදී සිතට දැනෙන අපහසුතාවයයි.බ්ලොග් පෝස්ට් දැමීමෙන් මෙය මග හරවාගත හැකිද යන්න විවාදාත්මකය...

      Delete
    2. අතලොස්සකට පමණක් සීමා වූ කමෙන්ටු බහුතරයා වෙතට නොමිලේ ගෙන යන්නට වෙහෙසෙන්නේ ඒකීය මිනිසාට දායාදව ඇති සුවිශේෂී වූ නිර්මාණශීලීත්වය අගය කරනා අයයි. එහෙම නැතිව අනුන්ගේ යහපත සලසන්නට අනුන්ගේ කමෙන්ටු වලට අත දාන්නට අවසරය නීතියෙන් ලබා ගන්නට උද්ඝෝෂණ කරන අය නොවේ. ඒ උද්ඝෝෂණ කරනා අයට හවුල් වෙන අය ද නොවේ.

      Delete
    3. 'ප්‍රොෆයිල්' කණ්ඩායම, 'ඇනෝ' කණ්ඩායම සම්බන්ධයෙන් නගන ප්‍රධාන තර්කයක් නම්, බ්ලොග් කලාව රැක ගැනීමට යැයි කියමින් ඔවුන් බ්ලොග් කලාවේ හරයන් අමු අමුවේ විනාශ කරමින් සිටින බවයි. කොටින්ම වෛරය වෛරයෙන් නොසංසිඳේ යැයි උගන්වන බුදුදහම රැකගැනීමට කියා වෛරයම ව්‍යාප්ත කරමින් සිටී යන්නය.

      Delete
    4. @ තිසර December 28, 2012 2:28 PM
      මෙය එක ලෝක බ්ලොගයක් විය යුතු නැත. තමන් කැමති බ්ලොග් පෝස්ට් කකා දමද්දී නිදහස් ලෝකයේ දී ලැබෙන බහුතර කැමැත්ත කෙසේදැයි සොයා බලන්නට ඇනෝ කමෙන්ටු ඕපන් කර තිබියදී....

      තමන්ටත් මෙලෙස කිරීමට අවශ්‍ය නම් අනුන්ගේ බ්ලොග් වල ඇද සොයන්නේ නැතිව තමන්ගේ බ්ලොග් වල ඇනෝ කමෙන්ටු ඕපන් කර මෙවැනි උත්සාහයක් කර බැලිය යුතුයි!!!!!!

      Delete
  12. පිස්සු හැදෙන සද කිව්වලු.... කවුද එකෙක් කියුවා නේද ඇනෝලා කියන්නෙ මෝඩ නපුන්සක සෙට් එකක් කියලා... බලාගෙන ගියාම හොදම කමෙන්ට් තියෙන්නේ ඇනෝලගෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක මමත් පිළිගන්නවා....
      ඒත් වෙස්මූණු දාගෙන වීරයෝ වෙන්න හදන එක එච්චරම ගති නෑ යාළුවා.

      Delete
    2. ඔබ සම්පූර්ණයෙන්ම ප්‍රොෆයිල් කරුවෙක් සතුවූ ඩිෆෝල්ට් හීනෝන්මාදයෙන් මෙම කරුණු එකතු කොට ඇති බැව් මට තේරුම් ගියේ කොමෙන්ටුවෙ අවසාන සටහන දැකීමෙන් පසුවයි. ඔබෙ කොමෙන්ටුවේ යම්කිසි ලස්සනක් තිබුණා නම් පසු හැදින්වීම මගින් එය අහෝසි කොට දමන ලදී.

      ඇත්ත වශයෙන්ම නම් ලංකාවේ බ්ලොග් වර්ගීකරණය පිළිබඳව කිසියම් ගැටළුකාරී තත්වයක් තිබෙන බැව් මම පිළිගන්නවා.

      කෙසේ වෙතත් තමන් ගේ කුලය උසස් යැයි හුවා දක්වමින් අන් කුලයන්ට අපහාස වන ලෙස පෝස්ට් ලියන ඔබ වැනි නිඝන්ඨ කුලයේ දීනයෙක් සමග කවර සන්වාදයක් ද?

      Delete
    3. පෝස්ටුව හරියට කියවපං මචං. මම කුලවාදයට තදින්ම විරුද්ධ කෙනෙක්.
      මම කිසිම තැනක මෙන්න මේ කුලය අහවල් කුලයට වඩා උසස්‍ ය හෝ පහත් ය කියලා ලියලා නෑ.
      නමුත් ඔබට නම් මම ම්ගේ බ්ලොග් සටහනේ කියා ඇති පරිදි කුල හීනෝන්මාදය තදින්ම තියෙන බැව් පැහැදිලියි. බෙහෙත් ගනින්.

      Delete
    4. //මම කුලවාදයට තදින්ම විරුද්ධ කෙනෙක්//
      your objection is my ass...
      නුඹේ විරෝධතාවය මගේ පුකයි....

      //විජේවීරට තරමටම රටේ පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රවේණිගත උරුමයක් විජයටද තිබුණි. විජේවීර කරාව කුලයේ අයෙක් වූ ලෙසින්ම විජය ඊටද පහත් කුලයක් වශයෙන් සැලකුනු දුරාව කුලයේ අයෙක් වූයේය .ඒ යටතේ පීඩිත පන්තියේ තරුන ප්‍රජාවන්ට පසුවෙන්ම විජය වටා රොක් වීමේ පාර පෑදී තිබිනි //
      //ඔබ ගොයිගමද ,පද්දෙක්ද ,කරාවෙක්ද ?//

      මා හට නුඹ වැනි නීචයෙක්ගේ බ්ලොගයක් කියවීමට මාගේ කාලය වැයකල නොහැකි බැවින් අහම්බෙන් මුනගැසුනු දෑ පමනක් පල කරමි....

      මා කුඩාකාලයේ පටන් විවිධ මිනිසුන් " මම බය නෑ, බොරු කියන්නේ නෑ, ඉරිසියා කරන්නෙ නෑ" යනුවෙන් පවසනු දැක ඇත්තෙමි..... නමුත් සත්‍යය නම් මේ අයුරින් නැතැයි පුනරුච්චාරනය කරන දේවල් ඔවුන්ගේ සිරුරට මුල් බැස ඇති බවයි....
      ඔබගේ කුල වාදයත් එසේය...

      කුල වාදය පිටු දැකීම කල යුත්තේ එය දෙලුම් ගෙඩියක් ඇටෙන් ඇටය රසකරමින් කන අයෙක් සේ විශ්ලේෂණය කරමින් නොව එය අලුයම ලූ කෙල පිඩක් සේ සලකා කාරා ඉවත ලීමෙනි....

      ඉහත දැක්වූ පරිද්දෙන්ම නුඹවන් නීච යෙක් හා තර්කය මාහට තරම් නොවේ...

      නමුත් නුඹ වැන්නවුන් බ්ලොග් මගින් සමාජ ගත කිරීමට උත්සාහගන්නා වූද, දැනට මැකීයමින් පවත්නා වූද, ගෝත්‍රික සමාජයක් සතුවූ, ඒ පසුගාමී සිතුවිලි වල දැමිය යුතු යැයි හුවා දැක්වීමට මෙම සටහන පල කලෙමි...

      Delete
    5. මේ ඇනෝ සමග ඕනෙවටත් වඩා එකඟයි. සමහර දේවල් ඉවත දැමිය යුත්තේ අලුයම ඉවත දාන කුණු කෙල පිඬක් මෙන්. කුලවාදය, ජාතිවාදය හා ආගම්වාදය ඉන් තුනක් කියලා මාත් හිතනවා. මේවා දෙළුම් ඇට මෙන් නොව, නුතන හපන ගම් මෙන් විකමින් (රසය ඉවත්ව ගිය විට පවා) රසයක් ගැනීමට උත්සහ කිරීම , මේ ලෝකයේ තියන උත්සහයක්. පටන් ගන්නත් පෙර මෙවැනි මතාන්තර හෙලා දැකීමට අප කව්රුත් හුරු විය යුතුයි!

      Delete
    6. @AnonymousDecember 29, 2012 10:05 PM

      මා නීචයෙක් යැයි හදුන්වමින් කොමෙන්ට් කරන ලද ඔබට ස්තූතියි. නමුත් මගේ පෝස්ටුවල ඇතැම් කොටස් උපුටා දක්වමින් ඔඅබ කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද?
      ඉහත සටහන් ඔස්සේ මෙ බ්ලොග් සටහන් කියවූ වෙනත් අයට ගම්‍යමාන නොවූ කාරණාවන් ඔබට පමණක් පැහැදිලිව පෙනෙන්නේ ඔබට අප වැනි නීචයන්ට නොමැති සුවිශේෂී වටහා ගැනීමේ නුවණක් පවතින නිසා විය යුතුය.

      මතක තබාගන්න, ඔබම කියාඇති පරිදි ඔබගේ වටිනා කාලය නොයොදවා මේ සටහන් කියවා ඇත්තේ අහම්බෙනි .අහඹු කියවිමකින් ,එම ලිපිවල සමස්ථාර්තයන් මතුකර ගන්නේ කෙසේද?

      බලන්න ඔබ උපුටා දක්වා ඇති කොටස් //පහත් කුලයක් වශයෙන් සැලකුණු //
      මෙම කොටසේ ඇති වරද කුමක්ද ? සමාජ විද්‍යා විශයය ක්ෂේත්‍රයෙහි කුලය හා පංතිය යන්න තීරණාත්මක සාධක දෙකකි.සමාජ ස්තරායණය යනු සමාජයේ උස් මිටිකම් සංවිධානය වී ඇති රටාව හෙඅවත් ක්‍රමයයි.මාක්ස්, මැක්ස් වේබර්, විල්ෆ්රිඩෝ පරේටෝ වැනි සමාජ විදයාඥයන් මේ සමාජ ස්තාරයණය පිළිබදව අදහස් පළකර තිබේ, ලංකාවේ සමාජ ස්තරායණ සාධක වන්නේ
      1 ..පුමිතිරි බව
      2. වයස
      3. කුලය
      4. ජනවාර්ගිකත්වය
      5.පන්තිය
      යන ඒවායි. සමාජ විද්‍යා විශයය පිළිබදව යාන්තමින් හෝ වැටහීමක් ඇති අයෙකුට නම් මේ කාරණා පිළිබදව සාකච්චාකිරීම වටහා ගත හැකිය, නමුත් මා වැනි නීචයන්ගේ බ්ලොග් කියවීමට කාලය වැය නොකරන ඔබ වැනි අති පණ්ඩිතයන්ට ඒ කාරණාවන් අවබෝධ නොවීම පුදුමයක් නොවේ.

      ලංකාවේ කුලය යන සාධකය පිළිබදව සාකච්ජා කරන ම නීචයෙක් නම් මෙම කාරණා ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යනය කිරීමට මග පෙනවන ආචාර්‍ය මහාචාර්‍ය වරුන් මෙන්ම ශිෂ්‍යයන් ද ඒ ගොඩට අයත් විය යුතුය,
      පණ්ඩිතයාණෙනි කියවන්න -
      -ජයදේව උයන්ගොඩ //ගේ ඇතුළේ මැද මිදුලේ //කුලය, සාධාරණත්වය සහ සමානාත්වය පිළිබදව ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව/ ප්‍රවාද/ අප්‍රේල් දෙසැම්බර්/ 2000

      ""සිංහල හා දෙමළ යන සමාජ නිර්මිතයන් දෙක තුළ සමාජ අසමානාත්වයේ අත්‍යන්ත ප්‍රකාශයන් ප්‍රායෝගිකවම පවතින බව පෙනෙන්නෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය හා පශ්චාත් යටත් විජිත ධනවාදය හා නීතියේ ආධිපත්‍ය අනුගමනය කරන ලිබරල් ආණ්ඩු තන්ත්‍රයක් යටතේ පවා යළි යළිත් මතුවන කුල සම්බන්ධතා තුළය.එහෙත් ලංකාවේ අත්දැකීම්වල ඇති එක් සුවිශේෂීතාවයක් නම් ප්‍රගතිය සම්බන්ධයෙන් අප රට තුළ වරින් වර මතුවන දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ කුල ක්‍රමය පදනම් කොටගත් සමාජ අසමානතාවය සමාජමය කොන්කිරීම යන ප්‍රශ්න විව්තෘව සාකච්ජා නොකිරීමය"

      ජයදෙව උයන්ගොඩ මේ කියන්නේ ඔබ කියනා ආකාරයෙන් දෙළුම් කනවා සේ මේ ගැටළුව විසදන්නට නොහැකි බවයි.

      තව කියවන්න-
      දේශපාලනයේ කුලය හා පවුල //වික්ටර් අයිවන්
      ""උපසම්පදාව ගොවිගම කුලයේ භික්ෂූන්ට පමණක් ලබාදෙන ප්‍රතිපත්තිවලට එරෙහිව නැගී සිටි වෙනත් කුලවලට අයත් භික්ෂූහු පවා තමන්ට උපසම්පදාව ලබාගත හැකි විකල්ප නිකාය ක්‍රමයක් ඇතිකරගැනීමෙන් තෘප්තිමත් වූවා මිසෙක ඊට එරෙහිව සටන් කරන්නට නොගියහ"

      මේකද මහත්තයෝ ඔබ කියනා දෙළුම් කන ක්‍රමය?

      අන්තර්ජාලයේ ලියන්නට හැකිවූවාට. තම පුද්ගල අන්න්‍යතාවය සගවාගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබූවාට ,පුහු අහංකාරයකින් හිස උදුම්මාගෙන උන්නාට නොදන්නා කාරණා ගැන ද්වේශ සහගත ලෙස තප්පුලන්නට එපා යැයි බොහෝම් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ වැනි අයෙකු සමගින් තර්ක කිරීමට මටද කාලවේලාවක් නොමැති වුවත් ඔබ ප්‍රකාශකර්න්නට උත්සාහ කරන නිරර්ථක අරුත් සුන් අදහස් වල නිරුවත් බව හෙළිකිරීමට මෙසේ ලියන්නට සිදුවිය.

      Delete
  13. මේ ඇනෝලා ටික මගේ හමුදා අණු ඛණ්ඩයේ හිටියා නම් දනී මං මුංව හදලා ගන්න හැටි!

    ReplyDelete
  14. සැක් බල්ලා ලියූ ‘අහිමි වී ගිය මිරිඟුව’ (Lost Illusions) පොතේ බ්ලොග් වලට හිට්ස් ගන්නට කරනා ගුණ්ඩු රැසක් ගැන කතා වෙයි. ඒ ගුණ්ඩු අදත් කකා වැනි බ්ලොග්කරුවන්ගේ උත්සාහයන් හි දී එසේම ලොව දකින්නට ලැබීම මිනිස් ස්වභාවය නම් බුද්ධිමය විචාරයෙන් තොර වූ විට ආපස්සට යන ම්ලේච්ඡ ස්වභාවයක් යැයි පෙන්වන්නකි!!!!

    ReplyDelete
    Replies
    1. //ගත්කරුවෙක් වෙන්නට පෙර හේ ප්‍රකාශකයෙක්, මුද්‍රණකරුවෙක්, ව්‍යාපාරිකයෙක්, විචාරකයෙක් හා දේශපාලනඥයෙක් ලෙසින් ද ජීවිතය ජයගන්නට උත්සාහ කර බලා තිබිණ.//
      මේ වගේම චරිතයක් ඉන්නව නේද අපේ බ්ලොග් අවකාසෙ?

      Delete
  15. අග ඉදන් තුන්වෙනි පින්තූරේ දැක්කම හිතුනෙම තාච්චියට බළල්ලු රීලා කියලා. ඒ තරමටම ජුගුප්සාජනයයි.
    -සනාත

    ReplyDelete
    Replies
    1. @සනාත

      කකා සිය බ්ලොග් වලින් විස්තර කරන පසුබිම, මේ පින්තුරයේ පිළිබිඹු වෙන බළල් බෙටි කෑම සේ ඕස්ට්‍රේලියානු සන්ක්‍රමික රදළ පංතියේ හැසිරීම හා සමාන විය.

      එහෙත් කාර්මීකරණයෙන් හා නිදහස් වෙළඳපොල සමඟින් බිහි වූ මිනිස් අයිතිවාසිකම් නීති වලින් සෑම දෙනාට ස්ටර්-ෆ්‍රයි එකක් සකසා ගන්නට අධ්‍යාපනයට හා රැකියාවන්ට අවස්ථා ලැබෙද්දී දුප්පතුන් සූරා කමින් ඉඳුරන් පිනවමින් ජීවත් වූ රදළයන්ට ඊට ඉඩකඩ නැති වී ගියේය.

      පරම්පරාගත රදළයන් හෝ ස්වෝත්සාහයෙන් ධනපතියන් වූ පමණින් එදා ඕස්ට්‍රේලියාවේ වූ ලෙසින් ජීවත්වීමට අද ලෝකයේ නීති කිසිවෙකුට ඉඩක් නොදේ. අද රට්ටුන්ගේ මුදල් වලින් එසේ හැසිරෙන හැකියාව ඇත්තේ නීති විපර්යාස කරන ලද ආණ්ඩුවල බලයැත්තන් හා එහි ගැත්තන්ට පමණකි.

      Delete
  16. සමහර කමෙන්ට්ස් දැක්කාම මට හිතුනේ අද පෝයද මන්දා කියලායි!

    ReplyDelete
    Replies
    1. @ කකා සමහර විධග්ධ කියන බ්ලොග් කියෙව්වම අපිටත් ඇතිවෙන හැගීම ඕකමයි කකා.... ඒවා කියෙව්වාම දැනෙන මෙව්වා එක කියා ගන්න තැනක් නෑ.....

      Delete
  17. රෙසිපිය දැක්කම මතක් උනේ "ඔබා" ව.

    ඒ වගේම අද ඇනෝලගෙ කමෙන්ට් කකාගෙ ස්ටර් ෆ්‍රයි ඒක වඩා රසවත් කරයි. .

    ReplyDelete
    Replies
    1. "ඔබා" කිව්වම මතක් වෙන්නේ ණය!

      Delete
    2. ණය කිව්වම මතක් වෙන්නෙ අභීත සහ ඉන්දික....

      Delete
    3. Abheetha Edirisnghe, the biggest cheater in sinhala blog world! ණය ගන්න මාරයා, පොලුතියන්න සූරයා.

      Cheater Abheetha Edirisnghe on Facebook

      Cheater Abheetha Edirisnghe on Linkedin

      Abheetha Edirisnghe's cheating business

      Delete
    4. ඉන්දික උපශාන්ත
      සල්ලි ලැබුනද? පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙනවද?

      Delete
  18. මේ ඇනෝ කේස් එක වෙනමම ස්ටඩි කරන්න වෙයි වගේ කකා!

    ReplyDelete
  19. ප්‍රාග්ධනය, ප්‍රාග්ධන..!!, ප්‍රාග්ධනය....!!??, ප්‍රාග්ධනය...???, ප්‍රාග්ධනය.......##$$%%?????? අක්ක මට පිටු එක්දහස් ගණනක පොතක් දීලත් ප්‍රාග්ධනය කියනේ මොකක්ද කියල තාම තේරුම් ගන්න බැනේ බන්. රාමචන්ද්‍ර උබ කොහිද? මගේ අසහනයට බෙහෙත උබේ බ්ලොගේ' බන්.

    ReplyDelete
  20. ආපහු මේ පැත්තේ එනවා නම් කියන්ඩෝ..... (මැලේසියා... )

    ReplyDelete
  21. ආපහු මැලේසියා පැත්තේ එනවා නම් කියන්ඩෝ !!!!

    ReplyDelete
  22. කකා මහත්තායෝ මටත් ගිය සතියට උඩින් සතියේ ඔන්න ඔහේ ඉන්න ගොබ්බයෙක් එක්ක ඕවා කන්න උනා නෙව.. අර සෝයා සෝස් එකනං මට මතකයි...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.