Wednesday, 19 December 2012

සති පූජා - Sacrifice


කාළෙකට කලින් ලියපු එකක්. කියෝලා බලන්න පොඩ්ඩක් වෙනසකටත් එක්ක වගේ.

සති පූජා

අඩන්නට ඇසේ කඳුලක් නෑ
හෙලන්නට හදේ සුසුමක් නෑ
පාළු දිවියට තනි මකන්නට
ලොවේ කිසිවෙක් නෑ

සනාතන ලෝ දහම විලසේ
ගලා යයි දුක මෙලෝ තලයේ
කුණාටුව මැද
විලාපයෙ හඬ
දරා ගනු නොහේ හද පතුලේ

වසන්තය ගින්දරෙන් නැසුනා
දිගන්තය කළු දුමෙන් වැසුනා
බුරා ගෙන එන
මහා ගිනි ගොඩ
මැදින් මට සදා සුව පෙනෙනා


-කතන්දරකාරයා

පසුව ලිවීමයි:
ඇත්තටම මේ කවිය ලිවීමේදී මට උවමනා වුනේ සම්මතයට විරුද්ධ මතය ඉස්මතු කරන්නයි.

සතිපූජාව සම්බන්ධයෙන් අප අතර ඇති සම්මතය තමයි ගැහැණියට මිය ගිය සැමියා ගේ දර සෑයට පනින්න කියා බල කරන බව. ඇයට ඒ හැර විකල්පයක් නැති බව. වැන්දඹුවක් ලෙස සැමියා ගේ ඥාතීන් සමග ජීවත් වෙන්න ක්‍රමයක් නැති බව.

සමහරවිට මේ සතිප්‍රජාව මුලින්ම ඇරඹෙන්න ඇත්තේ, තරුණ වැන්දඹුවක් විසින් තමන්ගේ දුක නිසාම ගිණි මැළයට පැනීමෙන් විය හැකියි. පසුව එය තවත් අය කළ පසු චාරිත්‍රයක් වුණා විය හැකියි. ඊටත් පසුව එය බලෙන් කරවනවා විය හැකියි.

මියගිය පෙම්වතියක් ගැන මා ලියූ මේ කයි-කතන්දරයත් බලන්න.
http://kathandara.blogspot.com/2012/11/this-should-not-happen-to-anyone.html

(image: http://thepalmbeachcandlecompany.com/pages/CandleCareTips.php)

43 comments:

  1. ඒ කියන්නේ “ පැන්නා ගින්න ට “

    සති පූජාවේ දී ගින්නට පනින්නේ “ගැහැණු “ කෙනා ිතරයි නේද?

    බිරිඳ මැරුණා කියලා “ පිරිමින්ට “ ඒ දැනෙ ගිනිගොඩට (සෑයට) පනින්නම ඕනි කියලා නියමයික් නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ගැහැණිය විතරයි පැනිය යුතුව තිබ්බේ... පිරිමින් සම්බන්ධයෙන් ඒක බලපෑවෙ නැහැ. ඔවුන් වෙනත් විවාහ කරගත්තා.

      Delete
    2. වෙන විවාහ කරගත් නැති පිරිමි ඕන තරම් ඉන්නව තිසර....

      මම දන්න කෙනෙක් හිටියා කෙල්ල මැරෙනකොට පොරොන්දුවක් ගත්තා ඌ එනකම් බලන් ඉන්නවා කියලා... අවුරුදු 20කට පස්සෙ ඌ මැරෙනකම් ගෑනියෙක් ගැනනම් හිතුවෙ නෑ...

      Delete
    3. හරි. 'වෙනත් විවාහ කරගත්තා' නොවෙයි එසේ කිරීමේ නිදහස ඔවුනට තිබ්බා කියලා කියන්නම්. ඔබ සඳහන් කරන අකාරයේ සිදුවීම් විරල ඒවා මිස බහුතරය නොවේ නේද?

      Delete
    4. ඔයත් එක්ක මට මේ ගැන නම් කොම්ප්‍රොමයිස් එකක් හදාගන්නට බැරිවා වගේ උදිත...

      Delete
  2. @“මහා ගිනි ගොඩ
    මැදින් මට සදා සුව පෙනෙනා“

    ඒත් පනින්නට එපා නැගණිය
    තවත් යන්නට බොහෝ දුර ඇත
    දිවිමගේ ජය සුව ලබන්නට
    තනිව හෝ නුඹ යායුතුව ඇත

    ReplyDelete
  3. වැරදි වූ මිනිසා තුල තවමත් සත්‍යය සඳහා යම් තරමකට ගෞරවයක් ඇත්තේ ඔහු තෝරාගැනීමක් ඇතැයි (choices) යන වගකීම බාරගන්නවා නම් පමණකි. සතිපූජාවේදී ගින්දරට පනින ගැහැණිය වගකීම බාරගෙන සිටියි. ඉතින් ඇය නීත්‍යානුකූලව කොල්ලකෑම තමන් අනුමත කරන බව පිළි ගනී. ඇය ඒ වෙනුවෙන් පෙනී සිටින්නියකි.

    එහෙත් මේක ලියන කවියා සැබැවින්ම අණ්ඩපාලයෙකි!!!!! ඔහු බොරු මවා පෑමක් කරන්නේ සත්‍යය වසන් කරමිනි. සතිපූජාවේදී ගින්නට පනිනවා හැරෙන්නට වෙන තෝරා ගැනීමක් තමන් ඉදිරියේ නැතැයි කියමිනි. සාර ධර්මයන් (values) කියා දෙයක පැවැත්ම ඔහු සත්‍යයෙන් පිළි නොගනියි.

    ReplyDelete
    Replies
    1. /* එහෙත් මේක ලියන කවියා සැබැවින්ම අණ්ඩපාලයෙකි!!!!! */

      නියම කතාව!

      Delete
    2. නියම කතාව!!!!!!!!!!!!!!!!!!

      Delete
  4. හනී හරිම රස කවි පේලි ටිකක්...

    ReplyDelete
  5. බුරා ගෙන එන
    මහා ගිනි ගොඩ
    මැදින් මට සදා සුව පෙනෙනා
    මොනවා නැතත් මේ පේළි තුන ඇතුලේ මොකද්දො දේයක් ඇත.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. කවිකාරයාගේ පිස්සුව ඇර වෙන මොකක්ද නංගී ඔතන තියෙන්නේ.බුර බුරා ඇවිලෙන ගින්නේ මොන සදා සුවේද?

      Delete
    2. "සදා සුවේ" කියන්නේ ගස් ජාතියක්. මේවයින් කපා ගත්තු දර කොට වලින් තමා ගිනි ගොඩ පත්තු කරලා තියෙන්නේ!

      Delete
    3. සදා සුවේ කියන ගස් ජාතිය හීනියට ඔතලා බිව්වොත් සදා සුවේ තමයි බොලව්.... කොහොමද ඒවායින් ගිනි ගොඩක් පත්තු කරලා දුම් ඇල්ලුවොත්...

      ඒක නෙවෙයි බොලව්.. කෝ අර බ්ලොග් ලෝකෙ හිටිය ගන්ජා ගහන එකී

      Delete
  6. ස්වාමියාගේ මරණය හේතුවෙන් මතුවන ඒ හා විශේෂයෙන් බැඳුනු දුක් කම් කටොලු වලට වඩා, පොදුවේ මිනිසා විඳින දුක් කම් කටොලු, මතු කර තිබීම අඩුවක් යැයි සිතෙයි. එකල සමාජගතව තිබූ ගැහැණිය පිළිබඳ ආකල්ප මතුකර, සැමියා අහිමි බිරිඳක ගතකලයුතු ජීවිතය ගැන ඉඟියක් කොට //මහා ගිනි ගොඩ - මැදින් මට සදා සුව පෙනෙනා// යෙදුවේ නම් වඩා හොඳය.

    ReplyDelete
  7. කකා ත් කවියෙක් වෙයිලු. රසවත් කවියක්.

    ReplyDelete
  8. සැමියෙක් හිටපු කාන්තාවකට සැමියෙක් නැතුව ගත කරන්න වෙන ජීවිතේ ගිනි ගොඩක් තමයි... විශේෂයෙන් සමාජයෙන් එන ප්‍රශ්න නිසා... ඒත් සමාජය විහිළුවක් වගේ ගත්තට ඒක පිරිමින්ට ඒ විදියට බලපන්නේ නෑ කියලා කියන්න බෑ මං හිතන්නේ මානසිකව... ඒ වගේ අවස්ථාවක මානසිකව බිඳවැටෙන පිරිමි ඕනෙතරම් ඉන්නවා... නමුත් සමාජය ඒ ගැන තකන්නේ නෑ... ඒ පිරිමියෙක් නිසා...

    දෙන්නෙක්ගේ එකතුවීමේ අත්‍යවශ්‍යම දෙයක් තමයි එකිනෙකා මත යැපීම කියන එක... අඩුමගානේ මානසිකව වත් එකිනෙකා මත යැපෙන දෙන්නෙකුට එකිනෙකාගෙන් වෙන්වීම දරාගන්න බෑ...

    ඕකට මට තියෙන හොඳම උදාහරණේ අපේ තාත්තා.. ඉස්සර තාත්තා කියන්නෙ මේ ගෑණිට මොනා හරි උනොත් මාත් මොනවා හරි කරගෙන මැරෙනවා කියලා... අම්මයි මායි මල්ලියි දවස් කීපයක අධ්‍යාපන චාරිකාවක් ගිය වෙලාවක අපේ තාත්තා කරලා තියෙන්නේ වැඩ ඇරිලා ගෙදරට ආපු වෙලාවේ ඉඳලා පුටුවකට වෙලා වාඩි වෙලා හිටපු එක... හැමදාම මං අම්මත් එක්ක පේ ෆොන් හොයන් යන්න ඕනේ තාත්තට කතා කරන්න... අපි ආපු ගමන් තාත්තා අම්මට කිව්වේ අනේ ඔයා නැතුව නම් මට මේ ගෙදර ඉන්න බෑ... මීට පස්සේ නම් කොහෙවත් යන්න එපා මාව දාලා කියලා...

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ බීල පිස්සු නටල ඔයාගෙ පවුලටම එපා වෙලා හිටපු තාත්ත ගැනද නැත්නම් අලුත් තාත්තෙක්ද?

      Delete
  9. ඒත් ඉතින් අහල පහල පිරිමි උදවිය. අසල් වැසියාට ප්‍රේම කරන්න කියන උතුම් පාඨය අදහන අය නම් අපරාදයක් නේද....?

    ReplyDelete
  10. // 'බුරා' ගෙන එන
    මහා ගිනි ගොඩ //

    මෙහෙම කියන එක හරි අසාධාරණයිනෙ කකා.. බුරා කවදාවත් කාටවත් ගිනි ‍ගොඩක් දීලා නෑ.. :)

    ReplyDelete
  11. දීර්ඝව කතා කල යුතු මාතෘකාවක්....
    කෙටි කවි පෙලෙන් නියෙමටම එලියට දාල තියෙනවා...
    කොහොම උනත් ඔතනදි ගැහැණියට බල කිරීමක් වෙනවනම් ඒක අසාධාරණයක්...
    පිරිමියෙක් උනත් ඔහොම දේවල් හිතෙනවා.තමන්ගේ ජිවිතයම උන ඇයව අහිමි වෙනකොට තවත් ජිවිතයෙන් පලක් නැතැයි සිතීම පෘතජන මනුෂ්‍ය සොබාවය...

    ReplyDelete
  12. ගිනිගොඩ බුරන්නෙ කොහොමද? බුහ් බුහ් ගාලද?

    දිගන්තය වැහුනා කියන්නෙ දුර පේන්නෙ නෑ, (මැදින් මට සදා සුව පෙනෙනා ) ලග පෙනව කියන එක නේද...

    ReplyDelete
  13. කොම්ප්‍රොමයිස් යන්නට සිංහල වචනයක් දන්නා මල්ලි කෙනෙක් සිටීනම් අක්කට ලියා යවන්න!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි...
      සමරිසියන්ට පවුල් වෙන්න වගේ ම, ගංජා නිදහස ලබා දුන්නාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙන්නෙ.... එයින් ලැබෙන ආරක්ෂිත බවෙන් සති පූජා නවත්වන්නත්, අදට වඩා හෙට යහපත් කරගන්නටත්, සතුටින් පවත්වා ගන්නටත් ශක්තියක් ලැබෙයි.
      කොටසක් දැක්කාම සම්පූර්ණය දකින්න අමතක කරන ගොඩක් අය ඉන්නවා. සති පූජාවෙන් කම්පනයක් ඇතිවුනාම කලබල වෙලා, එයට විරුද්ධව ප්‍රතිපත්ති හදන්නයි බහුතරය කැමති. සති පූජාවෙන් කම්පනයක් ඇති වූ අවස්ථාවේ දී මිනිස් ස්වභාවය තමයි තමන් අවට ඇති අවදානම් සියල්ල වැඩියෙන් හඳුනාගන්නට හැකිවන පරිදි මිනිස් ඉන්ද්‍රීයයන් තීක්ෂණ කරවීම;
      එය මිනිසාට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ස්වභාව ධර්මයෙන් ලැබී තියෙන සහජ දායාදයක්. සමාජයේ අනුන්ට නීති හදන්නට ඉක්මණින් ඉස්සහරට ඇවිත් බලය අල්ලා ගන්නට දත කන බල ලෝභීන් විසින් ජනතාව මුලාවට එය විකෘති කරලා “මේ තත්වය මඟ හරවා ගන්න මේ නීති හා ප්‍රතිපත්ති ගෙනාවාම පුළුවන්,” යැයි කියන්න පේලියට එනවා.

      Delete
    2. සති පූජා පැවැත්වීම තහනම් එංගලන්තයේ හෙදියකට පසුගිය දිනෙක බොරු දුරකතන ඇමතුම ආවේ ඔස්ට්‍රේලියාවේ රේඩියෝ නාලිකාවකිනි. රේඩියෝ විකාශන අහන්නට මහජනයා හුරු වූ දා පටන් එවැනි විකට උත්සාහ නිදහස් ලෝකයේ සිද්ධ වූවකි. එයින් සිත රිදී තම මරණය කැඳවා ගත් හෙදිය නිසා රේඩියෝ නාලිකාව වරදකරු කර එවැනි ක්‍රියාවන් වලට නීති ගෙන්නෙනට ඉක්මන් වන අය ලොව බහුලය. රේඩියෝවට තහනම් නීතියක් ගෙනා පමණින් ලැජ්ජාවකට පත් වූ නිසාවෙන් සියදිවිනසා ගන්නා අයෙක් ව එයින් වළකා ගත හැකි යැයි සිතන අය ලොව බහුලය. ලෝකයා හමුවේ දිග නොහැරෙන සිද්ධි වලට මුහුණ දෙන කොතරම් පිරිසක් ඔවුන්ගේ ළඟම ඥාතීන් හැරෙන්නට ගමේ ගොඩේ අයත් නොදන්නා තම සිතට ලැජ්ජාවක් ගෙනෙන ලද සිද්ධියක් නිසා සතිපූජාවේදී සියදිවි තොර ගත්තවුන් දැයි සොයා බලන්නට අයෙක් වෙහෙසක් නොගනියි.

      Delete
    3. Anonymous December 19, 2012 2:58 PM වෙත,

      කොම්ප්‍රොමයිස් කියන්නේ සමතයකට පත් වීමට එකඟ වෙනවා කියන එකයි මා දන්නා තරමින්. ඒකට තනි සිංහල වචනයක් නැහැ. සමහර ඉංගිරිසි වචන වලට සිංහලෙන් තනි වචනවක් හොයන්න බෑ. ඒ වගේම සමහර සිංහල වචන වලට තනි වචනයක් ඉංගිරිසියෙන් හොයන්නත් බැහැ.

      මම දැක්කා මේ ලිපිය එක්තරා බ්ලොග් එකක දාලා තියනවා. එයා කියල තිබුනෙ සිංහල කියවන අයට කොම්ප්‍රොමයිස් කියන වචනය තේරුම් ගන්න බැරි නිසා සිංහල කියවන අය කවදාවත් කොම්ප්‍රොමයිස් එකකට එන්නෙ නැහැ කියනවා වගේ අදහසක්. ඒ වගේ අදහස් වැරදියි.

      අනිත් එක සමහර ඩික්ෂනරි වල සමහර වචන වලට තියන තේරුම් නිවැරදි නැහැ.

      ඒ වගේම එක ඉංගිරිසි වචනයකට සිංහල තේරුම් ගොඩක් තියන අතර එක සිංහල වචනයකට ඉංග්‍රිසි තේරුම් ගොඩක් තියන අවස්ථාවන් තියෙනවා.

      Delete
  14. පසුව ලිවීමයි:
    ඇත්තටම මේ කවිය ලිවීමේදී මට උවමනා වුනේ සම්මතයට විරුද්ධ මතය ඉස්මතු කරන්නයි.

    සතිපූජාව සම්බන්ධයෙන් අප අතර ඇති සම්මතය තමයි ගැහැණියට මිය ගිය සැමියා ගේ දර සෑයට පනින්න කියා බල කරන බව. ඇයට ඒ හැර විකල්පයක් නැති බව. වැන්දඹුවක් ලෙස සැමියා ගේ ඥාතීන් සමග ජීවත් වෙන්න ක්‍රමයක් නැති බව.

    සමහරවිට මේ සතිප්‍රජාව මුලින්ම ඇරඹෙන්න ඇත්තේ, තරුණ වැන්දඹුවක් විසින් තමන්ගේ දුක නිසාම ගිණි මැළයට පැනීමෙන් විය හැකියි. පසුව එය තවත් අය කළ පසු චාරිත්‍රයක් වුණා විය හැකියි. ඊටත් පසුව එය බලෙන් කරවනවා විය හැකියි.

    මියගිය පෙම්වතියක් ගැන මා ලියූ මේ කයි-කතන්දරයත් බලන්න.
    http://kathandara.blogspot.com/2012/11/this-should-not-happen-to-anyone.html

    ReplyDelete
    Replies
    1. යම් කොටසක් ගැන සලකා එහි සම්පූර්ණත්වයට කිසිම සැලකිල්ලක් නොදක්වා කරන්නා වූ විමසිල්ලේ දී කොටස පමණක් තනියෙන් පවතින්නක් ලෙසින් සලකන්නට මිනිසා හුරු වී ඇත. එවිට එහි සබඳතාවයන් හි පැවැත්ම ගැන ද ඇත්තේ සාවද්‍ය වූ වැටහීමකි. සමාජය ගැන කිසිත් සැලකිල්ලක් නොදක්වා සතිපූජා ශ ගැහැණියකගේ ඉරණම ගැන පමණක් සැලකීම සම්පූර්ණත්වයට කිසිම සැලකිල්ලක් නොදී කොටස ගැන කතා කිරීමකි. කොටසක් ගැන කතා කිරීමට පෙර සම්පූර්ණ වූව කුමක් දැයි කියා වැටහීමක් ලබාගත යුතුය. මෝටර් රථයක් කිසිදා නොදැකි ම්ලේච්ඡයෙකුට රෝදයක් පෙන්වීමෙන් ඒ ගැන පමණක් වාහනයේ ක්‍රියාකාරීත්වය ගැන අදහසක් නොලැබේ.

      Delete
    2. සහතික ඇත්ත සති පූජාව දිහා බැලිය යුත්තේ ඒ වටා ගොඩනැගී ඇති ආගමික, සන්ස්කෘතික, හා සාමාජීය වටපිටාවන් සලකා බලන පුලුල් පරාසයක ඉදගෙනයි...

      සති පූජාව කුමක් දැයි පැහැදිලි වෙන්නෙ සති පූජාවේ අදහස කුමක් දැයි දන්නා අයට. සති පූජාව අගයන ඒ නිසා සාමය ආරක්ෂා වෙනවා යැයි සිතන බහුතරයක් ඉන්නා රටක සති පූජාව කළේ දේශපාලන වාසියක් සඳහා නෙමෙයි; එය ඒකීය පුද්ගලය අයිතිය අගයන රටේ ප්‍රතිපත්තියක් වෙන නිසයි. ඒ නිසාම තමයි එයින් අදහස් වෙන්නේ එය කිඹුල් කඳුළු හලන්නට නොව සැබැවින්ම ඇති වූ කම්පාව බෙදා ගන්නට බව.

      Delete
    3. @ kaka,
      ලොකු කතන්දර කියන්නට නං මම දන්නේ නැ . ඔබ ඔය කියන කතන්දරය විදිමින් , විදවමින් කාලය ගතකරමී, දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගන ඉන්නවා ඇර මම වෙන මොනවා කරන්නද, කවදාවත් වෙනස් වෙන්නේ නැති , වෙනස් කරන්නත් බැරි සදාතනික ප්‍රශ්නයක් ඕක.මම වෙල් විදානෙ..

      Delete
    4. මෙහෙමයි,
      සති පූජාවේදී ශරීරයේ ඉන්ද්‍රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, Potential Energy එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්‍රියයන් වලට ලැබේ. මෙම ජෛව රසායනික ක්‍රියාකාරකම් සිදු වීමේදී ශක්තිය වැය කර එම අදාළ ක්‍රියාව සිදු වන අතර ඉන් යම් නියත ප්‍රමාණයකින් ශක්තිය හානී Energy Wastage වේ. ඉතාම කෙටියෙන් කියනවා නම් මිනිස් ශරීරයේ සිදුවන නොයෙකුත් ජෛව රසායනික ක‍්‍රියාකාරකම් නිසා සිදුවන ශක්ති සංසරණයේ Energy Flow එක් අවස්ථාවක් වන ශරීරයෙන් ශක්ති හානිය Energy Wastage වන අවස්ථාව නියමාකාරයෙන් සිදු නොවී කායික ශක්ති සමීකරණය අසමබර වීමයි.
      වැඩිපුරම ආයූර්වේදයේ සදහන් පරිදි සති පූජා වලට හේතු වන මේ තත්ත්වය ශක්ති හානියේ ඉතා වැඩි වීම් නිසා මෙන්ම ඉතා අඩු වීම් නිසාද සිදු විය හැකිය.

      Delete
  15. අදත් කයිය පහලා. මේකත් අතේ ගහලා ඉංජිනේරු පීඨ කළාකවයේ නිර්මාණ පුවරුවේ දාපු එකක් ද ?
    -සනාත

    ReplyDelete
  16. අසරණ ගැහැණිය තවත් අසරණ කරන චාරිත්‍රයක්!

    ReplyDelete
  17. අමානුෂික තිරිසන් වැඩක්..!!

    ReplyDelete
  18. out of topic..

    මාතලන්ගෙ හා වෙද මයාගේ බ්ලොග් බලන්නට බැරිය. ගිය ගමන්ම එය geekl.lk නම් අටමගලයකට පණියි. මෙයට (නොබලා සිටීම හැර ) විසඳුමක් තිබෙද?

    ReplyDelete
    Replies
    1. මෙය සිදු වී තිබෙන්නේ ඔබේ සිරුරේ ඌෂ්ණය (Ushnam) වැඩි වීමෙනි. ඌෂ්ණය අඩු කර ගෙන නැවත උත්සාහයක් දරන්න.

      Delete
  19. ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි. නමුත් යම් විදියකින් එම ශක්ති හානිය නියමිත මට්ටමට වඩා වැඩි නම් එම සෛලයේ පැවතිය යුතු විභව ශක්තිය, එහි ක‍්‍රියාකාරී චාලක ශක්තිය සහ ශක්ති හානිය යන ශක්ති සමීකරණයේ හානිය පැත්ත වැඩි වූ විට ජීව ක‍්‍රියාවලි සඳහා යෙදවෙන ශක්තිය හෙවත් චාලක ශක්තිය ඉතා අඩු වී යයි. එවිට එම ජීව ක‍්‍රියාවලීන් නිවැරදිව සිදු නොවෙයි.
    මෙහි අනිවාර්‍ය්‍යය ප‍්‍රතිඵලය වන්නේ සති පූජාවයි....

    ------- ජීව විද්‍යාව පිසික්ස් ඇසුරෙන් ---------------

    ReplyDelete
  20. බොහෝ විට ඌෂ්ණ ශරීර ඇති පුරුෂයන්ගේ පුරුෂ බීජ දුර්වල ක‍්‍රියාකාරී බව Motility පැහැදිලි වී තිබෙනවා.

    එමනිසා සති පූජාවට ලක් වන පිරිමින් මියයාමට ප්‍රථම මද සරු භාවයට පත්වන බව ආයුර්වේදයෙන් සොයාගත්තේ මීට වසර 2986කට පෙර..
    විභුත භාවන් විචිකිච්චන්... චක්කන් මරන් කත්වන්... බුම්.. බම්....
    සුශ්‍රැත සූත්‍ර 896 අධ්‍යායය.

    එම නිසා මිනිසුන් සති පූජා කලේ නෑ... ගැහැනුන් පමනයි...
    මෙයයි සත්‍යය.....

    ReplyDelete
    Replies
    1. nirmanathmaka madak...

      Delete
  21. BOTTOMLINE: කකාගේ බ්ලොගය මොන අටමගලක් වුවත් මේ බ්ලොග් අවකාශයේ හොරුන්, තක්කඩියන්, බොරු පණ්ඩිතයින් හා පුරසාරම්කාරයින් නිරාවරණය කිරීමෙන් (වඩා නිවැරදි වුවොත් එසේ කරන්නට ඉඩ දීමෙන්) එය කරන සේවාව අති විශිෂ්ඨයි සර්!

    ReplyDelete
  22. වැන්දඹුවකට සති පූජාව හැර වෙනත් "ගැලවුමක්" නැති සමාජයකදී සති පූරාව අනිවාර්ය වෙනවා. ඒ වගේම කැමැත්තෙන් මියගිය සැමියාගේ සෑයට පනින බිරියන් මෙන්ම කැමැත්තෙන් බිරියගේ සෑයට පනින සැමියන් ලෝක නැතුවා නෙවෙයි.

    තම තමන්ගේ පොරත්වය ගැන නොකියා මේ වගේ ප්‍රශ්නයක් දිහා විචක්ෂණශීලීව බැලිය යුතුයි. කකාගේ කවි ඒකට හොඳ නිමිත්තක්.

    කයි ලියන්න හා කියවන්න රස විඳින්න බැරි අය ඉරිසියාව අත්හැරලා පැත්තකට වෙන්න කරුණාකරලා.

    ReplyDelete
  23. කමෙන්ට් එක නිවැරදි කිරීම
    ...... පනින සැමියන් ලෝකයේ නැතුවා නෙවෙයි

    කවි ලියන්න හා කියවන්න රස විඳින්න බැරි අය .....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.