Monday 12 November 2012

හොඳයි මේ කවුද එහෙනම්? - Yesterday's one was easy, but who do you think is this?

ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මං දාපු "මේ කවුද" ෆොටෝ එක බහුතරයක් පිරිස ටක් ගාලා ටක්කෙටම අඳුනා ගත්තා.

අද වැඩේ නම් එච්චර ලේසි වෙන්නේ නෑ.

මෙන්න ෆොටෝ එක.


අඳුනාගන්න පහසු වෙන්න මෙන්න ක්ලූස් (හෝඩුවාවල්) කීපයක්.

1. මොහුද නළුවෙකි.

2. කමල් ගේ සමකාලීනයෙකි.

3. නමුත් එතරම් චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය සංඛ්‍යාවක රඟ පා නැත.

4. අද නමක් දිනා ඇත්තේ විකට නළුවෙකු ලෙසයි. මුළු රටම දන්නා චරිතයක් ලෙස රඟපායි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙවර ඊයේ මෙන් කමෙන්ටු මොඩරේට් කර නොමැත. ඒ නිවරද උත්තරය දීම ඊයේ මෙන් පහසු නොවන නිසාය.

ප/ප/ලි:
මෙන්න තවත් උදව් කීපයක්.
මේ නළුවා රඟ පෑ සියළුම ටෙලි අධ්‍යක්‍ෂණය කර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිය. නමුත් ඒ සියල්ල ඉතා සුළු චරිතවිය.

මෑතකදී සිකුරු හතේ ද ඉතා සුළු ජවනිකාවක් කරනවා දුටුවෙමි.

නමුත් මේ කාලයේ ඔහු එක්තරා නාලිකාවක යන අමුතුම ආකාරයේ වැඩ සටහනක අපි කවුරුද් හොඳින් අසා දැක ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකු ළෙස රඟපායි.

අද ඔහු ගේ හැඩ රුව වෙනස්ය. දැන් මැදිවියට පැමිණි ඇති නිසාවෙනි.

මේ ෆොටෝ එක තිබුණු පත්තර කෑල්ලේ ඔහු ගේ නම නොතිබුණා නම් මට ඔහු හඳුණා ගන්නට නොහැකි වනු ඇත.

මට දැන් දින කිහිපයකට උඩ දී යක්කලදී හමුවිය. ඒ නිසයි මේ පෝස්ට් එක වැටුනේ.

ප/ප/ප/ලි:
මෙන්න විස්තරේ.
http://kathandara.blogspot.com.au/2012/11/upatissa-who-you-may-well-ask.html

43 comments:

  1. ayiyo... මේගොල්ලෝ.. වයසක උන්දලානේ.... නොදනී ... අපේ සියගේත් ටිකක ඔය ශේප් එක තියනවා

    ReplyDelete
  2. ගාමිණී හෙට්ටිආරච්චි?

    ReplyDelete
  3. රොඩ්නි වර්ණකුල වගේ :)

    ReplyDelete
  4. මර්වින් සිල්වා? :D

    ReplyDelete
    Replies
    1. ක්ලූස් අනුව නම්, මේකත් හරි වෙන්න බැරි නැහැ... :D

      Delete
  5. මහේන්ද්‍ර පෙරේරා ...

    ReplyDelete
    Replies
    1. මේක තමයි හරි උත්තරය.

      Delete
    2. තුන්වෙනි ක්ලූ එකේදී කියන්නෙ " 3. නමුත් එතරම් චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය සංඛ්‍යාවක රඟ පා නැත " කියලනෙ. එහෙනම් මහේන්ද්‍ර වෙන්න බෑනෙ .. :)

      Delete
    3. මහේන්ද්‍රගෙ වගේ, දිග නහය. ඒ උනාට විස්තර අනුව එයා නොවෙයි?


      මට අමරදේව කොත්තුවක් දෙන්න
      http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

      Delete
  6. ටෙනිසන් කුරේ....රැවුල වවන්න කලින්

    ReplyDelete
  7. මේ ටෙනිසන් කුරේ වෙන්ඩ ඕනෙ කාකා.

    ReplyDelete
    Replies
    1. කාකා නැහී දීදී.. යේ කකා.. :)

      Delete
  8. රසික සූරියාඅරච්චි ?
    විකට නළුවෙක් කිව්ව නිසයි මම් ගෙස් කලේ...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ රසික සූරියආරච්චිම තමයි.

      Delete
  9. ආනන්ද වික්‍රමගේ?

    ReplyDelete
  10. nihal silva ... thats my final answer.

    ReplyDelete
  11. ම්හු. මේක නං සිරාවටම අමාරුයි.

    ReplyDelete
  12. මට නම දාන, දාන පින්තූරේ පේන්නේ කතන්දර වගේ හී හී...

    ReplyDelete
  13. ප/ප/ලි:
    මෙන්න තවත් උදව් කීපයක්.
    මේ නළුවා රඟ පෑ සියළුම ටෙලි අධ්‍යක්‍ෂණය කර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිය. නමුත් ඒ සියල්ල ඉතා සුළු චරිතවිය.

    මෑතකදී සිකුරු හතේ ද ඉතා සුළු ජවනිකාවක් කරනවා දුටුවෙමි.

    නමුත් මේ කාලයේ ඔහු එක්තරා නාලිකාවක යන අමුතුම ආකාරයේ වැඩ සටහනක අපි කවුරුද් හොඳින් අසා දැඛ ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකු ළෙස රඟපායි.

    අද ඔහු ගේ හැඩ රුව වෙනස්ය. දැන් මැදිවියට පැමිණි ඇති නිසාවෙනි.

    මේ ෆොටෝ එක තිබුණු පත්තර කෑල්ලේ ඔහු ගේ නම නොතිබුණා නම් මට ඔහු හඳුණා ගන්නට නොහැකි වනු ඇත.

    මට දැන් දින කිහිපයකට උඩ දී යක්කලදී හමුවිය. ඒ නිසයි මේ පෝස්ට් එක වැටුනේ.

    ReplyDelete
    Replies
    1. සජීව ධනුද්ධර12 November 2012 at 19:58

      ආ.... මෙයාගෙ නම නම් දන්නෙ නෑ.. මෙයා අර මලමිනීවාහිනියෙ සෙනසුරාදා හතට යන “ඇන්ඩ් කොම්පැනි“ නාටකයේ “පරාක්‍රම“ නොහොත් එජාප නායක රනිල්ගෙ චරිතෙ රඟපාන කෙනා නේද?

      Delete
    2. I also think so.Actually I don't know his name.

      Delete
  14. හිතා ගන්න අමාරුයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  15. ආනන්ද වික්‍රමගේ

    ReplyDelete
  16. ආනන්ද වික්‍රමගේ

    ReplyDelete
  17. විමල් වීරවංශ

    ReplyDelete
  18. කසූත් දැන් ප්‍රශ්න් අහන්න පටන් ගත්තද ?

    ReplyDelete
  19. Giriraj Kaushalya

    ReplyDelete
  20. මේක්-අප් ආටිස්ට් කෙනෙක් විදිහටත් වැඩ කරනව ද?

    ReplyDelete
  21. මට මෙයාව මීටර් එත් නම මතක නැහැ.

    ReplyDelete
  22. මේ අර ඇන්ඩ් කම්පැනි එකේ රනිල් ට රඟපාන එක්කෙනා... නම නම් මම දන්නෙ නෑ... එයා ජයන්ත චන්‍ද්‍රසිරිගෙ ටෙලි නාට්‍ය ගොඩක හිටියා. මතක හිටපු හොඳම චරිතය තමයි වෙදහාමිනේ ටෙලි නාට්‍යයේ මානසික රෝගියෙකුට ඉන්න චරිතය (අර නිතරම ඔළුව අතගගා ඉන්න මනුස්සයා)

    ReplyDelete
  23. TV නොබලමි.. එම නිසා නොදනිමි...

    ReplyDelete
  24. උපතිස්ස..... වගේ නමක්, ඉතුරු කෑල්ල මතක නෑ. ඇන්ඩ් කොම්පැනියෙ පරාක්‍රම, වෙදහාමිනේ එකේ තට්ටෙ ගාපු පිස්සු චරිත්යක් කරන්නෙ මෙයා නේද? තව කතාවක් අහලා තියනවා මෙයා වෙදහාමිනේ එකේ චරිතෙට කොන්ඩෙ තට්ටෙ ගාපු නිසා ඒ විදියටමලු මෙයාගෙ මගුල් පොටෝ එකටත් ඉන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  25. who do you think is this?

    or

    who do you think this is ?

    :P

    ReplyDelete
  26. අඳුනගන්නනම් බෑ තමයි. නළුවෙක් කියන නිසා ගෙස් කරලා කියන්න බලන්නේ. පොර ගුරුවරයෙක් නේද? නම නම් මතක නැහැ. මං ගෙස් කළේ රූපයෙන් නෙවෙයි ඉන්න ඇක්ෂන් එකෙන්.

    ReplyDelete
  27. ජැකෝසොං අන්තෝනිය නේ.

    ReplyDelete
  28. @ All
    මේ නළුවා ගැන සොයන්න වෙහෙසුනු සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.