Tuesday 31 July 2012

කවුද බොලේ මේ කල්‍යාණි? - Who on earth is this Kalyani?



රොනී ලීච් කියන තට්ට පොර ගායනා කරන කවුද බොලේ මේ ඇලිස් සින්දුව දන්නවා නේද? මං කලින් දවසක සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක ලිව්වා වගේ කවුද බොලේ මේ ඇලිස් සින්දුවත් අන්න සුද්දෝ කොප්පේ ගහලා සින්දුවක් හදාගෙන තියෙනවා ලු!

හැබැයි මං අද මේ කියන්න යන "කවුද බොලේ මේ කල්‍යාණි?" කතන්දරේ නං සින්දුවක් ගැන නෙමෙයි. මේක වෙනත් ආකාරයක මෙව්ව එකක්.

මගේ කතන්දර දෙක තුනක හිටපු සාමා ළමයා මතකයි නේද? එයා තමයි අර මාටින් වික්‍රමසිංහ ලියපු ගොළු හදවත පොත කඩෙන් ගන්න ගියේ. ලෝක ස්වභාවය ගැන කැම්පස් කාලේ අම්මාගෙන් පාඩමක් ඉගෙන ගත්තේ. ඒ විතරක් නොවෙයි, කාල් අංකල් ගේ තේ හැදිල්ල ගැන කතන්දරේ මට කිව්වෙත් සාමා ළමයාම තමයි.

රත්නායක මහත්තයා සහ රමණී නෝනා වගේම, සාමා ළමයාත් එයාගේ මහත්තැන් අමර ගොයියත් මගේ හොඳ යාළුවෝ.

මගේ තව නොදුටු හිතවතෙක් වෙන මාක් සකර්බර්ග් ගොයියා මේ මූණත් තහඩු පොත හැදීම කියන සමාජ විප්ලවය කරලා දැන් අවුරුදු බර ගාණක් වෙනවා. අද ලෝකේ ඉන්න ඩයල්වලින් අරික්කාලකට විතර මූණත් තහඩු පොතේ ගිනුම් තියෙනවාද කොහෙද. මාක්කාරයා දැන් බිලියනර් කෙනෙක්.

ඒත් අපේ සාමා ළමයා හෙම නොවෙයි ඔය මූණත් තහඩු පොතට තමන්ගේ මූණ දාන්න ගියේ තාමත්.

මොන ලඩ්ඩයිට් ට වුනත් පියර් ප්‍රෙෂර් එකෙන් බේරිලා අද වෙනතුරුත් එහෙම ඉන්න එක්කෝ සෑහෙන්න ආත්ම ධෛර්්‍යයක් තියෙන්න ඕනෑ, නැත්තං සෑහෙන්න කම්මැලිකමක් තියෙන්න ඕනෑ!

අපි අළුතින් ෆේස් බුක් එකවුන්ට් එකක් හදන්න යනකොට දන්නවානේ වෙන දේ? ඒ ක්‍රියාවලියේ එක තැනකදී අපිට පුළුවනි අපේ ජී-මේල්, හොට්-මේල්, යාහූ-මේල් වගේ එකකට ලොගින් වෙලා අපේ ඇඩ්‍රස් පොතේ ඉන්න අයගෙන් දැනටම ෆේස් බුක් එකේ ඉන්න අයට මිතුරු ඇරයුම් යවන්න.

ඒ එක්කම තාමත් මුණත් තහඩුව ෆේස් බුක් එකට දැම්මේ නැති අයට ඊ-මේල් යවන්නත් පුළුවනි, බුකියේ ගිනුමක් අරඹලා අපි එක්ක යාළුවෙන්න එන්න කියලා.

සාමා ළමයාටත් තමන්ගේ යාළුවන්ගෙන් විටින් විට ඔය වගේ ඊ-මේල් ලැබිලා තියෙනවා. ඒත් සාමා නෙමෙයි ඒවට අහුවුනේ!

ඉතිං මේ ළඟදී දවසක උදේ සාමා ළමයා තමන් ගේ ඊ-මේල් චෙක් කරන කොට ඔය කියන ජාතියේ ඊ-මේල් එකක් තිබුණා.

කල්‍යාණි පෙරේරා ඉන්වයිට්ස් යූ ටු ජොයින් ද ෆේස් බුක්!

කවුරු?
කල්‍යාණි පෙරේරා?
අහල පුරුදු නමක් වගේ!

කවුද බොලේ මේ කල්‍යාණි?

කැම්පස් එකේ මෙහෙම නම තියෙන කෙල්ලෙක් හිටියෙත් නෑ.
ඔෆීසියේ, ගමේ රටේ, අහල පහල, දන්න කියන කෙනෙකුත් නෙමේ.

කවුද බොලේ මේ කල්‍යාණි?

ඉස්කෝලේ කාලේ හිටිය යාළුවෙක් ද? දැන් බැඳලා නම වෙනස් වෙලාද?

කවුද බොලේ මේ කල්‍යාණි?

දවස් දෙක තුනකට පස්සේ, මල්ලිගේ පවුලත් එක්ක මහගෙදර ඉන්න සාමා ළමයා ගේ අම්මා කෝල් කරපු වෙලේ මේ ප්‍රශ්නය විසඳුණා!

වෙන කවුරුත් නෙමේ මේ කල්‍යාණි පෙරේරා, සාමා ළමයා ගේ ම අම්මා!

අම්මා මූණු පොතේ ගිනුක් අරඹලා දුවට කලින්!

-කතන්දරකාරයා

ප/ලි:

මගේ කතන්දරකාරයා එකවුන්ට් එකේ දැන් මාස ගාණක ඉඳලා මිතුරන් 5,000 පැනලා නිසා අළුතින් කාවවත් එකතු කරගන්න බෑ. තරහා වෙන්න එපා.

(image: http://blogs.telegraph.co.uk/news/danielknowles/100159144/100159144/)

50 comments:

  1. හික්ස්! හිටපු ගමන් මටත් ඔහොම රික්වෙස්ට් එනවා, හොයාගන්න බෑ කා‍ගෙන්ද කියලා.. පස්සෙ පොඩ්ඩක් විපරම් කරලා බැලුවහම දන්න කියන බු‍වෙක්/බුවියක්ම තමා.. සමහරු FB එකේ ඇත්ත නම දාන්නෙ නැතුව එක එක 'පොෂ් නම්' දාගෙනත් ඉන්නවනේ.. :D

    ReplyDelete
  2. අපේ අත්තම්මවත් පොෂ් නමකින් මූනු පොතට දාන්ට ඕනි.
    කොහොමත් එයාට තියෙන්නේ පොෂ් නමක්...:D

    ReplyDelete
  3. ඉතින් කතන්දර 2 කියලා තව එකවුන්ට් එකක් පටන් ගන්ඩකො...එතකොට ටහව 5000ක් ගොඩ !

    ReplyDelete
  4. page එකක් පටන් ගත්තනම් ඉවරයිනේ.ඕන කෙනෙකුට like කල හැකියි. සමහරවිට දැනුත් තියනවද දන්නෑ. මම නොදන්නවට

    ReplyDelete
  5. මගේ ඇදුරුතුමාටත් තියෙනව ෆේස් බුක් එකවුන්ට් එකක්. දන්නවද? ඇදුරුතුමා ඒක පටන් ගත්තේ ඇමෙරිකාවෙ හාවඩ් විශ්ව විද්‍යාලෙ ඉගෙන ගෙන බැච් ටොප් වෙලා අවුරුදු විස්සකට විතර පස්සෙ. හාවඩ් ඉන්නකොට නම් ඇදුරුතුමාට වාහනයක් තිබුණෙ නෑ. ඒත් එයා පස්සෙ කැනඩාවෙ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලෙ උගන්නන්න ගියාම නම් කිරි කිරි BMW එකක් ගත්තා. එතකොට ගෙදර තිබුණු අනෙක් කාර් තුනම පාච්චි කරන්න වුණේ මට ෂොපින් යන්න තමයි. ඒ වුණාට අපේ වටේ පිටේ ඉන්න හැමෝම ගමන් යන්නෙ ත්‍රී-වීලර් වලයි බයිසිකල් වලයි මෙයා. අපටත් එක්ක ලැජ්ජාව. ඒ මදිවට උන්ටත් දැන් ෆේස් බුක් එකවුන්ට් තියෙනවලු. අනේ දැන් මගේ ඇදුරු තුමා පාරෙ බැහැල යන්නෙ කොහොමද මෙයා?

    ReplyDelete
    Replies
    1. Nice reply to "මගේ කතන්දරකාරයා එකවුන්ට් එකේ දැන් මාස ගාණක ඉඳලා මිතුරන් 5,000 පැනලා නිසා අළුතින් කාවවත් එකතු කරගන්න බෑ. තරහා වෙන්න එපා."

      Snakes should be dealt with vipers.

      Delete
    2. පෙර කල පිං කියන්නේ ඕවට තමා!

      Delete
  6. මම මේ ඊයෙ මූණුපොතට සමුදුන්නා...

    ReplyDelete
    Replies
    1. "මූණු පොත වනාහී මායාවකි...." මම නම් ලත් තැනම ලොප් කළා..

      Delete
    2. හරියට භාවිතා කරනවානම් ප්‍රයෝජනත් නැත්තෙම නෑ..

      Delete
  7. අම්ම දුවට කලින් පටන්ගන්න ඕන තමයි. :)
    ෆේස්බුක් වලත් හොඳ හොඳ කතා තියනව. ලඟදි මගේ යාලුවෙක් අලුතෙන් බුකියෙ ලොග්වෙලා මාත් එක්ක චැට්කරනව. අපි දෙන්නටම තියෙන්නෙ "උපහාර" සිම්. කෝල් එකක් ගත්තට වියදමක් යන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. සියඹලා නේද බං?

      Delete
    2. නියම ගල්සියඹලා.

      Delete
  8. එහෙමනම් ළගදීම...akkiyo..., nangiyo..., ayyo....mallo....වගේ සිත් අලවන සුළු ඇමතුම් වලින් ඔබ අමතමින් කල්‍යානි පෙරේරාත් ඔබේ වත් පොතෙන් එබිකම් කරනු ඇති. නිකන්ම නෙවෙයි....බෙල්ලෙ සුර එල්ලන..(හොරෙන්) බහිරව පූජා තියන...පීල්ලෑවෙ බෝ ගහේ අපල පාන්කඩ එල්ලන...ෆුඩ් සිටියෙන් හොලෝල බලලා පොල් ගන්න - නැට්ට කඩලා බණ්ඩක්කා ගන්න...පෝයට සුදු ඇදමින් සැරසිලා කැලණි වඳින එනින් ගමන් KFC යන අලුත්ම පොෂ් සමාජයේ සාමාජිකාවක් විදියට.....

    ඉතින් දෙවරක් හිතන්න ඔන නෑ, accept කරගන්න. නැත්නම් ඔයාලගේ වත් පොත පාාාාලුයි.....

    ReplyDelete
    Replies
    1. ඕව උඹට තාම පාඩංද සුමිත්? :))))

      Delete
    2. ඇයි සීනිගම දේවාලේ මිරිස් අබරන

      Delete
    3. /බෙල්ලෙ සුර එල්ලන..(හොරෙන්) බහිරව පූජා තියන...පීල්ලෑවෙ බෝ ගහේ අපල පාන්කඩ එල්ලන...ෆුඩ් සිටියෙන් හොලෝල බලලා පොල් ගන්න - නැට්ට කඩලා බණ්ඩක්කා ගන්න...පෝයට සුදු ඇදමින් සැරසිලා කැලණි වඳින එනින් ගමන් KFC යන අලුත්ම පොෂ් සමාජයේ සාමාජිකාවක් විදියට...../

      මේ ඔක්කොම ගල්කටස් වලින් මිනී මරනවාට වඩා හොඳයි. :-)

      Delete
  9. මූණු පොතේ මමත් ඉන්නවා... ඒ උනාට දවසින් බොහොම පොඩි කාලයක් තමයි එතන ගත කරන්නෙ... එක එකාගෙ ලොකුකම් පෙන්නන්න තමයි බහුතරය මූණුපොත පාවිච්චි කරන්නෙ.. ඇක්සිඩන්ට් වෙලා පොඩි තුවාලයක් උනත් පොටෝ එක මූණු පොතේ දානවා අනුකම්පාව ගන්න ගෑල්ළමයින්ගෙන්... ඔන්න ඕකයි තත්වෙ...

    ReplyDelete
  10. >> මිතුරන් 5,000 පැනලා

    එහෙනම් Facebook page එකක් හදන්න.

    ReplyDelete
    Replies
    1. මගේ පළමුවෙනි මූණත්තහඩු ගිනුමේ මිතුරන් 5,000 ඉක්මවා ගොස් ඇති නිසා අද (01 අගෝස්තු 2012) මේ දෙවෙනි ගිනුම ඇරඹුවෙමි.

      http://www.facebook.com/kathandarakaraya2

      .

      Delete
  11. මිතුරන් 5000 ට වඩා වැඩි නම් ෆේස්බුක් එකෙන්ම පේජ් එකක් හදලා දෙනවා කියලා තමා මම නම් අහලා තියෙන්නේ...

    ReplyDelete
  12. මට නම් ඔය මූණූපොත මහ විකාරයක්.

    ReplyDelete
  13. කවුද බොලේ මේ ඇලිස් English සින්දුව

    http://www.youtube.com/watch?v=CsrfovOPcjk

    ReplyDelete
    Replies
    1. මගෙ අම්‍මියෝ! මකරාව දැක්ක කල්..!!

      Delete
    2. කවුද උඹට පොල්ලකින් ගැහුවෙ.!?

      Delete
    3. මොකද්ද යකෝ මේ "අම්මියෝ" කියන්නෙ.?

      ඒකත් පොස් කරල අරන්ද? මගේ අම්මෝ කිව්වම නිකං තුංපනේ වගේද?

      Delete
    4. නැතුව නැතුව.. නිකංම නිකං "අම්මෝ!" "බුදු අම්මෝ!" කිවුවහම කිසිම ගතියක් නෑ නෙවැ.. අපිත් පොඩ්ඩක් පොස්වෙන්ට ගියාම බොලාට ඊරිසියයි නේද.?? :)

      Delete
  14. හප්පටසිරි......

    ReplyDelete
  15. මගෙත් 5000 පැනලා වැඩක් නැති අය ගලව ගන්න විදියක් කල්පනා වෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  16. මමනං මූණු පොතේ නැත.මම කාලයක් හිටියා.මටම පස්සේ ඒකෙ තියෙන ආටෝපේ තේරුණා.

    මම දැං නිදහස් බ්ලොග්කරුවෙක් පව් කකා තාමත් ෆේස්බුක් ඉන්නවා!!!

    ReplyDelete
  17. අම්මටයි දුවටයි චැට් කර කර හිටියහැකි....ටෙලිෆෝන් බිල ඉතුරුකරගන්න....

    ReplyDelete
  18. මලලසේකර.... මගෙ එකවුන්ට් එකෙත් ඉන්නවද දන්නෑ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. මාත් අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න හිතාගෙන එකවුන්ට් එකක් පටන් ගත්ත. මොබයිල්මෑන් අතාත්වික චරිතයක් නිසා බොරු විස්තර තමයි දැම්මෙ. ඉස්කෝලෙ ගියෙ ඉන්දියාවෙ.
    දැන් ඉන්දියන් එකෙක් හැමදාම රික්වෙස්ට් කරනව යාළු වෙන්න කියලා.

    ReplyDelete
  20. MY A/C IS 5002 I CAN ACCOMODATE 4998 MORE. MY SNAKE IS LONGER THAN KAKAS.

    ReplyDelete
    Replies
    1. මගේ පළමුවෙනි මූණත්තහඩු ගිනුමේ මිතුරන් 5,000 ඉක්මවා ගොස් ඇති නිසා අද (01 අගෝස්තු 2012) මේ දෙවෙනි ගිනුම ඇරඹුවෙමි.

      http://www.facebook.com/kathandarakaraya2

      .

      Delete
  21. @ All
    මගේ පළමුවෙනි මූණත්තහඩු ගිනුමේ මිතුරන් 5,000 ඉක්මවා ගොස් ඇති නිසා අද (01 අගෝස්තු 2012) මේ දෙවෙනි ගිනුම ඇරඹුවෙමි.

    http://www.facebook.com/kathandarakaraya2

    .

    ReplyDelete
  22. මම නම් මූණුපොතට ගොඩ වදිනවා ගොඩක්ම අඩුයි . වෙන මොකවත් නිසාම නෙවෙයි මගේ මෙගාබයිට් ගාන පට පට ගාලා වැය වෙන නිසා . වැරදිලාවත් පින්තූරයක් ක්ලික් වුනොත් ඉතින් සොරිම තමා . සතියක බයිට් අපතේ .. බයිට් වලට නම් මම මාර ලෝබයා .

    කකා ෆෑන් පේජ් එකක් ඕපන් කරලා ඔය සෙටාර් එකට ඉන්වයිට් කරන්ඩකෝ .. නැත්තං තව ටික කාලෙකින් කියාවි මම මෙන් කතන්දර කාරයා තුනත් ඕපන් කලාය කියලා ..

    ReplyDelete
  23. කතන්දර 2ටවත් ඇප්ලයි කරලා බලන්ඩ ඕනා :)

    ReplyDelete
  24. මම ඔය පලවෙනි 5000 ඉන්නවානේ...:D

    ReplyDelete
  25. ඔය 5000න් කීදෙනෙක් ද හරියටම අඳුරන්නේ?
    මම නම් බුකිය සීමා කරලා තියෙන්නේ.

    ReplyDelete
  26. මට මතක හැටියට සාමා අමරගේ නංගි !!

    ReplyDelete
  27. මම ඉතිං කකාගෙ ඔරිමජිනල් එකට රික්වෙස්ට් එකක් එවුවට කකා ඒක ඇක්සෙප්ට් කලේ නෑ නෙව

    ReplyDelete
  28. MAGE FB EKATATH ENNAKO http:www.facebook com./nakigamarala.

    ReplyDelete
  29. අපිත් මුණු පොතේ ඉන්නවා .හැබැයි ඉතින් යාලුවෝ නම් කීපයයි බ්ලොග් ලියන අය ඉන්නේ . නියම නමින් ඉන්න අය විතරයි. විනෝදෙට සහ ඈත ඉන්න හිත මිතුරන් ආස්සරයට තමා . මන් මේ කල්පනා කලේ ඉස්සර රේඩියෝ එකේ එක එක එව්වට ආවම විනෝදාංශ අහනවනේ . හැමෝම කියන්නේ මුද්දර එකතු කිරීම , වගේ ඒවා . දැන් නම් කියයි ෆේස් බුක් එකේ චැට් කිරීම කියල . වැරද්දක් කියන්නත් බැහැ.

    ReplyDelete
  30. ඔබේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ ශ්‍රී ලාංකීය මෘදුකාංග එකතුව වෙනුවෙන් ඉඩක් දෙන්න.
    http://sandriesoft.blogspot.com/p/link-to-us.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.