Thursday 20 January 2011

ලැට් මී සී ද චැක් - Lat mee see da chack


කතන්දර ජෝඩුව බැඳපු අළුත හොයලා, හොයලා, අන්තිමේ දී හම්බවෙලා, කාලයක් පදිංචි වෙලා හිටිය ඇනෙක්ස් එකේ ආන්ටි තමයි අපිට මේ කතන්දරේ කිව්වෙ.

ඔන්න, මේ පලාතෙ ඉඳල තියෙනව අම්බ හොරෙක්. හොරෙක් කිව්වට ඉතිං ගමේ ගොඩේ කෙහෙල් කැන් කපන එකෙක්වත්, කුඩු ගන්න සල්ලි හොයන්න ටවුන් එකේ ගෙවල්වලින් බඩු හොරකං කරන එකෙක් වත් නෙමේ.

මේකා හොඳ ඉස්තරම් වර්ගයේ වයිට් කොලර් කෘක් කෙනෙක්.

ඒ කියන්නේ පොර කරලා තියෙන්නේ ම ඉහල පෙලේ හොරකම්. විශේෂයෙන් ම හොර චෙක් ලියන එක වගේ ඒවා.

ඔන්න දවසක් පොර ලියල මාරු කර ගත්තු හොර චෙක් එකක වැඩේ මාට්ටු වුණා. පාඩු වෙච්ච ඈයෝ, බැංකුවෙන් රිජෙක්ට් වුණු හොර චෙක් එකත් අරං ගිහිං පොලීසියේ ඇන්ට්‍රියක් දැම්මා.

ගමේ කෙහෙල් කැණක් කපපු, අරක්කු බෝතලයක් හොර පොලක විකුණපු එකෙක් අහුවුනොත් ඉතිං පොලීසිය සාමාන්‍යයෙන් කරන්නේ කුදලාගෙන පොලීසියට ගිහින් කූඩුවට දාලා, නෙලලා, නෙලලා, පස්සේ නඩු දාන එකනේ.

වයිට් කොලර්ස් හොර අංකල් ලා ට සැලකිල්ල වෙනස්.

ඔන්න පණිවිඩයක් යැවුවා, අර හොරා මහත්තයට පොඩ්ඩක් පොලීසියට ඇවිල්ල යන්න එන්න කියල.

මිස්ට හොරා ආව කිසි බයක් සැකක් නැතුව.

"මිස්ට ට විරුද්දව පැමිණිල්ලක් තියෙනව හොර චෙක් එකක් ලිව්වය කියල. ඒක ගැන ස්ටේට්මන්ට් එකක් ගන්නයි එන්න කිවුවෙ". පෙටි ක්‍රයිම් බ්‍රාන්ච් එකේ සාජන් මහත්තය කිව්ව.

"හොඳයි. දැට්ස් ඕ.කේ. සාජන්ට්!" මිස්ට හොරා බය නැතුව වාඩි වුණා.

"බට් ලැට් මී සී දිස් චැක් ෆර්ස්ට්".

කඩ්ඩෙන්නෙ මේ කියන්නෙත්. හොරා වුනත් මහත්තයෙක් නේ. සාජන් රාලහාමි දුන්න මිස්ට හොරා ට චෙක් එක අතටම.

අපේ හොර දෙටු අණ්ඩපාල පොර මොකක්ද දන්නවද කලේ?

ගත්තු ගමන් අර චෙක් එක උණ්ඩි කරල, කටේ දාල හපාගෙන හපාගෙන ගිහින් ගිල්ලා.

කේස් ක්ලෝස්ඩ්!

-කතන්දරකාරයා

ප/ලි
කරුණාකර මේ කතන්දරයට ප/ලි යක් ලියා මට සහය වෙන්න.

21 comments:

  1. ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ උනේ..

    ReplyDelete
  2. ඔන්න මමයි අද පලවෙනියා මේ පැත්තේ ආපු. ලස්සන කතාව. පොඩ්ඩක් කඩුව වැනුවම දෙකට නැවුනට රාලහාමිට හොඳ වැඩේ.

    ReplyDelete
  3. ඊට පස්සෙ අයි ඩෝන්ට් සී දැට් චැක් කියන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
  4. බැළුවද මේ කෙටි චිත්‍රපටිය එහෙම?

    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=RVID&ArtID=1086

    -ලොකු

    ReplyDelete
  5. කෝච්චියක් ගිල්ල යකාට, පීල්ලත් කජ්ජක්ද කිව්වලු...!

    පොලෝසිය ඌට වමාරලා චෙක් එක ආපහු හරි ගස්සන්නැති පට ගාලා. නැතිනම් ඌටම කියලා ආපහු එව වගේම චෙක් එකක් ලියව ගන්න ඇති....

    අපේ පොලෝසියත් එක්ක නම් සෙල්ලම් බෑ කොල්ලෝ...!

    ReplyDelete
  6. මේ දැන් වත් ඇත්ත කියමු බලන්න. අයිය නෙමේ නේද කපටි සොරා? මට නිකං මැවිලා පේනවා කතන්දර අයියා ​චෙක් එක කටේ දාලා නිකං චුයිංගම් වගේ හපන හැටි... පොලිසියේ උන් ටික බලන් ඉන්නවා දැන් මොකෝ කරන්නේ කියලා...

    ReplyDelete
  7. ප / ලි, හැබැයි උඩ පින්තූරෙ තියන චැක් එක වගෙ එකක් හපල ගිලින්ඩ නම් සෑහෙන්ඩ වෙලායයි,

    ReplyDelete
  8. රවි : චෙක් එකම ගීලින්න ඕනෙ නෑ. අත්සන තියෙන කෑල්ල ගිල්ල නම් ඇතිනෙ බං

    ReplyDelete
  9. අපේ එකෙකුට ඕකෙ අනිත් පැත්ත සිද්ධ වුනා දැනට කාලෙකට ඉස්සර.පොඩි කේස් එකකට පොරවයි තව යාලුවො කීප දෙනකුයි ජීප් එකේ දාගෙන යන අතරෙදි පොර කියල
    "එස්.අයි.ජයකොඩි ඉස් අ ෆෙර්න්ඩ් ඔෆ් මයින්" කියල.
    ලඟම හිටිය රාලාමිට කඩ්ඩ දිරවන්නෙ නැද්ද, එස්.අයි.එක්ක තරහක් තිබුනද දන්නෑ.යාලුවගෙ මෑණියොත් ආදරෙන් සිහිපත් කරල කම්ඹුලයි කනයි දෙකම රත් කරල දුන්නලු.

    ReplyDelete
  10. ප/ලි : අර මිස්ටර් හොරාට ඊටපස්සෙ පොලීසියෙන් බඩයන්න විරේකයක් දීල පෙනේරයක් උඩින් වාඩිකලා ලු. :)

    ReplyDelete
  11. ඔහොම සින් 1ක් හොටෙල් 1ක කත් වෙලා තියනව..

    බිල්වලින් වන්ගු දාන්න කුස්සියට යන වෙටර් මල්ලි යනගමන් බිල කනවලු.. එකියන්නෙ මෙ යක මෙව ගිලල.... පස්සෙ අසනිප වෙලා..

    හෙතුව බඩෙ කාබන්ලු...
    යුනියන් ප්ලෙස් 1ක පැත්තෙ ලොකු හොටලයකලු වෙලා තියෙන්නෙ.....

    වැලිකඩත් ‍රැදවියන්ගෙ බඩ විරෙක කරල බලන් ඉනවලු ගිලපුව අතඩංගුවට ගන්න....

    සුභ දවසක්....!!!

    ReplyDelete
  12. මේ පොරත් බෙනා මාමා වගේ ඩයල් එකක්නෙ

    ReplyDelete
  13. චෙක් එක රේඛනය කරපු එකක් වෙන්න ඇති.“ ආදායකයාගේ ගිණුමට පමණයි“ ඉතින් චෙක් එක ගිණුමට ගිහින් තැන්පත් වෙන්න ඇති... දැන් කිසි ප්‍රශ්ණයක් නැහැනේ.....

    ගාණට චෙක් එක රියලයිස් වෙයි....

    මට මේ කතන්දරේ කියවන කොට මතක් වුනේ මම ස්කෝලෙ යන කාලේ බලපු “කඩවර“ කියන ටෙලි නාට්‍ය...ඒ කතාවේ ප්‍රධාන චරිතයට මැණික් ගරන තැනකදි මැණිකක් හම්බෙනවා ..ඒ මනුස්සය මැණික අරහෙ මෙහෙ හරවල බලල වට පිට ත් බලල ගුඩුස් ගාලා මැණික ගිලිනවා...

    මට හරියටම මතක නම් නැහැ..හැබැයි ඒ මනුස්සය පස්සෙ කාලෙක සැහෙන පෝසතෙක් වෙන්නෙ මේ මැණික නිසා ද කොහෙද?

    ඔය ලොකු ලොකු චැක් කොල වගේම ලොකු කොලු යතුරුත් තියනවා නේද? තෑගි වලට එහෙම දෙන්නෙ....

    ReplyDelete
  14. ඔය චැක් ගිල්ල කතාව කියෙව්වහම මට මතක් වුනා මගේ යාලුවෙකුට වෙච්ච සංගෙදියක් . පොර ගෙ කෙල්ලගේ තාත්තට අහුවෙලා. ඒකාලෙ ඔය cell phone, SMS තිබුනෙ නෑ. ඉතිං මේ වෙන්ට මාමන්ඩියා මගේයාලුවට(වෙන්ට බෑනට) ලිව්මක් එව්වලු . දුව ගැන තියෙන අදහස අත්අරින්න කියලා. පස්සේ මුංදෙන්නා කතා වුනාලු හොරෙන්කසාදය රෙජ්ස්ටර්කරල සද්ද නැතිව ඉන්න . ඔන්න සාක්කියට දෙන්නෙකුත් හොයා ගෙන ෆෝම් එහෙම පුරවගෙන රෙජිස්ටාර් ලගට ගියාලු . රෙජ්ස්ටාර්ට කෙල්ලගෙ ලපටි මුන දැකල සැක හිතිල ඔන්න ප්‍රශ්ණ වැලක් අහගෙන ගියාලු අන්ති මේදී මෙහෙම ප්‍රශ්ණ යකුත් ඇහුවලු " මේ ගෑනුළමයගෙ තාත්තා තාමාගේ කව්ද ?" පොර කිව්වලු එයා ඉතිං මගෙ මාමන්ඩිනේ" කියල . එතකොට " මනුස්සයෝ බඳින්නත් ඉස්සර මාමන්ඩි උනේ කොහොමද ?"කියල ඇහුවලු පොරට වැඩේ වැරදුන බව දැනිල එකපාරටල අර රෙජිස්ටාර්ට දුන්න ෆෝම් එක උදුරගෙන කටෙි දාගත්හලු රෙජිස්ටාර් පස්සෙන් පන්නලා පොරව අල්ල ගන්න කොට ෆෝම් එක බඩේලු

    ReplyDelete
  15. අර කිව්වත් වගේ අපේ පොලෝසිය සිංහලෙන් කතාකරන මිනිහෙක් ඔහොම වැඩක් කොලා නම් ඌට වෙන්නේ අර හාවෙක් වෙච්චි වලහට වෙච්චි වැඩේ තමයි.

    ඒත් ඉතිං ඉංගිරිසි කතා කොරන එකෙක් හින්දා ඕකේ සෑර් . . යූ ගෝ කියලා පොරව ගෙදර යවල අර කොම්ප්ලේන් කොරපු එකා සිංහලෙන් කතා කොරන එකක් නම් ඌව ගෙන්නලා දෙන්න ඇති අම්මගෙන් බිව්ව කිරි මතක් වෙන ගානට . . .

    ඔන්න ඔහොමලු අපේ රටේ නීතිය හැම එකාටම සමාන වෙන්නේ

    ReplyDelete
  16. පොඩි කාලේ ඉඳල මාත් ආසාවෙන් හිටියා චෙක් පොතක් ගන්න.
    ඒ සිහිනය සෑබෑ වුනේ වයස අවුරුදු විසි හතක් ගියාට පස්සෙයි.
    දැන් ඒ කරදරෙන් මං නිදහස්.

    ReplyDelete
  17. @All
    මගේත් තිබුණා චෙක් එකවුන්ට් එකක්. නිකං ගාන කැපෙනවා විතරයි. දැන් ඉතිං පුද්ගලිච චෙක් පාවිච්චිය අඩුයිනේ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් මිසක. මාත් ඒක නවත්තලා දැම්මා කාලෙකට කලින්.

    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට උදේ කියවන්න රත්නායක මහත්තයා ගැන xxx කතන්දරයක්.

    ReplyDelete
  18. මරු :D


    @සොඳුරු සිත
    තෑගී වලට දෙන ලොකු යතුරු, චෙක් ගිලින්න ටිකක් අමාරු වෙයි නේද ?
    lol

    ReplyDelete
  19. රංග,

    මේ චැක් එකේ නම් කොල්ලො අස්සං දෙක ගිලින එකත් මේජර් ප්‍රොජෙක්ට් එකක් වගේ පෙනෙන්නෙ, බලාපංකො අස්සංවල අපූරුව, නිකම් නුවර පෙරහැර යනව වගේ,බලන්ඩ ලස්සනයි,

    ReplyDelete
  20. පොලිසියෙ මහත්වරුත් එක්ක සෙල්ලO නැහැ ගොයියෝ.......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.