ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 28 November 2010
W3Lanka ට පොඩි ප්ලග් එකක්
සෝමරත්න දිසානායක ගේ මීපුර වැසියෝ වේදිකා නාට්‍යයේ මීයෙකු ගේ චරිතයක් රඟපාමින්, මෙන්න මේ සින්දුව කියන්නේ සුමින්ද සිරිසේන නළුවා.
"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව
මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා"
පොත් ලියන්න මීයොත් හරි දක්‍ෂයෝ තමයි. උන්ට තරං ඉක්මණින් පොත් ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චි ල ට වත්, චන්දි කොඩිකාර ල ට වත් පුළුවන් කමක් නෑ මං හිතන විදියට.
කොහෙද මන්ද මං මේ ලඟදි දවසක කියෙව්ව, පුතෙක් හදන්නෙ නැතුව, පොතක් ලියන්නෙ නැතුව, කෙනෙකු ගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ නෑ කියලා.
පොතක් ලියන එක පණ යන වැඩක්. පුතෙක් හදන එකත් ඒ වගේම තමයි.
අවුරුදු හතරකට වඩා ඉස්සර එක දවසක, නොසිතූ නොපැතූ විදියට, "ඉන්නව ද?, යනව ද?" කියන වැදගත් තීරණය මට ගන්න වුනා ඉතාම කෙටි කාලයක් ඇතුලත දී. එවෙලෙ හිතට ආවෙ කරුණු දෙකයි.
එකක් පුතා.
මං දැං ම ගියොත්, ඌ ලොකු වෙන කොට, මං කවුද කියල මතක හිටින එකක් නෑ කියල මට එවෙලෙ හිතුන.
අනික පොත.
උපන්න දවසෙ ඉඳලම වගේ කවි ලිව්වට, කවි පොත් හය හතක් "හස්තද්වාරයෙන් "ප්‍රකාශනය කළාට, එක පොතක්වත් මුද්‍රණද්වාරයෙන් එළියට වඩම්මල නෑ නේද කියලත් ඒ මොහොතෙදි ම හිතුණ.
ඔය කරුණු දෙක නිසා ඉන්නවද යනවද කියන තීරණය එදා ගන්න එක නං ලේසි වුණා. මට තිබුණෙ ඇඟ ඇතුලට රිංග ගන්න එක විතරයි.
තිරස් තලයෙන් සිරස් තලයට සංක්‍රමණය වෙලා ගෙදර ආපු ගමන් කලේ පොත හදන්න පටන් ගත්තු එකයි. ඒ වුණාට ඒ පොත පොත මුද්‍රණද්වාරයෙන් එළියට ගන්න නං තවත් අවුරුදු තුනක් විතර ම ගියා.
එදා ඒ හයිලෙවල් පාර කිට්ටුව ප්‍රෙස් එකෙන් ඒ පොතක් අරං සුවඳ බලපු එක වගේ සතුටක් ඊට කලින් දැනුනේ මැටර්නිටි තියටර් එකේ දී දොස්තරල පුතාව උඩට උස්සල පෙන්නුව වෙලේ.
ඊටත් කලින් දවසක "ද සොයිසා එකේ" තියටර් එක ඉස්සරහ කොරිඩෝර් එකේ දී දුවගෙ සුදුමැලි ඇඟිලි තුඩුවලට රෝස පාටට ලේ පිරෙන හැටි දකින කොටත් ඒ වගේම සතුටක් ආව මතකයි.
මේ සේරම කිව්වෙ අපි හුඟ දෙනෙක් දන්න ආරංචියක් නැවත කියන්නයි.
අපේ සහෟද බ්ලොග්කාරයෙක් වෙන w3lanka.blogspot.com ලියන අජිත් පැරකුම් ජයසිංහ නවල් එකක් ලියල. ඒකෙ නම ශාස්තෲ.
පොර මීට කලින් කවි පොතක්, කෙටි කතා සංග්‍රහයක් හෙම පලකරල තිබුණට මේ අවස්ථාව සුවිශේෂී එකක්. නවකතාවක් ලියනව කියන එක ලේසි පාසු වැඩක් නෙමේ මං හිතන විදියට.
අජිත් පැරකුම් ජයසිංහ ගේ w3lanka බ්ලොග් එකට තමයි 2009 අසෙනිය කුසුම උත්සවේදී සමාරම්භක සම්මානය හිමිවුනේ හොඳම කාලීන බ්ලොග් අඩවිය වෙනුවෙන්.
"ශාස්තෲ" නවල් එක දොරට වඩින උත්සවේ තියෙන්නේ නොවැම්බර් 30 දා හවස තුනට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී.
යුනිවසිටි ඩොන් ල ගේ ටෝක්ස් දෙක තුනක් සහ පොඩි පහේ පැදුරකුත් තියෙනවය කියන්නෙ.
ඇහැක් නං යන්න.
මාත් පොත බලපු ගමං විස්තරයක් ලියන්නං කො.
-කතන්දරකාරයා
ප/ලි
උඩ තියෙන සින්දුවෙ තවත් පද දෙකක් මතක් වුණා.
"ඇත්ත නැත්ත ගැන නැහැ මම වෙහෙසෙන්නේ
පත්තරෙන් ඇවිත් මගෙනුයි අහගන්නේ"
Subscribe to:
Post Comments (Atom)
"කොහෙද මන්ද මං මේ ලඟදි දවසක කියෙව්ව, පුතෙක් හදන්නෙ නැතුව, පොතක් ලියන්නෙ නැතුව, කෙනෙකු ගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ නෑ කියලා."
ReplyDeleteමේ කතාව කාන්තාවන්ටත් අදාලද?
කතන්දර මහත්තයා පැලයක් හදල ගහක් කරා නම් ඔන්න සම්පූර්ණම මනුස්සයෙක් වෙන්න පුලුවන්. මොකද මම අහල තියෙන්නේ නම් ..
ReplyDeleteපොතක් ලියන්න
පුතෙක් හදන්න
ගහක් හදන්න කියල ....
මේ කාරණා තුනක ගොඩක් දෙනාට සම්පූර්ණ කරන්න අමාරු නිසා වෙන්න ඇති මෙහෙම කියන්නෙ ඇත්තෙ කියල මට හිතෙනවා.ඒ මගින් පෙන්නන් හදන්න ඇත්තේ සම්පූැ්ණ මනුස්සයෙක් වෙන්න තියෙන ගන්න ඕනි වෙහෙස...
මාත් ඔහොම කෙනෙක් වෙන්න හිතන් අනිත් දේවල් මොනා වුනත් පොතක් ලියන්න හිතන් නටපු පිස්සුව සිහිවෙන කොට දැන් නම් හරි අනුකම්පාවයි මා ගැන. දැන් ඒක බොඳ වෙලා ගිය හීනයක්. බොද වෙලා ගිය හීන වලට පණ දෙන්න කිහිපදෙනෙක් ඉදිරි පත් වුනත් ඒ ඉදිරිපත් වීම් වල තිබ්බ යටි අරමුණු හොද නැති නිසා හීනය අතුගාලා ගොඩක් දුර ඈත විසි කලෘ.
කතන්දර දවසක් කීවා නේද මොකටද පොත් අරන් කියවන්නේ ,.පුස්තකාලයට පොත් ගන්න යෝජනා කරන්න ඇයි මට බැරි කියල....
ඒ අවස්ථාවෙදි මම නිහඬ වුනත් දැන් හිතෙනවා මෙහෙම ඇත්තම කියන්න... තමන් කැමතිම පොතක් පුස්තකාලෙන් අරන් කියවනවට වඩා කඩෙන් අරන් කියවල. විටින් විට අරන් ඒ පොත ආයේ ආයේ කියවල බලන කොට , පෙරලල බලන කොට හිතට දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ. බොහෝ අය පොත් තෝරල කියවල බැලුවත් නොතෝරා අහු වෙන අහු වෙන පොත් බලන එක මගේ සිරිතක් වුනත් තෝරා ගත්ත පොතක් වුනත් දැන් බලන්න කාලය සොයා ගන්නේ අමාරුවෙන්....
පුංචි ඉල්ලීමක්...
පුලුවන් නම් කතන්දර මහත්තයගේ පොතේ නමත් ලබා ගන්න පුලුවන් ස්ථානයකුත් මට දන්වල එවනවද?
බ්ලොග් වලයි , වත් පොතෙයි ඉන්න ,කවි කියන, කවි ලියන , ඒවාට මල් මසුරන් කොමෙන්ටු දාන අය ප්‍රමාණය දැක්කම හිතෙනවා කවි පොතක් බේතකටවත් පොත් සාප්පු වල නැති වෙයි කියල. ඒ තරමට කවි රසවතුන්... ඒත් ඇත්තටම බේතකටවත් කවි පොතක් ප්‍රකාශ කරන්න ප්‍රකාශකයෙක් නැති විත්තිය දන්නෙ කී දෙනා ද?
අනික කිසි කෙනෙක් කියවන්නෙ නැති කවි පොත් ලියනවට වඩා... සමාජයේ යම් සීමිත ප්‍රමාණයක් හරි කියවන මේ සයිබර් අවකාශයට කවි මුදා හැරීම එක් අතකින් කවි ලියන්නන් මෙන්ම කියවන්නන් ද ලැබූ ජයග්‍රහණයක් ....
එහෙනම් මේ සැරේ මගෙ වැය පක්ෂයට මේ පොතත් ඇතුලත් කරමු.....
@ Podi Kumarihami
ReplyDeleteඇයි අනේ, කාන්තාවන් නැතුව පිරිමි විතරක් කොහොමද පුත්තු හදන්නේ? ක්ලෝනින් කලත්, දරු ගැබක් ඕනෑනේ!
@වත්
ReplyDeleteස්තුතියි. දැන් මට මතක් වුණා, ගහක් හදන්නත් ඕනැ තමයි. මේ කතාව ලියාලා තිබුනේ මාරයා ගේ පෝස්ට් එකක කමෙන්ටුවක් විදියට කලිකාල විසින්.
@වත්
ReplyDeleteඑදා මං පුස්තකාලෙට පොත ගන්න කීවේ කරුණු කීපයක් නිසයි. එක, මං පොස්ට් එක දැම්මේ මගේ පොතක් විකුණාගන්න නෙමේ. දෙක, පුස්තකාලෙකට පොතක් ගත්තොත් සිය ගානක් බලනවා. තුන, වත් වැඩ කරන්නේ ඩීආරෝ තැනක නිසා මට හිතුනා එහෙම ලියන්න.
එහෙනම් ඉතින් කතන්දරත් ගහකුත් හිටවන්නකෝ.
ReplyDeleteපොත හොයාගෙන කියවලාම බලන්නම්කෝ....
කතන්දර සූරීන්ගෙ නිර්නායක වල අනුව මා ඉතාම අසාර්ථක පුද්ගලයෙක්!
ReplyDeleteබ්ලොග් ලියන්න වැය කළ කාලය පොතක් ලියන්න වැය කළා නම් පටත් මොකක් හෝ ලියා ගත හැකිව තිබුණා. නමුත් දැන් හිතෙනවා එසේ නොකළ එක හොඳයි. පොතක පිටපත් 3,000ක් විකුණා ගන්න වසර තුනක් යනවා. ඒ වගේම අපට අවශ්‍යම පාඨක පිරිසට සන්නයනය කරන්නත් බෑ, විචාර ලියන්න පත්තරකාරයින්ට නැවෙන්නත් ඕනැ. දැන් ඒ කිසිම කරදරයක් නෑ. මට ඕනැ දේ ලියාගෙන, පාඨක පිරිසකුත් ගොඩ නඟාගෙන ඉන්නවා.
පරණ විදියට පොතක් ලිවීම කියන්නේ මට පෙනෙන විදියට ඉතාම ප්‍රතිගාමී කාරණාවක්. බ්ලොග් සටහන් පොතක් විදියට පළ කරනවා නම් ඊට වඩා ප්‍රගතිශීලී වැඩක්.
- Taboo
නියමයි කතන්දර . . .
ReplyDeleteබ්ලොග් සහෘදයෝ විදිහට අපි හැමෝගෙන්ම කෙරෙන්න ඕන දේ ඉටුකලාට මෙනන් කකාට මගෙන් මල් මිටක්.
පොරක් උඹට මඩක් ගහලා තිබුනා.
ReplyDeleteගනන් ගනන් එපා මචෝ . .
W3රී මනුස්පයා එක්ක අම්බ තරහකින් ඉන්න එකෙක් කියලා පැහැදිලියි.
කෙනෙක් ලියපු දෙයක් විචාර බුද්දියකින් බලන්න / කියවන්න තරම් නොහැකියාවක් ඇති අය හඳට පොලු ගහනවා වගේ වැඩ ඔහේ කරපුවාවේ මචන් . .
ඒ අය පවුනේ ..
@ප්‍රියන්ත
ReplyDeleteකිව්වත් වගේ ගස් හිටුවීම ගැන ත් සලකලා බලන්න ඕනෑ.
@ටැබූ
ReplyDeleteඕක පරණ සංස්කෘත ශ්ලෝකයක් මගෙ හිතේ.
අනුන් ලියූ පොත් කියවනවා නම් ඇයි තමනුත් පොතක් ලියා යුතුකම් ඉටු නොකරන්නේ.
@දුකා
ReplyDeleteනෝ වොරීස් මේට්!
පොතක් පළ කරන්න පුළුවන් කියලා ලොකුවට හිතුවා නොවේ, ඒත් මාත් ඔය බ්ලොග් කවි මඩුවක් අටව ගෙන ඉන්නවනෙ. තවත් මඩු දෙකක් අටවා ගන්න කාලයත් එක්ක පොඩි සටනක ඉන්නෙ.
ReplyDeleteහැබැයි ඔහොම ගොහින් මාත් දවසක පොතක් පළ කරන්න පුළුවන් තත්වෙට ආවා කියමුකො. ඒත් මං ඒක පළ කරන්නේ නෑ. මට හිතෙන විදිහට ඕක මහ තේරුමක් නැති වැඩක්. ටැබූ හා මා ත් එකඟයි.
කතන්දර, මොකා මොනවා කිව්වත් දරුවාගේ gender එකේ සම්බන්ධයක් නෑ. දුවක් හෝ පුතෙක් [හෝ දෙන්නම] හැදුව ම ඇති. ගෙදර දෙවනත් කරන පොඩි දුවක් දැක්ක නම් ඕක කිව්ව පඬිවරයා කතාව වෙනස් කරනවා.
අපට අවුරුදු දහයක් ළමයි හිටියෙ නැහැ. ඊට පස්සෙ ළමයි ලැබෙන එක නවත්ත ගන්න බැරි වුණා. අර අවුරුදු දහයෙ පොත් ලියන්න බැරි වුණා. දැන් මුන් පොත් ලියන්න දෙන්නෙ නැහැ. හැබැයි ජීවිතේ ජොලි.
ReplyDelete(මේක පෝස්ට් එකට සම්බන්ධයක් නැහැ.)
ReplyDeleteකතන්දර සූරීන් කවුදෝ පිස්සකුගෙන් අම්මා මුත්ත නැති වෙන්න අහගෙන තියෙනවා දුටු ටැබූට හොඳටම කේන්ති ගිහිල්ලයි තියෙන්නෙ.
මොකද මේ සිංහල බ්ලොග් අවකාශයේ බැනුම් ඇහීමේ අයිතිය මුලින්ම තියෙන්නේ ටැබූට හා Beyond Frame ට. කතන්දර වගේ මේ ලිස්ට් එකේ පහළින් ඉන්න කෙනෙකුට බැනල කවුරු හරි ඒ සීනියෝරිටි එක කඩනව නම් ඒක අන්තිම අසාධාරණ වැඩක්. අනික ටැබූට බනින්න හොඳටම ඉඩකඩ තිබුණ ඒ මනුස්සයට. මොකද පොර නලින් ද සිල්ව ගෙ ගෝලයෙක්. ඉතින් එහෙම නොකළ එක අන්තිම අසාධාරණයි.
මේ ලියන්නෙ මීට පස්සෙ කවුරු හරි කතන්දරට බනින්න හිතනව නම් ඊට කලින් ටැබූට බනින්න කියල. මොකද ටැබූ ඉන්නෙ සීනියෝරිටි ලිස්ට් එකේ උඩින් නිසා.
ටැබූ බලාපොරොත්තු වෙනව ඉදිරි පෝස්ට් එකකින් වත් මේ පුද්ගලයා ටැබූටත් අම්ම මුත්ත නැතිවෙන්න බැනල කරපු වරද නිවැරදි කර ගනී කියල. අපි බලාගෙන ඉඳිමු.
- Taboo
මුලින්ම W3Lanka ට මගෙ සුභපැතුම්...
ReplyDeleteපුතෙක් හැදුවත්, ගහක් හැදුවත් පොතක් ලියුවත් 1ක් තියනව...
පුතෙක් / දුවෙක් නම් උව හදල විතරක් මදි..
රටට ලොකෙට වැඩක් ඇති 1ක් කරන්න ඔන..
ගහත් එහෙමයි..
පොතත් ඉතින් වැඩකට ඇති 1ක් වෙන්න ඔන..
අපි හැමොම උත්සහ කරන්නෙ එකනෙද ක.සු.?
එක එක අය එක එක මට්ටමෙන් සාර්තකවෙනව...
හැමොගෙම අරමුනු හොදයි...
හැමොටම සුභ දවසක්...
මමත් තාත්ත කෙනෙක් වෙනව ජනවාරි 1වෙනකොට....
නින්ද යනෙත් නැ.. හරියට පොඩිදෙටත් හැහැරෙනව...
පිටරටක මමයි හාමිනෙයි විතරෛ ඉන්නෙ...
ලොලු වගකිමක්.... මට මගෙ දෙමෞපියන්ට තියන බැදිම තවත් වඩිවෙනව...
මට "පියානනිමා ඔබෙ පුතු වෙ" සින්දුව මතක් උනා...
පොතක් ලියන 1ක ඇරෙන්න අනිත් 2ක නම් මගෙන් ඉටුවෙයි...
මම පොටක් නොලියුවට අනාගතෙ පොත්ලියන්න බලාගෙන ඉන්න පුන්චි කතුවරුන්ට අතදෙන්න බලාපොරොත්තුවෙනව...
අපිට වැරදුන තැන්වලදි වෙන අයට වරදින්න දෙන්න හොදනැ...
අපි පාඩමක් ඉගෙනගත්ත වෙන්නෙ එතකොට...
පාඩමක් ඉගෙනගෙන වෙනකෙනෙකුට කියල දෙන්න ඔන.. එතකොට තමයි සාර්තක පාඩමක් වෙන්නෙ..
ගොඩක් දිග උනා...
හැගිමකින් ලිව නිසා බාගයක් මගෙ හිත ඇතුලෙ..
තෙරෙනවද මන්ද?
කට්ටියට ගහක් යටට වෙලා කතාකරකර ඉන්න තියනවනම්......... නෙද?
එහෙනම් රටට ලොකෙට ප්‍රොයොජනවත් යමක් සිද්දවෙවි...
සුභ අනාගතයක් සියලු දෙනාටම...
@සුජීව සහ ඉන්දික සහ අන් අයට.
ReplyDeleteකෙටියෙන්. පින් මද පුඑීඔන් සියයක් ලදුවත් නිසරු, ගුණ ණැන බෙලෙන් යුතු පුතුමට ඉතා ගරු කියන්නේ පිරිමි දරුවෝ ගැන විතරක් නෙමේ.
පුතා, මිනිසා කියන ඒවා බොහෝ වෙලාවට පොදු වචන. පුතෙක් හදනව, පොතක් ලියනව කියන කොටත් එහෙමයි.
@පැරකුම්
ReplyDeleteජීවිතේ ජොලි. මගේ මොටෝ එකත් ඒකයි.
මගේ සුභ ඵැතුම් හෙට හවස වැඩේට. පොතක් ගන්න කියල මල්ලිට කිව්වා. මට එන්න වෙන්නේ නෑ. පසුව හමුවෙමු.
@ටැබූ,
ReplyDeleteඇයි පැරකුම් ඉන්නේත් උඩින්ම නේද?
මාත් දුටුගැමුණු ට ෙැපාර කියන්න ගිහින් පොඩ්ඩක් උඩට ආවා, දැන් ලිස්ට් එකේ යට මේ පස්පංගුව එන්න කලින්.
@ඉන්දික
ReplyDeleteමට තේරෙනවා ඔයා ගේ හැඟීම.
පිය පදවිය තරමක් බරපතල එකක්. ඒ වගේම වැදගත් මව් පදවිය ලබන කෙනාට හැම අතින්ම උදව් වීම. විශේෂයෙන්ම දෙන්නාම ඉන්නේ රටින් දුරස්තරව නම්.
මගේ සුභ පැතුම්. විස්තර දන්නවන්න.
අර කතාව චීන කියමනක් කියල මම අහල තියනවා..
ReplyDeleteමම කාලයක් කතන්දරත් එක්ක මල පැනලා හිටියේ දේවානම් පියතිස්ස කාලේ මිහිඳු හාමුදුරුවෝ ඇවිත් මිනිස්සුන්ගේ ආගම් බලෙන් හරවපු කතාවක් කිව්වේ. මට ඒ පෝසට් එක දැන් ආපහු කියවන්න හොයාගන්න බැරිවුනා. ඒ කතාව වෙනස්. දැන් වෙන දේ වෙනස්. දුටුගැමුණු නම් මටත් පොරක්.
පලි
පලි තමයි පලි. :D
හරි. වැඩේ ෂේප්. කියලා කට ගන්න උණේ නැහැ. අපේ මිත්‍රයා වරද නිවැරදි කරගෙන තියෙනවා. :-)
ReplyDeleteඅන්න ටැබූ මහත්තයා හිතූ පරිදිම පස්පඩංගුවා ගේම දීල.හබැයි වෙන මොකක්ද කාරණයක් අල්ලගෙන.
ReplyDelete@කාංචන දිනුක
ReplyDeleteමෙන්න ලින්ක් එක.
http://kathandara.blogspot.com/2010/02/blog-post.html
මේ තිස්ස ගේ ආගම් මාරුව ආයේ කියෝලා මට කියන්නෙ කෝ මොකක්ද ඔයාගේ ප්‍රශ්ණය කියලා. නිකං මල පන්නගෙන මොකටද නේද?
වැඩේ කියන්නේ ඒ post එක මාර පරිස්සමින් ලියල තියනවනේ. තර්කානුකූලව නම් මල පනින්න තරම් හේතුවක් නැ තමයි.
ReplyDeleteඒවුනාට ඒ දෙක සංසන්දනය කරන්න බෑ. ක්‍රමවේදය වෙනස්. මල පනින්න හේතුව ඒකයි. කසූට බැනල තිබුන කියල ටැබූ කියල තිබුන නිසා මට ඒක මතක් වුනේ. ඒක අමතක කරමු. :) ගල් ගහන්නේ පල ඇති රුකට කියල කතාවක් තියනවනේ...
කතන්දරකාරයා හොර බොරු වංචා නෑ කිව්වට අන්තර්ජාලයන් පිංතූර අරගෙන තම බ්ලොගයේ අනවසරයෙන් භාවිතා කරන බවක් පෙනෙනවා. ඉතින් මෙහෙම බ්ලොගයක පලවෙන දේවල් ගැන ඒ තරම් බරපතළ විදිහට හිතන්න හොඳ නෑ.
ReplyDeleteඒත් අජිත් පැරකුම් ජයසිංහව උඩ දාලා තියෙන නිසා මේ ටික කියන්න ඕනෙ. කතන්දරකාරයා දැන් අජිත්ව පුම්බන්න හැදුවට වැඩක් නෑ. අජිත් මැරිලා දැන් අවුරුදු හතරකටත් වඩා වැඩියි. මට මතක විදිහට ඒ, 2006 අගෝස්තුව. අජිත් මැරුනේ මුත්තූර් ජැටියෙදි. ඒ කාලෙ අජිත් වෙබ් අඩවියක් කලා, ලංකා ලෙෆ්ට් කියලා. සමහරුන්ට තාම මතක ඇති. මුත්තුර් ජැටිය අල්ලගෙන හිටපු කොටි ටික පරාද කරලා අපේ නාවික හමුදාවේ කොල්ලො ආපහු ජැටිය අල්ල ගත්ත වෙලේ අජිත්, ලංකා ලෙෆ්ට් එකේ ලිව්වෙ කොටි මුත්තූර් ජැටිය අතෑරියෙ ඉංදියාවේ බලපෑම නිසයි කියලා. මම මේ ගැන මෙතන මොකුත් කියන්නේ නෑ. මොකද පොඩි ළමයි බලන කතන්දර බ්ලොග්වල කුණුහරුප ලියල තියන්න හොඳ නෑ. මුත්තුර් ජැටියෙන් ටික දවසකට පස්සෙ, අපේ කොල්ලො මහවිල් ඔය (මාවිල්ආරු) සොරොව්වත් මුදාගත්ත වෙලේ අජිත් ආයිත් ලංකා ලෙෆ්ට් එකේ ලියනවා ඔය මාවිල්ආරු සොරොව්ව නෙමෙයි ඔය ආණ්ඩුවෙන් රූපවාහිනී වල පෙන්නන්නෙ වෙන තැනක් කියලා. ඔය තරම් බොරු ලියන්න ඔය තරම් එඩිතර කමක් තියෙන මිනිහෙකුට පොතක් ලියන එක බොහොම සරල වැඩක්. - අදරං
ගස් නම් හිටවලා තියෙනවා ඒත් පුතෙක් හදලත් නැහැ පොතක් ලියලත් නැහැ.
ReplyDeleteඒත් ඒ ගාවින් යන වැඩ නම් කරලා තියෙනවා. මගේම කියලා පුතෙක් හැඳුවේ නැති වුණාටා දහම් පාසල් ගුරුවරයෙක් හැටියට අනුන්ගේ ළමයි මගේම ළමයි හැටියට සළකලා හොඳ මිනිස්සු කරන්න මහන්සි වුණා. තාමත් වෙනවා.
ඒ වගේම පොතක්ම නොලිව්වත් ඒ ගාවින් තියන්න පුලුවන් වෙන්න බ්ලොග් දෙකකුත් කරනවා
කතන්දරගෙ පොතත් කියවල බලන්න ඕන, ඒකෙත් කතන්දරද තියෙන්නෙ?
ReplyDelete