
මේක නං ඉතාමත් කෙටි කතන්දරයක්. කොච්චර ඇත්තක් ද කියල මං හරියට දන්නෙත් නෑ. හැබැයි මට අවුරුදු ගානකට ඉස්සෙල්ල මේ කතාව කියපු පොර නම් කිව්වෙ මේක සහතික ඇත්ත කියලයි.
මං ඒ ලෙවෙල් කරන කාලෙ අපි ගිය කෝච්චියෙම ගියා කෙල්ලෙක් සෙන්ට් පෝල්ස් එකට. මාර ලස්සනයි. හැබැයි ඒ අර ලංවෙන්න හිතෙන්නෙ නැති විදියේ ලස්සනක්.
ඒ කියන්නෙ කෙල්ලගෙ ලස්සනත් එක්කම හරිම සොෆිස්ටිකේටඩ් ගතියක් තිබුණා. දැක්කහම හිතෙන්නෙ නෑ ට්‍රයි එකක් දෙන්න. සිරා වැඩියි කියල හිතෙනව.
ඈත ඉඳන් බලා ඉන්න හොඳයි. ලඟට ගියොත් පිච්චෙයි කියල බයයි.
අපේ ස්ටේෂන් එක ලඟ කඩ පේලියක් තියෙනවා. මේකෙ තියෙනව බේකරි කඩයක්. දවසක් මේ කතන්දරේ කියපු මගේ යාළුවා මෙතන ඉන්න කොට කඩේට ආවළු මේ කෙල්ල.
මෙන්න මට වාර්තා වුනු විදියට එතන මුදලාලි යි කෙල්ලයි අතර වුනු දෙබස.
කෙල්ලඃ මුදලාලි, බන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!
කෙල්ලඃ මුදලාලි, පාන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!
කෙල්ලඃ මුදලාලි, බෑග්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!
කෙල්ලඃ මුදලාලි, බන්ස් දෙකකුයි, පාන්ස් එකකුයි, බෑග්ස් එකක දාල දෙනවද?
මේ කතාව මතක්වෙන මතක්වෙන වාරයක් පාසා අපිට හිනා ඒ දවස්වල. තාමත් එහෙමයි.
කතන්දර කාරයා
පරණ කතන්දර බලන්න මෙන්න ලින්ක්ස්.
ජූලි මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_07_01_archive.html
අගෝස්තු මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_08_01_archive.html
සැප්තැම්බර් මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_09_01_archive.html
ඔක්තෝබර් මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_10_01_archive.html
වට් පපා දිස්.... දිස් යකෝ කොස් වගේ තමා....
ReplyDeleteබිපෙසි! :D
ReplyDeletehina yanne nadda, bahu wachana nodanna lssana kellekge gon kathawalata.. heh heh lolzzz
ReplyDelete"ඈත ඉඳන් බලා ඉන්න හොඳයි. ලඟට ගියොත් පිච්චෙයි කියල බයයි."
ReplyDeleteඒක මරු කතාව...
:)
බස් එක එන පාටක් නෑ කියන්න "බස් කමින් නෝ කලර්ස්" කියල කෙල්ලෙකුට කියල කෙල්ල රවල බැලුවාම "සොරි ඩෝන්ට් මිස් අන්ඩර්ස්කර්ට් මී" කියල කිවේ මේ කෙල්ලගේ අයියද දන්නෙ නෑ . . . !
ReplyDelete@ දුකා:
ReplyDeleteඇයි කෙල්ල වැස්සේ තෙමි තෙමි ඉන්නකොට වයි අවුට් ස්ටෑන්ඩ්..? කම් අන්ඩර්ස්ටෑන්ඩ් ..! කිව්වෙත් ඔය මනුස්සයම වෙන්න ඇති නෙව.
Why are you outstanding, come and understand.
ReplyDelete-That was Udurawana, I think.
කථාවයි කමෙන්ට් ටිකයි සේරම මරේ මරු!
ReplyDeleteහික්ස්..මුදලාලි පාන්ස් දෙක දීල පයින්ස් දෙකක් දීල එලෙවුවද දන්නෑ?
ReplyDelete