Saturday 14 August 2010

වෛද්‍ය පීටර්


කතන්දරකාරය කාලෙකට ඉස්සර මහනුවර පැත්තේ "තිප්පොලක" ලැගල හිටියාය කියන සඳහන මේ වෙනකොට කතන්දර බර ගානක ලියවිලා තියෙනව. මේ තිප්පොලේම ඊට පසු කාලෙක ලැගල හිටපු දෙන්නෙක් තමයි අද බ්ලොග්කාරයෝ වෙන මකරා සහ බිඟුවා.

තවත් අය ඉන්න පුළුවන් මේ බ්ලොග් අවකාශයේ. ඉන්නව නං දන්වන්න කෝ.

අපේ තිප්පොල තිබුනේ ගඟක් අයිනේ එක පැත්තක. ගඟේ අනිත් පැත්තේ තවත් තිප්පොලවල් කීපයක් ම තිබුණ. ඇත්තටම එකම එක පොකුරු තිප්පොලක් කියල කියන්න පුළුවන් මේ සේරම.

අපේ තිප්පොලට වැටිල තිබුණු අන්වර්ථ නාමය තමයි "කම්මල" කියන එක. මෙතන තිබුණු තවත් එක්තරා තිප්පොලකට අපි හැමෝම කිව්වෙ "මස් කඩේ" කියලයි.

ඔය කාලෙ අපි වගේ කොල්ලන් ට, බල්ලන් ට, තියා කාටවත් මොබයිල් ෆෝන් තිබුණෙ නෑ. අන්තර්ජාලය තිබුනේ ආතර් සී ක්ලාක් ට විතරයි. ඉතිං සේරම වැඩ වුනේ අනාදිමත් කාලෙක ඉඳල පැවත එන ක්ලැසිකල් ටයිම් ටෙස්ටඩ් ක්‍රමවලටයි.

මං හිතන්නේ අද නං කොල්ලෙකුට කෙල්ලෙක් ඇහැ ගැහුණොත් මුලින්ම කරන්නේ මොබයිල් ෆෝන් එකේ අංකය දෙන එක වෙන්න ඕනැ. අපේ කාලේ කලේ පොඩි විසිටිං කාඩ් එකක් දීමයි. ඒකේ තියෙන්නේ නමයි, ලිපිනයයි.

එතැන ඉඳන් ඉතිං අවශ්‍ය නං ගණුදෙනු කරන්න පුළුවන් තැපැල් දෙපාර්තමේන්තුව හරහා.

හැබැයි පුදුමේ කියන්නේ, මෙතනදි සමහර පොරවල් දෙන්නේම බොරු නම්.

මේ හා බැඳුණු කතන්දර කීපයක්ම තියෙනව මෙන්න අද ඒවායින් එකක්, දෙකක්, තුනක්.

ඔන්න දවසක් කාන්තා පක්‍ෂයේ කෙනෙක් ඔය "මස් කඩේ" තිප්පොල පැත්තේ කාවද හොයනවාලු. අපි අඳුණන පිරිසක් ඉඳල එතැනට ඇවිල්ලත් අහල තියෙනව දන්නවද මේ කියන කොල්ලව කියල.

මොකක්ද දන්නවද නම?

වෛද්‍ය පීටර්!

පස්සෙ බැලින්නම් කේස් එක මේකයි. අර මං මුලින් කිව්ව මස් කඩේ කොල්ලෙක් තමයි මේකට සම්බන්ධ.

අපි "මස් කඩේ" කිව්වට ඒ තිප්පොලේ නියම නාමය තමයි වෛද්‍ය පීඨය. පොර මේ කාන්තාවට කියල තියෙනවා තමන් ඉන්නේ වෛද්‍ය පීඨයේ බව. ඒ මනුස්සයා හිතලා තියෙන්නේ මුගේ නම තමයි මේ "වෛද්‍ය පීටර්" කියන්නේ කියලයි. ඇයි අර වෛද්‍යසේකර, වෛද්‍යරත්න වගේ නං තියෙන අය හිටියනේ කලින් පරම්පරාවල.

* * *

ඒක නං කෙනෙකුට වුණු වැරදීමක් නේ. මේ දෙවෙනි කතන්දරේ නං ඇත්තටම කරපු එකක්.

අපේ පොරවල් කීපදෙනෙක් ගියා ටිකක් දුර පලාතක යාළුවෙකුගේ ගෙදර. ඒ සති අන්තයේ ඒ පලාතේ පන්සලේ පොසොන් පෙරහැරක්.

ඉතිං මේ පෙරහැර බලන්න තෙරපි, තෙරපී ඉඳිද්දී, එක පොරකට ඔන්න පොඩි ලයින් එකක් වැඩ කළා. ඒ කෙලි පැටික්කි එක්ක කතා කරලා විසිටිං කාඩ් එකකුත් දීලයි පොර එදා ආපහු ආවේ.

මෙන්න ටික දවසකට පස්සේ එනවා ලියුමක් අපේ බෝඩිමට. හැබැයි අපි දන්න කියන අඳුණන එකෙකුට නං නෙමේ. මේ ලියුම ඇඩ්ඩ්‍රස් කරලා තියෙන්නේ "මිහිඳු ප්‍රේමකුමාර" කියලයි.

පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. අපේ මෑන්ට හදිස්සියට ඒ කෙල්ලට දෙන්න බොරු නමක් හිතාගන්න බැරි වෙලා. ඒ පාර "මිහිඳු පෙරහැර" දැක්කහම එකපාරට "මිහිඳු ප්‍රේමකුමාර" කියල හිතට ඇවිත්.

අපේ ඒ බොරු මිහිඳු මට දැන් මාස දෙක තුනකට කලිනුත් හම්බ වුනා.

* * *

වෛද්‍ය පීටර් ලා ගැන තුන්වෙනි කතන්දරයත් මේ එක්කම වන් ගෝ දාන්න කියලයි මං ඉන්තේරුවෙන්ම හිතන් හිටියෙ.

ඒත් ඔන්න ඔහේ අනිද්දම දානව කියල හිතුන! හරියටම උදේ 8:00 ට. දන්නවනේ, මං හරි වෙලාවට වැඩ කරන පොරක්!

-කතන්දරකාරයා

ප/ලි
කවුදෝ "සිකෝ" කෙනෙක් කුණුහරුප වගයක් ලියල තිබුණ නිසා මං - පෙරේදා ඉඳලා කමෙන්ට් මොඩරේට් කරන්න දාලයි තියෙන්නේ. තරහ වෙන්න එපා.

45 comments:

  1. සිකෝ මොනවද ලියල තිබ්බේ? ඒක ගැනත් කතාවක් දාන්න බැරිද? ඔබතුමා කෙසේ වෙතත් බ්ලොග්ස්පොට් එකේ ඔටෝ පොස්ට් එකනම් වෙලාවට වැඩ නේද? ;)

    ReplyDelete
  2. "ඒත් ඔන්න ඔහේ අනිද්දම දානව කියල හිතුන! හරියටම උදේ 8:00ට"
    ඒ කියන්නේ හෙට උදේට තවත් කතන්දරයක්.

    (මේ කතාව ඊයේම මගේ reader එකට ඇවිත් තිබුනා :p )

    ReplyDelete
  3. මිහිඳු ප්‍රේමකුමාර.....පොර ක්‍රියේටිව් නමක්නේ දීල තියෙන්නේ......:D

    ReplyDelete
  4. අපිනං ඔය බොරු නං දුන්නේ නැහැ. ඇත්ත නමමයි දුන්නේ. හැබැයි ලිපිනය නං ඔය හොඳටම හිතවත් යාළුවෙකුගේ. මගේ නමට ලියුම් ආවම යාළුවගේ දෙමව්පියො බලන්නේ නැහැනේ.
    බොරු නං දාලා වටිනාකම වෙන කෙනෙකුට ගියොත්....
    (දැන් වැඩට දුවන්ඩ ඕනේ. රාමදාන් නිසා 2.00 ‍ට වැඩ ඉවරයි. ලංකාවේ වෙලාවෙන් 4.30)

    ReplyDelete
  5. :D :D

    වෛද්‍ය පීටර්ලගෙ අනෙක් කතන්දරෙ බලන්න අනිද්දටත් අනිවාර්යයෙන් එන්නම්...

    ReplyDelete
  6. එහෙනම් උදේ 8.00ට එන්නම් අනිත් කථාව බලන්න

    ReplyDelete
  7. කශු එක්ක තරහ වෙන්නෙ මොකටද?
    අපෙ මිනිස්සු කොහොමත් ඔය විදියට තමයි චාන්ස් නැතිකරගන්නෙ ..
    නැද්ද ම්ං අහන්නෙ..........?

    ReplyDelete
  8. "මං හිතන්නේ අද නං කොල්ලෙකුට කෙල්ලෙක් ඇහැ ගැහුණොත් මුලින්ම කරන්නේ මොබයිල් ෆෝන් එකේ අංකය දෙන එක වෙන්න ඕනැ"

    මොබයිල් ෆෝන් නම්බර් එක දෙන එකත් දැන් ආදි කාලෙ වෙලා. දැන් දෙන්නෙ Facebook ID, Skype ID, Email address.. etc

    ReplyDelete
  9. ඉතින් අර ගෑනු මනුස්සයා වෛද්‍ය පීටර්ව හොයා ගත්තද ?

    ඔය සමහර එවුන් ඉන්නව අම්මපා උන් පාරට බැස්සොත් අඩුගානේ ලයිට් කණුවක් එක්ක හරි යාළුවෙලා තමයි ගෙදර එන්නෙ. එච්චරටම මහ බඹා උන්ට ෆුල් සපෝට්. උන්ට නං එඩ්‍රස් ඕනෙම නෑ . . . !

    ඉතින් අර මිහිඳු ප්‍රේමකුමාර කියන නම උඹට කොච්චර කල් පාවිච්චි කරන්න උනාද ?

    ReplyDelete
  10. මට නම් ඔය තිප්පොලේ නවතින්ට යන්ට වාසනාව ලැබුනේ නෑ... හැබැයි ඉස්කෝලෙ යන දවස්වල ඔය තිප්පොල ගාව තිබුනු මුස්ලිම් නමක් තියෙන පාලම යටට නාන්ට නම් ගිහිල්ල තියෙනව අනන්තවත්...

    ReplyDelete
  11. දැන්නම් කොල්ලො අහන්නෙ මොබයිල් නොම්බරේ නෙමෙයිලුනෙ...
    අහන්නේ FB ඉන්නවද කියලලු

    ReplyDelete
  12. "මිහිඳු ප්‍රේමකුමාර" ලා වැහි වැහැල හිටියා අපේ කුරුලු හමුදාවේ ඒ කාලේ. අපේ බිලට් එකේ මට විතරයි ඒ කාලේ ෆෝන් එකක් තිබ්බෙ. ඔක්කෝමලා මිහිඳුලා ටික මගේ පෝන් එකේ නොම්බරේ තමයි ඒ කාලේ කාටත් දෙන්නෙ....
    ඒක හින්දා මිහිඳුලා මගෙ අතින් ඈනිච්ච වාර අනන්තයි

    ReplyDelete
  13. අර ආචාර්ය වරුන්ටත් ඩොක්ටර් කිව්වම සමහරු බෙහෙත් ගන්න යන්නේ. ඕක කියනකොට මරු කතාවක් මතක් වුනා. ඉස්සර අපි වැඩ කරපු කොම්පැනියෙ යට තට්ටුවේ ඩෙන්ටල් එකක් තිබුනා. දවසක් සවස බැඩ ඉවර වෙන්න කිට්ටුව අපි ඔත්කොම කතාවක් දාගෙන ඉන්න කොට පොරක් උඩට එනවා බොහොම අමාරු පාටක් තමා පේන්නේ. ආපු ගමන්ම අපේ බොසාට කට ඇරල පෙන්නලා කියපි මේ දත තමයි ඩොක්ටර් කියල. අපේ බොස් කොම්පියුටර් ගැන මිස දත් ගැන දන්නවායැ. විනාඩියක් විතර බයවෙලා වගේ බලන් ඉඳල තමයි කීවේ ඩෙන්ටල් එක යට තියෙන්නේ කියල.

    ReplyDelete
  14. දෙවැනි එක නම් පට්ට. මමත් කොලා ඔය බොරු නම් දෙන වැඩ නම් හි හි. පොඩි කාලේ පිස්සු ලෝක

    ReplyDelete
  15. කකා ඔයා auto timing දාලා හරියට වෙලාවට වැඩකරන්න හැදුවට මට පේන්නෙ server එක පිස්සු කෙලිනවා. මේ කතාව ඊයෙ මගෙ reader එකට ඇවිත් තිබුනා. මම ඉතිං පණ දාගෙන දවසපුරාම හෙව්වා. page එක missing කියනවා... :)

    ReplyDelete
  16. මගේ යාලුවෙකුට වෙච්ච වැඩක් නිසා තව පොඩ්ඩෙන් මගේ සායම යනවා. මොකද මට, ඒ කාලේ ලොකු කොම්පැනියක වැඩ කළ නිසා විසිටිං කාඩ් එකක් තිබ්බා. මගේ යාලුවෙක් ගාවත් හදිසියේ පොකැට් එකේ තිබ්ච්ච එකම කොල කෑල්ල වෙලා තියෙන්නේ "මගේ කාඩ්" එක නිසා එයා ගෑණු ළමයෙකුට එයාගේ ෆෝන් නම්බර් එකයි නමයි ලියල දීලා තියෙනවා.

    ඒ ළමයත් "ඔෆීෂියල් ‍‍ෆෝන්" එකටම හාහාපුරා කියල කතා කරන්න ඕන කියල හිතල මට කතා කරල තිබ්බා...

    මම පස්සේ කල්පනා කරල කරල ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න වුනා ඒ කාඩ් එකේ පිටිපස්සේ තියෙන නොම්මරේට කතා කරන්න කියල.

    ගෑණු ළමයි ඔය වගේ පුංචි පුංචි දේවල් වලට ආසයි නේ...

    ReplyDelete
  17. අහා, මට දැන්නෙ ක්ලික් වුනේ මේ කකා නිතරම කියන තිප්පොල මොකක්ද කියල. මේ අපේ යකාගෙ කම්මලනෙ. බලාගෙන ගියාම යකාගෙ කම්මල ඉඳල හිටල බ්ලොග් කරුවන්වත් නිෂ්පාදනය කරනවා

    ReplyDelete
  18. ටියුබ් ලයිට් මකරා!!!! හි හී අනේ මමත් ඊයෙ පීටර් දොස්තර හෙව්වනේ ,,

    ReplyDelete
  19. "මිහිඳු ප්‍රේමකුමාර" කියුව එකේ "තිස්ස තිස්ස" කිවුවා නම් තවත් ලස්සනයි නොවැ

    ReplyDelete
  20. දැන් හරි දියුණුයිනේ. මුලින්ම අහන්නේ Facebook ඉන්නවාද කියලා. ඊට පස්සේ chat එකට සෙට් වෙන එක තමා කරන්නේ :). දියුණුවේ අරුමය තමා :)

    ReplyDelete
  21. අනේ ඉතින් ඇයි බොරු නම් දෙන්නේ ... තමන්ව ෂුවර් නැතිවද කෙල්ලව ෂුවර් නැතිවද...

    කතන්දර ලියන කතන්දර වලින් තිප්පල කතා සීරිස් එක තමයි මගේ කියවීමේ රුචිය වැඩි කරේ... අනිත් කතන්දර නොකියනව නෙමෙයි. ඒත් තිප්පල කතා නම් නියමයි....

    අනිත් කතාව හෙට ලියන්න තියා ගත්ත එක හොදයි... ඒත් ඉතින් සඳුදට ඔපිස් එකේ සර්වර් එක ඔන් කරන්න පරක්කු වෙන නිසා කියවන්න නම් පරක්කු වෙනව...

    " මේ ටියුබ් ලයිට් මකරා කතන්දරගේ තිප්පලේ හිටිය යාළුවෙක් කියල හිතන්නවත් බැහැ නෙව"

    කතන්දර පෙරේදා මමත් හැමතැනම ඔය දොස්තර පීටර්ව සෙවුව... ඇයි අනේ කතන්දර කතාවක් ලියල කියල පේනව. ඇවිත් බැලුවම නැහැ.... ආයෙ නම් එහෙම වැඩ කරොත් ....

    ReplyDelete
  22. අපෙත් බුවෙකුට මේ ළඟදි ට්‍රිප් එකක් යන හැඩකාර ගැටිස්සියක් Tel.No. එකක් විසිකරලා. මේ යකා ජීවිතේ පරදුවට තියලා පාර මැදට දුවලා මේක අරගෙන. බැලින්නං Tel.No. එකක් තමා.
    'හදිසියකදී අමතන්න 119' කියලා තිබුනලු. දැන්නං ඌ අපිට මූණ දෙනවත් හොරයි.

    ReplyDelete
  23. @Namknehe
    ලෙඩ ළමයා ලියල තිබුනෙ කුණුහරුප ගොඩක්. එයාම එදාම තවත් බ්ලොග් කීපෙක නරක වචන ලියල තිබුණ කියල ආරංචියි. සමහර විට ඒ නම තිබුණු බ්ලොග් කරුවා නොවෙන්න ඇති.

    ඔව්, මං වෙලාව සෙට් කරලා තමයි බ්ලොග් එක ඔටෝ පබ්ලිෂ් කරන්නේ.

    ReplyDelete
  24. @කාංචන දිනුක
    මා අතින් වෙලාව සෙට් කරන්ණ කලින් පබ්ලිෂ් බටන් එක එබුණා.
    පස්සේ කැන්සල් කරලා උදේ අටට සෙට් කලා.

    ReplyDelete
  25. @හේමලයා
    මහින්ද කියලා දෙන්න ලැජ්ජා හිතුනද මන්දා?

    ReplyDelete
  26. @jeew
    බොරු නම් දෙන්නේ බොරු ලව් වලට!
    ඔහෙල අපි ඒව දන්නේ නෑ නොවැ.

    ReplyDelete
  27. @ sansarasidu
    @ හසී
    සඳුදා උදේ මේකේ දෙවෙනි කොටස.
    බදාදාට තමයි හොඳම හරිය එන්නේ.

    ReplyDelete
  28. @Indika
    හරිම ජරා කතා ලියල තිබුනෙ. කීප දෙනෙක් දැක්ක මගෙ හිතේ.

    ReplyDelete
  29. @Chanaka
    ඔය එලි වෙන්නේ මකරා ගේ මෙතඩ්ස්!

    ReplyDelete
  30. @දුමී
    මිහිඳුවා ලියුං කීපයක්ම ලිව්වා මගෙ හිතේ.
    ඇසල පෙරහැර කාලේ වෙන එකක් පටන ගත්තා.

    ReplyDelete
  31. @පුතා
    මං නං ජීවිතේට ඔය පාලම යට නාල නෑ. සාමාන්‍යයෙන් තිප්පොලේ උන් ගඟේ නානවා අඩුයි.

    ReplyDelete
  32. @මද්දු
    ඔය එලිවෙන්නේ?

    මෙන්න මගේ එකඃ
    http://www.facebook.com/profile.php?id=100000242809041

    ReplyDelete
  33. @බුද්ධි
    කොයි නමද දෙන්නේ? බුද්ධිටත් නං පහක් විතර තියෙනවා නේද?

    ReplyDelete
  34. @ප්‍රියන්ත
    පහල තට්ටුවේත් දත් තියෙනවා තමයි!

    ReplyDelete
  35. @පිස්සා පලා මල්ල
    ඇයි පොඩි කාලේ විතරද, මං හිතුවේ දැණුත් එහෙමයි කියලා.

    ReplyDelete
  36. @ Buratheno
    මා අතින් වෙලාව සෙට් කරන්ණ කලින් පබ්ලිෂ් බටන් එක එබුණා.
    පස්සේ කැන්සල් කරලා උදේ අටට සෙට් කලා.

    ReplyDelete
  37. @හකාවතී

    අනේ හකෝ බල ලෝ!

    ReplyDelete
  38. @හරී
    මකරා නං ටියුබ් ලයිට්කාරයෙක් තමයි!

    ReplyDelete
  39. @අහිංසකී
    තිස්ස තිස්ස කියන්නේ මුල් නමයි වාසගමයි දෙකම එකද?

    ReplyDelete
  40. @ Hasitha

    ඕවා ක්‍ෂණික ආප්ප වගේ. ලියුම් වලට ගහන්න බෑ.

    ReplyDelete
  41. @වත්
    තිප්පොලේ කතා එමට ය. ටික ටික එලියට දමමි.

    ReplyDelete
  42. @Chami

    පොලිස් කාන්තාවක් (WPC) ද මන්දා?

    ReplyDelete
  43. මටත් තියනව ඔයවගෙ අත්දැකිමක්
    මගෙ යලුවෙක් ඉන්නව මිනිහගෙනමත් ඉන්දික...
    ඉස්සර අදවගෙ ෆොනෙ හැමතැනම නැ නෙ..


    මගෙ යලුව සිරිපදේ ගිහිල්ල කෙල්ලෙකුට අපෙ ගෙදර නොම්මරේ දිල තියන්නෙ..

    මෙක ඇවිල්ල ක්යපි..
    මචන් මම උබලගෙ ඇඩ්‍රෛ 1ක දුන්න කේල්ලෙකුට කොල් කරයි.... කියල..
    මගෙ අනිත් යාලුව කියනව ඇඩ්‍රස් 1කට කොහොමද යකො කොල් කරන්නෙ.. කියල...
    තව එකෙක් කියනව ඉන්දික කියපුවාම කෙල්ලව මු සෙට්කරගනි කියල..
    කොහොම හරි මගෙ යාලුවට එදා එඩ්‍රස් නැති උනා...

    උ කොහොමත් බයිට් 1ක තමයි...
    තව අපි උට හොද බයි1ක් දුන්න.. දකින දකින හැම වෙලවෙම
    ආ.ඉන්දික කොහෙද යන්නෙ (පිටට ගහනව) ශැක්ක කල් කියනව...
    ඉට විනදි 5කට පස්සෙ තව 1කෙක් ඔක්කම කරනව..
    මුට තිබුන පිටට ගහන කැත පුරුද්ද ඉවරයි...

    අපෙ සෙට් 1කෙ වෙලාවට වැඩ කන්නෙම නති 1ක තමයි මු...
    මු වෙලාවට ආපු දවසට වැඩෙ අප්සට් යනව... හෙතුවනම් දන්නෙ නැ..

    කමෙන්ට්ස් පරක්කු වෙලා යනකොට ගතිය මදි..
    එත් මෙ විදිය හොදයි...

    මෙක වැදගත් විදියට තියන්නෙ ඔන..

    නරක දෙයක් උනත් කියන විඩියක් තියනව...
    අර දම්පාටින් ලා සද බැසයනව සින්දුවෙ වගෙ කියන ක්‍රම තියනව නෙද?..

    ReplyDelete
  44. @Ka.Su.
    ජරා කතා කියන එවුන්ට බනින්නත් හොද නැ..
    උන් මනසික ලෙඩ්ඩ්ඩු...
    බැන්නම එකෙනුත් අස්වාදයක් ලබනව...
    තවත් කරනව....

    ReplyDelete
  45. @Indika ඒ
    ඒ කතාව සහතික ඇත්ත. ඒ කට්ටියට තියෙන්නේ atterntion seeking personality disorder කියල එකක්. ඇත්තටම පවතින ලෙඩක්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.