Tuesday 10 August 2010

ෆූ සද්දි විසිද්දි යකා - මන්තර ගුරුකම්!


අර රොබට් නොක්ස් ලංකාව ගැන ලියපු, ඩේවිඩ් කරුණාරත්න, "එදා හෙලදිව" කියල පරිවර්තනය කරපු, පොතේ තියෙනව නේද ඉස්සර කාලෙ හොරකම් වගෙ වැරදි කරපු අයට විරුද්ධව තියෙන නඩු හබ වලදි තමන් කියන දේ හරි කියල දිවුරල පෙන්වන්න මිනිස්සු උතුරණ තෙල් වලට අත දානව කියල?

අතේ දිය පට්ට ආවෙ නැත්තං අර කියල තියෙන්නේ ඇත්තක්ලු. දිය පට්ට ආවොත් ඒ බොරුකාරයෙක් කියල අහුවෙනව.

කිසි පදනමක් නැති මහ මෝඩ වැඩක් කියල නේද හිතෙන්නේ. ඇත්තටම ලංකාවේ මිනිස්සු ඔච්චර මෝඩද ඈ?

අනිත් අතට හැබැයි ඉතිං ඔය කියන කතාව ඇත්තක් නොවෙන්නත් පුළුවන්. රොබට් නොක්ස් කාරය මිලි බෑන්ඩ්ල ගේ ලියම් ෆොක්ස්ල ගේ මුතුන් මිත්තෙක් නේ.

සමහර විට බැන්කී මූන් ගේත් ඥාතියෙක් ද දන්නේ නෑ!

ඒ මොනව උනත් මොනව හරි තෙලෙන් බඳින්න තෙම්පරාදු කරන්න ට්‍රයි කරල තියෙන අය දන්නව ඇති, රත් වෙච්ච තෙල් බින්දුවක් හරි ඇඟට වැටුනහම වෙන සන්තෑසිය.

හොඳ කබර හමක් තියෙන අයට කෙසේ වෙතත් අපි වාගේ සුසිනිදු ඡර්ම කළ්‍යාණයක් තියෙන අයට නං ඉතිං බඩු තමයි. ඔය බ්ලිස්ටර්ස් නැත්තං දිය පට්ටා වලින් ගැලවෙන්න බෑ.

ඉස්සර මං ගෙදර ඉන්න කාලෙ, අපේ අම්ම නං කරන්නේ තෙල්වලට පිච්චුනු ගමන්ම මොකක්දෝ මන්තරයක් කියල ඒකට පිඹින එකයි.

ඔය මන්තරේ, මට ඇහෙන්නේ මෙන්න මේ විදියටයි.

"ෆූ සද්දි විසිද්දි යකා!"

මන්තරේ දිගටම කියාගෙන යන ගමං අතට පිඹින්න ඕනැ.

අම්මට මේ මන්තරේ කියල දීල තියෙන්නේ අම්මගේ අම්මා, මගේ ආච්චී. ආච්චීට ඒක දීල තියෙන්නේ එයාගේ තාත්තා.

එයා වෙද මහත්තයෙක්. පරම්පරාවෙන් පැවත එන වෛද්‍ය ශාස්ත්‍රයක තමයි නිරත වෙලා තියෙන්නේ.

ඔය මන්තරත් ඒ පරම්පරානුගත දේවල්. මං හිතන විදියට සීතාවක රාජසිංහ කාලේ ඉන්දියාවෙන් ආපු බමුණන් ගේ ගුරුකම්. අහල තියෙනවනේ අර අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් ගැන. අපේ ආච්චිලා ගේ වාසගමත් ඔය පෙරුම කියන වර්ගයේ එකක්.

ආච්චීට එයාගේ තාත්තගෙන් ලැබුන මන්තරය ආච්චිගෙන් අපේ අම්මාට ලැබුනට අම්මා නම් ඒක ම ට දුන්නේ නෑ.

අම්මා කියන්නේ ඕවාට හිනාවෙන අයට ඒක දුන්නාට වැඩ කරන්නේ නෑ කියලයි.

ඒ කතාව ඇත්ත වෙන්න ඇති.

මොකද මගේ ඇඟිල්ලක් දවසක උණු තෙල්වලට පිච්චුණු වෙලාවක මං ෆූ සද්දි විසිද්දි යකා කියල දහ දොලොස් පාරක් විතර කිය කිය පිම්බාට කොහෙද ආවනේ දිය පට්ටයක්.

-කතන්දරකාරයා
ප/ලි:
දන්න දන්න මන්තර තියෙනවනං ලියල යන්න.

59 comments:

  1. "මං හිතන විදියට සීතාවක රාජසිංහ කාලේ ඉන්දියාවෙන් ආපු බමුණන් ගේ ගුරුකම්."
    ඔය තියෙන්නෙ කතන්දරගෙ පුරාජේරු
    /කුම්භකර්ණයා

    ReplyDelete
  2. වශී වශී වශී... සුරාවෙන් සූදුවෙන් ස්වාමියා ගලවා ගැනීමට ඕනෑද? අනියම් ඇසුර සිත් පීඩා ගෙන දේද? කැවිලි නැත, පැන්නිලි නැත, ජිල්මාට් නැත. ඈත් වූ අය එපා කිරීමට, එපා වූ අය ඈත් කිරීමට, පෙම්වතියගේ යෙහෙළිය ශේප් කරගැනීමට ආදී මෙකී නොකී ගුප්ත කටයුතු සඳහා මහා මලයාලි ගුරු මන්ත්‍රාචාර්ය බොලොග් ගුබ්බෑයමේ කකා විල්ලියා! හරිගිය පසු ගාස්තුව ගෙවන්න.. පූජාභාණ්ඩ ඔබ විසින් සැපයිය යුතුයි!

    කමෝන්..

    ReplyDelete
  3. ඇත්තටම ඒවගේ දෙවල් තියනවද? ඒවා අදටත් වලංගුද කියන එක ප්‍රශ්ණයක්. කොහොම උනත් සති අන්ත පත්තරයක් ගත්තොත් මොනව හරි ගුරුන්නාසේ කෙනෙක්, එහෙම නැත්නම් ගුරු හාමුදුරු නමක් ගැන මන්තර ගුරුකම් ගැන නැතිවෙන්නේ නෑ. ඒත් ඕවගෙන් සෙතක් උන අය ගැන නම් කියන්න දන්නවද? යහපත් පැවැත්මට වඩා හොඳ මන්තරයක් මම නම් දන්නේ නෑ. සමහර විට විශ්වාසය නිසා කරදරෙන් මිදෙනවා වෙන්නත් පුළුවන්. තමා විහවාස කරගෙන් ජීවත් වෙනවා නම් ඒක තමා හොඳම මන්තරය.

    ReplyDelete
  4. අපේ අම්මගෙ මන්තරේ නං නිවුන තේකොල ටිකක් එතනට දාන එකයි. තේ ලංකාවට ආවේ සීතාවක කාලෙට පස්සෙ නේ. එහෙනං අපේ ආච්චිත් සුද්දියක්ද ?.
    ඔය නොක්ස් ගෙ කතාවක් කියල අපේ පොරවල් කියන "මඩසෝදා ගත්කල ගොවියා රජකමටත් සුදුසුයි "කියන කතාව නොක්ස් කියල තියන එකක් නෙවෙයි. මිනිහා කියන්නේ ලංකාවේ කුල ක්‍රමය අනුව රජ කුලේ එකෙක් නැත්තං අමුඩයකි ගහ ගෙන කුඹුරේ මඩ වැඩ කරන ගොවියා රජකමට ගන්න මගුල්ඇතා යවනවයි කියන මෝඩ ක්‍රමය ගැන.
    /gamini

    ReplyDelete
  5. නොක්ස්ගෙ පොතේ තියෙන සමහර ඒවා ඇත්ත වුනොත් අපිට ටිකක් දිරවා ගන්න අමාරුයි......:)

    ReplyDelete
  6. උතුරන තෙල් වලට අත දාන ක්‍රමයක් තියනවා. අත්හදා බලලනම් නෑ. ඒත් ට්‍රයි කරන්න හිතන් ඉන්නේ. තාම බැරිවුනා. ඒක නම් වංචාවක්.
    නමුත් මන්තර සාස්තර බොරු කියල කියන්න බෑ. දැන් ඉන්නේ බොරුකාරයෝ ඒකයි වෙලා තියෙන්නේ. ඇත්ත මන්තර වලට වෙන්නේ කකාට වුන දේ. නිසි පුද්ගලයෙක් නැත්නම් දෙන්නේ නෑ. ඉතින් මන්තරේ අභාවයට යනවා.

    ReplyDelete
  7. මෙ වෙන කොට මාත් දෙතුන් පාරක් ඔය වගේ ඒවා කරලා තියෙනවා.
    තව නොකරපු දේවල් නම් එමටයි.
    ඒත් හැම දේම හරියයිද කියලා කියන්න බැහැ.
    විශ්වාසය නම් හරි වැදගත්..මොකද මම විශ්වාසයෙන් යුතුව කළ වැඩ කිහිපයම හරියටම හරි ගියා..ඒත් ඒ සඳහා හුගාක් මහන්සි වෙන්න ඔන..නියමිත වතාවත් පුද පූජා තියන්න ඔන.
    කොටින්ම කිවුවොත් හැම දේම නූලටම තියෙන්න ඔන..ඒත් අපේ සුළු අතපසුවීමකින් කරපු ඔක්කෝම විනාශ වෙලා යන්නත් පුළුවන්.

    මම හිතන්නේ කතන්දර මන්තර පස්සේ එළවන්නේ නැතිව කතන්දර පස්සේම යන එක තමයි වඩා හොඳ..

    ReplyDelete
  8. ඔය තෙල් තාච්චි කතාවෙ අපි නොදන්න පැත්තක් ඇති නේද? සමහර විට බයවෙලා ඇත්ත කියවෙනවා ඇති එතකොට, මට නම් හිතෙන්නෙ දැන් ඉන්න අයට වඩා ඉස්සර අය හැමදේම කලේ පදනමක් ඇතුව කියලයි,

    ReplyDelete
  9. @gamini

    ඔය මඩ ගොවියා රජකමට සුදුසුයි කියන කතාව අදාල වෙන්නෙ කන්ද උඩරට පස් දුන් කෝරලේට විතරයි මට මතක විදියට. ඕක කිව්වෙ එ මිනිස්සුන්ගේ උසස් කුලේ ගැන කියන්න මිසක් වෙන එකකට නෙමේ

    ReplyDelete
  10. දවසක් මම මොඩන් සමාගමෙන් මුද්‍රණය කරපු මහා මන්ත්‍ර පොතක් පෙරළගෙන ඒකේ තිබ්බ මන්තර කීපයක් එකට අනලා හෑල්ලක් ලියලා ඒ මන්තර කිච කරන්න ඕනය කියල වරු කීපයක් මතුර මතුර හිටියා. වරු කීවට ඒක මම කියව කියවා ඉන්න ඇති විනාඩි තිහක් විතර...

    පස්සේ මම රාත්‍රියේ නිදා ගත්තම හදිසියේම ඇහැ ඇරිල බලද්දි අන්ධකාරයේ මගේ ඇඳ ළඟ සීලිමේ ඔලුව ගෑවෙන තරමේ මහ විසාල කලු බලු තඩියෙක් ඉන්නවා දැක්කා. ජනේලයෙන් එන ලා ආලෝකය මැද්දේ තමයි මේ සේරම දැක්කේ...

    හීනයක් ද මන්දා ඒත් මම හොඳටම බය වුනා. පස්සේ ලයිට් දමලා කාමරය හොඳට පරීක්ෂා කරල නිදා ගත්තා. එතකොටත් නින්ද ගියේ ලාවට.

    කොහොමත් ඉතිං හීනවලටත් අපි බය වෙනවා නේ මොහොතකට හරි.

    ReplyDelete
  11. මීට පස්සේ ලුනු වතුර ටිකක් දන්න. දිය පට්ටා එන්නේ නැහැ. ඒක තමයි අපේ අම්මා කියලා දුන්න මන්තරේ.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  12. ඕං රීන් කට්ටු කට්ටු
    දොළ පිදේනි තට්ටු තට්ටු
    ඕන යකෙක් ඕන එකෙක්
    මං කරනව හොඳට මට්ටු

    ඔන්න ආවා මාතරින් වත්....

    අපේ පලාතේ තවමත් මාසෙකට පිදේනි තටු 2 තුනක් නම් වරදින්නෙම නැහැ.අපේ ගෙවල් ලගමත් ඉන්නව හොද මන්තර ගුරුන්නාන්සේ කෙනෙක්. ඒ ගුරුන්නාන්සේ අපිට කරපු වින වැටියට දැන් අපි මැරුණ තැන් වල මහ ගසුත් පැල වෙලා තියෙන්න ඕනි ඕං.

    ලෝකේ තියන බලගතුම මන්තරේ තමන්ගේ හිත. ඒ මන්තරේ හරියට ප්‍රයෝජන ගත්තොත් ආයේ නම් වරදින්නේ නැහැ නැහැ මයි ඕං..........

    අනික ඔය බලි තොයිල් යාග හෝම වලින් කරන්නෙත් මනුස්ස සිත් සන්තානය සුවපත් කරන එකම තමයි.

    අර කවුද ම්ම්... කොවුවර් මහත්තයගේ පොත් කියවල තියෙනම් මේ දේවල් වල ඇත්ත නැත්ත ගැන හොද සිහියෙන් බලන්න අපිට පුලුවන් වෙයි කියල හිතෙනව.

    මේ මේ දවස් වල මට ඕන වෙලා තියෙනවා මන්තරයක්." ආ‍දරේ මන්තරේ" ............යකෙක්ව වත් බැද ගන්න . බැදගෙන වැඩ ගන්න.

    එහෙනම් යකුනේ ඕං මන් ගියා....

    ඕං රීන් කට්ටු කට්ටු ......

    ෴ ආයිබෝං ෴

    ReplyDelete
  13. උතුරන තෙල් වලට අත දාන ක්‍රමයක් ගැන කොවුර්ගෙ පොතක තිබ්බා. ඒකත් අර ගිනි පාගනවා වගේ ටෙච්නික් එක හරියට කරොත් පිච්චෙන්නෙ නැතුව අත දාන්න පුළුවන්ලු.කොවුර් යාපනේ මන්තරාචාරියෙක්ව පරද්දන්න මන්තර නොකියා උතුරන තෙල් වලට අත දාන්න පුළුවන් කියල පෙන්නල තියෙනවා.

    මම දන්නවා Demonters ලව එලවන මන්තරයක්. තමන්ගෙ අතීතයේ සතුටුදායක අවස්ථාවක් මතක් කරගෙන "Expecto Patronum" කියලා කෑ ගහන්න ඕනෙ. Demonters ල ඔක්කොම කැලේ

    ReplyDelete
  14. මම උතුරන තෙල්වලට පපඩම් දාලා තියෙනවා. නියමට පිපෙනවා. පිළිස්සීමක් වුනොත් ගලාගෙන යන වතුරට විනාඩි දහයක්විතර අල්ලාගෙන ඉන්න. ඒක තමයි හරි ප්‍රතිකාරය.

    ReplyDelete
  15. මටනම් හිතෙන්නෙ මෙවගෙ ඇත්තක් තියනව.. බොරු කාරයො තමයි වැඩි..
    එත් ඔවගෙ පස්සෙ යන්නෙ නැතිව යයපත් ජීවිතයක් ගතකරන 1ක තමයි හොදම වැඩෙ..
    ඔයවගෙ දෙවල් වල පිහිට පතන්න ගියොත් කෙලවරක් නැ...
    හැබැයි අත් බහෙත් දැනම් ඉන්න 1ක නම් හොදා...
    සමහර මන්තර කාරයො අනිත් මිනිහ නසන්න 1ක 1ක ජාති කවනව.. හැබැයි එකෙ තියන වෙන දෙවල් වලින් මිනිහ මැරෙන්නත් පුලුවන්..
    උදා:- 1ක මනුස්සයෙකුව එයාගෙ වයිෆ් බන්දනය කරල...
    මනුස්සය බන්දනය උනාලු... එත් ටිකදවසකින් ලෙඩ වෙලා... මැරිල...
    මිනිය කපල බැලුවම වකුගඩුවෙ පොඩි තබ කැල්ලක් තිබිල...

    හැබැයි ඔය වගෙ වැඩ කරන කෙනෙක්ව මම දන්නව... එ මනුස්සය අත්හදාබැලිම් කරනව විස්වාසයෙන්..
    ඉට එහාදෙයක් කරන්නෙ නැ...
    එව අපිට අනවශදෙවල් ලු..
    ඉන්න විදියට ඉන්නලු...

    ReplyDelete
  16. මටත් ඔය වගේ අද්භූත ප්‍රශ්ණයක් තියෙනවා. මට බීෆ්/පෝක් ඇලජික්. ඒත් මට නොදැන බීෆ්/පෝක් කැවිල මුකුත් වෙලා නැතුව තියෙනවා. හැබැයි වෙන දෙයක් කද්දි බීෆ්/පෝක් ද කියල සැක හිතුනොත් පොඩ්ඩක් හරි කසනවම තමා.
    මම දන්න තරමට මන්තරවලත් තියෙන්නෙ ඔච්චරයි.

    ReplyDelete
  17. @ තරිදු and ගාමිණී,

    ඒ කතාව ඇත්ත. නොක්ස් කියලා තියෙන්නෙ "උඩරට පැත්තෙ හැමෝම වගේ බොහොම වංශවත් අයය, ඉතිං හදිසියකට කෙනෙක්ව කුඹුරෙන් අරං මඩ හෝදලා සිංහාසනයේ තියන්න වුනත් පුළුවන්ය" කියලයි. අපේ කස්ටිය පස්සෙ ඒක වෙනස් කරගෙන තියෙනවා.. :)

    ReplyDelete
  18. @ මකරා,

    Patronus charm එක කරන්නත් හිතේ හයිය තියෙන්න එපායැ. Demonters ලා හිතේ තියෙන happy feelings ඔක්කොම suck කලාට පස්සෙ සතුටුදායක අවස්ථා මතක්කරන්නෙ කොහොමද.. :)

    ReplyDelete
  19. ඒකට ඉතින් ඉක්මන් වෙන්න ඕනෙ. Demontres ලා Attack කරන්න කළින් අපේ මන්තරේ මතුර ගන්න රෙඩි පිට සූදානම් ශරීරෙන් ඉන්න ඕනෙ

    ReplyDelete
  20. තව මන්තරයක් මතක් වුණා. මකුළුවො එලවන්න පුළුවන් "Arania Exumai" කියල කෑ ගහල. කතන්දරටනම් බොහොම වැදගත් වෙයි Sydney Funnel Web ලා ගෙන් බේරිලා ඉන්න.

    ReplyDelete
  21. ඕවයෙ ඇත්තක් නැත්තෙ නැහ මම හිතන්නේ. ඒත් දැන් හුඟක් අය ඕව දන්නෙ නැහ... ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට එද්දි ගුරු මුශ්ටි වගේ දේවල් නිසා නැති වෙලා. දැන් ඉන්නෙ හොරු හුඟක්.

    ReplyDelete
  22. kathandara mahaththaya inney Sydney walada?

    ReplyDelete
  23. අනේ කතන්දර... දොලොස් පාරක් පිම්බත් මන්තරේ වැරදි ඇති.... හිකිස්...

    ReplyDelete
  24. @වැම්පයර්
    මලයාලි ගුරුකම් වෙනයි, පෙරුමාල් ලා ගේ ගුරුකම් වෙනයි. ටපලවා ගන්න එපා!

    ReplyDelete
  25. @ප්‍රියන්ත,
    තමන් විශ්වාස කරගෙන ජීවත් වෙන එක හොඳයි තමයි, ඒත් ඒකෙන් තෙල්වලට අත පිච්චෙන එක නවත්තන්න බෑ නේද?

    ReplyDelete
  26. @කුම්භකර්ණයා
    ඇයි රාවණ අයියාගේ මන්තර ගුරුකම් තිබුනේ නැද්දෝ?

    ReplyDelete
  27. @ගාමිණී,
    තාත්තාගෙන් පුතාට රජ කම නොදී (Kim Il Sun to Kim Jon Il) ඇයි වෙන මිනිහෙකුට දුන්නාම, ඒක මෝඩ කමක්ද?

    ReplyDelete
  28. @හේමලයා
    නොක්ස් ගේ පොතේ තියෙන වද දෙන ක්‍රම මොනවාද අපේ අයියලා 1988-2009 දෙන වද එක්ක බලන කොට නේද?

    ReplyDelete
  29. @කාංචන දිනුක
    අභාවයට යනවා නේන්නම්. අපේ අම්මා මට දුන්නේ නෑනේ. ඔන්ණ අද එතුමිය කතන්දරේ බැලුවා. අදහස වෙනස් කරයිද මන්දා?

    ReplyDelete
  30. @මාරයා
    මං දන්නව, අර පන්සලේ තිබිලා හම්බ වුනා නේද පරණ පුස්කොල පෙතක් ගොයියෝ?

    ReplyDelete
  31. @හරී
    හොඳ කබර හමක් තියෙනවා නං, දියපට්ට එන්නේ නෑ. ගිනි පාගන කපුවන් ගේ වගේ.

    ReplyDelete
  32. @තරිඳු
    කන්ද උඩ රට ඔච්චර පස් තිබුනද පස් දෙන්න. මං හිතුවේ කළුතර පැත්තේය පස්දුන් කෝරලේ කියලා!

    ReplyDelete
  33. @හකෝ
    මෙන්න මහ රෑ බයවීමක් ගැන කතන්දරයක්.
    http://kathandara.blogspot.com/2010/03/blog-post_04.html

    ReplyDelete
  34. @වත්
    බුදු අම්මෝ, අපි නං වැරදිලාවත් මාතර අහ එන්නේ නෑ. කවුද බය නැත්තේ ඔය මාතර ගුරුකං වලට!

    ReplyDelete
  35. @ චානක
    මකරුන් එලවන මන්තර නැද්ද?
    මෙමෙත් මකරෙක්, පුසන්ටයි, මකුළුවන්ටයි බයයි!!!

    ReplyDelete
  36. @තාරක
    වතුර වගේද ළමයෝ මන්තරේ, මේ මක්ක කියනවද?

    ReplyDelete
  37. @ඉන්දික
    අනේ, මං හිතුව අඩු ගානේ එක්කෙනෙක්වත් මන්තරයක් ලියල යයි කියල!

    ReplyDelete
  38. චාමී
    මගේ යාලුවෙක් හිටිය පොරගෙන් ඇහුවොත් හරක් මස් කන්නෙ නැද්ද කියලරු උත්තරයක් දෙනව.

    http://kathandara.blogspot.com/2010/03/new-classification-of-jokes.html

    ReplyDelete
  39. @පිස්සා ගේ පලා මල්ල
    හොරු විතරක් යැ දැන් ඉන්නේ, ඇයි පිස්සෝ? දෙතුන් දෙනක්ම ඉනනව මයෙ හිතේ බ්ලොග් ලියන අයම.

    ReplyDelete
  40. @ජීවිතේ මල්
    ඔයාට විතරයි ඒක තේරුනේ! හරියට හරි!!

    ReplyDelete
  41. මන්තර කියලා මකරු එලවන්න බෑ. ගිණි නිවන හමුදාවටත් බෑ

    ReplyDelete
  42. @ Chanaka

    Adepto sicco extraho adepto sicco naughty extraho adepto sicco...!!!

    ReplyDelete
  43. ඔක්කම මන්තර ඉංග්‍රිරිසි යක්කුන්ට විතරද... එක සිංහල යකෙක් එලවන්න පුලුවන් මන්තඑයක් ලියල නැහැ නේ මේ ය...

    ReplyDelete
  44. @ වත්,

    දැං කාලෙ යක්කුන්ටත් ඉංග්‍රීසියෙන්ම තමා කියන්න ඕන මෙයා. උනුත් දැං පොෂ් වෙලා නොවැ. ඉතිං සිංහලෙන් කිවුවට සතපහකට ගනං ගන්නෙ නෑ..  :)

    ReplyDelete
  45. කතන්දර බෙන්තර ගඟෙන් එහා ද?
    බෙන්තර ගඟෙන් මෙහාට පුස් පැටියෙක්වත් ගේන්න එපා කියලයි අපි නම් අහල තියෙන්නෙ...

    ඕවයෙ යම් ඇත්තක් තියෙන්ඩත් පුළුවනි.

    ඒක මේක කෙසේ වෙතත් මන්තර ගුරුකම් ගැන නම් මගේ විශ්වාසයක් නෑ.

    ReplyDelete
  46. @කතන්දර
    හිතේ වීශ්වාසය තියේනම් කෙල් වලට අත පිච්චෙන්නෙ නැත්තේ නෑ. ඒක ඇත්ත. ඒත් මනා සිහිබුද්ධියෙන් වැඩ කරනවනම් ඔය වගේ අනතුරු වෙන එක වලක්වා ගන්න පුළුවන් බවයි මගේ අදහස. ඒ වගේම ඔය මන්තර ගුරුකම් වල වැරැද්දක් නැතුව ඇති. එත් ඒවා නිවැරදිව භාවිතා කරන්නන් ගැන තමා මට තියෙන ගැටළුව. කෙසේ වෙතත් තමා විශවාස කරගෙන තමා සරණ කරගෙන ඉන්න එත් හොඳයි. හැබැයි මටත් ඕක කරන්න නම් අමාරුයි. එත් උපරිමයෙන්ම කරන්න බලන කෙනෙක් (කතන්දර වගේ). මේ කතන්දරෙන් නොදන්න ගොඩක් දේ දැනගත්තා. කොමෙන්ට් ටිකත් ඉහලයි.
    @වත්
    මාතර පැත්තෙ ඕන තරම් සිංහල මන්තර කාරයෝ ඉන්නවානේද?. බැරිද මටත් යකෙක් බැඳගන්න මන්තරයක් හොයල දෙන්න.

    ReplyDelete
  47. එකක් අමතක කියන්න උනා. මමත් මෙච්චර දවස් හිතන් හිටියේ කතන්දර ලියන්නේ ලංකාවෙ ඉඳන් කියල. එත් පොඩි ඉඟියක් දෙකක් තිබුනා ඒ ගැන හිතන්න ලැබුනේ නෑ. මෙහෙ එන කාලෙක කියන්න. ආසයි හමුවී කතා කරන්න.

    ReplyDelete
  48. මංතර ගැන නං මගෙත් කිසිම විස්වාසයක් නෑ, හබැයි මට පොඩි කාලෙ මෙහෙ දෙයක් උනා. ඒක මංතර නෙවෙයි ඔය කෙම් ක්‍රම සම්බන්ධ දෙයක්. අපේ වත්තෙ වරක ගහක් තිබ්බ ගෙඩි එන්නෙ නැති. ඉතින් මම අවුරුදු 10 විතර කාලෙ අපෙ ගෙදර ආපු මාතර නැන්ද කෙනෙක් මට මෙහෙම දෙයක් කිව්ව.

    ඒ තමයි, ඔය ගහේ ගෙඩි එන්න නං පොඩි කෙමක් කරන්න කියල. මොකද්ද දන්නවද? පාන්දරම කාටවත් පේන්නෙ නැතිව ගිහින්, ඇඳුම් උනල තියල ගහට චු කරන්න කිව්ව. ඊට පස්සෙ පොල් පිත්තකින් ගහට ගහන්නෙයි කිව්ව. මමත් ඉතින් පොඩි එකානෙ, මෝඩය වගෙ ඕක කලා. හැබැයි පුදුමෙ කියන්නෙ ඒ ගහේ ඊට පස්සෙ පිරෙන්න වරක හැදුන. මම තාම දන්නෙ නෑ අර නැන්ද ඒක බ්යිට් එකට කිව්ව ද, සිරාවට කිව්වද කියල. හැබැයි කෙම නං තිතට වැඩ කරා.

    බෙන්තර ගඟෙන් එහා පැත්තෙ ක්‍රම නෙව.

    AJ

    ReplyDelete
  49. @සියළු දෙනාටම

    අදහස් වලට ස්තුතියි.

    මොකක්ද මේ යක්කු එලවන කතාව. මං හිතන්නේ වත් තමයි මේක ඇදලා ගත්තේ.

    මං කිව්වේ තෙල්වලට පිච්චුනාම කරන බේතක් වගේ එකක් ගැණයි. යක්කු කොහෙන්ද එතන පිපල් මිසක!

    හෙට අළුත් කතන්දරයක් දාන්නයි ඉන්නේ. උදේ අටට හමුවෙමු.

    ReplyDelete
  50. මම කිවුවෙත් යක්කු නෙවෙයි Demonters ලයි මකුළුවොයි එලවන මන්තර ගැන

    ReplyDelete
  51. @ Chanaka Aruna Munasinghe

    Adepto sicco extraho adepto sicco naughty extraho adepto sicco...!!!

    ReplyDelete
  52. 1988 යි 2009 යි දඬුවම් දෙන ක්‍රම වල තියන සමාන කම මොකද්ද?
    /කුම්භකර්ණයා

    ReplyDelete
  53. මන්තර කියන ඒව බොරු කියල කාටවත් කියන්න බෑ, ඒව කාලාන්තරයක් තිස්සෙ නොනැසී පැවතුනේ ඒවායේ ඇත්තක් තිබෙන නිසානෙ. මමත් පෞද්ගලිකව ඔව ගැන ටිකක් හොයන ඒව ගැන පොඩි ආසාවක් තිබෙන කෙනෙක්, මගෙ ලඟ පොඩි කලෙක්ෂන් එකකුත් තියෙනව. නමුත් අත්හදා බලල නම් නෑ, මගෙ මහප්ප කෙනෙක් ඉන්නව සර්ප විශ වෛද්‍යවරයෙක්, ඔහුත් ගොඩක් මන්තර භාවිතා කරනව රෝගීන් සුවපත් කරන්න.

    ReplyDelete
  54. කතන්දරගෙ මන්තර කතාව කියවද්දි මතක් උනේ.
    මේ මම ජාලය පීරද්දි හම්බ උන මන්තර පිටුවක්.
    කැමති අය අත්හදා බලත්වා....!!!

    http://www.elabonga.com/yanthra/000000000000000PATUNA.htm

    ReplyDelete
  55. ගුරුකම් එවගෙම අතීතයේදී තිබූ නීති ක්‍රම (දිවුරීම්) වැනි විවේචනය කිරීම පරසුද්දන්ගේ පර චින්තනයන්ට අහුවුන මොඩයන්ගේ ක්‍රියාවකි.................

    ReplyDelete
  56. මගෙ ලගනම් පොතක් තිබුනා. ඒත් හරකුන්ට කරන මන්තර විතරයි.
    හරකුන්ට 1 1ලෙඩ හැදුනම ඒවට වෙන වෙනම පච්ච තියෙනවා.
    මම පොඩි කාලේ තමයි ඒ පොත හම්බුනේ. දැන් ඒක නෑ. වේයො කාලා. ගන්නම දෙයක් නෑ

    ReplyDelete
  57. අපේ පැරණි පුස්කොළ පොත් ගොඩක් දැන් විනාස වෙලා එක නිසාම තමයි මේ වගේ උන් අපේ පැරණි ශාස්ත්‍ර ගැන උපහාසයෙන් කතා කරන්නේ හැමෝටමයි කියන්නේ ඔය දාලා තියෙන් බොරැ මන්නර නිසා අපේ ශාස්ත්‍රයට විශාල නිගරැවක් වෙනවා තවමත් ඇතැම් අය සතු ඉතා පැරණි අත්හදා බැලූ නොවරදින ගුරැකම් නැතුවා නොවේ තියන කෙනා ඒවා දෙන්නේ නෑ මොකද ඒවායේ වටිනාකම මන්නේ ඒවායින් වැඩ ගත්ත උන් විතරයිනේ

    මම දෙන්නනම් කාටත් වැදගත් පොඩි මන්නරයක් සැක නොකර බාවිතා කරන්න පොත බලන් කිව්වට මන්නර හරියන්නේ නෑ ඒවා සිද්දි වෙන්න ඔනේ අඩුම ගානේ මන්තරයක සිද්දි වාර ගනන සදහන් නැත්තම් එය 10000 වාරයක්වත් කියලසෙිද්දි කරගන්න ඔනේ හැබැයි සිද්දි නැති මන්ත්‍රයක් උනත් නියම වාර ගගනට වැඩිවෙන් මැතුරැවානම් ප්‍රතිපල ලැබෙනවා 108 මතුරන්න ඕන මන්නරයක් අඩුම ගානේ 254 වත් මැතිරිය යුතුයි අපිට කැමති වාර මතුරලා වැඩක් නෑ එවායේ නියමිත වාර ගනන් මැතිරිය යුතුයි
    ඕං සරස්වතී මහා දේවී විනා පුස්තක දාරණී හන්ස වාහනී සමා යුක්තාන් විද්ය්‍යු දාරණ කුරු මම
    3 පාරක් පෙරපු වතුර වීදුරුවකට සමන් පිච්ච මලක් දමා 21 පාරක් මතුර ස්වල්පයක් බී මුණ සෝදා පාඩම් කරනු මතක ශක්තිය වැඩි වේ නිදිමත ඇති නෙවේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.