Thursday 3 December 2009

දුටුගැමුණු කෙසේ වෙතත් මම නම් පොරක් මි. - "සාහිත්‍ය" සම්මානයේ සතුට!


මං දුටුගැමුණු රජතුමා පොරක් කියල හිතන් හිටිය එක නිවරද කරගෙන ඒ ගැන පෝස්ට් එකක් දාල විනාඩියක් දෙකක් ගියා විතරයි මෙන්න එනවා ඊ මේල් අසෙනිය කුසුම සම්මානයක් ගැන සුභ පැතුම් එක්ක.

මුලදි මගෙ මීටරේ ට වැටුනෙ නෑ මේ මොකක්ද කියල.

පස්සෙයි කතන්දරේ තේරුනේ - කතන්දර බ්ලොග් එකට සම්මානයක් ලැබිල.

මෙන්න මෙතන බලන්න කෝ.
http://www.sahithya.lk/2009/12/01/aseniya-kusuma-2009-3/

මං මේ කතන්දර කියන්න පටන් ගත්තෙ 2009 ජූලි වල. මුලින්ම සින්ඩියට සෙට් වුනා. එතනින් ගොඩ දෙනෙක් මාව අඳුන ගත්ත.

ටික කාලයක් ගියාම මගෙ කතන්දර තව දුරටත් බෙදා හදා ගන්න ඕනි නිසා තමයි සාහිත්‍ය එකෙත් රෙජිස්ටර් වුනේ. එදාම මං පරණ කතන්දර වලට අළුත් ලින්ක් දාන්න පටන් ගත්ත. ඒ අළුතින් කතන්දර කියවන්න එන අයගේ ප්‍රයෝජනයටයි.

කොහොමින් කොහෙමින් හරි අන්තිමේදි මට හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය ලැබිලා.

අනේ සාදු!

මේ විනිශ්චය දුන්නෙ කවුද කියලනම් පැහැදිලි නැහැ. සමහට විට සාහිත්‍ය සංගමයේ කෂ්ටිය වෙන්න ඕනැ.

කොහොම හරි ඉතින් සම්මානය දුනනෙ සාහිත්‍ය සංගමයක් නිසා මේ සම්මානය සාහිත්‍ය සම්මානයක්.

මේ සාහිත්‍ය සංගමය රාජකීය විද්‍යාලයේ සංගමය නිසා - මේක රාජකීය සාහිත්‍ය සම්මානයක්.

පුහ්ඃ ලේසි පාසු නෑ.

රාජකීය සාහිත්‍ය සම්මානයක් ලැබුන කියන්නෙ - මං පොරක්!

දුටුගැමුණු ගෙ අඩුව මං පිරිමහන්නංකො!

එළාරගෙ භෂ්මාවශේෂ ටික හොයාගන්න ඕනැ ඉස්සෙල්ලාම.

ඒ වගත් මෙසේම,

හොඳම සිංහල වින්දනාත්මක බ්ලොග් අඩවියේ නිර්මාතෘ
රාජකීය සාහිත්‍ය සම්මානලාභී කතන්දරකාරයා

ප/ලිඃ
දැං ඉතිං සම්මානෙකුත් ලැබුන නිසා කතන්දරකාරයා කියල හඳුන්වා ගැනීම හොඳ මදි නේද?

"කතන්දර ශූරින්" කියමු හොඳේ.

25 comments:

  1. එළ එළ කතන්දර ශූරි....

    ReplyDelete
  2. කතන්දර සූරීතුමා,
    තාම මගේ පුරස්නෙට ඔබතුමා උය්ත්තර බැන්දේනම් නැහැ.

    කතන්දර සුරීන්ට ජය වේවා...

    ReplyDelete
  3. සුරුවෙනි කතන්දර
    කියන නෑසූ අන්දර
    ලියන මෙන ගින්දර
    එවනෙමි පැතුම් සුන්දර

    ReplyDelete
  4. ela ela niyama nama . . katandara shoooreee hiks

    ReplyDelete
  5. මට ඔහේගේ ඔය ගොන් කතා වලට හිනා යන්නේ නෑනේ...
    ඒවා කතන්දරද?

    ReplyDelete
  6. ඔන්න අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  7. රාජකීය බොකක් දුන්නෝත් ඒකත් බාර ගනින්.

    ReplyDelete
  8. ඔබතුමාගේ කතා මම බොහොම ආ‍සාවෙන් කියවනවා. ඒ ශෛලිය ඒ විදියටම තියා ගන්න. මේ පෝස්ට් එකේ කියන විදියට ඔබ ඒකෙන් සතුටු වෙන එක සාධාරණයි හැබැයි මම පොරක් කියලා ඒ ලස්සන ආකෘතිය නැති කරගන්න එපා. මගේ හද පිරි සුභ පැතුම් !

    ReplyDelete
  9. අනේ අම්මපා මම නම් මේ ගැන මොනවත් කියන්න යන්නේ නැහැ. සම්මානයක් ලැබුන එකේ සතුට ගැන මටත් අදහසක් තියෙනවා. ඒකෙ දෙකක් නැහැ.

    ඒ වුනත් මම ඔන්න ඔය මළ දානේ ඒගොල්ලන්ටම තියාගන්න කියල දුන්නා ආපස්සට හැරෙන තැපෑලෙන්ම.

    කොහොම වුනත් හිතට හරි නැති දෙයක් බාර ගන්න එක කොරන්න බැහැනේ අසාදාරනේ ඇස් ඉස්සරහම දැක්ක නිසා බූන්දියට වෙච්ච...

    ඒ වුනත් කතන්දරගේ ඇචිවුමන්ට් එකට මටත් අවංකවම සංතෝසයි. ඒකත් කියන්න එපැයි.

    ReplyDelete
  10. @ Rana:
    බලන්න
    http://groups.google.com/group/sinhala-bloggers?pli=1

    ReplyDelete
  11. සුභ පැතුම් එවූ සැමටම ස්තුතියි!

    @Prabath
    උත්ප්‍රාසය හඳුනාගන්න එකත්, විඳින එකත් ලේසි දෙයක් නෙමේ නේද?

    ReplyDelete
  12. @Hakawathi
    ඔබේ ස්ථාවරය මං පිළිගන්නවා. හකාවතී කියන ටෙරාකී අඩවිය විදුර පටන් ගත්තට ඒක බූන්දි අඩවියක් නේද?

    හැබැයි රජෝ - හකාවතී කියන්නෙ අරාබි බාෂාවෙන් කතන්දර වුනාට පරිවර්තනය නොකර ඒක ආරාබි භාෂාවෙන්ම තියාගමු නේද?

    ක.කා.

    ReplyDelete
  13. කතන්දර සූරීන්ටන්ට බොහෝම ස්තූතියි.

    ජය වේවා...

    ReplyDelete
  14. ඔව් ඒක බූන්දියේ වැඩක්.

    අපි කැමති බූන්දිය වශයෙන් පෙනී සිටින්නට. මම කියලා හරි හකාවතී කියල හරි නොවෙයි. ඒක ‍ඒ වැඩේ නම විතරයි. පහසුවට..

    ඒකයි කණ්ඩායමක වැඩකදි පුද්ගලිකත්වය ඉස්සරහට දමලා සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ.

    ReplyDelete
  15. ඔන්න මගෙන් ආයෙමත් සුභ පැතුම්.. ශුරි.. අනේ බෑ වගේ.. පුරුදුවිදියට කතන්දර කාරයම කියන්නම.. අරම කිව්වම නිකං ලොකු පරතරයක් තියනවා වගේ..

    ReplyDelete
  16. සුභ පැතුම්. කවුරු සම්මාන දුන්නත් නැතත් ඔබේ කතන්දර කියවන්න කට්ටියක් ඉන්නවා.

    එක පාරක් මට මතකයි තමන්ගේ බ්ලොග් අඩවි අයින් කර ගන්න කියලා දිග ප්‍රතිචාර ලැයිස්තුවක් ලැබුනා. මේ සම්මානය ගැන නරක බූන්දියට හිතුනේ එතකොට. හැබැයි දැන් "අපිට තොපෙ සම්මාන එපා" කියලවත් කිව්වේ මේ හකාවතී විතරයි නේද.

    ReplyDelete
  17. Anonymous,
    හැමතැනම ඒකම බයිලාව විවිධ මුහුණු වලින් කියවන්නේ මොකැයි?

    අයින් කර ගන්න කිව්ව අය අයින් වුණා එසේ ඉල්ලා හෝ, ආයිත් ඇතුළු කර ගත්තට අමුතුවෙන් වෙනස් වුණේ නෑ. හකාවතී ඒ දවස්වල ලියන්න හිටියා නම් ඒකත් කරලා සම්මානේ ලැබුණත් අනිත් අය වගේම එහෙම කියාවි.

    ලංකාවේ සම(හ)රක් දේශපාළුවන් මිනිෂ්ෂු වගේ එදා එපා කියලා අද බදා ගන්නත් එදා බදාගෙන අද අත හරින්නත් යන්නේ නෑ.

    ReplyDelete
  18. අඥාත තැනැත්තේ බූන්දියට පහර එල්ල කරන්නේ මන්ද? ඇය බූන්දිය හා බැඳි ජන්ම වෛරයක් පිරිමසනු පිණිස තැත් දරනවා වැන්න. බූන්දිය යනු ඉතිහාසයක්, භූගෝලයක් හා අරමුණක් ඇති කණ්ඩායමකි. ඔවුන් සම්මාන උළෙලක් පරයන 'අක්ෂර සෙනඟ' විසින් කල නිර්මාණාත්මක හරඹය ඉතා අගය කල යුතුය. අඥාතයාගේ 'අත' ද 'හඬ' ද ජාකොබ් ගේ බව පෙනී යයි.

    කතන්දර ට සුබ පැතුම් !

    ReplyDelete
  19. අඥාත තැනැත්තා4 December 2009 at 21:12

    ~බිன்ku~
    නිකන් මැදට පැනලා දන්න රෙද්දටයි නැති රෙද්දටයි කට නොදා ඉන්නවද

    කිරිමාමා
    ජාකොබ් කියන්නේ මොකාද මම දන්නේ නෑ. වෙන වෙන තැන්වල මොනවා කියවුනා ද කියලා දන්නෙත් නෑ. හැබැයි ඉතින් කියන කියන හැමදෙයක්ම පහර එල්ල කරනවා කියලා අධිමානෙන් ඉන්න එකනම් එච්චර හොඳ නැහැ. කවුද කිව්වලු නේද ඔක්කොටම කලින් තමන්ට විරුද්ධව වෛර කරනවා කියන චින්තනේ අයින් කොර ගන්න කියලා.

    අමතක කරන්න එපා. රජතුමාටත් ඔය කියන ඉතිහාසයක්, බූගෝලයක් හා අර මුණක් තියෙනවා. අපි දන්න අක්ෂරයක් නැහැ. අපි කතා කලේ සම්මානේ ගැන

    ReplyDelete
  20. ඔහ් මම විතරයි අඩු වගේ. ඒත් ඉතිං කතන්දර දන්නවා ඇතිනෙ මෙතන නොකීවට ඔබගේ දිනුමේදි අවංකවම සතුටු වෙන කෙනෙක් මාත් කියලා.
    මම නම් ආසා නෑ කාරයා කතාවට කොහොමත්. අපි කතන්දර සීයා හෝ මාමා කියමුද?

    ReplyDelete
  21. @ අඥාත තැනැත්තා
    නිකන් මැදට පැනලා දන්න රෙද්දටයි නැති රෙද්දටයි කට නොදා ඉන්නවද

    ReplyDelete
  22. අඥාත තැනැත්තා10 December 2009 at 22:32

    කිරි මාමා
    සමා වෙන්න. මහා බූන්දියට අපහාස කොලාට.

    ReplyDelete
  23. කතන්දරත් එහෙනම් “ පොරක් “

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.