Saturday 31 May 2014

කයි කතන්දර ලිවීමත් කලාවක් ද? - How to become an artiste?


තුනේ පන්තියේ දී මුහුදු වෙරළ ගැන කවියක් ලියා මිහිර පත්තරේට දැම්මා වුණට, මගේ කවි ජීවිතේ නැගලා යන්න පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර ඉඳලායි.

ඒ කාලේ මං ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ මරදානට යනවා ඉස්කොලේ. හෝමෝන් වැඩිවීගෙන ආපු නිසාම ඔන්න කවි ලියවෙන්න පටන් ගත්තා.

ඒ ලියපු මුල් කවිය ගැන කතන්දරේ කලින් දවසක මං කියලා තියෙනවා.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

පසු කාලෙක ඔය කවි ලිවීම ගැන මං හිතවතෙකුට ලියා යැව්වේ මෙහෙමයි.

අවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
කෙල්ලන් දුටිමි බැන්දෙමි කවි මනමාලේ
ඒ කවි ලියූ පොත් ගොඩ විතරයි රාලේ
මගෙ කවිකමට ඉතුරුව ඇත්තේ සාලේ!


ඒ දවස්වල මං පරණ පොත්වල, කටුවැඩ කොළවල තමයි කවි ලිව්වේ. උසස් පෙළට පාඩම් කරන කාලේ මං එහෙම ලියපු කවි සිය ගාණක් එකතු වුණා.

මං ඊලඟට කෙරුවේ ඒවා පොත් වශයෙන් ඇක්සයිස් පොත්වල ලිවීමයි.

පෙරවදන, පිළිගැන්වීම, පටුන යනාදී සියළුම දේ සහිතවයි ඒ පොත් සැකසුණේ. දෙවෙනි, තුන්වෙනි පොත්වලදී කතෘ ගේ වෙනත් කෘති කියලා තවත් කෑල්ලක් එකතු වුණා.

ඒ විදියට මං කවි පොත් හතරකුයි, කෙටිකතා පොත් දෙකකුයි, නවකතාවකුයි හස්තද්වාරයෙන් එළිදක්වලායි තිබුණේ විශ්ව විද්‍යාලයට යන කාලේ වෙනකොට.

එයින් එක කවි පොතකුයි, කෙටිකතා දහයක එකතුවකුයි දැන් අස්ථානගත වෙලා.

මෙන්න මා ගාව තාමත් තියෙන ඒ කවි පොත්වල නම්.

ගී පදමාලා 25 (පද්‍ය)
සය දිනක සටහන් (පද්‍ය)
වාසනා හෙවත් සැබෑවුණු සිහිනය (පද්‍ය)


ඔය කවි පොත් ලියපු එකෙන් මට එකම ප්‍රයෝජනයයි වුණේ.

මගේ කවි පොත් දැකපු අපේ පුංචි අම්මා ඒවා අරගෙන ගිහින් එයා ගේ ඔෆීසියේ ඒ දවස්වල හිටපු කවියෙකුට බලන්න දුන්නා. පොර පසු කාලෙක ජනප්‍රිය ගීත රචකයෙකුත් වුණා.

මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යනවාය කියා දැනගත් මේ කවියා කෙරුවේ ඒ දිනවල ඒ තිප්පොලේ ඉගෙන ගත්තු අද කාලේ නං කවිවලට වඩා ගද්‍ය රචනයේ යෙදී සිටින ශිෂයෙකුට මා ගැන හැඳින්වීමක් කිරීමයි.

ඒ හින්දා තමයි මට විශ්ව විද්‍යාලයට ගිය ගමන්ම වගේ ඉංජිනේරු පීඨ කලා කවයේ කටයුතුවලට සහභාගී වෙන්න ලැබුණේ.

කලා කවයෙන් කරපු ප්‍රධාන වැඩේ තමයි සිසුන් ගේ නිර්මාණ එළි දැක්වීම සඳහා නිර්මාණ පුවරුවක් පවත්වාගෙන යෑම. මං ඒකට කවි ලිව්වේ පේරාදෙනියට ගිය මුල් සතියේ ඉඳලාමයි. ඒ වාගේ කවි ලියන අය කීප දෙනෙක්ම ෆැකල්ටියේ හිටියා. කවි මිසක්, කෙටිකතා වගේ නිර්මාණ නම් එතැන පලවුණේ නෑ කියලයි මගේ මතකය.

ඔය උඩ ඡායාරූපයේ තියෙන්නේ ඒ එදා තිබුණු නිර්මාණ පුවරුවම තමයි.

අවුරුදු ගාණකට පස්සේ වුණත් ඔතනට ගියාම තාමත් පොඩි සොඳුරු හැඟීමක් දැනෙනවා.

ඒ කෙසේ වෙතත් මට අද තියෙන ප්‍රශ්ණ තමයි, කවියක් දෙකක් ලිව්වාට කලාකාරයෙක් වෙනවාද? කලා කවයේ කමිටු සාමාජිකයෙක් හෝ සංස්කාරක හෝ ලේකම් වුණාට කලාකරුවෙක් වෙනවාද කියන එක.

හැබැයි කතන්දරයක් දෙකක් ලියලා තියෙනවා නම් කතන්දරකාරයෙක් කියලා හඳුන්වා ගන්න පුළුවනි මට හිතෙන විදියට.

-කතන්දරකාරයා

ප/ලි:
සමහරවිට කවියක් තියා කිසිම නිර්මාණයක් නොකලත් කලාකරුවෙක් වෙන්න පුළුවන් ඇති.

මොකද කියනවා නම් අපේ කාලේ ෆැකල්ටියේ හිටි එක සීනීයර් පොරකගේ අන්වර්ථ නාමය වුණේ "නිහඩ කලාකරු" කියන එකයි.

හැබැයි පොර කවියක් ලියපු බවක් හෝ සින්දුවක් කියපු බවක් හෝ මං දැකලා නෑ.

නමුත් ඇත්තටම පොර කලාකරුවෙක් කෙසේ වෙතත් හොඳ කලා රසිකයෙක් කියලා කියන්න පුළුවනි.

මිනිහා එකතු කෙරුවේ චිත්‍රපටිවලට කේමදාසලා වගේ අය කරපු පසුබිම් සංගීතය තියෙන කැසට් වගේ සම්භාව්‍ය කලා නිර්මාණයි.

52 comments:

  1. ඉතින් එතකොට අපි කතන්දර කාරයාට කියන්න ඕනේ කවි කාරයා කියලා ද ??? කතන්දර කාරයා කියලාද ???

    දෙක ම කකා........................ හැක්

    ReplyDelete
    Replies
    1. kathandarawallah or kaviwallah?

      Delete
    2. ක කා කෝ
      මො කො ය කො?

      Delete
  2. අපරාදෙ විස්ස විජ්ජාලෙ නිර්මාණ පුවරුවල ඒ කාලෙ මොනාහරි ලියන්න තිබුනා නේද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. අපිට නම් ඒ කාලේ හෝ ගාලා වෙන වැඩ තිබුණා.. කොයි වෙලාවේ බෙන්ච් එකක් හිස් වෙයිද කියලා බලාගෙන ඉන්න එහෙම එපැයි... අල්ලගත්තට පස්සේ බෙන්ච් එකෙන් නැගිටින්න විදිහක් නෑ. තව කපල් හෝ ගාලා ඒක ඩැහැගන්න බලාගෙන ඉන්නවානේ... ඉතින් කෝ නිර්මාණ පුවරු පැත්තේ යන්න වෙලාවක්....

      Delete
    2. ඕකෙ ලියන්ඩ වෙයි කියලමයි මං කැම්පස් නොගියේ.. :D

      Delete
    3. @ හරී
      පස්තාච්චි කරලාත් ඉවරද?

      Delete
  3. මාත් විජය ,මිහිර පත්තර වලට කවි ලියලා තියෙනවා 7,8 වසර වලදි. කකා කියන වචනේ කතන්දර කාරයා,කවි කාරයා වගේම කළා කාරයා කියන්නත් පුළුවන් නේද. පසු වදන තුල තිබ්බ විදියට මාත් හිතනවා නිර්මාණයක් රසවිදින එකත් කලාවක්. ඒක මැනවින් කරන කෙනා කලාකාරයෙක් . කාකා සුදු නිසා නිල්පාට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සුදු සහ තට්ටයට නිල්පාට කදිමෙට ගැලපෙනවා .....

      Delete
    2. ඇයි... කකා සපෝර්ට් කරන දේශපාලන පක්ෂයට ....

      Delete
    3. මේ වර්ණය මගේ තේරීමක් නොවේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ තේරීමකි.

      SBU Fashion Parade - සිංහල බ්ලොග් ෆැෂන් පැරේඩ්: - http://kathandara.blogspot.com/2010/04/sbu-fashion-parade-kk-bm6.html

      Delete
  4. ඔය පිටිපස්සෙන් තියෙන්නේ මතක් කරනකොටත් සොඳුරු හැඟුමක් එන බෝඩ් එකක් . සමහර දුක්බර මතකයනුත් ඇවිස්සෙනවා . මේ ගැනත් ඔබ ලියලා තිබ්බා.

    ReplyDelete
  5. දැන් දේශපාලකයන්ටත් කලා කාරයො කියන්ඩ පුලුවං කකා .. මාද්‍ය ප්‍රකාරශකයන්ටත් පුලුහං..
    බිකෝස් විකට නළුවොත් කලාකාරයො කියන කැටගරියට අයිතියිනේ.. ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. බ්ලොග්වල කොමෙන්ටු කොටන උන්ට කලාකාරයො කියල කියන්න බැරිද පත්තරෙ?
      ඒක නෙවේ පත්තරේ එකතැනක "පුලුවං" තව තැනක "පුලුහං"

      Delete
    2. අපි වගේ උන්ට බැරුව ඇති නේ බං ..?? ඕං කෙටිකතා නිසඳැස් වගේ ලියන බ්ලොග්කාරයොන්ට නං කීවට අවුලක් නෑ නේ .. හරි හරි සමාවෙයං මචං." පුලුවං " නේද හරි වචනෙ..එහෙම කියන්නං..

      Delete
  6. මමත් එක්තරා ජාතියක කලාකාරයෙක් වෙමි........

    ReplyDelete
    Replies
    1. උන්ට කියන්නෙ කලා කාරයො නෙවෙයි #කලා කාරයො

      Delete
    2. හරි මචං ...... හු යන්න දාන්න ඕන නේද.....?හෙක්....හෙක්.... thnx

      Delete
  7. කළා කවයේ නිර්මාණ පුවරුව කවදාවත් වෙනස් වන එකක් නෙවෙයි . හැබැයි ඇතුලේ තියෙන නිර්මාණ වෙනස වෙනවා කකා කිව්වා වගේ ඔතනට ගියාම වෙන අතිවෙන් හැගීම හරිමං සොඳුරුයි, මම කළා කවයේ සංස්කාරක හැටියට කාලයක් හිටියා , හැබැයි ඊට පස්සේ හිටපු සංස්කාරක මගේ රූමා , එනිසා අවුරුදු දෙකක්ම අපි දෙන්නම සංස්කාරක වැඩේ කළා .

    ReplyDelete
  8. අපි කකාට ටී ෂර්ට් එකක් අරන් දෙන අරමුදලක් ආරම්භ කරමුද? :) :) :)

    ඒ වගේම මේ අවස්ථාවේදී මා මේ සභාවේ යෝජනා කරනවා මින් පසු කකාව, කයි කතන්දර ලෙස නම් කිරීමට...

    ReplyDelete
    Replies
    1. ඕව කියන්න ගිහිං අකුරු වරදීද දන් නෑ මචං කාල බීල ඉන්න වෙලාවල :D

      Delete
    2. නරකද "බ්ලොග් භූෂණ" වගේ නම්බු නාමයක් හරි බ්ලොග්වේදී ආචාර්ය උපාදියක් (Doctor of Blog) දූන්නොත්

      Delete
    3. මම දීලා තියෙන්නේ බ්ලොග් සක්විති කියලා...

      Delete
    4. ඇයි මචං T හතරක්ම තියෙන්නෙ ....
      එහෙනං එහෙම නම් කරමු...... හැබැයි වචන ටැපලුනොත් උඹ වග කියන්න ඕන.....

      Delete
    5. T 56 ක් තිබුනොත් තමයි බය...

      Delete
    6. //අපි කකාට ටී ෂර්ට් එකක් අරන් දෙන අරමුදලක් ආරම්භ කරමුද? // :D

      Delete
    7. ළමයිනේ මට මේ ජාතියේ ටී ෂර්ට් තුනක්ම තිබේ. මා බ්ලොගයේ දමන්නේ වැඩිපුරම මේ ටී ෂර්ට් එක ඇඳ ගත් ඡායාරුප ය. ඒ බොහෝ ඡායාරූප බ්ලොගය සඳහාම ගත් ඒවාය!

      http://kathandara.blogspot.com/2010/04/sbu-fashion-parade-kk-bm6.html

      Delete
    8. ඕවා ෆොටෝෂොප් වැඩෙයි කියලා දේශකයා ලියලා තිබ්බා මෑතකදි..

      Delete
  9. මං බලපු ‍ෆිල්ම් එකක හිටියා කලාකරුවෙක්......ඔහුගේ නිර්මාණ රසවිදිය හැක්කෙ ඔහුටත් ඔහුගේ පුතාටත් පමණයි....සමාජය කෙරෙහි ඔහුගේ කළකිරීම කෙතරම්ද යත් ඔහු සමාජයට දඩුවම් කරන්නේ ඔහුගේ නිර්මාන සමාජයට අහිමි කිරීමයි....

    හැබැයි කතන්දරේ කියවන කොට මට තේරුන තව දෙයක් තමයි හොද නිර්මාන සමාජගත නොකිරීමෙන් මෙන්ම අප්සැට් නිර්මාණ සමාජගත කිරීමෙන්ද ද්දෙවිදියකින් නමුත් එකම එකම ආකාරයේ පලිගැනිමක් සමාජයෙන් කල හැකි බවයි...:))

    ReplyDelete
    Replies
    1. That's exactly what Kaka is trying to achieve
      :)

      Delete
    2. සමාජගත නොකර ඒවා හොඳ නිර්මාණ ද අප්සැට් ඒවා ද යන්න තීරණය කරන්නේ කෙසේදැයි දන්නේ Mayya පමණක් ම විය යුතුයි!

      Delete
  10. නිහඩ කළාකරු කියන්නෙ ඇත්තේ පොර “කලා රිටක්“ නිසා වෙන්න ඇති !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු වැඩිය කතා බහ නැති නිහඬ පොරක්.

      Delete
  11. ඇත්තෙන්ම කලාවක් රසවිඳීමත් කලාවක් තමානෙ.

    ReplyDelete
  12. කවිකාරයෝ දැන් හරියට ඉන්නවා. කොච්චරද කියනව නම් ඒ ලියන කවි කියවන්න කෙනෙක් නැහැ.ඔක්කමල කවි ලියන නිසා. ඒත් කවි පොත් , පොත් කඩවල විකිණෙන්නැති වෙලා.
    මම නම් කවි වගේ ඒව ලියන්න පටන් ගත්තේ 2009 විතර.ඒත් හොරාට. මම කතාන්දර ලියපු කවි වලින් තාමත් කැමැති අර දිව්‍ය ලෝක කවි වලට තමා....ඒ කවි මම ඉදහිට අදටත් බලනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔය කියන කයි කතන්දරේට පාර.
      http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

      හැබැයි ඉතිං මේ සොසී කියන්නේ ඔහේ කැමති ඔහේ ලියපු කවි කියවන්න විතරයි කියන එක නේද?

      Delete
  13. කකාගේ කයි නං මෙලෝ රහක් නෑ. ඒත් ඉතින් කමක් නෑ. මොකද ඔව්වා බලන්න නෙමෙයි නේ මිනිස්සු මේකට එන්නේ. අපේ ඇනෝ කොමෙන්ට් බලන්නනේ.

    ඒක නෙමෙයි කකා, හැබැටම අර උපසාන්තගේ පුක හොරකම් කරපු ලක්බිම පත්තරේ ඒක නිවැරදි කරලා දාලද? උපෙයා ඔන්ලයින් නෑ. උපෙයා විතරක් නං මදෑ, අපේ රාජ් එහෙමත් දැන් දවස් දෙකක් විතර ඉදලා දැක්කේ නෑ.
    රාජ්ගේ කොමෙන්ට් එකක් දකින්නේ නැතිව නිකන් කෑවේ නෑ වගේ කකා.

    ReplyDelete
    Replies
    1. රාජ් දෙකක් දා ගනිපු වෙලාවක එකදාස් නවසිය බර ගනන් වල ටැබුවා ඉන්න කාලෙ කමෙන්ට් කැපුවා කියලා කතාවක් ඇදගෙන ඇනෝලාගෙන් පුක රත් වෙන්න ඉල්ලා ගත්තා. ඊට පස්සෙ වැඩි සද්දයක් නෑ. සති අන්තෙ නම් කොහොමටත් එන්නෙ නෑ, මොකද එයා එන්නෙ ඔෆිස් එකේ නොමිළේ ලැබෙන කනෙක්ෂන් එකෙන්. ඔන්න අපේ රටේ මහජන මුදල් නාස්ති වෙන හැටි.

      Delete
    2. ඇනොලාට බය සමහර ප්‍රොෆයිල්කාරයෝ තමයි බොරුවට ඇනෝ ඇවිත් රාජ් එක්ක ගේම ඉල්ලන්නේ. ඒ ප්‍රොෆයිල්කාරයෝ එහෙම කරන්නේ රාජ් වගේ අය අපේ ඇනෝ අදහස් වලට ඉඩ දීලා තියෙන හින්දා සහ අපි එතකොට අර මුලින් කිව්ව ප්‍රොෆයිල්කාරයන්ගේ වැඩ කිඩ එලි කරනා හින්දා.

      වෘත්තිමය කොමෙන්ට්ස් කරුවෝ වන අපි නං රාජ්ට කැමතියි. උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් වන කකාටත් අපි කැමතියි. ඒ හින්දනේ අපි දවසෙම මේකේ ලැගලා ඉදගෙන කොමෙන්ට්ස් දාන්නේ.

      අද ලක්බිම පත්තරේ දාලා තියෙනවා උපසාන්තගේ පුකේ හොරකම ගැන. ඒකට කණගාටුව ප්‍රකාශ කරලා දාලා තියෙන්නේ.

      වැස්සක් එන්න යන්නේ. මම යනවා ඇඟපතරත්කරගන්න අවශ්‍යය අඩුමකුඩුම ටික ගෙන්න. පස්සේ එන්නං.

      Delete
    3. ඇනෝලාට ඉඩ දීම නම් හොඳ තමයි, ඒත් දැනට අක්‍රිය බ්ලොග්කරුවකුට පහර දුන් එක නම් අන්තිම ජඩ වැඩක්. හැබැයි ටැබූ කමෙන්ට් කැපුවා කියලා එක සාක්ෂියක් හරි ඉදිරිපත් කරන්න බැරිවුණා.

      Delete
    4. මොකක්ද මේ රාජ් සහ ටැබූ ගැන කියන කතාව?
      මං දන්න විදියට රාජ් බ්ලොග් කියවන්න එන කාලේ වෙනකොටත් ටැබූ ගේ බ්ලොග් එක වහලා!
      http://kathandara.blogspot.com/2012/05/some-photos-sent-by-taboo.html?showComment=1336271457992#c7592615744057045244

      Delete
  14. කකා කොච්චර කුම්මැහියෙක්ද කියනවා නම් අර බ්ලොග් හමුවෙදි නිකම් හම්බවෙච්චි ටී-ෂර්ට් එක තමයි හැම තැනම ඇඳගෙන යන්නෙ.

    ReplyDelete
    Replies
    1. නොදැන කියනවා යැයි සිතා ලියමි.

      මේ ටී-ෂර්ට් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයෙන් 2010 දී නිපදවූ ඒවා ය.

      http://kathandara.blogspot.com/2010/04/sbu-fashion-parade-kk-bm6.html

      මම ඉන් තුනක් මිළට ගත්තෙමි, එසේ කළේ එවිට කතන්දර බ්ලොග් එකේ ලිපිනය කමිස අතේ සටහන් සටහන් කර ගත හැකි නිසාය.

      කමිස තුනක් ඇති නිසාත්, මේවා අඳින්නේ කතන්දර බ්ලොග් එකේ වැඩ සහ වෙනත් එවැනි කටයුතු සඳහා පමණක් නිසාත් මගේ මේ ටී ෂර්ට් තුනම තවමත් ඉතා හොඳ තත්වයේ පවතී.

      Delete
  15. කලාකරුවෙක් වෙන්න කවි, කතා ලියන්නම ඕන නැහැනේ.. විවිධ කලාවන් තියෙන්නේ. බස් එකේ හොරෙන් යන එකත් කලාවක්. ඉතිං ඒකාත් කලාකාරයෙක්..

    ReplyDelete
    Replies
    1. ඇයි කලාකිරිඤ්ඤකාරයෝ?

      Delete
  16. දැන් මේ රටේ ඉන්න තරමක් ඉන්නේ දේශප්‍රේමින්,මාධ්‍යවේදීන්,කලාකාරයෝ,පිරිස් තමයි.

    ReplyDelete
    Replies
    1. ඊයා, හැමෝම කලාකාරයින් නම් මං මේ උත්සාහය අතහැරලා වෙනිං මොකෙක් හරි වෙන්න ට්‍රයි කරන්න ඕනෑ!

      Delete
  17. කලා නිර්මාණ රස විඳින්නට හැකි පුද්ගලයත් කලාකරුවෙක් ගණයට වැටෙනව කියල මම හිතනවා,මොකද රසවිඳීමේ කාර්යයත් හැමෝටම කරන්නට නොහැකි නිසා.

    ReplyDelete
    Replies
    1. එතකොට අර රසිකයා කියන එකා? ඌ මොකාද?

      Delete
  18. හැබෑට කකා අපේ තිප්පොලේ ඔහොම එකක් තිබුනාද කියාවත් අපි දන්නෙ නැහැනේ අප්පා. . .

    ReplyDelete
  19. කලාකාරයෝ කියන කට්ටිය දැන් හැමතැනම ඉන්නවනේ. ඒ නිසා කතන්දරකාරයා කියන නම ඊට වඩා යුනීක්.

    අර හස්තද්වාරයෙන් එළිදක්වපු 'මායාවෝ' පොතට මොකද වුණේ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.