Friday 16 May 2014

හැපි බර්ත්ඩේ බුදු සාදු! - Happy Birthday Buddha!


වෙසක් උත්සවය සමරන්න මං හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා ෆේස් බුකියේ දාලා තිබුණු ස්ටේටස් අප්ඩේට් එක දැක්ක සමහරු ඒ ගැන තරමක අප්‍රසාදය පළ කරලා තිබුණා.

අප්‍රසාදය ඒ විදියට තරමකින් නතර වුනේ නං ඉතිං ෆේස් බුකියේ ඉන්නේ පොතේ හැටියට යාළුවෝ නිසාත්, ඒ යාළුවන්ට ඇනෝනිමස් ආතල් ගන්න බැරි නිසාත් වෙන්න පුළුවනි!

මගේ උත්තරේ වුනේ මේකයි.

ඇයි ඉතිං ඒ හැපි බර්ත්ඩේ බුදු සාදු! සුභ පැතුමේ තියන වරද?

ඒක ඉංගිරිසියෙන් තියෙන නිසාද?

නමුත් ඉතිං හැපි බර්ත්ඩේ කියන්නේ ගුඩ් මෝනින්, තෑන්ක් යු, එක්ස්කියුස් මී කියනවාටත් වඩා සිංහල යෙදුමක් නේ!

ඇත්තටම වෙසක් ය කියන්නේ බුදු සාදු ගේ උපන් දිනය කියලා තාම හිත කුරුවල් වෙලා නැති පොඩි එකෙකුට කීවොත් ඒ ළමයා එදා බුදු පිළිමයක් දැක්කාම හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා කියන්න සෑහෙන්න ඉඩ තියෙනවා.

පොඩිහිටියෙක් නොවෙයි වැඩිහිටියෙක් උණත් හැපි බර්ත්ඩේ බුදු සාදු! නොකියා කොහොම විෂ් කරන්නද කියලා මට නං තේරෙන්නේ නෑ.

මොකද, යනවාට වඩිනවා, කනවාට වළඳනවා, නිදාගන්නවාට සැතපෙනවා වගේ වෙනම ගෞරවාන්විත වචනයක් තියෙනවායැ කියලයැ උපන් දිනේ ට?

අනිත් කාරණය තමයි ඔය වඩිනවා, වළඳනවා, සැතපෙනවා වගේ කෑලි සිංහලෙන් තිබුණාට අපි දන්න ඉංගිරිසියේ නං ඕවාට ගිහියන්ට එක වචන සෙට් එකකුයි, ලොක්කන්ට එකකුයි නෑ.

එනිසා හැපි බර්ත්ඩේ බුදු සාදු! නම් හැපි බර්ත්ඩේ බුදු සාදු! ම තමයි!

හැබැයි මෙහෙම එකක් තියෙනවා.

මං ඔය කියන විෂ් එක කෙරුවේ වෙසක් දා නොවෙයි. ඊට පහුවෙනිදා.

ඒ හින්දා ඇත්තටම නං කියන්න ඕනෑ, හැපි බිලේටඩ් බර්ත්ඩේ බුදු සාදු! කියලයි.

ඉස්සර හිටි සාදුලා නොකලාට දැන් කාලේ අපේ පොඩි සාදුලාත් බුදු සාදුට විතරද හොඳ කියලා හිතිලා ද කොහෙද තමන්ගේ බර්ත්ඩේ පාටි ජයටම ගන්නවා නේ වර්ග මීටරේ විතර කේක් ගෙඩිඅප්පු ලා හදලා.

අන්න ඒ වගේ පාටි එකකට ආරාධනා ලැබිලා ගියොත් කියන්න වෙන්නෙත් ඉතිං හැපි බර්ත්ඩේ පොඩි සාදු! කියලා තමයි! හැබැයි අමතක කරන්න එපා ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න තිස්ස වගේ වැඳගෙනයි හැපි බර්ත්ඩේ ගීතය ගායනා කරන්න ඕනෑ!

-කතන්දරකාරයා

ප/ලි:
තවත් එකක්.

මේක බුදු සාදු ගේ තෙමගුල නේ. උප්පත්ති මංගල්‍යය, බුදු වීමේ මංගල්‍යය සහ පිරිනිවන් මංගල්‍යය. ඉතිං අනිත් මගුල් දෙකටත් අර ආකාරයෙන්ම විෂ් කරන්න වෙනවා.

කොන්ග්‍රැජුලේෂන්ස් ඔන් යුවර් ග්‍රේට් ඇචීව්මන්ට් බුදු සාදු! වෙල් ඩන්!

මයි ඩීපසට් සිම්පතීස් ඇන්ඩ් හාට් ෆෙල්ට් කොන්ඩෝලන්සස් රාහුල සාදු!

(image: http://gallery.lankagossip.info/2014/03/pitiduwe-siridhamma-theros-birthday.html)

79 comments:

  1. උදේ පාන්දර නමෝ විත්තියෙං කකාට කමෙන්ට් එකකින් සංග්‍රහ කරන්න ආවම දැක්කෙ අර ඩොජ් ලොරියක් වගේ අර ගණගෙඩියගෙ මූන. තුක් ..

    මං යනවා කකා. මූඩ් එකත් අප්ෂැට් ගියා.. ඕ යේස්..

    පස්සෙ එන්නං කකා... අද" මං එක " කියන සතුට මැරෙනකං මගෙ හදවතේ තියේවි.. අද කෑම එපා. හැන්දෑවට EGB විතරයි..

    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලී භයියා,

      සිරාවටම! අයියණ්ඩි කිව්වට පස්සේ තමයි මම ජී, ඉමේජ් එක ලෝඩ් කරලා බැලුවේ!!!! (දන්නැද්ද ඉතින් අපේ රටේ කනෙක්ෂන්වල ස්පීඩ්!!!)

      මටත් ඔය කැණ ගරියව පේන්න බෑ!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මොකා :D

      රහතන් වහන්සෙ කෙනෙක් පිල්ලියා රහතන් වහන්සෙ කෙනෙක්..!!!

      Delete
    3. @ පත්තර මල්ලි

      ඇයි EGB බොන්නේ කොත්මල්ලි වතුර එපා වෙලාද?

      Delete
    4. ඇත්තටම සෝමා ලා, තිස්ස ලා, දුමින්ද ලා කොහොම විෂ් කළා ද දන්නේ නෑ සමන්ත බද්දර ට!

      Delete
    5. කකා .. චැහ්. අපි නෑ නොවැ සිල්පද කඩන්නෙ. ඊටත් මේ වෙසක් සතියෙ :D

      විශ් කරන්ඩ ඇත්තෙ මං හිතන්නෙ පුලුවං තරං ඉක්මනට සමන්තභද්‍ර ට
      " කසාදයක් බැඳං පිලිවෙලක් වෙන්න ලැබේවා !!! "
      කියල .. බොරුනං මෙන්න කණ .. කපනව කිව්වොත් කපනවා..ඕ යේස්

      Delete
    6. කරුණාකර රහතුන්ට අපහාස කිරීමෙන් වළකින්න.

      Delete
    7. /මටත් ඔය කැණ ගරියව පේන්න බෑ!!!/

      මට නම් ඔය කණ ගැරි එකෙක් වත් පෙන්නන්න බෑ. දන්න මඟුලකුත් නෑ. කරන්න පුළුවන් දේකුත් නෑ. හැසිරෙන්නෙ ලෝඩ් පකීර්ලා වගේ. අඩු ගානෙ යට ඇඳුමක් අඳින්න වත් සංවර කමක් නෑ. ගන්ටාරෙ හොල්ල හොල්ලා යන්නෙ.

      Delete
    8. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. දැන් ඔතනදි සෝමා උපාසිකා මාතාව විසින්, සමන්තභද්‍ර බුදු හාමුදුරුවන්ට විස් කොරන කොට කිස් එකක් දුන්නොත් අවුල්ද?????

      Delete
    9. / දැන් ඔතනදි සෝමා උපාසිකා මාතාව විසින්, සමන්තභද්‍ර බුදු හාමුදුරුවන්ට විස් කොරන කොට කිස් එකක් දුන්නොත් අවුල්ද?????/

      කිසිම අවුලක් නැත. රහතුන්ට කෙලෙස් නොපහළ වේ. ඒ නිසා සෝමා උපාසිකා මාතාව එතනින් එහාට ගොස් සමන්තභද්‍රගේ අහවල් එක කිස් කළද ඔහුගේ සිල් නොබිඳේ. මේවා අහන්නත් ඕනැ ප්‍රශ්නද බං?

      Delete
    10. http://payloog.com/?invite=446690

      Delete
    11. පින්තූරේ ඉන්න බර්ත්ඩේ බෝයිගේ වම් අත තියෙන තැන බලන්නකෝ...සීලේ තරම...

      Delete
    12. රහත් වෙන මාර්ග දුමින්ද ගාවත් ඈති

      Delete
  2. එතකොට බුදු සාදු පිරිනුවන් පෑවාම ගහපු බැනර් එක කොහොම තිබුන දන්නෙ නෑ නෙද?
    "නිවන් සැප ලැබේවා" කියන්න බෑනෙ මොකද ඒ වෙනකොටත් නිවන් හිහින්නෙ.
    මම හිතන්නෙ "කොන්ග්‍රැජුලේෂන්ස් බුදු සාදු" කියල තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් - නිවන් පුරේ සුව විඳ සැනසෙන්න සමිඳුණි!

      ඉංගිරිසියෙන් - Enjoy your well earned eternal rest. You deserve it!


      Delete
    2. කකා වැරදියි. එතැනදි මොකුත්ම කියන්න බැහැ.

      Delete
    3. Belated wishes for attaining Nibbana කිව්ව නම් හරි නේද?

      Delete
  3. @ කාකා ජී,

    අනේ ප්ලීස් කාකා ජී........!!!!! අර සමන්ත භද්‍ර වෛශ්‍ය පුත්‍රයාගේ මූණත්තහඩුව මකලා දාන්නකෝ!!!!!!!!
    ඒ මාර්ගඵලලභී උත්තමයාගේ රන් රුව පේනකොට මේ දේවදත්ත පැටියගේ ලේ කෝප වෙනවා!!!!!!!

    සිරාවටම!!!!!1

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මං නම් ඒ හාමුදුරුවන්ගේ බන අහන්න ආසයි. ඇත්තටමයි. ඒ දේවල් වල ජීවිතේට වැදගත් ගොඩක් මගපෙන්වීම් තියෙනවා.

      Delete
    2. බන තලා ගන්නත් ආස ඇති නේ?

      Delete
    3. මං පිරිමියෙක් නෙමේනේ අනේ එවුවා බලන්න ආස වෙන්න :D

      Delete
    4. ඕන මගෝඩියෙක් කහ රෙද්දක් පෙරවගෙන ඇවිත් දොඩවන ඒවා අහන්න එපා ඔමා. ඔය අංගොඩ ඉන්න ඕන බුවෙක් තමයි සෝමක්කලා උඩ තියාගෙන ඉන්නේ. ඔයාත් ඒ වගේ ඔමාක්කෙක් වෙන්න එපා.

      Delete
    5. මන් කිවේ ජීවිතේට වැදගත් දේවල් තියෙනවා කියලා, ඔහුගේ පවුද්ගලික ජීවිතය මට වැදගත් නැහැ , යු ටුබ් එකේ තියෙන දේශනා අහන්නේ මන්. ඒ නැතුව ඇබ්බැහි වීමක් හෝ ඔහුව වන්දනා කිරීමක් නැහැ ,,

      Delete
    6. පොර ඇවිල්ලා මයික්‍රො බයලොජි කරපු එකානේ.. විද්‍යාවයි බුදුදහමයි මික්ස් කරලා පොඩි ආතල් එකක් දෙනවා. අවුලක් නෑ බුද්ධියෙන් විමසලා පිලිගනිං ..
      මට නං දිරවන්නෙම නැති ගුටි කන මූණක් තියන හාල්පාරු ගණ ගෙඩියෙක් !!!

      Delete
    7. හි හි ඒ හින්ද තමයි බන්. මං ආසකරන දෙයක් අහනවා මිසක් එතනින් එහාට එකක් නැහැ ,

      Delete
    8. @ අපූර්වී දීදී,

      මම ජීට කියන්න තියෙන්නෙත් අරූ සහබ් (හික්z!) කියපු හරියම තමයි.....!!!!!

      උන්දැට, මිනිස්සුන්ගේ හිතට කාවදින විදිහට බණ කියන්න පුලුවන් නම්, ඒක උන්දැගේ ටැලන්ට් එක!!! නමුත්, තමුන්ගේ බිස්නස් ප්‍රමෝට් කරගන්න සිවුර පාවිච්චි කරන එක නම් පිළිකුල් වැඩක් නෙවෙයි ද??

      @ ඇනෝ දෝස්ත්,

      බොට "කොණ්ඩ ආස දෙක" එහෙම තලා ගන්න ආසාවක් නැතුව ඇති මයෙ හිතේ!!!!!!!!!

      @ අරූ සහබ්,

      අනිවා!!! ඔය සෝමක්කාම නේන්නම් අර ගාල්තැන්නේ වලත්තයාවත් ප්‍රමෝට් කරන්නේ!!!!!

      @ පත්තර මල්ලී භයියා,

      සිරාවටම! දැනටමත් ඔය මහත්තයාට සමහර ඒරියා "තනම් කලාප" බවට පත්වෙලා තියෙන්නේ!!!!!!

      මගේ රටට දළදා හිමි සරණයි!!!!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  4. " BIRTH IS SUFFERING ' KIYALA NEDA DESANA KARALA THIYENNE. SUFFERING {DUKA} KOHOMADA
    HAPPY WENNE.

    ReplyDelete
    Replies
    1. @ කැපිටල් දෝස්ත්,

      අරේවා!!!!! මේ තියෙන්නේ අප්පා පිලිතුරු!!!!!

      මචෝ උඹ බෞද්ධ ද?

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. good reply :)

      Delete
    4. ඇනෝ අංකල් දෙන්ඩද සිංදුවෙන් !!!

      පෙරුම් පුරනා බෝසතුන්ටත්
      මාර සෙන් සිටියෝ
      ඉතින් එහෙනම් අපට නැතිවෙද
      රුදුරු බාධාවෝ
      ""පැමිණි දුක්‌ කඳ පැණිරසක්‌ ලෙස
      බෝසතුන් සිතුවෝ""
      ඉතින් එහෙනම් අපිත් ඉවසමු
      දුක්‌ඛ ගංගාවෝ

      Delete
    5. this is how Buddhism been vanishing, lots of people talking without knowing basic

      Delete
    6. //lots of people talking without knowing basic// yes ඇනෝ .. කෙනෙක් ඉදිරිපත් කරන ,දේශනා කරන කරණයක සත්‍ය අපි දන්නවා නම් ඒ කෙනා කරන්නේ බොරුවක් කියලා කියන්න පුළුවන්, ඒත් ගොඩක් මේ හාමුදුරුවන්ට බනින අය ඇත්තටම ඒ ධර්ම කාරණා අධ්‍යනය නොකර තමයි රැල්ලට බනින්නේ

      Delete
  5. පෝස්ට් එකයි, පින්තූරෙයි එකිනෙකට ගැලපෙන්නෙ නෑවගේ..(හොරෙක්ගේ පින්තුරයක් දාල තියෙන්නේ)

    ReplyDelete
    Replies
    1. මොකද නොගැලපෙන්නේ?

      ඒ බුද්ධ පුත්‍රයෙක් ගේ බර්ත්ඩේ පාටියක ෆොටෝ එකක් නේ!

      Delete
    2. ඒකත් හරි නේන්නං කකා..
      බුදු හාමුදුරුවංගෙ උපන්දිනේ සමරන්න හොඳනං රහතන් වහන්සෙ කෙනෙක් පර්ච් එකක් විතර කේක් ගෙඩියක් කැපුවම හෙනගහනවද.. හරි තමා.

      Delete
    3. සංඝ සමාජයේ ඉන්නා ලොකු හොරුන් සමඟ සන්සන්දනයේදී සමන්තභද්‍ර යනු බොහොම පුංචි හොරෙකි.

      Delete
    4. අනික නිවන් දැකපු කෙනෙක්..

      Delete
    5. නිවන් දැකීම නොදැකීම කෙසේ වෙතත් සමන්තභද්‍ර මේ රටේ අනෙක් සංඝයියලාට වඩා සිල්වත් කෙනෙකි. අඩු තරමින් ජාතිවාදය හා තලේබාන් බුද්ධාගම ප්‍රමෝට් නොකරන එක ගැන අප ඔහුට ගරු කළ යුතුයි.

      Delete
  6. ගොඩක් රටවල වෙසක් සමරන්නේ, Buddha's Birthday කියලා තමයි. මේකෙ තර්කානුකූල අවුලක් නම් නැහැ... තියෙන්නේ අර පොඩ්ඩක් අපේ විඥානයට පටහැනි ගතියක් තියන එකයි.

    ReplyDelete
  7. හැපී බර්ත්ඩේ කියල කියන්න බුදු හාමුදුරුවො ඉන්නවයැ! හිටියත් මොකද්ද තියන වැඩේ. මේව ඇවිල්ල මෝඩයන්ගේ සහ ඊනියා, ‍"බුද්ධ දර්ශනය" පිලිපදිනවා යයි කියාගන්නාසම හරක්ගේ වැඩ.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් රාජ්. දුකටත් එක්ක හවසට සෙට් වෙමුද?

      Delete
    2. ඒක ඇත්ත රාජ්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඉපදීම දුකක් කියල. එතකොට ඒක හැපී බර්ත්ඩේ වෙන්නේ කොහොමද?
      අනික වෙසක් දවසේ සිදුඋනේ ඕක විතරද? සිදුහත් උපත, බුද්ධත්වය පත්වීම, පිරිනිවන්පෑම සිදුවුණා. කකාගේ තියෙන දුර්වල කමට ඔහු හිතං ඉන්නේ ඔහුගේ මතය තමයි හරි කියලා. ඊට පස්සේ ඒක තහවුරු කරන්න කියලත් තව මොනා හරි අදහස් ටිකක් දානව. කකා ගැන දුක සිතේ.

      ඒක නෙමේ රාජ්, මොකෝ ඊයේ පෙරේදා දකින්න හිටියේ නැත්තේ? රාජ්ගේ කොමෙන්ට් එකකට රිප්ලයි දැම්මේ නැති උනාම කෑවේ නෑ වගේ.

      Delete
    3. මොකෑ මම නොහිටියෙ! ඔහේගෙ කලින් කමෙන්ටුවටත් උත්තර දුන්න පෝය කියල බලන්නෙ නැතුව.

      Delete
    4. ETHAKOTA KAKATH HARAKEKDA

      Delete
  8. තට්ටයින්ට වට්ටම් දෙන ජපන් ආපන ශාලාව
    Published on Thursday, 15 May 2014 12:59

    ජපානයේ ටෝකියෝ නුවර පිහිටා ඇති 'ඔතාසුකේ' ආපනශාලාව වට්ටම් ලබා දෙන්නේ උත්සව සමයට නොවේ. ඒ වෙනුවට විශේෂිත පාරිභෝගිකයන් පිරිසකට වට්ටම් ලබා දීමට එහි පරිපාලනය තීරණය කර ඇත.

    මෙම විශේෂිත පාර්භොගිකයන් පිරිස වන්නේ තට්ටය පෑදෙමින් සිටින හෝ තට්ට හිසක් සතිත පුද්ගලයින්ය.

    එහි හිමිකාරිණියට මෙම අදහස පහළ වී ඇත්තේ සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ තොහොකු ප්‍රදේශය නැවත ගොඩ නැගීමට එරට මාසික වැටුප් ලබන්නන් දරන උත්සාහය අත්දැකීමෙන් අනතුරුවයි.

    එක් දිනක් පාරේ ඇවිදිමින් සිටින ඇයට බලන බලන අත දකන්ට ලැබී අත්තේ තට්ටය පෑදෙමින් සිටින පුද්ගලයන් වන අතර එයට බලපාන ප්‍රධානතම හේතුව අධික ආතතිය බවද ඇය තෙරුම් ගෙන ඇත.

    ඒ අනුව මෙලෙස අධික ලෙස වෙහෙසෙමින් රැකියා වල නිරත වන පිරිස් වෙනුවෙන් ඇය මෙම වට්ටම ලබා දීමට පියවර ගෙන ඇත.

    ඇය පවසන්නේ තට්ටය ලැජ්ජාවීමට කරුණක් ලෙස නොව ආඩම්බර වීමට කරුණක් ලෙස සැළකිය යුතු බවයි.

    Sri Lanka Mirror

    ReplyDelete
  9. මේ දවස් වල කොළඹ පාරවල් වල ඇති ට්‍රැෆික් එකේ වේලි වේලි සිටිද්දී නම් අපට හැපි බර්ත් ඩේ කියා විෂ් කරන්නට හිතෙන්නේ බුදු හාමුදුරුවන්ට නොව බුදු හාමුදුරුවන්ගේ අම්මා වූ මහා මායා දේවියටය. ඒ මදිවාට ආමි එකේ හරී හොඳ අයියලා ටිකක් විසින් ප්‍රධාන පාරක් බ්ලොක් කර පාර මැද දන්සැලක් දාලා. ඒ ආමි අයියලා ටිකත් අනෙක් ආත්මෙදි මගේම පුතුන් වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. උඹ මොන ආගමක උනත් මේ කමෙන්ට්ස් එක වැරදියි. ගොන් වස්සෝ බුදුන් වහන්සේට ජාති බේදයක් ආගම් බේදයක් නෑ. ඒක තේරුම් ගනින්. උන්වහන්සේ උතුම් වූ ධර්මය දේශනා කලේ තොපි වගේ සක්කිලි එවුන්ට නිවන් යන්ඩම නෙමේ. තොපි වගේ එවුන්ගෙ ඔය වගේ තියෙන සිතුම් පැතුම් නැති කරන්ඩත් එක්කයි.යකෝ එළියට බැහැල බලපන් ජාති ආගම් බේදයක් නැතිව මිනිස්සු බුදුන් වහන්සේට වන්දනා මාන කරන විදිහ. තෝ ඒව නොකෙරුවත් කමක් නෑ. ඔය වගේ මොට්ට දේ නොකිය හිටපං. උඹට ඒකම ඇති. ගොන් වස්සා..

      බුදුන් වහන්සේ තොපි වගේ උන්ට මෛත්‍රීය කරනවා. නමුත් පෘතග්ජන මිනිස්සු ඉන්න මේ ලෝකේ උඹට මෛත්‍රී වඩවන මිනිස්සු නැති වෙයි . පරිස්සමින් ජීවත් වෙයන්. මතක තියා ගනින්. මිනිස්සු මොන මොන දේ කියා ගත්තත් බුදුන් වහන්සේට ආගම් බේදයක් නැති විත්තිය

      සී.එන්.ටී

      Delete
    2. මෙන්න පින්වතුනි නියම බෞද්ධයෙක්. මේ වගේ බෞද්ධයෝ අපි ආදර්ශයට ගන්න ඕනැ පින්වතුනි. ඔබේ මෑණියන්ට බුදු සරණයි පින්වත. හැබැයි තමන්ගේ ආගම අදහන කොට මීට පස්සෙ වත් අනුන්ට කරදරයක් නොවෙන විදිහට ඒක කරන්න ඉගෙන ගන්න.

      Delete
    3. / ගොන් වස්සෝ බුදුන් වහන්සේට ජාති බේදයක් ආගම් බේදයක් නෑ./

      ඇයි උන්නැහේ සිංහල බෞද්ධ නෙවෙයිද? මං හිතුවෙ එහෙමයි කියලා.

      /උන්වහන්සේ උතුම් වූ ධර්මය දේශනා කලේ තොපි වගේ සක්කිලි එවුන්ට නිවන් යන්ඩම නෙමේ. /

      මං දන්න තරමින් සක්කිලි වුණත් නිවන් යන්න පුළුවන්. ඒත් ඉතින් ඔහේ කියනව නම් නිවන කියන්නෙත් එක්තරා තෝරා ගත් කට්ටියකට විතරක් උරුම දෙයක් කියලා ඒකත් හරි ඇති.

      /යකෝ එළියට බැහැල බලපන් ජාති ආගම් බේදයක් නැතිව මිනිස්සු බුදුන් වහන්සේට වන්දනා මාන කරන විදිහ. /

      ඇත්ත තමයි. මාත් දැක්කා මුස්ලිම් පල්ලියකයි ක්‍රිස්තියානි පල්ලියකයි බුදුන් වඳිනවා අද උදේ.

      /ඔය වගේ මොට්ට දේ නොකිය හිටපං./

      මං කියන්නෙ මට ඕනැ දේවල්. මං කියන්නෙ උඹට ඕනැ දේවල් නෙවෙයි. උඹට ඕනැ දෙයක් උඹ කියපං.

      /බුදුන් වහන්සේ තොපි වගේ උන්ට මෛත්‍රීය කරනවා./

      මැරුණු කෙනෙකුට මෛත්‍රිය කරන්න පුළුවන් කියලා දැනගත්තේ අදයි.

      /මිනිස්සු මොන මොන දේ කියා ගත්තත් බුදුන් වහන්සේට ආගම් බේදයක් නැති විත්තිය/

      එතකොට බුදු හාමුදුරුවො සර්වාගමිකද?

      Delete
    4. ඒ කොහොම වුනත් අර ලවුඩ් ස්පීකර් දාපු එවුන් නම් ඊලග වෙසක් එකට කලින් (පුලුවන් නම් පොසොන් වලට කලින් ) නිවන් යායුතුය

      Delete
    5. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය නිවැරදි ලෙස වටහා නොගත් ඇතැම් පිරිස් විසින් අනවබෝධයෙන් කරන වැඩ නිසා සමහරුන් අපහසුතාවයට පත් වන බව සත්‍යයක්. එය වෙසක් දිනයේ වැඩි වශයෙන් දැකගන්න ලැබෙනවා. නමුත් බුදුරදුන් ට අපහාස කිරීම ඒකට විසඳුමක් නෙමෙයි නේද? anonymous විදියට කමෙන්ට්ස් දාල අපහාස කරත් ඒකේ පාපය නම් ඔයාගේ පසුපස එනඑක වලක්වන්න බෑ!

      Delete
  10. තමා රහත් උතු මෙක්නම් එසේ තමන් විසින් කියවන්නේ නැති බව මාගේ දැනීමයි. එය පොතක පතක තියෙනවාද කියා මා අසා නැත. එහෙත් බුදුන් වහන්සේ බුදු බව ලබා ගත් පසු ඒ බව උන්වහන්සේ විසින්ම ප්‍රකාශ කරද නැත. නමුත් ඒ බැව් උන්වහන්සේ තමන්ගේ අධිෂ්ඨාන බලයෙන් ඔප්පු කලා. පොලෝ තලය ආකාශය මහ මුහුද කැළඹුණා. ඉතිං සමන්ත බද්‍ර හාමුදුරුවන් රහතන් වහන්සේ නමක් නම් උන්වහන්සේටත් කුමක් ශක්තියක් තිබිය යුතුයි. ඒ ශක්තියෙන් ප්‍රාෙයා්ගිකව ඔප්පු කරන්ඩ පුළුවන් තමන් රහතන් වහන්සේ කෙනෙක් විත්තිය.බුදුන් වහන්සේ ඉපදීම දුකක් යැයි වදාරන කල සමන්ත බද්‍ර හාමුදුරුවෝ එය සතුටක් කරගෙන උපන්දින සමරන්නේය.එය පෘතග්ජන හාමුදුරු කෙනෙකු කලා නම් කම් නැත. එසේ කරන්නේ තමන් වහන්සේ රහත් උතුමෙක් යැයි කියා ගන්නා කෙනෙකු විසින් වීම මහා පාපයකි.බුදුන් වහන්සේ උපන් දින සමරා නැත. නමුත් උන්වහන්සේගේ උපන්දිනය බෞද්ධයන්ට වටිනා නිසා ඔවුන් ඒ උදෙසා මහත් වූ පිංකම් වල නියැලෙති. ඔවුන් බුදුන් වහන්සේගේ උපත බුදුවීම පිරිනිවන් පෑම මංගල්ලයක් සේ සලකා ඒ වෙනුවෙන් පුද පූජා කරයි. නමුත් හැපි බර්ත් ඩේ බුදු සාදු කියා මලක් පූජා කරන්නේ නම් ඔහු කුමන ජාතියක කුමන ආගමක සිටියත් ඔහු බුදුන් වහන්සේට ගරු කරන පුද්ගලයෙක් වේ.

    සමන්ත බද්‍ර හාමුදුරුවන්ට අපහාස කිරීමෙන් අපට අත්වන වාසියක් නැත්තේය. ඔහු බොරු කරන්නේ නම් එහි අවාසිය උන්වහන්සේටම අත් වන්නේය.


    ReplyDelete
    Replies
    1. වැවා ..
      මට මතක හැටියට නැති ඉර්දි බල හා නැති මාර්ග ඵල තිබේ යයි පවසා පුද සත්කාර ලැබීම කියන එක පාරාජිකා වෙන්න එක හේතුවක් මචං.. !!

      Delete
    2. 1. බුදුන් තමන් බුදු බව ලබා ගෙන ඇති බව කිහිප වතාවක්ම ප්‍රකාශ කොට තිබේ. එනිසා රහත් ඵලයට පැමිණි කෙනෙක් එය ප්‍රකාශ කිරීමේ කිසිම වරදක් නැත.

      2. ප්‍රාතිහාර්යය පෑම ගැන කියන්නෙ නම් තමන් රහත් බව නොකියා කියූ ආනද මෛත්‍රිය වැන්නන් පවා එවැනි ප්‍රාතිහාර්යය දක්වා නැත. එසේ හෙයින් ප්‍රාතිහාර්යය පෑම අනිවාර්ය නොවේ.

      3. සමන්තභද්‍ර හිමි තමන්ගේ උපන්දිනය සමරා නැති අතර එසේ කළ අනුගාමික පිරිසක් ඉවසා වදාරා තිබේ. එය වරදක් නොවේ. උන් වහන්සේට උන් වහන්සේගේ උපත දුකක් වුවද අනුගාමිකයින්ට එය සතුටකි. එනිසා අනුගාමිකයින් විසින් එය සැමැරීම වරදක් නොවේ. (ලෝ පුරා බෞද්ධයින් බුදුන්ගේ උපත සමරන්නාක් සේම)

      Delete
  11. තමන් භාවිතා කරන භාෂාවකින් සුබ පැතුම් කලාට වරදක් නෑ. එහෙත් හාමුදුරු වරු උපන් දින සමරනවා නම් අන්න ඒකයි ගැටලුව. ඉපදීම දුකක් නම්. ගිහිගෙය දාලා ඇවිත් ඉපදුන දවස සතුටෙන් සමරනවා නම්......?

    sex සොයාන රටවල් අතර ලංකාව තවමත් පලමු තැන.. සංවාදයට එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  12. කකා, ඔයාට ක්ෂේත්‍ර කීපයක් හොඳ දැනුමක් තියනවා.වැඩිපුරම මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව හා රසායන විද්‍යාව සම්බන්ධ දැනුමක් තියන බව පේනවා.ඔයාගේ ප්‍රධාන විෂය මේ අතරින් කුමක්ද?ඔයා ජනමාධ්‍යය ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න කෙනෙක්ද? මැසිමදුරුවෙක්ද? මගේ අම්මා වසර 35 ක විශ්වවිද්‍යාල සේවයෙන් විශාමිකවයි දැන් ඉන්නේ.මගේ එකම නංගි වෛද්‍යවරියක්.මම වෘත්තියෙන් රාජ්‍යය ආයතනයක ඉහළ කළමනාකාරීත්වයට අයත් මාණ්ඩලික නිලධාරියෙක්.මම ගොඩක් කැමති වෙලා හිටියේ විශ්වවිද්‍යාලක අධ්‍යයන කාර්ය මණ්ඩලයෙහි පූර්ණ කාලීනව සේවයේ නිරත වෙන්නයි.නමුත් ඒකට වඩා විශාල සුදුසුකම් ප්‍රමාණයක් මා සතුව තිබෙද්දීත් මට වඩා අඩු සුදුසුකම් ඇති අයට ඒ අවස්ථාව හිමිවුනා.මා ජීවිතයේ දැඩි සේ අකමැතිම ක්ෂේත්‍රය වන පරිපාලනයේ උසස් මාණ්ඩලික නිලධාරියෙකු වෙලා අද ඉන්නවා.ඒක මම හිතකවත් තිබුනේ නැති දෙයක්.මම පෞද්ගලිකව සැර පරුෂ කෙනෙක් නෙවෙයි. නිවුණු කරුණාවන්ත කෙනෙක්.මම හිතන්නේ මම වඩාත් සුදුසු ගුරුවරයෙකුට කියලයි. පරිපාලනයට සුදුසු මහා වසවර්ති අයවනේ.හැබැයි මගේ යටතේ ඉන්න සේවකයෝ නම් මට හරි කැමතියි. ඒ අය මට හදිසිකටවත් වෙන තැනකට උසස්වීමකට වත් මෙහෙන් යන්න දෙන්නේ නැහැ.මට කැමති නිසා. සර් යන්න එපා සර් ගියොත් මේකට මොකා එයිද කියලා අපට බයයි කියලා තමා ඒ අය මට කියන්නේ.

    ඉතිං කකා ඔබගේ මේ ශාස්ත්‍රීය ව්‍යායාමයට මගේ ගෞරවය පුද කරනවා. මේක ඔයාගේ තනි වැඩත්ද නැතිනම් රාජ්‍ය නොවන සංවිධානයක මුදල් මත සිදුකරන සේවාවක්ද? කොහොම වුනත් ඔයාට ආර්ථික ලාභයක් තිබෙනවා නම් මම වඩාත් සතුටු වෙනවා.
    ඔබගේ පිළිතුරුදීම නතරවී ඇත්තේ ඔබ වෙනත් කාර්යයක නියැලී සිටින හෙයින් යැයි මම සිතමි. කුමක් වුවද ඔබගේ පිළිතුරු සැපයීම බලපොරොත්තුවෙන් සිටිමි.ඔබ ඊයේ මට ලබා දුන් පිළිතුරේ දැක්වූනේ ඔබ සිය කැමැත්තෙන්ම මෙසේ සේවය කරන බවකි.මමත් ඒ වගේම මගේ දැනුම ආකල්ප හා කුසලතාව අනුන්ගේ ප්රැයෝජනය පිණිස යෙදවීමට කැමති අයෙක්.මට ඔබගේ ශාස්ත්රීහය ලිපි රචනා කියැවූ විට ඔබ ඉතා බුද්ධිමත් උගත් අයෙක් යැසි සිතුනා.ඔබ පිළිබඳව යම් කිසිවක් දැන ගැනීමට මම කැමතියි.
    මම ඔයාගේ ප්‍රධාන ශාස්ත්‍රීමය ලිපි කියෙව්වට ඒ කියපු සටහන් කියවලා තියුනේ නැහැ.දැන් කියෙව්වා. ඒ ලිපි වල හැටියට ඔයා ගොඩක් තරුණ කෙනෙක් නෙවෙයි වගේ.මම හිතුවේ ගොඩක් තරුණ කෙනෙක් කියලා. ඒකයි විශාල ජීවිත අත්දැකීම් ප්ර්මාණයක් සමඟ විශාල දැනුම් සම්භාරයක් රැස් කරගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කකා සමරිසියෙක්ය කියලා ඇනෝ කොල්ලෝ කියන්නේ විහිලුවටයි හොඳේ.

      Delete
  13. ඔය විදියට සුබ පතන්ට පණ තියෙන කෙනෙක් වෙන්ට එපායැයි නේද? අනෙක බුදු හාමුදුරුවෝ ඕවට උත්සව පැවැත්තුව කෙනෙක් නෙමේනේ.

    අනේ කකා මගේ අලුත් පෝස්ට් එක update වෙලා නෑ..:(

    ReplyDelete
  14. සමන්තබද්‍ර ලොක්කා "නිවං ගියා" කිව්වේ කේක් එකේ ඉටිපන්දං ටික වෙන්ඩ ඇති

    ReplyDelete
  15. ඈත්තටම නිවන්යන්න නම් විෂ් කරන්න ඕනෑ-
    no more unhappy returns of the day !

    ReplyDelete
  16. WELL DONE කකා.WELL DONE කකා.

    Happy Happy Vesak..

    ReplyDelete
  17. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
    Replies
    1. @ මාමා ජී,

      බෲම්.........බෲම්.......බෲම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............පීප් පීප්ප්!!!!!!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  18. අපේ සමහරු ඉන්නවා thanks කීවොත් ඒක නිකන් මදිකමක් වගේ ඕනෙවට එපාවට කිවා වගේ , , ස්තුතී කීවම හරිම යටත්ව කීවා වගේ. ඔය fb එකේ ඉන්න බොහොමයක් දෙනා බොරුවට ගෑණු ළමයින්ට පේන්න සහ පිරිමි ළමයින්ට පේන්න තමයි ජාත්‍යාලය , ආගම් භක්තිය පෙන්නන්නේ විකාර.

    ReplyDelete
    Replies
    1. මේක විකාරලෝකයක් ඔමායා. එකකට එකක් තියෙනවා. ඇත්තටම මිනිසා දියුණු වෙලාද

      Delete
    2. දියුණුව කියන වචනයේ අන්තර්ගතය විශ්ලේෂණ කරන්ට වෙනවා අයියේ.. අනේ මන්ද මොලේ ලොකු වෙද්දී හදවත් හැකිලෙනවවත්ද කියලා හිතෙනවා..

      Delete
    3. @ අපූර්වී දීදී,

      අක්කණ්ඩිට සෑහෙන රිදෙන වැඩක් වෙලා තිබෙන බව පේනේ!!!!!

      එය එසේම ද??

      @ වැව් ඉස්ස්මත්ත ජී,

      දියුණු වෙලා නේන්නම්! අපේ මල්ලිගේ ෆෝන් එකට සිම් දෙකක් දාන්න පුලුවන්!!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  19. සුද්දෙක් එදා වෙසක් දවසේ මගෙන් ඇහුවා අද ලෝඩ් බුද්දගේ බර්ත් ඇනිවසරි එකද කියලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ ඌ කිව්වා අද ලෝඩ් හැමිල්ටන් කියලා කෙනෙකුගෙත් බර්ත් ඇනිවසරි එක කියල. දෙන්නම ලෝඩ්ස්ලා. ඒක නෙමේ ඇයි දන්නේ නැහැ බුදුහාමුදුරුවන්ටත් ලෝඩ් කියන්නේ.. මෙහේ සමහර ලෝඩ්ස්ලා චොර වැඩ කරලා හිරෙත් ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙයියන්ටත් 'ලෝඩ්' කියලා කියනවනෙ... 'Oh lord don't let me be misunderstood' කියලා සිංදුවකුත් තියෙන්නෙ?

      Delete
  20. කකා අනිත් දෙකට සුබ පතලා නැති එකට මාගේ බලවත් මෙවුවා එක.

    ReplyDelete
  21. බුදු හාමුදුරුවො සහ බුද්ධාගම කියන්නෙම දැන් බිස්නස් කරන අයගෙ තව එක වෙළද ද්‍රව්‍යයක් පමණයි.හැපි බර්ත්ඩේ කියන එකට විරුද්ධ වෙන්නෙත් මාකට් වැඩක් විදිහටම තමයි.ඒ ඇරෙන්න වෙන මොකුත් හැගීමක් නැහැ.මේක තමයි ඇත්ත.වචන කියන්නෙ මිනිසා විනාශ වෙන්න බලපාපු තව දෙයක් විතරයි.අර ජර්මන් නාට්‍යය කස්පා බැලුවනම් ඒක තේරෙයි.

    ReplyDelete
  22. තමං රහත්ය කියාගන්න අය ඉන්න කාලේ හැපී බර්ක් ඩේ බුදු සාදු කිව්වත් වැරැද්දක් නෑ මයෙ හිතේ.............

    ReplyDelete
  23. සම්බුදු තෙමගුල සැමරීම කරන්නෙ පහන් සංවේගය ඇතිකරගෙන දාන සිල භාවනා වැඩීමට වීර්යය කරන්න මිසක් කේක් කාල සිංදු කියල පසිඳුරන් පිනවීමට නෙමෙයි.

    ඉතින් මට හිතෙන විදියට ඉපදීම දුකක් කියල වදාල බුදු සමිඳුන් හට කොහොමද සුභ උපන්දිනක් හෝ Happy Birth day එකක් වෙන්නෙ. "බුද්ධාලම්භන ප්‍රීතිය වඩන සිත් සතන් සනහන සුපහන් දිනක් වේවා!" කීව නම් තමා හොඳ

    ReplyDelete
  24. හයියෝ කෝ අප්පා මේකට කවුරුවත් බැනලා එහෙම නෑනෙ. මන් ආවෙම බැනලා දාලා තියෙන කමෙන්ට් කියවලා යන්න. ශික්ස්. බලාපොරොත්තු සුන්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.