Wednesday 21 May 2014

ඇති පදං බස් තියෙද්දී කාර් එකේ ගෙදර යෑම - Free and easy travel plan goes crazy!


සාමාන්‍යයෙන් කතාවට කියන්නේ "බස්තියං ඇයි පයින් යන්නේ?" කියලනේ.

හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්!

දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක.

මේ කාලේ හාමිනේයි මායි, අපි දෙන්නා, අළුත බැඳපු ජෝඩුව, අර සත්ගුණවත් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ගෙදර කුලියට ගන්න වැඩේ හරි ගියේ නැති නිසා, කතන්දර හාමිනේ ගේ ගමන් පහසුව පිණිස පදිංචි වෙලා හිටියේ ගම්පහ අර රිමෝට් කොන්ට්‍රොල් ඇන්ටි ගේ ඇනෙක්සියේයි.

ඔය කියන කාලේදීම තමයි මං කලින් දවසක කියපු "අඩෝ! උඹ බැඳලා නේද යකෝ?" කියන කේස් එක වුණෙත්.

ඔය දවස්වල මං උදේට කරන්නේ ඇනෙක්සියේ ඉඳලා ගම්පහ ප්‍රධාන බස් නැවතුමට ඇවිදගෙන ගිහින් කොළඹ යන බස් එකක නැගලා හුලං වැදි, වැදී ෂපාන් එකේ ඉඳගෙන යන එකයි.

උදේට එහෙම වුණාට හවසට වැඩපොල ලඟ ඉඳලා ගම්පහට එන එක නං ටිකක් අමාරු වැඩක්.

මොකද, කොළඹ ඉඳලා එන ගම්පහ බස් මේ හරියට එන කොට කට කපලායි එන්නේ. යන්තං ඇඟිල්ලක් දෙකක් ගහ ගන්න විතරයි ඉඩ තියෙන්නේ!

නමුත් ඉතිං, වැඩ ඇරුණම ගෙදර නොයා මක් කරන්නද?

අනික, මේ බැඳපු අළුත!

ඔය දවස්වල අපේ වැඩපොලේ හිටියා තවත් හාදයෙක් ගම්පහ පැත්තේ ඉඳලා වැඩට එන. ඒ මදිවාට පොරට සමහර දවසට ගෙදර යන්නේ කාර් එකකයි.

සමහර දවස්වලට ඔන්න ඉතිං මටත් පොට්ට චාන්ස් එකක් වදිනවා ඒ කාර් එකේ නැගලා ගෙදර යන්න.

දවසක් මං දැක්කා, මංතුමා වැඩ ඉවර කරළා පිටත් වෙන්න හදන කොටම අපේ කාර්කාර පොරත් පිටත් වෙනවා.

"මිස්ට මලිත් ගම්පහ නේද යන්නේ?" මං ඇහැව්වේ බලාපොරොත්තු නිකං ඔලිම්පික් පහනක් වගේ දල්වාගෙනයි.

"ගම්පහ තමයි යන්නේ, බැහැයි ඊට කලින් වෙනිං ගමණක් යනවා පාදුක්කේ, ටිකක් පරක්කු වෙයි!" මලිත් කිව්වා කාර් එකට නගින ගමන්.

"හා කමක් නෑ! කොහොම හරි අන්තිමට ගම්පහ හරහා නේ යන්නේ". මං පුරුදුකාරයා වාගේ කාර් එකට පැන්නා.

"හැබැයි අපි පරක්කු වෙනවා!" පොර ආයේ පොඩි වෝනිං එකක් දුන්නා.

මං බැලුවා වෙලාව. හවස හතර හමාරයි. මේ වෙලාවට කොළඹ ඉඳලා එන බස් ගැන කියලා වැඩක් නෑ.

මං "ඕ.පු. මොනවා වුණත් කාර් එකේ යන එක තරම් සැපක් කොහෙද බස් ගමනේ?" කියලා හිතලා තවත් හරි බරි ගැහිලා වාඩි වුණා.

කාර් එක යන්න පිටත් වුණා.

එහෙනං මං කියන්නං පොඩි කතාවක් අපේ කාර්කාර මලිත් පොර කතන්දරයක් කියන්න පටන් ගත්තා.
ඔන්න දවසක් අපි යාළුවෙක්ව ඩ්‍රොප් කරන්න වෑන් එකේ කටුනායක එපාපෝට් එකට ගියා හවස් වරුවක. එතනින් ආපහු එන්න එන කොටම එයාපෝට් එකේ වැඩ කරන දන්න කියන ගම්පහ මනුස්සයෙක් මුණ ගැහුණා වැඩ ඇරිලා ගෙදර යන්න යන.

මිනිහා ඇහැව්වා ගම්පහට නේද යන්නේ? මටත් එන්න පුළුවනිද කියලා.

මං කිව්වා, ගම්පහ තමයි යන්නේ හැබැයි අපි මුලින් අනුරාධපුරේ ගිහින් තමයි ගෙදර යන්නේ කියලා.

ඒත් මෑන් හිනාවෙලා කාරෙකට නැග්ගා. අපි මීගමුව පහු කරලා යන කොට පොර තරමක් නිදි.ඒ් වෙනකොට නං මෑන්ට තේරිලායි තිබුණේ කර ගත්තු වැරැද්ද. අන්තිමේදී අපි පුත්තලම හරහා අනුරාධපුරේට ගිහිල්ලා ඒ ගිය වැඩේ පැයකින් දෙකකින් විතර කරගෙන ආපහු ගම්පහට එන කොට රෑ එකත් පහුවෙලා!

ඉතිං ගම්පහින් දාන්නේ නැතුව අපි මෑන්ව ගෙදර ලඟටම ගිහින් බැස්සුවා.
මලිත් ගේ ඒ කතාව කියලා ඉවරවෙන කොට මටත් ටිකක් සැකයක් ඇති වෙලායි තිබුණේ මං කර ගත්තේත් අර මලිත් කියපු කතනාදරේ වගේම ගොං වැඩක් ද කියලා!

මගේ සැකය හරියටම හරි.

ඔන්න ඉස්සෙලාම මලිත් කාර් එකේ ගියා පාදුක්ක ට.

ඒ යන අතරේ අතර මග කඩේක පැය බාගයකටත් වැඩිය කල් ගත කලා.

පාදුක්කේ මලිත් ලා ගේ නෑ කෙනෙකුගේ ඉඩමක් බලන්නයි මේ ගමන ගිහින් තිබුණේ.

එතැනින් පිටත් වුනේ හවස හතත් පහුවෙලා.

ඒ වෙනකොට වැඩිය ට්‍රෑෆික් තිබුණේ නැති හින්දා ගම්පහට ආවා යාන්තං අටහමාර විතර.

වැඩපොළ ලගින් බස් එකක කොළඹට ගිහින් එතැනින් ආපහු බස් එකක (ඉඳගෙන) ආවත්, මට ගෙදර එන්න තිබුණා මීට පැයකට දෙකකට කලින්!

"බස්තියං කාර් එකේ යනවා" කියන්නේ මෙන්න මේ වගේ පරිප්පු කෑම්වලටයි.

කොහොම වුනත් කටුණායක ඉඳලා අනුරාධපුරය හරහා ගම්පහ යන එකට වඩා කිරිබත්ගොඩ ඉඳලා පාදුක්ක හරහා ගම්පහ යන එක තරමක් හෝ හොඳයි, නැද්ද මං අහන්නේ!


-කතන්දරකාරයා

(image: http://tvaraj.com/2012/08/18/six-word-saturday-august-14-2012-mad-guy/)

70 comments:

  1. අදත් හරිම රසවත් හැඟීම්බර කතාවක්

    ReplyDelete
    Replies
    1. රසවත් හා හැඟීම්බර කෙසේ වෙතත් අද කකා "කතාවක්" ලියලා තියෙනවා. වෙනදට ලියන්නෙ අපට "මේක කතාවක්ද?" කියලා අහන්න තියෙන ඉලව්වක්නෙ.

      Delete
  2. අනුන්ගේ කාර් එකක් පේන්න බැරි අය ඉන්නවා සමාර වෙලාවට...කාර් එකේ යනවා නං අපායට වුනත් කමක් නැහැ එයාලට..

    ReplyDelete
  3. බස් වල ගමන තමා අපි නම් ....අර බස්තියං කියන්නෙ මනුස්සයෙක්ට කියන නමක් නෙවෙයි ද ඈ ???????? බස් තියන් ? බස්තියං ??මේ දෙකේ අදහස වෙනස් නේ ???/??

    ReplyDelete
  4. බස් තියන් ලොරියක නැගලා.. රුපියල් 9ක දුරක් මම පැය දෙකකට පස්සෙ ගෙදර ආව.
    ලොරියෙ ආපු මගෙ යාලුවා මඟ ගැරේජ් එකකට ගියා උගෙ තව වාහනයක් හදනව බලන්න.
    වෙලා යන නිසා එතැන ඉදන් මම ආයෙ බස් එකක නැග්ගා :)

    ස්තුති මතකය අවදි කළාට :ඩී

    ReplyDelete
  5. මේක බලපුවාම මට නම් බස් එකක යන්ට හිතුනා... :D

    ReplyDelete
  6. බස් කියද්දි මතක් උනේ..
    කකාට කියන්ඩ කකා අපි බස් වල පිටිපස්සෙ දිග සීට් එකේ ඉඳං ගහපු ප්ලෑන් .. හදපු මාලිගා ..! පුහ්
    කර්ට්නුත් දාල.ඉස්සර්හ සීට් හෙන උසයි... දොරක් විතරයි අඩු පෙම් මුල්ල ට !!

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑති නිසා අහන්නෙ PM, ඒවට කියන්නෙ ප්ලෑන් ගහනව මාලිගා හදනව කියලද?

      Delete
    2. එහෙනං සිරිපාල දොරේ සීනුත් තියෙන්න ඇති

      Delete
    3. ප්‍රා ජේ.. චැහ් උඹේ කැත හිත.. අපි හැදුවෙ සිහින මාලිගා බොල. ඒකෙ ටයිල් දැම්මෙ රොසෙල්.. බිත්තිවලට නිපොලැක් :D අතින් අල්ලං ගියා විතරයි :D

      රාජ් අයියෙ..සිරාවටම මොකද්ද බං ඒ සිරිපාල සීන් එක.. අහලම නෑ කියහංකො

      Delete
    4. පම - බස්එකේ යද්දී බ්රේක් පාරක් ගහලා..

      Delete
    5. විදානෙ . රයිටෝ !!! :D

      Delete
  7. හැක් හැක්.. අච්චර වෝර්නිං දීලත් ඒ වෙලාවෙම නොබැස්ස එක නේ අවුල.. මරු..

    ReplyDelete
    Replies
    1. හා තව එකක් කියන්න අමතක උනා. කවදත් වගේ කකාගේ ටයිටල් එක ද්විභාෂිතව දැමීම අද නං උත්කුරුස්ටයි..

      Delete
  8. හප්පේ අර ඇනෝ කීව වගේ හැගීම්ම හැගීම් බර කතාවක්...
    අනේ අනේ....

    ReplyDelete
  9. ඔය වගේ වෙලාවට තීරණ ගැනීම අවදානම්. මෝඩකම කියල හිතෙනව සමහර වෙලාවට. ඒ වුනාට, අනාවැකි කියන්න වුනත් ප්‍රමාණවත් තොරතුරු තියෙන්න ඕනි. පරක්කු වෙලා හරි කාර් එකක හරි බරි ගැහිල වාඩිවෙලා යනවටත් වඩා, බස් දෙකක් තියන වෙලාවක ඉස්සෙල්ල යන බස් එක කියල හිතල එකකට නැගපුවහම ඒකා උපරිමයෙන් කොටන්න පටන් ගත්තොත් එහෙම අපට ලැබෙන තෘප්තිය වචනයෙන් විස්තර කරන්න බෑ.

    ReplyDelete
  10. ඇති පදම් බස් තියන් කාර් එකේ යනවා වගේ වැඩක්ම තමයි කකා ඇති පදම් ප්‍රොෆයිල් තියෙන බ්ලොග්කාරයින් වෙන කෙනකුට මඩ ගහන්න ඕනැ වුණාම ඇනෝ එන එක. හැබැයි වැඩේ මාට්ටු වෙනවා වැරදිලා තමන්ගෙ හැබෑ ප්‍රොෆයිල් එකෙන් ඇනෝ කමෙන්ට් එක වැටුණු දාට. ඉතාම ගරුකටයුතු බ්ලොග්කරුවකුටත් ඒ වගේ වැඩක් වුණා කකා ඊයේ පෙරේදා. හැබැයි ඉතින් පළ වෙච්චි බ්ලොග් එකත් යාළුවෙක්ගේ නිසා යාළුවා ඒක ටක් ගාලා මකලා දාලා ජාම බේරුවා. අන්න හොඳ යාළුවෝ!

    ReplyDelete
    Replies
    1. නහයෙන් පෙන්නන්න බැරිද මේ කවුද කියලා.:-)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. අච්චර කිව්වට පස්සෙත් නැඟපු නිසා කාර් අයිතිකාරයට දොස් කියන්නත් බැරි එකේ අච්චර රවුමක් නොගහා මෙච්චර දුරෙන් බේරුන එක ගැන සතුටු වෙන්නයි තියෙන්නෙ. :D

    ReplyDelete
  12. හැබැයි මම පාදුක්කේ ගිහින් යන්නේ ටිකක් පරක්කු වෙයි කියලා කිව්වම කකා කිව්වනම් එහෙනම් මම බස් එකේ යන්නම් කියලා ....ඔන්න කකා ගම්පහින් බහිනකොටම කකාට පේනවා අර කාර් එක කකාගේ බස් එක ඉස්සර කරගෙන යන හැටි

    ReplyDelete
  13. මේ දවස් වල නුවර පාරේ කිරිබත්ගොඩ හරියේ බස් එකේ හිටගෙන යනවට වඩා පැය දෙක තුනක් පරක්කු වුනත් වාහනේක යන එක හොඳයි කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  14. කකා, නොදන්න අයගේ කාර් වල නැගිලා යන්න එපා. කකාව කාර් එකේ දාගෙන පාළු පැත්තකට අරං ගිහිං අසභ්‍යය ක්‍රියාකාරකමක් කරයි කකාට. පහුවදා උදේට කාර් එකේ ගියපු එකේ රගේ කකාට තේ-රෙයි.

    ReplyDelete
    Replies
    1. නෑ කකා ගිහින් තියෙන්නෙ "ප්‍රොෆයිල්' කාර් එකක (දන්න කෙනෙක්ගෙ කාර් එකක) 'ඇනෝ' කාර් එකක නෙවෙයි.

      Delete
    2. ඇනෝ කාර් එකක යනවට වඩා "ප්‍රොෆයිල්' කාර් එකක යනකොට තමයි වඩාත් ප්‍රවේසම් වන්න ඕනා.

      Delete
    3. ඒක ඇත්ත. ඇනෝලගෙන් කකාට හිරිහැරයක් නෑ.

      Delete
    4. ඔය දෙගොල්ලම එකම කට්ටිය බං. දවල්ට මූණ ඇරගෙන එනවා. රෑට මූණ වහගෙන එනවා. බොරු නම් මාතලන්ගෙන් අහපං.

      Delete
  15. හඃ හඃ පවු අප්පා

    ReplyDelete
  16. 64- ටොයොටා කැම්රි එකක්ද ඔය කියන කාර් එක?

    මලිත් ට වැරැද්දක් කියන්න බෑ. පොර කියන්න පුලුවන් හැම විදියෙන්ම ඔහේට කියලනෙ පරක්කු වෙනවා කියලා.

    මලිත් හොඳ මනුස්සයා මොනවා වුනත්.

    ReplyDelete
  17. ඔව්වගේ අහඹු අකරතැබ්බවල් වෙනවා කකා. අපේ එවුන් ඉන්නවා ආ නැගපං මචං අපිත් එක්ක ගියැකි කියලා. අපොයි මුන් යන්නේ වෙන කොහේ හෝ මගුලක වල බහින්න. ඉතින් නැගපු එකා අනාතයි.

    ReplyDelete
    Replies
    1. .ඒ ඔක්කොමත් හරි මේන්න මේ කැල්ලත් හරි // විනය තකා ස්ටාෆ් රූම් එකට ගෙන්නයි කියලා මං ඇත්තටම බයේ ගැහි ගැහියි හිටියේ// කෙල්ලො ස්කුල් යුනිෆෝම් එකෙන් තෙමුනාම අර කිව එවනං විකන්නම හිතෙනවා තමා

      ඕයි.... ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මේ කියන්නෙ.... තමුසෙගෙ වල් වනචර කම් වල ඉවරයක් නැද්ද..... ගෙදර ගෑනිගෙන් ගන්න ඕනි ඒවා ඉස්කෝලෙ ලමයිගෙන් ගන්න හිතන කොයි වගේ නරුමයෙක් ද තමුසෙ...

      Delete
  18. ඒ උනාට කකා සන්තෝස වෙන්න ඕනි ඒ හාදයා අට හමාර වෙනකොට හරි ආයේ ගම්පහට ආපු එක ගැන. මොකද හදිසියේ වත් පාදුක්කට ගිහින් පොර කිව්වොත් මම අද මෙහෙ නවතිනවා කියලා, කකාට වෙන්නේ බස් එකේ ගම්පහට එන්න.

    නැත්තන් ඔය අනිත් කතාවේ පොර අනුරාධපුර ගිහින් හදිසියේම එහෙ නතර උනොත්?

    ReplyDelete
    Replies
    1. //ගමණක් යනවා පාදුක්කේ, ටිකක් පරක්කු වෙයි // කියල කිව්වනෙ මුලිම්ම

      Delete
  19. ට්‍රිප් එකක් ගියා වගේ නොවැ කකා,ගෙදර කරන්න හදිස්සි වැඩකුත් නැති එකේ අනුන්ගෙ වියදමෙන් රවුමක් දාල ආවට මක්වෙනවද.

    ReplyDelete
    Replies
    1. කකාගෙ ගමනට උපමා කරන්න පුළුවන් හොඳම දේ තමයි හැලපයියගෙ බ්ලොග් පෝස්ට් එකක්. එයත් එහෙම තමයි. කොළඹ ඉඳල ගම්පහට යන්නෙ පාදුක්ක හා අනුරාධපුරේ හරහා. හැබැයි හුඟාක් දවසට ගම්පහට යන්න අමතක වෙලාද කොහේද මඟ නවතිනවා.

      Delete
    2. ඒ අතින් මලිත් හොඳයි. ඌ යන තැන වත් කියල තියනව. හැලපෙ ඒකවත් කියනවයැ!

      Delete
    3. ඇනෝ මල්ලි දාන්න පහක්... ටොප් කතාව.. හැලපෙ සමහර වෙලාවට ගමන යන්නෙත් නෑ...

      Delete
    4. හැලපේ මහත්මයා,

      මේ කතාව ඔබ වරදවා තේරුම් ගනිතිය නොසිතමි. ජීවන අත්දැකීම් අතින් ඔබ කෝෂ්ඨාගාරයක් බඳුය. එනිසාම ඔබේ බ්ලොග් එක ජීවිතය යනු මේය කියාදෙන කැටපතක් වී ඇත්තේය.කිසිම සමාජ ආශ්‍රයක් නැති පුද්ගලයකුට පවා ඔබ කරන විස්තර මත පමණක් පාදකව හොඳ කෙටිකතා විස්සක් විසිපහක් ලියන්ට හැකිය සිතමි. මට ඇති එකම මැසිවිල්ල ඔබේ ශෛලිය නිසා සටහන් කියැවීම ඉතාම වෙහෙසකර කාර්යයක් වීමයි. ඔබේ සමාන්තර බ්ලොග් රචකයකු වන අරුණගේ සටහන් සමඟ සැසැඳීමේදී එය කැපී පෙණේ. අරුණගේ බ්ලොග් සටහන් මා සොයා ගත් දින රෑ නිදිමරා සියළු සටහන් සම්පූර්ණයෙන් කියැවීමි. ඔබේ සටහන් කවදා හෝ කියවා අවසාන කරන්ට මම බලපොරොත්තු වෙමි.

      Delete
    5. කවුද බං අරුන මොකද්ද ලින්ක් එක

      Delete
    6. ඇනෝ මහතාණෙනි,
      ඔබ උගත් බුද්ධිමත් මහත්මයෙක් බව ඔබේ ස්වරයෙන්ම පෙනීයයි.ඔබේ කතාව මා වරදවා තේරුම් ගනීයයි කිසිසේත්ම නොසිතන්න,සතර අගතියෙන් තොරව කෙරෙන මෙවන් සාධනීය විවේචනයන් අප කවුදැයි තේරුම් ගැනීමට අප ඉදිරිපිටින් තබා ඇති කැඩපත් ලෙස මා නිතරම සිතමි.එවිට මේ ලෝකය තුල අප කෙතරම් කුඩා මිනිසුන් දැයි අපටම දැක බලා ගත හැකි බැවිනි.
      දැන් ඔබේ මැසිවිල්ල ගැන මගේ පැහැදිලි කිරීම,
      බ්ලොග් කරුවෙක් ලෙස මාද යම් අනන්‍යතාවක් ගොඩනගාගෙන ඇතැයි ඉතා නිහතමානීව සිතමි.ඒ අනන්‍යතාව මට ලැබී ඇත්තේ මා ලියන ශෛලිය හේතුවෙන් බව ඔබටද පෙනෙනු ඇත,මා ලියන හෝ මාහට ලියැවෙන ශෛලිය වෙනස් කරන්නට තැත් කළහොත් මගේ අනන්‍යතාව නොමැතිවී යනු ඇත,එසේම එය බ්ලොග් පාඨකයන්ට සපයන හොඳම වර්ගයේ විහිලුවක්ද වනු ඇති බව මගේ විශ්වාසයයි.ලිවීමේ ශෛලිය හේතුවෙන් කියවීමේ අපහසුතා යම් අවස්ථාවල මටද ඇතිවේ,උදාහරණයක් ලෙස එක් ප්‍රසිද්ධ ලේඛකයෙකුගේ කෙතරම් ජනප්‍රිය පොත් වුවද මට කියවන්නට නොහැකිවන්නේ ඔහු ලියන ශෛලිය මාහට කියවීමේ අපහසුතාවක් ගෙනදෙන බැවිනි.ඔබටද සිදුවී ඇත්තේ එවන් දෙයක් බව මා විශ්වාස කරමි.
      අරුණ මා හා සමකාලීනව ලියන්නට පටන් ගත් ලේඛකයෙකි,එමෙන්ම දැන් ඔහු මගේ හොඳම මිතුරෙකි.ඔහුගේ ලිවීම මට මී මෙන් රසය.දැන් දැන් ඔහු පෙර තිබු යම් යම් අඩුපාඩු මගහරවාගෙන ඉතා පරිණත ලෙස ලියයි.ඉතා රසවත්ව ලියන බැවින් ඔහුගෙ බ්ලොග් සටහන් නිදිමරා කියවීමට වටින බව මාද සිතමි.නමුත් අප දෙදෙනාගේ ලිවීම එක හා සමාන නොවේ ශෛලීන් දෙකකි.ඒ ගැන අප දෙදෙනාම වගකිවයුතු නොවන අතර ශෛලීන් වෙනස් කිරීමටද නොහැක.එය ලේඛනයේ සාමාන්‍ය ස්වභාවයයි.
      බුද්ධිමත් පාඨකයෙකු ලෙස මේ කතාව ඔබ තේරුම් ගනී යයි මා විශ්වාස කරමි.ඔබ විසින් මගේ ලේඛනය ගැන කියා ඇති සටහන ගැන නැවත වරක් ස්තුතුවන්ත වෙමි.

      Delete
    7. හැලපේ මහත්මයා,

      ශෛලිය වෙනස් කරන සේ අයැදුමක් නොකළෙමි. කමන්න, එවැන්නක් හැඟුනේ නම්. කෙනකුගේ ශෛලිය එම පුද්ගලයාට ආවේණික බව දනිමි. මා මෙය ලීවේ ඔබේ රසවත් සටහන් මෙතෙක් මුළුමනින් නොකියැවීමේ වරදකාරී හැඟීමට එක්ස්කියුසයක් පමණෙකි.

      Delete
    8. මොනවද බං මේ ඉංගිරිසි වලින් කරන සාකච්චා.. කෝම උනත් ඉතා රසවත් කමෙන්ටු කිහිපයක් කියෙව්වා කියල සන්තෝසයක් ආවා. දෙන්නටම ස්තුතියි..

      Delete
  20. ඉල්ලන් කෑමක්

    ReplyDelete
  21. කකාගෙ ගමන අර අනිත් මනුස්සය එක්ක බැලුවම නං ග්‍රේට්. නමුත්,

    මලිත් ගොයිය පොඩි වෝනින් එකක් දීල තියනව, එකක් නෙවේ දෙකක්ම දීල තියනව. කකා ඒව තඹේකට මායිම් නොතර තමයි කාර් එකට පැනල තියෙන්නෙ. අනිත් කාරනාව තමයි මලිත්ගෙ ටෝන් එක අනුව කකාට පුළුවන් වෙන්න ඕන ගමන මොනවගේද කියල හිතාගන්න. මෑන් අකමැත්තෙන් වගේ කිව්වද නැත්තං අවංකවම කිව්වද කියන එක හිතල බලන්න ඕන දෙයක්. සමහරක් ඉන්නව ඔහොම කියනව යටි හිතේ තියෙන්නෙ නැගල මට්ටු වෙයංකො කියන අදහස.

    ReplyDelete
  22. හයියෝ......... හැබැයි ඉතින් පැය ගාණක් ගියත් මොකෝ. බස් එකේ වගේ හිරවෙලා තනිකකුලෙන් හිටගෙන නෙවේනෙ.

    ReplyDelete
  23. එදායිං පස්සේ මලිත් කාරයා කතා කළත් කකා කියන්ඩ ඇති අවුලක් නෑ මචං මං බස් එකේ යන්නං කියලා.

    ReplyDelete
  24. කතන්දරගෙ කතාවල වචනයක් වචනයක් ගානෙ ලින්ක්නෙ. හැබැයි ඉතින් පුදුමෙකුත් නෑ. පෝස්ට් දාහ සම්පූර්ණ කලා කීවනෙ ලඟදි.

    ReplyDelete
  25. කකා... කැමැත්තෙන් නොදෙන දෙයක් බලහත්කාරයෙන් ගැනීම මංකොල්ලයකි. යාළුවා අකමැති නොවුන නිසා මංකොල්ලය සාධාරණ ක්‍රියාවක් වනුයේ නැත. අඅනුන්ගේ වාහනයෙන් තමන්ගේ ගමන් යන්නෝ මංකොල්ලකාරයායි.

    දාස බවට යන පාරේ ගමන් කරන ලාංකිකයන් බහුතරය, තමන් වාහනයට නග්ගා ගත් මංකොල්ලාකාරයා පළවා හැර තම වාහනයට හොයන්නේ ඊටත් වඩා දැඩි ලෙසින් මංකොල්ලය උත්කර්ෂවත් කරන්නෙක් යැයි නොදකිති. මංකොල්ලය කුමක්දැයි වටහාගෙන එය ප්‍රසිද්ධියේ හෙළා දකින්නෙක් ලංකාවේ තවමත් නැතිකම ඛේදයකි!!!!

    ReplyDelete
  26. ඇති යන්තම් ඔයින් ගියා...

    ReplyDelete
  27. කතාවයි රූපෙයි අතරෙ සම්භන්ධය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. පාදුක්කට ගියයින් පස්සෙ කකාගෙ මුණ ඒ වගේ වෙලා.....

      Delete
    2. ඔය මේ ඔබාමාව අර මෑඩ් මැගසින් එකේ ඉන්නෙ මැස්කොට් කොලුවාට ආදේශ කරලනෙ... something thought to be good gone mad? :)

      Delete
  28. අයියෝ ගම්පහ බස් වල යාම ගැන නම් කියලා වැඩක් නැත. පාදුක්ක හරහා ගම්පහට ආපු එක ඊට වඩා සැපයි නෙව. හාමිනේ මග බලන් ඉන්න එක තමයි එකම අවුල. :)

    ReplyDelete
  29. බස් එකේ චාරට් වෙලා යනවට වැඩිය වෙලා ගියත් ඔහොම හොදයි කියලා අපි හිතාගමු..

    ReplyDelete
  30. හොද වෙලාවට මලිය නලිය වගේ එකෙක් නුනේ......

    ReplyDelete
  31. ඔකට තමයි කියන්නෙ ඉල්ලන් කැම කියලා

    ReplyDelete
  32. හොඳ වැඩේ කාර් වල යන්න ගියාට.
    හැබැයි දවසක් මාත් අයියගෙන් හොඳ බැනුමක් අහගත්ත. එයා අපි ඉස්කෝලෙ යනවට වඩා පරක්කු වෙලානෙ වැඩට යන්නෙ. දවක් උදෙන් යන නිසා මටත් එයා එක්ක යන්න පුලුවන් කියල කතා කලා.අපි බස් එකට නගින තැන ඉන්න ගර්ල් කෙනෙක් හිටිය , ඒ ගර්ල් හොඳ යාලුවෙක් නෙවෙයි උනත් මම හිතුව කතා කරන්න අපේ ඉස්කෝලෙ ලඟ ඉස්කෝලෙක නිසා.ඒ ගර්ල්ට කතාකලා විතරයි , ලඟ හිටිය එයා දන්න අයටත් හෝ ගාලා කතා කලා. එන්ඩ එන්ඩ ඔයාලටත් යන්න පුලුවන් කියල. අයියගෙ මූණට අබ ටිකක් දැම්ම නම් පිපිරෙන සයිස්.

    වචනයක්වත් කතා නොකර මාව ඉස්කෝලෙ ලඟින් දාලා ගියා. හවස ගෙදර ආවට පස්සෙ කණ පිරෙන්නම බැණුම් අහගත්තා.

    ReplyDelete
  33. පොඩිළමයෙක්ට මවුත්ඕගන් එක ගිලුනම ධනාත්මක චින්තන පොරක් කිව්වලු කමක්නෑ පියානෝ එක නෙමේනේ ගිලුනේ කියලා...

    ඒ වගේ මේකෙදිත් පොසිටිව් හිතන්න කකා... කොහොමද ඉඩමට ගියාට පස්සේ කිව්වානම්,

    "හානේ කම්බිවැට මෙතනින් ගැලවිලා නේද..? අපි තුන්දෙනෙක් ඉන්න එකේ එහෙනම් මේක ගහලා දාමුද ටාර් ගාලා රෑ වෙන්න කලින්... නැත්තං ආයේ ගම්පහ ඉඳන්ම එන්න එපායැ..." කියලා...

    ReplyDelete
  34. අපොයි හොද වටයක් ගිහින්.

    ReplyDelete
  35. මමත් ඔය වගේ කටු නම් අනන්ත කාල තියනව.මම මෙහෙ ආපු අලුත මම හිටපු සයිට් එකේ ඉඳන් ලගම ජනාවාසයට යන්න වාහන නැහැ.හවස යන්න නම් ඊලඟ ඔපිස් වාහනේ එනකල් ඉන්න ඕන.ඉතින් පුළු පුළුවන් විදියට යන ඕන එකෙක්ගේ වහනෙක එල්ලලා යනවා නම් කලින් ගෙදර ගියහැකි.දවසක් මමත් ඔහොම සප්ලයර් කෙනෙක්ගේ වාහනේ එල්ලිලා ගියා,.ඌ මුළු ඩුබායි වටේටම ගිහින් උගේ අනිත් සයිට් වල ඉන්න උන් ටික එකතු කරගෙන උන් ටික කෑම්ප් එකෙන් බස්සල මාව ගෙදරට කිලෝමීටරයක් දුරුන් බැස්සුවා,. . . . එදා ඉඳන් තමා මම ඉපිස් එකේ ඉඳන් වැඩ වැඩිපුර කරලා ලකුණු දාගන්න පටන් ගත්තනේ

    ReplyDelete
  36. අයියගෙ පෝස්ට් එක ෂෝක්! අපිටත් තියෙනව අලුතෙන් පටන්ගත්තු බ්ලොගක්. ඒ පැත්තෙත් ඇවිත් යන්න.

    http://ambujasl.blogspot.com/

    ReplyDelete
  37. පොඞි දවස් වල සිදුවුන හිත් රිදවිමක් ආයමත් මතකය අලුත් කරා.

    ReplyDelete
  38. මටත් එක සැරයක් කොලබ ඉදල ගෙදර යන්න එකෙක් කතකලා .හැබැයි උ යන්නෙ රත්නපුරෙ පැත්තෙන් කියල කිවුව.උමයි කතාකලෙ උට කම්මැලියි කියල.මමත් එතකොට මාතර හිටියෙ.හයියො දවසම ගියා.එකෙන් කමක් නැ කකා මොකද මෙ බස්වල ඇගිලි ගහන්න යන්නෙ
    // යන්තං ඇඟිල්ලක් දෙකක් ගහ ගන්න විතරයි ඉඩ තියෙන්නේ! //

    ReplyDelete
  39. // කොහොම වුනත් කටුණායක ඉඳලා අනුරාධපුරය හරහා ගම්පහ යන එකට වඩා කිරිබත්ගොඩ ඉඳලා පාදුක්ක හරහා ගම්පහ යන එක තරමක් හෝ හොඳයි, නැද්ද මං අහන්නේ! //

    වෝනිං දුන්නා මදිවට ගමන අන්තිමේ සැනසෙන්න කතාවකුත් කියලා.

    මලික් කාරයා තෝට්ෆුල් බුවෙක්!

    ReplyDelete
  40. ඒ මනුස්සයා වහින් ඔරෝ කියලා තියෙන්නෙ වෙන්න යන නස්පැත්තියම තමා ඕන් ...

    ReplyDelete
  41. කතන්දරය කියවූ, අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඕක හොයන්න තමා මං ආයිත් ආවේ.. හැක්..

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.