Friday 21 March 2014

මැදිවිය යනු කුමක්ද? - What is the middle age?


මට මැදිවිය යනු කුමක්ද කියන ප්‍රශ්ණය තදින්ම යලිත් හිතුණේ ඊයේ මං සඳහන් කරපු මියගිය පීටර් පෙරේරා ගේ "මැදිවිය ද තරුණය!" කියන බ්ලොග් එකේ නම හින්දයි.

මට මතකයි මං පුංචි කාලේ අපේ තාත්තා ගේ, බාප්පලා ගේ වයසට මාත් කවදා හරි පත්වෙනවා නේද කියලා ගැන හිතුණාම බුදු අම්මෝ කියලා කියනවා. දැන් මගේ ඒ කියන වයසටත් වැඩිය වැඩිමල්, වයස දොළහක් වෙන මගේ පුතාටත් මං ගැන එහෙම හිතෙනවා විය යුතුයි.

නමුත්, දැන් තමයි ඇත්තටම හිතෙන්නේ ඒ මොන විහිළුවක් ද කියලා!

මොනවා වුනත් මේ මැදිවිය කියන්නේ මොකක්ද?

මං ඒ කාලේ හිතුවේ වයස 32 දී තමයි මැදිවියට එළැඹෙන්නේ කියලා. මගේ 32 වෙනි උපන් දිනය දා මට පොඩි දුකකුත් නොදැනුණා නොවේ!

නමුත් ඉතිං අපේ උපරිම වයස අවුරුදු සියක් නම්, මැදිවිය කියන්නේ අවුරුදු පනහ නොවේද කියලා පස්සේ හිත හදා ගත්තා.

පීටර් පෙරේරා ගේ දුක්බර ආදර කතන්දරය නැවත නැවත කියවන කොට මට තේරුණා මේ බ්ලොග්කරුවා මිය ගොස් ඇත්තේ ඒ තරම් වයසකින් නොවන බව. බොහෝ දුරට පේන්නේ මැදිවිය යන්න අවුරුදු හතලිහක් වගේ කියා ඔහු අර්ථ දක්වා තියෙන බවයි.

අවුරුදු හතලිහ මැදිවිය නම්, සම්පූර්ණ විය අවුරුදු අසූව විය යුතුයි නේද?

ඒ මොනවා වුණත් මට ඒ එක්කම මතක්වුණේ අවුරුදු හතලිහක් වයස කෙනෙක් අතින් ලියවෙන්නට ඉඩ තියෙන එක්තරා කවියක්.

මෙන්න ඒක.

මැදිවිය

අඩක් දිවියෙන් ගතවෙලා
හිතත් වයසට පත්වෙලා
හෙටක් එනතුරු සැපෙන් සපිරුණු
කොතෙක් ඉන්නද ඉවසලා

පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙලවරේ
කොතෙක් බිම්මල් පිපී තිබුණද
තෙතක් සිසිලක් එහි නැතේ

දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක් දිනක්වත්
දහස් සැරයක් හිනැහෙමී

කාලෙකට පස්සෙයි මේ කයි-කතන්දරයක් පළකරන්නේ!

-කතන්දරකාරයා

(RSS Feed අවුලක් නිසා පැය හතරකට පමණ පසු මේ කතන්දරය නැවත පළකරන්නට සිදුවිය.)


(image: http://archive.indianexpress.com/news/rajinis-presence-on-ra.one-set-brought-tears-to-my-eyes-srk/855046/)

90 comments:

  1. KAI 3 NE, KAI 5KMA DANNA BARIDA

    ReplyDelete
  2. ශෝක් කයි පද ටික. හැබෑවටම ගොක්කොල පේනකන් ඉන්නේ නැතුව දැන් ඉඳලම පිනක් දහමක් කොර ගත්තොත් නරකෙයි ? ;)

    ReplyDelete
    Replies
    1. පව් නොකරමි!
      එනිසා පන්සිල් නැවත නැවත ගැනීමක්ද නැත!
      http://kathandara.blogspot.com/2013/05/no-broken-promises-anymore.html

      Delete
    2. එය අමු තිර්ථක , තර්කයට වත් බුද්ධියට වත් එකඟ නොවන අදහසකි. ඉංජිනේරු ශිල්පය ගැන කිසි දැනුමක් ලබා නැති මම යම්කිසි උපකරණයක් ගැන මගේ හිතෙන් හදා ගත් ප්‍රලාප ගැන ලියා පොස්ටුවක් දැමු කල , කියවන ඔබට ඇතිවෙන හාස්‍ය ජනක උපහාසාත්මක අනුකම්පාව , "අහෝ !! මේ අංශය ගැන මුකුත් නොදන්නා මේක මේ ලියල තියෙන හිස් විකාර" ... මටද මේ සම්බන්ධයෙන් ඔබ ගැන ඇති වේ ...
      මේකට උත්තරය වෙන අයෙක් ලියා ඇත

      Delete
    3. මහසෝන්ස්
      ඔබේ පිළිතුර මල්ලේ පොල් වගෙයි. අදහස මට නම් නොතේරේ. කරුණාකර පහදන්න.

      (මා ඔබ තබා ඇති සබැඳිය දිගේත් ගොස් බැලුවා )

      Delete
    4. වාක්‍යයේ දිග වැඩිවීම නිසා තේරුම් ගැනීම අපහසුයි. සමාවෙන්න. Anyway don't worry over this shit. Enjoy your weekend.

      Delete
  3. මැදිවිය කියන්නේ උපරිම ආයුෂ හෝ උපරිම ආයුකාලය අතර මැද නොවේ. මන්ද ජීවිතයේ මුල වසර කිහිපයක් හා අග වසර ගණනාවක් ගෙවෙන්නේ නිරර්ථක ලෙසින් බැවිණි. අවුරුදු පහේදී ජීවිතය ආරම්භ වූවා සේ හා හැට පහේදී අවසාන වූවා සේ ගතහොත් මැද 30 මිස 40 නොවේ. එනිසා මැදිවිය 25-35 සේ සැලැකීම නිවැරදිය. ඉන්පසු එන්නේ මහළු වියයි.

    ReplyDelete
    Replies
    1. තිස් පහෙන් මහළුවිය එනවා කීම නම් විහිළුවක්. එහෙනම් ලෝක ක්‍රිකට් ශූරයෝ ගොඩ දෙනෙකු මහල්ලෝ නේ?

      Delete
  4. @කකා,

    ඊයේ කොහේද මන්දා බ්ලොග් එකක ලියලා තිබුණා කකා හෙලුවෙන් ඉන්න මිනිස්සු ගොඩක් මැද අමුඩයක් ඇඳන් හිටියා දැක්කා කියලා. මං එතැන ලියලා ආවා ඒ නම් කොහොමටවත් කකා වෙන්න බැරිය කියලා. මං හරි නේද?

    ReplyDelete
  5. Wikipedia: the period after early adulthood and before old age, about 45 to 65.
    මුල් තරුණ විය සහ මහලු වයස අතර කාලය. වයස 45 හා 65 අතර. :O

    ReplyDelete
    Replies
    1. මෙය පිළිගත හැකි පරාසයක්. Thanks.

      Delete
  6. M.Conteur, êtes-vous plus que Madame Aruni Shapiro?

    ReplyDelete
  7. තවත් බණ පෝස්ටුවක්.. දැන් දැන් පන්සල පැත්තට බර වෙනවා... සාධූ සාධූ සාධූ..

    ReplyDelete
    Replies
    1. හැක් .... සාධු..සාධු...සාධු....

      Delete
    2. මේක කයි-කතන්දරයක්. බණ කතාවක් නොවෙයි.

      Delete
  8. මැදිවිය කියන්නේ,බහුතරයක් දිහා බලලා සාපේක්ෂව මිනිස්සු හදාගත් දෙයක්.
    සාපේක්ෂ මිනුම්.!

    කකා වගේ කවිකාරයොත් සාපේක්ෂව හිතනවානම්,ලෝකය නිකම් ක්රුතිම පයින් වගාවක් වගේ වේවි.හරියට සමාඩවාදය වගේ.

    කකාගේ හිතට වයස කීයද?අවුරුදු පන්සියක්?
    මනුස්ස ලෝකයේ අවුරුදු සියක් දිව්‍ය ලෝකයේ එක දවසක්ද,පැය කීපයක්ද ලු නේද?



    ReplyDelete
    Replies
    1. සිත කෙසේ වෙතත් මගේ එක උරහිස්සක් නං අනිත් එකට වඩා වයසයි වගේ. වමතින් පා දග පන්දු යැවීමත් දැන් අමාරුයි!

      Delete
    2. EHEMA THAMI HALO, ata deka wunatha eka tharama ta nehene

      Delete
  9. කකා අනිත්‍ය්‍යය මෙනෙහි කරමින් ගමන් කරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම ප්‍රමෝෂන් එකක් නොලැබීම ගැන සිතා ලියවුණු එකක් වෙන්තත් පුළුවනි!

      Delete
    2. හහ් හහ් හා.. කකාගේ අභිමතාර්තයන් තේරුම් ගැනීම හරිම අපහසුයි..

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි කමෙන්ටුව කැපුවේ? බය හිතුණාද?

      Delete
  11. *වගකීම් සහගතව ක්‍රියාශ්‍රීලීව කටයුතු කෙරෙන කාලය* මිනිසෙකුගේ මැදි විය ලෙස අර්ථ දැක්වේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එතකොට වගකීම්වලින් නිදහස් විය යුතුයි වගේ හිතෙන්නේ මැදිවිය පනින කොටද?

      Delete
    2. කරන කාලය නෙවෙයි කෙරෙන කාලය, ඒක ඉබේම සිද්දවෙන දෙයක් මහළු වෙනකොට කෙරෙන්නේ නෑ හිතල කරන්න ඕන..

      Delete
  12. මොන පිස්සුද කකා.මැදි විය මහළු විය කියලා එකක් නෑ.දැං බලන්ඩ අපේ අගමැතිතුමා.අදහෙට මැරෙයි කියලා තුං හිතකවත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ජේආර් පප්පාත් අවූ ගාණක් වෙනකං හිටියා නේද?

      Delete
  13. අර උඩ පින්තූරෙ ඉන්නෙ කකාද? නැත්නම් දන්න අඳුනන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. එයා මැදිවියේ කෙණෙක්. මං නං අඳුණනවා, හැබැයි පොර මාව අඳුණන්නේ නම් නෑ!

      Delete
  14. //ලදොත් සතුටක් එක් දිනක්වත්
    දහස් සැරක් හිනැහෙමී// :)

    ReplyDelete
  15. අනේ මන්ද මං 32 සැමරුවෙ කෙල්ලො 32 ක් එක්ක මගේ කොල්ලො සැට් එකක් එක්ක කෑම්පින් සයිට් එහෙක දින තුනක්/රාත්‍රී දෙකක්....
    එන ජුනි 30 යෙදෙන 42 ගැන තාම හිතල නම් නැහැ...

    ReplyDelete
    Replies
    1. කෙන්ජා මචෝ උඹ කලින් කිව්ව නේද උඹට 50ක් කියලා.... සිරාවට අහන්නේ.....

      Delete
    2. කෙන්ජිට 42 මේ අවුරුද්දේ, ඒ කියන්නේ ඉපදිලා තියෙන්නේ 72.

      හැබැයි හදලා 79 එලියටත් දාපු මොණරතැන්න (පාට් 2 1983) හදන කාලෙ කෙන්ජි සෙට් එක එක්ක බීල නිශ්පාදක ලට පාටුත් දානවා.

      http://kenjij1.blogspot.com/2014/02/blog-post_27.html

      ඇයි අවුල් ද?

      Delete
    3. ලමායි... කෙන්ජි කියන්නෙ වර්චුවල් චරිතයක්.... මූ ඇත්තටම ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන්නවත් කවුරුවත් දන්නෙ නෑ.... මේ වගේ ඩයල් දෙසාබාන ඕනම දෙයක් ඕපන් මයින්ඩ් එකකින් බලන්න.....

      ලබන සතියෙ මූට 18යි කිව්වත් ගනන් ගන්න එපා... සමහර විට මානසික ආභාධයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්... සමහර විට වයස වැඩි නිසා කලින් කියුව බොරු මතක නැති වෙන්න පුළුවන්...

      Delete
    4. okaa ara nalin dilruksha wage naki manamaalayek.

      Delete
    5. හැක් ...හැක් .... මචන්සලා මගේ වයස ගැන නොසිතා මම ලියන/කියන දෙයකින් සතුටක් ලබපල්ල....
      මම ලියන දේවලින් උඹලට ගත හැකි පාඩම් නැත ...ආතල් පමණි...මට නම් කිෂිම ආබාධයක් නොමැත දරුවනෙ ...
      අර පීටර් මහත්තය දැක්කනෙ ....
      මට ජිවිතෙ වෙන්න ඕන හැම කෙලියක්ම වෙලා තියෙන්නේය...
      වයස කීය උනත් මම 28 ටේ කොල්ලෙක් විලස ජීවිතය සතුට විදින්නෙක් මි.
      මම ආස උඹලත් මං වගේ වෙනවනන්ය.
      ජීවිතය කියන්නෙ විදින්න මිසක විදවන්න නොවේය.

      Delete
    6. මොනරතැන්න කිව්වට ඔය වයස අටේදි හදලා තියෙන්නෙ "අපි නොදන්න මොනරතැන්න" බොලව්.

      වයස පොඩ්ඩක් හුරස් පරස් උනාට ඔය කෙල්ලො 32ක් ගැන දවස් තුනේ පාටි ගැන කියලා තියන අනිත්වා ඔක්කොම ඇත්ත බොලව්.

      Delete
    7. උඩම ඇනෝ වැඩිය හිතන්න එපා මේකේ උන් ටිකක් හෙට හමුවෙනව බං ..
      එතකොට උඹලට විස්තර දැනගත හැකියි මචං ...

      Delete
    8. කවදා හරි කෙන්ජි කියලා එකෙක් පස්සෙන් යන රැලේ එකෙකුට හරි එකියෙකුට හරි ඇරලා ගිය දවසකට කරපු එකේ වගකීම ගන්න මොකෙක්වත් නැති වෙයි. කියන්නෙ නම් අපි හරි අයිටී වැඩ්ඩො අපිට ඉහලින් කාක්කෙක්වත් පියාඹන්නෙ නෑ කියලා. ඒත් බහුතරයක්ම ගොන් රැලක්. අහපියව්කො අර නෙත් එෆ් එම් එකේ බැලුම් ගල ලෝක කපටියො අනිත් උන්ට අරින ඇරිල්ලෙ තරම දැන ගන්නත් එක්ක.

      Delete
    9. මං හිතන්නේ කෙන්ජි 42+

      Delete
    10. හාල්පාරුවො සෙට් එකට පිනට බොන්න දීල ගේමක් ගහන්නද කොහෙද!

      Delete
  16. මැදිවිය කියල හිතෙන්නේ වයස 50ක් විතර වුනාම කියල මම හිතන්නේ, හැබැයි ඉතින් වයස නොපෙනෙන ගතින් වගේම සිතිනුත් තරුණ අය ඕනේ තරම් ඉන්නවා :)

    ReplyDelete
    Replies
    1. වයසට යන්න මගේත් කිසිම කැමැත්තක් නෑ සොන්යා!

      Delete
  17. තියෙන තත්වෙත් එක්ක අපි ඉතින් අවුරුදු 70ක් ඉදී උපරිම. එතකොට ඉතින් මැදිවිය කියන්නෙ 35 තමා.

    ReplyDelete
    Replies
    1. මාත් මුලින් හිතන් හිටියේ 80ක් හිටියාම ඇති කියලයි. ඒත් අවංකවම මං මීට අවුරුදු අටකට කලින් හිතා ගත්තා 100ක් ඉන්න ඕනෑ කියලා!

      Delete
  18. සිංදුවකට හොඳ පද ටිකක්.....

    //මෙතෙක් ආ මට කෙලවරේ//
    ආ 'මග' කෙලවරේ ද?

    //දහස් සැරක් හිනැහෙමී//
    සැරයක්?

    මට හිතෙන්නෙ මාත් මැදිවියේ කියලා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හැදුවා!

      Delete
    2. තිසර, සින්දුවකට ගම්මුද මේ කවිය පදමාලාවක් කරලා?

      Delete
  19. කොන්ඩෙ ඩයි කරල (සමහරුන්ට අදාල නෑත ) බඩ අඩු කරන් පෙනුම සහ ඈදුම් ගෑන විශේශ අවදානයක් යොමු කරල නව යොවුන් වියේදි කලා වගේ විරුද්ද ලින්ගිකයන් ගෑන interest එකක් එනව නම් මෑදි විය ලබල (In short - midlife crisis !! )

    ReplyDelete
    Replies
    1. සතියකට පාරක් තට්ටෙටම ගාන්න හිතුණොත්?

      Delete
  20. මැදි විය කියන්නෙ කෙනෙකුට දරුවන් සහ අඹුව/සැමියා (අදාල පරිදි)අතර මැද්දේ මැදිවෙලා ජීවත්වෙන්න වෙන වයසටනෙ.. ඒකනෙ මැදිවිය කියන්නෙ.. දෙපාර්ශවයකට මැදිවිය

    ReplyDelete
    Replies
    1. සමහර පවුල්වල ළමයි තමයි එහෙනං මැදිවියේ! ඇයි අම්මා තාත්තා මැදින් නේ නිදා ගන්නේ, ගමන් යන්නේ!

      Delete
  21. ම්ම්.... මැදිවියට තව ටිකක් දුරයි.. අපි මැදිවිය 50 න් එහාට තල්ලු කරල දාමු... පීටර්ගෙ ලිපි ටික කියෙව්වා..

    හිතාගන්න බෑ මේ මනුස්සය ඇයි තමන් අවිවාහක බව දීපාගෙන් හංගන්න උත්සාහ කළේ කියන එක.... පුදුම ආදර කතන්දර අතර ඒකත් එකක්...

    ReplyDelete
    Replies
    1. කාන්තා පක්‍ෂය කොහොමටත් හැමදාම 32+ නේ.

      පීටර් සමහරවිට විවාහවෙලා කෙටිකලකින් වෙන්වුණු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා!

      Delete
  22. මැදිවිය ඉස්කෝලේ කාලෙනම් භයානකයි ..එකසැරයක් මම හැමදාම අපි සෙට් වුනාම බයිට් එකට ගන්න කෙල්ලන් සෙට් එකකට මැදිවිය එදානම් කෑවා කෑමක් මදි නොකියන්න . අපේ ගමේ සන්ගීතයකදී පාට එක දමා එලවූ කොල්ලන සෙට් එකකට උන්ගේ ගමේදී මැදිවිය ..එදත් කෑවා කෑමක් මදි නොකියන්න ..

    ReplyDelete
    Replies
    1. ලඟදී බ්ලොග්කාරයෙකු ගේ ප්‍රහාරයකටත් මැදිවිය නේද?

      Delete
    2. එකෙකු නෙවෙයි දෙන්නෙකු ගේ

      Delete
    3. @.... ඉවා....+++++++++++++++++++++++++

      Delete
  23. කකාගේ සින්දු වලට වැඩියනම් කවිය හොඳයි

    ReplyDelete
    Replies
    1. මං සින්දු කියලා නෑ බාත්රූම් එකේ සහ පාටිවලදී ඇර.

      Delete
    2. මං කිව්වේ කකා ලියපු සින්දු ගැන :P කමක් නෑ කකා පාටිවලදී සින්දු කියන එකත් අතෑරලා දාන්ට...

      Delete
  24. මට නම් හිතෙන්නේ ඔය පීටර් කියන්නේ කකාගෙම නිර්මානයක් කියලයි.

    ReplyDelete
  25. මම වයස හැටෙන් මැරෙනවලු
    ඒ කියන්නෙ දැන් මං මැදි වියේ

    ReplyDelete
    Replies
    1. මාත් මුලින් හිතන් හිටියේ 80ක් හිටියාම ඇති කියලයි. ඒත් අවංකවම මං මීට අවුරුදු අටකට කලින් හිතා ගත්තා 100ක් ඉන්න ඕනෑ කියලා!

      Delete
    2. 100 වුනත් කමක් නෑ අත පය හතර වැඩ කරලා තමන්ගේ වැඩ තමන්ම කර ගන්න පුළුවන් තත්වයකනම්,
      ඇවිදින(?) මළ මිනියක් වාගේ ජීවිතයක් නම්100ක් අවශය නෑ කියලා මාගේ නම් අදහස .

      Delete
    3. කකා , ඔහොම හිතං ඉන්න මිනිස්සු තමා අවුරුදු 50 හෙන්ම වලකජ්ජ ගහන්නේ :D

      Delete
    4. @ ගයිජින්
      එකඟයි. Quality of life ඉතා වැදගත්. එනිසාම තමයි ශරීර සෞඛ්‍යය හොඳින් තබාගන්න ඕනෑ!

      Delete
    5. @ මාසෝන්ස්
      නැවතත් ඔබ නොදැනුවත්වයි ඔය කිනන්නේ. මා එලෙස අදිටන් කර ගත්තේ මරණයේ දොරකඩටම ගොස් ආපසු පැමිණි පසුවයි!
      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      !

      Delete
  26. අපි නම් තාම මැදිවියට ආවේ නැහැ......මැදිවිය ටිකක් පස්සට තල්ලු කරලා දාමු................

    ReplyDelete
    Replies
    1. දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ!

      Delete
  27. ශාරුක් ඛාන් සිනමා දිවියේ මැදිවිය ලබන කොට නම් කකාගේ පින්තුරේ ඉන්නවට වඩා මහතට ඉඳීවි.

    ReplyDelete
    Replies
    1. පොර අර කුච් කුච් කාලේත් සිනමා මැදිවියේ නේද හිටියේ? අවුරුදු දහයක විතර දුවෙක් හිටියා නේද ඒ කතාවේ?

      Delete
  28. මම නම් හිතුෙව මම දැන් ඉන්නෙ මැදි වයසෙ කියල. අනේ මන්ද.......

    ReplyDelete
    Replies
    1. සින්දුවකට හොඳයි නේද?

      Delete
  29. //පතොක් කටු පිරි ජීවිතේ
    මෙතෙක් ආ මග කෙලවරේ
    කොතෙක් බිම්මල් පිපී තිබුණද
    තෙතක් සිසිලක් එහි නැතේ// ++++++

    ReplyDelete
    Replies
    1. පතොක් කටුවල පැටලිලා
      සිතක් ඇත කඳුළැලි හෙලා

      Delete
  30. මැදිවියේ පිරිමින් ආකර්ෂනීයයි කියලා මගේ යාලුවෝ කියනවා... :D
    පේන්නේ නැද්ද ෂාරුක් ඛාන්...:)

    ReplyDelete
  31. වයස කීයක් වුනත් කාටවත් කරදරයක් නොකර සතුටින් ජීවත් වෙන්න පුළුවන්නම් ඒකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයින් ගේ සුරංගනා කතා!

      Delete
  32. පනස්තුනත් වයසක්ද කකා. මේ මමුටි කියන කේරළ නලු බට්ටගෙ වයස 62යි.ඒ උනාට මේ රඟපාන්නෙ තාම කොල්ලට. ඒකට මොකද ඒකගෙ ළමයිත් බැඳල උන්ටත් ළමයි ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ගිය ආත්මේ මොනවා දන් දීලද මන්දා?

      Delete
  33. මැදිවිය...මැදිවිය කියලා නිකන් ඇනුම් පද කියන්ඩෙපා කශූ අපිටත් තද වෙනවා ඕන් ! :-D

    ReplyDelete
    Replies
    1. ඇයි කාන්තාවන් දෙදෙනෙකුගේ බෑග්වලටවත් මැදිවුනාද?

      Delete
  34. හැත්තෑවත් වයසක්ද නංගි කියල කවුදෝ කිව්වලු!

    ReplyDelete
  35. මැදිවිය කියන්නේ තලතුනා කියන එකද? (තුන තලා)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.