Thursday 6 February 2014

බංගලාදේශ්කාරයා ගේ ස්තුති කතාව - Talking tips from your friend Mr Bangiya!


මේ දවස්වල සංගක්කාර් බංගලාදේශයේ වාර්තා පිට වාර්තා තියාගෙන යනවා. තව ටික දවසකින් පොර තෙන්ඩුල්කාර්වත් පරද්දන්න බැරි නැහැ ඔය යන විදියට.

බංග්ලාදේශ් ගැන ඇහෙන කොට මට මතක් වුණේ මට තරමක් දන්නා බංගලාදේශ්කාරයෙක්වයි.

මට මුලින්ම බංග්ලාදේශ්කාරයෙක්ව මුණ ගැහුණේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තේ ගිහින් තැප්ප කාලේයි. අපි ඒ දවස්වල බංග්ලාදේශ්වලට කිව්වේ ඔළිද රට කියලයි. බංග්ලාදේශ්කාරයින්ට කිව්වේ බංගියෝ කියලයි.

අපේ පස්තාච්චි කණ්ඩායමේ හිටියා බංගියෝ තුන් දෙනෙක්ම. එකෙක් නං ටිකක් ආගමික අන්තවාදියෙක් වගෙයි මට පෙනුනේ. අනිත් දෙන්නා නං ඔහේලා අපි වගේ හොඳ ළමයි. ඇත්තටම නං උං තුන්දෙනා ම අපිට වඩා හොඳයි. මොකද මුං තුන් දෙනාගෙන් එකෙක්වත් බියර් එකක්වත් බොනවා මං දැකලා නෑ.

දැන් මෙන්න මගේ අද කතාව.

ආහ්, ඊට කලින් මේකත් කියන්න ඕනෑ.

මේ කතාව බංග්ලාදේශ්කාරයෙක් ගැන වුණාට, මේකෙන් සමස්ත බංග්ලාදේශයම මනින්න යන්න එපා, හරිය? ඒ කියන්නේ හරියට සංගක්කාර් තුන්සීයේ ඒවා ගැහැව්වාට, ලංකාවේ අපි හැමෝටම ඇහැකියැ එහෙම කරන්න? අන්න ඒ වගේ!

මේ කතාව සිදුවුණු කාලේ මං වැඩ කෙරුවේ පිටරටක කොම්පැනියකයි. මෙතන තමයි ඔය බංගියාත් හිටියේ. හැබැයි වෙනිං සෙක්ෂන් එකක.

ඔන්න දවසක් අපේ සීනියර් මැවිසුරුවෙක් විශ්‍රාම යන දවසේ සමුගැනීමේ ටී-පාටි එකක් තිබුණා. මෙන්න බොලේ මේ ප්‍රොටැගොනිස්ට් බංගියත් කොහේද ඉඳලා ඒකට කඩා වැටුණා.

පස්සේ මූ කතාවක් පවත්වන්න පටන් ගත්තාම තමයි මට තේරුණේ ඒ ඇයි කියලා. අපේ බංගියා මුලින්ම මේ කොම්පැණියේ වැඩට අරං තියෙන්නේ මේ පැන්ෂන් යන සීනියර් මැවිසුරුවායි.

මෙන්න බංගියා ගේ කතාවේ සාරාංශය.

"මට තාම මතකයි රිචර්ඩ් මහත්තයා මාව හෙඩ් ඔෆිස් එකේදී ඉන්ට්රවීව් කරපු හැටි. මගේ කොලිෆිකේෂන්ස් සහ එක්ස්පීරීයන්ස් වලට ඔහු ඉතාමත් පැහැදුණාය කියා මට තේරුණා. ඔහු වහාම මාව සේවයට ගත්තා එවකට ඔහු සේවය කර බටහිර කොට්ඨාශයේ වැඩබිමට."

"මං සති දෙකකට පස්සේ එතැනට යනකොට මට හොඳ පිළිගැනීමක් තිබුණා. පස්සේ තමයි මං දැනගත්තේ ඒකට හේතුව. -අයැම් එක්සයිටඩ්! අයෑම් ගොයින් ටු ගෙට් එ ඩොක්ටර් වර්කින් ෆෝ මී- කියා රිචර්ඩ් ඒ දවස්වල දිගටම කියමින් සිටි බව බටහිර කොට්ඨාශයේ වැඩබිමේ සිටි අනිත් අය මට කිව්වා."

(එතකොට තමයි අපිත් දැනගත්තේ බංගියාට පීඑච්ඩී එකක් තියෙනවාය කියලා).

"අවුරුද්දකට විතර පස්සේ මං රිචර්ඩ් ගේ සෙක්ෂන් එකෙන් වෙන තැනකට මාරුවෙලා යනකොට රිචර්ඩ් දුක්වුණා මට මතකයි -අයෑම් ගොයින් ටු ලූස් මයි බෙස්ට් ඉංජිනියර්!- කියලා."

තේරුණා නේද? පෙන්ෂන් යන්නේ මොකා වුණත් කමක් නෑ, අන්න එහෙමයි ෆෙයාවෙල් පාටිවල කතා පවත්වන්න ඕනෑ!

-කතන්දරකාරයා

(image: http://www.fanpop.com/clubs/kumar-sangakkara/videos/31884264/title/sangas-speech-lords)

61 comments:

  1. ඉන්දියන් කාරයන්ගේ වැසිකිලි භාවිතය ගැන කුමාගේ පෝස්ට් එකේ ඉන්දියානුවෝ කියලා ජාතියක් විදියටම ආදේශ කරපු එක මතක් වුණා. ///මේ කතාව බංග්ලාදේශ්කාරයෙක් ගැන වුණාට, මේකෙන් සමස්ත බංග්ලාදේශයම මනින්න යන්න එපා, හරිය? //// මේක කියපු එක හොදා... අපේ ගොඩක් අයත් තමාන්ගේ වරුණාව උලුප්පලා කතා කරන්න රුසියෝ තමයි ,,

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ
      "මම ඕකට සම්බන්ධ වුන කෙනෙක්......"
      "මම ඉන්ටෙල් සැට් එකේ project එක කරන කාලේ..."
      "මම මගේ අලුත්ම පොස්ට් එක නීති උපදෙස් ගන්න යවලා තියෙන්නේ.."

      මේ වගේ කතා වලට රැවටෙන එවුනුත් ඉන්නවනේ

      Delete
    2. බොහෝ සත්‍රීන්ට ස්වකීය ස්ත්‍රි නිමිත්ත ආඩම්බරවීමට නිමිත්තක් වනවාට වඩා ලැජ්ජාවට නිමිත්තක් කියල ඔවුන් හිතනවා. ඒකට හේතුව එහි පිහිටීම. බොහෝ ස්ත්‍රීන් තමන්ගේ යෝනියෙ පිහිටීම ගැන ඉන්නෙ බලවත් කනස්සල්ලකින්. විශේෂයෙන් බාහිර යෝනි තොල්වල පිහිටීම ගැන. මේ සමබන්ධව කිසියම් මැදිහත් වීමක් කළ යුතුයි කියල අපි හිතනවා.

      ඒ සඳහා වන මාර්ගය පාදාගෙන, හැමෝම එකිනෙකාට වෙනස්, හැමෝම හරිම සාමාන්‍යයි, හැමෝගෙම ස්ත්‍රී නිමිත්ත ලස්සනයි කියලා ඒ අයට ඒත්තු ගන්වන ලිපි පෙළක් ලියන ලෙස ඉල්ලා සිටිමි.ශල්‍යකර්ම කරමින් බාහිර යෝනි දෙතොල කප්පාදු කිරීමට කල් යල් බලන ස්ත්‍රීයට වෙනස් වෙන්න කියලා ඇරයුම් කරන්න.

      Delete
    3. @ Anonymous February 6, 2014 at 8:30 AM
      මේ අළුත් බ්ලොගය හඳුන්වා දීම ගැන ස්තුතියි!
      http://thatunathipitu.blogspot.com/2014/01/blog-post_27.html

      Delete
  2. ආ...කකා එහෙනම් හොදට පාඩම ඉගෙන ගෙන තියෙන බව පේනවා......කකාගේ පෝස්ට් වලත් ඔය ටෙක්නික් එක මොඩිෆයි කරලා අරං තියේනවා මම දැකලා තියෙනවා...:))

    ReplyDelete
  3. බංගියෝ දැන් බංගලියෝ වෙලා තියෙන්නේ මාලදිවයින පැත්තේ එහෙම... :) :)

    ReplyDelete
  4. කකා,
    කකා දැන් හැම දෙයක් ගැනම ලිපි ලියලාමේ තියෙන්නේ. ඒත් කකා තාම කකාගේ ලිංගික ජීවිතයේදී තෘප්තිමත් වෙන්නේ කොහොමද කියලා ලියලා නැහැනේ. ඒක ගැනත් ලියන්න කකා.

    ReplyDelete
    Replies
    1. @Monsieur Anonyme

      Le sexe est une affaire privée.

      Delete
    2. දවසේ කමෙන්ටුව !

      Delete
    3. කකා නොලියපු මාතෘකාවක් හොයා ගන්න පුළුවන් නම් නොමළ ගෙයකින් අබ ඇටයක් හොයන්නත් පුළුවන් වෙයි.

      ලිංගික ජීවිතයෙන් තෘප්තිමත් වූ හැටි ගැනද කකා ඕනෑ තරම් ලියා තිබේ. හැබැයි ගෙඩි පිටින් කෙළින්ම නම් නෙවෙයි. ව්‍යංගයෙන්. ලින්ක් දෙන්න යන්නේ නෑ. පොඩ්ඩක් පරණ කතන්දර හොයලා බලන්න.

      Delete
    4. ඒ වුනාට පේරෙ ඉන්න කාලෙ වෙච්ච ගේ සීන් එක.... ඊ ලඟට මේ ඊයෙ පෙරේදා අපිට වීඩියෝ කරගන්න පුළුවන් වෙච්ච කකාගෙ වැල සීන් එක ගැන කකා මුකුත් කියන්නෙ නෑ.....

      කොහොමත් ෆිල්ම් එක එළියට එන්න තව ටික දවසයි... ජිනීවා සමුළුව දවස්වල කකා අනවශ්‍ය සද්ද දාගෙන ආවොත් අපි මේ සීන් එක එළියට දානවා......

      ප.ලි. කකාගෙ ලිංගික ජීවිතේට මෙච්චර ඉල්ලුමක් තියෙන්නෙ කකාත් බ්ලොග් ලෝකෙ සෙලිබ්‍රිටි කෙනෙක් හින්දද?

      Delete
  5. උදේ පාංදරම කියෙව්ව ඉදගෙන. ඒ කියන්නෙ යන එකා මොකා උනත් පුලුවං තරං බටර් පාර දාල යවන්න කියලද කකා.
    ඒක නං කරන්න පුලුවං එකෙන්ම. හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. නිදිමතේම වගෙයි කියෝලා තියෙන්නේ (ඉදගෙන!).

      ආපහු කියවන්න (ඉදගෙන!).

      මෙතනින් ගත හැකි ආදර්ශය තමයි, අවස්ථාව මොකක් වුනත් අපි කළ යුත්තේ අපේ පුරාජේරුව (Qualification, experience, PhD, Best Engineer etc) පැවසීම බවයි!

      Delete
    2. කකා කෑවනෙ ආතල් එක. පොස්ට් එකේම ඕක කියල දැම්මනම් ඉවරනෙ.

      Delete
  6. "මං සති දෙකකට පස්සේ එතැනට යනකොට මට හොඳ පිළිගැනීමක් තිබුණා. පස්සේ තමයි මං දැනගත්තේ ඒකට හේතුව. -අයැම් එක්සයිටඩ්! අයෑම් ගොයින් ටු ගෙට් එ ඩොක්ටර් වර්කින් ෆෝ මී- කියා රිචර්ඩ් ඒ දවස්වල දිගටම කියමින් සිටි බව බටහිර කොට්ඨාශයේ වැඩබිමේ සිටි අනිත් අය මට කිව්වා."

    මොකක්ද කකා හරුපේ? අද කතාව නං තේරුනේ නෑ මෙලෝ පුකක්‌.

    (පුක යනු කුනුහරුපයක් නොවේ-කතන්දරකාරයා)

    ReplyDelete
  7. හක් හක්.. අන්න පස්ට කතා පැවැත්වීම් කෝ දැං රිචාර්ඩ් මහත්තයා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ලගදි සුප් බොන්න ගියේ නැතෙයි?

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මෙහෙ ඉන්න බන්ගලියෝන් ගෙන් මළපොතේ අකුරක් දන්නේ නැති උන් නම් හරිම අහිංසකයි. ඉගෙන ගෙන ටිකක් ලොකු ලොකු ජොබ් වලට ඇවිත් ඉන්න එවුන් ටිකනම් ලෝක අන්ඩයෝ...... මත එක්ක බන්ගලියෙක්ම කිව්වා එයාලගේ රටේ 95% ඉන්නේ මෝඩයෝය ... ඉතිරි 5% කපටියෝය්ය කියලා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉද්දි ඔය 5% හිටපු එකෙක් දැන් මැලේසියාවේ ....:D

      Delete
    2. ලංකාවෙ ඕකෙ අනික් පැත්ත මැලෙයෝ !!

      Delete
  10. Le Bangladesh est un pays pauvre. Les gens ne sont pas éduqués. Les gens instruits pensent qu'ils sont Dieu.

    ReplyDelete
  11. ඔය වගේ තැන වලදී අදාල කථා කියුවත් කියවන්නේ වැල්වටාරම් නේ

    ReplyDelete
  12. කකාට කතාව පවත්තන්න වුනානම් මොනවද කියන්නේ ..?

    ReplyDelete
  13. ඕක හැමෝම අඩු වැඩි වශ‍යෙන් කරන දෙයක් නේද?

    ReplyDelete
  14. අපේ මළගෙවල් වල කතාත් බොහොමයක් ඔය වගේ...

    "මම රස්සාව නැති උණත් කමක් නෑ කියලා හිතලා නිවාඩු දාල තාත්තව ඉස්පිරිතාලෙ එක්ක ගියේ"
    "මේ අත් දෙකෙන් මම උන්දැගෙ කැත කුණු ඇදලා තියනවා"
    "මේ ගෙවල් දොරවල් බලා ගන්න කවදා හරි ඉන්නේ උඹ විතරයි කියලා තාත්ත නිතර දුකෙන් හිටියේ" (මෙතන පුරාජේරුවට එහා ගිය අරමුණක් තියනවා)
    "මම උපාධිය ගත්ත දවසේ තමයි තාත්තා අඬනවා මම මුලින්ම දැක්කේ"

    ReplyDelete
  15. බංගලියාගේ කතාව නං පට්ට !!!
    ඒක නෙමේ.. කකා දැං ආචාර්යය කෙනෙක් ද ? මහාචාර්ය කෙනෙක් ද ? දන්න විදිහට මැවිසුරුවෙක් විතරක් නං වෙන්ඩ බෑ...

    ReplyDelete
  16. අපට කොයින්ද මාළු අපි යන්නෙ නෑනෙ මූදු
    නොකියා කිව්වට කකාත් එහෙම කෙනෙක් තමයි

    ReplyDelete
  17. මැක්කගේ කතාව වගේ අපි ගැන කියන්න පොටක් පාද ගන්න එක තමා ඔය අල්ලපු රටේ උනුත් ඔහොමම තමා . . .

    ReplyDelete
  18. වැඩිදෙනෙක් කතා පවත්තන්නේ ඔය විදිහට තමයි..

    ReplyDelete
  19. කකා,

    තිසර කියල තියෙනව වගේ අපේ අයත් මළ ගෙවල් වල මගුල් ගෙවල් වල ඔහොම තමා කතා පවත්වන්නෙ.

    හාමුදුරුවො අනුසාසනා දෙන්නෙත් ඔය පුරුසෙම්ම තමා.

    බංගලි ගැන කියනවනං, හරිම පුදුම ජාතියක්. කම්මැලි, අපිරිසිදු කොටසක් වගේම ජාතියෙන් අති බහුතරය අමු මැට්ටො. ඒ උනාට අප්පේ ගෑණු ළමයි ....හ්ම් හ්ම්...

    හැබ‍යි ඔය බෙංගාලින්ගෙ අපිටත් නෑ කමක් තීනවනෙ. මොකද ආන්ටි සුප්පාගෙ ඩැඩා බෙන්ගාලි නිසා.

    ReplyDelete
    Replies
    1. මචන් මගෙ අක්ලයන් බේස් එකේ ඉන්න බංග්ලා සෙට් එක දාහක් විතර ඉන්නවා. උන් අතරින් මම තේරුම් ගත්ත එක තමයි උන්ගේ මැජෙස්ටි එකක් තියෙනවා. ඒකේ ඉහලම ඉන්න එකා ගලක් පෙන්වලා ඒක රත්තරන් කීවත් උන් පිළිගන්නවා. ඒ වගේමයි අර ඉහල ඉන්න එවුන් පොඩි එකාව හූරලා කන්නේ මහ බලු විදියට. මොනවා වුනත් අපිරිසිදුවට, උගත්කමක් නෑ වගේ පෙනුනට උන් ගාව හොඳ ආර්ථික පසුබිමක් හදාගන්න මහන්සි වෙනවා. ඒ වගේමයි ලංකාවේ එවුන්ට එහා පොලු තියන්නත්. හැමදේම දෙඥ්ඥඥ් කාසි වලට තමයි. ඒත් සල්ලි කවදාවත් ලැබෙන්නේ නෑ.

      Delete
    2. ". ඒ උනාට අප්පේ ගෑණු ළමයි ....හ්ම් හ්ම්..."

      +20 ;)

      Delete
  20. කකා කැපිටල් ඇනෝ දැන් නෑ නේද? මිනිහගෙ නමින් තව එකෙක් කොමෙන්ට් කරන්න ගත්ත ගමන් පොර මාරු උනා.... කකාගෙ එක ප්‍රශ්නයක් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. අපේ ආතල් එක 50%කින් අඩු උනා..

      Delete
    2. සිරාවටම..... කකාටනම් අවුරුදු වගේ ඇති.... අහෝ කැපිටල් ඇනෝ ඔබ කොහිද? ඔබේ JEE, PADA, CHU, JOKKU, SUKRA කොමෙන්ටුවෙන් කතන්දර පාඨකයන් කුල්මත් කිරීමට සුදුසු කාලයයි මේ....

      Delete
    3. ඉතින්, කැපිටල් ඇනෝ සහ කතන්දර අතර පටන් ගන්නේ කෙසේදැයි කියා මිසෙක වෙනත් පැහැදිලි වෙනසක් නැත. ඔවුනට ඒකීය පුද්ගලයා (individual) කිසිත් වටිනාකමකින් නොයුතුය. JEE, PADA, CHU, JOKKU, SUKRA පෙන්වා ඒවා සාක්ෂාත් කරගන්නට හැකි යැයි පාරට්ටු බාමින් එහෙත් සිද්ධ වෙන්නේ කෙසේදැයි නොකියමින් වෙහෙසෙන පක්ෂය පමණක් වැදගත් වෙයි. ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි පිළිනොගන්නා කතන්දර නිවහල් මිනිසෙකු ගැන කතා කරන්නේ කෙසේද?!!!!!

      Delete
    4. /ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි පිළිනොගන්නා කතන්දර නිවහල් මිනිසෙකු ගැන කතා කරන්නේ කෙසේද?!!!!!/

      Bonne question.

      Delete
    5. AnonymousFebruary 6, 2014 at 3:41 PM
      "මුග්ධයා", "ආයෙ නාවාට කමක් නෑ" ;)

      කැපිටල් අංකල් නැතිවෙච්ච එකකට නං ගොඩක් කනගාටුයි. උන්නැහේගේ JEE, PADA, CHU, JOKKU, SUKRA කොමෙන්ටුවෙන් තමා කකා ගේ Poo pie එක හැඩ වැටිලා රසවත් වෙන්නේ. ;)

      Delete
  21. මේ වගේ සරළ ලෙසට උපහාසයක් එක් කරපු කතාවක්වත් කියවලා තේරුම් ගන්න බැරි අය මහා ලොකු කොමෙන්ට් දාන එක නම් හරිම විහිළුවක්. අනිත් එක, කතන්දරයක් කියනකොට ඒකෙ තියන විහිළුව හරි උපහාසය හරි විස්තර කරල දෙන්න යන එකෙන් කතන්දරයේ රසය නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ට්‍රැෆික් ඇනෝ... බලන්න
      1840 ගණන් වල දී කාර්මික විප්ලවය නිසා මිනිස් ජීවිත යහපත් වෙන හැටි හඳුනාගත්තවුන් අතර සිටි ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ෆෙඩ්රික් බැස්ටියාට් එය කෙසේ සිද්ධ වෙන්නේ දැයි නිවැරදිව ගනිද්දී කාල් මාක්ස් ලොව සුපතල නමක් වුවත් ෆෙඩ්රික් බැස්ටියාට් කවුදැයි දන්නා අය තවමත් ලොව හිඟයි...

      ඔන්න ඔතනයි ප්‍රශ්නෙ... හැමෝම ෆෙඩ්රික් බැස්ටියාට් ගැන ඉගෙන ගත්තානම් අද මේ කොමෙන්ට් සෙක්ශන් එක නියම උපහාසය රස විඳින තැනක්

      Delete
    2. L'État, c'est la grande fiction à travers laquelle tout le monde s’efforce de vivre aux dépens de tout le monde.

      - Frédéric Bastiat, éd. Guillaumin, 25 septembre 1848

      Delete
    3. Frédéric Bastiat est un grand Français.

      Delete
  22. හුඟක් දෙනෙක්ගේ කතා පැවැත්විලි දැන් ඔහොම තමයි..

    ReplyDelete
  23. අනගිත්වය කුමක්දැයි නොදන්නා කකා හැමදාම තමන් බේරාගන්නට ඇනෝවෙක් සොයයි.

    බත් දෙන්නට පියෙක් නැත්නම් ජාතියේ පියෙක් හෝ වසවිස පිරි විදේශ කිරිපිටි වලින් තමන් ආරක්ෂා කරන්නටද නායකයෙක් හොයයි!!!

    අනගිත්වය යනු වෙළඳපොල යැයි ද, වෙළඳපොල ක්‍රියාකාරීත්වය කිසිවකුගේ පාලනයකට නතු නොවන්නේ යැයි ද, වෙළඳපොල යනු සෑම පාරිභෝගිකයෙක්ම කැමැත්තෙන් මිල දී ගැනීම හෝ මිල දී ගැනීමෙන් කැමැත්තෙන් වැළකීම යැයි ද කකා වටහා නොගනියි.

    අනේක විධ තවත් දැඩි රෙගුලාසි ගෙන ඒමෙන් තමන් මීට වඩා ආරක්ෂා වේයැයි විශ්වාස කරන මුලාවේ ගිලී ඉන්නා කකා, ඒ රෙගුලාසි වැඩිවීම නිසාම රාක්ක වල බඩු හිඟයත්, බඩු මිල ඉහළ යෑමත් සිද්ධ වෙන බව වටහා නොගනියි.

    කාක්කෝත් කුණු නොකන කාලේ යැයි කිව්ව ද, රසැයි කියා තලු මරමින් තමන් ගිලින්නේ ද කුණු කන්දල් බව කකා නොදනී.

    ReplyDelete
  24. එතකොට කතා දැන් ඩොක්ටර් කෙනෙක් ඈ...

    ReplyDelete
  25. නියම ෆෙයාවෙල් ස්පීච් එකක්. පාඩම් කරලා තියාගන්න ඕන.

    ReplyDelete
  26. //අන්න එහෙමයි ෆෙයාවෙල් පාටිවල කතා පවත්වන්න ඕනෑ!// ...-)))

    ReplyDelete
  27. ෆෙයාවෙල් පාටි වලට විතරක් නෙවෙයි, ඕනෑම තැනක කතාවක් කරන්න ඕන මේ වගේ තමයි :D

    ReplyDelete
  28. බංගලි දේශ් කාරයෝ ලංකාවෙ අපිට ටිකක් සමානයි නොවැ. ඇත්තටම උන් කොතැන ගියත් ඇත්තම කියනවා..

    ReplyDelete
  29. අම්මෝ මට තේරෙන්නේ නෑ මේක ආසියාවේ සාමාන්‍යය දෙයක්ද කියලා. මෙහේ ඉන්න විදේශිකයෝ හැම එකාම ඔහොමයි. බයියෝ කියන්නේ නම ලියාගන්න දන්නේ නෑ. ඒ වුනාට කියන්නේ උන්ගේ පුරාජේරුවම තමයි. මේක ලංකාවේ අයගෙයි ඉන්දියාවේ අයගෙයි බන්ග්ලා අයගෙයි පකිස්තාන් අයගෙයි බොහොම වැඩි. වෙලාවකට හිනා යන්නත් එනවා. සමහරවෙලාවට නම් මම අහනවා ඔය තරම් දේවල් තිබුනා නම් තියෙනවා නම් මොකටද මේ වගෙ රටවල් වල ඔඩ් ජොබ් කරන්නේ කියලා. ඒවෙලාවට ඒ මිනිස්සු මම දිහා බලන විදිය ගැන ඉතින් අමුතු කතා මොකටද අමුතුවෙන් කියන්නේ මාව දැවිලා යන හැටි විතරක් කියන්නම්... ;)

    ReplyDelete
  30. බංගලි විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් ඔච්චර තමයි. එක එක්කෙනාගේ සිඟිති ආතල් නේ :D :D

    ReplyDelete
  31. කකාගෙ ලිපිය බැලුවා. හරිම ලස්සනයි. මටත් හරිම ආසයි කකා මැවිසුරුවෙක් වෙන්න. කොහොම වුනත් කකාගේ බ්ලොග් එකේ ලිපි මම හරිම ආසාවෙන් මම කියනවා. මම හිතන්නේ කකා හරිම හොඳ කෙනෙක් කියලා..

    ReplyDelete
  32. මගේ බෝසාත් ලබන සතියේ පෙන්සන් යනවා. බොස්ටත් උපාදියක් තියෙනවා, phd නම් නැ. මමත් ඔය කතාවම කියන්නම් එක වචනයක් වෙනස් කරලා.

    ReplyDelete
  33. ඔය කතාවේ යටිපෙල අරුත මොකක්ද?

    ජය වේවා!!!

    ReplyDelete
  34. මෙන්න ස්පීච්!!!

    බොහෝ තැන්වල කතාව ඕක තමයි. මල්ලේ පොල් හිතේ තියාගෙනම තමයි කතාවට බහින්නේ.

    ReplyDelete
  35. “අවස්ථාව මොකක් වුනත් අපි කළ යුත්තේ අපේ පුරාජේරුව (Qualification, experience, PhD, Best Engineer etc) පැවසීම බව“ ට කකා කියන කතාව ඔටුවට නම් කවදාවත්ම කරන්න ලැබෙන්නෙ නැහැ. කකා ඉතිං ඉංජිනේරුවනෙ....අපි ඉතිං නිකන්
    ඔටුවොනෙ....

    ReplyDelete
  36. හදහන බලාගත්තොත් නරකද ?
    සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
    Read More >> www.obehadahana.blogspot.com

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.